Wednesday, June 28, 2017

ආසියානු මානව හිමිකම් කොමිසම් විගඩම

ආසියානු මානව හිමිකම් කොමිසම Asian Human Rights Commission කියා අටමගලයක් හොන්ග් කොන්ග් රටේ තිබේ. බරසාර වචන යොදා නම හදා තිබුනාට රැවටෙන්න එපා... එම ආසියානු මානව හිමිකම් කොමිසම එක්සත් ජාතීන් ගේ සන්විදානයට හෝ ආසියාන් සවිදානයට හෝ වෙන කිසි ගෝලීය ගෝලීය සන්විදානයකට අයත් නැති චූටි හාල් කෑලි  සන්විදානයකි.  කොටින් ම කියනවා නම් සින්හල බ්ලොග් ලියන්නන් විකුනන්නට හැදූ මලත් අය වැය වාර්තා නොපෙන්වන නෙලුම් යාය පදනම වගේ එකක් ය. එහි සේවය කරන්නේ දෙතුන් දෙනෙකු බවද එම දෙතුන් දෙනා අධ්‍යක්ශක වරුන් ලෙස  ද ක්‍රියා කරන බවද සමහරු පවසති. නෙලුම් යාය පදනම වගේමයි නේද?

 එහි වැඩියෙන් ම පෙන්වාදෙන්නේ ශ්‍රී ලන්කාවේ සිදු වුනායැයි කියනා මානව හිමිකම් කැඩීම් ය. ආසියාවේ වෙනත් රටවල් ගත් කල, පිලිපීනය, ඉන්දුනීසියාව සහ නේපාලයට ද විරුද්දව කුඩා කෙඳිරීම් දක්නට ඇත. 

ආසියානු මානව හිමිකම් කොමිසම් සන්විදානය කිසි දිනක චීනයට විරුද්දව හඬක් නොනගන්නේ කඩය වහලා හොන් කොන්ග් රටෙන් පිටවෙන්න කියලා චීනය පාට් එකක් දමයි කියා  ඇති බිය ට නොව චීනය මානව හිමිකම් කිසිවක් උල්ලන්ගනය නොකරන රටක් වීම නිසාමය!

ආසියානු මානව හිමිකම් කොමිසම මේ දිනවල මහ හඬින් කෑකොස්සන් ගසන්නේ පහුගියදා දෙරණ අද පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතිඥ ලක්ශාන් ඩයස් කියාපු පල්ලි 166ක් කැඩුවා කියනා කතාව අදිකරණ ඇමති විජේදාස රාජපක්ශ මහතා විසින් අභියෝගයට ලක් කල නිසා ය.  

සන්විදානය ලක්ශාන් ඩයස් ගැන මේ තරම් දුකින් කතා කරන්නේ සන්විදානයේ ලොක්කා 88/89 භීශන සමයේ ශ්‍රී ලන්කාවෙන් පැනගිය බැසිල් ප්‍රනාන්දු නම් හාදයා වීම නිසාය. බැසිල් ප්‍රනාන්දු ගේ බඩ රස්සාව මේ ආසියානු මානව හිමිකම් කොමිසම් ඇන් ජී ඕ කබල ඉදිරියට රෝල් කිරීම නිසාය. ලක්ශාන් ඩයසුත් පසුගිය කාලයේ හොන්ග් කොන්ග් රටේ YMCA හී ලිපිකරු ලෙස සේවය කල නිසා ය. බැසිල් ප්‍රනාන්දුට ශ්‍රී ලන්කාව ගැන වෛරයක් ඇති නිසාය. ඒ වෛරය හේතුවෙන් පුපුර පුපුරා ලන්කාවට මඩ ගසන්නට හැකි නිසාය. 

ඉතින් පින්වතුනි පොඩ්ඩක් සද්දෙට ආසියානු මානව හිමිකම් කොමිසම මාද්‍ය නිවේදනයක් පල කලාම එක්සත් ජාතීන් ගේ සන්විදානය පල කල මාද්‍ය නිවේදනයක් ලෙස ගනන් ගන්න එපා. නෙලුම් යාය පදනම පල අධෝවාතයක් ලෙසින් නොසලකා හරින්න.

21 comments:

  1. සාරස, ආසියානු මානව හිමිකම් පිම්පියන්ට ලංකාවේ නීතියේ ආධිපත්‍ය නැතිවෙනවා කියා මතක් වෙන්නේ බෞද්ධ භික්ෂූන්ගේ ප්‍රකාශ ඇහුවම විතරයි. මහා බැංකුව හොරාකපු උන්ට නීතිය ක්‍රියාත්මක නොකරන කොටත්, රිෂාර්ඩ් බදුර්දීන් වන රක්ෂිත විනාශ කරනකොටත්, ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමවන මහජන චන්දෙ විසිකරලා පළාත්පාලන ආයතන අකර්මන්යකරන කොටත්, පාර්ලිමේන්තුවේ තියන ගණිතමය විකාරය අනුව ලක්ෂ 50 ජනතාවගේ මතයට ඉඩක් නැතිකොටත්, මහජනතාවගේ හඬට කන්දෙනවා වෙනුවට පොලීසියෙන් ලෙහැලෙන්න ගහනකොටත්, විරෝධතා විසුරවනවිටදී වටකරලා ගහල උපරිම හානිය විරෝධතාකරුවන්ට කරනකොටත්, හැමතැනම සිදුකරන හොරකම් වලදීත් ආසියානු මානව හිමිකම් පිම්පියන් අපාගත වෙලාද හිටියේ? අජිත් ධර්මකීර්තිලා නෙලුම්යාය හොර ගුහාව අටවාගෙන හොරාකන කොටත් මේ _ත්තිගෙ පුතාලා බුදි. රෙද්දේ එන්ජීඕ පල් හොරු.

    ReplyDelete
    Replies
    1. මෑතක් වන තුරුම නීති විද්‍යාලය සඳහා මූලික සුදුසුකම වූයේ සාමාන්‍ය පෙල සමත් වීමය. වැලි-අමුන කාරයා 1980 ත්, කෙහෙල් සුජී '90 මුලත් සා.පෙල පලමු වරට අසමත් වූ බව බඩේ බත් මෙන් ශුවර්ය

      ලක්ශාන් ඩයස් ලා වැනි උන් බොහොමයක් දෙතුන් වතාවක් සා.පෙල විභාගයට පෙනී සිට යන්තම් 6/3 ක් ලබා ගෙන නීති විද්‍යාලයෙනුත් ඔවැනිම සෙල්ලමක් දමා නීතිඥයෙක් වූ විට උසාවි ගොස් නීති තර්ක ඉදිරිපත් කරන්නට ගොස් කිච වෙන නිසා මෙවැනි විගඩමක් අටවා ගෙන බඩ වියත සොයා ගනී.

      උන්ගේ බුද්දියේ තරමට හා උසේ හැටියට කම්කරු කමක් වත් සොයා ගත නොහැක.

      Delete
  2. හොදම දේ මාද්‍යවෙදීන් රාඡ්‍යපාලකයන් ලෙස පත්කිරීමය.

    ReplyDelete
  3. ශී‍්‍ර ලාංකික සමාජයේ පවතින දරුණු බව හා ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජමය විමර්ශනයක් පවත්වන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම විවෘත ඉල්ලීමක් ඉදිරිපත් කරයි.


    එමෙන්ම එල්ටීටීඊයට එරෙහිව යුද්ධය පැවති සමයේ, ආරක්‍ෂක හමුදා භටයින්ට ඕනෑම කි‍්‍රයාවක් කිරීමට ලබාදුන් පූර්ණ නිදහස යුද්ධය අවසන් වීමෙන් පසුව සමස්ත රටටම බලපා ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටී.

    විරෝධතා සිද්ධීන්වලදී ජනතාව නීතිය අතට ගතහොත් ත‍්‍රස්ත මර්දන නීති භාවිතා කොට ඔවුන් මර්දනය කරන බවට ආණ්ඩුව කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද එම කොමිසම අදහස් දක්වා ඇත.

    එමනිසා, සමාජයේ පවතින දරුණු බව හා ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජමය විමර්ශනයක් පවත්වන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම ශී‍්‍ර ලාංකික ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා සිටී.

    - අජිත් ධර්මකීර්ති

    ReplyDelete
  4. යහපාලන පොරොන්දු ගැන දැන් වගේවගක් නැති ගාණට සිටින ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ අවසානයට කළ යුතු සහන සැලසීම පළමුව සිදුකොට, පළමුව සිදුකළ යුතු අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම දැනුවත්වම මගහැර යෑමය. ඔහු සිදුකර ඇත්තේ අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේම කියා ඇති පරිදි ‘රණවිරු’ ලේබලයෙන් අපරාධකරුවන් ආරක්ෂා කිරීමය. අපරාධකරුවන් වෙනුවෙන් මේ රටේ පොදු මහජන මුදලින් ජනමාධ්‍ය සමාජයේ වින්දිතයන්ට සහන සැලසීමට පියවර ගැනීමය.

    ඒත් ඊට අපරාධවලට ගොදුරු වූ අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය එකඟ නැති බව ජනාධිපතිවරයා පත් කළ සහන කමිටුවට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව හා ඒවා යොමුකර ඇති පිරිස් කවුරුන්දැයි විමසීමේදී පැහැදිලි වේ. මෙම කමිටුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 38ක් පමණය. බරපතළ අපරාධ සිදුවීම් ගණයේලා සැලකිය හැකි සිදුවීම්වලට අදාළ පාර්ශ්වයන්ගෙන් ඊට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව පහක් පමණය. ඒ පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර, රූපවාහිනී මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ හා සියත ආයතනයේ හිමිකරු රොෂාන්ත කාරියප්පෙරුම පමණය.

    ප්‍රසිද්ධ සිදුවීම් වශයෙන් සැලකෙන ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැළිගොඩ, සම්පත් ලක්මාල්, කීත් නොයාර්, නාමල් පෙරේරා, ධර්මරත්නම් සිවරාම්, මයිල්වාගනම් නිමලරාජන් සම්බන්ධයෙන්වත් සිරස මාධ්‍ය ආයතනය හා උදයන් පුවත්පත් ආයතනය සම්බන්ධයෙන්වත් ඊට අයදුම්පත් ඉදිරිපත් වී නැත.

    ඉදිරිපත් වී ඇති අයදුම්පත්වලින් බහුතරය ජනමාධ්‍යවේදීන්ට ආයතනික වශයෙන් සිදුවූ පළිගැනීම් හා නොසලකා හැරීම්වලට අදාළවය. 2009 ජනාධිපතිවරණයේදී මාධ්‍ය උපමාන ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කිරීම හේතුවෙන් සේවයෙන් නෙරපා හැරුණු, අනිවාර්ය නිවාඩු යැවුණු හා සේවය අත්හිටුවනු ලැබූ රූපවාහිනී සංස්ථාවේ ජනමාධ්‍යවේදීහු කිහිපදෙනෙක්ද එම අයදුම්පත් ඉදිරිපත් කළ පිරිස අතර සිටිති. ඒ මගින් අපට නොව ජනාධිපතිවරයාට මේ රටේ ජනමාධ්‍ය සමාජය ඇඟිල්ලෙන් ඇන කියා ඇති පණිවුඩය වන්නේ ඔවුන්ට යුක්තිය අවශ්‍ය බවය. යුක්තිය නොලැබී වෙනත් සහන අනවශ්‍ය බවය. එම යථාර්ථය තේරුම් ගැනීමට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් යහපාලන ආණ්ඩුවත් ප්‍රමාද කළයුතු නැත. යහපාලන පොරොන්දුවක් වූ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම ජනමාධ්‍ය සමාජයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණවලින්ම ආරම්භ කළ හැකිය.

    ඊට හේතුව මේ බොහෝ සිදුවීම් ගැන ඕනෑ තරම් සාක්ෂි තිබීමය. අවශ්‍යවන්නේ මේ පරීක්ෂණ ඉදිරියට ගෙනගොස් ප්‍රතිඵලදායක අවසානයක් කරා ගෙනයෑමේ දේශපාලන වුවමනාව පමණය. ඒ සඳහා හැකියාව ඇති පරීක්ෂකයෝ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව සිටිති. ඔවුන් දිරිමත් කිරීමට අවශ්‍ය අපරාධකාර ‘රණවිරුවන්’ දිවිහිමියෙන් ආරක්ෂා කරනවා වැනි තර්ජනාත්මක නියෝග නොව අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙනවා යන යහපාලන පොරොන්දුය.

    විශේෂයෙන්ම මෙම ලිපියට හේතු පාදක වූ පෝද්දල ජයන්තගේ සිදුවීම ගත්තද ඒ පිළිබඳ සාක්ෂි ඕනෑ තරම්ය. සිදුවීම වූ 2009 ජූනි 01 වැනිදා නුගේගොඩ ඇඹුල්දෙණිය හන්දියේ පිහිටි සිය තාවකාලික නිවස්නයට ඔහු යමින් සිටියේය. ඔහු පැහැර ගැනුණේ නිවසට යෑමට ඇති පටු මාවතට ගමන් කරමින් සිටියදීය. මේ සිදුවීම ඒ අසල වෙළෙඳසැල් හිමියෙක් දැක තිබුණේය. එම වෙළෙඳසැල් හිමියා ඒ බව ඊට මොහොතකට පසු එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි දන්නා හඳුනන මාධ්‍යවේදියෙකුට කියා තිබුණි. එම මාධ්‍යවේදියා එසමයේ ඔහු සේවය කළ මාධ්‍ය ආයතනයේ තවත් මාධ්‍යවේදියෙකුට මේ බව කියා තිබේ. ඉන්පසු පණිවුඩය ලද මාධ්‍යවේදියා මේ බව තවත් දන්නා හඳුනන මාධ්‍ය සගයන්ට කියා තිබුණු අතර එවක ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ සේවය කළ බෙනට් රූපසිංහටද කියා තිබුණි. බෙනට් රූපසිංහ කර තිබුණේ පෝද්දල ජයන්තගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් තව තව පිරිස්වලට ඒ බව කීමය. එසේ කී පිරිස අතර ඩලස් අලහප්පෙරුමද සිට ඇත. ඒ මොහොතේ ඩලස් අලහප්පෙරුම සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා පැවති ජනමාධ්‍යයට එරෙහිව ආණ්ඩුව මුදාහැර ඇති භීෂණය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකය. ඩලස් අලහප්පෙරුම පෝද්දල ජයන්ත පැහැරගෙන යෑමේ එම සිදුවීම හිටපු ජනාධිපතිවරයාට සැලකර ඇත. හිටපු ජනාධිපතිවරයා ඒ මොහොතේ දුරකතනය ඔස්සේ කිහිපදෙනෙකුට කතා කර සිද්ධිය දැනුම් දී ඇත. සමහරවිට පැහැරගත් පිරිස පෝද්දල ජයන්ත අයිඩීඑච් උණ රෝහල පාරේ දමා ගොස් තිබුණේ එසේ ලැබුණු දුරකතන ඇමතුමක් නිසා විය හැක.

    මේ ආකාරයේ සාක්ෂි ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඕනෑ තරම් සොයාගත හැකිය. අවශ්‍ය වන්නේ එම පරීක්ෂණ සඳහා අවංක දේශපාලන වුවමනාවක් පමණය. ඒ සඳහා ආණ්ඩුව කරවන ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් දක්වන උනන්දුව මත දැනට කෙරීගෙන යන ජනමාධ්‍යයට එරෙහි අපරාධ පිළිබඳ පරීක්ෂණ මෙන්ම තවමත් ආරම්භ කර නැති පෝද්දල ජයන්තගේ වැනි සිදුවීම්වලද පරීක්ෂණ දිශානතිය තීන්දු වනු ඇත. පෝද්දල ජයන්තගේ සිදුවීම වැනි බරපතළ අපරාධයක් පවා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා යොමු නොකිරීමෙන්ම පෙනෙන්නේ ඒ සම්බන්ධයෙන් වූ යහපාලන ආණ්ඩුවේ නිරුවත මිස වෙනකක් නොවේ.

    ReplyDelete
  5. ස රස උතුරේ යුද්දය අවසානයත් සමග යුද්දය වවාගෙන හම්බකරගෙන කෑ එන් ජී ඕ කර කාලකණ්ණි වල් පාහරයින්ට ඔවුන්ගේ ඩොලර අහිමිවීමෙ අවදානමක් පවතී. එම නිසා ඔවින්ට නව අනතුරක් පෙන්විය යුතුයි.

    ඔවුන් කොරහේ කිඹුල්ලු මවමින් සිටී !

    නායකයින් නැති අන්ත අසරන සිංහල බෞද්ධයා ඔවුන්ගේ පහසුම ඉලක්කයයි !

    ඔබ මා සමග එකඟ නොවේද ස රස? නොවේ නම් ඇයි? ඊට හේතු මොනවාද?

    ReplyDelete
  6. අතිගරු තුමනි,

    http://www.gossip99.com/2017/06/gossip-story-about-lucky-dias-v v.html

    ලකී 2020 දී UNP එකෙන් ඡන්දෙ ඉල්ලන්නවත් ද යන්නේ? ලකී වගේ ජ්‍යෙෂ්ඨයෙකු මේ වගේ සාකච්ඡාවක් නොදුන්න නම් තමා හොඳ. අපි ලකීටත් මනාප යි, එතුමියටත් මනාප යි. ලකී මේ කියන දේවල් නිසා අපේ මතකය ඉගිල්ලිලා යනවා දුරාතීතයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩහකපල කියන සොඳුරු උපනාගරික ප්‍රදේශයට. ලකී එතකොට බලදේව බවට පත් වෙලාවත් නැහැ. කෙටියෙන් කිව්වොත් ලකී කියලා කෙනෙකු නැහැ කලා ලෝකයේ. එත් එතුමිය එතකොටත් නිළි රැජින. ඒ කාලේ හිටිය නළු රජා/සිනමා සක්විති, සුපිරිතරුව වගේ අය අතිගරු තුමාට මතක ඇතිනේ?

    ReplyDelete
  7. යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි. වත්මන් පාලනයේ නායකයන් හමුවී සාකච්ඡා කළත් තමන්ට යුක්තිය ඉටු නොවූ හෙයින් ඒ බව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිදුවූ බව ඔහු පැවසීය.

    "සංහිඳියාව කෝ? සංහිඳියාවක් තිබුනානම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ. ." ඔහු මේ බව කියා සිටියේ ජිනීවා ගොස් ආපසු ශ්‍රී ලංකාවට යමින් සිටි අතරවාරයේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ය.

    "මේ ස්වාධීන කොමිෂන් ගැන විශේෂයෙන්ම කතා කළේ මම. අපේ ආණ්ඩුව පත්වුනා, ස්වාධීන කොමිෂන් ටික දුන්න, නීතිය අතට ගන්න ඕන නැහැ, පොලිසිය වැඩේ කරයි කියල අපි පම්පෝරි ගැහුවා... හැබැයි කෝ? ලැජ්ජයි මට. මේ ආණ්ඩුවද බලයට ගෙනාවේ කියල මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන." යනුවෙන් අසාද් සාලි ප්‍රකාශ කළේය.

    "තත්වය ඉතාමත්ම කණගාටුදායකයි"

    'ජනවාරි 08 පැතූ යහපාලනය මේකද?'

    පොලිස්පති:/'යහපාලනය එළිපිටම හොරු රකිනවා, 'මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට කිසිම වැඩපිළිවෙලක් නැහැ."

    "මේ කැම්පේන් කරපු මට පාරේ බැහැල යන්න බැහැ. මිනිස්සු අහනවා තමුසේ ගෙනාපු රජය අපිට කෙලිනවා කියල. එහෙම අහනකොට මට උත්තරයක් නැහැ දෙන්න."

    "බදු ගෙවන ජනතාව වේලෙනවා, දේශපාලකයා V8 එකේ ඉගිලෙනවා"

    ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකවන බවට පවතින චෝදනාව පිළිබඳව බීබීසීය විමසූවිට ඔහු කියා සිටියේ එවැන්නක් ශ්‍රී ලංකාවේ නැතැයි රජය මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයාද ප්‍රකාශ කර ඇති බවය.

    "එල්ටීටීඊ යුද්දෙ කාලේ සිංහල මිනිස්සු කීදෙනෙක් ඇතුළේ හිටියද? මෙතන සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි. සල්ලිවලට වැඩ කරන පිරිස් ඉන්නවා. අපි දැක්ක එල්ටීටීඊ එකට පෙට්‍රල් දීල අහුවුනා. බෝම්බ ලොරි ගෙනිහිල්ල දීල අහුවුනා. වාහන කුලියට දීල අහු උනා. එතකොට ඒ සිංහල මිනිස්සු ඔක්කොම ත්‍රස්තවාදියෝද?" යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

    ReplyDelete
  8. ""එල්ටීටීඊ යුද්දෙ කාලේ සිංහල මිනිස්සු කීදෙනෙක් ඇතුළේ හිටියද? මෙතන සිංහල දෙමල මුස්ලිම් නෙමෙයි. සල්ලිවලට වැඩ කරන පිරිස් ඉන්නවා. අපි දැක්ක එල්ටීටීඊ එකට පෙට්‍රල් දීල අහුවුනා. බෝම්බ ලොරි ගෙනිහිල්ල දීල අහුවුනා. වාහන කුලියට දීල අහු උනා. එතකොට ඒ සිංහල මිනිස්සු ඔක්කොම ත්‍රස්තවාදියෝද?" යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේය."

    Why not they are guilty of aiding terrorists and rightly rot in jail.

    ReplyDelete
  9. ආසියානු මානව හිමිකම් කොමිසම මාද්‍ය නිවේදනයක් පල කලාම එක්සත් ජාතීන් ගේ සන්විදානය පල කල මාද්‍ය නිවේදනයක් ලෙස ගනන් ගන්න එපා. නෙලුම් යාය පදනම පල අධෝවාතයක් ලෙසින් නොසලකා හරින්න................

    ඇයි එකෙත් ඉන්නේ ඉන්ටෙර් පොල් රෙඩ් නෝට්ස් ලිස්ට් එකේ ඉන්න එවුන් ද?

    එතකොට උන් ඕලු යායක් පටන්ගෙන පඩ ෂෝ පෙන්වයිද ?

    කවුද කෙනෙක්. බතල යායක් හරි කමක් නැ සල්ලි දෙනවනම් බැහැලා වැඩ කරනවා කියලා එයට අවුරුදු කීපයක් අත්දැකීම් එක්ක කියලා, කොහෙද ප්‍රසිද්ධ ස්ථානයක දෑන්විමක් දාලා තිබුනා මතකයි,

    ReplyDelete
    Replies
    1. ඔය පැන්සොන් ගිය නේවි කාරයාගේ වැල් බයිලා, දර්මකීර්ති බේගල් මුත්තාගේ අතේ පැලවෙන කෙබරවලටම මැච් වෙන නේවි ලොක්කගේ වඳුරු කුනුහරුප. ලොලේලොල්

      Delete
    2. ඇ යකඩෝ, මේ මීට පෝය දෙකතුනකට කලින් පොෂ් NGO අක්කි කෙනෙක් එක්ක ඇවිල්ලා සිංහල බ්ලොග් සංසදයේ මොකාද කියල ITN සල්ලි හිගපු එකාද මේ සිංහල බ්ලොග් වලට ටටා බායි කියල FaceBook දුවන්නේ!

      Delete
  10. මෙරට දැන් කිසිම අයකු බය නැති ජන කොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට දේශපාලනඥයන්වත් ජනමාධ්‍යවේදීන්වත් පොලිසියවත් වෙනත් කිසිවකුවත් බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන්වත් සිංහල බෞද්ධයන්ට බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන් අතර සිංහල බෞද්ධයන් කී දෙනකු ඉන්නවා දැයි මා දන්නේ නැහැ. ඇතැමුන් සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටිනවා. සිංහල බෞද්ධයන් නම් සිංහල බෞද්ධයන් ලෙස අනෙක් හැමෝට ම බයයි.

    එයට හේතු ගණනාවක් තියෙනවා. සිංහල බෞද්ධයන්ට අද නායකයකු නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ම වූ ව්‍යාපාරයක් සංවිධානයක් නැහැ. සිංහල බෞද්ධයන් ජීවත් වන්නේ තනි තනි ව මෙන්. කලකට පෙර ජාතික ව්‍යාපාරය කිව හැකි යමක් තිබුණ නමුත් අද එය දැක ගන්නට නැහැ. අප සුද්දන්ට ගිවිසුමකින් රට භාරදීමෙන් පසු දහනවවැනි සියවස අගභාගයේ සිට මෙරට නුතන ජාතික ව්‍යාපාර බිහිවුණා. අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන්නා. එහෙත් ඕල්කට්තුමා සිංහලත්වය පසෙකට දමා ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් බිහි කළා. ඉන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයෙහි ශක්තිය අඩු වුණා. ඉන් පසු පක්‍ෂ දේශපාලනය පැමිණියා.

    පසුව භාෂා ප්‍රේමීන් බිහි වුණා. ඔවුන්ගේ බෞද්ධකම අඩු වුණා. සිංහලකම වැඩි වුණා. එහෙත් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ඉදිරියට ගියේ සුළු වශයෙන්. පනස්හයට පෙර සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයෙහි පුනරුදයක් ඇති වුණා. පනස්හයට එහි දායකත්වය තිබුණා. එහෙත් ඉන් පසු එය පිරිහුණා. එයට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලනීකරණය. තවත් හේතුවක් විද්‍යොදය විද්‍යාලංකාර අහිමි වීම. (පක්‍ෂ) දේශපාලනීකරණය වූ ජාතික ව්‍යාපාරයකට මෙරට තැනක් නැහැ.

    ReplyDelete
    Replies
    1. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ජාතික ව්‍යාපාරය ඇසුරු කළා මිස එය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කෙළේ නැහැ. ඒ ආදර්ශය අනෙක් දේශපාලනඥයන්ට ගන්න බැරි වුණා. 1977 ඇගේ පරාජයට ප්‍රධාන හේතුව වූයේ ව්‍යාජ සමාජවාදය. ඇන් ඇම්ලා නොමරා මැරුවේ ඇගේ සැමියා පමණක් නො වෙයි. ඔවුන් ඇයත් නොමරා මැරුවා. 1977න් පසු ඇයට රාජ්‍ය නායිකාව ලෙස බලයට පත් වීමට හැකි වූයේ නැහැ.

      ඉන්දු ලංකා ගිවිසුම සමග ජාතික ව්‍යාපාරය නැවත පණ ගැන්වුණා. එහෙත් ජ වි පෙ එය ගසා කෑමට උත්සාහ කළා. පසුව ටික කලෙකින් ජාතික ව්‍යාපාරයට දේශපාලනඥයන්ගෙන් ස්වාධීන වීමට හැකි වුණා. 1994 සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකා බලයට පත්වුවත් ඇයගේ බලය දුර්වල කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි වූවා. ජී එල් පීරිස්, මංගල ආදීන් සමග තවලම් අවලම් ගිය සුදු නෙළුම් ව්‍යාපාරයේ පැකේජය පැරදවීමට ජාතික ව්‍යාපාරයට හැකි වුණා. ඒ බව බොහෝ දෙනකු හිතන්නේවත් නැහැ.

      ජාතික හෙළ උරුමය ජාතික ව්‍යාපාරයේ ශක්තිමත් බව මතින් කලින් ජ වි පෙ කළාක් මෙන් ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කළා. 2005 දී බලයට පැමිණි මහින්ද ජාතික ව්‍යාපාරය දේශපාලනයට තවත් ලක් කළා. ඒ සමග විමල් ද ජාතික ව්‍යාපාරයේ දේශපාලනීකරණයට අත හිත දුන්නා. අද ජාතික ව්‍යාපාරයක් නැහැ. ජාතිකත්වය යොදා ගන්නා දේශපාලන කණ්ඩායම් කිහිපයක් තිබෙනවා. එහෙත් ඔවුන්ට ජාතිකත්වය මත ජනතාව සංවිධානය කරන්න බැහැ.

      ජාතිකත්වය ගසා කෑවේ, ගසා කන්නේ දේශපාලනඥයන් කිහිප දෙනකු පමණක් නො වෙයි. ජනමාධ්‍ය ප්‍රධානීන් ද ඔවුන් විසින් මෙහෙයවෙන ජනමාධ්‍යවේදීන් ද ජාතිකත්වය ගසා කනවා. මේ ජනමාධ්‍ය ප්‍රධානීන් එක්කෝ දේශපාලනඥයන් සමග සම්බන්ධයි, නැත්නම් දේශපාලනඥයන් වීමේ බලාපොරොත්තුව ඇතුව කටයුතු කරනවා. ඔවුන් ආණ්ඩු විරෝධී දේශපාලනය තම පෞද්ගලික හා වෘත්තීය වර්ධනය වෙනුවෙන් යොදා ගන්නවා, නැත්නම් එහි විලෝමයෙහි නිරත වෙනවා.

      අද නැවතත් ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු තම ප්‍රයෝජනය සඳහා ජාතික ව්‍යාපාරය අවදි කිරීමට උත්සාහ ගන්නවා. එහෙත් එය සාර්ථක වන්නේ නැහැ. අප පසුගිය වසරවල ගත් සෑම උත්සාහයක් ම දේශපාලනඥයන් හා ඔවුන්ගේ ඇම්බැට්ට ජනමාධ්‍ය ප්‍රධානීන් අසාර්ථක කළා. අද කිසිවකු සිංහල බෞද්ධයනට බය නැහැ. ජනමාධ්‍ය දේශපාලනයෙන් තොර ජාතිකත්වයකට වැදගත් කමක් දෙන්නේ නැහැ. අට දෙනකු සමග වික්‍රමබාහු කරන ඊනියා උද්ඝෝෂණයකට මහත් ප්‍රචාරයක් දෙන ජනමාධ්‍ය (ජාතිකත්වයට තැන දෙන්නේ යැයි කියන ජනමාධ්‍ය ද ඇතුළු ව) සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාර රැස්වීමකට තත්පර තිහකවත් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. ජාතිකත්වයට තැන දෙන්නේ යැයි කියන ජනමාධ්‍ය රැස්වීමටවත් එන්නේ නැහැ.

      දේශපාලනඥයන් තරමක්වත් බය වූයේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගෙ බොදු බල සේනා ව්‍යාපාරයට විතරයි. එහෙත් උන්වහන්සේ ඇසුරු කළ අයගේ විවිධ දේශපාලන අරමුණු නිසා එය නැති කර දැමීම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද ඇති විවිධ බලකායන් දේශපාලනය විසින් මෙහෙයෙවන දුර්වලකායන් පමණයි. අද සිංහල බෞද්ධයන් ජාතියක් ලෙස එකතු වන්නේ නැහැ.

      අද ඇත්තේ ජනමාධ්‍ය විසින් ප්‍රචාරය දෙන විවිධ උද්ඝෝෂණ පමණයි. ඒ උද්ඝෝෂණ විවිධ අරමුණු ඇතිව කෙරෙන ඒවා. වික්‍රමබාහුගේ අට දෙනාගේ උද්ඝෝෂණයේ සිට දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ඊයේ බණ්ඩාරවෙළ දී කෙරුණු උමා ඔය උද්ඝෝෂණය දක්වා ඒ විවිධයි. ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ඒ උද්ඝෝෂණවලට කෙසේ නමුත් ආණ්ඩු විරෝධයක් කවනවා. උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාසය ගැනවත් සයිටම් ඉතිහාසයවත් ගැනවත් ඔවුන් සඳහන් කරන්නේ නැහැ. ඒ අතර රේල ගේට්ටු උද්ඝෝෂණ, විදුහල්පති මාරු කිරීම පිළිබඳ උද්ඝෝෂණ, අලි මං හරස්වීමේ උද්ඝෝෂණ ආදී උද්ඝෝෂණත් වෙනවා. මේ හැම එකක් ම ඊළඟ මැතිවරණයට ප්‍රයෝජනවත් වේවි. එහෙත් ඒ මැතිවරණයක් පැවත්වුවහොත්. අනෙක් අතට ඒ එකක්වත් සිංහල බෞද්ධකම වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ නො වෙයි. සිංහල බෞද්ධයනට බය කවු ද? කොහොම හරි සිංහල බෞද්ධයන්ගෙ ඡන්දෙ අරගත්තොත් ඇති. හැකියාවක් ඇති පුද්ගලයන්ට සිංහල බෞද්ධයන් රවටන එක අමාරු වැඩක් නො වෙයි.

      Delete
  11. ලසිත් මාංලිග ක්‍රිකට් ආයතනය සමග ඇතිවූ අර්බුදකාරී තත්වය නිසා දැඩි ලෙස කලකිරී සිටින බව වාර්තා වෙයි.

    2019 ලෝක කුසලානය තරග කිරීමට පවා සූදානමින් සිටින බව කලින් කී සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එළැඹෙන සිම්බාවේ සංචාරයෙන් පසුව එක්දින ක‍්‍රිකට් පිටියෙන්ද සමු ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

    දැනට එක්දින කඩුළු 294ක් දවාගෙන සිටින ඔහු මෙම සංචාරයේදී කඩුළු 300 සම්පුර්ණ කිරීමෙන් පසු එක්දින පිටියෙන් සමු ගනු ඇති බව පැවසෙයි.

    ReplyDelete
  12. දැන් ලංකාවේ බුද්දාගමෙන් ඇති වැඩක් නැත. සංග සමාජය දූෂිත වෙලාය. උපාසක ඇත්තන්ද එසේමය. මේ රටට දැන් හරි යන්නේ ෆ්‍රීමේසන්රි දර්මය ය. එබැවින් අද සිටවත් ෆ්‍රීමෙසන්රි දර්මය ප්‍රචලිත කළ යුතුය. එවිට රටේ සාදු චරිතවලින් යුක්ත පුරවැසියන් බිහි වේ. මෙවැනි ස්වාබාවික විපත් සිදු වූ විට ගම්වලට නිලදරුවන් එන්න කලින් ඒ සාදු ගති ඇත්තෝ යුහුසුළු වී ආපදා වැඩ කරනු ඇත. ෆ්‍රීමේසන් සන්විදානය දිනේවා !

    - අජිත් දර්මකීර්ති

    ReplyDelete
  13. සාරස,

    ලංකාවේ ඉදිරි දේශපාලන සමාජ ආර්ථික තත්වයන් පිළිබඳ යම් පුරෝකථනයක් කල හැකිනම් ඉතා අගෙයි. ඒ සම්බන්ධයෙන් අලුත් පෝස්ටුවක් දමත හැකිද?

    ReplyDelete
  14. "තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!"

    -රසිකොලොජිස්ට්

    ReplyDelete
    Replies
    1. ස්වයං විවේචන කියලා තමන් ගෙන පම්පෝරි ලියන එක මානසික ව්‍යාධියක් - මනෝ චිකිත්සක

      Delete
  15. වතිකානයේ භාණ්ඩාගාරික: ලිංගික අපචාර චෝදනා ප්‍රතික්ෂේප කරති

    කතෝලික පල්ලියේ කාට හරි මොනවහරි චෝදනාවක් ආවහම BBC කාරයෝ හෙඩිම දන්නේ මෙහමයි. හැබැයි බෞද්ධ හාමුදුරුවෝ කෙනෙකුට චෝදනා කලහම ලියන්නේ "අහවල් හාමුදුරුවන්ට අපචාර චෝදනා" කියල. විශේෂයෙන්ම BBC-සිංහල එකේ ඉන්න ජඩ-මාධ්‍යවෙදියෝන්ගේ අරමුණ ශ්‍රී ලංකාවේ බුද්ධාගමට තියෙන තැන නැති කිරීම.

    ReplyDelete
  16. රටේ මහ බැංකුව කොල්ල කාපු, කට ඇරියොත් බොරු කියන මෙලෝ වැඩක් කරගන්න බැරි පොන්න හොරු සෙට් එකේ පස්ස ලොවින පොන්නයෝ වැඩට බැහැලා වගේ.

    කොහොමත් පොන්නයෝ වැඩිය කැමති පොන්නයින්ටම තමයි, වැඩක් කරන්න පුළුවන් කොන්ද මෙන්ම අනෙක් ඒවත් හොඳට පන තියෙන මිනිස්සුන්ට පොන්නයෝ කැමති නෑ . ඕකට ඉතිං බේත් නෑ.

    ReplyDelete