Friday, May 19, 2017

දැඩි තීරණ ගන්නා මෛත්‍රී-බාල ගිරි-සේන

ඇමැති මන්ඩලේ වෙනස්කිරීම සම්බන්දයෙන් කීප සැරයක් ම දැඩි තීරණ ගන්න උත්සාහ කල යහපාලනේ ජනාදිපති තුමාට බාලගිරි දෝසය වැලඳී ඇති හෙයින් තාවකාලිකව එතුමා ගේ ශ්‍රී නාමය මෛත්‍රීබාල ගිරිසේන ලෙස වෙනස් කර නැති බව ශ්‍රී ලාන්කික ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයට මෙයින් දැනුම් දෙමි.

ඒ වගත් මේසේම,
සරස තුමා වම්හ!

53 comments:

  1. මෛත්‍රී කියන්නේ ගෞරවාන්විත තේරුමක් තියෙන සිංහල වචනයක් නිසා හරිම වචනේ එතෙන්ටත් යොදමුද? අඳබාල ගිරිසේන තමයි හරිම නම. කොළොත් වැඩක් අඳබාල. නොකරන හැම වැඩේම බාලගිරි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ වැඩිහිටියන් කතාවට කී දෙයක් තිබුණි. එනම්, ‘අන්දකයිප්පු කාලා’ යන්නයි. එහි අදහස, ‘දෙයියන්ගේ හාල් කැවිලා’ හෝ ‘මොලේ කචල්’ වැනි අදහසකි.

      Delete
  2. සරස

    කිලිනොච්චිය පලෙයි ප‍්‍රදේශයේදී පොලිස් රථයක් ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරය කිසිසේත්ම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඒ ආකාරයෙන් පොලිස් රථවලට වෙඩි තැබීම් මෑතකදී පිලියන්දලදීත්, බන්ධනාගාර රථයකට කළුතරදීත් සිදුවූ බව ඔහු වැඩි දුටත් පෙන්වා දෙයි.

    ReplyDelete
  3. ලිඛිත කයිවාරු (සරස) තුමා,

    //යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය “නව යහපාලන” ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වෙයි.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් හුවමාරු කරගනිමින් මේ සැලසුම නිර්මාණය කෙරෙමින් පවතින බව ‘සිරිකොත’ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පිහිටුවනු ලබන නව ආණ්ඩුවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සහාය ලබාගැනීම සඳහා එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු මන්ත්‍රිවරුන්ගේ නිවෙස් කරා යමින් මේ දිනවල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

    නව යහපාලන ආණ්ඩුවට විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද එම ආරංචි කියයි.

    පවතින යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා ජනතාවගේ විශ්වාසය තව තවත් පලුදු වීමට ඉඩ නොතබා, නව යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවද පැවැසේ.

    අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ඇති කිරීමට යන නව ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් දැනටමත් සහයෝගය දැක්වීමට එකඟත්වය පළකර ඇති බවද දැනගන්නට ඇත.

    එසේ සහයෝගය දක්වන පිරිස අතර ශ්‍රී ලනි පක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් පිරිසක්ද සිටින බව වාර්තා වෙයි.

    නව ආණ්ඩුවට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධුරයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතිවුව හොත් එ.ජා. පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ සිටින මන්ත්‍රිවරයකු අස්වී ඒ සඳහා අවස්ථාව සැලසීමට පවා සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

    නව ආණ්ඩුව බිහිවීමත් සමඟ විපක්ෂ නායක තනතුරේ පවා වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.//

    – මව්බිම

    ReplyDelete
  4. සරසතුමා,

    මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කෙරීමේ සිට මේතාක් මේ රජය නියැලී සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේය. ඒ සඳහා විදෙස් බලවේග වල අනුමැතිය සහ අනුග්‍රහය වත්මන් රජයට ලැබෙන බවට සාධාරනය සැකයක් ඇත.

    අද වන විට මේ ව්‍යාපෘතියේ අවසාන අදියරට පැමිණ ඇත. මේසා විශාල මෙහෙයුමක් කරගෙන ආ සංවිධානාත්මක බලවේගයක් විසින් සටන මේ මොහොතේ අත් හරී යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුන්ට බාධක ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට නැත. ජනමත විචාරණයකදීද ව්‍යවස්ථා ව්‍යාපෘතිය බොහෝවිට ජනතාව අතින් පරාජයට පත් වෙනු ඇත. මේ මොහොතේ රජය සහ රජය පවත්වාගෙන යන බලවේග සොයන්නේ වෙනත් උපක්‍රමයකින් සිංහල විරෝධී ව්‍යවස්ථාව රටේ නීතිය කරගැනීමටය. එය කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ සඳහා ඉඩක් රජයට ලබා නොදිය යුතුය.

    යම් හෙයකින් රටේ කලබලකාරී තත්වයක් පැන නැගියහොත් එසේත් නැත්නම් ජනතාව සිවිල් නීතිය කඩ කරන තැනට පත්වුවහොත් ජනතාව සහ ජනමාධ්‍ය දැඩි ලෙස මර්ධනය කිරීමට රජය එය අස්වැසිල්ලක් කර ගනු නිසැකය. එපමණක් නොවේ රජයට සහය දෙන අදිසි බලවේග විසින් අරාජික තත්වය තවත් උත්සන්න කිරීමට කටයුතු කරනු ඇත. එතැන් සිට රජය කරන කියන දෑ පිළිබඳව ජනතාවට වග නොවෙනු ඇත.

    අසූවේ දශකයේ ජවිපෙ සහ රජය භීශණය පතුරවන අතරතුරේ ජනාධිපති ප්‍රේමදාස මහතා හිතේ හැටියට කොටි සමඟ ගිවිසුම් ගැසුවේය. ඒ පිළිබඳව විරෝධය දැක්වීමට සිංහලයින්ට අවකාශයක් නොලැබිනි. පසු කලෙක ප්‍රේමදාස මහතාගේ දේශපාලන පාවාදීම් (ඝාතනයවුනු හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත නොවේ) ආපසු හැරවීමට හැකිවුවද වත්මන් රජය විසින් රටේ නීතිය වෙනස් කර බලය බෙදුවොත් එය ආපසු හරවුනු නොහැකිය. එබැවින් ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් එහි අවධානය වෙනතක තබා ගැනීමට අවස්ථාවක් රජයට ලබා නොදීම සාමාන්‍ය ජනතාවගේත් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීන්ගේත් වගකීමවේ.

    ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පරදවමු.

    ReplyDelete
    Replies
    1. //
      ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පරදවමු. //

      යහපාලන ඔස්තාද් ලා කොටි ඩයස්පෝරා සල්ලි අරන් කලේ ශ්‍රී ලන්කා රාජ්‍යය දුර්වල කිරීම තමා හිටන්!

      Delete
  5. ඇහැට කඳුලක් ඉනුවා

    ReplyDelete
    Replies
    1. ඔබ ඇස් පිය නොහෙලා බැලුවා...

      Delete
  6. උන්නැහේට බාලගිරිදෝෂය හැදිලා තියෙන නිසා තමයි මරා සහ නඩය තාම එළියේ ඉදං සෙල්ලං දාන්නේ.

    කොටින්ම කිව්වොත් පබයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිඋන නිසා තමයි මහින්ද රාජපක්ෂ කියන පර බැල්ලිගෙ පුතා සහ උගේ ගූ කන බල්ලෝ සෙට් එක නටන්නේ.

    ReplyDelete
    Replies
    1. මහින්දට බැන්නා කියලා පඹයට පන එන්නේ නැහැ නේ ගරු ඇණෝ තුමෝ?

      Delete
    2. රනිල් අගමැති ධුරයෙන් නෙරපනවානම් නම් අන්තර්වාර රජයකට ඒකාබද්දය සහය දෙනවා !

      - මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

      Delete
    3. දැනට තිබෙන තත්වය අනුව මේ ආණ්ඩුව පෙරළා දැමීමට පුළුවන් වන්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්.

      Delete
  7. සරස

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු වී ඇති විශාලතම වංචාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනය කරන ලද අතර එහි අවසාන නිගමනය වූයේ, මෙම වංචාව මහා බැංකුවේ හිටපු අධිපති වන අර්ජුන මහේන්ද්‍රන් හා වත්මන් අගමැති වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළත්ව තවත් පුද්ගලයින් කීප දෙනෙක් විසින් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද කටයුත්තක් බවය.

    අපට සක්සුදක් සේ පැහැදිලි වන සත්‍ය වන්නේ ශ්‍රී ලංකා රජයට මෙම ගණුුදෙනුව සඳහා ඍජුවම රුපියල් බිලියන 15 ක පාඩුවක් දැරීමට සිදු වූ අතර මෙහි ප්‍රධාන ගණුුදෙනුකරු වන පර්පෙක්ටු(අ)ල් ට්රෙසරීස් (Perpetual Treasuries) ආයතනය මාස හයක් තුළදී රුපියල් බිලියන 40 ක ලාභයක් වාර්තා කර ගැනීම මෙන්ම කලින් නිකුත් කරන ලද වසර තිහක බැදුම්කරය සමඟ සංසන්දනාත්මක ලෙස බලන විට එහි වක්‍රාශිත ප්‍රතිලාභයේ අනුපාතය වනුයේ 1,853% කි.

    මෙම නීච වෘතාන්තයේ තවත් ප්‍රශ්නාර්ථ රැසක් ගෙන දෙන පැතිකඩක් වනුයේ කිසිම රාජ්‍ය වාණිජ බැංකුවක් විසින් කිසිම ගණුදෙනුකරුවෙකුට කිසිම විටෙක කිසිම ඇපයකින් තොරව මෙම විශේෂිත වූ ගණුදෙනුකරුවාට රුපියල් බිලියන 66 ක ණය මුදලක් ලබා දීමය. මෙම ඉතා වංචනික කර්තව්‍ය වෙනුවෙන් පොලි අනුපාතය 8.8% සිට 11.8% දක්වා මෙම ආයතනය සමඟ රජය විසින් කර ඇති බැදුම්කර ගනුදෙනු 63 ක ඇස්තමේන්තු ගත කරන ලද පාඩුව රුපියල් බිලියන 1,554 කි.

    අප රට හා එහි ජිවත් වෙමින් දරා ගත නොහැකි තරම් සදා වර්ධනය වන ජීවන වියදම් බරකින් පෙළෙන මධ්‍යම පාන්තික හා දිළිදු ජනතාව ඉතාමත් දැඩි උවමනාවකින් බලා සිටින්නේ මෙම දීන බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූ‍ පාර්ශවයන්ට දඩුවම් ලබා දෙන්නේ කෙසේද? මෙන්ම කවදාද? කියාය.

    ReplyDelete
  8. සාරස පසුගියදා පිළියන්දල පොලිස්-කුඩු වෙඩි ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූ සමාධි රන්සිකා පතිරණ දැරියට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇගේ අවමංගල නිවසට ගොස් තිබුණි.මහින්ද රාජපක්ෂගේ අඩුපාඩු බොහෝයි. 2009 මැයි 18 ඓතිහාසික ජයක් ලබා ඒ ජයත් සමග වසර ගණනාවක් ඉදිරියට යාමට පුළුවන් කම තිබුණද, ඒ අඩුපාඩු නිසාම ඔහු 2015 ජනවාරි 8 ගෙදර ගියේය. ඒ උනත් ඔහුගෙ එක් හොඳ දෙයක් නම් විපතක් වූ විට ඒ විපතට පත් වූ මිනිස්සුගෙ දුක බෙදා ගැනීමට, ඔවුන්ගේ සුව දුක් බැලීමට, උදව් කිරීමට මහ පොළවට බැසීමයි. එදා කැබිතිගොල්ලෑව බස් බෝම්බය නිසා මුළු ගමක්ම වැළපෙද්දී ඔහු සියල්ල පසැක ලා, යුද්ධය භයංකර ලෙස එහි හිණිපෙත්තෙහි තිබියදී, ඒ ගම්වැසියන්ගේ දුක බෙදා ගැනීමට ගමට ගොස් එහි මිනිස්සුන්ගෙ සුව දුක් බැලූ ආකාරය සදාකාලිකයි.

    ReplyDelete
  9. War is peace..
    Freedom is slavery....
    Ignorance is strength..

    - George Orwell

    Thus in my opinion, My3 use ignorance as strength isn't it Sa rasa?

    ReplyDelete
  10. දන්ගොතෝ,

    උඹ මචං දන්ගොතා (සරස/කුමාර ඛලුආරච්චි) බැරිනම් දකේපුතා කියාගත්තත් අවුලක් නැත.

    පැරකුම් සහ පරාක්‍රම යනු එකම නමේ වෙනස් යොදා ගැනීම් දෙකකි. හරියටම ගැමුණු සහ ගාමිණී වගේ ය.

    මට පැරකුම් නම් මිතුරෙකු ද, පරාක්‍රම නම් මිතුරෙකු ද දෙදෙනෙකු ම සිටිති.

    පැරකුම් මා දැන හඳුනා ගෙන වසර හතක් පමණ වේ. නමුත්, මා පරාක්‍රම දන්නේ දශක දෙක හමාරකටත් වඩා පෙර කාලයක සිට ය.

    පැරකුම් කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

    පරාක්‍රම ද කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

    කෙසේ වෙතත්, මාතෘකාවේ සඳහන් වෙන පරිදි මා ලියන්නට යන්නේ පරාක්‍රම ගැන මිස පැරකුම් ගැන නොවේ.

    එසේ ම, පරාක්‍රම ගේ කවි කියා කීවාට මේ කියන්නේ පරාක්‍රම කොඩිතුවක්කු නම් ප්‍රසිද්ධ කවියා ගැන ද නොවේ.

    මේ කියන්නේ පරාක්‍රම කුරුප්පු නම් මා හිතවත් කවියා ගැන ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් මැවිසුරුවෙකි.

    විශ්ව විද්‍යාල සමයේ දී මා ඔහු ලියූ කවි කියවා තිබේ. එයින් පසු අප දෙමගක ගිය හෙයින් ඔහු ගේ පසු කාලීන කවි මා කියවා නොතිබුණි.

    පසුව ඊ-මේල් මගින් අප හමු වුව ද ඔහු ලියූ කවියක් මට මුලින් ම කියවන්නට ලැබුණේ මීට වසර අටකට මදකට අඩුවෙන් ඉහත කාලයක දී ය. ඒ කවි කියවූ මම ද එයට යම් එකතු කිරීමක් කළෙමි.

    මේ සටහන ඒ ගැන ය.

    අපේ කවි හුවමාරුව සිදුවුණේ, මානුෂික යුද්ධය නිමා වී, සියල්ල අවසාන වූ පසුව ය. දස දහස් සංඛ්‍යාත පිරිසක් අනාථ කඳවුරුවල රඳවා තිබුණි.

    පරාක්‍රම කුරුප්පු මෙසේ ලියා එවී ය.

    කලකදි රස වෙයි කලකදී වස ලූ
    එකෙකුගෙ ලෙල්ලම එකෙකුට විහිළුෑ
    දිලුණත් වටපිට කරමින් එකළුෑ
    පහන් කණුව පා මුල කළුවර ලූ

    මරණ තුනක් මැද අතරමංව හිඳ
    මරු එයි අද අද හිතමින් ගිනි වැද
    අතකින් ගත් දඬුවැල් බෑ මී වද
    මිනිසුනි සිත් සන්තොසින් බුඳිනවද

    ලිප ගිනි මෙලවෙන තෙක් දිය කෙළිමින
    රෑ නොවැටුණු වල දවාලෙ වැටෙමින
    සුරා පිරූ විත සුරතේ දරමින
    ගිනිකන එළියේ රඟති මෙපුර දන

    මී පුප් සෙව්වෙමි ගිනිගත් කතරේ
    දරුවන් මග හැරුණිය ඝන අඳුරේ
    මී පුප් මතුවුණු මහ වැහි අතරේ
    දරුවෝ සැඟවුණි දෝ ගං වතුරේ

    ඔහු ඒ කවි නම් කර තිබුණේ නූතන ජන කවි ලෙස ය.

    නමුත් ඒ කවියේ විරිත, අප දන්නා ජන කවියේ විරිත නොවන බවත්, ජනකවියක් ලෙස ලියූවොත්, එහි මුල් කවිය මෙලෙස විය යුතු බවත් මම පරාක්‍රමට ලියා යැවූයෙමි.

    කලකදි රස ලු කලකදී වස වෙනවා ලූ
    එකෙකුගෙ ලෙල්ලමක් එකෙකුට වෙයි විහිළුෑ
    දිලුණත් වටපිටාව ම කරමින් එකළුෑ
    පහන් කණුව පාදය මුල කළුවර ලූ

    ඒ කවි තමන් හිතා මතා ම ලියූවේ මාත්‍රා දහසයේ ජනකවි විරිතෙන් වෙනස් කර බව පරාක්‍රම මට දන්වා එව්වේ ය.

    ඔහු ඉන් පසු ලියා එවූ කවිය මෙසේ විය. මේ කවි ජනකවි විරිතෙන් රචනා වී ඇත.

    රජකම් කළත් දවසක පිරිවර අතරේ
    මිය යයි තවත් දවසක ගොර මඩ වගුරේ
    එකෙකුගෙ මිනිය යට කළ රළු වැලි කතරේ
    තවෙකෙකු ගේ සිහසුන ඉදිවෙයි නුදුරේ

    දෙපසින් අමෝරා සිටි අවි අතර සිට
    සැම දා මුහුණ දී හිඳ රුදු මරණයට
    සියක් දහක් මිය ගිය මළ ගමක සිට
    අයෙක් නටත් තවෙකෙක් මළ සතුට පිට

    විසි හය වසක් යුද ගිනි ඇවිලුණු රටක
    නිසි රිසි අහර නොලබන දරුවන් රැසක
    කුස ගිනි නිවන්නට බත් හැළියක් මිසෙක
    කිරිබත් කුමට සිය දහසක් මළ තැනෙක?

    පරාක්‍රම ගේ ජනකවියට මගේ එකතු කිරීම මෙලෙස විය.

    ආවුද ගත් එවුන් ආයුදයෙන් මැරෙතී
    කළ කම් ඒ විලස දිනයක පල දරතී
    පෙර දින ඇසූ දුටු කියමන් සැබෑ වෙතී
    පෝලිම මෙයින් ඉවරයි නම් කමක් නැතී

    මනස නොඋස් වූ පෙර වානර යුගයේ
    යුදට වැද සතුරු මැඩ පැණ විසඳූයේ
    මනස උසස් වී මිනිසුන් වූ දිනයේ
    වඳුරු ගති ඇරී නැති හැටියකි දුටුයේ

    මිනිස් පලිහ ලෙස නම් කල පෙරදාක
    සිය දහසක් දෙනා ගැන දුක් වී නේක
    මිනිස් මෙහෙයුමින් මුදවා ගත් සේක!
    ඇයි අද කොටු කරන් උන් හැම කඳවුරක?

    මට ද නූතන ජනකවි ලියන්නට සිතුණේ, පරාක්‍රම කුරුප්පු මිතුරා ගේ නූතන ජනකවි කියවූ පසු ය.

    ඇත්තෙන් ම, මේ ඉහත පළ කර ඇති කවි පිළිබඳව මගේ කිසිදු මතකයක් නොතිබුණි. වාසනාවකට මෙන් මා රසිකොලොජියේ පළ කළ, "නූතන ජන කවි" සහ "පොල් ගස තාල වර්ගයේ" මුලින් ම ඉන්ටර්නෙට් හි පළ වූයේ කවදාදැයි සොයා බලන අවස්ථාවේ දී බූන්දි වෙබ් අඩවියේ තිබී මේ කවි වසර ගණනාවකට පසු යළි තෙන ගැටුණි!

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ මොන බයිලාවක්ද? අලි මදිවට හරක්.

      Delete
    2. සිපිපියට චුන් වෙලා පට්ටියක් හොයනවා

      Delete
  11. හැම එකකම දේශපාලනයට හසුරුවන්න දේශපාලකයන්ට පුළුවන් සාරස.

    ReplyDelete
    Replies
    1. එහෙමයි ගරු ඇනෝ තුමෝ...

      Delete
  12. “නජච්චා වසලො හොති
    නජච්චා හොති බ්රාහ්මණා
    කම්මනො වසලො හොති
    කම්මනො හොති බ්රාහ්මණා“

    (වසල සූත්රය)

    ReplyDelete
  13. අපිට නම් එක යුද්ධයක් නෙවෙයි, යුද්ධ 10 ක් ඉවර කළත් මහින්ද නම් එපා, එපා, එපාමයි.

    ReplyDelete
    Replies
    1. අපි නම් එහෙම හිතන්නෙ නෑ...

      ඊලඟ චන්දෙදිත් අපි මහින්දට!

      Delete
  14. මෝදි ලංකාවට ඇවිල්ල කරපු ප්‍රධාන ම කාර්යය තමයි මහින්ද හා ගෝඨාභය හමුවීම. ඊළඟට දික්ඔය දෙමළ ජනතාව ඇමතීම. ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය අප රැවටීමක් හා රැවටීමක් පමණයි. කෝ එහි සමාප්ති උත්සවයට පැමිණි නේපාල රාජ්‍ය නායිකාව. ඇය තවම ලංකාවේ ද? ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ඇය ඉන්දියන් පයිසෙකට ගණන් ගෙන නැහැ. මෛත්‍රිපාල ඇය හමුවන්න ඇති. ඇය මහින්ද හමු වුණේ නැහැ. ඇය ජී එල් හමු වුණෙත් නැහැ. ගෝඨාභය හමු වුණෙත් නැහැ. ඇය ගැන කිසිම ආරංචියක් නැහැ. ඊනියා ජාත්‍යන්තර වෙසක් උළෙල තවමත් සමාප්ත වුණේ නැද්ද? ප්‍රබුද්ධ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් අපට යමක් කියනවා ද? පැහැදිලිව ම ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවය මෝදිගේ මගෝඩියක්.

    මෝදි දික්ඔය කළ කතාව අන්තිම භයානකයි. අප ඒ ගැන කලින් සඳහන් කළා. ජාතික ව්‍යාපාරයෙනුත් ඒ කතාවට ඒ තරම් විරෝධයක් එල්ල වුණේ නැහැ. විදේශීය රාජ්‍ය නායකයකු වෙනත් රටක එක් ජනවර්ගයක් පමණක් ඇමතීමත් ඒ ජනවර්ගය තම රට සමග ඇති සම්බන්ධය, සංස්කෘතික සන්තතිකබව ආදිය ගැන මෙරට ජනාධිපති හා අගමැති ළඟ තබා ගෙන කීම ඇතැමුනට නම් ප්‍රශ්නයක් නොවන්නට ඇති. එය කිසිසේත් ම උතුරු පළාතේ දෙමළ නායකයන්ට කළ අවවාදයක්වත් දුන් පණිවුඩයක්වත් නො වෙයි. මෝදි තවත් උතුරක් රට මැද හදන්න ලැහැස්ති වෙනවා. මෛත්‍රිපාල හා රනිල් බලා ගෙන ඉන්නවා.

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදි මෝදි කියා ඇත්තේ ඉන්දියාවෙ හා ලංකාවෙ ආරක්‍ෂාව බෙදා වෙන් කරන්න බැහැ කියලා. එයත් භයානක කතාවක්. එයින් කියන්නෙ මොකක් ද කියන එක පැහැදිලියි. ලංකාවෙ ආරක්‍ෂාවත් ඉන්දියාව භාර අරගෙන. වෛද්‍ය සංගමයේ අය (වෛද්‍යවරුන් නොව) අපට නිකමට කියනව ද ඔවුන් ඉන්දියාවෙ වෛද්‍ය උපාධි කීයක් පිළිගෙන තියනවා ද ඒ පිළිබඳ අදාළ ප්‍රමිති වාර්තා ප්‍රසිද්ධ කරන්න පුළුවන් ද කියා. ඉන්දියාව තම ආරක්‍ෂාව වෙනුවෙන් කියලා හමුදා එවන කොට නිවට ආණ්ඩුවටවත් බටහිර වෛද්‍යවරුන්ටවත් ඒ වළක්වන්න පුළුවන් ද?

    මහින්දත් මෝදිගෙ කතා ගැන වැඩි යමක් කී බව වාර්තා වුණේ නැහැ. ඔහු ළඟදි ම ඉන්දියාවට යනවළු. අද ඉන්නේ 2009 සිටි මහින්ද නො වෙයි. එදා තිබූ එඩිතර ගතිය අද දකින්නට නැහැ. මහින්ද මෝදි හමුවට ගියේ ගෝඨාභය හා ජී එල් පීරිස් සමග. ඒක මහින්ද මෝදි හමුවීමට කළ ඉල්ලීමකට අනුව සිදු වූ බවයි පේන්න තිබුණෙ. ඒත් ඒක ඉන්දියාවෙ විදේශ අමාත්‍යංශෙ ඕනකමට සිද්ධ වෙච්ච දෙයක්. අද ඩේලි මිරර් පත්‍රයේ ඒ ගැන විස්තරයක් තියෙනවා. එහි සමහර දේ ව්‍යංගයෙන් කියැවෙන්නෙ. මහින්ද ලවා ආරාධනය කරවා ගැනීමට ඉන්දියාව වෙනුවෙන් ජී එල් හා බැසිල් මැදිහත් වෙලා තියෙනවා. මහින්ද මෝදි හමුවන්න ගිහින් තියෙන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අනෙක් නායකයන්ට නොදන්වා.

    Continue

    ReplyDelete
    Replies
    1. Cont'd

      එතනදි තවත් වැදගත් පුද්ගලයන් දෙදෙනකු සාකච්ඡාවට සහභාගි වෙලා තියෙනවා. ඒ ඉන්දීය විදේශ ඇමති හා ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්. ඒ ඩොවාල් ද කියා දන්නේ නැහැ. අපි දොවාල් කියමු. ඒ දෙවොල් නම් නොවෙයි. ඒ නැතත් දොවාල් වැඩ කරන්නෙ දෙවියෙක් වගේ. ගෝඨාභයත් සහභාගි වූ සාකච්ඡාවකට දොවාල් සහභාගි වීම පසුපස බොහෝ දේ කියන්න තිබෙනවා. මේ පිළිබඳ විස්තර දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු සඳහන් කර තිබුණා. දොවාල් හම්බන්තොට වරායට චීනය සම්බන්ධ කර ගැනීම පිළිබඳ විරෝධය පළ කර තිබෙනවා. කොළඹ වරාය හා චීනය ගැනත් ඔහුට ප්‍රශ්න තියෙනවා. චීන සබ්මැරීන කොළඹ වරායට පැමිණීම ගැන ඒ දිනවල ඔහු විරෝධය පළ කරලා. ඉන්දියාවවත් චීනයවත් නිස්සරණාධ්‍යාශ්‍යයෙන් අපට ආධාර කරන්නේ නැහැ. චීන ගැත්තන්ට නම් චීනය වරදක් කරන්නේ නැහැ. ඒත් පහුගිය දා බෙයිජිං නුවර තිබූ එක් තීරුවයි ඒක් මාවතයි සම්මන්ත්‍රණය ආසියා කලාපයේ ආධිපත්‍යය තමන් අතට ගැනීමට චීනය මාන බලන බව කදිමට පෙන්නුම් කරන්නක්.

      එයට ඉන්දියාව සහභාගි වුණේ නැහැ. රනිල් නම් සහභාගි වුණා. ඔහුට එහි එතරම් තැනක් ලැබී නැහැ. ඉන්දියාව අද බටහිර පිළේ. බටහිරයන් චීන කොලනි ගැන කියන කතා බොරු ම නොවෙයි. චීන ගැත්තන්ට නම් ඒ බොරු. චීනය හෙට බටහිර පිළේ වෙන්න පුළුවන්. දැනට චීනයට එරෙහිව බටහිරයන් ඉන්දියාවට ආධාර කරනවා. අද වෙනත් ආසියාතික රටවලට ඇති ප්‍රශ්නය චීනයටවත් ඉන්දියාවටවත් ගැති නොවී ඉත්තන් නොවී තම ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීම. ඉන්දියාවෙත් චීනයෙත් ඔත්තු සේවා මේ සියලු රටවල ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල ඇතැමුන් මේ ඔත්තු සේවාවල සේවකයන්. ඇතැමුන් සේවය කරන්නෙ ඉන්දියාවෙ හරි චීනයෙ හරි ඉඳන්.

      දොවාල් කොළඹ වරාය නගරය පිළිබඳවත් තම විරුද්ධත්වය එකල ගේඨාභයටත් දක්වා තිබෙනවා. ඔහුත් මෙරට සිටි ඉන්දීය මහා කොමසාරිස්ලා හා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නිලධාරීනුත් විවිධ අවස්ථාවල හම්බන්තොට හා කොළඹ වරාය පිළිබඳ මහින්දටත් ගෝඨාභයටත් තම විරුද්ධත්වය පළ කර තිබෙනවා. චීනයේ සහභාගීත්වය අයින් කිරීමට කියා තිබෙනවා. මෝදි දොවාල් සමග මහින්ද හා ගෝඨාභය හමු වූයේ කුමකට ද යන්න ගැන ජී එල් අපට කිසිවක් නොකිව්වත් හිතා ගන්න පුළුවන්. ජී එල් බටහිරට හා ඉන්දියාවට සේවය කරන්නෙක්. ඒත් මහින්ද ජී එල් විශ්වාස කරනවා. ඉන්දියාවත් අද බටහිර පිළේ. අද ආණ්ඩුව චීනයටත් යනවා. ඉන්දියාවට ඒක වළක්වන්න ඕන.

      ඉන්දිරා ගාන්ධිගේ කාලයෙත් ඉන්දියාව මෙරට අස්ථාවර කරන්න පියවර ගත්තා. දෙමළ ජාතිවාදීන්ට අවි පුහුණුව ලබා දුන්නා. අදත් ඔවුන් ලංකාව අස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. ඉන්දියාවට උතුරු පළාතේ හා කඳුකරයේ දෙමළ ජනයාට ගෙවල් හදලා දුන්නට, ගිලන් රථ කිහිපයක් දුන්නට වෙනත් ආධාරයක් කරන් ශක්තියක් නැහැ. ඒත් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි හරහා චීනයේ එක් මාවතට (සමුද්‍ර මාවතට) අකුල් හෙළන්න ඕන. එට්කා හරහා පමණක් නොව බටහිර වෛද්‍යවරුන්ගෙ අදූරදර්ශී ප්‍රතිපත්ති හරහාත් ඉන්දියාව මෙරටට වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයකයන් එවන්න කටයුතු කරාවි. සමුද්‍ර පාළම තනා අප ඔවුන්ගේ කොටසක් බවට පත්කර ගන්න උත්සාහ කරනවා. මෝදිටත් දොවාල්ටත් අවශ්‍ය මහින්ද හා ගෝඨාභය චීන බලපෑම්වලින් ඉවත් කරන්න. ඒ අතර ව්‍යවස්ථාව සම්පාදනය කර දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමට මහින්ද හවුල් කර ගැනීමට. හැකිනම් මහින්ද හා ගෝඨාභය දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම. ඒ සඳහා ඔවුන් දෙදෙනාට බල කිරීම. ජී එල් ඉන්දියාව හා බටහිර වෙනුවෙන් ඒ කාර්යය කරනවා.

      අද අවාසනාවකට රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගනිමින් ඉන්දියාවට හා චීනයට එක්වර මුහුණ දිය හැකි දේශපාලනඥයන් අපට නැහැ. අද ඔවුන් දන්නේ රටේ කොටසක් චීනයට දීමටත් අනෙක් කොටස ඉන්දියාවට දීමටත්.

      මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

      Delete
  15. සාරස,
    ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්වරයෙකු (1 October 2006 – 31 July 2009) සහ මධ්‍යම රජයේ ආරක්ෂක උපදේශකයා (17 January 2011 – 28 May 2014) වූ ශිවශංකර් මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද “ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැංවීමේ ඇතුලන්තය” (CHOICES : Inside the Making of India’s Foreign Policy) නැමති කෘතියෙන් කල උපුටා ගැනීම් කිහිපයක් මෙසේ ය…

    රාජපක්ෂවරු කිසි විටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණ පිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබා දීම ඔවුන් සහ මුලින්ම ප්‍රතික්ශේප කලහ.
    යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබා ගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි.
    මතු පිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි.
    ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.
    26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්).
    ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.
    යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය.
    හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේ ය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලණය කරන්නෙකුට පෙනෙනු ඇත.
    මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි.
    මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.
    මෙහිදී ගෝඨාභයගේ සහතිකය ඉතා වැදගත් විය.
    2014 මා විදේශ ලේකම්ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.
    මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.
    ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.
    මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය.
    යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇද ගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.
    2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ තවත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දේශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කර ගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩ හැර බලා ඉන්නවාද යන්නයි.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරත වුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.
    ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.
    2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය.
    අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය.
    ශිවශංකර් මෙනන්
    ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්
    (1 October 2006 – 31 July 2009)
    ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක
    (17 January 2011 – 28 May 2014)

    ReplyDelete
    Replies
    1. හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවශංඛ මෙනන්ගේ ‘ CHOICES- Inside the Making of India’s Foreign Policy ‘ ග්‍රන්ථය ඇසුරින්

      ත්‍රස්ථවාදයට එරෙහිව වසර 26 ක් තිස්සේ රාජ්‍ය නායකයින් 5 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා හමුදාවන් කල සටන 2009දී සාර්ථකව අවසන් කොට එල් ටී ටී ඊ ය මුලින් උපුටා දැමීමේ තීරණාත්මකය සාධකයක් වූයේ විදේශ බලවේගයන් හමුවේ නොසැලුන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයයි.

      ශ්‍රී ලංකිකයින්ගෙන්ම සමහරක් දෙනෙකුට කිසිදින නොවැටහුනු, එමෙන්ම බොහෝ දෙනෙකුට අමතක වුනු මේ සත්‍යය මනාව පැහැදිලි කෙරෙන පරිච්ඡේදයක් මෙම යුද්ධයට රාජ්‍ය තන්ත්‍රික මට්ටමින් ඍජුවම සම්බන්ධ අත්දැකීම් ලබා ඇති ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් වරයෙකු වන (2006-2009) ශිවශංඛ මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද ” ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය ( CHOICES- Inside the Making of India’s Foreign Policy) ” නැමති පොතෙහි දක්නට ඇත.

      මෙම පොත ත්‍රස්ථවාදයට එරෙහි ශ්‍රී ලංකා රජය කල යුද්ධය පිලිබඳ පැහදිලි අවබෝධයක් ලබා ගන්නට කැමති සෑම කෙනෙකු විසින්ම කියවිය යුතුයැයි මා සිතන්නේ එය ලංකාවේ දේශපාලනයෙන් පරිබාහිරව සිතන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් තමන්ගේ අත්දැකීමද උපයෝගී කරගෙන ලියන ලද්දක් නිසාය.

      මෙම ග්‍රන්ථය මෙතෙක් පරිශීලනය කොට නැමති අයගේ ප්‍රයෝජනය සඳහා එහි 4 වන පරිච්ඡෙදයේ ” බලය වැඩකරයි – ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්ථවාදය නිමකරයි” යන මාතෘකාව යටතේ ශිව ශංඛ මෙනන් මහතා විසින් ලියා ඇති සමහරක් වැදගත් කරුනු මෙහි පහත සඳහන් කරමි. මා මෙතැන් සිට භාවිත කරන්නේ ඔහුගේ වචන හා ශෛලයයි………..

      //2009 යුද්ධය අවසාන අදියරට පැමිනෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා ඍජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.//

      //රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසිවිටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියාය. මේ යටතේ වගකිවයුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමටතීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි. ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංඛ මෙනන්ය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය. ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය. අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපති වරයාට ඍජුවම කතා කිරීමේ හැකියාවද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.//

      Delete
    2. //‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රිකාලයේ ඉන්දීය ගුවන් හමුදායානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය. විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිනි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සෙකා වැනි ජේෂ්ඨ නිලධාරීන්ද පැමින සිටියහ.//

      //මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමුවුයේ යුදයට කොටුවී සිටින සිවිල්වැසියන්ගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය. ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබාදීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡා වලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැනුනි. පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.//

      //රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පනපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ.//

      Delete
  16. සාරසා ජාතිවාදීන්ගේ අරගලයි, වාමාංශිකයන්ගෙ අරගලයි, ප්‍රගතිශීලීන්ගෙ අරගලයි කියලා තුන් ජාතියක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා නම් ද්‍රවිඩ ජනයාගේ අරගලය මෙයින් කොයි කොටසට අයත්ද කියා ලඝු කර හැකිද?

    මේ සියල්ලේම සවිඥානිකව මිශ්‍ර වූ සිහින ඇති කොටස් ද්‍රවිඩ ජනයාගේ අරගලය පිටුපස නොසිටියේද? ද්‍රවිඩ අරගලය කී සැනින් විමුක්ති කොටි සංවිධානය ගැන පමණක් කතා කිරීම යුක්ති සහගතද? මේ ගැන සදහනක් නැත්තේ ඇයි?

    සැබෑ අරගලය ඇත්තේ මේ සියල්ලම නිසා නොව අධික පරිභෝජනකාමී ආර්ථික ක්‍රමය නිසා නොවේද? යල්පැන කියා සෝවියට් සමාජවාදය අත්හැර දමා ධනවාදයේ උපරිමයට ගිය විට ගොඩ නැගෙන ස්කැනේඩියානු ධනවාදී-සමාජවාදය මේ සියල්ලටම පිළිතුරු බව සාරසා ඔබට නොහැගෙන සත්‍යය නොවේද?

    ReplyDelete
  17. සාරස

    May 22 සදුදා පෙරවරුවේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන ලෙස සියළුම කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැදවීම් කර තිබේ.

    මංගල සමරවීර මුදල් අමති ලෙසත් හර්ෂද සිල්වා නියෝජ්‍ය මුදල් ඇමති ලෙසත් මෙහිදී පත් කිරීමට නියමිත යයි වාර්තා වෙයි.

    විදේශ කටයුතු ඇමති ලෙස රවි කරුණානායක යෝජනා වී ඇති අතර සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය විෂය ජනාධිපතිවරයා යටතේ පවර ගැනීමට තීරණය කිරීමත් සමග අගමැතිවරයා දැඩි ලෙස කලබල වී ඇතැයිද දැනගැනීමට ඇත.

    රාජ්‍ය පරිපාලන ඇමති ලෙස ගයන්ත කරුණාතිලක පත් කරනු ඇතැයිද සදහන් වන අතර මෙම ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ආණ්ඩුව තුල "ප‍්‍රබල පිපිරීමක්" සිදුවනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග කියයි. තමන්ගේ ඇමති ධුරය අහිමි කලහොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරන බව ආණ්ඩුවේ ප‍්‍රබලම ඇමතිවරයෙක් සිය සමීපතම දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකු සමග පවසා තිබේ.

    වංචා දුෂන චෝදනා ගණනාවක් එල්ල වී ඇති නිසා ධුරයෙන් ඉවත් කරන්නේ යයි ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් කලක් තිස්සේ කියමින් සිටින මෙම ඇමතිවරයා තව දුරටත් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමගද කතාකල බවත් තම ඇමති ධුරය ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු උවමනාවක් හෝ කැමැත්තක් නැති බවයි.

    පරාජිත ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ උවමනාව මත එජාප ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඇමති ධුරය කිසි ලෙසකින් හෝ ඉවත් කලහොත් තමන් කිසි ඇමති ධුරයක් නොගෙන විපක්‍ෂයට යන බවත් එසේ ගොස් මාස දෙක තුනක් ගතවන්නට පෙර ජනාධිපතිවරයාට පුටුව අහිමි කරන බවද දැඩිව සදහන් කර ඇත.

    ReplyDelete
  18. සරස පුතා මෙතන ඉඳම් නම් තෝරනවා
    පුතාගෙ දොස්තරා හොරෙන් ඡන්දෙ දමනවා
    අටම් පහුර, ඉයන් මගුල තව යට යනවා
    යාං පුතා උඩ යට ගොස් තෙමී නහිනවා

    කැන්ගරු දේශයේ ඉඳං බ්ලොග් ලොව කනවා
    වන්තම්ගේ ලී කුට්ටිය දැක උඩ යනවා
    දවස ගානෙ හොරෙං හොරෙං ඡන්ද දමනවා
    කැන්ගරු දොස්තරා හොරෙං ඡන්ද මවනවා

    ලංකාවේ හිටියානම් සයිටම් යනවා
    පිට රට හිඳ සිය ගනනිං ඡන්ද මවනවා
    වසන්තයේ ලී කුට්ටිය හීනෙන් පෙනිලා
    හෙල්මලු දොස්තර හොරෙන්ම ඡන්දෙ දමනවා.

    ReplyDelete
  19. සරස

    අඳුරට ශාප කරමින් සිටිනවට වඩා
    එක පහනක් දල්වමු එය වැඩිය හොඳා
    යන කියමන සිහිපත්කර සැවොම සදා
    හැකි තරමින් ගොඩ ගමු සිරිලක වෙරදා

    ReplyDelete
  20. හෑ සා රස තුමෝ..!! අර රටට කොරවන ගොවි මහත්තයගේ දැඩි තීරණ..?? 🙈🙈🙈🙈..

    බ්‍රෙසියර් එකක් විසික් කොරානම් බලාගන්න තිබුන හිටං එයෑයිගේ දැඩි තීරණය... 😂😂..

    හයියෝ සා රස තුමෝ. රටක නායකය මෙහෙමත් පීචන් වීමක්..!!

    ReplyDelete
  21. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත.

    තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇත්තේද නැතහොත් හේතුව කුමක්දැයි අන් වහන්සේ කල විමසීහට පොලීසීයෙන් නිසි පිලිතුරක් නොලැබුනු අතර එහිදී ඥාණසාර හිමියන් විසින් පොලීසියට දැඩිව දොස් පවරනු ලැබීය.

    පසුව පොලීසිය හිමියන් අත්අඩංගුවට ගැනීම අතහැර දමා පසුබා ගොස් ඇත.

    ReplyDelete
    Replies
    1. මහින්දට 2015 ජනවාරි 8 වෙනිදා ගෙදර යන්න සලස්වපු අයගෙන් එකෙක් තමා මූ.
      දැන් මේ කරන දේවලින් මහින්දගේ 2020 ජනාධිපති සිහිනය බොඳ කරන්න මූ දැන්මම වැඩට බැහැලා වගේ තමයි පේන්න තියෙන්නේ.

      Delete
    2. මේවා කරවන්නේ වෙන කවුරුත් නෙවෙයි සිරිසේන. සිරිසේන තමයි මේ හාමුදුරුවන්ව අත්අඩන්ගුවට ගන්න කියල නියෝග නිකුත් කරලා තියෙන්නේ මොකද මිනිහට මුස්ලිම් දේශපාලකයෝ තර්ජනය කලානේ පෙරේදා.

      Delete
    3. ඥානසාර හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න යනවා නම් සියළු සිංහල බෞද්ධයන් ඊට එරෙහිව නැගී සිටිය යුතුයි.

      මම ඥානසාර හාමුදුරුවන්ගේ කලින් දේශපාලනයට කැමති නැහැ, ඒ මොකොද කිව්වා නම් සාමාන්‍ය සුළු ජාතිකයන් එක්ක අපිට ප්‍රශ්නයක් නැති නිසා.

      නමුත් සිංහලයන් උතුරු නැගෙනහිරින් එළවා දැමීම, බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම, ඉඩම් කොල්ල කෑම සහ නැගෙනහිර ඉතාම වේගයෙන් සිද්ධ වෙන මුස්ලිම්කරණය හෙවත් මහා පරිමාණයෙන් කෙරෙන් අනවසර මුස්ලිම් පදිංචිකිරීම් ගැන වෙනත් හාමුදුරුවරුන්ගේ සහ විපක්ෂ දේශපාලකයන්ගේ මැදිහත් වීමක් ඇත්තෙම නැතිකොට ඒ අඩුව පුරවන ඥානසාර හාමුදුරුවන්ට සහයෝගය දෙන්න වෙනවා.

      මම CT එකට ETCA සහ මෝඩි ගැන ලියපු වෙලාවක කෙනෙක් ඇහැව්වා උතුරු නැගෙනහිර මුස්ලිම් ජාතිකයන් වේගයෙන් ව්‍යාප්ත වෙනවා, මද පෙරදිග රටවල් වලින් නොයෙකුත් විදියට එව්වට සහයෝගය ලැබෙනවා (උදාහරණ දීලා තිබුන) ඇයි ඒ ගැන විරුද්ධ වෙන්නේ නැත්තේ කියල. මම කිව්වා අපි ෆෙඩරල් ව්‍යවස්ථා සහ ETCA ප්‍රමුඛත්වයෙලා සලකනවා කියල.

      නමුත් හොයලා බැලුවහම ඒ කතාව ඇත්ත. නැගෙනහිර විතරක් නෙමෙයි උතුරේත් සිද්ධ කෙරෙන මේ අනවසර මුස්ලිම් පදිංචිකිරීම් අනාගත ඡන්ද වෙනවා. ඊට පස්සේ උතරේ වගේම නැගෙනහිරත් පෙන්නයි බහුතරයක් ඉන්නවා කියලා. සමහර දේවල් නවත්තන්න ජනාධිපතිතුමා මැදිහත් වුනා. නමුත් තනි පුද්ගලයෙක්ට මේක කරන්න බැහැ මොකොද ආණ්ඩුවේ විවිධාකාර පුද්ගලයන් ඉන්න නිසා. ඒ නිසා බෞද්ධයන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. මේ ගැන දැන්මම විරුද්ධ වුනේ නැත්නම් සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සිංහලයන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

      ඒ නිසා සිංහලයන් වෙනුවෙන්, බෞද්ධයන් වෙනුවෙන්, රට වෙනුවෙන් නැගෙන හඬවල් යටපත් කරන්න, මර්දනය කරන්න, සිරගත කරන්න කෙරෙන සියලු උත්සාහයන් පරාජය කරන්න සියලු සිංහලයන් සහ විශේෂයෙන් බෞද්ධයන් එකාවන්ව නැගී සිටිය යුතුයි.

      අපේම රටේ අපේ ජාතිය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, අපේ ආගම වෙනුවෙන් කතා කරන්න තියෙන අයිතිය අහිමි කිරීමට එක හඬින් විරුද්ධත්වය පල කල යුතුයි. හැම සිංහලයෙක්ම බෞද්ධයෙක්ම තමන් අතින් තමන්ගේ රටට සිද්ධවෙන්න තියෙන යුතුකම ගැන වෙනදාට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.

      තමන්ට ඉස්සරහට ඇවිල්ල කතා කරන්න කොන්ද පණ නැත්නම්, අඩු ගානේ එහෙම කතා කරන හාමුදුරුවරුන් සහ දේශප්‍රේමින් රැක ගන්නවත් තමන්ගේ කට හඬ අවදි කල යුතුයි.

      Delete
    4. වැරැද්දක් කරලා නැත්නම් මොකද උන්දැ ඔච්චර පොලීසියට බය?

      Delete
    5. මිනිස්සුන්ගෙ ඇත්ත ආර්තික ප්‍රශ්ණ වහන්න නානසාර සහ සිරිසේන එකතුවෙලා කරන නාඩගමක්

      Delete
  22. ගුඩ් ආෆ්ටර් නූන් වේවා සරසා තුමෝ!

    ReplyDelete
  23. සරස, සමහර ඉස්කෝල වල වහල කඩා වැටිලා ළමයි මැරෙනවා. තවත් සමහර ඉස්කෝලවලට ගුරුවරු නෑ කියලා උද්ඝෝෂණ කරනවා. කුණු කන්දට යටවෙලා සම්පුර්ණයෙන්ම විනාශ වුණ නිවාසයකටත් ලැබෙන උපරිම මුදල රු. ලක්ෂ 20 යි. ඇමතිගේ ගේ අලුත්වැඩියාවට විතරක් රු කෝටි 10-15 ක්... රත්තරන් ආලේප කරන්නද දන්නේ නෑ.

    සාලාවේ අවතැන් වූ සමහර මිනිස්සුන්ට තවමත් වන්දි නෑ, අරනායකත් එහෙමයි. රජරට ගොවියෝ නියඟයෙන් අනාථ වෙලා. ඇමැතිවරුම කියන විදියට මහින්ද මහතා ගත්ත ණය අපි තවම ගෙවනවා. ණය බරින් ජනතාව මුදවන්න ආපු අය අනවශ්‍ය දේවල් වලට ගන්න ණය අපි විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ දරුවන්ටත් ගෙවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. බැනල වැඩක් නැහැ. ඡන්දෙ අාපු ගමන් උදේ පාන්දරම ගිහින් ඡන්දෙ දාල එනවා. අවුරුද්දක් දෙකක් ගියාම ඒ අයට බනිනවා. ඊට පස්සේ අනික් පැත්තට යනවා. ඊටත් පස්සේ එයාලගේ පුතාලට ඡන්දෙ දෙනවා. අයෙත් අවුරුදු දෙකකින් බනිනවා. දැන් එකපාරක්ද? දෙපාරක්ද? කණ්ණාඩියක් ගාවට ගිහින් තමන්ටම බැනගන්න එක තමයි වැඩිය හොඳ....

      Delete
    2. රජයේ නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා අර්ධ සුඛෝපභෝගී ඉන්දියන් වාහන ගෙන්වන්නොන. එතකොට ඔයතරම් මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අමතර කොටස් වලට යන මුදලත් අඩුයි.

      ඉන්දියාවේ රජයේ නිලධාරීන්ට ඉන්දියන් වාහන භාවිත කරන්න පුළුවන්නම් ලංකාවේ නිලධාරීන්ට බැරි මොකද?

      දැන් පොලිස් දෙපාර්තමෙන්තුව වැනි දෙපාර්තමේන්තුවල 80% ටත් වැඩියෙන් භාවිතා කරන්නේ ඉන්දියන් වාහන...

      ඉතින් අනිත් දෙපාර්තමේන්තුවලට බැරි මොකද ?

      Delete
  24. දන්ගොතෝ,

    එංගලන්තයේ ක්‍රමයට දියණියන් දෙදෙනාට පශු වෛද්‍ය විද්‍යාව හෙම හදාරන්න අවශ්‍ය නම් ඔවුන් විශ්ව විද්‍යාලයට අයැදුම් කරන්න කලින් ගොවිපළක සතුන් නඩත්තු කරන හැටි හැදෑරිය යුතුයි. මෙයට මුදල් ලැබෙන්නේ නැහැ. ඉඳුම් හිටුම් ගොවිපලේ ලැබෙනවා.මම ලීසා ගෙන් ඇහුවම ඇය කීවා දියණියන්ට අවශ්‍ය නම් එසේ ඉඩ සලසා හැකි බව. නමුත් දියණියන් එම විෂය හදාරන්න කැමති නැහැ. ගොවිපලේ ජීවිතය අමාරු බව කියන ඔවුන් වෙනත් විෂයන් හදාරන්නයි වඩා කැමති.

    ක්‍රිස් එදා පාන්දර තුනට පමණ බැටළු පැටව් තුන් දෙනෙකුට උපදින්න බැටළු මාතෘ සායන වැඩ කරලා තිබ්බ. උදේ මහන්සි වුනත් ප්‍රීතියෙන් හිටියේ. ලීසා ළමයින් තුන් දෙනෙකුත් හදන ගමන් මේ ගොවිපලේ වැඩ කරන්නේ. මුළු දවස පුරා මත ඒ දෙන්න වැඩ. ඒ අතින් අපේ ජිවිත කොතරම් ලෙහෙසිද කියල හිතෙනවා.

    -අජිත් ධර්මකීර්ති

    (I work as a chartered software engineer for a UK company. My hobbies are astronomy, walking, reading as much as possible before I die. I have interest in subjects such as Astrophysics, Quantum Physics, turboholics, anthropology, physiology, psychotherapy, typology, bribery, corruption, Marxism, Hegelianism, Atheism, Paranormal (just checking facts) and NDE. I am a fellow of Royal Astrological Society.)

    ReplyDelete
  25. සා රස, හෙට සිදු වීමට තිබෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය නොකරන තරමට විශාල පීඩනයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

    ඒ සඳහා මේ වනවිට ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇති කල කණ්ඩායම් මේ සඳහා නායකත්වය සපයමින් සිටී. ඔහුන්ගේ මතය වී ඇත්තේ ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් වෙනස ඒ සඳහා කිසිම දායකත්වය නොදුන් මහින්ද අමරවීර ලක්ෂමන් යාපා, දයාසිරි ජයසේකර වැන්නන් විසින් විනාශ කිරීමට කරනු ලබන කුමන්ත්‍රණයක් බවත් එහි පිටුපස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින බවත් ය.

    මේ අනුව එම පිරිස කණ්ඩායම් වශයෙන් එක් එක් ස්ථානවල එකතු වී හෙට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ පූර්ණ අනුමැතියකින් තොරව පැවත්වීමට නියමිතව ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධනය දින නියමයකින් තොරව කල් දැමීමට අවශ්‍ය තෙරපුමක් ජනාධිපතිවරයා වෙත ඇතී කිරීමට අවශ්‍ය සියලු උපායමාර්ග ගැනිමින් සිටී.

    එම උත්සහය සාර්ථක වුවහොත් ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මෛත්‍රී කණ්ඩායම විසින් ඉවත් කිරීමට උත්සහ ගන්නා මහා දූෂිත ලෙස නම් කොට ඇති මුදල් අමාත්‍ය රවි කරුණානයකගේ ධූරය තව දුරටත් ආරක්ෂා වනු ඇත.

    ReplyDelete
    Replies
    1. පිපිරීමක් වෙන්නේ නැති විදියට ජනාධිපතිතුමාට ඕක විසඳගන්න පුලුවන්. ප්‍රශ්ණ තියෙන ඇමති තනතුරු, ඒ කියන්නේ මුදල් ඇමති තනතුර ගැන තීරණයක් ගන්න එක දැනට නවත්තලා, ජානධිපතිතුමා නීතිය සහ සාමය ඇමති තනතුර අතට ගන්න ඕනේ.

      මම හිතනව ජනාධිපතිතුමා හිතනවා බත් එක උණු නිසා ඉක්මණට ඉක්මණට තැනින් තැනින් කන එක නවත්තලා නිවුනට පස්සේ හෙමිහිට එක පාරකට එක එක කට ගානේ කෑව නම් හොඳයි කියලා.

      සාගලගේ deal එකක් තියෙනවා. රටේ අපරාධ වැඩි වෙන්නේ, මහා සංඝරත්නය, රණවිරුවන් අත්අඩංගුවට ගන්නේ, තෝරාගත් දේශපාලකයන් අත්අඩංගුවට ගන්නේ, උතුරට එක නීතියක් දකුණට එක නීතියක් කරන්නේ, වෙන එකක් තියා දවස් දෙකකට ඉස්සෙල්ල විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසිය පන්න පන්න ගැහුවේ, උවමනාවෙන්ම වික්ටෝරියා පාර්ක් එකේ හිටපු දරුවන්ට සාමාන්‍ය මිනිස්සුන්ටත් එක්ක කඳුළු ගෑස් ගැහුවේ, ඒ හැම එකක්ම ජනාධිපතිතුමාගේ ගිණුමට වැටෙන්න. මේවාට මිනිස්සු කවුරුවත් සාගලට රනිල්ට බනින්නේ නැහැ, බනින්නේ ජනාධිපතිතුමාට. ඒක තමයි deal එක. මේක උවමනාවෙන්ම ඇති කරලා තියෙන්නේ.

      දේශපාලන දඩයම ඇත්තටම සිද්ධ වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අනුදැනුම ඇතුව බව ජනාධිපතිතුමා දන්නවද මම දන්නේ නැහැ. මේක සිද්ධවෙන එක pattern එකක් තියෙනවා. උදාහරණ පෙන්නන්න පුළුවන්.

      එකක් හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කිරීම. ඒකත් deal එකේම කොටසක්. ඒක කෙලින්ම වැටුනේ ජනාධිපතිතුමාගේ account එකට. පෙන්නන්න හැදුවේ ගෝල්ෆේස් එකට මිනිස්සු ගෙනාව හින්ද තරහට ජනාධිපතිතුමා මේ ආරක්ෂාව අඩු කළා කියලා. ආසන්නම අනිත් උදාහරණෙ උතුරු මැද පළාතේ බල තුලන වෙනස් කරපු ගමන් ඊළඟට SM ව FCID කැඳවීම. ඒකෙන් පෙන්වන්න හැදුවේත් ජනාධිපතිතුමා තරහට කලා කියලා.

      ඊට කලින් දේවල් ගැන කතා කලොත් විමල්ව හිරේ දාලා හිටපු කාලේ රනිල්ගේ බලය සීඝ්‍රයෙන් වැඩි වුනා. ජනාධිපතිතුමාගේ බලය දුර්වල වුනා. උදාහරණයක් විදියට විමල් හිර ගෙදරට යන්න ඉස්සෙල්ල හම්බන්තොට වරාය ගැන කතාව විතරයි තිබුනේ. ඊට පස්සේ වෙනත් වරායවල් එකතු වුනා, වෙන එකක් තියා කල් දාලා තිබුණු ETCA ගිවිසුමත් රනිල් අත්සන් කරන්න ලෑස්ති කළා. මුලින් හම්බන්තොට ඉඩම් ගැන විතරයි කතාව තිබුනේ පස්සේ අභයභූමි වල ඉඩම් පවා විදේශිකයන්ට දෙන්න රනිල් කැමති වෙලා තිබුනා. රටේ වාසනාවට විමල් එලියට ආවහම රනිල්ගේ බලය අඩු වුනා. ජනාධිපතිතුමාගේ බලය වැඩි වුනා. විමල්ගෙයි ජනාධිපතිතුමාගෙයි අතරේ දේශපාලන සම්බන්ධයක් නැහැ. නමුත් විමල් රටට දෙන ශක්තිය වගේම ජනාධිපතිතුමා රට ගැන තීරණ ගැනීමේදී කෙලින් වැඩ කරන එකත් අද වෙනකොට ශක්තියක් වෙලා තියෙනවා.

      විධායක ජනාධිපතිවරයා රටේ අප්‍රසාදයට ලක් කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ වගේම විධායක ජනාධිපති ධූරය දුර්වල කරන සැලැස්මකුත් තියෙනවා. මම හිතනවා මම මේ ගැන කාලෙකට ඉස්සෙල්ලත් කිව්වා. උතුරේ සිද්ධ වෙන දේවලුත්, සිද්ධ කරන දේවලුත් මේකට සම්බන්ධයි.

      ජනාධිපතිතුමාට වෙන කිසිම හේතුවක් ඕනේ නැහැ පහුගියදා පොලීසිය උවමනාවෙන්ම සිසුන් පන්න පන්න ගිහින්, කාන්තාවන්ට, දරුවන්ට සහ මිනිස්සුන්ට වික්ටෝරියා පාක් එකේදී කඳුළු ගෑස් ගහපු එක විතරක් ඇති නීතිය සහ සාමය ඇමති තනතුර තමන්ට පවරා ගන්න. වෙන කාටවත් දෙන්න එපා.

      හරි තීරණ ගන්න බය වෙන් නැහැ, ජනාධිපතිතුමා, ලංකාවේ බහුතරයකට දැන් වැටහිලා තියෙනවා සිංහලයන්ට තියෙන එකම හව්හරණ විධායක ජනාධිපති ධූරය කියලා. අපි වෙනස් දේශපාලන මත දරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කිසි විටකත් විධායක ජනාධිපති ධූරය දුර්වල කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කරන්න හදන ඕනේ බලවේගයක් පරාජය කරන්න ලෑස්තියි. අපි ඕනේ සහයෝගයක් දෙනවා ඒ වෙනුවෙන්. එහෙම කරන්න ආවොත් මේ රටේ ජනතාව ජනාධිපතිතුමා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. රනිල් ඕනේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය කොහොමත් ඕනේ නැහැ.

      ජනාධිපතිතුමාට, තව එක වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මෝඩිව විශ්වාස කරන්න එපා. මෝඩි දන්නවා රනිල්ව නම්ම ගත්තට ඔබව නමම ගන්න එක ලේසි නැහැ කියල. එහෙම වුනාම බලයට එන්න උදව් කරපු ඉන්දියාවම ඔබව බලයෙන් පහ කරන්නත් ඉඩ තියෙනවා. රනිල්-මෝඩි-you-know-who අතරෙ deal එකක් ගැන දැන ගන්න ලැබුනොත් ඒ ගැන පුදුම වෙන්නත් එපා. රටේ ජනතාව ගැන විශ්වාසය තියන්න. ජීවිතේ ආරක්ෂා කරගන්න

      Delete
    2. Ano 4.04 AM මෛත්‍රීව ගෙනාවෙ රනිල් ප්‍රමුඛ කණ්ඩායම. ඒක ගිවිසුම් ගත සැලසුමක්. ඒ සැලසුම් ප්‍රකාරව වැඩ සිදු වෙනව. මෛත්‍රී කිසි දිනක රනිල්ට විරුද්ධව යන්නෙ නැහැ, යන්නෙ නැහැ නොවෙයි යන්න බැහැ. ඔය කියන කෙං ගෙඩි එකක්වත් වෙන්නෙත් නැහැ. වෙන්නෙ නැහැ නෙවෙයි කරන්න බැහැ. එහෙන් දේශ ද්‍රෝහී කොටි නිදහස් කරනව​.මෙහෙන් දේශප්‍රේමීන් අත් අඩංගුවට ගන්නව​.

      සිරිසේනට පත්තරේ නොගෙනාවොත් මේ ලෝකෙ දෙයක් දන්නෙ නැහැ.මොලේ හෝද ගත්තු (AnonymousMay 21, 2017 at 4:04 AM) වගේ උන් විසිහතර පැයම මුන්ට වන්දි භට්ට කම් කරනව​. මහා ලොකු ප්‍රාඥයො වගේ හෑල්ලක් ලියනව​, සාරාංශෙ බැලුවොත් තියෙන්නෙ සිරිසේනට ප්‍රශස්ති ගායනා කරන එක විතරයි.

      Delete
  26. සා රස තුමෝ, මට නම් හිතෙන්නේ නෑ මේ මැති ඇමතිවරු, බණ කිය කියා රටවටේ ඇවිදින ජනාධිපති පවා, මහජනයාගේ අදහස් උදහස් දන්නවා කියලා. සා රස තුමට හරි කාට හරි බැරිද මේ "මල්ලෙපොල්" සඳහා පමණක් ලැබී තිබෙන මහජන අදහස් (comments) මුද්‍රණය කරලා ඔය මැති ඇමතිවරුන්ට ලබා දෙන්න??? මේ ටිකම ඇති ඔවුන්ට ඇත්ත තත්ත්වය වටහාගන්න, යන්තම් හරි මොලේ කඳුලක් තියනවා නම්....!

    ReplyDelete
    Replies
    1. සුනාමියක් ඇවිල්ලා හරි 225 ම අරන් යනවා නම් හොඳයි...

      Delete
  27. නම වෙනස් කරනවානම් පත්තරේ දැන්වීමක් දාන්න වෙයි

    ReplyDelete
  28. සුදුසුකම් තියෙන එකා කැම්පස් යන කොට සුදුසුකම් නැති එකා මොකද කරන්නේ.
    ඌට සල්ලි තියෙනවානම් කවුරුහරි කපටියෙක් අටවපු සයිටම් වගේ උගුලකට රිංගනවා.
    ඌට සල්ලිත් නැත්නම් සුදුසුකමුත් නැත්නම් මොකක් හරි යාලුකමක් හරහා සෝවියට් ශිශ්ශත්වයක් ඉල්ලා ගන්නවා.
    ඊට පස්සේ,
    මොකක් හරි මගඩියක් කරලා බටහිර රටකට රිංගාගන්නවා.ලංකාවේ එවුන්ට රට හදන හැටි කියලාදෙන්න බ්ලොග් එකක් පටන්ගන්නවා.සෝවියට් දේශෙටයි සමාජවාදෙටයි පලුයන්න බනිනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කැම්පස් යන්නෙම සුදුසුකම් ඇති එවුන් නෙවෙයි. තුන් හතර සැරයක් උ.පෙළ කරලා යන්තම් ගොඩ වෙච්ච ගමේ වේසිගේ පුතාලා. කොළඹ A3 ක් ගත්තු සුපිරි මොළ එළියේ. ඔය පාහර දිස්ත්‍රික් කෝටා ක්‍රමය අවසන් කරලා ගමේ නූගත් හුත්තිගේ පුතාලා කැම්පස් යන එක වහාම නවත්තන්න ඕන. ඔය ගමේ ගස් බල්ලන්ව යවන්න ඕන කුඹුරු කොටන්න.

      Delete