Tuesday, June 13, 2017

කුණු!


අරලිය ගහ මන්දිරය පසෙකින් ඇති කුණු කන්ද චායාරූප  .

 නිවැරදි කිරීමයි: මේ චායාරූප ගෙන ඇත්තේ විශ්ව චින්තන මහතා නොව හර්ශ මදුරන්ග ජයසේකර මැතිතුමා (c) ය. එම ප්‍රමාදදෝශය පෙන්වාදුන් ගරු කේ එච් අකලන්ක තුමා ට අප ගේ ස්තූතිය.



පෙර කිසිදා නොවූ විරූ කුණු ගොඩකින් කොලඹ නගරය හා තදාසන්න ප්‍රදේශ වැසී යමින් පවතී. 

එකල පැවති නිසි ක්‍රමවේදයකට පවාත්වගෙන යමින් තිබූ කුණු එකතු කිරීම හා බැහැර කිරීම මුලුමනින් ම අඩාල වී ඇති බව සැමටම පෙනී යයි. ඉහත චායාරූපයෙන් පෙනෙන්නේ අගමැති ඉන්නා අරලියගහ මැදුරේ පසෙක ගොඩගසා ඇති කුණු කන්ද ය. අහවල් එක පමනක් නොව නහයක් ද නොමැති හෝන්තුවක් අගමැති කර ගත් ලක්ස 62 ක මෝඩ තකතීරුවන් ට ගැලපෙන හාදයා ට තම දෙපා මුල කුණු එකතුවීම ගානක් වත් නැති පාට ය.

ඕලන්ද රෝහල් ගොඩනැගිල්ලේ පසෙකින් ඇති කුණු කන්ද චායාරූප (c) විශ්ව චින්තන මහතා.



මේ කොලඹ හන්දියේ ඕලන්ද රෝහල් ගොඩනැගිල්ලේ තත්වයයි. රුපියල් දහදාහක් පමන වියදම් කර කකුලු අමාත්‍යන්සයට ගොස් නහය වහගෙන කකුලුවන් කන්නට දැන් දේශීයයන්ට සහ විදේශීයයන් ට හැකියාව තිබේ.  


කුණු කලමනාකරණය කරනා පලාත් පාලන ආයතන විසුරුවා හැර මැතිවරණ පවත්වන්න බයෙන් නා නා ප්‍රකාර වැල් බයිලා ගායනා කරනා යහපාලන ගොබ්බසේනලා ට පින් සිදු වන්නට මහජනතාව වන අප කුණු වලින් ස්වයන්පෝශිත ව සිටිමු.


මේ කුණු කරදරය හා එයට සමගාමීව එන මැසි වසන්ගතය දරා ගත නොහැකි සිවිල් ජනතාව (අර හොර හරක් විජේසූරිය අනාචාර්ය තුමා නොව සැබෑ සිවිල් ජනතාව ) දැන් තම අසහනය සමාජ ජාලා වලින් එලි දැක්වීමට පටන් ගනිමින් තිබේ. මේ අසහන රැල්ල කැරැල්ලක් වීමට ඇති ඉඩකඩ බොහෝ ය! පහත තිබෙන්නේ Facebook හී පලවූවකි.
 
                                                          ලිලන්ත බෝදිවඩුගේ (c)


කුණු ටික වෙලාවට එකතුකරගෙන යන්නටවත් නොහැකි මේ පර යහපාලන ගොන් පාර්ට් මල්වට්ටියට අත ගැසූ දේශීය හා විදේශීය පඬිතුමන් ලා හා ගොන්වහන්සේලා නිශ්ශබ්දව සිටී. ඒ කාලේ පොඩ්ඩ බැරිවෙනකොට මහ හඬ නැගූ ව්‍යාජ සිවිල් සමාජ ක්‍රියාකරුවනි, හරක් විජේසූරිය වරුනි, පිරිමි හෙදියනි, වි අන්ඩොඩ වරුනි, දබර කොරන අමිල ම්හතුනි, මැරිච්ච සෝබිතවරුනි, දූසන සන්වර්දන පෙරමුනේ තෙන්නකෝන් වරුනි, විනිවිද නොපෙනන වැලිඅමුනවරුනි, දැන් තොපි වත් පාරට බැහැලා කුණු ඉවත් කරපල්ලා!!!
 

93 comments:

  1. ඔය ෆොටෝ එක කොළඹ නෙවෙයිනෙ බං අරලගංවිලනෙ.
    අර පේන්නෙ පිටිපස්සෙ සිරිපුර බස් එක.

    ReplyDelete
    Replies
    1. හෆොයි... සෝමපාල අල්යියා එලවන පදවි ශ්‍රී පුර බස්සෙක නේද?

      Delete
  2. සරස මේ රටේ දේශපාලනයේ මුලීක ලක්ෂණය වන්නේ භෞතික සම්පත් මත පදනම් වූ දේශපාලනයයි. එනම් බෝක්කු සෑදීම, පාරවල් හැදීම, කාණු දැමීම, කුණු ඉවත් කිරීම, ළමයි වඩාගැනීම, මලගෙවල්වල යෑම, වැනි කාරණාය. මේ රටේ ජනතාවවත්, දේශපාලඥයින්වත්, ප්‍රතිපත්ති සම්පාදනය මගින් තීරණාත්මක ප්‍රශ්න විසදිය හැකියැයි විශ්වාස කරන්නේ නැත. එබැවින් අනාගතය දෙස බලා කිසිවෙකුත් තීන්දු තීරණ ගැනීමට උත්සහ කරන්නේ නැත. මන්ද අනාගතය දෙස බලා ගන්නා තීන්දු තීරණවලින් මේ මොහොතේ මෙරට ජීවත්වන ජනතාවටවත්, සමාජයටවත් වාසියක් නොලැබෙන බැවිනි.

    එය මැතිවරණයකදී ඡන්දයක් බවට පත්කිරීමට ඇති අපහසුතාවය නිසාය. මීතොටමුල්ල හා ලංකාවේ කුණු ප්‍රශ්නය යනු එවැනි පැලැස්තර විසදුම් සඳහා පෙන්වාදිය හැකි හොදම උදාහරණයයි.

    ලංකාවේ කුණු කළමනාකරණය කරන විධිමත් ක්‍රමවේදයක් නොමැත. අප කුණු සම්බන්ධයෙන් කටයුතු කරනුයේ දැනට වසර 2500කට පෙර ලෝකයේ ජනතාව කුණු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයටමය. එනම් ජනාවාසවල එකතුවන කුණු, ජනාවාසයෙන් එපිට ස්ථානයකට ගෙනගොස් දැමීමයි. එමනිසා ශ්‍රී ලංකාවේ කුණු ඉවත්කිරීම පිළිබද දැණුම වසර 2500කට වඩා පැරණි දැණුමකි. ලෝකය කුණු කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ දුර ගොස් තිබේ. අප එයින් යමක් ඉගෙනගෙන තිබේ. ඒ කුණුවලින් මුදල් හම්බකරගත හැකි යැයි යන මිත්‍යාවයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිත්‍යාවකි. කුණුවලින් මුදල් උපයාගත නොහැක.

    ලංකාව වැනි රටක වෙළදාම ඉතා අපහසු කටයුත්තකි. මන්ද ශ්‍රී ලාංකික ජනතාවට මිලදීගැනීමේ පුරුද්ද අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අඩුය. ලංකාවේ වෙළෙන්දෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා විකුණන්නේ ඉතාම අපහසුවෙන්ය. ඉතින් එවන් රටක කුණු විකුණන්නේ කෙසේද? ලංකාවේ කසල කළමනාකරණ ක්ෂේත්‍රය දියුණු නොවූයේ කසල විකිණිය හැකියැයි තිබූ මෙම මිත්‍යා විශ්වාසය නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සිට ජාතික මට්ටමේ දේශපාලඥයින් දක්වා සියළුම දෙනා කසල සම්පතක් ලෙස දකින්නට පුරුදු වූ නිසාවෙන්, කසල කළමනාකරණය සදහා පැමිණි ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලීමට පුරුදු විය. එය එසේ මෙසේ මුදලක් නොව කෝටි ගණන් වටිනා මුදල්ය. එම නිසාම ලංකාවේ කසල කළමනාකරණයට මුදල් ආයෝජනය කිරීමට එම ක්ෂේත්‍රයේ කටයුතු කරන කිසිදු ජාත්‍යන්තර මට්ටමේ සමාගමක් එකග නොවේ. මන්ද කසල කළමනාකරණය කරන සමාගම් බලාපොරොත්තුවන්නේ කසල නොමිලේ ලබාගෙන ඒවා වෙන්කොට පසු නිෂ්පාදන හෝ බලශක්තිය නිපදවාගෙන ඒවා අලෙවිකොට මුදල් ඉපයීමටයි. එවැනි ව්‍යාපාරයකින් කසල සදහා මුදල් ඉල්ලූවිට ඔවුන් ආයෝජනය කරන්නේ නැත. මන්ද කසලවලට මුදල් ගෙවන්න සිදුවුවහොත් ඔවුන්ට ලාභ ලබාගත නොහැකි බැවිනි. එමනිසා අප සිතිය යුත්තේ කසල ගැටළුවෙන් ගැලවීමටනම් ප්‍රථමයෙන් කසලවලට මිලක් නොමැති බව අවබෝධකර ගැනීමයි. අප එසේ සිතන්නට පුරුදු වූ පසු කසල කළමනාකරණ සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙනු ඇත.

    ReplyDelete
  3. සාරස මේ රටේ දේශපාලනයේ මුලීක ලක්ෂණය වන්නේ භෞතික සම්පත් මත පදනම් වූ දේශපාලනයයි. එනම් බෝක්කු සෑදීම, පාරවල් හැදීම, කාණු දැමීම, කුණු ඉවත් කිරීම, ළමයි වඩාගැනීම, මලගෙවල්වල යෑම, වැනි කාරණාය. මේ රටේ ජනතාවවත්, දේශපාලඥයින්වත්, ප්‍රතිපත්ති සම්පාදනය මගින් තීරණාත්මක ප්‍රශ්න විසදිය හැකියැයි විශ්වාස කරන්නේ නැත. එබැවින් අනාගතය දෙස බලා කිසිවෙකුත් තීන්දු තීරණ ගැනීමට උත්සහ කරන්නේ නැත. මන්ද අනාගතය දෙස බලා ගන්නා තීන්දු තීරණවලින් මේ මොහොතේ මෙරට ජීවත්වන ජනතාවටවත්, සමාජයටවත් වාසියක් නොලැබෙන බැවිනි. එය මැතිවරණයකදී ඡන්දයක් බවට පත්කිරීමට ඇති අපහසුතාවය නිසාය. මීතොටමුල්ල හා ලංකාවේ කුණු ප්‍රශ්නය යනු එවැනි පැලැස්තර විසදුම් සඳහා පෙන්වාදිය හැකි හොදම උදාහරණයයි.

    ඇත්තටම සාරස ලංකාවේ කුණු කළමනාකරණය කරන විධිමත් ක්‍රමවේදයක් නොමැත. ලාංකික අප කුණු සම්බන්ධයෙන් කටයුතු කරනුයේ දැනට වසර 2500කට පෙර ලෝකයේ ජනතාව කුණු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයටමය. එනම් ජනාවාසවල එකතුවන කුණු, ජනාවාසයෙන් එපිට ස්ථානයකට ගෙනගොස් දැමීමයි. එමනිසා ශ්‍රී ලංකාවේ කුණු ඉවත්කිරීම පිළිබද දැණුම වසර 2500කට වඩා පැරණි දැණුමකි. ලෝකය කුණු කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ දුර ගොස් තිබේ. අප එයින් යමක් ඉගෙනගෙන තිබේ. ඒ කුණුවලින් මුදල් හම්බකරගත හැකි යැයි යන මිත්‍යාවයි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිත්‍යාවකි. කුණුවලින් මුදල් උපයාගත නොහැක.

    අනෙක් අතින් ලංකාව වැනි රටක වෙළදාම ඉතා අපහසු කටයුත්තකි. මන්ද ශ්‍රී ලාංකික ජනතාවට මිලදීගැනීමේ පුරුද්ද අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අඩුය. ලංකාවේ වෙළෙන්දෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා විකුණන්නේ ඉතාම අපහසුවෙන්ය. ඉතින් එවන් රටක කුණු විකුණන්නේ කෙසේද? ලංකාවේ කසල කළමනාකරණ ක්ෂේත්‍රය දියුණු නොවූයේ කසල විකිණිය හැකියැයි තිබූ මෙම මිත්‍යා විශ්වාසය නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සිට ජාතික මට්ටමේ දේශපාලඥයින් දක්වා සියළුම දෙනා කසල සම්පතක් ලෙස දකින්නට පුරුදු වූ නිසාවෙන්, කසල කළමනාකරණය සදහා පැමිණි ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලීමට පුරුදු විය. එය එසේ මෙසේ මුදලක් නොව කෝටි ගණන් වටිනා මුදල්ය. එම නිසාම ලංකාවේ කසල කළමනාකරණයට මුදල් ආයෝජනය කිරීමට එම ක්ෂේත්‍රයේ කටයුතු කරන කිසිදු ජාත්‍යන්තර මට්ටමේ සමාගමක් එකග නොවේ. මන්ද කසල කළමනාකරණය කරන සමාගම් බලාපොරොත්තුවන්නේ කසල නොමිලේ ලබාගෙන ඒවා වෙන්කොට පසු නිෂ්පාදන හෝ බලශක්තිය නිපදවාගෙන ඒවා අලෙවිකොට මුදල් ඉපයීමටයි. එවැනි ව්‍යාපාරයකින් කසල සදහා මුදල් ඉල්ලූවිට ඔවුන් ආයෝජනය කරන්නේ නැත. මන්ද කසලවලට මුදල් ගෙවන්න සිදුවුවහොත් ඔවුන්ට ලාභ ලබාගත නොහැකි බැවිනි. එමනිසා අප සිතිය යුත්තේ කසල ගැටළුවෙන් ගැලවීමටනම් ප්‍රථමයෙන් කසලවලට මිලක් නොමැති බව අවබෝධකර ගැනීමයි. අප එසේ සිතන්නට පුරුදු වූ පසු කසල කළමනාකරණ සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙනු ඇත.

    ReplyDelete
  4. සරස කුමාර, සාමාන්‍යයෙන් කසළ ප්‍රතිචක්‍රීකරණය කොටස් දෙකකට බෙදිය හැක.

    01. පොලිතින්, කාඩ්බෝඩ්, වීදුරු වැනි අපද්‍රව්‍ය ඊට අනුරූප ද්‍රව්‍යවලට පරිවර්තනය කිරීම (රීසයික්ලින්)

    02. බල ශක්තිය, කොම්පෝස්ට් පොහොර සහ ජීව වායු වැනි වෙනස් ස්වරූපයකට පරිවර්තනය කිරීම

    සරස දන්නවාද වෙනත් රටක බැහැර කරනු ලබන කැලිකසළ සිය රට වෙත ගෙන ගොස් බල ශක්තිය බවට පරිවර්තනය කිරීම යුරෝපයේ සිදුවෙන බව, අනම් රටේ නිවාසවලට අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රියාව යොදා ගනු ලබන්නේ රෝමයේ බැහැර කරනු ලබන කැලිකසළය.

    රෝමයේ සිට කැලිකසළ ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රිය මාර්ග ඔස්සේය. රෝමානුවන් සිය කසළ අර්බුදයට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති අතර ඕස්ට්‍රියාවේ වියානා නුවර ආසන්නයේ පිහිටි කසළ බල ශක්තිය බවට පත් කෙරෙන බලාගාරයක් සතුව අතිරේක ධාරිතාවක් පවතී.

    ඒ අනුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මේ වසරේ රෝමයේ නිවාසවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටොන් 70,000 ක් ඉවත් කිරීම සඳහා ඉතාලිය, EVණ් නමැති ඕස්ට්‍රියානු සමාගමට මුදල් ගෙවනු ලබයි.

    ඇල්ප්ස් කඳු වැටිය ඔස්සේ උතුරු දිග ඉතාලිය හරහා දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන අපද්‍රව්‍යවල අවසන් නැවතුම EVN ආයතනයට අයත් ඕස්ට්‍රියාවේ තාප කසළ බලාගාරයකි.
    සතියකට තුන් වරක්වත් දුම්රිය ඔස්සේ කසළ ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියක් තුළ ආසන්න වශයෙන් අපද්‍රව්‍ය ටොන් 700 ක්වත් අඩංගු වේ.

    එලෙස ප්‍රවාහනය කෙරෙන කැලිකසළ පුළුස්සනු ලබන අතර එමගින් වාෂ්ප උත්පාදනය කරනු ලබයි. එම වාෂ්ප අසල්වැසි බලාගාර වෙත යවනු ලබන අතර ඒවා විදුලි බලය බවට පරිවර්තනය කෙරෙයි. ඉන් ඕස්ට්‍රියාවේ ලෝවර් පළාතේ නිවාස එක්ලක්ෂ හැත්තෑ දහසකට විදුලිය ලබා දෙයි.
    රෝමයේ සිට ඕස්ට්‍රියාව දක්වා කිලෝමීටර 1000 ක දුරක් කසළ ප්‍රවාහනය කිරීමට සිදු වුවද එය, කසළ අංගන වෙත ගොඩ කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ගනු ලබන උත්සාහයේ එක් කොටසකි.

    කුණු කසළ, විදුලිය බවට හරවන EVN තාප කසළ බලාගාරයේ ප්‍රධානී ගර්නොට් ඇල්ෆොන්ස් පවසන පරිදි ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පරිසර හිතකාමී වන අතර එහි ප්‍රධාන සාධකය කසළ දුම්රියයි.

    "අනෙක් විකල්පය වන්නේ මේ කසළ අංගන වෙත ගොඩ කිරීම. එසේ කසළ ගොඩ කිරීමෙන් මීතේන් වායුව විශාල වශයෙන් මුදා හැරෙනවා" යනුවෙන් ඔහු පැවසීය. ලංකාවේ කසළ කළමනාකරණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද කියා සරස කුමාර යෝජනා කරන්න

    ReplyDelete
  5. ඇත්තටම සරස ලංකාවේ කසල කළමනාකරණය සදහා මට පෙනෙන හොදම විසදුම ඇත්තේ තම නිවෙස්වලම කසල ප්‍රතිචක්‍රීකරණය හෝ විනාශ කිරීමයි. මගේ යෝජනාව අනුව එය කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි. ශිෂ්ටාචාරය බිහිවූ දා සිට මිනිසුන්ගේ ජනාවාසවල බිහිවන අපද්‍රව්‍ය වර්ග කිහිපයක් තිබේ. එහි ප්‍රථම වර්ගයනම් ශරීරයෙන් පිටවන අපද්‍රව්‍යයි. ඒ පිළිබදව අපට හොද දැණුමක් තිබේ. අප විධිමත් වැසිකිලි, කැසිකිලි පාවිච්චි කරමින් ඒවා ඉතාම විධිමත්ව පිටකර තැන්පත් කරනු ලැබේ. එම අපද්‍රව්‍ය කිසිම කරදරයකින් තොරව පොළවට එකතුවේ. බීමට ගන්නා ජල මූලාශ්‍රවලට අඩි විසිපහකට වඩා ආසන්න නොවන තාක්කල් ලංකාවේ වැසිකිලි, කැසිකිලි පුරුදු හොද බව මගේ හැගීමයි.

    අනෙක් කාරණය වන්නේ අප භාවිතාකර ඉතිරී වූ කැලිකසලයි. ඒවා මූලික වශයෙන් වර්ග තුනක් තිබේ. එකක් වන්නේ දිරාපත්වන අපද්‍රව්‍යයි. අනෙක වන්නේ නොදිරන පොලිතීන් වැනි අපද්‍රව්‍යයි. තුන්වන කාරණය වන්නේ පත්තර, යකඩ, කඩදාසි වැනි නැවත් භාවිතාකළ හැකි මිලක් ඇති භාණ්ඩය. ශ්‍රී ලාංකික අපට විධිමත් කසල කළමනාකරණ ක්‍රමයක් තවමත් රට තුළ ගොඩනැගී නැති අතර එය ගොඩනැංවීමට එක්තරා කාලයක් ගතවන අතර ඒ සදහා වසරක් හෝ දෙකක් ගතවෙතැයි මාගේ තක්සේරුවයි. එතෙක් ශ්‍රී ලාංකික අප කළයුත්තේ අප නිවෙස් තුළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනයක් තබාගෙන සිටීමයි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන භාජනය තුළින් එළියට දුගදක් වහනය නොවේ. දිරන ද්‍රව්‍ය පමණක් අප එය තුළට දැමුවහොත් ගෙදර කුණු ප්‍රශ්නය 70% ක් විසදාගත හැකිය. නොදිරන ද්‍රව්‍ය ගිණිතබා විනාශකල යුතුය (තාවකාලිකව). නැවත් භාවිතාව සදහා විකුණාදැමිය හැකිය (ඒ සදහා වෙළදුන් නිවස අසලට පැමිණේ). මේ සදහා අවශ්‍ය දැනුම ඕනෑතරම් අප සමාජයේ තිබේ. අප ඉදිරි වසර දෙක තුළ මෙසේ ක්‍රියාත්මක වුවහොත් රටේ කුණු ප්‍රශ්නය අදාල අංශ සූදානම් වනතුරු විසදාගත හැකිය.

    හැබැයි සරස නිවස තුළ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන විසදුමේදී අප තවත් බරපතල ප්‍රශ්නයකට මුහුණදිය හැකිය. ඒ රට පුරා නිෂ්පාදනයකරන කොම්පෝස්ට් පොහොරවලට වෙළදපොලක් ලබාගැනීමයි. ඒ සදහා රටට හිතැති හොදම විසදුම රසායන පොහොර සීමාකිරීම හෝ තහනම්කිරීමයි. රසායන පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර භාවිතයට රටේ මිනිසුන් පෙළඹවීමයි. මෙය සුදුසු යැසි සරස ලිඛිත කයිවාරු බ්ලොග්කරුවා සිතනවාද?

    ReplyDelete
  6. කුණු ප්‍රශ්නය ගැන කියද්දි හුදෙක් "කුණු" වලටම නොබැන මේ ප්‍රශ්නෙට බලපාන වෙනත් සාධකයක් ගැනත් අප කිව යුතුයි සරස, දැනට වසර දහයකට පෙර රුපියල් 350 ට පොහොර ලබාදීමට ලංකාවේ ආණ්ඩුව තීරණය කිරීම නිසා රටටත්, සමාජයටත්, පරිසරයටත්, සිදුවූ හානිය එමගින් ලැබූ ආර්ථික ලාභයට වඩා දහස්ගුණයකින් වැඩි බව සමහර පරිසර අන්තවාදීන් චෝහනා කරනවා. එනම් රටේ රසායන පොහොර භාවිතය පසුගිය දශකය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහල ගියේය. එය ඊට පෙර දශකයට වඩා දහස්ගුණයකටත් වඩා වැඩි බවයි එම පරිසර අන්තවාදීන් කියන්නේ. එම පොහොර භාවිතයෙන් රටේ ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණයට ලක්ව ඇතැයි කියති. විශේෂයෙන් රජරට ජනතාවට වසංගතයක් ලෙස වකුගඩු ආබාධ ඇතිවිය. ඇල, දොල හා වැව්වල ජෛව විවිධත්වය විනාශවිය. ඇල, දොල, ගංගා, මිනිස් පරිභෝජනයට ගත නොහැකි තරම් තත්ත්වයකට පත්විය. මෙම හානිය අප අස්වැන්නෙන් ලබාගත් ආර්ථික ලාභයට වඩා ඉතා වැඩි බව මා දන්න පරිසර අන්තවාදීන්ගේ පෞද්ගලික හැගීමයි. එමනිසා රුපියල් 350 පොහොර සහනාධාරය කරලියට ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මාගේ දැඩි විරෝධය හා සාතිශය සංවේගය පලකිරීමට කැමැත්තෙමි.

    ඒ වගේම සරස අනිවාර්යයෙන් කිවයුත්තේ රටේ කසල කළමනාකරණය කිරීමට ගෘහ ඒකකවලට දැනුවත්කොට ගමේ ආර්ථික සංවර්ධන නිලධාරීන් හරහා එම කොම්පෝස්ට් පොහොර එකතුකොට ඒවා ගොවීන් අතර බෙදාහැර ජනතාවටත් ආදායමක් ඉපැයෙන ක්‍රමයක් සකස්කොට, රටේ රසායන පොහොර භාවිතයත් නවත්වා, කසල ප්‍රශ්නයත් විසදා, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ දැනුමෙන් ගමට සේවයක් ලබාගතහැකි විසදුමක් බව මාගේ හැගීමයි. මේ ගැන ඔබටත් යම් යෝජනාවක් සහ් සැලැස්මක් තිබේනම් සඳහන් කරන්න.

    ReplyDelete
  7. ඔතන කේස් එක වෙලා තියෙන්නෙ කුණු බැහැර කෙරෙන අංගන (උදා: මීතොටමුල්ල වැනී) තුළ තවදුරටත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීමයි. හැබැයි ඉතින් කුණු කසල අර්බුදයට හේතුව එය පමණක්ම නොවේ.

    ReplyDelete
    Replies
    1. රජයක් තියෙන්නේ එවැනි අවස්තාවල ඉදිරිපත්වෙලා අලුත් විසඳුම් දෙන්නයි ගරු ඇණෝ තුමෝ...

      Delete
  8. මෙන්න තවත් සීන් එකක්, ලිත්‍රො ගෑස් මිල ඉහල දැමීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරල කිලෝ ග‍්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 219කින් ඉහල දැමීමට යෝජනා කරලලු. ලිත්‍රො ගෑස් ලංකාවේ ගෑස් වෙළදපලෙන් 72%ක ඉල්ලූමක් සපුරයි. ඉස්සරහට ආණ්ඩුව තෙරණයක් ගනී. කෝකටත් සූදානමින් ඉන්න එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. කාගෙ කාගෙත් ගෑස් බැලීමට අපට සිදුව ඇත

      Delete
  9. මෙම කුණු කන්ද පිහිටා තිබෙන්නේ ඇමෙරිකානු තානාපති සහ ලොතරැයි මණ්ඩලය ඉදිරිපිටයි. විද්‍යානුකූලව ඇමතිකම් බෙදීම අනුව මෙහි වගකීම ඇත්තේ විදේශ හා ලොතරැයි ඇමති, හිටපු බැංකු හොරා කරුප්පයියාටයි.

    ReplyDelete
    Replies
    1. කරුපයියා බන්ගවේවා!

      :D

      Delete
  10. හැබැයි සරසෝ කොච්චර කෙල උනත් සමහර මොට්ට UNP කාරයො ඉන්නව තාමත් උන් ගෙ පූචානං කතා උද්දච්ච කං ගිහිල්ල නෑ. උදාහරණ, අජිත් ධර්මකීර්ති, අජිත් පැරකුම්, සිනුවර තට්ට රසික, රනිල්වාදී මාතලන්ල වගේම නෙලුම් යායේ යූඑන්පී කසලශෝධක කණ්ඩායම. තමන් ගෙ පක්‍ෂෙ ඉන්නෙ වැඩ බැරි මොට්ටපාලාලා බව අද ලංකාව නොවේ ලෝකෙම දැනගෙන හමාරයි. ඒත් මේ යූඑන්පී නෙලුම්යායේ කට්ටියට ලැජ්ජාවක් නැතිහැටි. ශික් !

    ReplyDelete
    Replies
    1. ආන් ඉන්දියාව සජිත් පුතාව අප් කරන්න ගේමක් සැට් කරනවය කියන්නේ...

      Delete
  11. හිටන් හුටං ගල් ආඳාගේ නුල් සුත්තර, මේවා දැකලා අහලා අර පැත්තෙන් බං හිනා යන්නේ

    ReplyDelete
    Replies
    1. තඹ කොලේක නම ලියලා මෑන්ස් ගේ පින්තූරේ ඇඳලා සොහොන් පිට්ටනියෙ දාලා... මෙවුවා සහගහන වැඩ හිටන්!

      Delete
  12. ස රසතුමා දැක්කද ගලිගමුව ප්‍රදේශයේ පැවැති උත්සව සභාවක් අමතමින්කුණුකසලවලින් විදුලිය නිපදවීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුනු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය සදහන් කර බව?

    කෙසේ නමුත් විදුලි නිෂ්පාදනය සදහා ඇති ප‍්‍රධාන බාධාවක් වන්නේ කසළවල ඇති තෙතමනය බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

    ReplyDelete
    Replies
    1. කසල වල ඇති තෙතමනය වත් එතුමන් ලාගේ හදවත් වල නැති එකයි කාරනේ...

      Delete
  13. දැන් සාරස කොළඹ නගර සීමාවේ කසල එකතු කිරීම දින නියමයකින් තොරව නවත්තල දාල තියෙන්නෙ. මීට හේතු වී ඇත්තේ ප‍්‍රතිචක‍්‍රිකරණය කල නොහැකි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් වූ ගැටුළුව විසදී නැති වීමයි. හැබැයි දැනට දොම්පෙ සනීපාරාක්‍ෂක කසල කසල අංගනයට කොළඹ නගරයේ ප‍්‍රතිචක‍්‍රිකරණය කල හැකි කසල ටොන් 04- 05ක් විතර දිනකට භාරගත්තත් ප‍්‍රතිචක‍්‍රිකරණය කල නොහැකි කසල එම ස්ථානයෙන් බාර නොගනී. ඉතින් සාරස මේ තත්වය මත කොලඹ නගරයේ බොහෝ ස්ථානයන්හි කසල විශාල වශයෙන් එක්රැස් වෙලා කියල හැමෝටම පේනවා. මෙක දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන අගමැහිතුමා කියන විදිහට අපි හැමෝම එකතුවෙලා විසඳිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ම අගමැතිතුමා ව කසල ගොඩට දැම්මාම ප්‍රශ්නේ ඉබේම විසඳෙයි හිටන්....

      Delete
  14. //මේ පර යහපාලන ගොන් පාර්ට් මල්වට්ටියට අත ගැසූ// present sir! :'(

    මටත් හිතිලා තියෙන්නේ පාරට බැහැලා කුණු එකතු කරන්න.. :/

    ReplyDelete
    Replies
    1. අද ප්‍රශ්ණ මොකුත් අහලා නෑ. ඒක නිසා උත්තර දෙන්න උවමනාවක් නෑ.

      - මීට
      (ලොවෙත් නැති) බ්ලොග් සංසදේ නියෝජිත
      (කල්‍යාණ මිත්‍ර) අන්දරේ

      Delete
    2. කල්‍යාණ මිත්‍ර,

      අන්දරේ මේ අහපන්
      ගොනා වගේ හිටපන්
      දෙන දේ කාපන්
      බොන දේ බීපන්

      ඒක නෙවෙයි.. අර දේසකයා කියන ගොබ්බ වාහේයි තව අර ඔසී ඉන්න තිසර නාකියා කියන හාදයනුත් දැන් සන්විදායක මන්ඩලේද ?

      Delete
    3. // කල්‍යාණ මිත්‍රJune 14, 2017 at 12:50 AM

      //මේ පර යහපාලන ගොන් පාර්ට් මල්වට්ටියට අත ගැසූ// present sir! :'(

      මටත් හිතිලා තියෙන්නේ පාරට බැහැලා කුණු එකතු කරන්න.. :/ //


      ස්වයන් විවේචන....

      Delete
  15. වෛද්‍යවරයෙකු වන සාරස දන්නවාද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත වැසි සමයත් සමග ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමත් වසංගත රෝග මර්දනය සදහා ක්‍රියාත්මක කිරීමට නියමිත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන ආරම්භ කර ඇති බව? ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවයි.

    2017 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 150 කි. තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන තුළ දී සෑම සතියකම සිකුරාදා දිනයන්හී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පැයක කාලයක් සිය පරිශ්‍ර පවිත්‍ර කළ යුතුය.

    පාසල් පද්ධතිය පවිත්‍ර කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් විසින් සිදු කළ යුතු වෙයි. නිවාස පරිශ්‍ර සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය.

    හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක 07 ක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කෙරේ. ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය යළි වැඩි විය හැකි බැවින් එය මර්දනය කිරීමෙි වැඩපිළිවෙළක් ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. මේ සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සැලසිම් කර ඇති අතර රජයට මේ සම්බන්ධයෙන් සහාය දක්වන "නෙලුම් යාය සමාජ සත්කාරක සේවා පදනම" මේ සම්බන්ධයෙන් දැනටමත් දෙස් විදෙස් ලාංකික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතන රැසකින් ආධාර එකති කිරීමට පටන් ගෙන ඇතැයි රාවයක් පවතී.
    නෙලුම් යාය සමාජ සත්කාරක සේවා පදනම මගින් මාග ඉන්ජිනේරින් ආයතනයේ සේවය කරන සේෆ්ටි ඔෆිසර්වරයකු ඇතුලු පිරිසක් මේ වෙනුවෙන් බ්ලූ වෝටර් ඇතුලු ඩිවෙලොපර්ලා, ඉදිකිරීම් කොන්ත්‍රාත්/ උපකොන්ත්‍රාත් ආයතන, භාන්ඩ සැපයුම් ආයතනවලින් මේ වනවිටත් මුදල් රැස්කොට ඇතැයි බ්ලොග්කරුවන් පවසති. මේවා සත්‍යද යන්න සොයා බලා බ්ලොග්කරුවන් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. කතාව නම් අමු බොරුවක්. මම විවෘතව හැම දෙයක්ම කරන්නේ. දේශ පාලකයෙකුට හෝ දෙන්නෙකුට බ්ලොගාල පාවල දෙන්න වත් මේකෙන් සල්ලි හොයන්න වත් මට අවශ්‍ය නැහැ. මට රැකියාවක් තිබෙනවා. ඒකෙන් ලැබෙන පඩියෙන් මට ජිවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ චෝදනා කරන අයගේ තියෙන්නේ එවැනි අභිප්‍රයක්. අනිත් හැමෝමත් තමන් වගේ කියල හිතනවා ඇති. ස්තූතියි

      අජිත් ධර්මකීර්ති හඬ නගා මේය කියන ලදී ........

      Delete
    2. අජිත් ඔයා???

      SLIT එකේ ඉගෙනගෙන මාට්ටු වෙච්චි ජෙප්පා වගේ දඟලන්නේ ඇයි මෙයා?

      Delete
    3. //රජයට මේ සම්බන්ධයෙන් සහාය දක්වන "නෙලුම් යාය සමාජ සත්කාරක සේවා පදනම" මේ සම්බන්ධයෙන් දැනටමත් දෙස් විදෙස් ලාංකික පරිත්‍යාගශීලීන්ගෙන් මෙන්ම ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතන රැසකින් ආධාර එකති කිරීමට පටන් ගෙන ඇතැයි රාවයක් පවතී.

      "නෙලුම් යාය සමාජ සත්කාරක සේවා පදනම" මගින් මාග ඉන්ජිනේරින් ආයතනයේ සේවය කරන සේෆ්ටි ඔෆිසර්වරයකු ඇතුලු පිරිසක් මේ වෙනුවෙන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ලා, ඉදිකිරීම් කොන්ත්‍රාත්/ උපකොන්ත්‍රාත් ආයතන, භාන්ඩ සැපයුම් ආයතනවලින් CSR කියමින් මේ වනවිටත් මුදල් රැස්කොට ඇතැයි බ්ලොග්කරුවන් පවසති. //

      මේවා සත්‍යද යන්න සොයා බලා බ්ලොග්කරුවන් දැනුවත් කරන මෙන් සාරසගෙන් ඉල්ලා සිටිමි.

      Delete
  16. කුණු ගොඩ උනාට මොකද මහින්ද එලෙව්වනේ

    ReplyDelete
    Replies
    1. රටේ විපතක් වූ අවස්ථාවක රජයේ නිලධාරින දක්වන දායකත්වය ඉතා පහල මට්ටමේ පැවතීමට ප්‍රධාන හේතුව දේශපාලන නායකත්වය විසින් දෙනු ලබන තීරණයන් ක්‍රියාත්මක කිරීමට ගොස් අනාගතයේදි FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හරහා රිමාන්ඩ් ගත වෙයි යන බිය නිසා එම නියෝග මගහැර යාමේ ප්‍රතිපත්තියකට රජයේ නිලධාරින් පැමිණ ඇති නිසා බව වාර්තා වෙයි.

      පසුගිය කාලයතුල රජයේ නිලධාරින් අති විශාල පිරිසක් FCID වෙත කැදවා ප්‍රශ්න කිරීම මෙන්ම අමාත්‍යාංශයවල හිටපු ලේකම්වරුන් කිහිප දෙනෙකුම මාස ගනනක් රිමාන්ඩ් ගත කොට තැබිම, හේතුවෙන් සමස්ථ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඉහළ සිට පහළට දේශපාලන නායකත්වය දෙන තීරණයන් සමහර අවස්ථාවන්වල ගනන් නොගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර බොහෝ අවස්ථාවන් වල ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම් පවා මග හැර තීරණයන් ගැනීමට නොහැකි කනිෂ්ඨ නිලධාරියකු එම රැස්වීමට සහභාගි කරවීම වනවිට පුරුද්දක් කරගෙන සිටී.

      පසුගිය කාලයේදී සිදු වු කොස්ගම ශාලව යුද හමුදාවේ අවි ගබඩාව පුපුරා යෑම නිසා මෙන්ම අරනායක සමසර කන්ද නායා යෑම නිසා ජනතාවට වූ දේපල හානිය වෙනුවෙන් තවම නිසියාකාරව වන්දි ගෙවා නැති බැව් එම ප්‍රදේශවාසින් විසින් අදාළ බලධාරීන් වෙත නිතරම පැමිණිලි කරයි.

      Delete
    2. // අටම්පහුරJune 14, 2017 at 1:16 AM

      කුණු ගොඩ උනාට මොකද මහින්ද එලෙව්වනේ //


      අපි ලඟදීම මහින්ද මහත්තයා එක්කන් එනවෝ!

      Delete
    3. මචං දන්ගොත්ස්,

      ///අපි ලඟදීම මහින්ද මහත්තයා එක්කන් එනවෝ!///

      මීනී පෙට්ටියක තැන්පත් කරලා.. මලබෙරකරුවන්, ඔහේ වගේ බූරු පාවඩ එලන්නන්, මල්වඩම් රැගෙන යන්නන් පෙරටු කරගත් පෙරහැරක, ඔහේ, මයුරවිල, කුදලාගම (හෆොයි එයත් දැන් වැට උඩ) ටින්ගොක්කා, පරණ ලොරිකාර මාරයා වගේ බූරු රැළක කරපිටින් වෙන්ටෑ එක්කන් එන්නෙ?

      දංගොත් තුමාට තවම නපුරු හීන පේනවා වගේ. මයින්ද මාත්තයගේ පින්තූරෙකට පානක් පත්තු කරලා පන්සිල් අරං දොයිය ගන්න බබෝ!

      Delete
  17. අයිසෙලා!

    මේ අහනවලා!

    කුනු අයින් කරන්ඩ පුලුවන්වෙන්නෙ මෙන්න මෙව්ව ටික මෙව්ව කරල ඉවර වුනාම !

    1. තොරතුරු දැනගැනීමේ පණත නිසිලෙස බලාත්මක මෙව්ව කිරීම
    2. අලුත් වියවස්තාව මෙව්ව කිරීම
    3. සංහිඳියාව මෙව්ව කිරීම
    4. බලය බෙදීම මෙව්ව කිරීම
    5. බුද්දහගමට එව්ව මෙවිව කිරීම
    6. පලාත් පාලන සීමා මෙව්ව කිරීම
    7. ඇමරිකාවෙ බකිංහැම් එකෙං ගෙනාපු අස්පයා සොයා ගැනීම
    8. ඇස් දෙකෙං දැක්ක ඩොලර් බිලියන් ගනන මෙව්ව කිරීම

    ඔව්ව ඔක්කොම මෙව්ව කොරල ඉවර වුන ගමං අපෙ මෙගාපොලිස් ඇමති තුමයි ප්රාදේසීය සංවර්දන ඇමති තුමයි ” සුටුස්” කියල ඔය කුනු ප්රස්නෙ මෙව්ව කොරල දායි.

    එතකං ඔය හමන ජීවන පුසුඹ ඉවසං ඉන්නවල. අයිසෙලා!

    අජිත් ධර්ම සර් ප්‍රමුඛ,

    නෙලුම් යායේ අපි !

    ReplyDelete
  18. සා රස

    ඉතාම අගනා ලිපියක්. ඔබ ගවේශනශීලීව දත්ත හසුරුවන බව පේනවා. ඔබගේ ලිපිවලින් ලොකු සේවයක් වෙනවා. මේව ගැන මීට වඩා සාකච්ඡාවට ලක් වෙන්න ඕන.

    මේ ශෛලියෙන් දිගටම අනාවරන කරන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගරු ඇනෝ තුමෝ....

      Delete
  19. අඩෝ සාරසා, 'ආයු බෝ වේවා මහරජාණෙනි' කියා මරාව රජාට අන්දා වන්හිභට්ට ගී ගැයූ සහේලි නගා අද විවාහ දිවියට ඇතුල් වෙනවා නේද බන්? මොකෝ සාරස මෝලා මේ ගැන කියන්නෙ? උදාර කියල හාදයෙක්ලුනේ බන් බඳින්නේ? සරසා වෙඩිමට ගියාවත්ද? මොකෝ සද්දෙ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. මගුලක් කල හදියක්....

      අනුර කුමාර දිසානායක ගේ ස්වයං චරිතාපදානය!

      Delete
  20. ආණ්ඩුවට බැණ බැණ නොඉඳ, සහයෝගය දෙමු !!
    යහපාලනය සුරකිමු !!
    අපේ කුණු අපි කමු !!

    ReplyDelete
    Replies
    1. හැමදාම UNP යට චන්දෙ දුන්න කොළඹ මිනිස්සු එකේ ප්‍රතිපල ලබමින් ඉන්නවා. අද යමපාලන ආණ්ඩුව හැමදේටම අසමත් වෙලා වගේ කොළඹ මහනගර සභාව අසමත් නාගරිකයන්ගේ අත්‍යවශ්‍ය මූලික දේවල් සපුරන්න. යමපාලනෙත් එකේ වගකීම වෙන කගේ හරි පිටපටවන්න අසර්ථක උත්සයක යෙදෙනවා. රටේ අනෙක් පළාත්පාලන ආයතන හැමදාම UNP යට නැතිව වෙන වෙන පක්ෂවල බලයට යටත් උනනිසා ඒවා මේ තරමින් හෝ බේරිලා තියනවා. හැමදාම UNP යට චන්දෙ දෙන මෝඩ මිනිස්සුන්ට මේක තමයි අන්තිමට ලැබෙන දේ.

      Delete
    2. අපෙ කුණු සිරිසේනට චන්දෙ දුන් ලක්ස 62 ට කවමු!

      Delete
    3. මේ නිදහසින් පසු ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුවයි. කිසිදු වැඩක් හරියාකාරව කරගන්නට බැරි, බොරු පුරාජේරුවලින් විතරක් දුවන මේ පාණ්ඩුව අසාර්ථකත්වය අතින් චන්ද්‍රිකාගේ ආණ්ඩුවද ගව් ගානකින් පරදනවා.
      රනිල් යටතේ එජාපය, අන්තිම අසාර්ථක පක්ෂයක් බවට පත්වෙලා. කොච්චර අසාර්ථක උනත්, රනිල් එජාපේ ගොඩ දායි කියල බලාගෙන ඉන්න ගොබ්බ සෙට් එකට අනුව වැරැද්ද රනිල් ගේ නෙවෙයි, රනිල්ට පාලනය කරන්න වෙලා තියෙන ජනතාවගේ.

      ඉතින් කුණු කාලා හරි රනිල්ට පාලනය කරන්න පුළුවන් ජනතාවක් වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ.

      Delete
    4. // ඉතින් කුණු කාලා හරි රනිල්ට පාලනය කරන්න පුළුවන් ජනතාවක් වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. //
      අපෙත් කරුමේ, රටෙත් කරුමේ ගරු අසන්ග තුමෝ...2020 වෙනකම් ඉවසමු!

      Delete
    5. සොරි, සොරි, මම නෙලුං අජිත් නෙවෙයි කිව්වට නෙලුං අජිත් තමයි, සිරිකොතේ UNP ගූ කප්පරක් කාපු අපි දිහා බල්ල බොලාත් අමාරුවෙන් හරි ටිකක් කාපියව්, මරාගෙ වහල් බයි හැත්ත.

      ඇයි අවුල්ද?

      නෙලුම් හොර ගුහාවේ චෞරාධිපති,

      "අජිත් ධර්මකීර්ති"

      වරලත් සූර චෞර
      නෙලුං යාය හොර ගුහාව

      Delete
  21. ඇත්තටම සාරසෝ මහ එවුන්ගෙ වැරදි නිසා නිකරුණේ පව් ගෙවන්නෙ අහිංසක දරුවො. බලපන් අජිත්ලා රසිකලා නෙලාගෙන තියෙන අස්වැන්න. මහා ලොකු පොරවල් විදිහට බ්ලොග් සම්මාන ලබාගෙන මව්පියන් ලෝකෙට පේන්න යාන වාහන, ලොකු රස්සාවල්, තාන්න මාන්න හරි ලොකුවට හිසේ තියාගෙන බ්ලොග් වල පොර ටෝක්ස් දීගෙන ලෝකයාව හිනස්සවනවා. ඒ අයගේ ඇතුළ ගත්තම අමු සොහොන්. අන්තිමට මල් කැකුළු වගේ පුන්චි දරුවෝ කොච්චර අපහාසයට ලක්වෙනවද?

    ලෝක තලයට සුපුන් කුසුමක් ලෙසින් ඉපදුන ද
    කුඩා වියේදීම දරදඬු වදනින් අවමන් ලද ඔබ
    නෙතට ගින්දර ගනු බැරිව හඬමින් කල් ගෙවන
    මක් කරන්නද විෂම බව පිරි මෙ කුහක සමාජය

    ReplyDelete
  22. කට්ටිය අජිත්ගෙයි රසිකගෙයි ළමයින්ට වයිෆ්ලට මේකෙ අමු කුණුහබ්බ කමෙන්ට් දාල මේ හදන්නේ සාරස මෝලාගේ බ්ලොග් එක තහනම් කරන්න, බ්ලොගර් වල තියෙන ලීගල් ප්‍රොවිශන්ස් සහ අලුත් යහපාලන සමාජ ජාලා නීති යොදාගෙන සාරස මෝලාට ළඟදිම බැස්ටිය හම්බවෙන බවට මෙන්න කැට.

    මේක ලියල තියාගනින් ගෙරි පාහර දං ගොතෝ, ඔන්න අපි නොකිව්වා කියන්න එපා. තොට වැඩිකල් මේ සෙල්ලම නටන්න නෙලුම් යායේ කට්ටිය ඉඩ තියන්නෙ නැතිබවත් හිතට ගනින්.

    ReplyDelete
    Replies
    1. // AnonymousJune 14, 2017 at 5:51 AM //

      ඔබේ අසනීපය උග්‍ර වී ඇත්තේ සුදුසුකම් ලද මනෝ වෛද්‍ය විසේසඥයෙක් ගෙන් බෙහෙත් නොගෙන මනෝ කිචිස්සකයෙකු ගෙන් ප්‍රතිකාර ගැනීමයි. වහාම සුදුසුකම් ලද මනෝ වෛද්‍ය විසේසඥයෙක් හමු වී බෙහෙත් ගන්න.

      සුවපත් වේවා!

      Delete
    2. සාරස දං ගොතෝ, මේක වැරදිලා දාපු රිප්ලයි එකක්ද බන්? අඩෝ මම කිව්වෙ වෙන්න යනදේ? ඇයි උඹ කියන්නෙ ඒක පිස්සු කතාවක් කියලද? අජියලා කියන්නෙ බලගතු දේශපාලකයෝ වගේම ඉන්ටපොල් රෙඩ් නෝටිස් සහතිකධාරී ජාත්‍යන්තර මට්ටමේ කූට වංචාකාරයෝ ආශ්‍රය කරන ලෝක අණ්ඩපාල කපටි රැලක් කියල දන්නෙ නැත්ද? ඕනම දෙයක් වෙන්න පුලුවන්, මතකනෙ මහ ලොකුවට හිතාගෙන හිටපු "මරා" මහරජාට වෙච්චි දේ? දැන් අමු කුජීතයි නේද? ඩෝන්ට් අන්ඩ-එස්ටිමේට් යුවර් එනිමීස් මිස්ටර් දං ගොතා මචන් , අන්තිමේ පසු තැවෙන්න වෙයි. ඒ නිසා හොඳම දේ මේ ලබ්බෙ කුනුහබ්බ කමෙන්ට් මකල දාන එක බව හිතට ගනින්.

      Delete
    3. // ඩෝන්ට් අන්ඩ-එස්ටිමේට් යුවර් එනිමීස් මිස්ටර් දං ගොතා මචන් , අන්තිමේ පසු තැවෙන්න වෙයි. ඒ නිසා හොඳම දේ මේ ලබ්බෙ කුනුහබ්බ කමෙන්ට් මකල දාන එක බව හිතට ගනින්. //

      එහෙමත් වෙන්න බැරි නැහැ.. ඒත් කොමෙන්ට් මැකීම කරන්නේ නැහැ.... මම කුණු හරුප ලියන්නෙත් නෑ.. මකන්නෙත් නෑ....

      Delete
  23. සරස මම මේ බ්ලොග් එකේ ලොකු දුර්වල කමක් දකිනව, කවුරැහරි කමෙන්ට් එකක් දැම්මම නැත්නම් වැදගත් ප්‍රශ්නයක් ඇහුවම අමු තිත්ත කුණුහබ්බ කමෙන්ට්, නැත්නම් මෙලෝ රහක් නැති මෝඩ ජෝක් කෑලි, බයිල, වෙනත් බ්ලොග්කරුවන්ව බයිට් කෙරිලි කරන පිස්සො රැලක් හරියට කොමන්ට් කරනව. වැදගත් මාතෘකාවක් ගැන තියෙන බ්ලොග් පෝස්ට්වල වත් විනයක් තබාගැනීම ගැන ඇඩ්මින් විදිහට සරස මීටවඩා සැලකිලිමත් උනොත් හොදයි කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, සරසතුමා ඇතුළු සියලුම පාඨකයන් වෙත,

      සාමාන්‍යයෙන් ජනප්‍රිය ෆිල්ම් වල ජෝක් කාරයෝ ගොන් මෝඩ පාට්, මොන්ගල් පාට් ඇට් කරන කොටස් අඩංගු වන්නේ රසාස්වාදනයට වගේම කතාවේ බෝරිං ගතිය මැකෙන්නත් එක්ක.... ඒ නිසා අශික්ෂිත අශීලාචාර හිරිකිත කම්න්ට් දැක්කම ඒවාට එච්චර තරහා ගන්න එපා..... කොමෙන්ට් බලන අතරතුර උපේක්ෂා සහගත බවත් ඉවසීමේ ප්‍රගුණතාවත් දියුණු කර ගැනීමටද එයින් හැකිවෙනවා... එය ධනාත්මකව ගන්න. මම හරි නේද සරසතුමෝ?

      Delete
    2. // AnonymousJune 14, 2017 at 6:57 AM //

      ගරු ඇනෝ තුමනි.... මම කිසිම කොමෙන්ටුවක් වාරන කිරීම හෝ මකා දැමීම නොකරන්න තීරණය කර හමාරයි.

      පුලුවන් කාලයක් අපි මෙහෙම මල්ලෙපොල් බ්ලොගේ ඇදගෙන යමු!

      Delete
    3. // AnonymousJune 14, 2017 at 7:07 AM

      ඇනෝ, සරසතුමා ඇතුළු සියලුම පාඨකයන් වෙත,

      සාමාන්‍යයෙන් ජනප්‍රිය ෆිල්ම් වල ජෝක් කාරයෝ ගොන් මෝඩ පාට්, මොන්ගල් පාට් ඇට් කරන කොටස් අඩංගු වන්නේ රසාස්වාදනයට වගේම කතාවේ බෝරිං ගතිය මැකෙන්නත් එක්ක.... ඒ නිසා අශික්ෂිත අශීලාචාර හිරිකිත කම්න්ට් දැක්කම ඒවාට එච්චර තරහා ගන්න එපා..... කොමෙන්ට් බලන අතරතුර උපේක්ෂා සහගත බවත් ඉවසීමේ ප්‍රගුණතාවත් දියුණු කර ගැනීමටද එයින් හැකිවෙනවා... එය ධනාත්මකව ගන්න. මම හරි නේද සරසතුමෝ? //

      හරි ද කියලත් අහනවා...

      ඔබ තුමා හරියටම හරි ගරු ඇනෝ තුමෝ!

      Delete
  24. මෙහෙමයි සාරස,

    මමනම් හිතන්නේ ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ තියෙන නගර හා ග්‍රාම නිර්මාණය, ඒවායේ කළමණාකරණය ආදී ප්‍රශ්න නිසා කියායි. හිටපු ආරක්ෂක/ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය මහතාත් වත්මන් මෙගාපොලිස් ඇමති චම්පික මහතාත් ප්‍රමුඛ නිලධාරීන් මේ වෙනුවෙන් සෑහෙන වෙහෙස වී වැඩ කලා. ක්‍රමවත් ලෙස ගොඩනගා මනාව පාලනය වන නගරයක අයාලේ යන සතුන් දක්නට නොලැබේ. හරකුන්ට ද බල්ලන්ට ද අයිතිකරුවන් ඇත. මිනිසුන් වැටී මිය යන විවෘත කානු එහි නැත. එහි වාහන විනයානුකූලව පැදවේ. බොහෝ දෙනා පොදු ප්‍රවාහනය භාවිතා කරන අතර පොදු ප්‍රවාහන සේවා උසස් මට්ටමක ඇත. ඒවා කාල සටහනකට ක්‍රියාත්මක වේ. පැදගෙන යන බයිසිකල් සඳහා වෙනම මං තීරු ඇති අතර ඒවා භාවිතා කරන අය ගණනින් ඉහළ ය.

    ක්‍රමවත් නගරයක මාර්ග අවහිර වනසේ හිගා කෑම ද උද්ඝෝෂණයේ යෙදීම ද නීතියෙන් තහනම් අතර ඒ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කෙරේ. මාර්ග නීති තදින් ක්‍රියාත්මක වන අතර පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ යන්නේ ගහන දඩ ප්‍රමාණය අනුව නොව අඩුවන අනතුරු සංඛ්‍යාව මත නිසා පොලීසියේ අවධානය අනතුරු අඩු කිරීමට මාරු වී තිබේ.

    නගර හා ග්‍රාම නිර්මාණ සැලසුම් විශේෂඥැයන් නම් කියන්නේ ලංකාවේ නගර කියා ජාතියක් නැතැයි කියා ය. ඒ අර්ථකථනයට අනුව තියෙන්නේ ටිකක් එක විදිහකට සකස් වූ ගම් ය.

    දිනපතා හරක් පට්ටි පිටින් අයාලයේ යන, හිටි හැටියේ උන් මහ පාරවල් පවා හරස් කරමින් පැදකුණු කරන තැනකට නගරයක් කියා කීම අමාරු බව එක් අතකින් ඇත්ත ය. ඒත් ඒ ඉතින් අපේ අභිමානවත් ශ්‍රීලාන්කේය නගරයේ හැටි ය. ඇත්තටම අපට බලන්නට තියෙන්නේ මෙහි හොඳ පැත්ත ය. ඒ කියන්නේ පයට පෑගෙන්නේ නැති නම් ගොම එකතු කර පොහොර ලෙස භාවිතා කිරීමේ අමතර වාසියක් තියෙනවා යන කාරණය හරක් ගැන අඳෝනා නගන අප විසින් බරපතළ වාසියක් හැටියට ගත යුතු බව ය.

    සාරස පිළිගන්නවාද අයිතිකාරයින් නැති අයාලයේ යන බල්ලන්ගෙන් නම් නගර වල අඩුවක් ඇත්තේ ම නැති බව? ඒ අතරින් මිනිසුන් හපා කන බල්ලෝ ද හපා නොකෑවත් බුරන බල්ලෝ ද සිටිති. උන් එකෙක් දෙන්නෙක් හපා කෑවාට එන්නත් කරවා ගැනීමට සායන තියෙන නිසා එහෙමට ආබාධයක් ද නැත. ජල භීතිකාව තරම් ම උත්සන්න විය හැකි බලු භීතිකාවට උපේක්ෂාවෙන් ජීවත් වීමට හැකි ලෙස ජනයා මේ ලක් නගර විසින් පුහුණු කෙරේ. ඒ නිසා ම මේ බලු රැල නඩත්තු කරන, උන්ට කෑම ගෙනත් දැමීම දෛනික ජීවිතයේ පුරුද්දක් කරගත්, දයාබර උපාසක උපාසිකාවෝ ද මේ නගර අරා සිටිති. කෑම හැරෙන්නට උන්ට ලැබෙන වෙන දෙයක් නැතත් අපේ රටේ බල්ලකුට ඒ හැටි දෙයක් අවශ්‍ය වන්නේ ද නැති නිසා එහි ද ගාණක් නැත.

    ReplyDelete
  25. සාරසට මතක ඇති අලි මදිවට හරක් කීවේ ඉස්සර ය. දැන් කියන්න වෙන්නේ බල්ලන් හරකුන් මදිවාට වඳුරන් හා රිළවුන් ද ඉන්නා බවකි. උන් උළු කැටයක් ඉතිරි කරන්නේ නැත. ගහක ඵලයක් තබා කොලයක් නටුවක්වත් තියන්නේ නැත. එහෙම බැලුවහම වනසතුන් බැලීමට කැලයට යාමට අපේ රටේ නගර වැසියන්ට සිදු වන්නේ නැත. ඒ අතින් ද අප වාසනාවන්ත ය.

    ලංකාවේ අක්‍රමවත්මේ නගරවල කප්පරක් සත්තු අතර මිනිස්සු ද වෙසෙති. සත්තුන්ට තියෙන හරසර දයාව නැතිව ම උහුහු එහි ජීවත් වෙති.

    ඉතින් මේ ලාංකීය නගරයේ ඇති කාණුවල නොවැටී සතුන්ගේ දයාව ද ලැබ වාහනයක නොහැපී ගමන් කරන්නට තරම් බොහෝ දෙනෙක් පින් කර ඇති නිසා කාණු වසා නොදැමේ. සතුන් ආම්බාන් නොකෙරේ. වාහන, ඒ ගැන නම් වෙනම කතා කළ යුතු ය.

    අපේ පොලීසියට දඩ ගැසීම සඳහා පමණක් පාර කෙලින් තියෙන තනි ඉර හෝ දෙඉර තියෙන තැන්වල අල්ලා ගැනීමට කටයුතු යොදා ඇති නිසා වාහන සම්බන්ධයෙන් පාලනයක් නැතැයි ම කිව නොහැකි ය. විනය රකින රියැදුරෙකුට පාරේ වාහනය පැදවීම අතිශයින් අමාරු කරමින් බඹ දහයෙන් දහයට පදිකයන්ට මාරු වීමට කහ ඉරි (දැන් නම් සමහර තැන්වල සුදු ඉරි) ඇතත් බොහෝ රියැදුරන් ඒවා තඹයකට ගණන් ගන්නේ නැත. ඒ නිසා ම වැඩිම රිය අනතුරු සිදු වන්නේ මේ පදික මාරුවලදී වීම ද පුදුමයකට කරුණක් නොවේ.

    සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී පොදු භාණ්ඩයක් හඳුන්වාදීමට උදාහරණයට බොහෝ විට ගන්නේ වීදී ලාම්පු ය. වීදී ලාම්පුවක් සැපයීමෙන් ආදායමක් ඉපදවීම අමාරු ය. ඒ නිසා පෞද්ගලික අංශය එවැනි දේට ආයෝජනය කරන්නේ නැත. විදි ලාම්පු රජයෙන් හෝ නගර සභාව වැනි ආයතනයකින් සැපයෙන්නේ ඒ නිසා ය. අපේ දේශපාලන අග නගරය වන ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේවත් ප්‍රධාන මංමාවත්වල තවම වීදි ලාම්පු හරි හමන් විදිහට නැත. ඒ පුද්ගලික කඩ සාප්පු මිසක් හරිහමන් නගර සභාවක් නැති නිසා ය. පාරවල්වල දිවෙන වාහන හා තිබෙන කඩ සාප්පුවල ලාම්පු නිසා ඒවා අවශ්‍ය නැතැයි සිතුවා වෙන්නට ද පුළුවන. සමහර අතුරු පාර වල මේ ලාම්පු කණු ඇතත් බොහෝ තැන්වල ඒවායේ දැල්වෙන බල්බ නැත. ධනාත්මකව බලා අප කළ යුත්තේ දැල්වෙන බල්බ නැතිකමගැන දුක්වනවා වෙනුවට අඩුම වශයෙන් ලාම්පුකණුවත් තිබීම ගැන සතුටු වීම ය.

    ලංකාවේ නගරයේ පාරවල් තියෙන්නේ නගර සභික මහත්තුරුන්ට කොන්ත්‍රාත් කරන්නට ය. ඒ නිසාම දෝ ඒවා හදන්නේ කැඩෙන්න බලාගෙන ය. එසේ පාරක් අබලන් වුණාම කරන්නේ එය හැදීම නොවේ. බස් ධාවනය නැවැත්වීම ය. එහෙම බැලුවහම දඩ දෙකකි. ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින උපහරණය ගමට ය. පාර කැඩුණහම බස් එකත් සෙත්තපෝච්චි වන උදාහරණය නගරයට ය.

    ReplyDelete
  26. දැන් අපි සාරසගේ මාතෘකාවට එමු. ගෙවල්වල එකතු වන කුණු තියෙන්නේ නගර සභා සේවකයන්ට හිතුණහම ගෙනියන්න ය. ඔවුන්ට හිතුණ දාට හොඳ ය. නැත්නම් නුවරු අනාථ ය. එහෙම අනාථ වෙන මිනිසුන් කරන්නේ තමන්ගේ කුණු වෙනත් තැනක ගොඩ ගැසීම ය. ඒ තැන අවට අය, ඒ කටයුත්ත නිසා අතරමං වන අය, කරන්නේ පළමුව බෝඩ් ගැහීම ය. කුණු දමන අය බල්ලන් ලෙස සැලකෙන බව ද දැම්මොත් දඩුවම ලෙස අහවල් එක ලැබෙන බව ද ඒවායින් කියවෙතත් ඒවා මිනිසුන් ගණන් ගන්නේ නැත. ගණන් ගත්තත් කරන්නට දෙයක් ද මිනිසුන්ට නැත. එහෙම අර්බුදයකට ගිය කුණු ප්‍රශ්නවලට මිනිසුන් විසඳුම් සොයන්නේ බුදු පිළිම ගෙනත් සිටවීමෙනි. නැතිනම් සුරුවමක් ඉදිකිරීමෙනි. එහෙම බැලුවහම අවසානයේ කුණු ප්‍රශ්න විසඳන්න සිදුවන්නේත් බුදුන්ට ය. නැතිනම් ජේසුස්ට ය.

    නගර ආශ්‍රිතව කාක්කන් විසින් පැල කරන ලද, මිනිසුන් විසින් වන්දනා මාන කරන, බෝගස් තිබේ. ඒවා කපා දමන්නට කවුරුවත් ඉදිරිපත් නොවේ. බැරිවෙලාවත් ඉදිරිපත් වුවහොත් ඒවා ආරක්ෂා කරන්නට, එසේ ඉවත් කරන්නට හදන වුන් මරාගෙන මැරෙන්නට, ඉදිරිපත් වන අය සිය ගණනින් මේ නගරවල වෙසෙති. ඒ නිසා අපේ නගර මේ මට්ටමේ පැවතීම ගැන අප පුදුම විය යුතු නැත.

    කොළඹට කිරි ගමට කැකිරි වූයේ ඊයේ ය. පස්සේ කොළඹ නැති ඒවා පවා ගමේ දී ඇති විය. කඳු නාය යෑම මෙසේ කොළඹට නොලැබී ගමට ලැබුණු එක් දයාදයකි. නගරයට එයින් අඩුපාඩුවක් වෙන්නට අපේ නගර සභා ඉඩ දුන්නේ නැත. නාය යන කුණු කඳු හදා ඔවුහු නගරයට ද ඒ සම අවස්ථාව ලබා දුන්නේ ය.ගමත් නගරයත් අතර තිබූ පැහැදිලි වෙනසක් මෙසේ අවසාන වුණේ ය.

    නගරයක් යැයි කීවාට නාට්‍යයක් සංගීත සන්දර්ශනයක් හෝ වෙනයම් සංස්කෘතික කටයුත්තක් නොමැතිව කොළඹ පවා ගෙවෙන සති අන්ත අපමණ ය. ඒ අතින් මෙය නගරයක් කීවාට සංස්කෘතික කාන්තාරයකි. එක අතකට ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය හා දේශීය රජකතා බලන අපට එහෙමට කියා වෙනත් බඩකඩුත්තුවක් ඕනෑ නැත.

    ඒක එහෙම වුණාට නගරයක් කියා කිසිදු පැකිලීමකින් තොරව කිව හැකි එක සාධකයකින් එය පොහොසත් ය. ඒ අතෝරක් නැතිව ඇදෙන වාහන පේලිය ය. ඇදෙනවා යැයි කීවාට සමහර වෙලාවට ඒ පේලිය තියෙන්නේ හිටවලා ය. සමහරු නම් කියන්නේ ඒ පාරේ මාර්ග එළි සංඥා තිබුණ ද ඒවා කවුරුන් හෝ නිවා දමන නිසා කියා ය. සමහර විට ඒ වාහන ගමනාගමනය, නූතන විදුලි ලාම්පුවලින් නොව, වඩාත් කාර්යක්ෂම දියුණු පොලිස්කාරයන් අතින් පාලනය විය යුතු යැයි නගර පාලකයින් කල්පනා කරන නිසා ය. ඒ අතින් අපි බොහෝ දියුණු රටවලට වඩා දියුණු ය. අපි ලයිට් තියාගෙන, ඒවා නිවාගෙන, අප දන්නා සාස්තරයෙන් වාහන ගමනාගමනය පාලනය කරමින් ඉන්නෙමු. ඒ අපේ නගරවල තියෙන කප්පරක් ආශ්චර්යන්ගෙන් තවත් එකක් පමණ ය.

    හැම මාර්ග එළි සංඥා ළගම සිඟන්නෝ ගැවසෙති. ඒ පොලිස් කාරයින්ට විතරක් ලයිට් නැති ව වාහන පාලනය කළ නොහැකි නිසා විය හැකි ය. මේ නිසා නගර වැසියන්ට පන්සල් නොගොහින්ම පිනක් දහමක් කර ගැනීමට ද මගක් පෑදී තිබේ. කොහොමටත් පමා වෙන එකේ තව ටිකක් පමා වුණහම කිම දැයි සිතන්නේ හිඟන්නන් පමණක් නොවේ. උන් ගැන වගේ වගක් නැතිව ඉන්නා නගර පාලකයන් ද පොලීසිය ද සිතන්නේ එහෙම ය.

    හිඟන්නන්ගෙන් වෙන යම් අඩුපාඩුවක් තිබේ නම් එය පිරිමැසීමට දැන් අලුතින් ඉදිරිපත් වී ඇති පිරිසකි. ඒ කප්පරක් උද්ඝෝෂණවල නියැලෙන උද්ඝෝෂණකරුවන් ය. උද්ඝෝෂණයක සාර්ථකත්වය මැනෙන්නේ ඒ නිසා ඇතිවන වාහන තදබදය අනුව ය. ඒ නිසා ඔවුහු, සිය පිරිස කෙතරම් කුඩා වුව ද, වාහන තදබදය උපරිමයට ඇති කිරීමට වග බලා ගනිති.

    නගරයේ ධාවනය වන බස් තිබේ. ඒ වුනාට සමහර බස්තියන්ලා බස් තියන් පයින් යන්නේ පයින් ඊට වඩා ඉක්මනට යා හැකි නිසා ය. රථ ගාය තියෙන අයට යන්නට රථයක් නැත්නම් ත්‍රී වීලර් තිබේ. ඒ නිසා දැන් ඇත්තටම නගරයකට බස් අවශ්‍ය ද යන ප්‍රශ්නය කෙනෙකුට නැගිය හැකි ය. හැම වැඩක් ම හෙමින් කිරීමට දක්ෂ අප කුමක් නිසා ප්‍රවාහනයේ පමණක් වේගය අපේක්ෂා කරන්නේ ද යන ප්‍රශ්නය තවත් කෙනෙකුට නැඟිය හැකි ය. ඒවාට උත්තර දන්නා කෙනෙක් නම් නැත.

    ටිකක් හයියෙන් වැස්සොත් මහාමාර්ග වාරිමාර්ග වෙන අතර ගෙවල් වැව් බවට පත් වන්නේ ගමත් නගරයත් අතර යම් හෝ වෙනසක් ඉතිරිව ඇත්නම් එය ද නැති කරලමින් ය. ඒ වතුර බැස යන තැන්වල ඉදිකිරීම් කර ඇති නිසා ය. නගර සභාව ඉන්නේ ඒවා නැවැත්වීමට නොවේ. එවැනි ඉදිකිරීම් කරන්නන්ගෙන් නොමනා ගාස්තු අය කර සාක්කුවට දමා ගැනීමට ය. කිසි දෙයක් අනවසරයෙන් ඉදිකරන්නට බැරි ය. ඒ වුණාට තියෙන්නේ ම අනවසර ඉඳිකිරීම් ය. අනවසර කිව්වාට හොඳට හොයලා බැලුවොත් ඒවාට අවසර දිය නොහැකි නමුත් ලැබී තිබෙන බව දැනගන්නට ලැබෙනු ඇත.

    ReplyDelete
  27. දැන් බලන්න සාරස පදික වේදිකාවේ වෙළෙන්දෝ වෙළඳම් කරන අතර මිනිස්සු මහා පාරේ ඇවිදින නිසා වාහනවලට එහා මෙහා වෙන්නට අමාරු ය.

    මොන අඩුපාඩු තිබුණත් ව්‍යායාම සඳහා ඇවිදින්නට නම් මං තීරු නම් විවර ව තිබේ. ඒවා අසල භූමිය ද අලංකාර ය. වැව් පොකුණුවලින් යුක්ත ය. විදී ලාම්පුවලින් එළිය වෙලා ය. නගරයක ලක්ෂණයක් ලෙස ඒවා තිබීම ගැන නගර වැසියන් දැන් ඉන්නේ අතිශයින් ආඩම්බරව ය. ඒ මිනිස්සුන්ට එහෙමවත් එකක් ලැබීම ගැන පසුගිය රාජපක්ෂ රජයටත් ගෝඨාභය මහතා ප්‍රමුඛ රජයේ වෘත්තිකයින්, නිළධාරීඑන්ටත් අපේ ප්‍රණාමය හිමිවේ.

    තවමත් ලංකාවේ නගරාශ්‍රිත කෑම කඩ හා හෝටල් පිරී ඇත්තේ ආනයනික ඇමරිකන් පිටි ගුළිවලිනි. වත්මන් රජය ආනයනික පාන්පිටි බදු අඩුකර ඊට හොඳ වෙලඳපොලක් තනාදුන්න්නා. චිකන් බන් වල චිකන් හැර වෙනත් බොහෝ දේ තිබේ. මාලු පාන්වල මාලු හැරුණු විට තව බොහෝ දේ තිබේ. එසේ වුව ද ඒ හැම එකකම වැඩි පුරම ඇත්තේ පිටි ය. පිටි ළඟට එන අනිත් නොවරදින අංගය තෙල් ය. බෝඩ් එක ගමේ බත් කඩේ වුණාට ඇතුළට ගියාම ලැබෙන්නේ ෆ්රයිඩ් රයිස් හා බුරියානි ය. නැතිනම් ලාංකීය ස්පෙෂල් එක වන කොත්තු ය. ඒ කියන්නේ තෙල් සහ කෘතිම අජිනමොටෝ අහුරුයය.

    ඉතින් සාරස ඒ නිසා ම අප කලින් කී ඇවිදින මං තීරු මිනිසුන්ට කාපු පිටි ගුළි හා තෙල් ඉවත් කර ගන්නට ලැබෙන අනගි මාවත් වී තිබේ. එහෙම එකක්වත් තිබුණේ නැත්නම් මේ නගර වැසියන් වැඩි දෙනෙක් මැරෙන්නේ දිය වැඩියාවෙනි. ඉතින් අපි සරසගේ ස්වාමි වූ රාජපක්ෂ මහත්වරුන්ට අප ඒ ගැන කෘතඥවිය යුතු බව නම් පිළිගනිමු.

    ReplyDelete
  28. දැන් අපි ක්‍රමවත්ව සැලසුම් කල නගරයක්, වඩාත් අනාගතගාමී වෙනවානම් සුහුරු නගර (ස්මාට් සිටී) ගැන බලමු. ඒබඳු නගරවල අයාලේ යන සතුන් අවම ය. හරකුන්ට ද බල්ලන්ට ද අයිතිකරුවන් ඇත. මිනිසුන් වැටී මිය යන විවෘත කානු එහි නැත. එහි වාහන විනයානුකූලව පැදවේ. බොහෝ දෙනා පොදු ප්‍රවාහනය භාවිතා කරන අතර පොදු ප්‍රවාහන සේවා උසස් මට්ටමක ඇත. ඒවා කාල සටහනකට ක්‍රියාත්මක වේ. පැදගෙන යන බයිසිකල් සඳහා වෙනම මං තීරු ඇති අතර ඒවා භාවිතා කරන අය ගණනින් ඉහළ ය.

    ප්‍රධාන මාර්ග අවහිර වනසේ හිගා කෑම ද උද්ඝෝෂණයේ යෙදීම ද නීතියෙන් තහනම් අතර ඒ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කෙරේ. මාර්ග නීති තදින් ක්‍රියාත්මක වන අතර පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ යන්නේ ගහන දඩ ප්‍රමාණය අනුව නොව අඩුවන අනතුරු සංඛ්‍යාව මත නිසා පොලීසියේ අවධානය අනතුරු අඩු කිරීමට මාරු වී තිබේ. පොලීසිය වෙනුවට ස්වයංක්‍රීය සංඥා එළි පද්ධතියකින් වාහන පාලනය වේ.

    නාගරිකයන් විසින් ඉවත දමන කුණු වර්ගීකරණය කර ප්‍රතිචක්‍රීය කරණය කෙරේ. කුණු සම්පතක් ලෙස භාවිතා කරන කර්මාන්ත ගණනාවක් බිහි වී ඇත. අහස සූරන මැදුරු තිබෙන අතර ඒවා නිසා නගරයේ ඉඩම් බොහෝමයක් උද්‍යාන සඳහා වෙන්කර ගෙන ඇත. විවිධ වර්ගයේ ආපනශාලා ඇති අතර පිටි සංස්කෘතියෙන් ඉවත්ව ඇති ඒවායින් සමබර ආහාර වේලක් ලබා ගත හැකි ය.

    ක්‍රමවත් නගරවල හොඳින් සැලසුම් කල නාළික ලෙස තැනූ කාණු (නල ) පද්ධතියකින් සමන්විත ය. විදුලි බල රැහැන්, දුරකථන රැහැන් හා ජලය සපයන නළ පොළොව යට ඉදිකර ඇති පොදු උමගයක ස්ථාන ගත කර ඇති නිසා උඩින් අදින රැහැන් නැති අතර නිතර පාරවල් කැඩීමට ද නිරන්තරයෙන් සිදුවන විදුලි බිඳවැටීම් හා දුරකථන සබඳතා බිඳ වැටීම් ඒ නිසා සිදු නොවේ.

    ක්‍රමවත් නගරයක අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කර තිබේ. නිසි ලෙස සොයා නොබලා අවසර ලබා දුන් නිලධාරීන් සේවයෙන් පහ කරන දැඩි නීති නිසාත් ඔවුන්ගේ කටයුතු නියාමනයකට ලක් කර ඇති නිසාත් නිසි ඉදිකිරීම්වලට ඉඩත් සෙසු ඒවාට තහංචිත් වැටී තිබේ. පාරවලට බාධාවන ගස් ද අනවසර ඉදිකිරීම් මෙන් ම ඉවත් කර ඇති නිසා හිරිහැරයක් නැතිව වාහන එහා මෙහා යයි. හිටි හැටියේ පාරට යාබදව ඉදිවන ආගමික “කඩ“ වලට ඉඩ නොමැති නිසා ද පදික වේදිකාවේ වෙළඳාම් නොකරන නිසා ද පදිකයන් පදික වේදිකාවට සීමාව ගමන් කරන හේතුවෙන් වාහන ගමනාගමනය පහසු වී තිබේ.

    නාගරික මාර්ගවල අඩුපාඩු නිම කිරීමේ වගකීම පාර නිමවන කොන්ත්‍රාත්කරුට නිශ්චිත කාලයකට (මේන්ටෙනන්ස්/ ඩිෆෙක්ට් ලයබිලිටි පීරියඩ් සහ මේන්ටෙනන්ස් කන්ට්‍රැක්ට්ස් තුළින්) පවරා ඇති නිසා තවදුරටත් ගුණාත්මක බවින් අඩු පාරවල් නිම නොවේ.

    ReplyDelete
  29. ඉතින් සාරස එසේ ක්‍රමවත් ලෙස නිර්මිත අප පතන සිහින නගරයේ රාත්‍රියේ ද කලබල බවක් උසුලයි. ඒ විවිධ සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක වන නිසා ය. ඒ නිසා ම එය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ද නිතර පිරී ඇත්තේ ය. ඇවිදින සිනාසෙන විනෝදවන මිනිසුන්ගේ නගරයක් බවට අවසානයේ එය පත් වනු නිසැකය. ඉතින් සාරස ඇතුළු නුවණති, උගත් වියත් නැණවත් විචක්ෂණශීලී පාඨක භවතුන්ගේ යෝජනා මොනවාද? අප එබඳු ක්‍රමවත් නගරයක් ඇතිකිරීමට සමාජ දේශපාලනික වශයෙන් කළ යුතු කාර්යය කුමක්දැයි පවසන්නට ඔබට පුළුවන්ද?

    ReplyDelete
  30. මෙතන කොම්මේන්ටු දමන උදවියගෙන් කී දෙනෙක් තමන්ගේ ගෙදරින් බැහැරකරන අපද්‍රව්‍ය අඩුකරන්න බලනවද? පායන කාලයට බලන්න කොච්චර waste water පාරට එනවද කියල. හැමෝම දක්ෂයි පවතින හෝ පෙර ආණ්ඩු වලට බනින්න තමන්ට පුවුවන් දේ ක‍රන්නේ නැතුව. අපේ පළාතට කුණු ටැක්ටරය සතියකට එන වර ගණන අඩුයි. ඉතින් අපි බොහෝ දේවල් reduce reuse recycle සිලි සිලි / ප්ලාස්ටික් බැග් අඩුකරා. කොම්පෝස්ට් බින් එකට කුස්සියේ දේවල් සහ වත්තේ වැටෙන කොළ. මාළු සහ මස් සුද්දකරලා ගේන්නේ. තියෙන්නේ පෙර්චස් දහයි කොහොම හරි අටවාගෙන යනවා.

    ReplyDelete
  31. සරස...වයි දිස් කලවරි....අපරාදේ මේ බ්ලොග්ස් මේ තත්වෙට වැටෙන්න දෙන්න එපා. මේවා තාමත් කියවන එවුන් ගොඩ බැහැලා යන තැන්. සාරස මේ අනින්න බලන් ඉන්න එවුන්ට වලං කඩ හදන්න එපා. උන් බොහොමයක් මානසික ලෙඩ්ඩු. පදනමක් නැති පදනම් තුල බිහිවෙන්නේ ලෙඩ්ඩු. ඔහොම බලං ඉන්න..මම හිතපු දේවල් එකින් එක සිද්ධවෙනවා. නෙළුම් යායවල් පුප්පනවාට වඩා ප්‍රායෝගිකයි පිපෙන තැනක විලක් වෙන එක. තෙරුනාද මන්දා...

    ReplyDelete
    Replies
    1. කියුවට අහන එකක් යැ

      Delete
    2. මේ කුණුහරප මනෝවිකාරි පාදඩ කොමෙන්ට්ස් දමන්නේ සරස අපහසු තාවයට පත්කිරීමට හා එමගින් කොමෙන්ට්ස් මොඩරේට් කිරීමට හෝ බ්ලොගය වසා දැමීමට මගපාදා ගැනීමට උත්සාහ කරන අම්මා අප්පා උනත් විකුනං කන තුච්ච UNP සක්කිලි විසින් බව පැහැදිලිය. රට ආගාධයට ගෙන යන UNP පාදඩ වේස බල්ලන්ට , ප්‍රා ඇට මිරිකන පල් හොරුන්ට , උන්ගේ මස්කටු ලොවින බලු ගැත්තරයන්ට , නපුංසක තට්ට කුලහීන සමාජ වයිරි මනපහතයන්ට , හොර ඩොකාලාට මේ බ්ලොගය වහ බව අප සියල්ලන්ම දනිමු.

      අරුණට දුක හිති ඇත්තේ එමගින් ජාගර පාහර UNP මානසිකත්වයේ පුකත්වය එළිපිට ඕජස් ගලමින් ගලායාම බලං සිටීමට නොහැකි වී බව පැහැදිලිය.

      පෙර අනෝවෙකුත් කියා ඇති සහ පැරකුම් තම බ්ලොගයේ තම පවුල සම්බන්ධ පොස්ට් දමා කුණුහරප කොමෙන්ට්ස් දැමීමට ආරාධනා කර , පාටකයන් එය නොකළ තැන තමන්ම කුණුහරප කොමෙන්ටු දමා ඒවා උත්කර්ශවත් කිරීමේ පරිසරයක් තුල .. පරිදි මේ කොමෙන්ට්ස් දමන්නේ රසික සහ අජිති වීමට විශාල සම්භාවිතාවක් ඇති බව නොකිවමනාය. UNP නපුංසක පාදඩයන්ට එය සුළු දෙයකි. කොමෙන්ට්ස් මොඩරේට් කිරීමට "සානුකම්පිකව" උපදෙස් දෙන පුඟුලන් සානුකම්පිකව යටිං ගේම ගසනා ජනේලෙන් පුක දෙන UNP හිකනලුන් සහ නෙලුම්යයේ පල්හොර ගැන්සියේ සාමාජිකයන් වීමෙන් එහි යටි අරමුණු තවත් පැහැදිලි වේ.

      කොමෙන්ට්ස් නොකැපිමේ සරස ගේ ස්ථාවරය සහ එමගින් UNP බලු මිනිසුන්ට බඩ ගොස්තරය වෙනුවෙන් තුච්චත්වයේ යාහැකි දුර අපට අවබෝධ කර ගැනීමට පහසුකම් සැලසීම මගින් කරන සේවයට ගරු කරනෙමු.

      Delete
    3. // Aruna PereraJune 14, 2017 at 10:11 AM

      සරස...වයි දිස් කලවරි....අපරාදේ මේ බ්ලොග්ස් මේ තත්වෙට වැටෙන්න දෙන්න එපා. මේවා තාමත් කියවන එවුන් ගොඩ බැහැලා යන තැන්. සාරස මේ අනින්න බලන් ඉන්න එවුන්ට වලං කඩ හදන්න එපා. උන් බොහොමයක් මානසික ලෙඩ්ඩු. පදනමක් නැති පදනම් තුල බිහිවෙන්නේ ලෙඩ්ඩු. ඔහොම බලං ඉන්න..මම හිතපු දේවල් එකින් එක සිද්ධවෙනවා. නෙළුම් යායවල් පුප්පනවාට වඩා ප්‍රායෝගිකයි පිපෙන තැනක විලක් වෙන එක. තෙරුනාද මන්දා... //



      මොනා කරන්නද අරුණ ලොක්කා මේ සරණ කිවුවට අහන එකෙක් යෑ...

      කස්ටිය නෙලුම් යායවල් සිල්ලරට යූ එන් පී එකට විකුනනවා අපටත් පෙනේ....

      Delete
    4. // මහසොහොන් පිල්ලියJune 14, 2017 at 3:35 PM



      කොමෙන්ට්ස් නොකැපිමේ සරස ගේ ස්ථාවරය සහ එමගින් UNP බලු මිනිසුන්ට බඩ ගොස්තරය වෙනුවෙන් තුච්චත්වයේ යාහැකි දුර අපට අවබෝධ කර ගැනීමට පහසුකම් සැලසීම මගින් කරන සේවයට ගරු කරනෙමු. //


      සියලුම කොමෙන්ට් නොකැපීමේ තීරණයට ජය වේවා!

      Delete
  32. පැවති ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටට අහිමි වූ GSP+ සහනය නැවත ලැබෙන විට එය අහිමිවීමට සෘජුවම වගකිවයුතු පාර්ශ්වවලට හොඳටම රිදී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. GSP+ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවයි. ඉදිරි වසර 4 ක කාලය සඳහා GSP+ බදු සහනය ලැබීම අනිවාර්ය බවත් ඒ සම්බන්ධයෙන් වෛරයෙන් පසුවන හිටපු ජනාධිපතිවරයා කිසිවිටෙකත් ආර්ථිකය ගොඩනැංවීම සඳහා රජය දරන උත්සාහය ඇගයීමට ලක් නොකරන බවත් ඇමතිවරයා පවසයි.



    හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බැවින් GSP+ සහනයෙන් ප්‍රතිලාභ ලැබීම ප්‍රායෝගික තලයේ සිදු නොවන්නක් බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යවරයා පවසන්නේ රාජපක්ෂ මහතා කරුණු විකෘති කිරීමට උත්සාහ කරන බවයි. GSP+ අහිමිවීමට නම් අඛණ්ඩව වසර තුනක් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව ප්‍රකාශයට පත්කළ යුතු බවයි. ඒ අනුව ඉදිරි වසර තුන තුළ ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ප්‍රකාශයට පත්වුවද GSP+ සහනයට ඉන් බාධාවක් නොවන බව අමාත්‍යවරයා පවසයි.

    හිටපු ජනාධිපතිවරයා ඔහු වටා සිටින උපදේශකයන්ගේ බාල උපදෙස් පිලිපදිමින් අසත්‍ය කරුණු සමාජගත කර ඒ හරහා නැවත බලයට පත්වීමට උත්සාහ දරන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කටහැකර දේසපාලුවන්ගේ බහුබූත වෙනුවට මෙතනින් බලාගනින්;

      http://trade.ec.europa.eu/doclib/docs/2016/march/tradoc_154350.pdf

      මේ ආණ්ඩුව තියෙනකම් ඒක පුද්ගල ආදායම ඉහල යන්නෙ නැනේ පහළ ගියොත් මිසක්. ඒ හින්ද කොහොමත් කිසි අවුලක් නෑ.

      Delete
    2. 2017 වසර සදහා මුදල් අමාත්‍යංශය විසින් මුද්‍රණය කර ඇති දිනපොතක වටිනාකම රුපියල් අටදහසක් පමණ වන බව එහි ආරංචි මාර්ගවලින් පැවසෙයි.

      මෙම දින පොත් තොගය මුද්‍රණ ඇණැවුම ලබා දී ඇත්තේ බි‍්‍රතාන්‍ය සමාගමකට වන අතර දිනපොත් විශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

      මේ වන විටතක් එහි මුල් තොගය ලෙස 300-400ක පමණ දිනපොත් තොගයක් ගෙනැවිත් ඇතැයිද සදහන්ය.

      Delete
    3. Read this part from MR's statement;

      ////යුරෝපා සංගමයේ සියලුම ජී.එස්.පී බදු සහන අහිමි කරවන ඩොලර් 4,035 කඩඉමට අප සිටින්නේ ඩොලර් 200 ක් පමණක් මෙපිටින්ය. මගේ අවුරුදු නවයක පාලන සමය තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම වර්ෂයකට ඩොලර් 286 ක සාමාන්‍ය අගයකින් වැඩි වූවාය යන කාරණයෙන්, අපි ඩොලර් 4,035 කඩඉමට කොතරම් ආසන්න වී ඇතිදැයි සිතාගත හැක. ශ්‍රී ලංකාව ඩොලර් 4,035 කඩඉම පසු කල විට එය ස්ථිර වැඩිවීමක් දැයි තහවුරු කර ගැනීමට වසර දෙකක නිරීක්‍ෂණ කාලයකින් පසු තවත් වසරක සහන කාලයක් ලබා දී, ඉන්පසු ලංකාව මොනම ජී.එස්.පී ක්‍රමයක් යටතේවත් සහන ලැබීමට නුසුදුස්සකු හැටියට යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.////

      Rajapakse is correct. He has elaborated the facts further.

      "ලංකාව ඩොලර් 4,035 කඩඉම පසු කල විට එය ස්ථිර වැඩිවීමක් දැයි තහවුරු කර ගැනීමට වසර දෙකක නිරීක්‍ෂණ කාලයකින් පසු තවත් වසරක සහන කාලයක් ලබා දී, ඉන්පසු" this is the three years which finance minister has mentioned.

      Delete
  33. කොළඹ නගර සීමාවේ ප‍්‍රසිද්ධ ස්ථානයන්ට කුණු බැහැර කරන්නන් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීම සදහා යුද හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

    නගර සභාවේ සෞඛ්‍ය අංශය හා පරිසර පොලීසිය හෙට දිනයේ සිට ඇරඹෙන මෙම මෙහෙයුම් සදහා යුද හමුදාවට සහාය දෙනු ලබයි.

    වෙන් නොකරන ලද කසල නගර සභාව විසින් බාර නොගන්නා නිසා හොර රහසේම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානවලට කසල බැහැර කිරීම නවතා දැමීම සදහා මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නංවා ඇත.

    ReplyDelete
  34. රටම කුණු වලින් වැසී ඇති කාලයකි මේ..

    ReplyDelete
    Replies
    1. නව යුවලට වාසනාවන්ත අනාගතයක් වේවා!
      ජයවේවා!

      Delete
    2. දෙන්නම හරිම ලස්සනයි. එයාලට තියෙන්නේ බලන්න ආසා හිතෙන ලස්සනක්. මංගල ඇදුමේ සංවරකම නිසා මනමාලි තවත් ලස්සන වුනේ. මම මේ ෆොටෝ කීප වරක්ම බැලුවා. සුබ මංගලම් ! (නදී)

      Delete
    3. කසුන් සහ නිර්මාණි ඔබ දෙපලට ශ්‍රී සුබ මංගලම් ! හරිම ලස්සන සුන්දර අනාගතයක් හිමි ඔබට ඔබට ඉතාම වාසනාවන්ත යුග දිවියක් පතමි ! ජයවේවා !

      Delete
  35. දැන් තොපි වත් පාරට බැහැලා කුණු ඉවත් කරපල්ලා!!!

    මේ එනවා / එවනවා!!!! මේ කුණු අදින්න අපේ සමාජ සත්කාරක ලොරි 1/2 ත් එක්ක බැනර් එකකුත් ගහගෙන එනෝ. අපිට මිට වැඩිය මේ වෙලාවේ කරන්න කිසිම දෙයකුත් නැනේ රටටම පෙන්න .
    මෙයට
    නෙලුම් යාය බ්ලොග් සංසදය

    ReplyDelete
    Replies
    1. නෙලුං යායෙ කස්ටිය ඇවිත් උන්ගෙ කුණු මෙහෙ අන්ලෝඩ් කරයි ද දන්නෙ නෑ හිටන්!

      Delete
  36. සරස මචෝ, හිට්ස් ලක්ෂ දෙකට සුභ පැතුම් !

    හොරගෙඩිය, කුණුහබ්බ ලියන නෙලුම් යායේ ගොන්නු ටික කඩේ යවාගෙන උඹ හිට්ස් වැඩිකරගත්ත නේද? යකෝ පව් බන්, අජ්ජ මදිවට දන්ගොතා, උන් කීදෙනෙකුට කියල කඩේ යන්නද බන්, පොඩ්ඩක් මානුෂිකව බලපන් යකෝ.

    ReplyDelete
  37. කුමාර කලුආරච්චි,

    නෙළුම් යාය මානුෂීය සමාජ සත්කාරක ව්‍යාපාරය මගින් මේ ලංකාවේ ආපදාවෙන් විපතට පත් ජනතාවට අතිවිශාල සේවයක් කරන ලදී. මේ වෙනුවෙන් අප කෙරෙහි 100%ක් විශ්වාසය තැබූ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්, ව්‍යාපාරික ආයතන, රු. මිලියන ගණනින් ඉතා දැවැන්ත ආධාර ප්‍රමාණයක් ලබාදුන් අතර ඔවුන්ගේ විශ්වාසය සුරකිමින් 10,000% ඉතා විශිශ්ට මෙහෙයක් කල අප කණ්ඩායම අති විශාල ආධාර ප්‍රමාණයක් ලබා දීමට කැපවිය.

    ගංවතුර ආපදාව හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් නෙළුම් යාය පදනමේ සමාජ සත්කාරක වැඩසටහනේ පළමු අදියර ජුනි තුන් වෙනිදා ආරම්භ විය.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් පානීය ජලය ඇතුළු ආධාර තොගය ලබාදුන් අතර මේ වනවිට අවතැන් පුද්ගලයන් වෙත එම ආධාර බෙදාහරිමින් තිබේ.

    ඉදිරියේදී ඖෂධ, වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දිස්ත්‍රික්ක වෙත ලබාදීමට නියමිතව තිබේ.

    අප බෙදා දුන් අතිදැවැන්ත අති විශාල ආධාර වලින් කොටසක් මෙම ලින්ක් එකෙන් දැක්වේ. මුළු ආධාර ප්‍රමාණය මීටත් වඩා අතිවිශාලය.

    Nelum Yaya Facebook

    එබැවින් අපව ගර්හිත ලෙස විවේචනය කොකරන ලෙස කුමාරට මෙයින් දැනුම් දෙන අතර මෙය අපේ අවසන් නිවේදනයයි. (Last Warning). මින්පසු නිසැකවම ඔබට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන උපරිම දඬුවම් ලබාදෙන බව ශපථ කර සිටිමු.

    ප්‍රධාන අලෙවි නියෝජිත,
    නෙළුම් යාය පදනම

    ReplyDelete
    Replies
    1. // වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ //

      නෙළුම් යාය කස්ටියගේ තෙත් ආහාරේ තණකොල... වියලි ආහාරෙ පිදුරු :)

      Delete
  38. සාරසෝ මේක බලපන්

    https://youtu.be/6-KU_N3tUPU

    විදේශ ඇමති ලොතරැයි විකුණනවට අමතරව දැන් කොළඹ නගර සභාවේ කුණුත් අදිනවා, ඒ මදිවට යුද හමුදාවටත් අණ දෙනවලු, මේක පුදුම විහිළු ලෝකයක් වෙලානේ බොල !

    ඒ මදිවට මුන්ම නේද වේදිකා උඩ නැගලා පහුගිය ආණ්ඩුවට බැන්නේ , යුද හමුදාව නගර පිරිසිදු කිරීමේ වැඩවලට යොදා ගන්නවා කියල. එතකොට මුන් දැන් ඔය උන්ගේ අධෝ මාර්ගයෙන්ද කතා කරන්නේ?

    ReplyDelete
  39. අද උදෙම්ම සරස මෝලාගෙ මල්ලෙපොල් බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්න. එතකොටම තමයි දැක්කේ මල්ලෙපොල් බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2 කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා. කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ඒක සෑහෙන සතුටක්. ඒ හිට් ගාන වැඩි කරගන්ඩ සරස මෝලා තුමා ලියන එවුවා අමාරුවෙන් හරි කියවන පාඨකයින්ට නොසෑහෙන්ඩ ස්තූති කරපිය බන් සරස මෝලෝ.

    ReplyDelete
  40. ‘ඇමැතිකම දෙනකොට ඩිජිටල් තේරුමවත් දන්නේ නෑ‘ - හරීන් ප්‍රනාන්දු

    තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

    ‘‘මට තරහකුත් ආවා. මේක වෙනස් වුණා නම් මට මිනිස්සු සතුටු කරන්න තිබුණා. හැබැයි මං හිතුවා මම ඊළඟ ඡන්දය පරාද වුණත් කමක් නැහැ ලංකාවේ ළමයින්ගේ හිතන විදි දකින විදි වෙනසක් කරන්න ඕනෑ කියලා‘‘ යැයි ද ඇමැතිවරයා කියා සිටියේ බදුල්ල වියලුව කුට්ටියගොල්ල මහා විද්‍යාලයේ අද(15) පැවැති උත්සවයකදී ය.

    ‘‘මට මේ ඇමතිකම දෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ මොකක්ද මේ ඩිජිටල් කියන්නෙ කියලා. මමත් ඉස්සලම හිතුවේ ඩිජිටල් කිව්වම ඩිජිටල්බෝඩ් එකක් කියලා. මං බැලුවා මේ මොන මගුලක්ද මට හම්බ වුණේ කියලා. මම අහලා තිබුණා ඩිජිටල් කියන්නේ අංකන කියන එක කියලා. අංකන ඇමැති කිව්වට ඔබතුමාලාට තේරෙන්නේ නැහැනේ. මම ඉස්සෙල්ලාම කළේ මලලසේකර ශබ්දකෝෂය අරගෙන ඕකෙ පරිවර්තනය හොයලා බැලුවා. පරිවර්තනයෙන් කියවාගෙන යනකොට තිබුණා ඇඟිලි වලින් කරන කියලා. මං බැලුවා මළ කෙළියයි විපක්ෂේ කෙනකුට ඕක අහුවුණා නම් කියයි මේකා ඇඟිලි ඇමැති කියලා.

    මම අවුරුදු එකහමාරට බැංකුවකට ගිහිල්ලා නැහැ. මගේ සියලු බැංකු ගනුදෙනු කරන්නේ ෆෝන් එකෙන්. අද තාක්ෂණ දියුණුවත් එක්ක ලෝකයේ ඩිජිටල්කරණය කියන්නේ සියලු දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුළට ගෙන ඒමයි.‘‘ යනුවෙන් ද ඇමැතිවරයා එහිදී පැවසීය.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ, මහලොකු ඇමතියා 'ඩිජිටල්' තේරුම හෙව්වේ මලලසේකර ශබ්දකෝෂයෙන්ද? මේ තියෙන්නේ රනිල්ගේ මහලොකු විද්‍යාත්මක ඇමතිකම් තමයි.

      Delete
  41. සාරස සෞදි අරාබියේ රස්සාවල් කොරන ලංකාවෙ උන්ට ඉස්සරහට එච්චර සුභ නැහැ වගේ නේද?
    විදේශීය ශ්‍රමිකයින්ගෙන්මාසික බදු මුදලක් අයකර ගැනීමට සෞදි අරාබිය සැළසුම් කර ඇති බව Khaleej Times පුවත්පත වාර්තා කළේ.

    බදු අය කර ගැනීම ජුලි 01 දින සිටි ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

    සෑම විදේශීය ශ්‍රමිකයෙක්ම මාසිකව සෞදි රියාල් 100ක මුදලක් ගෙවිය යුතු අතර සෞදිය තුල රැදී සිටින විදේශ ශ්‍රමිකයාගේ පවුලේ සාමාජිකයින් බදු මුදල් ගෙවිය යුතු ද යන්න බලධාරීන් තවම නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

    2018 වර්ෂයේදී සෞදි රියාල් 200ක්ද, 2019 වර්ෂයේදී සෞදි රියාල් 300ක්ද, 2020 වර්ෂයේදී සෞදි රියාල් 400ක් වන ආකාරයෙන් බදු මුදල් වැඩි වේ.

    බොහෝ සමාගම් විදේශ ශ්‍රමිකයාගේ මාසික වැටුපෙන් අදාල බදු මුදල අඩු කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

    වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් සෞදි ජාතිකයින්ට ලබා දීමසඳහා බදු මුදලක් අය කර ගැනීමේ මූලික අරමුණ වී ඇත.

    යම් සමාගමක් සෞදි ජාතිකයින්ට වඩා විදේශ ශ්‍රමිකයින් සේවයේ යෙදවන්නේ නම් එක් විදේශ ශ්‍රමිකයකු වෙනුවෙන් සෞදි රියාල් 400ක මාසික බදු මුදලක් ගෙවිය යුතු වන අතර 2019 වර්ෂයේදී සෞදි රියාල් 600ක්ද,2020 වර්ෂයේදී සෞදි රියාල් 800ක්ද ලෙස වැඩි වේ.

    සෞදි ජාතිකයින්ට වඩා විදේශිය ශ්‍රමිකයින් අඩු නම් එක් විදේශ ශ්‍රමිකයකු වෙනුවෙන්සෞදි රියාල් 100ක බදු මුදලක් මාසිකව ගෙවීය යුතු වේ. මිඩ්ල් ඊස්ට් ජොබ්ස් වලට කෙළවේගෙන එන්නෙ සාරසෝ, කොහොමෙයි මේ ත්ත්වයට අපි මුහුනදෙන්නෙ? අවුරුද්දකට ඩොලර් බිලියන් කීපයක් ලැබෙන එක ක්‍රමයෙන් අඩු වෙන ලයින් එකක් තියෙන්නෙ.

    ReplyDelete
  42. කස්ටිය.. ඔන්න අරූ තුමා වැනි මහත්වරුන් ගේ උපදෙස් පරිදි, කොමෙන්ට් මොඩරේශන් ඇක්ටිව් කලා....
    මීට පසු කුණුහරුප ඇනෝ ලා ලියන දේ කියවන්නේ සරස තුමා පමනි!

    ReplyDelete
    Replies
    1. මචං සරස.....කමෙන්ට් මොඩරේශන් කිරීම මගේ උපදෙසක් නෙමේ. නමුත් යම්කිසි අශික්කිත හැසිරීම් රටාවන් පාලනය කල යුතුයි. එය ලෝක ධර්මතාවයයි. සයිබරයේ සමහරක්ගේ චර්යාරටාවන් වයසක අපට වඩා, ඉදිරි සමාජයට අතිශය ජුගුප්සාජනකයි. මොහොතකට හිතපන්..ඔය වලත්ත කතා, කාගේවුනත් මේ අහිංසක දරුවන් අහගන්නේ, ඒ දරුවන් කෙරූ වරදකටද? තාත්තලාගේ හෝ අම්මලාගේ පාහරකම් වල්ට ඒ දරුවන් පාවිච්චි නොකල යුතුය. මේ දරුවන් කවදා හෝ සිංහල බ්ලොග්ස් කියවන දවසක මේ කතා පිලිබඳ මොනවා නොසිතාවිද?

      ආදරනීය ඇනෝවරුනි.....මේ මොඩරේශන් ලෙවල් එකට බ්ලොග්ස් පත්කිරීම අපරාධයකි. ඒ තත්වයෙන් ගැලවුනානම් මොන රෙද්දේ මොඩරේශන් එකක් වත් අවශ්‍ය නොවේ. පරස්සමෙන් පරිහරනය කරන්න. පෑනට කොන්ඩම් දාගන්න එක සහ නොදාගන්නා එක තමන්ගේ වගකීමයි. ලිවීමත් එක්තරා හිකීමකි. නරක තැන්වල, නරක විදිහට හිකීමෙන් බොහෝ ආබාධ පැතිරී යයි. වාහකයෙක් නොවන්න.

      සරස....ඔබ තීරනය කරන්න...
      ඇනෝ සහෝලා...වගකීම් මතක තියාගන්න. සමාවෙන්න අමාරුවෙන් හරි ලොරි ටෝක් එකක් දුන්නාට. මෙහෙම ලියන්න හිතාගෙන හිටියේ නැහැ. ඒත් නොලිය ඉන්න බැරිවුනා.

      බ්ලොග් ලියන්නාගේ අදහස්වලට මිස ඔහුගේ පෞද්ගලිකත්වයට පහර නොගසන්න යැයි ඉල්ලා සිටිමි. සමාජය රීති පිලිබඳ විමසිලිමත් නම්, නීති පැනවීම අනවශය වේ.

      Delete
    2. ඔබ තුමා හරි ගරු අරූ තුමෝ...

      මේ සන්ක්‍රාන්ති කාලෙ පහුවෙනකම් මම කොමෙන්ට් මොඩරේශන් කරන්නම්.. ඊට පස්සෙ කස්ටිය හොඳ ලමයි වුනාම ඒක අහක් කරන්නම්..

      මේ මොඩරේශන් නිසා මට හැමවෙලේම මේක චෙක් කරන්න වෙන එකයි අපහසුව!!

      Delete
    3. අරූ ලොක්කා,

      දැන් පරණ රස්සාව අතෑරලා කවද ඉඳලද ඉයන්ගේ බ්ලොග් පොලිසියේ පුල් ටයිම් සාජන් කමට ගියේ.

      Delete
  43. ඉයන් අන්න අරෙහෙ මහින්දට පන්සිල් රක්කාවන්න යනවා! උගේ මහලොකු පොන්න රනිලා
    (1) බටලන්දේ මිනීමරුවා
    (2) බැදුම්කර හොරා
    (3) සමලින්ගිකයා
    (4) පට්ටපල් බොරුකාරයා
    (5) බේබද්දා

    අනේ ඉයන් ගොබ්බයො, උඹ අනුන් හදන්න කලින් උඹ පුක ලෙවකන රනිල්ට පන්සිල් රකින්න පුරුදු කරපන්!

    ReplyDelete
  44. ඉයන් කාරයා රනිල්ට අධෝමුඛය පුදනවා වගේ

    ReplyDelete