Thursday, June 22, 2017

ඇප සරණයි...




A man is known by the company he keeps කියා කතාවක් ඇත.

පොලිසියට අවශ්‍ය සැකකරුවෙකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා විසින් නම් කරන්නට යෙදුනු පූජ්‍ය ඥාණසාර හිමියන් ඊයේ උසාවි තුනකින් ම ඇප ලබාගැනීමට හැකි විය. ඊට පෙර සති තුනක පමන කාලයක් එතුමා පොලිස්පති තුමා පත් කරාපු පොලිස් කන්ඩායම් හතරකම ඇස් වල වැලි ගසා සැඟවී සිටීමට සමත් විය.

අන්තිම උසාවියේ මහේස්ත්‍රාත් තුමා පොලිසියට කීවේ පූජ්‍ය ඥාණසාර හිමියන් මුස්ලිම් ජාතිකයන් මරනවා කියා මහ රෑ මහේස්ත්‍රාත් තුමා ව අවදි කර වරෙන්තු ලබාගෙන මේ ලෙස ඇප ලබා ගන්නට පොලිසිය ඉඩ දෙන්නේ මන්ද යන්න ය. පිලිතුරු ලෙස පොලිසිය, පූජ්‍ය ඥාණසාර හිමියන් අතින් මැරුනා කියන්නට යෙදුනු මුස්ලිම් ජාතිකයන් නැවත උත්තානය උනා යැයි පවසන්නට ඇත.
 
පූජ්‍ය ඥාණසාර හිමියන් ට ඇප ලබාගැනීමට උසාවි ගිය  කන්ඩායමේ ඉදිරියෙන් ම හිටියේ යහපාලනේ ගේන්න සුපර් මාකට් ගිය දූශන සංවර්දන  පෙරමුනේ කාරක සභික සහ උප සන්විදායක පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් ය. 

දූශන සංවර්දන  පෙරමුනේ අනෙකුත් කාරක සභිකයන් අතර ඇමති චම්පක රණවක, ජනාදිපති උපදේශක ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න ද වෙති. 

 පුදුමයි නේද හිටන්??

 A man is known by the company he keeps කියා කතාවක් ඇත. ඒ කතාව එතැනින් අවසානය.

දැවෙන ප්‍රශ්නය නම් ඥාණසාර හිමියන් සැඟවී සිටියේ කොහිද යන්නය. සිරිකොත මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ යන උත්තර බාර ගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

90 comments:

  1. //දැවෙන ප්‍රශ්නය නම් ඥාණසාර හිමියන් සැඟවී සිටියේ කොහිද යන්නය. සිරිකොත මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ යන උත්තර බාර ගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.//

    දංගොතෝ.. එහෙමනම් සුවර් ඇන්ඩ් සොට් එකටම නානසාර සාදු හැන්ගිලා ඉන්න ඇත්තෙ පැන්සොන් ගිය මහරජාණොගෙ කාල්ටන් එකේ හරි, කොළඹ නිලනිවාසෙ හරි වෙන්න ඇති. නැද්ද මන් අහන්නෙ? මොකෝ උත්තරේ බාර ගන්නවද?

    පිස්සු කියලා මනෝ කිචිස්සකලා ගාවට යවන්න ඔට්ටු නෑ හරිය.. එහෙම යැව්වොත් අපි එහෙදි ගල් වෙනවා හිටං..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි..කාල්ටන් වෙන්නත් පුලුවනි නේද හිටන්?

      // පිස්සු කියලා මනෝ කිචිස්සකලා ගාවට යවන්න ඔට්ටු නෑ හරිය.. එහෙම යැව්වොත් අපි එහෙදි ගල් වෙනවා හිටං.. //

      කිස්ම සමාවක් නෑ මනෝ කිචිස්සක ගාවට යවනවාමයි!!

      Delete
  2. මෙහෙම කතාවකුත් අහල තියෙනවා.. එකෙක් මැරුවොත් මිනීමරුවෙක් ලු.. දහයක් මැරුවොත් මානසික රෝගියෙක් ලු.. සීයක් මැරුවොත් විප්ලවවාදියෙක් ලු.. මාත් මේ මරන්න ගැලපෙන සිය දෙනෙක් හොයන ගමන්..

    විප්ලවවාදී මට ද ඇප සරණයි! :)

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ඔබතුමා ඉස්සර මරාගේ මිනීමරු ඒකාධිපති රෙජීමය තියෙන කාලෙ මාස් පඩියට නේවි එකේ කඹුරද්දි අහිංසක දෙමළ මිනිස්සු මරන්න පොට්ට චාන්ස් එකක් වත් වැදුන් නැද්ද? දැන් නම් අමාරුයි පුතෝ, දැන් මිනී වලට ඩිමාන්ඩ් එක මාර විදිහට බැහැල තියෙන්නෙ, අන්තරේ මාර ට්‍රයි එකක් දෙනව එකෙක් දෙන්නෙක්ට වෙඩි තියෝගන්න බට් ගවමන්ට් එකෙන් නෝ සපෝට්. ඔන්න ජෙප්පො / පෙරෙට්ටො ආයෙ කැරැල්ලක් ගැහුවොත් නම් ප්‍රා වගේ අතුරු හමුදාවක් හදාගෙන රාජ්‍ය අනුග්‍රහය ඇතුව ජෙප්පො සහ උන්ගෙ පවුල් වල එවුන් වගේම මරාගෙ මෝඩ වහල් බයියෝ සෙට් එකකටත් වග කියල තව පුද්ගලික ගතුරෝ සෙට් එකකුත් එලාගන්න බැරි වෙන එකක් නැහැ.

      Delete
    2. නෑනේ.. මට තුවක්කුවක් දුන්නේ නෑනේ නෙවි එකෙන්.. වෙඩි තියනකොට ඩෝන් ගාල එන සද්දෙට මම බයයි කියල.. :) අයිඩියා ව නම් හොඳයි වගේ

      Delete
    3. ඇත්තෙන්ම යුද ගුවන් නාවුක සොල්දාදුවන් පුහුණු කරන්නේ අනුකම්පා විරහිත ලෙස මිනිසුන් මරා දැමීමට බව අමුතුවෙන් කිව යුතු නැත. එය ඉතා කැමැත්තෙන් සහ වැඩි උනන්දුවෙන් කරන සොල්දාදුවන්ද සිටිති. කනගාටුවට කරුණ නම් තමන්ගේ අය සහ අහිංසක පුරවැසියන්ද ඇතුළුව 60,000කට අධික පිරිසක් මරා දැම්මේ ත්‍රිවිධ හමුදාව නොව රනිල්/ප්‍රේමදාස යැයි කුහක අවස්ථාවාදී ජවිපෙ ප්‍රකාශ කිරීමයි.

      එමෙන්ම "රණවිරු" නමින් රාජපක්ෂ හොර හැත්ත විසින් ලේබල් ගසා ලොකුපොරවල් කරනු ලැබූ තුට්ටුදෙකේ නේවි ආමි නූගත් කසඩ ජඩ කාලකණ්ණින්ගේ ආතල් කුඩු වීම් මෙසේ ය.

      01. ප්‍රසිද්දියේ කාණු කැපීම, කුණු සුද්ද කිරීම/ ගෝටා වෙනුව්න් කඩේ යැවීම.

      02. එළවළු වෙළදාමට කඩේ යැවීම

      03. මාර්ගස්ථ කුණු අස් කිරීමේ සේවා

      04. නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණයට පහර දී රොෂේන් ශානක මරා දැමීම

      05. හලාවත ධීවර උද්ඝෝෂණයට පහර දී ඇන්තනි ප්‍රනාන්දුව මරා දැමීම

      06. රතුපස්වල ජනතා උද්ඝෝෂණයට පහර දී නිලන්ත පුෂ්පකුමාර, අකිල දිනේෂ් ජයවර්ධන සහ රවිශාන් පෙරේරා මරා දැමීම

      07. ආබාධිත විශ්‍රාමික සොල්දාදුවන් ගේ අසාධාරන ඉල්ලීම් ඇතුලත් විකාර උද්ඝෝෂණයට පහර දී උන්ගේ ඔලු පලා ඇස් අන්ධ කිරීම

      08. මාගම්පුර වරායේ දී පැවැත්වුණු කම්කරු උද්ඝෝෂණයට කල නාවික හමුදා මැර ප්‍රහාරය සහ උන්ගේ ප්‍රධානියාගේ ගර්ගිත අශීලාචාර තුට්ටු දෙකේ හැසිරීම (මාධ්‍ය වාර්තාකාරයෙක්ගේ කණට නෙලා පීචන් වූ නීච ආකාරය )

      ඒ දීර්ඝ ලයිස්තුවට එක්වෙන අලුත්ම ආතල් කුඩු වීම නම් ඊයේ අන්තරේ ගොබ්බ රැල සෞඛ්‍ය අමාත්‍යංෂයේ යකා නැටූ උද්ඝෝෂණයට කල STF පහර දීමයි ! STF පොලිස් වුණත් උනුත් රනඉරු ලේබල් ගහගත් තවත් නිල මැර පිරිසක්.

      Delete
    4. ඊයේ අන්තරේ ගොබ්බ රැල ගුටිකාව හොඳටම මදි. මුන් ඉල්ලන්නේ බිල්ලක්. එක දැනගෙන අඬු කැඩෙන්න නෙලන්න ඕනේ ආයෙත් මෙහෙම නොඑන්න.

      Delete
    5. // කල්‍යාණ මිත්‍රJune 22, 2017 at 3:49 AM

      නෑනේ.. මට තුවක්කුවක් දුන්නේ නෑනේ නෙවි එකෙන්.. වෙඩි තියනකොට ඩෝන් ගාල එන සද්දෙට මම බයයි කියල.. :) අයිඩියා ව නම් හොඳයි වගේ//

      ඩෝන් ගාල එන සද්දෙ නැතිව "ශූ" කියල සද්දෙන් වෙඩි තියතෑකි තුවක්කුවක් හදන්න සරස තුමා හිතට ගත්තා හිටන්

      Delete
    6. @කල්‍යාණ මිත්‍රJune 22, 2017 at 3:49 AM

      //නෑනේ.. මට තුවක්කුවක් දුන්නේ නෑනේ නෙවි එකෙන්..// දැන් හරියටම තේරුනා කමියා රෙදි නැතිවම අලියටයි, කොටියටයි දෙගොල්ලන්ටම කඩේ යන්නේ ඇයි කියන එක!!!

      Delete
  3. අබ සරණ වේවා
    කුරහන් සරණ වේවා
    (කුරුඳු) පොලු සරණ වේවා
    මෙතුන් සරණින් අපට හැමිනේවා

    ReplyDelete
    Replies
    1. අබ සරණ වේවා
      කුරහන් සරණ වේවා
      පොලු (කුරුඳු) සරණ වේවා
      මෙතුන් සරණින් (අපට) හැමිණවේවා

      දහම් පාසල් කයියේ තාලෙට කියන්න නම්;

      අබ සරණ වේවා
      කුරහන් සරණ වේවා
      පොලු සරණ වේවා
      මෙතුන් සරණින් හැමිණවේවා

      Delete
  4. ලංකාවේ ඉස්ලාම් ආක්‍රමණය ගැන කියවෙන අපූරු ගීතයක් හමුවුනා,

    මේ රත්න ශ්‍රී ලියු කපුගේ ගයන 'බිම්බරක් සෙනග' ගීතය

    බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ

    යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම් මාළිගාව දෝ

    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ
    වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි

    මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
    සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
    විලාපය නඟයි

    බිම්බරක් සෙනග...

    කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන
    ජාතියේ නිධානය රන් රුවන් කරඩු කොයි

    වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා
    මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමවු
    කඩුව බිම දමවු

    බිම්බරක් සෙනග...

    මාළිගාව හඳුන්වනුයේ දළදා මාලිගාවයි.
    බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු, යනුවෙන් දක්වනුයේ දලදා පෙරහැරයි. මේ සංකේත වලින් කවියා මහනුවර නගරයේ ඇති සිංහල බෞද්ධ උරුමය ඉදිරිපත් කරයි.
    ඉතිරි පදපේලි වලින් මහනුවර රාජ්‍යය පරසතුරන්ගෙන් රැක ගැනුමට අප මුතුන්මිත්තන් කල වීරෝදාර සටන් මතකයට නංවයි.
    "කම්බි වට කළේ මනරම් මාළිගාව දෝ" මෙයි අර්ථ දෙකක් පැවසෙයි. එක් අතකින් කම්බි වටකිරීම යන්නෙන් ඉඩම් ආක්‍රමණයක් ගැන කියවෙයි.
    අනිත් අතට අපට "කම්බි" යන වදන ඇසෙනුයේ "තම්බි" යන වදනට සමීපවය. මෙයින් මහනුවර නගරයේ සිංහල බෞද්ධ අනන්‍යතාව මකා දමමින් සිදුවන මුස්ලිම් ව්‍යාප්ති වාදයේ ඛේදවාචකය අපූරුවට නිරූපනය වේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ජගත් රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කල ගුණදාස කපුගේ සන්ගීතවත් කොට ගායනය කරන ගීයේ අරුත් හොයන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හැරෙන්නම් අර රචකයාගෙ අත්දැකීම කොයි වගෙ එකක්ද කියල බලමු.

      ජගත් දන්නව ඇති රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නෙ තෙල්ලඹුරේ කියන ග්‍රාමයේ ඉපදිල පසු කාලීනව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරල අනතුරුව ගුරුවෘත්තියේ නියැලිච්ච කවියෙක්, රචකයෙක්. ජීවිතේ වැඩි කාලයක් ඓතිහාසික ගාලු කොටුපවුරෙ බෝඩිමකම ගෙවා දමන මොහුට තම නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගන්නට ඕලන්ද කොටුවත්, ගාලු මුහුදත් මහෝපකාරි වෙන්නට ඇති.

      ඒ කොහොම උනත් මේ කියන කාලෙ වෙන කොට රත්න ශ්‍රී සේවය කරන්නේ මොණරාගල ප්‍රදේශයේ දුෂ්කර පාසලක. වර්ෂය 1979. හිතෙනවා වර්ෂය කියන එකේ පොඩි වැදගත්කමක් තියෙනෙවා කියලා. 1977 බලයට පත් වුනු ජයවර්ධන ආණ්ඩුව මේ සමය වන විට ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙනෙවා. සිරිමාවො ආණ්ඩුවේ දරදඬු පාලනයෙන් සහ හාල් පොලු සීනි පොලු සම්ප්‍රධායන්ගෙන් හෙම්බත් වෙලා හිටපු ජනතාව හරිම ආදරයෙන් වැළඳගත්තු ක්‍රමවේදය හඳුන්වලා දුන් යුගය. විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම බොහෝමයක් රාජ්‍ය ආයතන වෙනත් පුද්ගලික අංශ වලටත් ඇතැම් විට බහුජාතික සමාගම් වලට රටේ සම්පත් විකිනීමත් ඇරඹෙනෙවා. ඉතින් මම වර්ෂය හරියටම සඳහන් කලේ ඒ යුගුයේ තිබුනු දේශපාලනික තත්වය ගැන යම් අවබෝධයක් ලබා ගන්න.

      රත්න ශ්‍රී සේවය කරපු පාසලට යන පාර වැටිල තියෙන්නෙ මොනරාගල කච්චේරිය මැද්දේන්. දවසක් උදෙන්ම පාසලට පිටත් වෙන්න යන ගමනෙදි විජේසිංහයන් දකිනවා මේ කච්චේරිය ගාව ලොකු උද්ඝෝෂණයක්. කරුණු කාරණා විපරම් කරලා බලද්දි උද්ඝෝෂණය සිද්ද වෙන්නෙ උක් වගාවට සාම්ප්‍රදයික වගා බිම් පවරාගැනීමකට විරුද්ධව. ඒ වෙලාවෙ එතැන කියවුනු බොහොම ආකර්ෂණීය එමෙන්ම සංවේදී සටන් පාඨයක් විජේසිංහයන්ගෙ නෙත ගැටෙනෙවා. ඒකෙ සඳහන් වෙන්නේ "මුතුන්මිත්තන් ගේ ඇටකටු වැළලූ ඉඩම් බහුජාතික සංවිධානවලට නොදෙනු" ලෙසයි.ඒ ඔස්සේ තමයි ඔහුගේ සිත මේ නිර්මාණයට අවශ්‍ය කරන කරුණු ඈඳා ගැනීම සිද්ද කරන්නේ. මේ ගැන තවත් කාරණා බොහෝමයක් කියන්න තිබ්බත් ඒ සියලු කතා ගීතයේ වාච්‍යාර්ථය ගලපන අවස්ථාවෙදී කියන්න ඉතුරු කරගන්නවා.

      කොහොමින් කොහොම හරි මේ සන්වේදී පුද්ගලයා තමා යන්න ගිය ගමන නවත්තලා මේ අහින්සකයන්ගෙ උද්ඝෝෂණයට සහයෝගය දුන්නා යැයි කියල තමයි කියවෙන්නේ.
      මේ වෙලාවේ රත්න ශ්‍රී විජේසිංහයන්ගෙ සිතුවිලි සමුදාය අවදි වෙනෙවා. මේ පවරන්න යන භූමිය කාගේ නම් සම්පතක්ද? මේ කියන මුතුන් මිත්තන් කවුද? මේ භූමියේ ඉතිහාසය කෙබඳු එකක් වීද? රචකයගෙ හිත තුල අවදි වෙන මේ වගෙ දහසකුත් එකක් ප්‍රශ්න වලට නැගෙන පිළිතුර විදියට තමයි මේ පැදි පේලිය ඉස්මතු වෙන්නෙ. මේ ගීතය වෙල්ලස්සේ ගීතය ලෙසත් හඳුන්වනවා. එහෙම හඳුවන්න හේතුවෙන්නේ මේකෙන් කියවෙන ඛේදවාචකයට හේතු වන ප්‍රදෙශය වෙල්ලස්ස වීමයි. වෙල්ලස්ස කියන්නෙ අතීතයේ බොහොම සශ්‍රීකව තිබුනා යැයි කියන ප්‍රදේශයක්. වෙල් ලක්ෂයක් තිබූ බැවින් වෙල්ලස්ස ලෙස නම යොදන්නට හේතු වුන බවත් කියවෙනෙවා.

      ඒ කොහොම උනත් ඒ ප්‍රදේශය සුදු අධිරාජ්‍යන්ගේ පාලනයට නතු වන් තුරුම ධන ධාන්‍යයෙන් ආරූඪ ව පැවති බව ඇතම් ඉංග්‍රීසි ජාතිකයන්ගෙ වාර්තා වලින් පවා කියවෙනවා...! හැබැයි 1818 කැරැල්ලෙන් පස්සෙ මේ වෙල්ලස්ස නැත්තටම නැති වෙනවා.!

      Delete
    2. ජගත් දන්නවද 1818 කැරැල්ල ඌව වෙල්ලස්ස කැරැල්ල් ලෙස හැඳින්වෙන්නත් හේතුව ඊට වැඩිම දායකත්වයක් සැපයෙන්නෙ වෙල්ලස්ස ජනතාවගෙන් වීම; කැප්පෙටිපොලලා, ඇල්ලෙපොල නිලමෙලා, කොහු කුඹුරෙ රටේ රාලලා කැරැල්ලට එක්වෙන්නෙ මේ වෙල්ලස්සෙන්. ඒ නිසාම කැරැල්ල මර්ධනයේදි නැවත නගා සිටුවන්න බැරිවෙන විදියටම මේ භූමිය ගිනිබත් කරනවා බ්‍රවුන්-රිග් ගෙ අණින්. ඌව වෙල්ලස්සෙ සිංහලයගේ ආර්ථිකය විනාශ කරන්නේ හරකබාන මරලා වෙල් යාය ගිනිතියලා. මේවා අපිට ඉතිහාසයේ සැඟ වුනු කාරණා විතරයි. එත් ඒ කාලයේ ලන්ඩනයේ ටයිම්ස් පත්තරේ පවා මේ බදුල්ල අවට ප්‍රදේශයෙ වගාවන් සහ පළතුරු වතු ගිනිතැබීම ඉතා බියකරු පියවරක් බව වාර්තා කරනවා. වෙල්ලස්සෙ කැරැල්ලෙන් තිස් දහසක් සෙනග මැරෙනෙවා. රටේ මුළු ජනගහණය මිලියන හතරක් වෙද්දි..! වෙල්ලස්සෙ වයස අවුරුදු දොලහටවැඩි සියලු පිරිමි මරළා දාල සිංහල ගෑනු දූෂණය කරල දාල මුළු ප්‍රදේශයම ජන ශූණ්‍ය ප්‍රදේශයක් කරනවා. එවැනි වූ බියකරු ම්ලේච්ඡත්වයට පත් වෙච්ච ඉතිහාසයක් සහිත මිනිස්සු උන්නු ප්‍රදෙශයක් ඒ වෙද්දි මේ භූමිය. ඉතින් ඒ මිනිස්සුන්ගෙ බිමත් පවරගන්න යන කතාව තමයි ගීතයෙන් කියවෙන්නෙ.

      Delete
    3. බිම්බරක් සෙනග ගැවසුන
      චන්ද්‍ර සූර්යා ඉපදුන
      ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ...!

      රචකයා මුලින්ම වෙල්ලස්ස හඳුන්වන්නෙම "බිම්බරක් සෙනග ගැවසුනු" එමෙන්ම චන්ද්‍ර සූර්‍යා ඉපදුනු ප්‍රදේශයක් විදියට. ඒ මුල් පද පේලියෙන්ම දෙන්න හදන අදහස විදියට මම දකින්නේ වෙල්ලස්සේ තිබූ සශ්‍රීකත්වය සහ සෞභාග්‍ය. 'බිම්බරක්' කියන වචනය බිම බර වන පරිදි සෙනග ගැවසෙන ප්‍රදේශය යන්න ඉස්මතු කිරීමට යොදා ගන්න ඇති කියල හිතනවා. චන්ද්‍ර සූර්යා යනු ඇතැම් විට ඒ භූමියේ පහල වුනු වීර වරයෙක්ම වෙන්න ඇති. ප්‍රදේශය වෙල්ලස්ස නිසා මම හිතන්නෙ ඒ කැප්පෙටිපොල විය යුතුයි කියලා. එවැනි වීර වරයින් පහල වෙච්ච භූමියක තිබිය යුතු ප්‍රෞඪත්වය රචකයා විසින් ප්‍රශ්න කරන්නෙ "ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ" ලෙස අසමින්. මේ ගීතයේ හැම වෙලේම එක අන්තයක ගුණදාස කපුගේ තනියම ඉතා සන්වේදී විදියටත් අනික් අන්තයේ ටිකක් තද හඬක් නැගෙන පරිදි සමූහයක් විසිනුත් ගායනයේ යෙදෙන බවත් පේනවා. මම හිතන්නෙ උද්ඝෝෂණයක නැගෙන ජනහඬ මේ සමූහයා විසින් කරන ගායනාව ඔස්සේ සන්ගීතවේදියා සවිඤ්ඤානිකව හෝ අවිඤ්ඤානිකව ඉස්මතු කරලා තියෙනවා.මේ මුල් කොටස ගායනය කරන්නෙ කපුගේ විසින්.ඉන් අනතුරුව ජනතාව නගන හඬ විදියට තමයි ගීතයෙ ඉතුරු කොටස ප්‍රකාශ වෙන්නෙ.

      යුද්දේකට ඇවිත් රුපුසෙන්
      සත් මුහුදුමතින් ගුවනින්
      කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!

      මේ කොටසින් පිළිබිඹු වෙන්නේ මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් වෙන මිනිස්සුන්ගෙ හඬ. වගා භූමි පවරාගැනීම උදෙසා බහුජාතික සමාගමුත්, ආණ්ඩුවත් උන්ගෙ ඩෝසරුත් මිනිස්සුට පේන්නේ යුද්දෙකට එන රුපුසෙන් වගෙමයි. සත් මුහුදුමතින් ගුවනින් මේ සේනාවන් එනවා යයි පැවසීමෙන් ගම්‍ය වන්නේ ඔවුන් සතු බලය කියලයි මට හිතෙන්නෙ. මොකද මේ ක්‍රියාව රාජ්‍ය මට්ටමෙන් සිද්ධ වෙන්නක්. මේ ගනුදෙනුව කෙරෙහි මේ අහින්සක මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. කොටින්ම මේකෙදි ඔවුන්ගෙ ප්‍රතිවාදීන් ඔවුන්ට වඩා ගොඩක්ම ප්‍රබලයි. ඉතින් සත් මුහුදු මති ගුවනින් නැගෙන ආධිපත්‍ය ලෙස දක්වා තියෙන්නෙ ඒක වෙන්න ඔන. ඒවගේම මේ කාරණවට සම්බන්ධවන පාර්ශවයන් පිටරට හෝ බහුජාතික සමාගම් යන්න ඉස්මතු කරන්න යොදපු දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete
    4. ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
      කුංචනාදයෙන් ඇලළුන
      වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...!

      මේ පැදිපෙළ ශ්‍රාවක සිතතුලට වැදී චිත්තරූප ඇඳ දැක්වීමෙ කටයුත්ත මනා ලෙසම ඉටු කරනවා. ට්‍රැක්ටරය නැමැති අයෝමය හස්තියාගෙ කුංචනාදයෙන් ඇළලීගිය හිත් ඇති වෘක්ශ දේවතාවන් බිම වැටී ප්‍රාණය අයදියි. "බිම වැටී පණ ගසයි" යන පදය ප්‍රකාශය වන කපුගේ ස්වරය දනවන්නෙ දුක්මුසු ස්භාවයක්. මේ සහගහන අපරාධයේ කුරිරු බව බොහොම තීව්‍ර විදියට රසිකයා හමුවට ගෙන ඒමට ට්‍රැක්ටර් හා ඩෝසර හමුවේ කොටන් බවට පත්වන ඉපැරණි වෘක්ශ පතාකයන්ගේ වේදනාත්මක අඳෝනාව රචකයා තම රචනයට ඈඳාගෙන ඇති අයුරු අපූරුයි.

      Delete
    5. මිනී මල් පිපුන සීතල
      නිම්න භූමියේ ඇටකටු
      හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!

      භූමියේ මුතුන්මිත්තන්ගේ ඉතිහාස කතන්දරයත් සමග රචනය සෘජුවම සම්බන්ධකම් පත්වන අවස්ථාවක් ලෙස මේ පද පේලි දෙක හඳුවන්න පුලුවන්. 1818 කැරැල්ලෙන් පසුව ඉතිරි වුනු වෙල්ලස්ස සැබවින්ම සොහොන් බිමක්. ඉතිරිවූ ජනයාද පානම් පත්තුවට පැනගිය බව කියවේ. මේ භූමියේ වැලලී ගිය ඇටකටු රටක නිදහස පතා සටන් කල උන්ගේ ඇටකටුය. මේ පොලෝ තලය මත ඉපිද, මේ පොලෝ තලය වෙනුවෙන් සටන් වැද අවසානයේ මේ පොලෝ තලය සිපගනිමින් ඔවුන් අවසන් ගමන් ගොස් ඇත. හතර රියන් කඩ ලෙස මෙහි හඳුන්වන්නේ දේහය තැන්පත් කිරීමට අවශ්‍යය බිම් ප්‍රමාණයයි. ඇටකටු විලාප නගන්නේ තමන්ගේ මිනීවලේ ඉඩ ටිකවත් තමන්ට හිමිනැති බැව් දැනගැනීමෙන්ය. මේවූ කලී එක්තරා විදියක ප්‍රබල ප්‍රහසනයක් මෙන්ම උපහාසයක්ද මතුකරන්නකි. අප ජාතික වීරවරයන් සමරයි. ජාතික වීරදිනයක්ද සමරයි. ඒත් අවසානයේදී ඒ වීරවරයින් ගේ දේහය තැන්පත් කල භූමිය පවා එම වීරයන්ව අමානුෂිකලෙස ඝාතනය කල සුද්දන්ගෙ වත්මන් ඒජන්තයින්ට වගාවක් සඳහා බාරදී එතුලින් සංවර්ධනය එලඹෙන තුරු කිසිඳු හිරිකිතයකින් තොරවම බලා සිටී.

      Delete
    6. කැළෑ මල්පිපී රතු තොල්
      වලින් කෑගසා ඉල්ලන
      ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...!

      මේ පැදි පේලියෙන්ද ඉස්මතු වන්නේ ජනතාව පෙලෙන්නාවූ අසාධාරණය සහ ඊට විරුද්ධවන ජනතා හඬත්ය යන බව මගේ හැඟීමයි. ඒ නමුත් ඒ සමගම ගෙන හැර පාන "ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි" යන වැකියෙන් රචකයා අදහස් කරන්නට යැයි සිතෙන යමක් සිතා ගැනීමට මට නම් තරමක් දුෂ්කරය. මා සිතනා පරිදි මෙවැනි අපරාධයක් සිද්ධවෙද්දි භූමිය රැකීමට කැපව සිටින දෙවි දේවතාවුන් කොහේද යන ප්‍රශ්නය රචකයා විසින් නගන අවස්ථාවක් වියයුතුය මෙය.

      වෑකන්ද කඩා බිම්කටු
      කම්බියෙන් බෙදා මේ රණ
      බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!

      වෙල්ලස කියන්නේ රණබිමක්. ඒ බිමේ බිම් කොටස් කටු කම්බි ගසා වෙන්කර ඒ ඓතිහාසික රණ භූමියෙ හිසගසා දමනා කඩුව බිම දමන ලෙසකරන තද බල ඉල්ලීමකින් රචකයා මේ පදපේලියත් සමග තම නිර්මාණයේ අවසානය දකිනවා. රණභූමිය කියන්නෙම ජාතියක අභිමානයට හේතුවන තැනක්. එහෙව් වූ තැනක හිස ගසා දමනවා කියමින් ඔහු යොදගන්නා උපමා භවිතාවන් හරිම ප්‍රබලයි.ඔහු සඳහන් කරන විදියට රණබිමේ හිසගසා දමන කඩුව ලෙස ක්‍රියාත්මක වන්නෙ මේ උක්ඳඬු වගාව උදෙසා වන යාන්ත්‍රණයයි. ගීතය අවසන් වෙන්නේ "දමවු" කියන වචනයෙන්. ඒ හරහා උද්ඝෝෂණයක පරිසරයත් එම ඉල්ලීමේ දැඩි බවත් මනාව ඉස්මතුව පේනවා. ඒ වගේම ගීතය පුරාවටම කලා වගේ එම දැඩි ඉල්ලීම කෙරෙන කොටස ගායනා කෙරෙන්නෙත් අර සමූහ ගායනයක් ලෙසට ජනතාවගෙ හඬ නියෝජනය කරමින්.

      එ වගේම මේ ගීතයේ යොදාගන්න සංගීතය ගැනත් ටිකක් කතා කරන්න හිතුවා. මේ ගීතය රසවිඳීමේදි නියම ගීතය තෝරා ගැනීමෙට ප්‍රවේසම් වෙන එක වැදගත්. මොකද පස්සෙ කාලෙක කරපු ඇතැම් පටිගත කිරීම් වල අර නියම රසය ඉස්මතු වෙන්නෙ නැහැ. ඒ නිසාම කියවද්දි අනිවාර්‍යෙන් මම මේ දීල තියෙන ගීතයම රසවිඳින්න අමතක කරන්න එපා. ගීතයේ ආරම්භයේදීම තරමක වීර රසයක් උද්දීපනය වෙන අයුරෙන් සිතාරය සහ පහතරට බෙරය උපයෝගී කරගනිමින් ඒ හෙළ රණ හඬ නැවත් ප්‍රතිනිර්මානයක කර තියෙනෙවා. ඒ තුලින් නැගෙන්නෙ සිංහල කැරැලි වලින් නැගිච්ච රණහඬක්. ඒක බොහොම ප්‍රබලව කපුගේ සන්ගීතය විසින් යොදාගෙන තියෙනෙවා. මම නිවැරදි නම් ගීතය පුරාවට යොදාගෙන තියෙන්නෙ පහතරට බෙරයත්, සිතාරයත්, වයලින් සහ බටනලාව පමනයි. වයලීනයත්, වස්දන්ඬත් එකතුවෙලා වර්තමානයේ ඛේදවාචකයක දුක කියද්දි, යක් බෙරෙත් සිතාරයත් අතීත හෙළ රණ හඬේ අභිමන් කියාපනවා.
      ගීතය අහද්දි හිතෙනවා රත්න ශ්‍රී ගේ අදහස් වලට සහ ඔහුගේ මේ සිද්ධිය නිසා සිතේ ඇඳුනු සිතුවිලිවලට කපුගේ තම සන්ගීතයෙනුත් හඬෙනුත් මොනතරම නම් සාධාරණයක් ඉෂ්ඨ කරලද කියලා. ඒක නිසාම වෙන්න ඇති රත්න ශ්‍රී පවසන්නෙ තමන්ගේ දෙශපාලන සහ සමාජ භාවිතාවන් කපුගේගෙ එම භාවිතාවන් සමග හරියටම ගැලපුනා කියලා. කොහොම උනත් මේ ගීතය නිර්මාණය වෙන්නෙ කපුගේගෙ "කම්පන" ප්‍රසංගය උදෙසාමයි...! ඒ කාලේ ආණ්ඩුව මේ වගේ ගීත ඔස්සේ කම්පනය වුන නිසාමද කොහේදෝ මේවා කාලයක් ප්‍රසංගය යද්දි තහනම් වෙනෙවා.

      මේ ගීතය ඇහෙද්දි මට එක අතකින් නන්දා මලිනියන්ගේ "රට කරවන්න නම්" ගීතයත් අනෙක් අතට රතු ඉන්දියානු නායක සියැට්ල් තම භූමිය රැකගනීම උදෙසා එබ්‍රහිම් ලින්කන් ට යැව්වායයි කියන ලිපියත් මතක වෙනවා. ඒ දෙකම සමාන සංසිද්ධි දෙකක්.
      කොහොම උනත් රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය සඳහා;

      කන්ද උඩින් බැස්සකලට පෙනෙද උළු මාලිගාව
      බිම්බරක් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව

      කියන ජනකවියෙත්;

      යුද්දෙටත් ඇවිත් සඳු පිට නැගිලා පරංඟි
      ඒ නමුත් අවුත් කොළඹට ගොඩ බැහැලා....

      කියන හටන කවියෙත් ආභාෂය ලබාගෙන තියෙනවලු.

      Delete
    7. ජගත්, දන්නා කර්මාන්තයක් කරගෙන හිටියොත් නරකද නොදන්නාදේට ගිහිල්ල ඇටදෙක තලාගන්නේ නැතිව.

      Delete
    8. අහන්න රත්න ශ්‍රී විජේසිංහ ගේ වචනවලින්
      https://www.youtube.com/watch?v=za6Y265Jta0

      Delete
    9. //කන්ද උඩින් බැස්සකලට පෙනෙද උළු මාලිගාව
      බිම්බරක් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව //

      කන්ද උඩින් බැස්ස කලට පෙනේය උලු මාලිගාව
      රෑ දාවල් අඳුරු නැතිව රන් කොත් බබලන සුබාව
      බිම්බරක් සෙනග ඇවිදින් සෑදුව උලු මාලිගාව
      මුලු රටටම පාරට්ටුය සබරගමුවෙ මාලිගාව!

      සුභාවිත ගීය ගැන කතිකාවතට ජය වේවා!

      Delete
    10. කැමැතිම සිංදුවක් ගැන අපූරු විග්‍රහයක්. ස්තුතියි ඇනෝ මචං! බ්ලොගක් පටන් ගත්තොත් නරකද හිටං?

      Delete
  5. සාරස

    දියුණ රටවල ජීවත්වන බහුතර ජනතාවගේ භාෂාවෙන් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු දෙන්නේ. (උදා…සංවර්ධනය වූ රටවල් ලෙස සැළකෙන ජර්මනිය, ප්‍රංශය, චීනය, ජපානය, එංගලන්තය, ඇ. එ. ජනපදය, ඉතාලිය, රැසියාව, කොරියාව…..වැනි රටවල් ඒ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු තීන්දු ලිවීමට නියම කර ඇත.) ඒ නිසා එම රටවල ජනතාවට සගවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරැවරැන්ට නඩු තීන්දු ලියන්න බෑ. එම රටවල් දියුණු වීමට ප්‍රධානම හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැ බහුතර ජනතාවට සගවා නඩු තීන්දු නො ලිවීමයි. එම නිසා එම දියුණු රටවල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැ එම රටේ ජනතාවට වග කියන බව පැහැදිලියි. ලංකාවේ ඉන්නා කලු සුද්දන්ගේ බලපෑම නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ලියන්නේ අතිමහත් බහුතරයක් වූ සිංහල ජනතාවට කියවිය හැකි ආකාරයට නොවෙයි. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැ සිංහල ජනතාවට සගවා, සිංහල ජනතාවට කියවිය නොහැකි ලෙස නඩු තීන්දු ලියන්නේ ඇයි? තමන් ලියන නඩු තීන්දු වල ඇති වැරදි බහුතර සිංහල ජනතාව තේරැම් ගතහොත් එමගින් කලුසුද්දන්ගේ ආධිපත්‍ය බිදවැටේයැයි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ සිතන්නේද? ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැ බහුතර සිංහල ජනතාවට තේරෙන භාෂාවෙන් නඩු තීන්දු ලබා නො දෙන නිසා ඔවුන් ජනතාවට වගකියනු ඇති බව කිව හැකිද? රටේ සංවර්ධනය සහ නිවහල් බව ගැන සිතන්නේ නම් බහුතර සිංහල ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලබා ගත යුතුය. නමුත් ලංකාව් බහුතර සිංහලයන් වූවත් ඔවුන් අතර සිටින කලු සුද්දන් එයට ඉඩ දෙන්නේ නැත. මන්ද කලු සුද්දන්ගේ යථාපැවැත්ම රදා පවතින්නේ සිංහලයන්ට නො කියවිය හැකි ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලියා ගැනීමෙන් පමණි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජනගහනයෙන් සීයයට 74.9% සිංහල වන අතර ශ්‍රීලංකා දෙමළ සීයයට 11.2%කි, ශ්‍රීලංකා මුස්ලිම් (මුවර්ස්) සීයයට 9.2කි. ඉංදියානු දෙමළ සියයට 4.2%කි. එහෙත් ශ්‍රීලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල සහ දෙමළ වේ.

      මැලේසියාවේ මැලේ ජාතිකයන් සීයයට 50.1කි. චීන සීයයට 22.6කි, පාරම්පරික සීයයට 11.8%කි, ඉංදියන් 6.7%කි. අනිකුත් ජාතින් සීයයට 8.8කි රාජ්‍ය භාෂාව භාෂා-මැලේසියා ය

      ශ්‍රීලංකාවේ ජනගහනයෙන් සීයයට 70.2% බෞද්ධ, සීයයට 12.6% හින්දු, සීයයට 9.7 ඉස්ලාම්, සීයයට 7.4% ක්‍රිස්තියානි ය, එහෙත් රාජ්‍ය ආගම ලෙස ජනගහනයෙන් සීයයට 70.2% බෞද්ධන් ඉන්න රටේ බෞද්ධාගම රාජ්‍ය අගම නොවේ.

      මැලේසියාවේ සීයයට 61.1% මුස්ලිම් බැවින් රාජ්‍ය ආගම සුන්නි ඉස්ලාමීය, එමෙන්ම මැලේසියාවේ සීයයට 19.8% බෞද්ධන් ය, ක්‍රිස්තියානි සීයයට 9.2%කි. හින්දුන් සීයයට 6.2%කි.

      මේ සම්බන්ධව රටේ සංහිඳියාව මෙන්ම ජාතින් අතර සමගිය සහජීවනය ගැන කතා කරන නායකයින් සහ සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තරය දැනට රටේ බහුතර ජනතාව වන 74.9% සිංහල භාෂාවට මෙන්ම සීයයට 15% වන සමස්ථ දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ භාෂාව සම තත්ත්වයක් රාජ්‍ය භාෂාව තුල ලබා දි ඇත. බෞද්ධන් 70%ක් සිටින අපේ රටේ රාජ්‍ය ආගම බෞද්ධ නොවීම අනික් ආගමිකයෝ විසින් සැලකිය යුතු ඉතා විශේෂිත වු කරුණකි.

      එමෙන්ම ශ්‍රීලංකාවේ බහුතරය වන සිංහල බෞද්ධන් විසින් මීටත් වඩා අනිකුත් ජාතිකයින්ට මෙන්ම ආගමිකයන් ට දිය යුත්තේ කුමක්ද යන්න සංඛ්‍යා ලේඛන සහිතව ඉහත කණ්ඩායම් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දිය යුතුය.

      මෙහිදී මැලේසියාව වැනි දියුණු බහු ජාතික බහු ආගමිකයින් ජීවත්වන රටක, එහි ජන සංයුතිය අනුව ඔහුනට ලබා දි ඇති වරප්‍රසාද සංසන්දනය කිරිමේදී ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතාම අසාධාරණයට ලක්ව ඇත්තේ සිංහල ජනතාව මෙන්ම බෞද්ධන් බව අනිකුත් ජන කොටස් මෙන්ම අන්‍යාගමික කොටස් විසින් හදුනා ගත යුතුය.

      Delete
    2. ඉහත ආලෝචන දෙකේම ඉතාම වැදගත් කරුණුත් වටිනා තර්කත් ඇතුලත්...

      ගරු ඇනෝ මහතුන් දෙපොලටම ජය වේවා!

      Delete
    3. සිදුවිය යුත්තේ මොන කාලයක මොන රටෙන් ආවත් මොන භාෂාව කතා කලත් මොන ආගම ඇදහුවත් එක රටක විශේෂයෙන් කුඩා දූපතක දිවි ගෙවන විට එක ජාතියක් බවට පත්වී තම රට වෙනුවෙන් වැඩ කිරීමයි.

      සුද්දෝ මේ රටට එන්ට පෙර දකුණේ ඒක සිද්ධ උනා. දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ජන වර්ග කුල ක්‍රමය යටතේ මෙරට තිබූ සිංහල ජාතියට එක් වුනා. කරාව, දුරාව, සලාගම වැනි කුල ඔස්සේ. ඔවුන් කාලයක් දෙමළ භාෂාව කතා කලත් පසුව සිංහල කතා කරන්න යොමු උනා. පෘතුගිසි බලපෑම යටතේ ඔවුන් පසුව ආගමින් කතෝලික උනා. ඇතැම් ප්‍රදේශ වලදී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ බලපෑම් සමග බෞද්ධ උනා.

      ජනවර්ග අනුව බෙදා පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී උපක්‍රම නිසා මේ ස්වභාවිකව සිදුවන එක් ජාතියක් වීමේ ක්‍රියාදාමය 1833 පස්සේ නැවතුනා විතරක් නෙමේ ජනවර්ග පදනමින් සහ ආගමික පදනමින් ඔවුන්නොවුන් හා කුලල් කාගන්න මට්ටමට අද පත්ව තිබෙනවා.

      මේ ඒ සම්බන්ධවම Bushana Kalhara කාලෙකට පෙර ලියූ ලිපියක්: http://trisinhala.blogspot.com/2015/11/divide-conquer-concept.html

      Delete
    4. සිංහල බෞද්ධ මව්වරුනි. පියවරුනි. ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන මම ඔබගේ අවධානය යොමුකරමි. ඔබගේ දුව,පුතා ඉංජිනේරුවරයෙක්, වෛද්ය වරයෙක් කිරීම ඔබගේ පරම අභිලාෂය බව දනිමු. නමුත් සිංහල බෞද්ධ අප නොදකිනා පැත්තක් ගැන මම ඔබව අවදි කරන්න කැමතියි. අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන අඩුපාඩුවක් නිසා යයි ඔබට නොදැනෙන්නට පුළුවන. ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇත. මාගේ ඉල්ලීම…… ඔබගේ දුව පුතා නීති උපාධියට හෝ නීති විද්යාලයට යොමුකර දක්ෂ නීතිඥයින් බවට පත්කරන්න. එ් උසාවි වල කෑගසා සල්ලි හම්බකරන්නම් නොවේ. නීතිඥයෙක් බවට පත්වී හැකි ඉක්මනීන් අධිකරණ විනිසුරුවරයෙන් බවට පත්කරන්න. අද, අපගේ සිංහල බෞද්ධ නායකයින්, භික්ෂූන් වහන්සේලා අද සිරගත වන්නේ අපගේම තිබෙන කුමන නම් අඩුපාඩුවක් නිසාදැයි මේවන විට ඔබට වැටහිය යුතුය. එසේ වැටහෙන්නේ නැත්නම් ඒ අපගේ, සිංහල බෞද්ධ ජනතාවගේ අභාග්යයයි. මට සිටින්නේ එකම දරුවෙක් පමණි. ඔහු විදේශයකට යවා ඉහලින් පිලිගත් විශ්ව විද්යාලයකින් වෛද්ය උපාධියක් ලබාදීමට අවශ්ය මූල්ය ශක්තිය මට තිබේ. නමුත් මම මාගේ දරුවා යොමුකරන්නේ මෙම රටේ නීති පීඨයකට හෝ නීති විද්යාලයටයි.

      Delete
  6. අද පාර්ලිමේන්තුවේදී මුදල් ඇමති මංගල සමරවීර මහතා කියා සිටියේ පසලොස්වක පොහොය දිනයන්දි මත්පැන් අලෙවිසැල් වසා තැබීමෙන් මත්පැන් භාවිතය වැඩිවන බව හැගෙන්නේ යයි මුදල් ඇමති මංගල සමරවීර මහතා කියා සිටියේය.

    මෙරටට නීති විරෝධී ලෙස මත් පැන් ගෙන ඒම අවම කිරීම සදහා වයින් හා බියර් මිල ගණන් සංශෝධනය කිරීමෙන් හැකි වනු ඇතැයිද ඔහු සදහන් කලේය.

    ReplyDelete
    Replies
    1. සෝමෙ මාමා.. සෝමේ මාම අන්න නැන්ද හොයනවා
      මාම බීලා.. මාම බීල කුසුම එක්ක නටනවා..

      Delete
    2. ඇත්ත බොරුව කරල …..හරි දෙය වැරදි දෙය කරල…මිනිසුන්ගේ සිත් අවුල් කරල…මේ ලැජ්ජා නැතිව නිරුවත්ව මතුවන්නේ NGO DOLLAR වලින් ඇතිකරන ලද බෞද්ධ විරෝධී විෂබීජ වගාවේ තුන්වන අවස්ථාව බැවින් සැමදෙනාම බුද්ධියෙන් කටයුතු කරන්න !

      Delete
    3. // AnonymousJune 22, 2017 at 8:01 AM //

      ඩොලරයට ලොබ බැඳි NGO කාක්කෝ..

      Delete
  7. සාරස,

    ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් විශාලතම ප්රතිශතයක් ලබාදෙන ආයතන තුන වන්නේ මුදල් අමාත්යංශයට අයත් රේගුව , දේශීය ආදායම් සහ සුරා බදු යන දෙපාර්තමේන්තු වේ .

    රටේ අද්යාපන ,සෞක්ය , රාජ්ය වැටුප් ආදී ප්‍රධාන වියදම් වලට ඉහත ආයතන තුන ලබා දෙන දායකත්වය ඇති විශාලය.

    අවම දේශපාලන අතපෙවීම් ඇති මෙම ආයතන මෑතක සිට දේශපාලන බලයට යටවෙමින් පවතියි. සුරාබදු දෙපාර්තමේන්තුවේ “සුරාබදු කොමසාරිස් ජෙනරාල් ” තනතුර සඳහා දේශපාලන බලවතෙකුගේ බිරිදගේ සමීප හිතවතෙකු පත්කිරීමට සුදානමක් ඇතිබව වාර්තා වේ.

    සාමාන්යයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් නතුරට පත්කරනු ලබන්නේ ශ්රී ලංකා පරිපාලන සේවයේ “අධි ශ්රේණි “(Super Grade) නිලධාරියෙකු වන අතර මෙමෙ පුද්ගලයා සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කළහොත් එය ආන්දෝලනාත්මක සිදුවීමක් වනු ඇත. අන්ත දුෂිත නිලදරියෙකු වන මොහුට ඇති අල්ලස් හෝ දුෂණ පැමිණිලි ප්රමාණය ඇති මහත්ය. එම චෝදනා මුදල් බලයෙන් යටපත් කරගෙන සිටියි . අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමෙන් තොරතුරු ලබාගත හැක. මසකට රු . කෝටියකට වඩා ආදායම් ලබන මෙම නිලධාරියාගෙන් යැපෙන මුදල් අමාත්යංශයේ නිලධාරීන් ප්රමාණයද සුළුපටු නොවේ. සුරාබදු ආදායම රඳා පවතින්නේ කසිප්පු හෝ ගංජා මත නොව බලපත්ර නිකුත්කිරීම, අළුත්කිරීම වැනි කරුණු මතය. එම රාජකාරිය භාරව සිටින මෙම නිලධාරියා එමගින් රජයට අහිමි කරන අදායම සුළු පටු නොවේ.

    මොහු සුරාබදු කොමසාරිස් ජෙනරාල් තනතුරට පත්කිරීමට මහන්සිවන තවත් පිරිසක් වෙති. මහාපරිමාණ මත්පැන්හල් හිමියන් මේ සඳහා ඇත දිගහැර වියදම් කරමින් සිටියි. මත්පැන් හල් 150කට පමණ හිමිකම් කියන ව්යාපාරිකයා මෙහි මුලික වන අතර මෙම නිලධාරියා තම කළු සල්ලි ආයෝජනය කර ඇත්තේද මත්පැන්හල් ජාලයේමය.

    මෙම නිලධාරියා සතුව අධ්‍යාපන සුදුසුකම් සහ උපාධි රාශියක් පවතින අතර ඒවා සියල්ල මුදල් දී ලබාගත් ඒවාය. මොහුට සාමානය පෙළ මට්ටමේ දැනුමක්වත් නොමැත. සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථිර නිලධාරීන් සුරාබදු මුලස්ථානයෙන් ඉවත්කර ඒ වෙනුවට අත්දැකීම් අඩු, රාජ්‍ය කළමනාකාර සහකාර වරුන් සුරාබදු මුලස්ථානයට ලබාගැනීම මොහුගේ එකම අභිප්‍රාය වේ. එවිට ඔහුගේ දුෂිත වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යාමට හැකියාව පවතියි.

    මොහුගෙන් මාසිකව නඩත්තු වන දේශපාලන ප‍්‍රබලයින් ඇතුළු නිලධාරීන් උත්සහ කරන්නේ මොහු ජාතික ආදායමේ හදවත බඳු වූ සුරාබදු දෙපාර්තමේන්තුවට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කිරීමටය. එසේ වුවහොත් එය මහා බැංකුවේ, බැඳුම්කර වංචාවේ , දෙවන කොටස බවට පත්වනවාට සැක නැත.

    – FB

    ReplyDelete
  8. සරසා කුමාර,

    ඥාන සාර හිමිට ඇප ලැබීම ආණ්ඩුව හා ඥානසාර හමියන් විසින් කල රංගණයක් නම් මම හිතනේ ආණ්ඩුව ලියපු දුර්වලම පිටපත මේක. මොකද ජාතිවාදය වපරපු සාලිල විග්නේෂ්වරන්ල සිවාජිල අත්අංගුවට නොගෙන ඥානසාර හිමි විතරක් හිරේ දාන්න දගලපු ආණ්ඩුව ඒක නැවැත්තුව කියල කවුරුවත් ආණ්ඩුවට ප්‍රසංෂා කරන් නෑ. සියළු දෙනා ප්‍රසංෂා කරන්නේ අස්ගිරි පාර්ෂවයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගේ එඩිතර මැදිහත් වීමට. දෙවෙනි කාරනේ තමයි අපි ඥානසාර හිම හිරේ ඇරලයි නවතින්නේ කියල ගේමට බැස්ස අර මුස්ලිම් ඇමතිලයි අන්තවාදී සෙට් එකයි මේකෙන් තමුන්ගේ ජනතාවටවත් මුහුන දෙන්න බැරුව පච වුනා. බළු උනා. එතකොට එයාලගේ අප්‍රසාදය එල්ල වෙන්නෙත් ආණ්ඩුවට. ඒ නිසා මේ වගේ ගොං පිටපතක් ලියල රගපාන්න තරම් ආණ්ඩුව මෝඩ වෙන එකක් නෑ.

    ඥානසාර හිමියන්ගේ ඇප ලැබීමට කෙලින්ම බලපෑවේ අස්ගිරි විහාරයේ ප්‍රකාෂය. අපි ඥානසාර හිමියන් ගෙ මතවාදය එක්ක ඉන්නවා කියන උදාර කතාව. මේක රංගනයක් නම් අස්ගිරි පාර්ෂවයත් එතකොට නළුවොද?

    ReplyDelete
  9. 2017 ජුනි 22 වැනි දින,
    මහනුවර දී ය.

    බී.ඩී.එස්. (පේරාදෙණිය), පී.එච්.ඩී. (හොං කොං) උපාධිනාමෝපලක්‍ෂිත
    අතිගරු ආචාර්ය කුමාර කළුආරච්චි මැතිඳු,
    නිර්මාතෘ,
    මල්ලේ පොල් ජනතා වියුණුව.

    අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුනි,

    ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය විවෘත කර ගැනීම සම්බන්‍ධයෙනි

    උඩරැටියන් වන අපගේ ද සමස්ත ලාංකික ජනතාවගේ ද අභිමානවත්, ඵෙතිහාසික සහ පූජනීය නගරයක් වන මහනුවර නගරය පිළිබඳ ඔබතුමා මනා ව දන්නා බවට අපට සැකයක් නැත. අත්‍යුත්ත ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ වසන ශුද්ධ නගරය මහනුවර ය. කීර්තිමත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස ද පසු කාලීන ව එහි ම කථිකාචාර්යවරයකු ලෙස ද ඔබතුමා දීර්ඝ කාලයක් පුරා මහනුවර සමඟ සබඳතා පවත්වා ඇත. එසමයේ දී නිතොර ශ්‍රී දළදා මාලිගාවට ද මල්වතු-අස්ගිරි විහාරවලට ද ආ ගිය ශාසනෝන්නතිකාමී ප්‍රභූවරයකු වන ඔබතුමා ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය ඔස්සේ නිදහසේ ගමන් කරන්නට ඇත.

    අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුනි, ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන එම මාර්ගය වූ කලී මනරම් බෝගම්බර වැවෙන් ඔබ්බෙහි පිහිටි ප්‍රදේශය සහ මහනුවර නගරය සම්බන්‍ධ කෙරෙන කෙටි ම මාර්ගය ය. අපගේ පාසල් සමයේ දී අප මහාමායා මව්තුරුලට උදෑසන ගමන් කළ එම මඟ; දහසක් ආදි ධර්මරාජ, කිංස්වුඩ්, උසස් බාලිකා ආදී ශිෂ්‍යශිෂ්‍යාවන් උදෑසනේ ද සන්‍ධ්‍යාවේ ද එදෙසට මෙදෙසට ගමන් කළ එම මඟ පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ වැසී ගොසින් ය.

    අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුනි, ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය අතීතයේ දී වසා දැමීමට ආරක්‍ෂාව පිළිබඳ සාධාරණ හේතු එදවස තිබෙන්නට ඇත. එනමුත් අපගේ විරෝධාර නායක අතිගරු ජනාධිපති මහින්‍ද රාජපක්‍ෂ මැතිඳුන් ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමෙන් පසු උදා වූ සාමකාමී වාතාවරණය තුළ එම මාර්ගය විවෘත කිරීමට හැකි ව තිබිණි. එනමුත් එය එසේ සිදු වූයේ නැත.

    අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුනි, ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය වසා දැමීම නිසා වැව රවුම මාර්ගයේ ඉතා දැඩි මාර්ග තදබදයක් පවතී. උදෑසන ද සන්‍ධ්‍යාවේ ද පැය ගණන් කාලය එමඟින් නාස්ති වේ. දෛනික ව එම මාර්ග තදබදයෙන් පීඩා විඳින මහනුවර වාසී අප අපගේ දුක්ගැනවිල්ල කලක සිට විවිධ වගකිව යුත්තන්ට ඉදිරිපත් කළ ද කිසිදු විසඳුමක් මෙතෙක් ලැබී නැත. සිංහල භාෂාව නොදන්නා සිංහල භාෂා මහාචාර්යවරයකු ද කලක් පේරාදෙණි විද්‍යා පීඨ පරිශ්‍රයේ සක්මන් කරමින් සිට පසු ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයකු වූ පැරණි වාමාංශිකයකු ද කොළඹින් කණ්ඩායමක් සමඟ පැමිණ අපගේ ප්‍රශ්නය තම දේශපාලන අරමුණු සඳහා අවභාවිත කර, මහා කලහයක් ඇති කර, පැන ගිය බව ඔබතුමාට සිහි කරවන්නට කැමැති ය.

    අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුනි, ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය විවෘත කිරීමට එරෙහි ව කලක සිට ප්‍රබල විරෝධතාවක් නැඟෙන්නේ අතිපූජනීය අස්ගිරි නා හිමි ප්‍රමුඛ අස්ගිරි පාර්ශ්වයෙනි. මෙම මාර්ග ගැටලුව පිළිබඳ අතිපූජනීය මල්වතු නා හිමියන් අතීතයේ දී සාධනීය ස්ථාවරයක සිටිය මුත් වර්තමානයේ දී උන් වහන්සේ ද මාර්ගය විවෘත කිරීමට විරුද්ධ ස්ථාවරයකට පැමිණ ඇත. උඩරැටියන් වන අප මල්වතු මහා විහාරයට ද අස්ගිරි මහා විහාරයට ද අසීමිත ගෞරවයක් දක්වන බව ඔබතුමා දනී. එහෙත් අතිපූජනීය මහා නායක හිමිවරුන් පොදු ජනතාවගේ ගැටලුවල දී දැනට වඩා සංවේදී ව ද අවබෝධයෙන් ද කටයුතු කළ යුතු බව අපගේ අදහස ය.

    අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුනි, ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය විවෘත කිරීම පිළිබඳ පැන නැඟී ඇති ගැටලුවට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා දීමට සෑම කාරණයක දී ම අසමත් යහපාලන රජය සමත් නො වන බව සක්සුදක් සේ පැහැදිලි ය. මෙම ගැටලුව පිළිබඳ අවම වශයෙන් කතිකාවක් හෝ ඇති කරන ලෙස සකල ලෝක ධාතුවේ ඇති සෑම සියලු ගැටලුවකට තම වියුණු කඩමාල්ල ඔස්සේ විසඳුම් ලබා දෙන මතුගම අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගෙන් ද උඩරැටියන් වශයෙන් අපි කීප වරක් ඉල්ලා සිටියෙමු. අසූව දශකයේ අග දී ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැසූ අතීතයක් ඇති පව්කාරයකුගෙන් එම ප්‍රශ්නයට මැදහත් විසඳුමක් අපේක්‍ෂා කළ නො හැකි ය. එනිසා අප අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී දළදා මාලිගාව අබියසින් දිවෙන මාර්ගය විවෘත කිරීම පිළිබඳ පැන නැඟී ඇති ගැටලුව පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කර, එම මාර්ගය විවෘත කිරීම පිළිබඳ ප්‍රතිවිරුද්ධ මත දරන ද්විපාර්ශ්වට ම එකඟ විය හැකි විසඳුමක් නුදුරු අනාගතයේ දී පිහිටුවන රාජපක්‍ෂ රජයක් යටතේ හෝ ලබා දෙන ලෙස ය. මල්වතු මහා විහාරයට සහ අස්ගිරි මහා විහාරයට සේ ම අතිගරු ජනාධිපති මහින්‍ද රාජපක්‍ෂ මැතිඳුන්ට ද හිතවත් සහ සමීප අතිගරු ආචාර්ය කළුආරච්චි මැතිඳුන්ට එම කාර්යභාරය සාර්ථක ව ඉෂ්ට සිද්ධ කර දිය හැකි බව උඩරැටියන් වන අපට විශ්වාස ය.

    ස්තුතියි!

    ඔබතුමන්ට හිතවත්,
    ආදි මායා තේජා කොටින්කඩුව.
    (කලකිරීමට පත් පාරම්පරික එක්සත් ජාතික පාක්‍ෂිකාවක්)

    ReplyDelete
  10. අඩෝ සරාසා ලොක්කා, මේ උඩ (Anonymous June 22, 2017 at 6:28 AM) තියෙන්නේ සිංහලෙන් බ්ලොග් ලියන සමහර බකපඬි ජඩයින්ගේ සැබෑ තත්වයයි. මුන් ප්රොෆයිල් වලින් ලියන විට ලියන්නේ මානව දයාව, කරුණාව, වෙනත් අයට උදව් කරන හැටියි. තමන් ලෝකෙවටේ හෙන සිරා ට්රිප් ගිය හැටි තමන් රට වෙනුවෙන් කැපවී වැඩ කරන හැටි තමන්ගේ අද්යාපන ප්රතිපල, තමන් කරන රිසර්ච් ගැන බහුබූත බොරු කයිවාරු කෙලවරක් නැතිව ලියයි. තමන් සිරා පොරක් බව පෙන්නන්නට ෆ්රොයිඩ් ගැන ලැකාන් ගැන ලියන මේ තක්කඩියන් ඇනෝ ලියන විට ලියන්නේ අමු තිත්ත කුණුම කුණු හරුපය. අපහාසය. මුන්ට කියන්නට පුලුවන් හොඳම නම දෙබිඩ්ඩන්ය.

    වැදගත් මිනිසුන් කොපමන අපහසු තත්වයකදී වුවද මෙවැනි දේවල් කරන්නේ නැති බව මුන් දන්නේ නැත. වෙන්ඩ පොශ් ගංකබර හාල්පාරු මෝඩ බයියන් ඔසී, යූකේ, කැනඩා ගිහින් එක්සත් ජාතික පක්ෂයට හෙලුවෙන් කඩේ යනගමන් තමුන් හෙන "පොශ්" ටොයියන් කියා පොරටෝක් දුන්නාට වැඩක් නැත.

    අප වැදගත් මිනිසුන් නොවේ, අපි ඒ බව ප්රසිද්දියේ කියමු. අප ඇනෝ එන්නේ අපිට ප්‍රොෆයිල් එකෙන් ඇවිත් පෙන්නීමට මොන ලබ්බක්වත් නැති නිසාය. නමුත් සෙනගට පේන්න වැදගත් මිනිසුන් ලෙස හැසිරෙමින් බොරුවට රඟන මුන් අපටත් වඩා නොවැදගතුන්ය. තමන්ගේ බ්ලොග් එකේ සිරා පෝස්ට් එකක් දමා මෙතැනට ඇවිත් මෙවැනි කතා කීමෙන් පෙනෙන්නේ මුන්ගේ පහත් ගතිය මිස වෙන මොකුත් නොවේ. නමුත් තත්වය වෙනස් වෙන බව මුන් දන්නේ නැත. බ්ලොග්වල මුන්ගැන පලවෙන අපහාස වැදගතෙකුට වුනානම් එම පුද්ගලයා බ්ලොග් දිහා හැරී බලන්නේවත් නැත නමුන් මුන් පච වෙවී කිච වෙවී තවත් මේක අස්සේම රින්ගාගෙන සිටී. අපට පිටරටවල්ගැන දෙව්ලොව ගිය ගමරාල මෙන් දිව්‍යලෝක පොරටෝක් දෙමින් සුරංගක් බයිලා ගහමින් පිටරටවල සුළු රැකියා කරන ගමන් අප අස්සේම රිංගමින් අපෙන් ගෞරවය හිඟාකන අමන රැලකි. සරාසා මෝලා මේ ගැන දරන මතයත් මෙතනම ලියපන්. (මේක මකන්නෙ හෙම නෑ, කුණුහබ්බ එකක්වත් නෑ ඒවගෙම කාගෙවත් ළමයින්ට මළාට අපහාස කරේවත් කවමදාවත් කරනෙත් නෑ හරී?)

    ReplyDelete
    Replies
    1. මේක මකන්නේ නැත ගරු ඇනෝ තුමනි!

      Delete
  11. අයිසේ ස රස තුමෝ, මේ ආණ්ඩුවේ ඇමතිමණ්ඩලේ වැඩිදෙනෙක්ට කිසිම වැඩක් කරන්නට හැකියාව නැති බව ඇමති ඩිලාන් පෙරේරා කියනව නේද? මේ වීඩියෝ එක බලන්න.

    https://www.youtube.com/watch?v=jEWFcsmvLK4

    පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වැඩ කරන්නට හැකියාව ඇත්තන් පිරී ඉතිරී ගොස් සිටියේ යයිද ඇමතිවරයා සදහන් කරයි. මුඑ මේ ආණ්ඩුවේ ඉඳන් මේ කරන්න හදන්නේ අහවල් එකක්ද සරස තුමෝ?

    ReplyDelete
  12. //දැවෙන ප්‍රශ්නය නම් ඥාණසාර හිමියන් සැඟවී සිටියේ කොහිද යන්නය//

    ඥාණසාර මහා රහතන් වහන්සේට එර්දි බලය තිබෙනවා. ඕන වෙලාවට නොපෙනී ඉන්නත් අවශ්‍ය වෙලාවට පෙනී සිටින්නටත් එතුමාට පුළුවන්.

    ඇයි අවුල්ද?

    ඔබට අබ සරණයි!

    ReplyDelete
  13. Anonymous June 22, 2017 at 6:28 AM

    ඔන්න කොලඹ ඉස්කෝලෙ ගියා කියන, පිටරට ඉගෙනගත්ත කියන, පිටරට යාලුවො ඉන්නවා කියන, පොඩිකාලෙ ඉඳල ඉංග්රීසි කතා කලා කියන අයියලගෙ බාසාව.

    බැලුවහම උඹ ගමේ ඉගෙන ගත්ත, කසිප්පු බොන, නිහාල් නෙල්සන්ගේ සින්දු අහන අපටත් අන්තයිනේ.තර්ක කරන්නේ ඔහොම නෙමෙයි බන්.උඹ රට ගියා කියන එකවත්,උඹ ට ඉංග්රීසි පුලුවන් කියන එකවත් තර්කයක් නොවෙයි.

    උඹේ ඔය පිටරට ඉගෙන ගත්ත ඉංග්රීසි පුලුවන් සල්ලිකාර අයියලව බල්ලෙක්වත් ගනන් ගන්නවද කියල බලාගන්න නිකමට කොලඹ ඔය ප්රයිවෙට් හොස්පිට්ල් එකකට ගිහින් බලපන්. උන්ව ඔය සූතිකාගාර අයි සී යූ වගේ ක්රිටිකල් තැන්වලට දාන්නෙත් නැහැ වැඩබැරි ගොන්නු හින්ද. ( උන් පිටරට කියන්නෙ ඉන්දියාවට , බංගලිදේශෙට, යුක්රේනෙට )

    ReplyDelete
  14. අප සහෘද සරස තුමා හෙවත් කුමාර සොයුර,

    කරුණාරත්න අබේසේකර සූරීන් තම පෙම්වතිය වන ඉරානි සමඟ අතිනත ගත්තේ දුර්ග තරණයකින් අනතුරුව බව අප අසා තිබේ. එසේ සටන් වැද දිනා ගත් සොඳුරිය සමඟ යුගදිවි අරඹා කලක් ගත වූ පසු ව දොඩමලූ මිනිසුන්ගේ කටකතා, ඕපා දූප කතා ඔහුට ඇසී තිබිණ. ඒවාට නොසැලී මුහුණ දෙන්නැයි ඇයට කියමින් ඔහු ලියු පදවැලක් ද මේ මොහොතේ දී මගේ සිහියට නැගුණේ ය. ‘දොඩමලූ ගිරවුනි’ යනුවෙන් නම් කර තිබු ඒ කවි පන්තියේ මුල් කවිය මෙවැනි ය.

    නික්මෙයි කටකතා ඊතල නැතිව දුනූ
    නොබිඳේවා එයින් යුගදිවි වෙණෙහි තනූ
    වියළනු පිණිස දොඩමලූ පිනි පතිත වුණූ
    දේවිය උදාගිර හිරු මෙන් සිනහ සෙනූ

    සරස හෙවත් ආචාර්ය කුමාර සබඳ, දහසකුත් එකක් නින්දිත අශීලාචාර මඩ ප්‍රහාර හමුවේ නොසැලී ඉදිරියට යාමට ඔබටත් ඔබගේ ප්‍රිය ඇඹේණියටත් සුබාසිරි සමගින් දිගාසිරි පතමි. ජය හෝ !

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගරු ඇණෝ තුමෝ...

      Delete
  15. ස රස,

    ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා බදුල්ලේ පැවති ජන හමුවකදී ඇමති රාජිත සේනාරත්නට, ඇමති සරත් ෆොන්සේකාට දරුණු ලෙස විවේචන එල්ල කලේ මෙසේය.

    https://youtu.be/aXNtuuSXxRo

    එකමුතු ප්‍රතිපත්තියක් නැති රන්ඩු සරැවල් කරගන්න බහුබූත අැමති මන්ඬලයකින් සමන්විත අාණ්ඩුවකට රටක් ඉදිරියට ගෙනි යන්න පුලුවන්ද ස රස?

    ReplyDelete
    Replies
    1. බැහැ නේ ගරු ඇණෝ තුමෝ...

      Delete
  16. //දැවෙන ප්‍රශ්නය නම් ඥාණසාර හිමියන් සැඟවී සිටියේ කොහිද යන්නය//

    තෙත් කලාපයේ කුලී ලියනප්පුගේ ගෙදර වෙන්න බැරිද හිටන්?

    ReplyDelete
  17. දෙයියනේ කියල දැන් ටික දවසකට ඩෙංගු ප්‍රශ්නය අමතක කරලා දාන්න පුළුවන් සරස.

    ReplyDelete
  18. Part 1 of 2

    අතිගරු සරසතුමා නමැති ශාස්ත්‍රීය දැවැන්තයා ඉදිරියේ පිස්සු කෙළින (අ)ශාස්ත්‍රීය පිග්මියා

    අප මෙහි කිසියම් කතිකාවක් ඇරඹූ සැණ මෙතැනට කඩා වැඳ එක ම අශිලාචාර පල්හෑල්ලක් දමන නරුමයෙක් සිටියි. එම නරුමයා කවරකු ද යන්න එම නරුමයාගේ පල්හෑලිවල තකතීරූ අන්තර්ගතයෙන් ද හඩු භාෂාවෙන් ද මොනවට පැහැදිලි වේ. එම නරුමයා පළමු ව තමන්ගේ පල්හෑලි තම බ්ලොගයේ ම නිර්ණාමික කමෙන්ටු ලෙස දමා ගනියි. ඉන්පසු එම නරුමයා ම 'ඇත්ත ද?', 'එහෙම ද?', 'හොඳ නිරීක්ෂණයක්', 'මිනිස්සු විවිධාකාර යි' ආදී බබා හුකුං ප්‍රතිචාර තම පල්හෑලිවලට එක් කර ගනියි. එම නරුමයා ඊ ළඟට කරන්නේ එම පල්හෑලි අතිගරු සරසතුමාගේ බ්ලොගයට පිටපත් කිරීම ය. එම නරුමයාට ඇත්තේ එසේ මෙසේ අපාන-ගුද රුදාවක් නො වේ. එම නරුමයාට ඇති කාර්යබද්ධ ව්‍යාබාධය Proctalgia Fugax නම් වේ. දැන් දැන් එම නරුමයා තමාට Levator Ani Syndrome ද ඇති බවට ඉඟි පළ කරයි.

    එම නරුමයා ගැන අප මින් පෙර දීර්ඝ ව විග්‍රහ කර ඇති නිසා යළි ලියන්නට අවශ්‍ය නැත. මොහුගේ දෛනික කාර්යභාරයෙන් වැදගත් එකක් වී ඇත්තේ අතිගරු සරසතුමාගේ බ්ලොගය නිරන්තර ව පරීක්ෂා කර එහි අතිගරු සරසතුමා ගැන හොඳක් පළ වී ඇති නම් එතැනට මොහුගේ පල්හෑලි වර්චස් පිඩ හෙළීම ය. එම නරුමයාගේ පල්හෑල්ලේ ගත යුතු දෙයක් ද නැත. අතිගරු සරසතුමා මෙම බ්ලොගයේ කෙදිනකවත් සඳහනක් නොකර ඇති අරුණි ශපිරෝ මහත්මියගේ ප්‍රකට නාමය ද තම අමනකම් සඳහා ඈඳා ගන්නට එම නරුමයා නොසෑහෙන වෑයමක් දරයි. එම නරුමයාගේ ඔස්ට්‍රේලියානු දර්ශය වන සිඩ්නි නුවර කුහකයා* වරක් ශපිරෝ මහත්මියගේ බ්ලොගයේ වසුරු හෙළන්නට ගොස් ලුණු ඇඹුල් ඇති ව අසා ගත් බව කවුරු කවුරුත් දනිති.

    අතිගරු සරසතුමාගේ බ්ලොගයේ එක ම අශිලාචාර පල්හෑල්ලක් දමන නරුමයා ලැජ්ජාවක් ඇති අයකු නො වන බව පැහැදිලි ය. මොහුගේ ගොන් කතා ගැන අප පසුගිය කාලයේ දී කරුණු සහිත ව පෙන්වා දී ඇත. එම නරුමයාගේ මඳමානය කෙතරම් ද කිව හොත් මොහු මොහුගේ ඊනියා පච පත්‍රිකා බ්ලොගයේ ද පළ කර පර්යේෂණ පත්‍රිකා දැක නැති අහිංසක පාඨකයන් රවටා ලොක්කකු වෙන්නට දත කයි. එම නරුමයා ලොක්කකු නො ව සොක්කකු බව තහවුරු වන්නේ මොහුගේ ලියමන්වලිනි. පර්යේෂණ පත්‍රිකා ගැන පශ්චාත් ආචාර්ය උපාධි මට්ටමෙන් කතා කරන මොහුගේ වැඩ තවමත් දෙකේ කැලෑසියේ ය. Harvard Reference Style අනුව විමර්ශනයක් නිවැරදි ව සටහන් කර ගන්නටවත් එම නරුමයාට තවමත් නොහැකි ය. මොහු විමර්ශන ලෙස ඉදිරිපත් කර ඇති දෑ මොහු නිසි ආකාර ව කියවා වටහා ගෙන නැති බව ද ඇතැම් විමර්ශනවල සමස්ත පෙළ තබා සංක්ෂේපය හෝ කියවා නැති බව ද විමසුම් ඇසකට හසු වේ.

    එම නරුමයා පර්යේෂණ පත්‍රිකා නමින් පළ කරන පච පත්‍රිකා දකින කෘතහස්ත පර්යේෂකයකු වන අතිගරු සරසතුමා අධෝමාර්ග හාස නඟනු ඇත. අතිගරු සරසතුමා අග්‍රගණ්‍ය සම්පරීක්ෂණාත්මක පර්යේෂණ පත්‍රිකා මිණි මාලයක සාඩම්බර කර්තෘවරයා ය. The International Journal of Peptide Research and Therapeutics, Journal of Medicinal Chemistry, Nature Genetics, The Journal of Biological Chemistry, Journal of Biomolecular Structure & Dynamics, The Journal of Clinical Investigation, Molecular Cancer Therapeutics, Molecular Imaging, Journal of Oral Pathology and Medicine, The European Journal of Orthodontics, The Journal of Organic Chemistry, Archives of Oral Biology, Orthodontics & Craniofacial Research, Proceedings of the National Academy of Sciences, Osteoarthritis and Cartilage, Protein Science, Nucleic Acids Research, Biochemistry, Nucleic Acid Symposium Series, Analytical Biochemistry ආදී අන්තර්ජාතික ව සම්භාවනීය ශාස්ත්‍රීය සඟරා සහ අනෙකුත් ශාස්ත්‍රීය ප්‍රකාශන රාශියක අතිගරු සරසතුමාගේ පර්යේෂණ පත්‍රිකා රාශියක් පළ වී ඇත. එම ප්‍රකාශන අතර ඉංග්‍රීසි කතා කරන ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලය විසින් පළ කෙරෙන ශාස්ත්‍රීය ප්‍රකාශන රාශියකි. එහෙත් කෙදිනකවත් අතිගරු සරසතුමා එම සැබෑ පර්යේෂණ පත්‍රිකා තම බ්ලොගයේ පළ කරන තත්ත්වයට පත් වී නැත. අතිගරු සරසතුමාගේ අසිරිමත් ජීවිතයේ පෙනෙන තෙක් මානයක හෝ මඳමාන නොමැති ය.

    අතිගරු සරසතුමා දායකත්වය දුන් පර්යේෂණ වූ කලී සායනික ව ඉතා වැදගත් වන යුගකාරක පර්යේෂණ ය. ලංකාවේ ද එක්සත් රාජධානියේ ද විශ්වවිද්‍යාල කීපයක ආචාර්යවරයකු ලෙස ද සායනික වෛද්‍ය වෘත්තිකයකු ද ලෙස කටයුතු කළ, සුප්‍රකට ගේට්ස් පදනමේ පර්යේෂණ ප්‍රතිපාදන පවා දිනා ගත් ලාංකීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රවන්තයකු මෑතක දී අප සමඟ පැවසූයේ අතිගරු සරසතුමා විසින් ප්‍රතිපිළිකා ඖෂධචිකිත්සාවට අදාළ ව සිදු කෙරුණු පර්යේෂණ වූ කලී සායනික ව නව මානයන් කරා වෛද්‍ය විද්‍යාව යොමු කර වීමට හේතු වන සුදුර්ලභ ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් බව ය. එතුමා ලෙහෙසියෙන් පහසුවෙන් කිසිවකු පිළිබඳ සහතික නිකුත් නොකරන ජ්‍යෙෂ්ඨයෙකි.

    Cont.

    ReplyDelete
  19. Part 2 of 2

    අතිගරු සරසතුමා වැනි නිහතමානී සුධීමතකුට එරෙහි ව පල්හෑලි පළ කරන නරුමයා දන්නා වෛද්‍ය විද්‍යාවක් හෝ සිංහලයක් හෝ ඉංග්‍රීසියක් හෝ නොමැත. මොහුට එකදු ඔදවත් තෙදවත් වැකියක් ඉංග්‍රීසියෙන් හෝ සිංහලයෙන් හෝ ලියා ගත නොහැකි ය. එහෙත් එම නරුමයා වාමාංශිකයන් ඉංග්‍රීසි නො දනිති යි පවසමින් තම ගොන්කම ම ප්‍රදර්ශනය කරයි.

    එම නරුමයාගේ අලුත් ම විගඩම වී ඇත්තේ මොහු කරන්නට බලාපොරොත්තු වන දේ ගැන මනස්ගාත දෙඩවීම ය. කලක් මනෝ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දුගේ කීර්තිනාමය විකුණා ගෙන කෑ මොහු දැන් මනෝ වෛද්‍ය විශේෂඥ උපාලි පීරිස්ගේ නම ද විකුණා ගෙන කෑමට සැරසෙන්නේ උපාලි මොහුට අවස්ථාවක් දෙන්නට ද පෙර ය. නීල්, උපාලී වැනි නිවුණු, සුහදශීලී මිනිසුන් සමඟ නටන නාඩගම් ජයාන් හෝ ගම්බීර හෝ වැනි අය සමඟ නටන්නට ගියේ නම් මොහු 'සුද්ද සිංහල' දෙකක් අසා ගනු නියත ය. කෙසේ වෙතත් මොහුගේ කැරැට්ටුව අප දැනටමත් උපාලිට පමණක් නො ව ශෙහාන්ට ද දන්වා යවන්නට කටයුතු සලසා ඇත. මොහු තව ටික කලකින් තමා 'කක්කුස්සියට' යන්නට සැරසෙන බව පවසා ඒ පිළිබඳ අන්‍යයන්ගේ අදහස් මොනවා ද යැයි මොහුගේ බ්ලොග් කඩමාල්ලෙන් විමසුව හොත් අප පුදුම විය යුතු නැත.

    අපකීර්තිමත් කැරැට්ටුවක් සහිත අපතයන්ට අතිගරු සරසතුමා නින්දා කළේ යැයි පවසමින් අභූත චෝදනා නඟන, මෙතනට පැමිණ වදයක් වන එම නරුමයාගේ කෙරුවාව නම් ඉස්තරම් ය. අප සැමගේ ගෞරවයට පාත්‍ර වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලලිත් අසෝක කුරුප්පු ආරච්චි මැතිඳුන්ට ද මොහු තම සුපුරුදු හීන් නූලේ මඩක් ගසා තිබිණි. අප ආදරයට KALA කුරුප්පු ආරච්චි යැයි හඳුන්වන එතුමා අතිගරු සරසතුමාට මඩ ගසනා නරුමයා මෙන් දෙක යි පනහේ පච පත්‍රිකා ලියූ අයෙක් නොවන්නේ ය. එතුමා තම විෂයේ අභිවෘද්ධියට කටයුතු කළ තැනැත්තෙකි. එතුමා මනෝ වෛද්‍ය විද්‍යාව පමණක් නො ව කායික වෛද්‍ය විද්‍යාව ගැන ද හොඳ අවබෝධයක් ඇති විශේෂඥයකු ලෙස අපි පිළිගනිමු. පෙර කී නරුමයා දුරකථන ආචාර ධර්ම නොදැනීම KALA කුරුප්පු ආරච්චි ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාගේ දොසක් නො වේ.

    පල්හෑල්ලක් ලියා තබා ගෙන තමාට අපාන-ගුද රුදාව දැනෙන කල එම පල්හෑල්ල ගෙනැවිත් අතිගරු සරසතුමාගේ බ්ලොගයේ දමන නරුමයා ලාංකීය උගතුනට කෙතරම් වෛර කරන්නේ ද යත් දේශපාලන භේදයකින් තොර ව අප සැම ගෞරව කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස සූරීන් ගැන ද නරුම කතාවක් පවසා තිබිණි. ඊනියා සුචරිතවාදීන් කුමක් පැවසු ව ද එම නරුමයාට ගැළපෙන භාෂාව ශුද්ධ සිංහලය නො ව 'සුද්ද සිංහලය' ය. එම නරුමයාගේ අභිප්‍රාය වී ඇත්තේ අතිගරු සරසතුමාගේ බ්ලොගය තහනම් කරවීම බව පෙනෙයි. මොහු අතිගරු සරසතුමා නීතිමය ගැටලුවක පටලවන්නට ද කාලයක සිට හීන් නූලෙන් කටයුතු කරයි. එම නරුමයාගේ එක් උගුලකින් අතිගරු සරසතුමා බේරුණේ අනූනවයෙනි.

    කෙසේ වෙතත් සත්‍ය වෙනුවෙන් සැම දා පෙනී සිටින අපගේ ආදරණීය අතිගරු සරසතුමාගේ බ්ලොගයට වින කිරීම යනු එම නරුමයාගේ විශේෂඥ මනෝ වෛද්‍ය සිහිනය වැනි ම තවත් එක් සිහිනයක් පමණි. අතිගරු සරසතුමා එම නරුමයාගේ ද එම නරුමයාගේ කුලකයේ මතුගම ප්‍රාග්අඥයාගේ ද ඔස්ට්‍රේලියානු ප්‍රාග්අඥයාගේ* ද ජෙරමි කොබින්ගේ උපදේශකයකු වන්නට සිහින මවන ලන්ඩන් ප්‍රාග්අඥයාගේ ද අශිලාචාර පල්හෑලිවලින් උකටලී නො වී ඉදිරියට ම ගමන් කරන්න. අප කෙදිනකවත් අතිගරු සරසතුමා තනි කරන්නේ නැත; හැර යන්නේ නැත.

    අප අපගේ මල්ලේ පොල් බුද්ධිමත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අතිගරු සරසතුමාට නවනින්දා කරන නරුමයාගේ අශිලාචාර පල්හෑලිවලට කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා නොදුටු ලෙස සිටින්න කියා ය. අතිගරු සරසතුමා එම කමෙන්ටු දුටු සැණ ඒවා යා යුතු නිසි තැනට වහා යවනු ඇත. එමෙන් ම පාඨක අප සැම අතිගරු සරසතුමාට නෛතික ගැටලු මතු නො වන ආකාරයට ද මෙම බ්ලොගය තහනම් නොකෙරෙන ආකාරයට ද අපගේ කමෙන්ටු පළ කරන්නට සුපරික්ෂාකාරී විය යුතු ය. අදුරු යුගය ගෙවෙන්නට තව ඇත්තේ වසර තුනකට ද අඩු කාලයකි. එම කාලතරණයට අතිගරු සරසතුමා සමඟ අපි සැම එකාවන් ව කටයුතු කරමු. අතිගරු සරසතුමා සදා දිනේවා!

    සරසවාදී ඇනෝ බලකාය.



    * ඔස්ට්‍රේලියානු ප්‍රාග්අඥයා පිළිබඳ අප විවේචනය කරන්නේ කිසියම් කනගාටුවකින් ය. ඔහු ඔහුගේ කුලකයේ අනෙක් මැට්ටන්ට වඩා යම් හැදෑරීමක් ඇති අයෙකි. ඔහු පේරාදෙණියෙන් බිහි වූ ලාංකික උගතෙකි. ඔහුගේ හදවතේ යම් තැනෙක භාෂාව, සාහිත්‍යය ආදිය ගැන කිසියම් හැඟීමක් පවතින බව අපි විශ්වාස කරමු. එහෙත් කුහකකම, උද්දච්චකම සහ අනෙකාට වින කරන්නට ඇති අසීමිත ආශාව නිසා ඔහු නරුමයකු වී ඇත.

    End.

    ReplyDelete
    Replies
    1. විද්වත් සරසවාදී ඇනෝ බලකා තුමා,

      ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
      පාපං මේ කතන්ති තප්පති – භියෝ‍යා තප්පති දුග්ගතිං ගතෝ

      පව් කරන්නා මෙලොවත්, පරලොවත් තැවෙයි. දෙලොවම තැවෙයි. පවක් කරන ලදැයි සිතා තැවෙයි. දුගතියට ගොස්ද බොහෝ තැවෙයි.

      Delete
    2. //
      අප මෙහි කිසියම් කතිකාවක් ඇරඹූ සැණ මෙතැනට කඩා වැඳ එක ම අශිලාචාර පල්හෑල්ලක් දමන නරුමයෙක් සිටියි. එම නරුමයා කවරකු ද යන්න එම නරුමයාගේ පල්හෑලිවල තකතීරූ අන්තර්ගතයෙන් ද හඩු භාෂාවෙන් ද මොනවට පැහැදිලි වේ. //


      වදින්න අවශ්‍ය තැනට වැදිලා වගේ ගරු සරසාශ්‍රිත විද්වත් ඇනෝ වරුනි.... බොහෝ වෙලාවක සිටන් කුණුහරුප කොමෙන්ට් ලියන්නාගෙන් කුණුහරුප කොමෙන්ට්ටුවක් පල වුනේ නෑ.....

      Delete
  20. ආණ්ඩුව පෙරලා දැමීම සදහා රාජපක්‍ෂ පවුලෙන් කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බවත් ආන්ඩුව තුලද ඊට උපකාර කරන පුද්ගලයින් සිටින බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසු බව නව සම සමාජ පක්‍ෂ නායක වික‍්‍රමබාහු කරුණාරත්න පවසයි.

    ඇමති විජේදාස රාජපක්‍ෂත් රාජපක්‍ෂලාගේ ගොඩටම වැටෙන බවද ජනාධිපති පැවසූ බව ඔහු කියා සිටියේ කොළඹදී පවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    https://youtu.be/ONxlIxwiWoc

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණ කර බලය ගත්තෝ ජීවත්වන්නේ සැකයෙන්මය. ඊට හේතුව උන් කරපු අපරාදය නිතරම උන්ගේ හිතේ හොල්මන් කරන නිසා උන්ට පෙනෙන්නේ හැම එකා ම තමන්ට එරෙහි කුමන්ත්‍රණ කරනවා කියාය. උන්ට කිසි එකක් විස්වාස නැත. මොනතරම් බොරුවට හිනාවෙවී ටි වී වල මුහුණු පෙන්නුවට පපුව ඇතුලේ කුමන්ත්‍රණ ගින්න තියෙන බව ඇස් ද ජනතාවට පෙන්නුම් කරනවා ය. ජනතාවට බොරුවට දිව්රීමද තමාම තණ්හාවෙන් වයිරයෙන් තමාටම කර ගත බරපතලම වරදකි.

      Delete
    2. ආණ්ඩුව පෙරලන්න රාජපක්ෂලා ඕනැ නැහැ. තමුන්ම තමයි පෙරලෙන තැනට වැඩේ කරගෙන තියෙන්නේ. මොකද මේක තියාගන්නම වටිනා ආණ්ඩුව.

      නිකං පිස්සු කතා කියන්නේ නැතිව තියල බලමුද චන්දයක් මේක පෙරලන්නේ රාජපක්ෂලාද නැතිනම් තමුන්ට වැරදීමකිං චන්දෙ දුන්නු මහජනතාවමද කියලා?

      Delete
  21. සරස අද පවතින්නේ නීතියේ පාලනයක්ද යන්න සැක සහිතයි. හරවත් විද්වත් කතිකාවකට ඇති ඉඩ අඩුයි. පළමුව රටේ නීතියේ නිදහස ලබා ගත යුතුයි. කොච්චර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙනාවත් වැඩක් නෑ.

    ලොවපුරා මිලියන 78ක් වූ දෙමළ ජනතාවක් සිටිති. සිංහල ජනතාව ලොව පුරා ඉන්නේ මිලියන 17ක් පමණි. ලොවපුරා විසිරී සිටින දෙමළ මිලියන 78 බලපෑම හේතුවෙන් ලංකාවේ බහුතරයගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු නො ලියන බව සිංහල දේශප්‍රේමීන්ද, පාලකයෝද රටෙන් සගවති. මන්ද ලංකාවේ සිටින සිංහලයින් මිලියන 78ක්වූ දෙමළ ජනතාවගේ හස්තයට හසුවී මුදලට යටවී සිටිති. සිංහලයින්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දී ඕනෑම පාවාදීමකට එකග කර ගත හැකිය. ජපානය, චීනය, ජර්මනිය, වැනි රටවල් එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලියද්දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු ලියන්නේ ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් නොවේ. ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට අධිකරණය හරහා සිදුකරන මේ අසාධාරණය සහ අයුක්තිය දිගටම සිදුකිරීම සදහා මුස්ලිම් අන්තවාදයක් ගැන කථා කරමින් කල් ගත කරනවාද? යන්න ජනතාව විසින් වහාම සාකච්ඡාවට ලක් කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසියා විසින් ගොඩනඟා ඉංග්‍රීසියා විසින් බෞතීස්ම කරන ලද්දක් එහි අරමුන සිංහලයන්ට මෙරට හිමි තැන අහිමි කිරීමයි.
      එසේම ලංකික දෙමළ ජාතිවාදය තමිල්නාඩුව සමඟ සම්බන්ධ එකක් නොවෙයි. එය සම්බන්ධ බිරිතානිය සමඟයි.
      උදාහරණයක් දැක්වුවහොත් සිංගප්පූරු චීනාට චීන මව්රට සමඟ ඇත්තේ සංස්කෘතික සම්බන්ධයක් පමණයි. අනිත් හැම කරුනකදීම ඔහු සම්බන්ධ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමඟයි.
      ලාංකික දෙමලාත් එසේමයි.
      ලංකාව තුල ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක්. ශ්‍රේෂ්ඨාධිකරනයේ කටයුතු ඉංගිරිසියෙන් කෙරීමට හේතුවත් එයයි. දෙමළ ජාතිවාදය කටයුතු කරන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ මුර බල්ලෙකු ලෙසයි.

      අනිත් අතට බිරිතානිය දෙමළ ජාතිවාදයට සහයෝගය දක්වන රටක්.
      අජිත් ධර්මකීර්ති වන් අය,
      ‍බිරිතානි දේශපාලඥයන් දෙමළ ජාතිවාදයට සහය දක්වන්නේ බිරිතානියේ වසන දෙමළුන්ගේ චන්ද බලාපොරොත්තුවෙන් යැයි විශ්වාස කරනවා.
      එය මිත්‍යා විශ්වාසයක්. බිරිතානිය සහ ඊස්‍රායලය අතර ඇති සම්බන්ධතා තීරනය වනුයේ බිරිතානියේ වසන මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ චන්ද වලින්ද?

      Delete
    2. ජගත්,

      ලංකාවේ සිවල් සමාජ එන්ජීඕ ඩොලර් හිඟන්නන් රැල මෙන්ම සුළු ජාතික ඡන්ද හිඟන තක්කඩි දේශපාලකන් යම් පිරිසකට අනුව "ජාතිවාදය" යනුවෙන් අදහස් කරන්නේ ඊනියා සිංහල ජාතිවාදයකි. මේ අයට දෙමළ ජාතිවාදයක් නැත. එහෙත් මේ රටේ කිසි දිනෙක සිංහල ජාතිවාදයක් තිබී නැත.

      සිංහලයෝ පෘතුගීසීන්ගෙන් කරදර විඳි මුස්ලිම් ජනයා ආරක්‍ෂා කළහ. මුස්ලිම් ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුයේ සිංහල රජවරුන් විසිනි. ඉන්පසු කතෝලික ජනතාව ලන්දේසි රෙපරමාදුන්ගෙන් ආරක්‍ෂා කරනු ලැබුයේ සිංහල බෞද්ධයන් විසිනි. මාතලේට නුදුරු වහකෝට්ටේ කතෝලික ජනතාවක් පදිංචි වී සිටින්නේ ඒ අනුග්‍රහයෙනි. මෑතක දී සාන්තුවරයකට ඔසවනු ලැබූ ජුසේ ද වාස් පියතුමාට තම ආගමික ප්‍රචාරක කටයුතු කරගෙන යෑමට සිංහලේ රජුගෙන් අනුග්‍රහය ද ලැබිණි. ඒ බවක් සාන්තුවරයට උසස් කිරීම පිළිබඳ උත්සවවල වාර්තාවක දැකගන්නට හෝ අසන්නට හෝ නොලැබීම කණගාටුදායක ය.

      කෙසේ වෙතත් තමන් ලැබූ බටහිර අධ්‍යාපනය (සිංහල මාධ්‍යයෙන් ලැබුවත් බටහිර අධ්‍යාපනය අවසානයේ දී සේවය කරන්නේ බටහිර යටත්විජිතවාදයට ය) හා විවිධ හේතු නිසා සිංහල සමාජය සමග ඇති වෛරය හේතුවෙන් සිංහල ජාතිකත්වයට එරෙහි මනස් ඇති මේ පඬියන් සිංහල ජාතිවාදය යැයි කියන්නේ සිංහල ජාතිකත්වයට ය. මේ පුස්සන් කියන්නේ සිංහල ජාතිකත්වය වෙනුවෙන් නලින් ද සිල්වා නොබිඳිය හැකි තර්ක ඉදිරිපත් කරන බව ය. පුස්සන් කීව ද එය අගය කළ යුතු ය.

      Delete
    3. මෙරට දෙමළ ජාතිවාදය ඇති කළෝ ලන්දේසීහු ය. ඔවුහු තමන්ගේ දුම්කොළ වගාව සඳහා වත්මන් දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ ලංකාවට ආනයනය කළහ. ඉන් පෙර නාගදීපයේ (යාපන අර්ධද්වීපයෙහි) සෙසු පළාත්වල මෙන් ම බහුතරය සිංහලයෝ වූහ. සිංහලයන් කුලී වැඩ නොකිරීම මෙහි දී ද බලපෑ ප්‍රධාන සාධකයක් විය. ඒ් අතර ලන්දේසිහු සිංහල රජුගෙන් නැගෙනහිර වෙරළ තීරය ලබාගැනීම සඳහා දෙමළ ජනයාට බොරු ඉතිහාසයක් ලිවීමට අනුබල දුන්හ. යාපන වෛපව මාලෙයි නමින් හැඳින්වෙන කවි පොත ඊනියා ඉතිහාස පොතක් ලෙස අර්ථකථනය කරනු ලැබිණි. දෙමළ ජනයා විජයගේ කාලයේ සිට ලංකාවේ පදිංචි බව කියැවෙන්නේ ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියැවුණු මේ කවි පොතෙහි ය.

      ඉංගිරිසිහු වරප්‍රසාද, තනතුරු ආදිය මගින් වෙල්ලාලයන් සමාජයේ ඉහළට එසවූහ. පොන්නම්බලම් රාමනාදන් ඇතුළු දෙමළ නායකයෝ මේ ගණයට අයත්වූහ. උතුරු පළාතේ මහා ඇමති විග්නේස්වරන් ද අයත් වන්නේ මේ කුලකයට ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු පළාතට ගිය අවස්ථාවේ දී මහා ඇමති විග්නේස්වරන් ජනාධිපති හා වෙනත් අය අමතා කළ කතාවක කියා ඇත්තේ මෙරට දෙමළ ජනයා වෙන ම ජාතියක් බව ය. මෙය අලුත් කතාවක් නො වේ. චෙල්වනායගම් නාගනාදන් ආදීහු අවුරුදු හැත්තෑවකට පමණ පෙර ද මේ කතාව කීවෝ ය. එයට පෙර අරුණාෂලම්ලා ද රාමනාදන්ලා ද සුන්දරලිංගම්ලා ද ඒ වචනවලින් ම නොවූවත් ඒ අදහස ප්‍රකාශ කළහ. 1976 වඩුකොඩෙයි සම්මේලනයේ දී ඒ කතාව යෝජනාවක් ලෙස සම්මත කෙරිණි.

      විග්නේස්වරන් උතුරු පළාතේ මහා ඇමති ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇතැම්හු ඔහුගේ උගත්කම, විදග්ධභාවය, පෞරුෂය, සත්‍යගරුකබව ආදී වශයෙන් ගුණ ගැයූහ. ඇතැම් ඊනියා උගත් සිංහලයෝ ද එයට එකතු වූහ. ඔවුන්ට අනුව විග්නේස්වරන් කොළඹ හැදී වැඩී සිංහලයන් ගැන දත්තෙකි. ඔහුට උසස් පාසල් අධ්‍යාපනයක් ලැබී ඇත. ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවෙක් විය. ඔහු අනෙක් බොහෝ දෙමළ දේශපාලනඥයන්ට වඩා වෙනස් ය ආදී වශයෙන් නගරවල හැදුණු වැඩුණු සිංහලයන්ගෙන් ඇතැම්හු විග්නේස්වරන් ගුණ ගැයුහ.

      එහෙත් මේ බොහෝ අය අමතක කළ කරුණක් වූයේ පැරණි දෙමළ දේශපාලන නායකයන්ගෙන් ද බොහෝ් දෙනා කොළඹ උගත් අය බව ය. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් දේශපාලන වශයෙන් බෞතීස්ම කරනු ලැබුයේ ම දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදා ගනිමිනි. සාමාන්‍ය දෙමළ ජනයාට දෙමළ ජාතිවාදයක් නො තිබුණේ ය. දෙමළ ජාතිවාදය තිබුණේ ම ප්‍රභූ වෙල්ලායන්ට ය. ඔවුන් අතරින් ද ඉංගිරිසි උගතුන්ට ය. ඔවුන්ට තිබූ ප්‍රශ්නය වූයේ රටේ නායකත්වය තමන් අතට ගැනීම ය. රටේ ජනගහනයෙන් ඊනියා ලාංකික දෙමළ ජනයා සියයට දහයක් පමණක් වුවත් ඉංගිරිසි උගතුන් අතර දෙමළ ජනයා බහුතරය විය. මේ බහුතරය ඉංගිරිසින් විසින් අධ්‍යාපනය මගින් ඇති කරන ලද්දකි.

      Delete
    4. 1833 දී ඉංගිරිසින් විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට නිල නොලත් මන්ත්‍රීවරු හයදෙනෙක් පත්කරනු ලැබූහ. ඉන් තිදෙනෙක් යුරෝපියයෝ වූහ. සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක් මන්ත්‍රීවරයකු බැගින් මන්ත්‍රීවරු තුන්දෙනෙක් පත්කරනු ලැබූහ. එය මෙරට දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කරනු ලැබූ අවස්ථාව ය. ඉන්පසු සිදුවූයේ දෙමළ ප්‍රභූන් ක්‍රමයෙන් මෙරට දේශපාලන නායකත්වය තමන් යටතට ගැනීම ය.

      ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ රටේ නායකත්වයට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් පත්කිරීම ය. දෙමළ ප්‍රභූන්ට තමන් සිංහලයන්ට වඩා උසස් ය යන හැඟීම විය. මේ අදහස් ඉංගිරිසින් විසින් මෙන් ම දකුණු ඉන්දියාවේ දෙමළ කතෝලික උගතුන් විසින් ද පෝෂණය කෙරිණි. දෙමළ ජාතිවාදයේ න්‍යායික නායකත්වය මුල දී සැපයුනේ වත්මන් තමිල්නාඩුවේ දෙමළ කතෝලික පූජකවරුන් අතිනි. අදත් ලංකාවේ ඒ සම්ප්‍රදාය දිගට ම පැවැත්වෙයි.

      විග්නේස්වරන් ඉතා පැහැදිලි ව ම දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජාතිවාදීහු සිංහල ජාතිකත්වයට මෙරට හිමි විය යුතු තැන ලබා නොදීමට කටයුතු කරති. අපේ රටේ ඇත්තේ අවුරුදු පන්සියයකට අධික කාලයක් තිස්සේ සිංහල ජාතිකත්වයට හිමි තැන නො ලැබීම ය. විග්නේස්වරන් තමා කොළඹ දී ලැබූ අධ්‍යාපනය හා ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරකම තම දෙමළ ජාතිවාදය වසා ගැනීමට යොදා ගනියි. විග්නේස්වරන් පොන්නම්බලම් අරුනාෂලම්ගෙන් වෙනස් නො වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අරුනාෂලම් විග්නේස්වර්ගෙන් වෙනස් නො වේ. අරුනාෂලම් මෙරට ප්‍රථම ලාංකික නීතිපති වූ බව ද ඔහු ඒ තනතුරට පත්කරන ලද්දේ ඉංගිරිසින් විසින් බව ද අමතක නොකළ යුතු ය.

      1833 සිට පැවති දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදයක් බවට පත්වූයේ දෙමළ නායකයන් සිංහල බහුතරය හමුවේ සර්වජන ඡන්දයෙන් පසු රටේ නායකත්වයට පත්විය නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු ය. සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා නාගනාදන්ලා කරළියට පැමිණියේ ඉන් පසු ය. ඔවුහු ද ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ උගත්තු වූහ. දෙමළ බෙදුම්වාදය යුක්තියුක්ත කෙරුණේ ඊනියා දෙමළ ජාතිය, ස්වයංනීර්ණ අයිතිය ආදී සංකල්ප යොදා ගනිමිනි. එහෙත් මෙරට ජාතික ව්‍යාපාරයට මේ දෙමළ ජාතිවාදී අදහස පරාජය කිරීමට හැකි විය. පසුව දෙමළ බෙදුම්වාදය මත පදනම් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ අපේ රණවිරුවන්ට හැකි විය. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර පඬියන් තේරුම් නොගත්ත ද එහි දී පංචෙන්ද්‍රිය ගෝචර නොවන බලවේගවල ශක්තිය ද අපේ හමුදාවන්ට ලැබිණි. දෙමළ ජාතිවාදීහු පසුබැස්සෝ ය.

      එහෙත් අද සිංහල ජාතිකත්වය තරමක් පසු බැස ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට සියලු විජාතික (දේශීය හා විදේශීය) බලවේග එකතු විය. දෙමළ ජාතිවාදය අද නැවතත් ඉදිරියට පැමිණ ඇත. විග්නේස්වරන් ඊනියා දෙමළ සංහාර ගැන පළාත් සභාවේ යෝජනා සම්මත කර ගනියි. ඒ අතර ජනාධිපති ඉදිරියේ දී ම වෙන ම දෙමළ ජාතියක් ගැන කතා කරයි. මේ නැවතත් දෙමළ ත්‍රස්තවාදයට පසුබිම සකස් කිරීමකි. චෙල්වනායගම් නොවන්නට ප්‍රභාකරන් නැත. එහෙත් ඇතැම් සිංහලයන් ද සිතන්නේ චෙල්වනායගම් සාන්තුවරයකු වූ බව ය. එහෙත් ඔහු සිංහලයන් කෙරෙහි වෛරී දේශපාලනයක නිරත විය.

      නැති දෙමළ ජාතියක් ගැන කතාකිරීමෙන් විග්නේස්වරන් කරන්නේ වැඩි කලක් නොගොස් ම ප්‍රභාකරන් කෙනකු ඇති කිරීම ය. මෙරට තබා ඉන්දියාවේවත් (භාරතයේවත්) කිසි දිනෙක දෙමළ ජාතියක් තිබී නැත. එකල වත්මන් දකුණු ඉන්දියාව් චෝල, චේර පාණ්ඩ්‍ය ආදී වාංශික රාජ්‍ය පමණක් තිබී ඇත. එහෙත් වාංශික රාජ්‍ය තිබූ පමණින් දෙමළ රාජ්‍ය තිබිණි යැයි කිව හැකි නො වේ. ලංකාවේ ඉංගිරිසින්ට විරුද්ධව දෙමළ නායකයන් කළ සටනක් නැත. දෙමළ ජනයා ඒ සඳහා කිසිවක් කර නැත. මෙරට දෙමළ වෙල්ලාල ප්‍රභූන් කර ඇති එකම කාර්යය ඉංගිරිසින්ගේ බළල් අතක් ලෙස සිං්හල ජාතිකත්වයට එරෙහිව ක්‍රියා කිරීම පමණකි. අද අවශ්‍ය වන්නේ බටහිරයන්ට හා යටත්විජිතවාදයට විරුද්ධව සිංහලයන් සමග එකතු වී කටයුතු කළ හැකි දෙමළ නායකත්වයකි. එය කිසි දිනෙක විග්නේස්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අතින් සිදු නො වේ. අපට එවන් නායකත්වයක් දෙමළ ජනයා අතරෙන් බිහිකරගත හැකි නම් දෙමළ ජාතිවාදය මුළුමනින් ම අතුගා දැමිය හැකි ය. සිංහලයෝ බහුතරය ජාතිකත්වයක් මත පිහිටා යටත්විජිතවාදීන්ට එරෙහිව සටන් කළහ. අදත් සටන් කරති. බටහිරයන් පසුපස යන නිවට පඬියන් කිහිප දෙනකු කුමක් කීව ද එ ජා පක්‍ෂය සිංහල විරෝධී මතයක සිටිය ද බහුතර සිංහලයෝ යටත්විජිතවාදයටත් එය විසින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදයටත් දෙමළ බෙදුම්වාදයටත් විරුද්ධ වෙති. ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් 58%ක් පමණ ඡන්දයකින් ඒ බව ප්‍රකාශ විය.

      Delete
    5. එංගලන්තය ක්‍රිස්තියානි රටක්. ඒත් එහි ලන්ඩන්, බර්මින්හම්, ලූට්න් වැනි නගර කිහිපයක ම නගරාධිපතිවරුන් ඉස්ලාම් භක්තිකයන්. පසුගිය දා ලූට්න් නගරයේ මුස්ලිමුන් පෙළපාලි ගියේ එංගලන්තය මුස්ලිම් කියමින්. මෙරටත් මුස්ලිමුන් බලවත්. ඒ සිංහල බෞද්ධ නායකයන් මුස්ලිම් ඡන්ද නොලැබුණත් මුස්ලිම් ඡන්ද බලාපොරෙත්තුවෙන් සිටින නිසා. මේ තත්වය නැති කිරීමට ඉන්න සිංහල බෞද්ධ නායකයන් එකතු කළ යුතුයි. එය කළ හැක්කේ භික්‍ෂූන් වහන්සේට. උන්වහන්සේ ඩීල් දේශයේ වැඩ නොවැසිය යුතුයි. සිංහල බෞද්ධයන්ගෙන් තුනෙන් දෙකක් එකට සිටින්නේ නම් ඩීල් කාරයන් පන්නන්න පුළුවන්.

      Delete
  22. හසලක ගාමිණී කුළරත්න විරුවා සිහිවීම සඳහා අලිංවංකඩ පිහිටුවා ඇති ස්මාරකය ගලවා දැමිය යුතු බව දඹර අමිල පවසති.

    http://cortana-video.club/index.php?a=watch/Q1UWYLDZBWY

    ReplyDelete
    Replies
    1. පූජ්‍ය දඹර අමිල හිමි, සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ, කේඩබ් ජනරංජන යන පිරිසගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති ‘අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය’ මාධ්‍ය හමුව දැඩි උණුසුම් තත්වයකට පත් විය.

      සිරස මාධ්‍යවේදියා විසින් අදාල මාධ්‍ය හමුවේදී බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් විමසු ප‍්‍රශ්නවලට පිලිතුරුදීම ඔවුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා මෙම තත්වය ඇති විය.
      එම කමිටු සාමාජිකයන් සිරස මාධ්‍යවේදියාට පවසා සිටියේ අසන ලද ප්‍රශ්නය අදාල නොවන බවයි. කෙසේ නමුත් වැඩි දුර ප්‍රශ්න වලට අවස්ථාව නොදී කමිටුව සාකච්චාවෙන් ඉවත්ව පසුව සිරස මාධ්‍යවේදියාට බණ වැදුණි.

      දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ වැනි තර්ජනකරුවන් සමග පුවත් පත් සාකච්චා කිරීමේදී මාධ්‍යවේදීන් අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග කිහිපයක් ඇතැයි සිතේ. ඒවා නම්,

      1. දඹර අමිල හිමි අමාරුවේ වැටෙන ප්‍රශ්න නොඇසිය යුතුය.
      2. සමන් රත්නප්‍රිය අකමැති ප්‍රශ්න / උත්තර දන්නේ නැති ප්‍රශ්න නොඇසිය යුතුය.
      3. අමිල හිමි, සමන් සහ වියන්ගොඩ රජ තුන්කට්ටුව කඩේ යන පක්ෂයට විරුද්ධව ප්‍රශ්න නොඇසිය යුතුය.
      4. ප්‍රශ්නයක් ඇසුවායින් පසු දෙන උත්තරය නැවත ප්‍රශ්න නොකළ යුතුය.
      5. ඔවුන් කලින් පිළිතුරු සූදානම් කරගත් ප්‍රශ්න පමණක් ඇසිය යුතුය.

      මෙසේ නොවුනහොත්, දඹර අමිල හිමිට මල පැන, සමන් රත්නප්‍රියට කලිසමේ ගොස්, ගාමිණී වියන්ගොඩට කියා සෝදවා ගැනීමට සිදුවනු ඇත. හිතවත් මාධ්‍යවේදීනි, මේ ඔබේ අවධානය පිණිසයි.

      Delete
    2. //මෙසේ නොවුනහොත්, දඹර අමිල හිමිට මල පැන, සමන් රත්නප්‍රියට කලිසමේ ගොස්, ගාමිණී වියන්ගොඩට කියා සෝදවා ගැනීමට සිදුවනු ඇත. හිතවත් මාධ්‍යවේදීනි, මේ ඔබේ අවධානය පිණිස//

      හෆොයි..

      Delete
  23. යමපාලනය සහා විසාලා මහා නුවර,

    විසාලා නුවර වැසි නොවැසීමෙන් මහා දුර්භික්ෂයක් ඇති විය. බොහෝ දෙනෙක් මිය ගියහ. මළ සිරුරු බැහැර කිරීම දුෂ්කර විය. එනිසාම වසංගත රෝග ද දරුණු ලෙස පැතිර ගියේය. මරණ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය. අමනුෂ්‍යයන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍ය උපද්‍රව ද බහුල විය.

    දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන ත්‍රිවිධ බිය නිසා රට වැසියෝ අපමණ දුකින් පෙළුණාහ.

    ReplyDelete
    Replies
    1. එහෙයි හාමුදුරුවනේ...

      Delete
  24. ඇප සරණ වේවා
    දුෂණ සරණ වේවා
    අබ සරණ වේවා
    මෙතුන් සරණින් ජයම වේවා

    ReplyDelete
  25. "මේ අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව තමයි ඥානසාරට ඇප ලබාදීම. නීතිය සියලු දෙනාට එක වෙන්න ඕන. සිංහල ජනතාවට බුදු හාමුදුරුවො කොතරම් වටිනවාද ඒ වාගේම මුස්ලිම් ජනතාවට අල්ලා දෙවියන්වහන්සේ, නබිතුමා ඒ වාගේම වටිනවා. ජාතීන් අතර ප්‍රශ්න ඇති නොකළ යුතුයි. අපි කවදාවත් බුදු හාමුදුරුවන්ට බනින්නෙ නෑ"

    එසේ පවසන්නේ අසාද් සාලි.

    අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියට පැමිණ ගංවතුරින් විපතට පත් මුස්ලිම් සිංහල දෙමළ ජනතාවට ආධාර බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමින්, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් සාලි එසේ කීය.

    "ඥානසාරට සිවුරක් ඇඳගෙන අල්ලා දෙවියන් වහන්සේට බනින්න බෑ. එසේ බැන්නම අපි ක්‍රියා කරනවා. නැතිනම් අපි අපේ ආගමට ළැදි නෑ කියන එකයි පේන්නෙ."

    "ඒ නිසා මගේ මතය ප්‍රකාශ කරනවා. ඕනෑම උසාවියක යන්න මම සූදානම්. මට විරුද්ධව ඕනෑම කෙනකුට පැමිණිල්ලක් දාන්නත් පුළුවන්."

    "මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම කෙනකුට විභාග කරන්න පුළුවන්. දැන් මම පැමිණිලි කරලා තියෙනවා. මගේ පැමිණිල්ලකට තමයි ඥානසාර ඇරස්ට් කරන්න යන්නෙ. ඒ වාගේම මට විරුද්ධව පැමිණිලි කළා කියලා මටත් ප්‍රශ්නයක් නෑ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළොත් ඇති."

    "මම කියන්නේ අල්ලා දෙවියන් වහන්සේ නබිතුමා කියන්නෙ අපේ ඇස් දෙක වාගේ. ඒකට විරුද්ධව කවුරු හරි ප්‍රකාශ කරනවා නම් අපි ඕනෑම තීන්දුවකට යන්න සූදානම්. අපි අවවාද කළ පළමුවැනි වතාව මේක කරන්න එපා කියලා. එක ස්වාමින් වහන්සේ නමක් මහානායක ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කියනවා (ඥානසාර හිමි) සිවුරක් අඳින කෙනෙක් කියලා. සිවුරක් ඇඳගෙන හිටිය කියලා වැරැදි කරන්න බැහැ. සිවුරක් ඇඳපු මිනිහා අනික් මිනිහාට මඟ පෙන්වන්න ඕන. මේක තමයි හරි මඟ කියලා. සිවුරක් ඇන්ද කියලා ඔක්කොම කරන්න පුළුවන්කමක් නෑ. මම දේශපාලනය කරනවා කියලා මට ඔක්කොම කරන්න පුළුවන් ද? බෑ. හැම කෙනකුටම ක්‍රියා කරන්න පුළුවන් සීමාවක් තියනවා. ඒ සීමාව තුළ ක්‍රියා කරනවා නම් රට තුළ මේ වැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.

    නීතිය පල්ලියේ පූජකතුමාටත් එකයි. ෆාදර්ටත්, ස්වාමීන් වහන්සේටත් එකයි. අසාද් සාලිටත් එකයි. නීතියේ ආධිපත්‍ය රැක ගන්න ඕන. මේ ආණ්ඩුව සාධාරණ එකක් නොවෙයි කියලා ජනතාව හිතන එක හොඳ නැහැ. අපි හදපු ආණ්ඩුව මේ වගේ ප්‍රශ්නයක් ඇති කරනවා නම් අපිට කනගාටුයි."

    ReplyDelete
  26. ආණ්ඩුව කියු පරිදි මෑතකදී ඇතිවි තිබෙන ජාතිවාදී උනුසුම පිටිපස සමහර දේශපාඥයන් මෙන්ම සිංහල දෙමළ මුස්ලිම් අන්තවාදීන් සිටින බව දිවා රෑ රජයේ ප්‍රවෘත්ති හරහා ප්‍රකාශ විය.

    එමෙන්ම මෙහිදී ආණ්ඩුවේ නායකයින් වැඩිපුර චෝදනා එල්ල කරමින් පැවසුවේ බොදු බල සේනාව පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බවයි.

    මෙම තත්ත්වය හමුවේ දැනට ආණ්ඩුව සමඟ මැති ඇමති වරප්‍රසාද ඉහළින්ම භුක්ති විදිමින් සිටින පාර්ලිමේන්තුවේ සිටින මුස්ලිම් මැති ඇමතිවරු 21 දෙනා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කොට බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වහාම නිතීය ඉදිරියට ගෙන ආ යුතු බවත් නැත්නම් එම කණ්ඩායම ස්වාධීනව විපක්ෂයේ අසුන් ගන්නා බවයි.

    මේ අනුව උන්වහන්සේට විරුද්ධව ජාතිවාදී ප්‍රකාශ කිරීම් සහ මුස්ලිම්වරුන්ට අපහසුවන අන්දමින් කටයුතු කිරීම මත පොලිසිය විසින් චෝදනා 21 ක් ගොනුකර තිබු අතර ඒ වෙනුවෙන් පොලිසිය ඉදිරිපත් පත් කල බී වාර්තා අනුව වහාම උන්වහන්සේ අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් වරෙන්තුවක් ද නිකුත් කරගෙන තිබුණි.

    එහෙත් හදිසියේම සියල්ලම වෙනස් වුයේ යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවාගත් පොලිස් කොමිසමක් ඉදිරියේ පාලනය වන ශ්‍රීලංකා පොලිසිය ක්‍රියාකාරකම් නිසාය.

    අධිකරණය ඉදිරියේ මහත් අසීරුතාවයට පත්වෙමින් පොලිසිය පැවසුවේ අත් අඩංගුවට ගැනීමට මහා රෑ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ බී වාර්තාවක් ඉදිරිපත් කල පොලිසියම චෝදනා 21 ක් සම්බන්ධව අධිකරණය ඉදිරියේ මුනිවත රැකීමයි.

    ඒ අනුව පොලිසිය ඥාණසාර හිමිට ඇප දීමට විරුද්ධ නොවීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තුමාගේ ප්‍රකාශය මගින් රටේ පොලිසිය කොතරම් අසරණ හා හෑල්ලුවට ලක් වී ඇද්ද යන්න ඉතා පැහැදිලිය.

    මේ සියලු කරුණු ඉදිරියේ ආණ්ඩුවෙන් යනවා කියු මුස්ලිම් මැති ඇමැති 21 දෙනා සුපුරුදු පරිදි ඕනම ආණ්ඩුවක් යටතේ තමන්ට හම්බකරගැනීමට අවස්ථාවක් ලැබේ නම් අනික් සියලු දේ ඒ වෙනුවෙන් කැප කිරිමේ නියායට යමින් පසු බැස ගොස් සිටින ආකාරය පැහැදිලිවේ.

    ReplyDelete
  27. ඇප ගන්න එක හරි සිම්පල් වැඩක්නේ බලනකොට.

    ReplyDelete
    Replies
    1. ඇප නූල් බඳිනු ලැබේ...

      Delete
  28. සෞදියේත් ආගමික නායකයින්ගේ අදහස් වලට රජය වගේම ඔටුනු පලදී රජාත්, ඇහුම්කන් දෙනවා වගේම පිලි පදිනවා, එමනිසා එමරටේ පැවෙත්මට කිසිම බාදාවක් නැහැ, ලංකවේ එහෙමෙ කරන්න බැහැනේ අරයගෙ මෙයාගේ චන්ද කැඩෙනවනේ

    ReplyDelete
  29. සරස කොළඹ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. මේ සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ එරට මහජන - පෞද්ගලික සම්බන්ධතා උපදේශකවරු සහයෝගය ලබා දෙති.

    මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW-1) , කොටුව සිට යුනියන් පෙදෙස (IW-2) සහ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW-3) මෙම යාත්‍රා යෙදවීමට නියමිතය.
    පළමු අදියර යටතේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කොටස මැරීන් ඩ්‍රයිව්, ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.

    දෙවැනි අදියර යටතේ කොටුව සහ යුනියන් පෙදෙසේ වාණිජ ස්ථාන දක්වා මාර්ග තදබදය වැඩි වේලාවන්වල දී කාලය ඉතුරු කරගනිමින් ගමන් කළ හැකි මගී යාත්‍රා පද්ධතියක් සකස් කිරීමට නියමිතය.

    මෙහි තෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා කැලණි ගංඟාව ආශ්‍රිතව ලෝලෙවල් මාර්ගය ආවරණ වන පරිදි සකස් කරන කොටසයි.

    මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් තවමත් මෙය ආරම්භක අදියරේ පවතින බැවින් ටෙන්ඩර් ලබාගැනීම පමණක් සිදුවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය නිවේදන නිකුත් කලා.

    ReplyDelete
  30. ඥාණසාර වහන්සේ...යනවා ..එනවා .. යනවා ..එනවා ..මාර චුන් ..
    අපේ බඩකට පිරෙනවා ,සතුටට පත් මාද්‍ය වේදියෝ.....

    ReplyDelete
  31. http://www.gossiplankanews.com/2017/06/saman-kelegama-passed-away.html

    ReplyDelete
    Replies
    1. එතුමා හොඳ ඇන් ජී ඕ කකුලක් තමා ගරු ඇණෝ තුමෝ. ඒ නිසා අපි එතුමාට අදම නිවන් දකින්න ප්‍රාර්තනා කරමු වැරදිලාවත් නැවත මේ පින්බිමේ ඉපදෙන්නෙ නැහිව...

      Delete
  32. සා රස තුමෝ..!!

    ඔබගේ කලින් පොස්ට් එකට දැම්ම කමෙන්ටුව මෙතනද දමමි.

    \\..ටික්කාJune 21, 2017 at 7:57 PM
    සා රස තුමෝ. මහින්ද ගේ කාලේ වැරදි තිබුනත් මම ජාති හෝ ආගම් වාදයට විරුද්ද උනත් මෙහෙම එළිපිට කැලෑ කපනව ආණ්ඩුවෙන් ගේම ඉල්ලන සීන් දැකල නැහැ.

    මේ පාන්ඩුව හැදුනේ මුස්ලිම් දෙමල අයගේ චන්දය අරං නිසා දැන් වෙලා තියෙන්නෙ උන් මෙහෙම නෙමෙයි උඩ පැන පැන බල්ටි ගැහුවත් රනිල්ටයි හිටං තුමාටයි බලන් ඉන්න.

    අස්ගිරියේ හාමුදුරුවන් නම් මේ කතාව කියන්න ගොඩක් පරක්කු උනා. දැන් මෙහෙම උනා කියල වැඩක් වෙයිද කියලත් මට සැකයි.

    මොකද තුවාලේ දැන් හොඳටම නරක් වෙලා නිසා. අනික සා රස තුමෝ නානසාර අහු උනත් ෂුවර් එකට රිමාන්ඩ් කරන්න දෙන එකක් නැහැ. එහෙම උනොත් රටේ සිංහල මුස්ලිම් ලොකු කලබලයක් ඇති වෙයි...//

    ReplyDelete
    Replies
    1. යහපාලනේ විසින් ඥානසාර හාමුදුරුවන් වහන්සේව පාවිච්චි කරනවා කියලා දැණ් පැහැදිලියි ගරු ටිලාන් ආතල් අයියා තුමෝ!

      Delete
    2. නෙලුම් යාය පදනනමේ සමාජ සත්කාර ඒකකය (CSR business unit) මගින් සයිටම් ව්රෝධයේ රබර් සෙරෙප්පු අහිමි /අබලන් පාවහන් හිමි, රබර් සෙරෙප්පු දැමීමට කැමති තමන් සයිටම් විරෝධීන් යයි කියන රජයේ විශ්වවිද්‍යාලවලින් නොමිළේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය ලබා ගත් සිසුනට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටුමු.

      මෙයට,
      GMOA දොස්තර සංගමය

      Delete
    3. @ GMOA දොස්තර සංගමය,

      රෝගී ජනතාව අපහසුතාවයට පත් කරමින් වැඩ වර්ජනයේ යෙදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහල නිලධාරීන් ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවට ඇතුලු කල යුතු යයි පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

      Delete
  33. ETCA පියා නම් ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කල ආචාර්ය සමන් කැලේගම තායිලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    මිය යන විට 58 වැනි වියේ පසු වූ ඔහු ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කල අතර එනිසාම විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයටද ලක් විය.

    ReplyDelete
    Replies
    1. සමන් කැලේගම ආර්ථික ඝාතකයකු ලෙස නම් කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ඉදිරිපත් කළ ලිපිය;

      http://www.sitplanka.org/2017/03/Kelegama.html

      Delete
    2. මේ සමන් කැලේගම මලාට මේකා හදපු රට පාවාදෙන ප්‍රතිපත්ති මැරිලා නෑ, අන්න ඒවාත් මරා දමන්න එක්රොක් වෙමු.

      රටට කෙළින්නට එන උන්ට සිදුවන දේ මෙන්න. දැන් සැප්තැම්බර් මාසේ ලඟයි නේද? මේත් රොටියක් නේද? මයිත්‍රී ට විජේදාස ට අපහාස කරන පිස්සු බාහුගේ රොටිය කාවදා කරවෙයිද අප්පා. ඔය රොටි කරවුණු දාට එනිසාම මේ දුෂ්කර දේශගුනෙත්, වසංගත රෝග උපද්‍රව ද වෙනස් වෙයි ඔන්.

      Delete
  34. සා රස මේ ආන්ඩුව ආපු දවස්වල ඉඳන් කොලේ මහා ජාතිය බල්ලට දමා සුළු ජාතියේ උන්ටයි ලෝක ප්‍රජාවටයි ආතල් දෙන එකය. සිරිසේන මේවා දකින අහන ජනතාව ඔබේ අම්මව මතක් කරනවා.

    -ලිහිණි

    ReplyDelete
  35. රාඡපක්ෂ.. රාඡපක්ෂ.. රාඡපක්ෂ… අවුරුදු පහටම ඔය මන්තරේ තමයි ඉතින් අපිට අහන්න වෙන්නේ…

    අවුරුදු පහම බය්ල කියමින් ඉදල යන්නද හිතන් ඉන්නේ හිටන්? අනේ අපි වගේ ගොන් හරක් මුන්ව පත් කලානේ. දන්සල්වල බත් බෙදන්නය් ගෑනු එක්ක බැති ගී කියන එකද රටේ නායකයාගේ වගකීම අනේ මෙහෙමත් රටක් !

    ReplyDelete
  36. සරස,

    ///පූජ්‍ය ඥාණසාර හිමියන් ට ඇප ලබාගැනීමට උසාවි ගිය කන්ඩායමේ ඉදිරියෙන් ම හිටියේ යහපාලනේ ගේන්න සුපර් මාකට් ගිය දූශන සංවර්දන පෙරමුනේ කාරක සභික සහ උප සන්විදායක පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් ය. ///

    ශිරාල්, කිර්ති සහ උලපනේ හාමුදුරුවොයි තමයි එහෙනම් හන්ගගන ඉදල තියෙන්න. එතකොට ඥාණසාර හාමුදුරුවෝ NGO වලට සම්බන්ද නැතුව ඇති නේද?

    ReplyDelete
  37. ///ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, දඹර අමිල හිමි වැනි තර්ජනකරුවන් සමග පුවත් පත් සාකච්චා කිරීමේදී මාධ්‍යවේදීන් අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග කිහිපයක් ඇතැයි සිතේ.

    ඒවා නම්;

    1. ගාමිණී වියන්ගොඩ/ දඹර අමිල හිමි අමාරුවේ වැටෙන ප්‍රශ්න නොඇසිය යුතුය.

    2. සමන් රත්නප්‍රිය අකමැති ප්‍රශ්න / උත්තර දන්නේ නැති ප්‍රශ්න නොඇසිය යුතුය.

    3. වියන්ගොඩ, සමන් සහ අමිල හිමි රජ තුන්කට්ටුව කඩේ යන පක්ෂයට විරුද්ධව ප්‍රශ්න නොඇසිය යුතුය.

    4. ප්‍රශ්නයක් ඇසුවායින් පසු දෙන උත්තරය නැවත ප්‍රශ්න නොකළ යුතුය.

    5. ඔවුන් කලින් පිළිතුරු සූදානම් කරගත් ප්‍රශ්න පමණක් ඇසිය යුතුය.

    මෙසේ නොවුනහොත්, දඹර අමිල හිමිට මල පැන, සමන් රත්නප්‍රියට කලිසමේ ගොස්, ගාමිණී වියන්ගොඩට කියා සෝදවා ගැනීමට සිදුවනු ඇත.////

    ටික්කා, අනේ අම්මපා කොයිවෙල් හරි හිනා ගිහිල්ලම පන යනව මේවා අහල.

    ReplyDelete
  38. සාරස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් වූ මුල් දිනවලදීම ප්‍රභූ රථ ආරක්‍ෂකයින් පිරිවරා ගමන් කිරීම තහනම් කර තිබින.

    නවුත් මාර්ගයේ සියළු වාහනවලට බාධා කරමින් පොලිස් ආරක්‍ෂකයින් පිරිවරා ගමන් ගත් සුඛෝපඝෝගී බෙන්ස් රථයක ආරක්‍ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තවත් රියදුරෙක් විසින් විරෝධය පල කරන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.

    ‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියපිය #@$&’ යයි රියදුරා පොලීසියට බැණ වදී.

    https://youtu.be/zSZSNGaoCYE

    මෙය අධිකරණයට අපහාස කිරීමක් විය හැකියි.

    ReplyDelete
  39. this is in transylvania blog:

    රසිකොලොජිස්ට් - RasikologistJune 23, 2017 at 9:43 AM
    Old photo blog?

    Reply
    Replies

    AnonymousJune 23, 2017 at 10:57 AM
    This comment has been removed by a blog administrator.


    AnonymousJune 23, 2017 at 11:27 AM
    This comment has been removed by a blog administrator.


    Trans SylvaniaJune 23, 2017 at 7:24 PM
    yes


    AnonymousJune 24, 2017 at 8:35 AM
    wy up 2 koment dlit? yu think we no englis? onli rasika no englis?
    yu think rasika no gud englis becos rasika ielts 6 or rasika in ostraliya 50 ears?
    bat wat yu not no is rasika make ostraliya citi names to sinhala. and hiya repli englis fo sinhala blog post. gud job ruvan erase mor koments

    ReplyDelete
  40. රටින් පිට ගිහින් වැල් බයිලා ගහන පොරවල්. ...

    උන් බයිලා කියන්නේ නැත්නම් අපි කොහොමද ඒ රටවල් හොඳයි කියලා දැනගන්නේ ඒගොල්ලෝ කනවිදිහ පාවිච්චිකරන කාර්, රැකියා වල තිබෙන වැදගත් කම දවල් කෑම පැයේ කරන කියන දේවල්/ සති අන්තයේ කරන කියන දේවල්??? ලංකාවේ භාෂාව, සංස්කෘතිය රැකගන්න කරන කැපවීම තව ලංකාව් දෙශපාලන සුදුස්සන් තොර ගන්න ලංකාවේ ජිවත්වන අපට උපදෙස් දෙන්න, තව තව දේවල්; ඈයි පිට රට පදිංචියට ගියත් ලන්කාව්දී කළා වගේ එහෙ ඉන්න එවුන් ව කොටවලා බෙදා වෙන්කරගැනීම? අම්මෝ තව කප්පරක්........

    ReplyDelete