Monday, May 8, 2017

ලුවක් කෝපි ( Kopi Luwak ) සහ කලවැද්දා!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුමා ගේ කෝපි බීමේ පුරුද්ද ගැන නොයෙකුත් දේශපාලන කතිකා අප අසා ඇත්තෙමු. 

එයින් වඩාත් ම ප්‍රසිද්ද කතාව නම් ඒකාලේ එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරුපස්වන විදායක ජනපති වන ගරු මහින්ද රාජපක්ස මැතිඳුන් හමු වී කලු කෝපි බොන ගමන් සිරිකොත පාර කාපට් කිරීම, සජිත් ට ටොක්කක් ඇන්නවීම, කුරුඳුපොලු බලකායට මාතර පුරවර ට ඇතුලුවීමට අවසර ගැනීම වැනි දේසපාලනික සිල්ලර කතාබහ කල ආකාරයයි.

කාලය වෙනස්වී දැන් අගමැති තුමා ලෙස පත් වී ඇත... ඒ සමගම එතුමා ගේ කෝපි බීම ද වෙනස් වී ඇති බව දේශපාලනික විචාරකයන් ගේ මතයයි.

එකල එතුමා බිවුවේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරුපස්වන විදායක ජනපති වන ගරු මහින්ද රාජපක්ස මැතිඳුන් පිලිගන්වන්නට යෙදුනු හරිශ්චන්ද්‍ර කෝපි ය. 

එහෙත් එතුමා අගමැති වෙලා බීවේ ලෝකේ රට රට වල සංචාරය කර ඒ රටවල දී රාජ්‍ය නායකයන් හා ව්‍යාපාරික භවතුන් විසින්  සංග්‍රහ කරන්නට යෙදුනු ලෝකයේ මිලෙන් අධික ම කෝපි වර්ගය වන ලුවක් කෝපි ( Kopi Luwak )ය.


ඔබ සැම දන්නා පරිදි ලුවක් කෝපි (Kopi Luwak) නිපදවන්නේ කෝපි ඇට සිවිඩ්ඩ පිටින් ම අනුභව කල කලවැද්දන්  මලපහ සමග එලියට දමනා අඩක් ජීර්ණය වූ කෝපි ඇට වලිනි


ලුවක් කෝපි වලට වහවැටුනු අපේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තුමා ට ලෝකයේ මිලෙන් අධික ම කෝපි වර්ගය වන  ලුවක් කෝපි ශ්‍රී ලන්කාවේද නිශ්පාදනය කර ඔබේ අපේ සාක්කු මුදල් වලින් පුරවන්නට සිතුනේය. 



කලවැද්දා ගේ මලපහ වල කෝපි ඇට ....


එම නිසා එතුමා ලුවක් කෝපි නිශ්පාදනය අත්‍යාවශ්‍ය කලවැද්දා ට විශේශ බලතල දෙන්නට සූදානම් වන බව දේශපාලන ආරන්චි මාර්ග පවසයි. 

 එම නිසා දැන් ශ්‍රී ලාංකාවේ කලවැද්දා පොරක් වී ඇත!

92 comments:

  1. ඔයිට හෙඳයි තමන්ම කාලා තමන්ම - වනන්.. රනිල් මහත්තයාට බැරි වෙන එකක් නෑ මයෙ හිතෙ..

    ReplyDelete
    Replies
    1. රනිල් මහත්තයාට බැරි වෙන එකක් නෑ මයෙ හිතෙ.. x2

      :D

      Delete
  2. සරස තුමනි. පැරකුම්ලට, මාතලන්ලට දොාස්තරලත් එක්ක තියන ඇරියස් එක මොකක්ද මේ තරමට? මුන්ට ලෙඩ හැදෙන්නෙ නැතුවවත්ද

    ReplyDelete
    Replies
    1. දොස්තරලගේ දේශපානල න්‍යාය පත්‍රානුකූල, මහින්දවාදී හා අන්ත අවස්ථාවාදී ක්‍රියාකලාප විවේචවය කිරීම ඇරියස් එකක්ද බන්?

      ඇයි ජොස්තරල කියන්නෙ විවේචනය කරන්න බැරි වෘත්තිකයෝ කණ්ඩායමක්ද?

      Delete
    2. // සරස තුමනි. පැරකුම්ලට, මාතලන්ලට දොාස්තරලත් එක්ක තියන ඇරියස් එක මොකක්ද මේ තරමට? මුන්ට ලෙඩ හැදෙන්නෙ නැතුවවත්ද //

      මටත් හිතා ගන්න බෑ ගරු ඇනෝ තුමෝ...

      Delete
    3. // AnonymousMay 8, 2017 at 12:28 AM

      දොස්තරලගේ දේශපානල න්‍යාය පත්‍රානුකූල, මහින්දවාදී හා අන්ත අවස්ථාවාදී ක්‍රියාකලාප විවේචවය කිරීම ඇරියස් එකක්ද බන්?//

      නැත

      //ඇයි ජොස්තරල කියන්නෙ විවේචනය කරන්න බැරි වෘත්තිකයෝ කණ්ඩායමක්ද? //

      නැත

      Delete
    4. මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි.

      දෙරණ රූපවාහිනියේ ‘පාර කියන තාරුකා’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

      අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.

      Delete
    5. // AnonymousMay 8, 2017 at 1:36 AM

      මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි. //

      ආප්ප සිරා කප් එක ගහයිද ගරු ඇනෝ තුමෝ?


      // අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය. //

      රටේ වෙදෙක් ම තමා

      Delete
    6. රටේ වෙදෙක් විතරක් නෙවෙයි බන් ලොවෙත් වෙදෙක්. ඇයි සාරසා දන්නෙ නැත්ද මීළඟ ජනපති ප්‍රා-ජිත් දිනවන නෙළුම් යායේ සුපිරි මෙහෙයුම ගැන??? මුලින් කට්ටිය ගෝටා හොඳයි කිය කිය මුට්ටිය දාල ගෝටව නැති කරනව, පස්සෙ එකපාර රනිල්ට බෑ රාජිත හොඳයි කියල වැඩේ ගොඩ දානව. ජනපති ප්‍රා-ජිත් අගමැති සිරි-සෙන් / රා-නීල දෙකෙන් වැඩිය හොඳ එක.

      Delete
    7. බලාගෙන ඉන්න රනිල් තුමා ගහන ගේම හිටන්!

      Delete
  3. ඇත්තෙන්ම සාරසා ඔය කියන දේශපාලකයන්ගේ ගැටුම් වලට ඔවුන්ගේ ලිංගික නැබුරුතාවත් බලපානවා නේද? වත්මන් රජයේ සමරිසි සංග්‍රහය සම මෙම සිදුවීම් අතර සබැඳියක් ඇත්ද? සාරසා සමකාඊත්වය ගැන දරන්නේ ප්‍රගතිශීලී මතයක්ද නැතිනම් ගෝත්‍රික පසුගාමී මතයක්ද?

    සාරසා තුමා එක හා සමාන චර්යා රටාවකට නැඹුරු වූ සමාන සිතුම් පැතුම් සහිත එකම ලිංගයේ සමාන වයස් කාණ්ඩ වල පසුවන්නන් එදිනෙදා ජීවිතයේදී එකට එකතු වී සිටිනු අපට දැක ගත හැකිය. එහෙත් ලිංගික ජීවිතයේදී මේ ස්වභාවය වෙනස් මගක් ගනී. කායික හෝ මානසික විකෘති භාවයෙන් නොපෙලේනම්, ඔවුන් ලිංගික ජීවිතයේදී ප්‍රතිවිරුද්ධ ලිංගික ඇසුරකට ආකර්ෂණයක් දැක්වීම ස්වභාවික තත්ත්වයකි. එහෙත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම ලිංගික ඇසුර සඳහාද සමාන ලිංගිකයන් වෙත යොමු වන පිරිසක් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. එසේ වීමට විවිධ පුද්ගලයන්ගේ ලිංගික ජීවන චර්යා පසුබිම, අභ්‍යන්තරයේ විෂමතාවයන් හේතු පාදක වන බව ලිංගික මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.

    වෛද්‍ය සාරසා තුමෝ වෛද්‍ය පර්යේෂණ වර්තාවලට අනුව කාම උමතුවෙන් (nymphomania) පෙළෙන්නෝ කුමන ලිංගික චර්යාවකින් වත් තෘප්තියට පත් නොවෙති. ඔවුන් වැඩිදෙනා සමලිංගික සේවනයටද යොමු වී සිය කැකෑරෙන ආවේගයන් තුනී කරගනීමට මාන බලති. සමලිංගික සේවනයට හුරු වූ එහෙත් ආන්තික කාම උම්මන්තක භාවයට පත් නොවුණු වෙනත් විකෘති චර්යාවන් අනුගමනය නොකරති. ඔවුන්ගේ තෘප්තිය සමලිංගත්වය තුළ ගිලී ඇත.

    සාරසා තුමෝ සමලිංගික විවාහ තහනම් රටවල ඇතැම් ධනවත් පුද්ගලයන් නාමික වශයෙන් තම විවාහයන් පවත්වාගෙන යති. එවැනි අවස්ථාවල බිරිදි සම ලිංගික කාන්තාවක් නම් පුරුෂයා ඇයට ඒ සඳහා වෙනත් කාන්තාවක් ලාබාදේ. බිරිදගේ අනුදැනුම ඇතිව එම කාන්තාව හා පුරුෂයා අතර සාමාන්‍ය ලිංගික චර්යා පවත්වා ගනිමින් දිගටම විවාහයද පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා ඔවුන් බොහෝ විට තෝරාගනු ලබන්නේ නිවසේ මෙහෙකරුවකු හෝ මෙහෙකාරියකි.

    විවිධ සමාජ ආර්ථික බලවේග හමුවේ විවාහ දිවයට පිවිසීමට පමා වන අය විශාල අසහනයකින් පෙළෙති. එවන් පුද්ගලයන් සිය සිතැඟි සපුරා ගැන්මට විකෘති ලිංගික කෘත්‍යන් වෙත හෝ සමලිංගික ඇසුර වෙත යොමුවිය හැක. එහෙත් මුදලක් ගෙවා සමලිංගික ඇසුර සොයන්නොද සිටිති. එවැන්නන් තුළ ඇත්තේ මානසික හෝ කායික අසාමාන්‍යතාවයකි.

    ලිංගික බෙලහීනතාවයෙන් කලකිරී සිටින්න් හා ලිංගික බෙලහීනතාවයක් ඇතැයි මනසින් මවාගෙන සිටින පුද්ගලයින්ද හඹා යන්නේ සමලිංගක ලෝකයයි. ඇතැම් ගැහැණු පුරුෂයන්ගේද ඇතැම් පිරිමි ගැහැණුන්ගේද හැසිරීම් රටාවන් අනුකරණය කරති. මෙවැනි අය විවාහ දිවියට පිවිසුනහොත් ලිංගික ජීවිතය සර්ප විමානයක් බවට පත්වේ. එහෙත් මෙවැනි පුද්ගලයන්ගේ විවාහ දිවිය සාර්ථක ලෙස ගලාගෙන යන එක් සාධකයක් ඇත. ඒ කාන්තා හැසිරීම් රටාවකට කැමැත්තක් දක්වන පුරුෂයෙක් හා පුරුෂ හැරසිරීම් රටාවකට කැමැත්තක් දක්වන කාන්තාවක් සමග විවාහ වන අවස්ථාවයි. මෙවැනි අවස්ථාවල එම විවාහ දිවිය සාර්ථකව බාධාවකින් තොරව ඉදිරියට ගලායයි. බොහෝ විට ඔවුන් ලිංගිකව එක් වීමට පෙර පුරුෂයා කාන්තා ඇඳුම්ද, කාන්තාව පුරුශයාගේ ඇඳුම්ද ඇද ලිංගිකව එක් වන මනෝ විද්‍යාඥයන් සොයාගෙන ඇත. වෛද්‍යවරයකු සහ භෞතවේදය පිළිබඳ කථිකාචාර්යවරයකු වන සාරසා තුමා මේ ගැන විස්තරාත්මක විග්‍රහයක් හෝ පෝස්ටුවක් දමන්නේ නම් ඉතා මැනැවි සාරසා තුමා.

    ReplyDelete
    Replies
    1. මනෝ වෛද්‍ය විසේසඥ රුවන් ජයතුන්ග ගෙන් අහන්න... එයාට උත්තර දෙන්න බෑ කිවුවොත් නීතිඥ ප්‍රදීප් ජයතුන්ග ගෙන් අහන්න

      Delete
    2. මනෝ වෛද්‍ය විසේසඥ රුවන් ජයතුන්ග ගෙන් අහන්න..

      අනේ ඌ දන්න පුක...... උ ඔර්ජිනල් මැන්ටලයක්

      Delete
    3. මම හිතුවේ මේකට මෙහෙම උත්තරයක් දෙයි කියල.. සරසතුමා සමරිසි උන්ට විරුද්ද නැත.. සරසතුමා විරුද්ධ සමරිසි සංග්‍රහයටයි කියල.. :)

      Delete
    4. //කල්‍යාණ මිත්‍රMay 8, 2017 at 4:46 AM

      මම හිතුවේ මේකට මෙහෙම උත්තරයක් දෙයි කියල.. සරසතුමා සමරිසි උන්ට විරුද්ද නැත.. සරසතුමා විරුද්ධ සමරිසි සංග්‍රහයටයි කියල.. :) //

      එහෙම ලියන්න බෑනේ..

      එහෙම ලියුවොත් සරස තුමා අර අහකඉන්න නාලක ගුනවර්දන සූරීන් ට මඩ ගහනවා කියලා කස්ටිය ඇඟට එනවා නේ..

      Delete
    5. 1/2

      මා සන්මිත්‍ර අතිගරු සරසතුමනි,

      ඔබතුමාගේ මෙම පිළිතුරට නම් ඇගයීමක් කළ යුතු ම ය. මගේ වයසට ගැළපෙන්නේ නැති විය හැකි නමුත් මම ද ඔබතුමාට ++++++++++++ ලෙස සටහන් කරමි! ඇත්තට ම සරසතුමනි ++++++++++++ යනු "හොඳ යි", "හොදාාාාාා යි" කීම වැනි සංකේතයක් ද?

      එහෙත් ඇතැම් උගතුන් ද ඉතා මරිමෝඩ ආලෝචනවලට ද පැන ගෙන ගොස් +++++++++++ සංකේතය එක් කරන බව මා පසුගිය කාලයේ දී දැක ඇත.

      සොපොක්ලීස් තම ඇන්ටිගනි නාට්‍යයේ දී මෙසේ සඳහන් කළේ ය:

      "evil sometimes seems good to a man whose mind a god leads to destruction."

      අතිගරු සරසතුමනි, ඔබතුමා වැනි නිහතමානී උගතකු සඳහා මම කිසියම් කරුණක් පවසනු රිසියෙමි. Nymphomania යනු සුවිශේෂී ව ස්ත්‍රීන්ගේ අසමාහිත සහ අතික්‍රාමික කාමාශාව ⁣හඳුන්වන්නට භාවිත වන වචනයකි. පුරුෂයන්ගේ අසමාහිත සහ අතික්‍රාමික කාමාශාව ⁣හඳුන්වන්නට භාවිත වන වචනය Satyriasis යන්න ය. මෙම වචන දෙකට ම ග්‍රීක පුරාවෘත්ත සම්බන්‍ධ ය. මම එපිළිබඳ මෙහි නො ලියමි. ඒවා පිළිබඳ මනා ව දන්නා, ඒවා පිළිබඳ කතිකා කළ යුතු වියතකු වන මගේ හිතවත් පිළියන්දල ප්‍රදීප් ඒ. ජයතුංගයනට මේ දිනවල ++++++++ පාචනයක් වැලඳී ඇති සෙයකි. එනිසා ඔවුහු වචන වෙනුවට තැන නොතැන නො බලා ++++++++ පතිත කරති.

      ඔවුන්ගේ මෙකී +++++++++ පාචන තත්ත්වය දිගට ම මාස ගණනක් පවතී නම් ජයතුංගයනට වහා ම Colonoscopy පරීක්‍ෂාවක් කළ යුතු බව මම නිර්දේශ කරමි. සරසතුමන් සහ ජයතුංගයන් මා තරමට ම "තරුණ" නො වුණ ද ⁣ඔවුන්ගේ වයසේ දී ද කල් පවතින පාචන තත්ත්වයන් නො සලකා හළ යුතු නැත. ගරු සරසතුමා ජයතුංගයන් පොත් ජනගත කිරීම්වලට කැඳවා ගෙන යන ලෙස ම සුදුසුකම් ලද වෛද්‍ය වෘත්තිකයකු වෙත ද කැඳවා ගෙන යන්නට උනන්දු විය යුතු ය. මක් නිසා ද යත් ජයතුංගයන් ද අනාගතයේ දී වෛද්‍ය වෘත්තිකයන්ගෙන් නො ව ඹෟෂධවේදීන්ගෙන් ප්‍රතිකාර නිර්දේශ කරවා ගන්නට ඉඩ ඇති බවට ඉඟි දැන් දැන් පළ වන බැවිනි. සරසතුමන් සේ ම ජයතුංගයන් ද මාතලන් මැතිඳුන් ද මා ඉතා ආදරය කරන සොඳුරු මිනිසුන් වන අතර ඔවුනට හානි වනවාට මා කිසි සේත් කැමති නැත.

      සෑම දෙමළ මිනිසකු ම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයකු නො වූ සේ ම සෑම වෛද්‍ය වෘත්තිකයකු ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු වන්නේ ද නැත. එම සංගම් දෙකෙහි ම නාමයන් ජනතාව නොමඟ යවන සුළු ය. දෙමළ විමුක්තිකාමියකු වීම සඳහා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයකු විය යුතු නැත. එම සංවිධානය සිදු කළේ දෙමළ විමුක්තිකාමීන්ගේ එක ම නියෝජිතයා තමා බව ඒත්තු ගන්වමින් තම අමානුෂික අරමුණු සඳහා ගමන් කිරීම ය. එලෙස ම රජයේ වෛද්‍ය නිලධාරියකු වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු විය යුතු නැත. එම සංවිධානය සිදු කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එක ම නියෝජිතයා තමා බව ඒත්තු ගන්වමින් තම අමානුෂික අරමුණු සඳහා ගමන් කිරීම ය. එකී සංවිධාන දෙක ම තම සංවිධාන තුළ සාමාජිකයන් රඳවා ගන්නා ආකාරය ද එක සමාන ය. එකී සංවිධානවලට නොබැඳෙන අයට එම සංවිධාන දෙක ම සලකන ආකාරය ද එක සමාන ය. දීමට නොහැකි දේ ඉල්ලීමට ද දෙපිරිස ම දක්‍ෂයෝ ය. ගරු සරසතුමනි, මේ සන්සන්දනය අවශ්‍ය කෙ⁣නකුට තව බොහෝ දිගට කර ගෙන යා හැකි ය. මම එසඳහා උනන්දු නො වෙමි. එහෙත් එපිළිබඳ කිව යුතු දෙයක් තිබේ.

      LTTE විරෝධය තාර්කික ය. එහෙත් දෙමළා සහ LTTE යනු එකකි යි සලකා කටයුතු කිරීම තාර්කික නො වන අතර ම ඉතා භයානක අස්ථානයකි. එලෙස ම GMOA විරෝධය තාර්කික ය. එහෙත් වෛද්‍ය වෘත්තිකයා සහ GMOA යනු එකකි යි සලකා කටයුතු කිරීම තාර්කික නො වන අතර ම ඉතා භයානක අස්ථානයකි. එමඟින් LTTE පිළිබඳ විවේචනාත්මක දෙමළා ද අවසානයේ දී LTTE වෙත තල්ලු කෙරිණි. මගේ හිතවත් මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳුන් සද්භාවයෙන් ඇරඹූ ව්‍යාපාරයක් ව්‍යාප්ත ව දැන් දැන් උත්කර්ෂණීය වියුණු සංදර්ශනයක් බවට පත්වෙමින් වෛද්‍ය විරෝධයක් දක්වා නොමඟ යන බව පෙනේ. මෙකී විසූක දස්සන දකින කොරළවැල්ලේ සෘෂිවරයා පසුගිය දිනෙක යළි අනාවැකි කියන්නට ද අරඹා ඇත. එම සෘෂිවරයාගේ අනාවැකි කවදත් වරදින නිසා ඉදිරිගාමී ප්‍රාඥයකුගේ පසුගාමී ප්‍රාගඥ මුනුපුරකු සමඟ එක් ව වෘත්තිය සමිතියක නායකයකු පොල්තෙල් පහනක් දැල්වූවාට අප කලබල විය යුතු නැත.

      මෑතක දී ලංකාවේ සංචාරයක යෙදී යළි ඔස්ට්‍රේලියාවට සැපත් වූ මගේ පැරණි තරුණ මිත්‍රයෙක් ලංකාවේ වෛද්‍ය විරෝධය කෙතරම් උග්‍ර වී ඇති ද යන වග පැහැදිලි කරමින් මට මෙසේ ලියා ඒව්වේ ය:

      "Good that you are in (the) UK. Ppl hate docs now".

      Cont...

      Delete
    6. 2/2

      අනාගතයේ දී වෛද්‍ය විරෝධයක් දක්වා ගමන් කළ ද මගේ හිතවත් මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ මැතිඳු සහ ප්‍රදීප් ඒ. ජයතුංග මැතිඳු රෝග සඳහා ඖෂධවේදීන්ගෙන් ප්‍රතිකාර නිර්දේශ නො කර ගනිත්වා. ප්‍රමිතියෙන් ඉහළ ම වෛද්‍ය අධ්‍යාපනයක්, ඉහළ ම වෛද්‍ය සේවයක් සහ ඉහළ ම ඖෂධ සැමට! (වෛද්‍ය රාජිත සේනාරත්න මැදිහත් වී ප්‍රමිතියෙන් ඉහළ ම ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කර ඇති නම් එය -වෙනත් දේ නො වේ!- අගය කරන්නට මගේ සන්මිත්‍ර සරසතුමා ද රෝගීනට ප්‍රතිකාර කරන වෛද්‍ය වෘත්තිකයකු ලෙස පසුබට විය යුතු නැති බව සිහි කරමි).

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      End.

      Delete
    7. ගරු කලානිධි බන්‍ධුල කුදලාගම තුමනි,

      එසේය, ඔබේත් මගේත් ආදර ගෞරවයට ලක් වූ මහාචාර්‍ය මාතලන් හා නීතිඥ මැති තුමා යන දෙපොලටම විශාල වැරදීමක් සිදු වී ඇති සෙයකි.

      ඒ දෙදෙනාම පෞද්ගලික වෛද්ය අද්‍යාපනය යනු SAITM ලෙස සහ වෛද්‍යවරු සියල්ල GMOA සාමාජිකයන් ලෙස සිතනා බව පෙනී යයි.

      වෛද්‍ය විසේසඥ සන්ගමේ (Association of Medical Specialists) මහතුන් කියනා කරනා දේවල් වලට මේ මහතුන් දෙපොල පහර දෙන්නේත් GMOA එකට වීමත් විකාරයකි.!
      චැනල් සෙන්ටර් වල පොල් කඩන්නේ වෛද්‍ය විසේසඥ සන්ගමේ මහත්වරු ය. බැණුම් අහන්නේ GMOA එකේ මහත්වරු ය. වෛද්‍ය විසේසඥ සන්ගමේ මහත්වරුත් මීක් කියන්නේ නැතිව තමන් කියන කරන දේට GMOA එකේ සාමාජිකයන් ට මහජනතාවගේ දොස් ඇසීමට සිදුවීම දෙස බලාසිටීම ත් හාස්‍යයට කාරනාවකි.

      මේ දෙකටම සම්බන්ද නැති වෛද්යවරු රාශියක් මේ රටේ සේවය කරයි. මහාචාරිය මාතලන් යෝජනා කරන්නේ සියලු වෛද්යවරුන් ගේ මෝටර් රත වලට මහජනතාව ගල් ගසනා කාලය අත ලඟ බව ය.

      ලෙඩ හැදී මලත් වෛද්යවරයෙකු හමු නොවී විඳවා විඳවා මරණයට පත් වීම දිවිරුමක් ශපත කිරීමට ඔවුන් සැරසෙන බව සැලයි! ඔවුන් ගේ ඒ ව්‍යායාමයට ජය වේවා!

      මගේ කණගාටුව නම් මුදල් මත්තේ දුවපු වෛද්ය අද්‍යාපනය ගැන කිසිම පුහුණුවක් නැති ජී පී කෙනෙකු ගේ මේ ව්‍යායාමය නිසාම ශ්‍රී ලන්කාවේ පෞද්ගලික වෛද්ය පුහුණුව ට කන කොකා හැඬීම ය!

      Delete
    8. මා සන්මිතු අතිගරු සරසතුමනි,

      උදෑසන අවදි ව ඔබතුමාගේ වියුණුව වෙත පැමිණියෙමි. ඔබතුමාගේ හරබර ආලෝචනය කියවා නැණ පුබුදුවා දිනය අරඹමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
  4. මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි.

    දෙරණ රූපවාහිනියේ ‘පාර කියන තාරුකා’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.

    ReplyDelete
    Replies

    1. //මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි. //

      ආප්ප සිරා කප් එක ගහයිද ගරු ඇනෝ තුමෝ?


      // අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය. //

      රටේ වෙදෙක් ම තමා

      Delete
    2. රටේ වෙදෙක් විතරක් නෙවෙයි බන් ලොවෙත් වෙදෙක්. ඇයි සාරසා දන්නෙ නැත්ද මීළඟ ජනපති ප්‍රා-ජිත් දිනවන නෙළුම් යායේ සුපිරි මෙහෙයුම ගැන??? මුලින් කට්ටිය ගෝටා හොඳයි කිය කිය මුට්ටිය දාල ගෝටව නැති කරනව, පස්සෙ එකපාර රනිල්ට බෑ රාජිත හොඳයි කියල වැඩේ ගොඩ දානව. ජනපති ප්‍රා-ජිත් අගමැති සිරි-සෙන් / රා-නීල දෙකෙන් වැඩිය හොඳ එක.

      Delete
  5. කොපි වැඩියෙන් බීමෙන් ලංකාවේ අගමැති තනතුර ලබා ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. කෝපි වැඩියෙන් බීවොත් බඩ වේලනවා...
      පස්සෙන් කරගන්න වැඩ අසීරු වෙනවා..

      එතකොට සිරිකොතෙන් විසි වෙනවා!

      Delete
  6. සුදුකුකුලා ද කොපි බීමට කැමතිය

    sudukukula.blogspot.com

    ReplyDelete
  7. කුකුලා වයිට් ලෙග් හෝර්න් ද හිටන්?

    ReplyDelete
  8. මාර උපහැරණේ සරසෝ. දැන් ලුවක් කෝපි හදන්න තියා ගමේ ගොඩේ වැටකවත් කෝපි ගහක් හොයාගන්න නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි හිටන්!

      Delete
  9. රනිල් ඉතින් කන බොන ජාති උනත් කලවැද්දෙක්ගෙ හරි පස්ස පැත්තට සම්බන්ධයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පස්සෙන් වැඩ ගැනීම

      Delete
  10. මේ කෝපි ජාතිය ගැන මම දැනගෙන හිටියේ නෑ. කමක් නෑ අපිට කෙසේ වෙතත් කලවැද්දන්ට හරි කලක් යයිනේ

    ReplyDelete
    Replies
    1. සකල ශ්‍රී ලන්කාවාසී කලවැද්දන් ට ජය වේවා!

      Delete
  11. අයිසෙ සරාස් තුමා,

    ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහත්මයාට කරපුව තමයි ඔය කාටත් පලදෙන්නේ, ෆොන්සේකාව හිරේ දැම්මේ නැත්නම් මහන්ද තාමත් ජනපති වෙලා ඉන්ටත් තිබුන නේද?

    -Pra Jay

    ReplyDelete
    Replies
    1. සියලු කලවැද්දන් ට ජය වේවා!

      Delete
  12. සරස

    තමන් විසින් සාටකයෙන් එල්ලනු ඇතැයි බිය වී සිටින හිටපු ජනපති මහින්දට දෙතුන් සියයක ආරක්‍ෂාවක් දිය යුතු නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

    බයගුල්ලෙක් නම් කල යුතු වන්නේ දොර වසාගෙන ගෙදරට වී නිදාගැනීම බවද ඔහු සදහන් කරයි.

    හිටපු ජනපතිනි චන්ද්‍රිකාට දී ඇත්තේ හැට දෙනෙකුගේ ආරක්‍සාවක් යයිද කී ඔහු මහින්ද රාජපක්‍ෂටද ලබා දිය යුත්තේ එතරම් ආරක්‍ෂාවක් පමණක් යයිද කියයි.

    ReplyDelete
    Replies
    1. සියලුම දේසපාලුවන් ගේ හා රාජ්‍ය නිලදාරීන්ට රජයෙන් දෙන ආරක්ශක භටයන්, නිල නිවාස හා නිල වාහන 100% ඉවත් කරනු!

      මීට සරස තුමා.

      Delete
  13. සරසා බයියෝ, ඉදිරි දින කිහිපයේදී රාජපක්ෂ පවුලේ බලවත් අය දෙතුන්දෙනෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වන බව ඇමැති එස්.බී. දිසානායක ලොක්ක කියන්නෙ, "පළාත් පාලන මැතිවරණය තිවුවොත් ඉන් ඒකාබද්ධ විපක්ෂය ඇපත් නැතුව කැත විදිහට කුජීත වෙලා බලු වෙලා පරදිනවා. මහින්ද රාජපක්‍ෂ මේ බව හොදින්ම දන්නවා. එනිසා එම පක්ෂයේ වැඩි දෙනක් ශ‍්‍රීලනිපය යටතේ තරග කරනවා. ඊට උවමනා ව්‍යාපාරය දැනට ගොඩනැගෙමින් තිබෙනවා. ඉදිරියේදී රාජපක්‍ෂ පවුලේම බලවත්ම දෙතුන් දෙනකු අප හා එක්වෙනවා"

    ඉතින් මොකටද මේ බොරු විගඩම්? මෛත්‍රී එක්ක එක්වෙලා වත්මන් රජයට සහාය දුන්නනම් අහවරනෙ බන්?

    ReplyDelete
    Replies
    1. //
      ඉතින් මොකටද මේ බොරු විගඩම්? මෛත්‍රී එක්ක එක්වෙලා වත්මන් රජයට සහාය දුන්නනම් අහවරනෙ බන්? //


      දැණටම සරස තුමා ආප්පපාල සොරිසේන මැතිඳුන් හමුවෙලා එතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න ගිවිසගෙන ඉවරයි හිටන්!

      Delete
  14. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගෙනන් ඩොලර් විශාල ප‍්‍රමාණයක් ණය මුදලක් වශයෙන් ලබාගෙන එය වංචා කර ඇතැයි ඇමති මංගල සමරවීර පවසයි. එම මුදල් රාජපක්‍ෂ පවුලේ අයෙකුගේ ගිණුමකට දමා ඇති බවත් එය ඉදිරියේදී හෙලි කරන බවත් ඇමතිවරයා කියා සිටියේ එජාප පාක්‍ෂික හමුවක් අමතමිනි.

    ReplyDelete
    Replies
    1. මාර ලකී නේ...
      ගඩාෆි මලා...
      නෑයො හිරේ...
      ණය අයකරගන්න කෙනෙක් නෑ....

      ඔන්න මහින්ද මහත්තයගෙ ලක් එක හිටන්!

      Delete
  15. ගෝඨා පොරක් කිරීමත් ෆොන්සේකා පොරක් කිරීමත් දෙකම ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. 2020 දී ජනාධිපති ධූරයට සුදුසුම තැනැත්තා වන්නේ වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා බව සියලු ශ්‍රී ලාංකිකයින් තහවුරු කොට අවසන්. මේ වන විට ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින් ගේ පටන් සියලු ප්‍රචාරණ කටයුතු සූදානම්. අන්ත දූෂිත හිජකුදිපාම රජපස් උන්නාන්සේ ලඟදීම ස්වර්ගස්ත වනු ඇත. දැනටමත් ආරක්ෂාව අඩුකොට ගේම පටන්ගෙන තිබේ.

      2020 දී රාජිත සේනාරත්න මහතා ජනපති වීම ශක්‍රයාටත් නැවැත්විය නොහැක. වත්මන් රජයේ මෙන්ම උතුරේ, නැගෙනහිර ප්‍රගතිශීලී ජනතාව ඔහු සමගයි.

      Delete
    2. Anonymous May 8, 2017 at 5:29 AM

      ඇයි බන් නෙලුම් අල විගඩම හරහා බ්ලොග් බ්‍රෝකර් අජිත් ධර්මකීර්ති සිංහල බ්ලොගාල සෙට් එක රාජිත ගොයියට වික්ක බව දන්නෙ නැත්ද? මුලින්ම සිංහල බ්ලොගාල සෙට් එක රාජිත ජනපති කිරීමේ මෙහෙයුම අරඹයි.

      ගෞරවනීය සුජාතා මැතිනියගේ වාසනාව පෙරදැරි කරගෙන චතුර, සහ මල්ලීත් සමග පවුල්වාදයෙන් තොර සුදුස්සාට සුදුසු තැන ඇති නව යුගයක් අරඹමු !

      රාජිත ජනපති මෙහෙයුම අරඹමු ! චතුර සමග නැගිටිමු.

      Delete
    3. // Manoj FernandoMay 8, 2017 at 3:24 AM

      ගෝඨා පොරක් කිරීමත් ෆොන්සේකා පොරක් කිරීමත් දෙකම ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපේ. //

      එකඟයි!

      Delete
    4. // AnonymousMay 8, 2017 at 5:29 AM

      ඔබ හරි. 2020 දී ජනාධිපති ධූරයට සුදුසුම තැනැත්තා වන්නේ වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා බව සියලු ශ්‍රී ලාංකිකයින් තහවුරු කොට අවසන්. //

      නෙලුම්යායෙ ප්‍රදාන අමුත්තා විදියට ආපු රාජිත ගේ දෙපතුල ලඟ බිම වාඩි වෙලා රාජිත ගේ ශ්‍රී කකුල් මිරිකන ගමන් ලෝටස් අජ්ජා විසින් කියනා ලද්දකි!

      Delete
    5. // ගෞරවනීය සුජාතා මැතිනියගේ වාසනාව පෙරදැරි කරගෙන චතුර, සහ මල්ලීත් සමග පවුල්වාදයෙන් තොර සුදුස්සාට සුදුසු තැන ඇති නව යුගයක් අරඹමු ! //



      මීට වෛද්ය කොලින් ප්‍රනාන්දුපුල්ලේ..

      හිකිස්!

      Delete
  16. ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන පරිදිම බලවත්, ප්‍රබල ඕනෑම කෙනෙකුට පාඩම් ඉගැන්විය හැකි සංවිධානයකි. ඔවුන් කොයිතරම් ප්‍රබලදැයි කිහිපවිටක්ම වර්තමාන ආණ්ඩුවට ඉගැන්වීමට උත්සහ කොට තිබේ. එනම් ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පිට බොහෝ දේශපාලනික, සමාජයීය හා ආර්ථික කාරණාවලට අතපොවා තිබේ. විටෙක ඔවුන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධය. තවත් විටෙක සම සෞඛ්‍ය අධ්‍යාපනයට විරුද්ධය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සායනික පුහුණුවට විරුද්ධය, හෙද හෙදියන්ගේ නිල ඇදුමට විරුද්ධය, ඇටෙන්ඩන්වරුන්ගේ සපත්තුවට විරුද්ධය, ගුරු ගුරු සේවයේ පිහිටුවීමට විරුද්ධය, එක්ටා ගිවිසුමට, මැතිවරණ ක්‍රමය, ආර්ථික ප්‍රතිසංස්කරණ, ස්ත්‍රීභාවය පදනම් කරගත් ආරවුල්, සිගරට් කොම්පැණියේ ක්‍රියාකාරීත්වය, අරක්කු කොම්පැණියේ ලාභ ලැබීම හා ආණ්ඩුවේ සියලු කටයුතු ඔවුන්ගේ විෂය පථයට යටයි යැයි ඔවුන් සිතයි. මේ රටතුළ ඒ සියල්ල සිදුවිය යුත්තේ ඔවුන් හිතන පතන ආකාරයට බව ඔවුන් කල්පනා කරයි. එය එක්තරා ආකාරයක විකාරයක් බව මාගේ හැගීමයි. ලෝකයේ කිසිම රටක හෝ කිසිම සමාජයක වෛද්‍ය වෘත්තියේ පුහුණුව ලැබුවෙකු රැකියාවේ අනාරක්ෂිතභාවයකින් පෙළෙන්නේ නැත. මන්ද මේ මොහොතේත් ලෝකයේ සියලුම සමාජයන් වලට හැකියාව ලැබී ඇත්තේ තම අවශ්‍යතාවයට වඩා බොහෝ අඩුවෙන් වෛද්‍යවරුන් පුහුණු කිරීමටය. වෛද්‍යවරයෙකු පුහුණු කිරීම යනු ඉතා අපහසු කාර්යයක් බව සත්‍යයකි. නමුත් එය රොකට් තාක්ෂණය තරම් අමාරු නැත. නිර්වාණය තරම් අවබෝධ කරගැනීමට අපහසු නැත. එම නිසා විධිමත් වෛද්‍ය අධ්‍යාපනය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි දැනුමක් බව මාගේ විශ්වාසයයි. නමුත් එක් සත්‍යයක් වන්නේ ලෝකයේ ඕනෑම රටක, ඕනෑම සමාජයක වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට, ඇතුළත් වීමට දැඩි තරගකාරීත්වයක් ඇති අතර විශාල මුදලක්ද වැය කිරීමට සිදුවේ. මෙවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය වෘත්තියේ ඇති අත්‍යවශ්‍ය බව නිසා ඕනෑම සමාජයකට හෝ මිනිසුන්ට බලපෑම් කිරීමේ විශාල හැකියාවක් වෛද්‍යවරුන් සතුව ඇත. නමුත් වෛද්‍යවරුන් යනු සියල්ලම නිවැරදිව සිදුකරනු ලබන රහතන්වහන්සේලා නොවන බැවින් ඔවුන්ගෙන් සමාජයට හෝ රෝගීන්ට හානියක් නොවනු පිණිස ආචාරධර්ම කියා දෙයක් ගොඩනගා තිබේ. එමෙන්ම ඔවුන් රටක පවතින නීතියට හා සම්ප්‍රදායන්ට යටත්ය. ඔවුන් සුවිශේෂි පුරවැසියන් නොවේ. ලෝකයේ සියලුම වෛද්‍යවරුන් එම ආචාරධර්ම වලට යටත්වන අතර, ලංකාවේ වෛද්‍ය නිලධාරී සංගමය එසේ නොවේ යැයි ඔවුන් සිතයි. ඔවුන් සිතාමතාම සමාජ විරෝධී ශිෂ්ඨ ලෝකයේ කිසිවෙකුත් පිළිනොගන්නා ක්‍රමවේදයක් මත එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යයි. ඔවුන් ලංකාවේ සුරක්ෂිතම වෘත්තිකයෝ වුවත් ඔවුන් විසින් ලංකාවේ අනෙකුත් සියලුම අංශ හිතාමතාම අනතුරේ හෙලයි. මෙම තත්ත්වය යටතේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, එහි සභාපති දොස්තර පාදෙණිය මහතාගේ ක්‍රියාකාරීත්වයත් විමසා බැලිය යුතුය.

    දැනට මාස ගණනාවකට පෙර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලහත්කාරයෙන් පාසල්වලට ළමයි ඇතුළත් කිරීම අරඹයා විශාල අරගලයක් අධ්‍යාපන ඇමතිවරයා සහ එම අමාත්‍යාංශය සමග ඇතිකරගත්තේය. එහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කෙරෙහි රටතුළ විශාල විරෝධයක් ඇති කිරීමට හේතුවන පරිදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම ගැටලුව කළමණාකරනය කළේය. GMOA සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයින් විසින් එම මොහොතේදී ඔවුන්ට උවමනා පරිදි ජනප්‍රිය පාසල් වලට ළමයි ඇතුළත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට ගොස් රටම අඩාල කරන බවට තර්ජනය කළේය. එසේම ඔවුන් ලංකාවේ සුවිශේෂිත වරප්‍රසාද සහිත වෘත්තිකයින් පිරිසක් බව පුනපුනා ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට දැඩි පීඩනයක් හා තර්ජනයක් එල්ල කළේය. නමුත් තරුණ ඇමතිවරයෙකු හැටියට ඔහු එම ගැටලුවට සාර්ථකව මුහුණදුන් අතර GMOA එකට දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කළේය. සැබවින්ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරීත්වයේ ඇති පසුගාමී තත්ත්වය ලංකාවට ප්‍රථමයෙන්ම හෙළි කරදුන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බව මාගේ හැගීමයි. සැබවින්ම ඔවුන් පාඩමක් ඉගෙනගත්තා කිවහොත් නිවැරදිය. ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙලමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහි වෙමින් රටතුළ ඇතිකිරීමට ගිය විශාල කලබලයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එදා විසදා ගැනීමට හැකිවිය.

    එම මොහොතේද එම වෘත්තීය අරගලය තුළ සැකකළ හැකි දේශපාලන කුණු ගොඩක් තිබුණි. සිතාමතා සැලසුම් කර තිබූ ප්‍රතිගාමී දේශපාලන වැඩපිළිවෙලක් තිබුණි. නමුත් එදා දොස්තර පාදෙණිය සමාජයට හෙළි නොවූ අතර වෛද්‍ය සංගමය අංශක 360 ක් ආපස්සට කරකවා එම උද්ඝෝෂණයෙන් ඉවත් විය.

    ReplyDelete
    Replies
    1. මා පුද්ගලික සේවයේ යෙදෙමි.. සියලු පුද්ගලික සේවා වලට ජය වේවා!
      GMOA එකට ජය වේවා!

      Delete
  17. ඉන්පසු කාලය තුළද විටින් විට වෛද්‍ය සංගමය විශාල දේශපාලන මැදිහත් වීමක් සිදුකරන බව පෙනෙන්ට තිබුණි. ඔවුන් දිගින් දිගටම ඔවුන්ට අදාළ නොවන දේශපාලන කාරණා ගෙන ඒමෙන් රජයේ කටයුතු වලට බාධා කරනු ලැබීය.

    මෙවරද සයිටම් ප්‍රශ්නය කේන්ද්‍ර කොට ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කැදවා රටේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතාකොට ආණ්ඩුවට දිගින් දිගටම තර්ජනය කළේය. එම වර්ජනයද මුලුමනින්ම අසාර්ථක වූ අතර විශාල සමාජ විරෝධයක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එල්ල විය.

    තත්ත්වය එසේ තිබියදී වුවද වෛද්‍ය පාදෙණිය ඉතාම දේශපාලනිකව හැසිරෙමින් ඔහුගේ රූකඩ නිලධාරීන් මාධ්‍ය ඉදිරියට යමින් ඔහු ඇග බේරා ගැනීමේ න්‍යාය පත්‍රයක නියැලෙන බවක් දැකිය හැකිය. මාගේ තක්සේරුව නම් මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරයකට තරග කළ නොහැකි තත්ත්වයක් තුළ ඝෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම ප්‍රතික්ෂේප කරද්දී ඔවුන්ගෙන් හිස්වන ඒකාබද්ධ විපක්ෂයේ විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ධූරය සදහා දොස්තර පාදෙණිය ඉව අල්ලන බවයි. රටේ සෑම ප්‍රදේශයකම, සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සිටිනා බැවින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට විස්සයි විස්සේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සිහිනය සාර්ථකව ඉටුකරගත හැකි බව මාගේ තක්සේරුවයි. ඒ සදහා සුභ පැතීමටද කැමැත්තෙමි.

    ReplyDelete
  18. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.

    මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය.

    වෛද්‍ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු.

    රට තුල නිරතුරුව පවත්වන වෛද්‍ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්‍ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ.

    මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්‍රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්‍ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

    1.0 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම්

    1.1. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්‍ය නලින්ද හේරත් මහතා, මාධ්‍ය ප්‍රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.3. මින් පෙර වෛද්‍ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද?

    1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද?

    මේ විමසුම් වලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු.


    2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම්

    2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්‍යානුකුල ද? නීත්‍යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද?

    2.2. නීත්‍යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්‍යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද?

    2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්‍යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද?

    2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්‍යා ළමා රෝහලෙන් පිටවන වෛද්‍යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්‍රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද?

    2.5. වෛද්‍යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්‍රයක පිටවීම සටහන් කරනවාද?

    2.6. වෛද්‍යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව යාන්ත්‍රණයක් තිබේද?

    2.7. වෛද්‍ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්‍රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද?

    2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද?

    මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු.

    ReplyDelete
    Replies
    1. මා පුද්ගලික සේවයේ යෙදෙමි.. සියලු පුද්ගලික සේවා වලට ජය වේවා!

      Delete
  19. ලුවැක් කෝපි ගැන අහලා ඔවැක් කියවුනා

    ReplyDelete
  20. ලුවැක් කෝපි ගැන අහලා ඔවැක් කියවුනා

    ReplyDelete
  21. අයිසේ සාරාස තුමෝ,

    මෙන්න මේක බලන්න,

    //වසර 1995 විතර කාලෙ මා හිටියෙ පදවි පරාක්‍රමපුර බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩ කරමිනුයි. අප සිටි ගුරු නිවාසය පිටුපස තිබුණේ පරාක්‍රමපුර ආරෝග්‍ය ශාලාව හෙවත් ගමේ ගොඩේ මිනිසුන් කියූ ආකාරයට ඩිස්පැන්සරියයි. එහි ප්‍රතිකාර කළේ ඇපොතිකරි, AMP (Assistant Medical Practitioner), සහකාර වෛද්‍ය නිලධාරි ආදී නම්වලින් කලින් කලට හැඳින්වුණ වෛද්‍යවරයෙකි. ඔහු අප මෙන් උසස් පෙළ සමත්, කලුතර ස්වස්ථතායතනය වැනි ආයතනයක වසර කීපයක පුහුණුව ලද වෘත්තිකයෙකු වන අතර මෙවැනි දුෂ්කර ග්‍රාමීය පෙදෙස්වල සෞඛ්‍යය ආරක්ෂා වුණේ මෙවැනි වෛදවරුන් නිසා ය. ඔවුන් කැපවීමෙන් වැඩ කළ හ. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් පාරක් ද කර ගත් හ. කලින් විද්‍යා ගුරුවරයකු වී සිට පසුව AMP ලෙස ඒ ඩිස්පැන්සරියේ වැඩ කළ දොස්තර මහත්තයා එක් මැලේරියා සීසන් එකකට පසු කිරි ටොයියා වගේ කාර් එකකින් ආවා මතක ය.

    එකල මුළු පදවිය ජනපදයට ම MBBS වෛද්‍යවරයකු සිටියේ පදවිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පමණි. මා එම ප්‍රදේශයේ වැඩ කළ මුල් කාලයේ එහි සිටි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මට මතක හැටියට ප්‍රසන්න අධිකාරි නම් විය. ඔහු සත්තකින් ම වෛද්‍යවරයකු පමණක් නොව ප්‍රදේශයේ නියම සමාජ නායකයෙක් වූයේ ය. යුද සමයේ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, අධිකරණ වෛද්‍ය නිලධාරි වැනි වගකීම්වලට අමතරව තවත් සමාජ වගකීම් රැසකට උර දුන්නේ ය. ඔහු ද පීපී පාරක් කර ගත් මුත්, එය එතරම් සරු එකක් යයි මම නො සිතමි. හේතුව, ඔහුට එයට අවශ්‍ය තරම් වෙලාවක් තිබුණේ නැත. //

    මේ ගැන තමුන්නැහේගේ අදහස මොකක්ද ඕයි?

    ReplyDelete
    Replies
    1. ඕක නෙවෙයි සීන් එක, ඊට පහළින් ලියපු මෙන්න මේ හරුපෙ;

      //ඒ කාලයේ හබරලා නමින් ප්‍රදේශයේ හැඳින්වුණ සර්පයා විසින් දෂ්ට කරනු ලැබීමෙන් විශාල මරණ ගණනක් සිදු විය. බොහෝ විට, රෝගියා ගිලන් රථයෙන් කිලෝමීටර් සීයක් දුරින් පිහිටි රෝහලට රැගෙන යන අතරමගදී සෙම හිර වීමෙන් මිය ගියේ ය. ඇතැම් රෝගීන් බේරා ගත්තේ මේ වෛද්‍යවරයා සෙම ඉවත් කරමින් ගිලන් රථයේ යමිනි. ඔහු ගැන හොඳ විස්තරයක් ඒ කාලයේත්, ඉන් පෙරත්, පසුත් පදවියේ රෝහල් කමිටුවේ ලේකම් වී සිටි, ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකුව සිට දැන් ඉතා නිහඬ දිවියක් ගත කරන, එහෙම නො සිටිය යුතු එච්.ඩී. පෙරේරාට නම් කළ හැකිව ඇති. //

      උග්‍ර විෂ සර්පයින් අතර ඇතැයි මේකා කියන මේ හබරලා මොකාද බන් සාරස මචන්? ඇපි නොදන්න අමුතු සර්පයෙක් ද?

      Delete
    2. @ Ano 5.04 AM

      ඔතන හබරලා කියල තියෙන්නේ මුදු කරවලා වෙන්න ඕනෙ. මුදු කරවලාව සමහර පලාත්වල ඊට අමතරව හක් කරවලා, පොළොන් කරවලා වගේ නම් වලිනුත් හඳුන්වනවා. නමුත් ඇත්තටම බහුලව "හබරලා" කියන්නෙ මද විෂක් ඇති ලේ මාපිලාට. සර්පයන් ගැන හරි හැටි නොදන්න සමහර මෙඩ ගැමියන් සම මෝඩ පාසැල් ගුරුවරු මෙන්ම මුග්ධ බ්ලොග්කරුවන් පවා මෙවැනි ගොන් කතා ලියන්නේ කිසි සොයාබැලීමකින් තොරව.

      Cont....

      Delete
    3. Cont....

      ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සර්ප විශේෂ 102 අතුරින් උග්‍ර විෂ සහිත වන්නේ සර්ප විශේෂ 21ක් පමණයි. උග්‍ර නොවන විෂ සහිත විශේෂයන් 5ක් ද, මද විෂ සහිත විශේෂ 12ක් ද වාර්තා වෙනවා. ඉතිරි විශේෂ 64 ම නිර්විෂ සර්ප විශේෂයන්.

      මෙම උග්‍ර විෂ සහිත සර්ප විශේෂයන් 21 න් 14 ක්ම සාගරවාසීන්. ඉතිරි විශේෂ හතෙනුත් දෙවර්ගයක් ශරීර ප්‍රමාණයෙන් කුඩා නිසා මනුෂ්‍යයින්ට හානි කිරීමට තරම් විෂ ප්‍රමාණයක් නිකුත් කිරීමට තරමක් අපොහොසත් කොරල් සර්පයින්. ඉතිරි විශේෂ පහෙන් වැලි පොළඟා (Echis carinatus) හමුවන්නේ වියළි හා ශුෂ්ක කලාපයන්ගෙන් පමණයි. මුදු කරවලා (Bungarus ceylonicus) සාමාන්‍යයෙන් විරල හා ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී නොවන සර්පයෙක්. එම නිසා, ශ්‍රී ලංකාවේදී සර්පයන් සපාකෑම මගින් සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ නයා, තෙල් කරවලා, සහ තිත් පොළඟා යන වර්ග 03 ආශ්‍රිතව සිදුවන සපා කෑම් හේතුවෙන්.

      Cont...

      Delete
    4. Cont...

      විෂ සහිත හා නිර්විෂ සර්පයින් වෙන්කර හඳුනාගැනීමේ දී පැන නගින ප්‍රධානම අභියෝගයක් තමයි, ඇතැම් නිර්විෂ සර්පයින් පෙනුමෙන් ඇතැම් විෂ සහිත සර්පයින්ට සමාන වීම (Mimicry). උදාහරණයක් වශයෙන් තෙල් කරවලුන්ට පෙනුමෙන් සමාන අළු රදනකයා, කබර රදනකයා, මල් රදනකයා ආදී නිර්විෂ සර්පයින්, තෙල් කරවලුන් බවට නිතර වරදවා හඳුනාගැනෙන නිසා එම සත්ත්වයින් නිකරුණේ මරණයට පත්කිරීම සිදුවනවා. මේ නිසා අඩුම තරමේ අපට බහුලවම හමුවන උග්‍රවිෂ සර්පයින් ත්‍රිත්වය නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට හුරුවීම මගින්, පාරිසරික සමතුලිතතාවට දායක වන අහිංසක සර්පයින් නිකරුණේ මරණයට පත්කිරීම වළක්වා ගැනීමට හැකියි.

      මේ උග්‍රවිෂ ත්‍රිත්වයෙන් මිනිස් වාසයන් ආසන්නයේ බහුලවම දක්නට ලැබෙන තෙල් කරවලා (Bungarus caeruleus) වෙනත් නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගැනීම පහසුයි. මොවුන්ගේ නිලට හුරු කළු පැහැ සමෙහි සිහින්, සුදු පැහැති හරස් තීරු දකින්න පුළුවන්. මේ තීරු වලිගය දෙසට පැතිරෙන විට අපැහැදිලි, හෝ පැතිරුණු ස්වභාවයක් පෙන්වන අතර, බඩවත සුදු පැහැතියි. මේ සුදු පැහැ හරස් තීරු ලාබාල කරවලුන්ගේ සමෙහි වඩාත්ම හොඳින් දැකගැනීමට හැකියි. තෙල් කරවලාගේ සමෙහි මෙම තීරු පිහිටන්නේ එක ළඟ තීරු දෙක බැගින් වන නමුත්, තෙල් කරවලුන් යැයි නිතර වරදවා වටහාගන්නා අළු රදනකයාගේ (Lycodon aulicus) සමෙහි සුදු තීරු පිහිටන්නේ සමදුරින්.

      දිගින් සෙන්ටිමීටර 25 – 140 අතර (දළ වශයෙන් අඩි 1 – 4.6 අතර) වන තෙල් කරවලාගේ කොඳු නාරටිය දිගටම, සිරුරේ අනෙක් කොරපොතු වලට වඩා සාපේෂව ප්‍රමාණයෙන් විශාල ෂඩාස්‍රාකාර කොරපොතු තීරුවක් පිහිටනවා. නමුත් වර්ණයෙන් දුඹුරට හුරු කළු පැහැයක් ගන්නා අළු රදනකයාත්, අඳුරු දුඹුරු/ කළු දුඹුරු පැහැ කබර රදනකයාත් (Lycodon striatus), ලා දුඹුරු පැහැ මල් රදනකයාත් (Lycodon osmanhilli) මෙම ලක්ෂණය නොපෙන්වනවා වාගේම, මොවුන්ගේ කොරපොතු සියල්ල හැඩයෙන් සමානයි. ඊට අමතරව, වැඩුණු තෙල් කරවලෙකු සාමාන්‍යයෙන් අඩි 3.5ක් පමණ දිගු වුණත්, අඩි 2 – 2.5කට වඩා දිගට වැඩුණු රදනකයෙක් දැකගැනීමට අපට හැකි වන්නේ කලතුරකින්.

      රදනකයන් වැනිම නිර්විෂ අහිංසක සර්ප විශේෂයක් වන පිඹුරනුත් බොහෝවිට මෙලෙස වරදවා හඳුනාගැනෙන සත්ත්ව කාණ්ඩයක්. පිඹුරන් බොහෝවිට වැලි පොළඟුන් හා තිත් පොළඟුන් ලෙස වරදවා හඳුනාගනු ලබනවා. පොළඟුන් හා පිඹුරන් වෙන්කර හඳුනාගැනීමේ පහසුම ක්‍රමය තමයි ඔවුන්ගේ හිසෙහි හැඩය නිරීක්ෂණය කිරීම. මොකද කියනවා නම්, පොළඟුන්ට පිඹුරන්ගේ මෙන් අක්‍රමවත්, වළකුළු හැඩැති හිසක් නොව, ක්‍රමවත්, ඕවලාකාර හිසක් පිහිටන නිසා. එසේම පොළඟුන්ගේ හොඹුව (snout) එල්ල වූ ස්වභාවයක් (pointed) ගන්නවා. පුහුණු වූ තැනැත්තෙකුට මෙම ලක්ෂණය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.

      මුදු කරවැලා (නැත්නම් ඔය කියන බකපඬියාගේ වචනයෙක් "හබරලා") එතරම් දෂ්ක කිරීම් වාර්තාවන සර්පයෙක් නෙවෙයි.

      කුණ කටුවා හෙවත් පොළොන් තෙලිස්සා (Hypnale hypnale) {මේ සතා උග්‍ර විෂ කිව්වම සර්පයෝ ගැන දන්නා අය අමුතුවෙන් බලන්න ඇති. ඇත්ත, මේ සතා අපේ රටේ උග්‍ර විෂ කියලා නම් කරපු සර්පයෙක් නෙවෙයි,} නමුත් දැන් ලංකාවේ වෛද්‍ය සංගමය පිලි අරගෙන තියෙනවා ඉහළ විෂක් සහිත සතෙක් කියලා. මෙතනට කුණ කටුවා දාන්න අනෙක් හේතුව තමයි උරග විශේෂඥ දිනාල් සමරසිංහ මහතාට අනුව ලංකාවේ වැඩිම සර්ප දෂ්ටන ගණනකට වග කියන්න ඕන මේ සතා වීම. මෙතැනදී කතා කරන්නේ භයානකම සර්පයන් පස් දෙනා නිසා ඒ වර්ගීකරණය සාධාරණයි කියලා හිතුවා. කුණකටුවා කියන්නේ “දෂ්ටන සංඛ්‍යාව ඉහළ නිසා වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් විෂ සහිත සර්පයෙක්”, ඒකට හේතුවත් වාර්ෂිකව වාර්තා වෙන අධික දෂ්ටන ප්‍රමාණයම තමයි.

      ලංකාවට සහ ඉන්දියාවට අවේණික කුණ කටුවා ප්‍රමාණයෙන් පොඩි සර්පයෙක්. අඩියක් එක හමාරක් තමයි උපරිම දිග වෙන්නේ. මූට තියෙන්නේ ඊතලයක් වගේ උල් ඔළුවක්; හොම්බ දිගයි. නිතරම ඉන්නේ දරණයක් ගහගෙන ඔළුව අංශක 45ට තියාගෙන. ඇඟෙන් පොඩි වුණත් මුගේ දළ දෙක සාපේක්ෂව දිගයි ඒ වගේම පහසුවෙන් ඇවිස්සෙන සුළුයි. මේ නිසා දෂ්ට කරන්න තියෙන ඉඩ හරිම වැඩියි. කුණකටුවන් බහුලව ඉන්නේ තෙත් කලාපයේ සහ කැලෑ බද ප්‍රදේශ වල. දිරා යන කොළ රොඩු ගොඩවල් අසල නිතර ගැවසෙනවා.

      සර්පයෙක් ඉස්සරහට හමු වුනොත් (මොන සතෙක් හමු වුණත් කලබල වෙන එක තමයි කරන්න තියන නරකම දේ. මේක සර්පයන්ටත් අදාලයි.) පුළුවන් තරම් මග ඇරලා යන එක තමයි සුදුසුම දේ. තමන්ගේ නිවසේ හරි ගෙවත්තේ හරි නෙවෙයි නම් උගේ පාඩුවේ ඉන්න දීල පැත්තකට යන්න.

      End...

      Delete
    5. // AnonymousMay 8, 2017 at 5:04 AM

      උග්‍ර විෂ සර්පයින් අතර ඇතැයි මේකා කියන මේ හබරලා මොකාද බන් සාරස මචන්? ඇපි නොදන්න අමුතු සර්පයෙක් ද? //

      වැදගත් ප්‍රශ්නයක් ඇහූ ගරු ඇනෝ තුමාට ඉස්තූතියි.

      Delete
    6. ස්තූතියි ඇනෝ, වටිනා විස්තරයක්. මා දන්න තරමින් සර්ප විෂ තිබෙන්නේ සර්පයින්ගේ හිසෙහි පිහිටා ඇති ඩුවනෝයි (Duvernoy gland) සහ වෙනම් (Venom gland) ග්‍රන්ථි මගින් නිපදවන ජලයේ ඝනත්වයට වඩා ඝනත්වයෙන් වැඩි එන්සයිම අඩංගු ප්‍රෝටීනමය ද්‍රාවණයකි. මෙම ග්‍රන්ථි වටා ඇති මස්පිඬු මිරිකීමෙන් විෂ, දළයන් වෙත විදීම සිදුවේ.

      ශ්‍රීලංකාවේ භෞමික හා ජලජ පරිසර වල ජීවත් වන සර්ප විශේෂ ගණන 96ක් වශයෙන් සලකන අතර නැවත බෙදා දක්වා ඇත.

      > උග්‍ර විෂ සහිත සර්පයින් විශේෂ - 20

      - අවට මුහුදේ ජලජව - 13 - පොදුවේ වාලක්කඩියන් ලෙස හදුන්වයි.

      - රට තුල භෞමිකව 7 - *නාගයා *තිත් පොළඟා *වැලි පොළඟා *තෙල් කරවලා *මුදු කරවලා *දෙපත් කළුවා *පොලොන් තෙලිස්සා (කුණකටුවා)

      > මද විෂ සහිත සර්පයින් විශේෂ - 3 - *පලා පොළඟා *මුකලන් තෙලිස්සා *කුඩා මුකලන් තෙලිස්සා

      > සුළු විෂ සහිත සර්පයින් විශේෂ - 12 - *ලේ මාපිලා *රෑන් මාපිලා *පඳුරු මාපිලා *නිදි මාපිලා *කහ මාපිලා *ඇහැටුල්ලා *හෙනකඳයා *කුණුදියකළුවා *පොල්මල් කරවලා *මල් කරවලා *දඟර දණ්ඩා *දිය නයා

      > නිර් විෂ සහිත සර්පයින් විශේෂ - 61

      (පිඹුරා විෂ සහිත සර්පයෙක් නොවන වග පැහැදිලිවම කිව යුතුය.)

      පරිසරයේ සමතුලිතතාවය රැක ගැනීම කෙරෙහි අනිවාර්යයෙන්ම සිටිය යුතු සත්ව කොට්ඨාශයක් ලෙස සර්පයන් සැලකිය හැක. පසුගිය දශකය තුල ලංකාව තුල *විශේෂ 2 ක් වඳ වී ගොස් ඇත. *විශේෂ 5 ක් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇත. *විශේෂ 41 ක් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙමින් ඇත. *විශේෂ 13 ක් දුර්ලභ තතත්වයට පත්ව ඇත.

      (මෙම තොරතුරු පසුගිය වර්ෂයේ සංඛ්‍යා ලේඛන වලට අනුව වෙනස් වී ඇති දැයි නොදනිමි.)

      Delete
    7. සර්ප දෂ්ඨනයක් සිදු වීමට හේතු

      *සර්පයා කුසගින්නේ සිටීම.

      *යම් පුද්ගලයෙකුගෙන් හිරිහැරයක් සිදුවීම.

      *සර්පයා තුල සිදුවන බිය වීම.

      *භාහිර බලපෑමක් හේතුවෙන් සර්පයා කෝපයට පත් වීම.

      සර්ප විෂ ශරීර ගත වීමත් සමඟ ඇතිවන පීඩා

      *අධික බය

      *අධික ලේ ගමනය

      *කම්පනය

      *වකුගඩු අකර්මන්‍ය වීම

      *හුස්ම ගැනීම අපහසු වීම

      *දිය පට්ටා ඇති වීම

      *පටක මිය යාම

      සර්ප දෂ්ඨනයෙන් වැළකීම සඳහා

      *කානු කැපීම, කැලෑ එලි කිරීම, කුඹුරු හේන් ආදියෙහි නෙලීම ආදී කාර්යයන් වලදී සැලකිලිමත් වීම.

      *කැලෑබද ප්‍රදේශ මග දෙපස තණබිම් වලින් ගමන් කිරීමේදී විමසිලිමත් වීම.

      *රාත්‍රී කාලයේ ගමන් කරන විට හොද ආලෝකයක් සහිත විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන යාම.

      *ගස් බෙන, හුඹස්, ගල් අතර ඇති විවර වලට ඇත දැමීමෙන් වැළකීම.

      *අඳුරු වෙලාවට දර එකතු කිරීමෙන් හෝ ගොඩ ගසා ඇති දර ගැනීමෙන් වැළකීම.

      *මැරුණු ආකාරයට ඇති සර්පයෙක් අත් පා වලින් ස්පර්ශ කිරීමට යාමෙන් වැළකීම.

      ප්‍රථමාධාර පිළිබඳව කිරියා දක්වා ඇත.

      සර්ප දෂ්ඨනයකදී නොකළ යුතු දේ

      *රෝගියා බය ගැන්වීම.

      *රෝගියා වෙහෙස කිරීම.

      *දෂ්ඨ මුඛය (තුවාලය සිදු වූ ස්ථානය) කැපීම.

      *දෂ්ඨ මුඛය පිළිස්සීම.

      *රෝගියාට මධ්‍යසාර පෙවීම.

      *ඇස්ප්‍රින් අඩංගු ඖෂධ දීමට යාම.

      Delete
    8. // AnonymousMay 8, 2017 at 5:17 AM //


      සර්පයන් ගැණ ඉතාම වටිනා ආලෝචනයක් ලිවීම ගැන ගරු ඇනෝ තුමාට ඉස්තූතියි...

      1992 දී පමන මාත් පොලොන්නරුවේ මලගෙදරකට සාබාගී වුනා... අපේ සමාන්තර පශු වෛද්ය ශිශ්‍ය සේපාල (පූසා) ගේ බාල සොහොයුරා මැරුනා හබරලියෙක් කාල කියලයි කීවේ!

      Delete
    9. සර්පයන් හා බැඳුනු සිතැඟියන් හා මිත්‍යා විශ්වාස කිහිපයක් කිරියා දක්වා ඇති අතර තව දුරටත්....

      සර්පයන් පිළිබඳව මිත්‍යා මත

      *පිඹුරාගේ වලිගය අග විෂ කටු දෙකක් ඇති වග. (එය අවශේෂ වූ පාද ලෙස සැලකේ.)

      *දෙපැත් නයාට හිස් දෙකක් ඇති වග. (හිස සිට වලිගය දක්වා ඒකාකාරව දිස්වීම නිසා.)

      *නාගයා මහලු වූ පසු පියාපත් ලැබී කොබෝනයින් වී පියාඹා යන වග.(විද්‍යාත්මකව සලකූ විට සර්පයින් Reptilia වර්ගයට අයත් වන අතර කුරුල්ලන් Aves වර්ගයට අයත් වේ.)

      *ලේ මාපිලුන් හත් දෙනෙක් පැමිණ ලේ උරා බොන වග. (මාපිලුන් තම පැටවුන් සමඟ ගොදුරු සෙවීමට යන නිසා එක අයෙකුට වැඩි ප්‍රමාණයක් ඒ ආසන්නයේ දැකගත හැකිය.)

      *නාගයෙකු දෂ්ඨ කල විට එම නාගයාම ගෙන්වා විෂ උරවීම කලයුතු වග. (මෙලෙස මන්ත්‍ර මගින් අතීතයේදී සිදු කරන ලදැයි පැවසෙන අතර එසේ කිරීම අත්‍යවශ්‍ය නොවේ.)

      *ඥාතීන් මිය ගිය පසු නාගයන් වී නිවසට ආරක්ෂාව දීමට පැමිණෙන වග. (අතීතයේ ලංකාවේ සිට ඇති නාග ගෝත්‍රය නාගයන් නොවන අතර නාග ලෙස හැදින්වූ මිනිස් ගෝත්‍රයක් පමණක් වේ. ඥාතින් කරන ලද කුසල් අකුසල් අනුව නාගයින් ලෙස හෝ වෙනත් ඕනෑම සත්වයෙකු වී උපත ලද හැක.)

      *ගොයම් මැස්සන් පොඩි වූ ගඳක් දැනෙයි නම් එතන පොළගෙකු සිටින වග. (පොළඟා වෙතින් එවැනි ගඳක් නොඑන අතර කුඩා මැස්සන්, ගොයම් මැස්සන්, කුරුමිණියන් පොළගුන්ගේ ආහාරය ලෙස ගන්නා නිසා එලෙස කියනවා විය හැක. නමුත් ගොයම් මැස්සන්ව හූනන් ද ආහාරයට ගනී.)

      *ගැරඩියා සපා කෑ විට මුහුදේ මඩද අහසේ තරුද ගෙන ආවොත් මිස නැති නම් සුව නොවන වග. (දවල් කෑවොත් මුහුදේ මඩ කොහොම වෙතත් අහසේ තරු නම් අනේ මන්දා)

      *දේවාල පන්සල් කෝවිල් ආදී පුජ්‍ය ස්ථාන වල සිටින නාගයින් නාග දෙවිවරු බැවින් ඔවුන් දෂ්ඨ නොකරන වග.(සර්පයින් කවර ස්ථානයක හිටියත් එම සතාගේ ආරක්ෂාව උදෙසා උපක්‍රමයක් ලෙස දෂ්ඨ කිරීම කල හැක.)

      Delete
    10. // AnonymousMay 8, 2017 at 6:16 AM //

      මේ සද්කාර්‍යයට සාබාගී වී සර්පයන් ගේ හැසිරීම, දශ්ඨනය හා කල නොකල යුතු දේ ගැන ගැණ ඉතාම වටිනා ආලෝචනයක් ලිවීම ගැන ගරු ඇනෝ තුමාට ඉස්තූතියි...

      Delete
    11. සර්ප දෂ්ඨනයක් සිදු වන ස්ථානය අනුව විෂ වැඩි වන බව හෙළ වෙද කමේ කවියෙන් මෙසේ දක්වා ඇත.

      සොහොනය තුඹස දේවාලය ගං තීරේ

      දෙවියන් වසන තැන ලිඳ ළඟ රුක් සිදුරේ

      හිස් ගෙය අවන්හල උයනය තණ පඳුරේ

      අසුභය සපුන් කෑ මංසල වනන්තරේ

      (පොත පත ඇසුරෙන්)

      Delete
    12. හබරලා/හබරලියා යනු "තෙල් කරවලා" මිස මුදු කරවලා හෝ ලේ මාපිලා නොවෙයි...
      ඌ තමයි ලංකාවේ ඉන්න දෙවෙනියට විෂ වැඩිම සර්පයා...
      මගමරුවා කියලත් කියනවා...

      Delete
  22. Replies
    1. කෝපි මොකටද බන් 2020 රාජිත දිනවන ලෝටස් මෙහෙයුම හරහා අපි වොද්කා නැත්නම් හොඳ විස්කි වලින් පීන පීන නාමු.

      - අජිත් ධර්මකීර්ති

      Delete
    2. // කල්‍යාණ මිත්‍රMay 8, 2017 at 4:52 AM

      එහ්.. කෝපි එපා උනා.. //

      එහෙනම් කෝපි බීම නවත්තලා මේක බොන්නකෝ...

      http://theplate.nationalgeographic.com/2015/03/30/ancient-alcoholic-drinks-unusual-starter-human-spit/

      Delete
    3. // AnonymousMay 8, 2017 at 5:38 AM

      කෝපි මොකටද බන් 2020 රාජිත දිනවන ලෝටස් මෙහෙයුම හරහා අපි වොද්කා නැත්නම් හොඳ විස්කි වලින් පීන පීන නාමු.

      - අජිත් ධර්මකීර්ති //

      ලෝටස් අජ්ජා රාජිතගේ මුදල් පෙට්ටියට විදීම...

      Delete
  23. අයිසේ සරාස් ලොක්කා,

    දෙදාස් විස්සෙ හරි චන්දෙ කල් දැම්මොත් විසිදෙකේ හරි අපේ සවුක්කිය ඇමැටි සේනක බිබිලේ සෙකන්ඩ් එඩිශන් තුමා ප්‍රෙසිඩොං පුටුවට පත්කොරන්න අජ්ජ අයියල ට්‍රයි කොරනව කියන්නෙ ඇත්තද බොල? බොගාල අතර මේ දවස් වල එහෙම පොඩි කසු කුසුවක් යනව, හොයල බලල පෝස්ටුවක් දාල දුප්පත් අපිවත් දැනුවත් කරපන්කො බන් සරාස් තුමෝ අඩෝ

    ReplyDelete
    Replies
    1. // AnonymousMay 8, 2017 at 5:50 AM

      අයිසේ සරාස් ලොක්කා,

      දෙදාස් විස්සෙ හරි චන්දෙ කල් දැම්මොත් විසිදෙකේ හරි අපේ සවුක්කිය ඇමැටි සේනක බිබිලේ සෙකන්ඩ් එඩිශන් තුමා ප්‍රෙසිඩොං පුටුවට පත්කොරන්න අජ්ජ අයියල ට්‍රයි කොරනව කියන්නෙ ඇත්තද බොල? බොගාල අතර මේ දවස් වල එහෙම පොඩි කසු කුසුවක් යනව, හොයල බලල පෝස්ටුවක් දාල දුප්පත් අපිවත් දැනුවත් කරපන්කො බන් සරාස් තුමෝ අඩෝ //


      ලෝටස් අජ්ජා අත තිබ්බොත් ඉතින් රාජිත අමාරුවෙන් දත් ගලෝලා ආන්ඩුවෙන් හොරකම් කරලා ගත්තු නැවු අටත් පිල්ලි ඇරලයි පස්ස බලන්නෙ හිටන්!!

      Delete
    2. සාරස ලොක්කා ඔය දන්න තරම තමයි.
      ලෝටස් අජ්ජා එච්චරම වැඩකාරයා නෙමේ. අජ්ජ ඔය කෙල හලන්නේ රාජිතගේ එයා මයිල් ටිකට.

      Delete
    3. Ajeet Dahmah is well known for ball polishing & ball ironing. Air miles are the secret code name used to cover this fucking shitty shamefully business.

      Delete
  24. Replies
    1. මිතිලයො උඹ නම වෙනස් කරගනිං '++++' කියල.

      Delete
    2. He he. Anyway thanks "වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු) for encouraging the bloggers with this plus points. Well done!

      Delete
    3. අනේ පලයන් යන්න ඌ 2 පන්තියට විතරයි ගිහින් තියෙන්නේ දන්නේ ධන රින විතරයි. එකයි එහෙම දාන්නේ.

      Delete
  25. සරස

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොරිය වන ගාන්ධනී විචිත‍්‍රා රාජපක්‍ෂ මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබේ.

    කොළඹ පුද්ගලික රෝහලකදී ඇය මෙසේ අභාවප‍්‍රාප්ත වන විට 58 වන වියේ පසුවිය.

    ඇයගේ දේහය මේ වන විට නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.

    සහෝදර සහෝරියන් 09 දෙනෙකු සිටින රාජපක්‍ෂ පවුලේ බාලම සාමාජිකාව සරස. යහපාලන නඩය රාජපක්ෂ සමාගම කිය කිය රට වටේ ගියාට සහෝදර සහෝදරියන් නමයක් අතරින් අපි දන්නෙ නම් හතරයි (චමල්, මහින්ද, බැසිල්,ගොඨා) ආරක්ශක ලේඛම් දූරය නොදැරුවානම් ඒ නම දන්නෙත් නෑ.

    නිවන් සැප ලැබේවා…!!!

    ReplyDelete
    Replies
    1. ඔය මැරුණ කියන කෙනාගේ තමයි දෙණියායේ මාලිගාව.

      මහින්ද රාජපක්ෂගේ බාල නැගනිය ගාන්ධිනි රාජපක්ෂට අයත් දෙනියාය නාතගල වත්තේ නම් අක්කර 40 ක ඉඩමක පිහිටි මේ මාලිගාව පොළවෙන් යටට මහල් 2ක් ද පොළොවෙන් මතුපිටට මහල් 3ක්ද වශයෙන් මහල් 4 කින් යුතුය. මේ ගැන පලමුවරට තොරතුරු හෙළි වූයේ2009 වසරේදී මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ ගවේශනාත්මක කටයුතක් හේතුවෙනි. මෙය එවකට ආන්දොලනාත්මක සිදුවීමක් විය.

      මාධ්‍යවේදීන් ගේ නිරීක්ෂණයට හසුවූ ආකාරයට ඒ වන විටත් ඉදිවෙමින් තුබු මේ භූගත මාළිගාවේ සුපිරි අංගෝපාංග වලින් සමන්විතව තිබිණි. එය කොළඹ ජනාධිපති මන්දිරයේ භුගත මාලිගාවට වඩා සුපිරි ලෙස සකස් කරමින් තුබු අතර ඊට හෙලිකොප්ටර් අංගනයකින්ද සමන්විත විය. මේ ගැන අණාවරණය වෙමෙන් පසුව හෙලිකොප්ටර් අංගනය ඉදිකිරීම් නතර වූවත් මන්දිරයේ අන් සියලු කටයුතු සම්පූර්න කළේය.


      මේ ඉදිකිරීම සඳහා යෝදා ගත්තේ රජය දෙපලය. හම්බන්තොට වරාය ඉදිකිරීම් සඳහා ගෙන ආ අමුද්‍රව්‍ය එම ඉදිකිරීම සඳහාද යොදා ගෙන තිබු අතර මඟ නැගුම ආයතය මඟින් ඒ දේවල් බලා කියා ගෙන තිබිණි. මේ රාජපක්ෂ පවුලේ ඉඩමක කළ ඉදිකිරීමකි. මේ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නැගනියගේ සැමියා වූ තුසිත රණවකය.

      Delete
    2. මහින්දගේ ලොකු අයියා චන්ද්‍රා රාජපක්ෂට පිස්සු. ඒ නිසා එයාව ඇමරිකාවේ නවත්තලා තියෙන්නේ මෙහෙට ගෙන්න ගන්නේ නැතුව. මොකද එහෙම උනොත් ඒක මරාගේ දේශපාලනයට බලපාන නිසා.

      Delete
    3. අන්ත දූෂිත මලපෙරේත කාලකණ්ණි මැදමුලන මෘගයායේ සක්කිලි වහල් බයියෙක් වෙනවට වඩා දාර පොන්නයෙක් වී රනිල් මැතිඳුන්ට පුක දී තනතුරු ගැනීම නම්බුකාරයි කියා කේශර සිංහයෙකු වන් මංගල මැතිදු පාර්ලිමේන්තුවේදි සිංහ නද නැගුවා සේම රාජපක්ෂ ගොන් හැත්තට කෙලවෙනවා ලඟදීම.

      Delete
    4. Ano 4.14

      උපුටා ගැනීමකි- ‍"රනිල් මැතිඳුන් ඉදිරියේ දිනක් සාගල මැතිඳුන්ගේ සරම කඩා වැටුනි..ඒ දුටු රනිල් මැතිඳුන්ගේ මුවින් නොදැනුවත් වම ෂා.. ගල යැයි කියවුනි..එතැන් පටන් ඔහු සාගල නම් විය..ඒ සමග එතැන සිටි මංගල මහතා සරම පහතට හෙලා මමත් ගලක් තමයි කීවේය..එතැන් සිට ඔහු මංගල වීය."

      Delete
    5. // කේශර සිංහයෙකු වන් මංගල මැතිදු පාර්ලිමේන්තුවේදි සිංහ නද නැගුවා සේම රාජපක්ෂ ගොන් හැත්තට කෙලවෙනවා ලඟදීම. //

      ඒ කෙසේ වෙතත් ඊයේ රෑ සොරිසේන එවූ මල්වඩමද සමග මලගෙදර පැමිනි මන්ගල මහින්ද මහත්තයා හා බැසිල් මහත්තයා සමග හරි හරියට කතා කරමින් කල් ගෙවූ බව දන්නෝ දනිති...

      Delete
    6. // උපුටා ගැනීමකි- ‍"රනිල් මැතිඳුන් ඉදිරියේ දිනක් සාගල මැතිඳුන්ගේ සරම කඩා වැටුනි..ඒ දුටු රනිල් මැතිඳුන්ගේ මුවින් නොදැනුවත් වම ෂා.. ගල යැයි කියවුනි..එතැන් පටන් ඔහු සාගල නම් විය..ඒ සමග එතැන සිටි මංගල මහතා සරම පහතට හෙලා මමත් ගලක් තමයි කීවේය..එතැන් සිට ඔහු මංගල වීය." //

      ගරු ඇණෝ තුමෝ... එතකොට සන්න්සගල???

      Delete
    7. ///දෙනියාය නාතගල වත්තේ නම් අක්කර 40 ක ඉඩමක පිහිටි මේ මාලිගාව පොළවෙන් යටට මහල් 2ක් ද පොළොවෙන් මතුපිටට මහල් 3ක්ද වශයෙන් මහල් 4 කින් යුතුය. ///

      මුන් වගේ ගොන්නු...
      යටට මහල් 2 යි උඩට මහල් 3 යි තියෙන බිල්ඩිම සම්පුර්ණයෙන් මහල් 4 ලු...
      මොංගලගේ මඩ බලකායේ එකෙක්ද කොහෙද...

      Delete
  26. සික් විතරක් කෝපිත් එපා උනා සාරස තුමෝ!

    ReplyDelete
    Replies
    1. කලවැද්දට ලැබෙන තැන ගැන කේන්ති ගියාද හිටන්?

      Delete