Friday, June 16, 2017

ගංවතුරෙන් දියවී ඩෙංගු වයිරසයෙන් සුනු විසුනු වූ කුහක කම.

යහපාලන සියඹලාන්ඩුවේ ජාතික සම්පත් විකුනාගෙන කෑමට සහ ඉන්දියානු ශ්‍රමිකයන් හ ශ්‍රී ලංකා ශ්‍රම වෙලෙඳපොල විවුර්ත කිරීමට කොන්දක් ඇතිව විරුද්ද වුනේ රජයේ වෛද්ය නිලදාරීන් ගේ සන්ගමය පමනි. 

 වෙලාවට කලාවට තම විරුද්දවාදීන් හට under the belt වර්ගයේ ප්‍රහාර එල්ල කරනා යහපාලන සියඹලාන්ඩුව කලේ සිරිකොතේ මෙහෙයවීමෙන් සමාජ ජාලා වල වසුරු වපුරන ඩිජිටල් බලකාය රජයේ වෛද්‍ය නිලදාරීන් ගේ සන්ගමයට විරුද්දව උසී ගැන්වීමයි.

සිරිකොතේ මෙහෙයවීමෙන් සමාජ ජාලා වල වසුරු වපුරන ඩිජිටල් බලකාය වැඩේට බැස්සේ එකල මතුවෙමින් තිබූ යේ  සයිටම් විරෝදී ස්ථාවරයත් සමගිනි. වෛද්‍යවරු සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට  විරුද්දවන්නේ කුහක කමට යැයි ජනප්‍රිය සටන් පාඨය නිර්මාණය වුනේ මේ ආකාරය ට ය.

සමාජ ජාලා බටකැලේ ගිනිගත්තේය. මහින්දට මහත්තයාට  හොරා හොරා හොරා කියපු උන්දැලා සහ තව බොහෝ උදවිය වෛද්‍යවරුන් හට කුහකයා යැයි කීමට පටන්ගත්තේ විලාසිතාවකට මෙනි.

කලක් ගතවිය. හදිසියේම හට ගත් මහ වැසි නිසා ගංවතුර සන නාය යෑම් ආපදා තත්වයක් හටගත්තේය. ජනතාවගේ ආදරනීය නායකයා ඔස්ට්‍රේලියාවේ සිටිද්දී, වැඩට බැස්සේ වෛද්‍යවරුන් ය. මහ වැස්සේ, නාය යෑම් ආපදා මැද තම ශෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී සෞඛ්‍ය කඳවුරු සහ සුව සායන මෙහෙයවමින්, ආපදාවට ලක් වූ රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙමින් මහඟු සේවයක් කරනා ලද්දේ වෛද්‍යවරුන් ය.

ඒ අතර වෛද්‍යවරුන් හට කුහකයි කියමින් කෝචොක් කල සමහර සමාජ ජාල වීරයන් ගංවතුර සඳහා මුදල් ආධාර තම පෞද්ගලික ගිනුම් වලට එකතු කර කොමිසන් ගසා මාට්ටු වීම දෛවයේ සරදමකි!

කුහකයන් කියූ වෛද්‍යවරු ජනතාවට සේවය කරද්දී සමාජ ජාලා දෙවිවරු ආධාර මාටියා ගැසීම කොපමන වේගයෙන් කලාද කීවොත්, සමාජ ජාලා වල මුදල් ආධාර එකතු කරන හොරුන් ට අහු නොවෙන්නැයි රජයේ නිවේදන පවා නිකුත් විය!

ජනතාව ගේ හිතමිත්‍ර සුරතල් අගමැති තමන් ගේ ලෙඩ රෝග පරීක්ශා කර ගන්න අමෙරිකාවේ ගොස් සති තුනක් ගත කලේය. ඒ අතරතුර ලන්කාවේ මහජනතාව බලා ගත්තේ කුහක වෛද්‍යවරුන් විසිනි. පෙරලා පැමිනි අගමැති කීවේ පාර්ලිමේන්තු මැති ඇමති වරුන් හට ඇමෙරිකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබාගැනීමට ක්‍රමවේදයක් සලසන බව ය. ලන්කාවේ ලෙඩ්ඩුන් ට කුහක වෛද්‍යවරුන්ගේම පිහිට ය.


ගංවතුරෙන් පසු ඩෙංගු අධිවසන්ගත තත්වයක් ඇති වී තිබේ. ඇඳන් 180 තිබෙනා මුල්ලේරියව බෝවෙන රෝග රෝහලේ ලෙඩුන් 500 ප්‍රතිකාර ගන්නා නිසා එම රෝහල තවදුරටත් ලෙඩුන් බාර නොගන්නා බව නිවේදනය කලේය! 

සමාජ ජාලා වල වීරයන් සේ "කුහක" වෛද්‍යවරුන් හට පහරදුන් මහජනතාව දැන් අත්දැකීමෙන් ම ඉගෙන ගත්තේ තමන් ට අසනීප වුනාම යන්නට ඇත්තේ සින්ගප්පූරුවේ මවුන්ට් එලසබෙත් වත් ඇමෙරිකාවේ රෝහල් වත් නොව ශ්‍රී ලන්කාවේ ඇති  රජයේ හෝ පෞද්ගලික රෝහල් වලට බව ය.. ඒවායේ සේවය කරන්නේ සෝ කෝල්ඩ් "කුහක" වෛද්‍යවරුන් බවය!!

ඩෙංගු අධිවසන්ගතය නිසා හැමෝගේම කවුරුහරි රෝහල් ගත වී "කුහක" වෛද්‍යවරුන් ගේ සේවය ලබාගන්නා නිසාම වර්තමානයේ කුහක කතාව සමාජ ජාලා වල ඇසෙන්නේ නැත. කුහකත්වය නැසූ ඩෙංගු වයිරසයට ජය වේවා!

 

54 comments:

  1. සරස තුමා

    ගංවතුරෙන් දියවී 2017 වසරේ මුල් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3.8% ක් යයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි. දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

    ReplyDelete
    Replies
    1. In my opinion, it seems like a false figure. Most probably, the real growth rate might be a negative (minus) figure isn't it Dr. Sa rasa?

      Delete
    2. සහතික ඇත්ත සාරස තුමෝ,
      දොස්තරලාට අපහාස කල ගොඩක් උන් එහෙම කලේ උන් සයිටම් එකට කමති හෝ අකමැති නිසා වත් ඉන් සිදු වන හානියක් හෝ හොඳක් ගැන සිතා නොව. උන් වඩාත් කලබල වී තිඋනේ ඔවුන්ගෙ නපුංසක ආන්ඩුවේ සෞක්‍යයට දොස්තරලා ගෙන් තර්ජනයක් වීම නිසාය.
      සමාජ ශාලවල (කොන්) දොස්තර බස් ගැමුනු ගේ, පිරිමි මිසීගේ, හරක් විජේසූරියගෙ පොර ටෝක් ශෙයර් කලේ 2014 හංසයාට රෙදි නැතුව කඩේ ගිය උන්මය.

      මා එක්ක කලින් වැඩ කල එහෙව් එකෙක් පහු ගිය දවසක එලොව යන්නට ආසන්නව සිට දොස්තරලාට පිං සිද්ද වෙන්නට මෙලොව ආවේය. දොස්තරවරියක් වන මගේ සහෝදරියගෙ උදව් ලබා දීමට මමද මැදිහත් උනෙමි.
      සුව උනු පසුව මට ස්තුති කිරීමට කතා කලවිට " උබල ෆෙස්බූක් එකේ කියපු විදිහට (කොන්) දොස්තර බස් ගැමුනු ට හෝ පිරිමි මිසීට උබලගේ ලෙඩට බෙහෙත් කරන්ඩ බැහැයි කියල දැන් වත් තේරුන නම් ලොකු දෙයක් කියල මම විහිලුවට වගේ කිව්ව"

      ලෙඩාව බලන්ඩ ලඟදි යන්ඩ ඉන්නෙ එතකොට තුරු ටිකත් කතා කර ගන්ඩ ඉන්නෙ.

      Delete
    3. // AnonymousJune 16, 2017 at 10:28 PM

      සරස තුමා

      ගංවතුරෙන් දියවී 2017 වසරේ මුල් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3.8% ක් යයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි. දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි. //

      විඝනකදිපති පිලි නොගන්නා මහ බැන්කු වාර්තා නේද ගරු ඇණෝ තුමෝ?:)

      Delete
    4. // AnonymousJune 16, 2017 at 10:55 PM

      In my opinion, it seems like a false figure. Most probably, the real growth rate might be a negative (minus) figure isn't it Dr. Sa rasa? //

      Probably you are right Mr Ano sir!

      Delete
    5. // AnonymousJune 16, 2017 at 11:33 PM

      සහතික ඇත්ත සාරස තුමෝ,
      දොස්තරලාට අපහාස කල ගොඩක් උන් එහෙම කලේ උන් සයිටම් එකට කමති හෝ අකමැති නිසා වත් ඉන් සිදු වන හානියක් හෝ හොඳක් ගැන සිතා නොව. උන් වඩාත් කලබල වී තිඋනේ ඔවුන්ගෙ නපුංසක ආන්ඩුවේ සෞක්‍යයට දොස්තරලා ගෙන් තර්ජනයක් වීම නිසාය. //

      ඇනෝ තුමා ගේ නිර්භය අපක්ශපාතී ආලෝචනයට ජය වේවා

      Delete
    6. සරස තුමා. ඇමති තුමාගෙ ලැප්ටොප් එක ගැන මුකුත් කියල නෑනෙ. මෙව්වා තැත වැඩ හොඳේ...

      Delete
  2. I am commenting like you but why are you posting like me?

    -Pra Jay

    ReplyDelete
  3. දැන් කරන්න තියන්නෙ රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහිවන වෛද්‍යවරු අසමසම මිනිස්සු මාරම ටැලන්ට් එකක් තියන වෛද්‍යවරු කියලා පෙන්වන විදියට තවවැඩකරන එක....

    බටහිර වෛද්‍යක්‍රමයට නව දැණුම එකතුකරන එක ....

    එහෙම නැතුව වෙන මනුස්සයින්ගෙ ඩිග්‍රී එකක ක්‍රෙඩිට්ස් 120, 90 දක්වා අඩුකරන්න කියලා වැඩවර්ජනයකරන එකවගේ දේ නෙවෙයි....

    වෙනත් කෙනෙකුට ඉගනීමට ඇතිඅයිතිය වෙනුවෙන් බලපෑම් කිරීම ගැලපෙන්නෙ නැත... ඒකට ඇත්තටම කියන්නෙ වෙන්නෙ කුහකකම...

    අපේ රටේ මිනිස්සුන්ට වැරදිලා තියන්නෙ මෙතන..... අධ්‍යාපන ක්‍රමයේ බොරු තරඟකාරීත්වය නිසා ආත්මාර්තකාමී හන්ගාගෙන පොත්බලන, පුස්ථකාලෙ විමර්ශන අංශයෙ තියන එකම පොත ගල් කරගෙන පාඩම් කරන්න තරම් පෙළබෙන මිනිස්සු බිහිවෙනවා.....

    එහෙම බැලුවම බටහිර මිනිස්සු අපිටවඩා සෑහෙන්න පරිත්‍යාගශීලියි...... පොතක් උනත් පරිලෝකනගත කරලා හොරටහරි අප්ලෝඩ් කරනවා තව මනුස්සයෙක් හරි බලයි කියලා......

    මමත් ඒ දවස්වල තියනවායැයි කියපු නිදහස් අධ්‍යාපනය බේරාගනිව් කියන සටන්වල කිලෝමීටර් ගනන් පයින් ගියා සහ මමත් ඉතාම දිලිඳු පවුලකින් ආපු කෙනෙක්..... මගේ මව,පියා දෙදෙනාම රැකියාලෙස කලේ තේ අක්කර කාලක් විතර ලැබෙන ආදායම විතරයි ඒකෙන් තමයි මමයි අක්කල දෙන්නයි කැම්පස් ගියේ.....

    මම කියන්නෙ මිනිස්සුන්ට ඉගෙනගන්න තියන අයිතිය වෙනුවෙන් වෘත්තිය සමිතියකට බලපෑම්කල නොහැක කියන එක...සහ පුද්ගලික විශ්ව විද්‍යාල/ සයිටම් එකට සිසුන් බඳවාගැනීමේ නවනිර්ණායක සැකසීම සහ ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය වැඩිකිරීමට කලහැකිදේ කිරීමයි.....

    වෛද්‍ය සංගමය රෝගීන්ටද රෝගීන්ගෙ පැත්තෙන් සිතාබලා මෙයට උදව්කල යුතුය.

    ReplyDelete
  4. ////// සිරිකොතේ මෙහෙයවීමෙන් සමාජ ජාලා වල වසුරු වපුරන ඩිජිටල් බලකාය වැඩේට බැස්සේ එකල මතුවෙමින් තිබූ යේ සයිටම් විරෝදී ස්ථාවරයත් සමගිනි. /////

    සයිටම් විරෝධය මතු කල යුත්තේ සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සඳහා මිස පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කල යුතුයි කියන ස්ථාවරේ සිට නොවේ. සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සමගම බොහෝ අඩු ලුහුඞුතා තිබෙන දේශීය වෛද්‍ය ආයතන වලද කොලිටිය උසස් කර ගැනීමට සටන් කල යුතුය​.

    සයිටම් අායතනයෙන් පිටවන දොස්තරලා රෝගීන් මරා දමාවිද යන්න ගැන අනාවැකි කීම නම් තවමත් වේලපහ වැඩිය​. නමුත් පසුගිය දශක තුන ඇතුලත ලංකාවේ රෝහල් වල නොසැලකිල්ල නිසා රෝගීන් ගනනාවක් මිය ගියා පමණක් නොව වරක් රෝගී තරුණියක දූෂණය කොටද මරා දමන ලදි.

    පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ නව ප්‍රවණතාවක් නොවේ. අපගේ සෞඛ්‍ය සේවාවන්ට වඩා පසුපස සිටි බංග්ලාදේශය නේපාලය පවා පුද්ගලික විශ්ව විද්‍යාල මගින් තම රට වලට විදේශ විනිමය අද්දවා ගනිති. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේදී පසුපස සිටි මේ බංග්ලාදේශය නේපාල විශ්ව විද්‍යාල දැන් වාර්ශිකවම ඉදිරියට එති. එහෙත් අපි තවම ලෝකයේ මුල් 2000 අතරවත් නැත​.

    පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් වල පසුපස සිටින වාමාංශික නායකයන් ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් ගේ දුවා දරුවන් නම් යවා ඇත්තේ බටහිර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​.

    එහෙත් මේ සත්‍ය තේරුම් ගැනීමට අප බොහෝ දෙනෙකු අකමැතිය​. හේතුව අපේ මිනිසුන් විරෝධතා වල ජීවත් වීමට කැමතිය. එහෙත් දෑස් ඇර බලන විට ලෝකය අප පසු කරගෙන ගොස්‍ ය​.

    ReplyDelete
    Replies
    1. පුද්ගලික විශ්ව විද්‍යාල, සයිටම් අායතනය ගැන මගේ මතය එය නියාමනය විය යුතු සහ සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා පිළිගත හැකි ක්‍රමවේදයක් ඇති කිරීම විය යුතුය...

      එය මුදල් මතම පදනම් වූ ක්‍රමයක් පමණක් නොවිය යුතුය...

      සයිටම් වසව් කීමෙන් වන්නේ එම සාකච්ජා යටපත්ව යාමයි...

      Delete
    2. හොඳයි දැන් මේ නේලාපය, බන්ග්ලාදේශය කියන්නේ සන්වර්ධිත රටක් වීමක් අහලකවත් සිටින රටවල්ද?

      මුදල් හම්බකිරීමට පුද්ගලික උසස් අධ්‍යාපන ව්‍යාපාර කිරීමට සාර්ථකව කරන මැලේසියාවවත් සන්වර්ධිත රටක් වී ඇතිද?

      ඊටත් වඩා රටක උසස් අධ්‍යාපනයත් ආර්ථිකයත් අතර කුමන ආකාරයේ සම්බන්ධයක් ඇතැයි සිතන්නේද?

      එසේම බන්ග්ලාදේශය ලංකාවට වඩා කිහිපගුනයක් විශාල ආර්ථිකයක් ඇති රටක්. නමුත් ඉතා විශාල ජනගහනයක් ඉන්න නිසා අපිට වඩා ඉතා දිලිඳු විශාල පිරිසක් එහි ඉන්නවා. ඒ නිසයි අපිට එය හරිම දුප්පත් රටක් මෙන් පේන්නේ.

      උදාහරන ලෙස චීනයේත් අපිට වඩා අන්ත දුප්පත් මිලියන ගනනක් ඇති. නමුත් එහි ලෝකායෙන්ම ඉහලින් තිබෙන වි.වි. තිබෙනවා.

      අතුරු ප්‍රශ්නයක්:

      නේපාල වි.වි. ලංකාවේ ඒවාට ඉදිරියෙන් සිටින්නේ කුමන ලෝක වි.වි. දර්ශක වලට අනුවද?

      Times හෝ QS වැනි ඒවා මිස Webometrics ක්‍රම වලට තිබෙන පිලිගැනීම අඩුයි.

      Delete
  5. සා රස තුමෝ. ගංවතුරෙන් පස්සෙ ඇතිවෙන මේ මැසි ඩෙංගු තත්වය දැන දැනම වගකිවයුත්තන් මෙහෙම ඉන්න එක ගැන පුදුමයි. එක පැත්තකින් චන්දය පරදින නිසා චන්දයක් තියන්නෙ නැහැ. ගංවතුරෙන් අනාත උන අය තවම මහ මග. චීනෙන් අමෙරිකාවෙන් පකිස්ථානෙන් ආධාර නැව් පිටින් ආවලු. ඒත් තත්වය එහෙම්මමයි. මම පෞද්ගලිකවම ආධාර නොකලෙ හොරුන්ට අහුවෙන්න බැරි නිසා සහ හොරුන්ව පොහොසත් කරන්න බැරි නිසා. නගර සභා හරියට පාලනය උනානම් ඔය ලැබුන ආධාර ටික තව වසර ගණනාවකට කළමනාකරණය කරගන්න තිබ්බ. තමන්ගෙ දේශපාලන බඩගෝස්තරය රැකගන්න දුප්පත් ජනතාව බිල්ලට දෙන මේ වගේ ආණ්ඩුවක් 2020 වෙනකන් රැකගන්න ඔළුවල ගු තියෙන මිනිස්සුන්ට ලොකු වගකීමක් තියෙනව.

    👊🏽

    ReplyDelete
    Replies
    1. // ගංවතුරෙන් අනාත උන අය තවම මහ මග. චීනෙන් අමෙරිකාවෙන් පකිස්ථානෙන් ආධාර නැව් පිටින් ආවලු. ඒත් තත්වය එහෙම්මමයි. මම පෞද්ගලිකවම ආධාර නොකලෙ හොරුන්ට අහුවෙන්න බැරි නිසා සහ හොරුන්ව පොහොසත් කරන්න බැරි නිසා. //

      මේ මොනා කියනවද ගරු ටිලාන් ආතල් අයියා තුමෝ? අර අරණායක රාමසර කන්ද නාය ගිය කස්ටිය තාම ඉන්නේ තාවකාලික කූඩාරම් වල නේ...

      ඔහේ කිවුවා වගේ මේ ආපදා පෙන්නලා දක්සයෝ පෝසත් වෙනවා හිටන්!

      Delete
  6. හොඳම කුහකකම වන්නේ මේ දොස්තරලාටම කතා කර උදව්පදව් ඉල්ලීමයි.

    මෙසේ තමන්ගේ කෙනෙක්ට උදව්වක් කිරීමේදී ( අනිත් අවස්ථාවලදී මහා උවමනාවකින් කතා කරන මහජනතාවගේ ) වෙනත් කෙනෙක්ට අසාදාරනයක් විය හැකි බව නොසලකා හැරීමයි.

    ReplyDelete
    Replies
    1. :D

      සහතික ඇත්ත ගරු ඇණෝ තුමෝ...

      Delete
  7. හොඳම කුහකකම වන්නේ මේ දොස්තරලාටම කතා කර උදව්පදව් ඉල්ලීමයි.

    මෙසේ තමන්ගේ කෙනෙක්ට උදව්වක් කිරීමේදී ( අනිත් අවස්ථාවලදී මහා උවමනාවකින් කතා කරන මහජනතාවගේ ) වෙනත් කෙනෙක්ට අසාදාරනයක් විය හැකි බව නොසලකා හැරීමයි.

    ReplyDelete
  8. අනේ බොල උඹ දතෙක් මිසක් දොස්තරෙක්‍යැ. උඹ පනුවො කාපු දතක් ගලවගෙන හිටහං. දන්න රෙද්දක් කියපං බං.

    ReplyDelete
    Replies
    1. @AnonymousJune 17, 2017 at 2:04 AM

      +++++++++++++++++++++++++++++

      Delete
  9. දැන් අප සළකා බැලිය යුත්තේ නීතිය යනු කුමක් ද යන්නයි. නීති යනු ස්වාධිපතිගේ ආඥාවයි. බැලූ බැල්මටම එය සරළ ලෙස තේරුම්ගැනීමට අපහසුවිය හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධිපත්‍යය පිහිටා ඇත්තේ මහජනතාව කෙරෙහිය. ඒ අනුව එක්තරා අන්දමකින් නීතිය යනු මහජනතාවගේ ආඥාව ලෙස ද සැළකිය හැකිය. නීතියේ උල්පත කවුරුන් විය හැකි වුවද නීතියේ පැවැත්ම අනිවාර්යෙන්ම රඳා පවතිනු ඇත්තේ නීතියේ ආධිපත්‍යය මතය. නීතියේ ආධිපත්‍යය තුළ පිළිගත් හා වැදගත් සිද්ධාන්තයක් වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන බවත් ඒ අනුව රාජ්‍ය පාලකයා ද නීතියට යටත්විය යුතු බවය. නීතියට ඉහළින් කිසිවෙකුට කටයුතු කළ නොහැකි බව ඒ තුළින් අවධාරණය කෙරේ.

    ඒ අනුව නීතිය ඉදිරියේ කෙනෙකුගේ වත්පොහොසත්කම්, බලය හෝ වෙනත් ඕනෑම තරාතිරමක් අදාළ විය නොහැකිය. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනතුර භාරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා සම්මත කරගනු ලැබූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව රටේ ජනාධිපතිවරයා ද නීතියේ පාලනයට නතු කරඇති පසුබිමක ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුට නීතිය අභිබවා හෝ නීතියට බැහැරින් කිසිවක් සිදුකළ නොහැකිය. ඒ තුළින් අවධාරණය කෙරෙන්නේ කිසිදු ජගතෙකුට නීතියට ඉහළින් සිටිය නොහැකිවනවා ක් මෙන්ම නීතියට අභියෝග කරන්නට හෝ සමච්චල් කරන්නට ද කිසිදු ජගතෙකුට ඉඩක් දියයුතු නැති වගය.
    එහෙත් අද පවා ඇතැමුන් සිතා සිටින්නේ නීතිය යනු තමා ලෙසටය. ප්‍රසිද්ධියේම නීතියේ ආධිපත්‍යයට ඔච්චම් කරන්නට ඇතැමුන් කටයුතු කරන්නේ ද ඒ නිසා වියයුතුය. එහි ආසන්නතම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ ද නීති පනවන ආයතන ලෙස සැලකෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වීමද විශේෂත්වයකි. එක් අයෙක් මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙකු වීම තුළ ද අනෙකා වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වීම තුළ ද ඔවුන් සිදුකර ඇති ක්‍රියාව සළකා බැලිය යුත්තේ ඉතාමත්ම බැරෑරුම් ලෙසට ය.
    ඔවුන් සිදුකර ඇති වරද කුමක් ද? මේ රටේ නීතිය හමුවේ බරපතළ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ඒ මත අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට අදාළ චූදිතයෙක් වන එහෙත් නීතියට වැලි ගසමින් අධිකරණයට අභියෝග කරමින් සිටින වරෙන්තු කරුවෙකු සමග ප්‍රසිද්ධියේම පෙනීසිටීම ඔවුන් සිදුකර ඇති වරද ය. ඒ පිළිබඳ චෝදනා එල්ල වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් වෙතටය.

    ReplyDelete
    Replies
    1. // මේ රටේ නීතිය හමුවේ බරපතළ චෝදනා ගණනාවක් එල්ල වී ඇති ඒ මත අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට අදාළ චූදිතයෙක් වන එහෙත් නීතියට වැලි ගසමින් අධිකරණයට අභියෝග කරමින් සිටින වරෙන්තු කරුවෙකු සමග ප්‍රසිද්ධියේම පෙනීසිටීම ඔවුන් සිදුකර ඇති වරද ය. ඒ පිළිබඳ චෝදනා එල්ල වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් වෙතටය. //


      ඇයි ලෝටස් අජ්ජා ප්‍රමුක නෙලුම් යාය නඩේ අන්තර්ජාතික ඉන්ටපොල් පොලිසියේ රතු වරෙන්තුදාරියෙකු ට කුක්කු පොවමින් විනෝද වුනා මතක නෑ???

      Delete
  10. ඔවුන් දෙදෙනාම මේ ආකාරයට සබඳතා පවත්වා ඇති වරෙන්තුකරුවා වන්නේ අන් කිසිවෙක් නොව රාජපක්ෂ පාලන සමයේදී රුසියාවේ හා යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ලද උදයංග වීරතුංග ය. උදයංග වීරතුංගට එරෙහිව මතුවී ඇති චෝදනාවන් ද සරල ලෙස බැහැර කළහැකි ඒවා නොවේ. ඉන් එකක් ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ චෝදනාවක් වේ. අනෙක මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනාවකි. අදාළ චෝදනා පිළිබඳව සළකා බලා ඇති අධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔහු ඒ වනවිටත් රටින් බැහැර වී අධිකරණය මඟ හරිමින් සිටි බැවින්ය. ඒ සමග තවත් අධිකරණයකින් උදයංග වීරතුංගගේ මෙරට බැංකු ගිණුම් 16 ක් තහනම් කර ඇති අතර ඒ තුළ තැන්පත්ව ඇති රුපියල් මිලියන 225 ක මුදල ද ගනුදෙනු කළනොහැකි ආකාරයට අත්හිටුවා තිබේ.

    ඒ අනුව සැලකීමේදී උදයංග වීරතුංගට අදාළව මේ රටේ නීතිය හමුවේ ගොනුවී ඇති චෝදනා මෙන්ම ඊට අදාළව අධිකරණය විසින් ගෙන ඇති පියවරයන් ද සැලකිය යුත්තේ බැරෑරුම් ලෙසටය. එවැනි පසුබිමක තම නිවැරදි භාවය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් ඇත්නම් උදයංග වීරතුංග කළයුතුව ඇත්තේ අධිකරණය හමුවට පැමිණ ඒ බව තහවුරු කිරීමය. එහෙත් ඔහු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටිනවා පමණක් නොව චේතනාන්විතව සිදුකරන එම ක්‍රියාව හරහා අධිකරණයට බලවත් අපහාසයක් ද කරමින් සිටියි. ඒ තුළ ඔහු නියතවශයෙන්ම අභියෝග කරන්නේ නීතියේ ආධිපත්‍යයට ය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා උදයංග වීරතුංග මහතා සමග ප්‍රසිද්ධියේම ගනුදෙනු කරන්නේ ඒ අතරතුර ය. එය එසේ සිදුවී ඇත්තේ පසුගිය දා වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා සිදුකළ ජපාන සංචාරය අතරතුරදීය. ඒ අනුව ඔවුන් දෙදෙනා සිදුකර ඇති එම ක්‍රියාව ද අතිශයින්ම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතුව තිබේ. රටක අධිකරණය මග හරිමින් සිටින, ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර ඇති අපරාධ චෝදනා එල්ල වූවෙක් සමග රටක නීති සම්පාදනය කරන ආයතනයේ සාමාජිකයින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ පෙනී සිටීම සැළකිය යුත්තේ බරපතළ වරදක් ලෙසය. අධිකරණයට ද කළ බරපතල අපහාසයක් ලෙසටය. මෙහිදී නැවතත් සිහිපත් වන්නේ ඇරිස්ටෝටල් ගේ පෙර කී කියමනයි. “සියලුම සතුන් අතරින් උසස්ම සතා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලුම සතුන් අතර පහත්ම සතා වන්නේත් මිනිසාය”.

    ReplyDelete
    Replies
    1. // ඔවුන් දෙදෙනාම මේ ආකාරයට සබඳතා පවත්වා ඇති වරෙන්තුකරුවා වන්නේ අන් කිසිවෙක් නොව රාජපක්ෂ පාලන සමයේදී රුසියාවේ හා යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ලද උදයංග වීරතුංග ය. //


      ලෝටස් අජ්ජා ප්‍රමුක නෙලුම් යාය නඩේ කුක්කු පෙවුවේ අන් කිසිවෙකුට නොව අන්තර්ජාතික ඉන්ටපොල් පොලිසියේ රතු වරෙන්තුදාරියෙකු වූ චන්දිම ට ය!

      Delete
    2. ඔයිට වඩා දරුනු මිනීමැරුම් චෝදනා උසාවියේ ඔප්පු වීමෙන් පසු, රටවල් 2 ක උසාවි වලින් නිකුත් කරන ලද වරෙන්තු මත සිටි ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කල රනිල් වික්‍රමසිංහව ඊට ඉස්සෙල්ල අච්චු කරන්ඩ ඕනෙ නේද ?

      Delete
    3. // AnonymousJune 17, 2017 at 5:32 AM

      ඔයිට වඩා දරුනු මිනීමැරුම් චෝදනා උසාවියේ ඔප්පු වීමෙන් පසු, රටවල් 2 ක උසාවි වලින් නිකුත් කරන ලද වරෙන්තු මත සිටි ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කල රනිල් වික්‍රමසිංහව ඊට ඉස්සෙල්ල අච්චු කරන්ඩ ඕනෙ නේද ? //

      අනේද කියන්නෙ ගරු ඇනෝ තුමෝ???

      Delete
  11. පසුගියදා සිද්දවෙච්ච කැබිනට් සංශෝධනයෙදි ශ්‍රී ලංකාවෙ එක්තරා ජනාධිපති නීතිඥවරයෙකු දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රමට කතාකරලා තියනවා. දවසකට තුන් හතර වතාවක් කතාකරන මේ ජනාධිපති නීතිඥයා දිගින් දිගටම ඉල්ලලා තියෙන්නෙ තමන්ගෙ දියණිය විවාහ කරගෙන ඉන්න දකුණු පලාතෙ, එහෙමත් නැත්නම් මාතර මන්ත්‍රීවරයෙක් වන තමන්ගෙ බෑණාට කෙසේ හෝ කවරාකාරයේ ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් ලබාදෙන ලෙසයි.

    මිනිහගෙ තරම දන්න එජාප සභාපතිවරයා එක එක දේවල් කිය කිය ඇඟ බේරගන්න හැදුවලු. අවසාන මොහොත දක්වාම මහින්දගෙ තුරුල්ලෙ හිටපු, මහින්ද රාජපක්ෂගෙන් තානාපතිකම් ලබපු මේ කළගුණ නොදන්න පුද්ගලයා මලික්ට කියනවලු 'මලික්, ඔයා මගේ බෑණගෙ වැඩේ කරලා දෙන්න. ඒ වැඩේ කළොත් ඕගොල්ලන්ට තියා CID එකටවත් හොයාගන්න බැරි මහින්ද රාජපක්ෂගෙ නියම ෆයිල් ටිකක් මං උඹලට දෙන්නං. මගෙ ලඟ තියන බඩු කාගෙ ලඟවත් නෑ. අවුරුදු 20 කටත් වැඩි කාලයක් මහින්දගෙ හැම නඩුවකටම පෙනී හිටියෙ මම. මගේ ලඟ තියන ඩොකියුමන්ට්ස් කාගෙ ලඟවත් නෑ. ඒවා එලියට දැම්මොත් මහින්ද මැරෙනකංම හිරේ යවන්න පුලුවන්' කියලා.

    ReplyDelete
    Replies
    1. අහෝ බුද්දික පතිරණ

      Delete
    2. ඔබ පවසන්නේ මන්ද, බුද්දික පතිරණ ගැන?

      Delete
    3. නීතිඥ වර්ණකුලසූරිය බුද්දික ගේ මාමන්ඩියයි!

      Delete
  12. පසුගියදා සිද්දවෙච්ච කැබිනට් සංශෝධනයෙදි ශ්‍රී ලංකාවෙ එක්තරා ජනාධිපති නීතිඥවරයෙකු දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රමට කතාකරලා තියනවා. දවසකට තුන් හතර වතාවක් කතාකරන මේ ජනාධිපති නීතිඥයා දිගින් දිගටම ඉල්ලලා තියෙන්නෙ තමන්ගෙ දියණිය විවාහ කරගෙන ඉන්න දකුණු පලාතෙ, එහෙමත් නැත්නම් මාතර මන්ත්‍රීවරයෙක් වන තමන්ගෙ බෑණාට කෙසේ හෝ කවරාකාරයේ ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් ලබාදෙන ලෙසයි.

    මිනිහගෙ තරම දන්න එජාප සභාපතිවරයා එක එක දේවල් කිය කිය ඇඟ බේරගන්න හැදුවලු. අවසාන මොහොත දක්වාම මහින්දගෙ තුරුල්ලෙ හිටපු, මහින්ද රාජපක්ෂගෙන් තානාපතිකම් ලබපු මේ කළගුණ නොදන්න පුද්ගලයා මලික්ට කියනවලු 'මලික්, ඔයා මගේ බෑණගෙ වැඩේ කරලා දෙන්න. ඒ වැඩේ කළොත් ඕගොල්ලන්ට තියා CID එකටවත් හොයාගන්න බැරි මහින්ද රාජපක්ෂගෙ නියම ෆයිල් ටිකක් මං උඹලට දෙන්නං. මගෙ ලඟ තියන බඩු කාගෙ ලඟවත් නෑ. අවුරුදු 20 කටත් වැඩි කාලයක් මහින්දගෙ හැම නඩුවකටම පෙනී හිටියෙ මම. මගේ ලඟ තියන ඩොකියුමන්ට්ස් කාගෙ ලඟවත් නෑ. ඒවා එලියට දැම්මොත් මහින්ද මැරෙනකංම හිරේ යවන්න පුලුවන්' කියලා.

    ReplyDelete
  13. මෙම කාලවකවානුව තුළ යුරෝපා ආර්ථිකයේ වර්ධනයේ සංඥාව පෙන්වීම ආරම්භ වී ඇත. රැකියා වියුක්තිය අඩු වෙමින්, පාරිභෝගික ඉල්ලුම වැඩිවී ඇති මෙම අවස්ථාවේ යුරෝපා හවුල සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලද ජයග්‍රහණයකි.

    නමුත්, මා එක් කරුණක් එකතු කිරීමට කැමැත්තෙමි. අප යුරෝපා හවුල සමඟ වඩාත් හොඳ ගනුදෙනුවක් අරඹයා අපේක්ෂා ඇතිකරගත යුතු නොවන බවට මහින්ද රාජපක්ෂ මහතා හේතු දක්වනුයේ, ඇතැම් විට අනාගතයේදී ආර්ථිකය අප රටේ සමස්ත ජනතාවට සුවිශාල වාසියක් අත්වන අයුරින් වර්ධනය වන නිසා විය යුතුය. මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් හැඟියන්නේ, මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ සමස්ත ජනයා පිළිබඳ කිසිදු සානුකම්පිත හැඟීමක් නොමැති බවය.

    අපගේ ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාවගේ දක්ෂතාවය හා කැපවීම මත සාමාන්‍ය ආදායම් තත්ත්වය වැඩිකර ගැනීමට ලංකාවට අවස්ථාවක් ලබාගැනීම වරදක්ද? අපගේ ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාව තම යෝග්‍යතාවය අනුව වඩා හොඳ අවස්ථාවන් ඇතිකර ගැනීමට ඉඩ නොදී රජයක් වශයෙන් නිකරුනේ බලා සිටිය යුතුදැයි අපේක්ෂා කරන්නේද? අපගේ ජාතික ඉලක්කයන් ප්‍රමාදයකින් තොරව ළඟාකර ගැනීමට රජය මොවුන්ට අවස්ථා ලබාදිය යුතු නොවේද?

    ජී.එස්.පී. සහනය හරහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ “අධීක්ෂණයට යටත් කරයි” යනුවෙන් ප්‍රකාශ කිරීම හාස්‍යජනක ය. ජගත් මානව හිමිකම් ප්‍රතිපත්තීන් ගණනාවක පාර්ශවකරුවන් වූවද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම වෙත තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ ශ්‍රී ලාංකීය ජනතාව විසින් නිර්දේශ නොකරන ලද කිසිවක් අප විසින් ක්‍රියාත්මක කරන්නේ නැත. වධහිංසා පැමිණ වීමෙන් සියලු පුරවැසියන් ආරක්ෂා කිරීම අන්‍යයන් විසින් පනවන ලද නීතියක් නොව, එය මානව ජාතිය විසින් ඉතා පූජනීය වූ මානව සාරධර්ම ප්‍රතිපත්තීන් උදෙසා තමන්ගේම පුරවැසියන් ආරක්ෂා කිරීමේ පරමාධිපත්‍යයේ තීරණයකි.

    තමන් ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික අනුගාමිකයෙක් පමණක් නොව එහි භාරකරුවෙක් යැයි කියාපාන මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ පුරවැසියන්ට මූලික මානව හිමිකම් ප්‍රතිපත්තීන්, අයිතිවාසිකම් හා නිදහස ලබාදීම වෙනුවෙන් පෙනී නොසිටීම ඛේදජනක ය. සුරක්ෂිතතාවයේ ප්‍රබල ප්‍රමිතීන් සඳහා හිමිකම් කීමට අපගේ ප්‍රජාවට අයිතිය අහිමි ද? මානව හිමිකම් හා මානව නිදහසේ ප්‍රබල ප්‍රමිතීන්ට හිමිකම් කීමට අපගේ පුරවැසියන්හට අයිතිවාසිකම් අහිමි ද?

    රාජපක්ෂ මහතාගේ හා ඔහුගේ උපදේශකයන්ගේ අදක්ෂතාවය හා උද්දච්ඡ ස්වභාවය මෙරටේ ජනතාවට ඔවුන් සතු අයිතිවාසිකම් අහිමි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී. පහසුකම් ලබාගැනීමේ දී රාජපක්ෂ මහතා අසාර්ථක විය. අතුරුදහන් කිරීම් හා මානව හිමිකම් උල්ලංගණය කිරීමේ අවස්ථා විභාග කිරීමට, වධහිංසාවෙන් ජනතාව ආරක්ෂා කිරීමට ඔහු විසින්ම පත්කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම විසින් 2011 වසරේදී කරන ලද නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ඔහු වෙත උපදෙස් දෙන ලදී. සත්‍ය වශයෙන්ම එය ශ්‍රී ලංකාවේ නීතිගරුක හමුදා සෙබළුන්ට කරන ලද අසාධාරණයක්ද විය. ඔහු එසේ තම වගකීම් ඉටුනොකර අසමත් වීමෙන් පසුව වර්තමානයේ දී මෙම රජය රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට උත්සහ දරන වැඩපිළිවෙළ විවේචනය කිරීම ද්වේශ සහගත ක්‍රියාවකි.

    2010 වසරේදී ජී.එස්.පී. සහනය රඳවා ගැනීම සඳහා රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකයන් අන්තිම තත්පරය දක්වා උත්සාහ දැරූ ආකාරය පිළිබඳව මේ රජය හොඳින් දනියි. එම උත්සාහය ව්‍යාර්ථ වීමෙන් පසුව රටේ දේශපාලන, නෛතික හා ආනයනික රාමුවට ඇතිවන හානිය වළක්වාලීමේ අරමුණින් ජී.එස්.පී. පහසුකම් ලබා නොගැනීමට තමන් තීරණය කළායැයි බොරු පවසමින් ජනතාව රැවටීමට ලක් කළේය.

    ඔහුට තවමත් එම බොරුවලින් මිදීමට නොහැකි වී ඇත. එහෙයින් වසර හතකට පසුව වුවද 2017 වසරේදී ද වෙනත් ආකාරයට, වෙනත් වචන භාවිත කරමින් ඔහු එම ව්‍යාජ ක්‍රමය අනුගමනය කරමින් සිටියි.

    ජාත්‍යන්තර ප්‍රජාව සමඟ උරෙන් උර ගැටී ගෞරවාන්විත ජාතියක් ලෙස ජාත්‍යන්තරයේ දී පෙර ශ්‍රී ලංකාවට අහිමි වූ උචිත තත්ත්වය නැවත වාරයක් ලබාගැනීමට ජී.එස්.පී. සහනය හවුල්කාරී ක්‍රමවේදයක් ලෙස රජය සලකනු ලබයි. මෙම තත්ත්වය, පසුගිය පාලනය විසින් අපගේ රට හා ජනතාව නීචයන්ගේ තත්ත්වයට ඇද දැමූ අවස්ථාවෙන් මිදීමට ඉවහල් වනු ඇත. ශ්‍රී ලංකාවට මෙන්ම එහි ජනතාව ද ලොව හොඳම දෙය ලබාගැනීමට අයිතියක් ඇත.

    අප රට තුළ නීති පද්ධතිය නිසි පරිදි බලාත්මක කරන විට, මේ රටේ ව්‍යවසායකයන් හා වැඩකරන ජනතාවගේ පරිශ්‍රමයන්හි ඵලදාව වෙනුවෙන් ලෝකයේ අන් රටවල මුහුදු තොටවල් විවෘතව, ප්‍රතිලාභ ලබද්දී එය දරාගැනීමට නොහැකිවූවෝ සම්බන්ධයෙන් අපට ඇත්තේ කණගාටුවක් පමණි.

    ශ්‍රී ලංකාව මෙන්ම එහි ජනතාවටද ලෝකයේ අනෙක් ඕනෑම රටක් හෝ රටවල් සමූහයක් සමඟ සමසේ ආත්ම විශ්වාසයෙන් යුතුව කථාකිරීමට හා කටයුතු කිරීමට ද හැකි පෞඪ ජාතියකි. ශ්‍රී ලාංකිකයන් ධෛර්යය සම්පන්න ජාතියක් බව පෙන්වීම සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයන් තුළ කිසිවක් සැඟවීමට අපට අවශ්‍ය නැත.

    ReplyDelete
  14. අහෝ.., මහින්ද රාජපක්ෂ තරම් බූරුවෙක් තවත් වේද? මෝඩයාගේ පොසොන් පණිවුඩයේ සඳහන් බරපතල දෝෂ 8 ක් මෙන්න..!

    (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.09, ප.ව‍‍‍‍.6.10) පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ ලෙස තමාම තමන්ව හඳුන්වා ගන්නා) නිකුත්කළ පොසොන් දින පණිවුඩයේ ඇති වැරදි අටක්, ඔබේ පහන් සංවේගය පිණිස මෙලෙස හෙළි කරමු..

    පර්සි මහේන්ද්‍රගේ පොසොන් දින පණිවුඩය සමාජ මාධ්‍ය තුල මේ වනවිට දැඩි කතාබහට ලක්වී ඇත. බොහෝදෙනා පෙන්වා දෙන්නේ මිහිඳු මා හිමි දේවානම් පියතිස්සගේ පුතකු ලෙස හඳුන්වා දීමේ වරද පමණි. නමුත් වඩා විමසිලිමත්ව බැලූවිට මෙම ලිපියේ වැරදි ගණනාවකි.

    "දේවානම්පියතිස්ස මහා නරපතියාණන් විසින් තම පුත්‍ර තනතුරේ ලා හැදු වැඩූ මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."

    1 - මුලික වශයෙන්ම මිහිඳු මාහිමියන් (ගිහිකල "මහින්ද" ) ධර්මාශෝක රජුගේ පුතෙකි. පළමු වචනයම වැරදිය.

    2 - ඔහු "තම පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ " යන්නේන් අදහස් වෙන්නේ, දේවානම්පියතිස්ස විසිනි මහින්ද දරුකමට හදාගත් අයකු බවය. එය එසේ නොවේ. මහින්ද යනු, ධර්මාශෝක රජුගේ පළමු බිරිඳගේ පුතුය.

    "...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ ධර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ ..."

    3 - "...මිහිදු මාහිමියන් හට උතුම්වූ බුද්ධ දර්මය ජම්බුද්විපයේ සිට ශ්‍රී ලංකාවට දායාද කෙරුනේ..." යන්න ව්‍යාකරණ අනුකූලව වැරදිය. මින් අදහස් වන්නේ බුද්ධ ධර්මය මිහිඳු මාහිමියන්ට ජම්බුද්වීපයේ සිට ශ්‍රී ලංකාවට දායාද වූවක් බවය. එහි කිසිදු අරුතක් තේරුම් ගත නොහැක.

    4 - "පුත්‍ර තනතුරේ ලා හැදූ වැඩූ මිහිඳු මාහිමියන් " පුත්‍ර තනතුරේ ලා හැදු වැඩුනේ මිහිඳු මාහිමියන් නොව මහින්දය. මිහිඳු මාහිමියන් බවට පත්වන්නේ පැවිදි වීමෙන් පසුවය. ඉපැදුන ගමන් පැවිදි වී, පුත්‍ර තනතුරේ හැදී වැඩුන බවක් මින් අදහස් වේ.

    "එබැවින් පරම ප්‍රනීත වූ උතුම් බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ පොසොන් පෝ දිනය..."

    5 - උතුම් බුද්ධ වචනය පළමු වරට ලෝකයට ශ්‍රවනය වුයේ, බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වූ ධම්ම චකක්පවත්තන සූත්‍රය තුලිනි. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ ලංකාවට බුද්ධ වචනය පළමු වරට ශ්‍රවනය වූ දිනය ගැන විය යුතුය. එසේ වුවද ඔහු වැරදිය. මන්ද මහින්දාගමනයට පෙර බුදුන් 3 වරක් ලක්දිවට වැඩමකොට ධර්මය දේශනා කළ බැවිනි.

    "..අප ඇසු පළමු බුද්ධ වචනය මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රිය වැඩිය යුතු බව.."

    7 - ධම්ම චක්කපවත්තන සූත්‍රයේ බුදුන් දේශනා කෙළේ මධ්‍යම ප්‍රතිපදාව ගැනය. නොඑසේව මෛත්‍රීය ගැන නොවේ. පර්සි මහේන්ද්‍ර අදහස් කරන්නේ මිහිඳු ආගමනයේ දී ලංකාව පළමුව ශ්‍රවනය කළ බුද්ධ වචනය නම් , එයද වැරදිය. මන්ද මිහිඳු මාහිමි දේශනා කළේ "චුල්ල හත්ථි පදෝපම සූත්‍රය" වන අතර, එහි මිනිසා, සතා සිවුපාවා, ගහකොළ සේම උපනූපන් සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බවක් සඳහන් නොකරණ බැවිනි.

    8 - මෛත්‍රී භාවනාව ගැන අබමල් රේණුවක් හෝ දන්නා කෙනෙකු මෙබඳු කෙබර දෙසන්නේ නැත. කරණීය මෙත්ත සුත්‍රයේ කිසිදු තැනක අජීවී "ගහකොළ" ට මෛත්‍රී කරන ලෙස පවසන්නේ නැත. නූපන් සත්වයන්ට මෛත්‍රී කරන ලෙස සඳහන් වන්නේ කුමන ධර්ම දේශනාවකද යන්න දන්නා අයෙක් වේ නම් පවසත්වා.

    (පර්සි මහින්දගේ ගොබ්බ පොසොන් පණිවුඩය මෙහි දැක්වේ. පහත ඇති කුඩා පින්තූරය මත ක්ලික් කර විශාල කිරීමෙන් කියැවිය හැකිය)

    ReplyDelete
    Replies
    1. මහින්දයගෙ මාධ්‍ය ලේකම් වෙලා ඉන්නෙ බූරු දංගොතා නොහොත් කුමාර කලුආරච්චි කියන නරියද දන්නෑ.

      Delete
  15. ගෝඨාභයගෙන් රහස් පොලිසිය පැය හතර හමාරක් ප්‍රශ්න කරයි..! පරණ පාට් දාන්න ගිය ගෝඨා කිච වෙයි..!!

    (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.06, ප.ව‍‍‍‍.11.10) රාජපක්ෂ රෙජීමය වනචර දශකයක් පුරා සිදුකළ රහසිගත ඝාතන රැසකට නීති විරෝධී නියෝග දුන් මිනීමරු ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වරට පසුගිය සඳුදා (05) රහස් පොලිසියට කැඳවා පුරා පැය 4 හමාරක් තිස්සේ ප්‍රශ්න කිරීම් වලට භාජනය කරන ලදී.

    රාජපක්ෂ රෙජීමය බලයෙන් විසි වී ගිය අලුත ගෝඨාභය රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණෙන්නැයි දැනුම් දුන් විට මහා මාර්ගය අවහිර කරමින් ඩෙඟා නැටූ තක්කඩි සිවුරුකරුවන් සහ ඒකාබද්ධයේ දූෂිත දේශපාලකයන් කිසිවෙක් පසුගිය සඳුදා ගෝඨාභය සීඅයිඩියට යද්දී පැමිණ සිටියේ නැත.

    රාජපක්ෂ රෙජීමයේ වෙනත් දූෂිතයන් සහ මෘගයන් පොලිස් ප්‍රශ්න කිරීම් වලට යද්දී ඔවුන්ගේ ‘වොයිස් කට්‘ ලබා ගැනීම සඳහා ජඩමාධ්‍යකරුවන් ඒ ඒ ස්ථාන වෙත යවමින් ඒවා සංවිධානය කරන ගෝඨා, තමන් රහස් පොලිසියට යද්දී කිසිදු ජඩමාධ්‍ය කරුවෙකුට නොදන්වා හොර රහසේම සීඅයිඩියට ආවේය. හොර රහසේම සීඅයිඩියෙන් පිට වී ගියේ ය.

    ප්‍රශ්න කිරීම් ආරම්භයේ දීම පරණ ආරක්ෂක ලේකම් පාට් දැමීමට ගොස් කිච වූ ගෝඨාභය, මඳ වේලාවක් යද්දී වතුර ඉල්ලාගෙන බී වේලෙන උගුර කට තෙමා ගනිමින්, වරින් වර වැසිකිලිය සොයා යමින්, මීයෙකු මෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ ය. සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හෙළි දරව් කිරීම නොකරන නමුත් ප්‍රධාන වශයෙන් පළමු අවස්ථාවේ දී ඔහුගෙන් ප්‍රශ්න කරන ලද්දේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ අපරාධය පිළිබඳව ය.

    තම ගැලවිල්ල හදාගෙන ඉතාමත් සැලසුම් සහගතව සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් කෙදිනකවත් තමා සොයා පරීක්ෂකයන් එන්නේ නැතැයි මුලදී සෑම අපරාධකරුවෙකුම සිතන නමුත් එය යම් දිනෙක සිදුවන්නේම ය.

    ගෝඨාභයගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ දිනයේම තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි, ගෝඨාභයගේ සමීප හෙංචයියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අනුර සේනානායක දැඩි ඇප කොන්දේසි මත මුදා හැරින. මීට පෙර විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළ අනුර සේනානායක කියා සිටියේ සැබෑ වරදකරුවන් නිදහසේ සිටියදී තමන්ව සිරගත කර සිටින බවයි. ඇප ලබා ගෙදර යන ගමන් ඔහු මාධ්‍යයට කීවේ “බොහොම ස්තූතියි“ යන්න පමණි.

    ReplyDelete
    Replies
    1. “බොහොම ස්තූතියි“

      Delete
  16. සරස තුමා,

    එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම ඔත්තු සේවා මගින් මහින්ද රාජපක්‍ෂ ගෙදර ඇරියා. රනිල්ට බටහිර රටවල් පොවපු වචනවලින් නම් රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැව්වා. එහි දී සිවල් සමාජ කාරයන් වගේ ම ජාතික හෙළ උරුමයත් ජ.වි. පෙරමුණත් යොදා ගත්තා. ඒ හැමටමත් වඩා මුහුණු පොත යොදා ගත්තා. එය කෙලින් ම බටහිර රටවල් කල වැඩක්.

    සරස තුමා ජ.වි.පෙ. ඉන්නෙ කොතන ද කියන එක පැහැදිලියි. ව්‍යාජ රංගන කළත් ඔවුන් ඉන්නේ රනිල් එක්ක, එ.ජා. පක්‍ෂය එක්ක. 2015 ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති කිරීමේදීත් අගෝස්තු මැතිවරණයේදීත් ජ.වි.පෙ. හිටියෙ රනිල් - මෛත්‍රිපාල එක්ක.

    ජාතික හෙළ උරුමය ඊනියා යුග පෙරළියක් ගැන කතා කෙරුවා. ඔවුන් හිතන්න ඇති අර සිවල් සමාජ කාරයන් වගේ ම මේ ආණ්ඩුව බලයට පත් කෙරුවෙ ඒගොල්ලන් කියලා. ඒත් එහෙම එකක් වුණෙ නැහැ.

    ReplyDelete
  17. වෛද්‍යවරුනම් අමු කුහකයො තමයි ඒත්
    //ජනතාව ගේ හිතමිත්‍ර සුරතල් අගමැති තමන් ගේ ලෙඩ රෝග පරීක්ශා කර ගන්න අමෙරිකාවේ ගොස් සති තුනක් ගත කලේය. ඒ අතරතුර ලන්කාවේ මහජනතාව බලා ගත්තේ කුහක වෛද්‍යවරුන් විසිනි// මේක ඇත්ත

    ReplyDelete
    Replies
    1. "කුහක " වෛද්‍යවරුන් ට ජයින් ජයිම වේවා!

      Delete
  18. සරස රජයේ හිමිකාරීත්වය සහිත ආයතන තුනක් පුද්ගලික අංශයට විකුණා දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කර ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

    මෙසේ විකුණා දමන්නැයි යෝජනා කර ඇත්තේ "වෝටර්ස් එජ්", මොබිටෙල් සහ හිල්ටන් හෝටලයයි.

    "වෝටර්ස් එජ්" විකුණ්ණොත් නෙලුම්යාය 2018 එ.ජා.ප. කුලී ලියන සට්ටැඹියන් සම්මනයෙන් පුදන්නේ අහවල් ලබ්බක තබාගෙනද? ඇජිත් ධර්මා තුමනි???

    ReplyDelete
    Replies
    1. // "වෝටර්ස් එජ්" විකුණ්ණොත් නෙලුම්යාය 2018 එ.ජා.ප. කුලී ලියන සට්ටැඹියන් සම්මනයෙන් පුදන්නේ අහවල් ලබ්බක තබාගෙනද? ඇජිත් ධර්මා තුමනි???. //



      මෙවුවා දැවෙන ප්‍රශ්න හිටන්!

      Delete
  19. සරස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූර විකෘති කර ෆේස්බුක්හි පල කලහොත් එම ගිණුම් අවහිර වනු ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

    ජනාධිපතිවරයාගේ පින්තූරවල අයිතිය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මුදල් ගෙවා ලබා ගෙන ඇතැයිද විකෘත් කරන ලද එම පින්තූර පල කරන ගිණුම් සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමෙන් පසු වසා දමා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ සීරියස්.. අහුවෙන හැමෝම මනෝ කිචිස්සක ගාවට යවලා වාර්තාවක් ගන්න ඕනේ...

      Delete
  20. මෙහි පහත උපුටාගැනීම නෙලුන්යාය කොම්පැනියේ ලන්කා නිවුස් වෙබ් අඩවියෙනි

    //
    ඔවුන් දෙදෙනාම මේ ආකාරයට සබඳතා පවත්වා ඇති වරෙන්තුකරුවා වන්නේ අන් කිසිවෙක් නොව රාජපක්ෂ පාලන සමයේදී රුසියාවේ හා යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන ලද උදයංග වීරතුංග ය. උදයංග වීරතුංගට එරෙහිව මතුවී ඇති චෝදනාවන් ද සරල ලෙස බැහැර කළහැකි ඒවා නොවේ. ඉන් එකක් ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ චෝදනාවක් වේ. අනෙක මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනාවකි. අදාළ චෝදනා පිළිබඳව සළකා බලා ඇති අධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔහු ඒ වනවිටත් රටින් බැහැර වී අධිකරණය මඟ හරිමින් සිටි බැවින්ය. ඒ සමග තවත් අධිකරණයකින් උදයංග වීරතුංගගේ මෙරට බැංකු ගිණුම් 16 ක් තහනම් කර ඇති අතර ඒ තුළ තැන්පත්ව ඇති රුපියල් මිලි 225 ක මුදල ද ගනුදෙනු කළනොහැකි ආකාරයට අත්හිටුවා තිබේ.



    ඒ අනුව සැලකීමේදී උදයංග වීරතුංගට අදාළව මේ රටේ නීතිය හමුවේ ගොනුවී ඇති චෝදනා මෙන්ම ඊට අදාළව අධිකරණය විසින් ගෙන ඇති පියවරයන් ද සැලකිය යුත්තේ බැරෑරුම් ලෙසටය. එවැනි පසුබිමක තම නිවැරදි භාවය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් ඇත්නම් උදයංග වීරතුංග කළයුතුව ඇත්තේ අධිකරණය හමුවට පැමිණ ඒ බව තහවුරු කිරීමය. එහෙත් ඔහු දිගින් දිගටම අධිකරණය මග හරිමින් සිටිනවා පමණක් නොව චේතනාන්විතව සිදුකරන එම ක්‍රියාව හරහා අධිකරණයට බලවත් අපහාසයක් ද කරමින් සිටියි. ඒ තුළ ඔහු නියතවශයෙන්ම අභියෝග කරන්නේ නීතියේ ආධිපත්‍යයට ය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රිස්තියානි කටයුතු හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා උදයංග වීරතුංග මහතා සමග ප්‍රසිද්ධියේම ගනුදෙනු කරන්නේ ඒ අතරතුර ය. එය එසේ සිදුවී ඇත්තේ පසුගිය දා වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා සිදුකළ ජපාන සංචාරය අතරතුරදීය. ඒ අනුව ඔවුන් දෙදෙනා සිදුකර ඇති එම ක්‍රියාව ද අතිශයින්ම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතුව තිබේ. රටක අධිකරණය මග හරිමින් සිටින, ජාත්‍යන්තර පොලිසිය හරහා ද වරෙන්තු නිකුත් කර ඇති අපරාධ චෝදනා එල්ල වූවෙක් සමග රටක නීති සම්පාදනය කරන ආයතනයේ සාමාජිකයින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ පෙනී සිටීම සැළකිය යුත්තේ බරපතළ වරදක් ලෙසය. අධිකරණයට ද කළ බරපතල අපහාසයක් ලෙසටය. මෙහිදී නැවතත් සිහිපත් වන්නේ ඇරිස්ටෝටල් ගේ පෙර කී කියමනයි. “සියලුම සතුන් අතරින් උසස්ම සතා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලුම සතුන් අතර පහත්ම සතා වන්නේත් මිනිසාය”. //

    අන්න බලන්න අවන්ක මිනිස්සු. අම්ම අප්පා කලත් වැරැද්ද වැරැද්ද විදියට කියන නියම කස්ටිය.
    (හැබැයි ඒ අයගේ ලොක්කගේ රතු කොලේ .... නැහැ වැඩක් නැහැ , බැඳුන්කරේ වගේ ඕකත් අල්ලලා දාමු නේද.)

    ReplyDelete
    Replies
    1. අපි පස්ස පැත්තෙන් හිනාවෙමු නේද ගරු ඇණෝ තුමෝ?

      Delete
  21. පුරහඳ සේ සිනුවර බබලවන මා ලකඹරට ආඩම්බරයකි. සාරස හෙවත් කුමාර කළුආරච්චි වැනි නූගත් පුඟුලන් කෙතරම් බිරුවද මා ඒ සියල්ල පයෙහි පෑගුණු වැලි ඇටයක් තරම් වත් නොගෙන දහවල්හි නැගුනු චන්ද්‍රයෙකු සේ සිනුවර ලකඹර එකවර බබලවන්නාහුය.

    "කුහක වෛද්‍යවරුන්" යන යෙදුම දුටු විට මෙය සිහිවිය!

    ඕස්ටේ‍ර්ලියාවේ අගනුවර වන කැන්බරා නුවර වෙසෙන මගේ මිතුරෙකුට මා ලියූ කවි ලිපියක මා මෙසේ සඳහන් කළෙමි.

    කැන්බරා නුවර සිට නුඹ දුක් විඳින්නේ
    අන් ජරා දෙසක් ගැන මා නොදන්නේ
    පුන්සරා සිඩ්නි සඳ මෙහි දිලෙන්නේ
    පින්බරා අපට විතරය පෙනෙන්නේ!

    මේ කවියම මා මෙල්බර්න් නුවර වෙසෙන මිතුරෙකුට යැවීමට මෙලෙස වෙනස් කළෙමි.

    මෙල්බන් නුවර සිට නුඹ දුක් විඳින්නේ
    හොල්මන් දෙසක් ගැන වෙන මා නොදන්නේ
    රන්වන් සිඩ්නි සඳ මෙහි අද දිලෙන්නේ
    පින්වන්තයින් හට විතරය පෙනෙන්නේ!

    පර්ත් නුවර වෙසෙන මිතුරෙකු සඳහා මගේ කවිය මෙලෙස වෙනස් කළෙමි.

    නුවර පර්ත් සිට නුඹ දුක් විඳින්නේ
    කවර පවින් දෝ මා නම් නොදන්නේ
    පවර සිනුවරේ පුර සඳ දිලෙන්නේ
    මිතුර පින් කරපු අයටය පෙනෙන්නේ!

    සාමාන්‍යයෙන් කවියක් ලිවීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එසේ හෙයින්, මේ ආකාරයේ විශේෂ ආකෘතිවලට අනුකූලවන අන්දමින් කවි ලිවීම ඉතා දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත!

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
  22. සරස ජවිපෙ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක පසුගියදා විවාහ විම ගැනත් ඔහු ස්ලිට් පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන මිහින් ලංකා ආයතනයේ රැකියාව කිරීම ගැනත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද ලංකාදීප පුවත්පත සමග අදහස් පල කරයි.

    සාකච්චාව අනුව සරස ජවිපෙට ගැටුළුව ඇත්තේ සයිටම් ආයතනය සමග මිස පුද්ගලික අධ්‍යාපනය සමග නොවේ. ඔහු පවසන්නේ රාජ්‍ය ආධ්‍යපනයෙන් ඉගෙන ගන්නට බැරි වූ දෙයක් පුද්ගලික ආයතනයකින් කර ගත හැක. ජවිපෙ මෙම මතය මීට පෙර ඉදිරිපත් කල බවක් පැහැදිලි නැත.

    මිහින් ලංකා හා ශ‍්‍රී ලන්කන් එයාර් හි රාජපක්‍ෂ හෙංචයින් පුරවාගෙන සිටින බවට එකල ජවිපෙ කල විවේචනය මෙම සාකච්චාවෙන් බොරු වෙයි. එදා කතා අනුව අනුරගේ පුතා එක්කෝ රාජපක්‍ෂ හෙංචයියෙකි. නැතොත් අද කතාව අනුව සුදුසුකම් මත රැකියාව ලැබූ අයෙකි. එමෙන්ම මිහින් ලංකා හා ශ‍්‍රි ලන්කන් එයාර්හි සිටින්නේ රාජපක්‍ෂ හෙංචයිනන් නොව සුදුසුකම් මත රැකියාව ලැබූ පුද්ගලයින්ය.

    ReplyDelete
  23. සරස 2013 දි ස්ලිට් එකට එරෙහිව ජවිපෙ කතා කළ හැටි

    ///ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ප‍්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග ප‍්‍රකාරව කම්කරු පන්තියට හා පීඩිත මහජනතාවන්ට එරෙහි කප්පාදු පියවර ක‍්‍රියාවට දමමින් සිටින රාජපක්ෂ ආන්ඩුව මහජනයා අත්විඳින සීමිත සුභසාධන පවා ආපසු හැරවීමේ පිලිවෙතක නිරතව සිටී. නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය මත ප‍්‍රතිපාදන එක් අයවැයකට පසු තවෙකක් වශයෙන් කප්පාදු කෙරී පවතී. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට කරන වැය කප්පාදු කරන අතර පුද්ගලික අංශයට හතු පිපෙන්නාක් මෙන් උපාධි කඩ විවෘත කිරීමට ඉඩ දී ඇති අතර කොලඹ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය හා මාලබේ තොරතුරු තාක්ෂන ආයතනය (ස්ලිට්) වැනි පෞද්ගලික ආයතනවලට උපාධි පිරිනැමීමට ද අවසර දී ඇත…../// වැඩි විස්තර

    https://www.wsws.org/sinhala/2013/2013jul/sleu-01j.html

    ReplyDelete