නෝනාවරුනි, මහත්වරුනි, අයියේ අක්කේ, නන්ගියේ මල්ලියේ, සරස තුමා අද ඔබ අමතා කතා කරන්නේ හෙල සමාජ ජාලා භාවිතයේ හැසිරවීම සහ අධිපතිවාදය අරමුණු කරගත් පඟර නැට්ටන් තුන් දෙනෙකු ගැනයි.
මේ තුන් දෙනාම ශ්‍රී ලාන්කික විසිල් සමාජයේ පතාක යෝදයන් ය. අන්තර්ජාල, විදුලි සන්දේශ සහ නැගී එන තාක්ශනය පිලිබඳ ඔස්තාද් ලා ය.
මේ තුන්කට්ටුවේ නායකයා ශ්‍රී ලාන්කීය විශ්ව විද්යාලයක විද්‍යා පීටයක ඉගෙන උපාදිය සම්පූර්ණ කිරීමට පෙර ටිකට් කපා ගත්, පසුව නීති විද්යාලයෙන් සමත් ව මුල් උපාදිය නැතිව පශ්චාත් උපාදි ලබාගත් හාදයෙකි. මොරටුව විශ්වවිද්යාලේ සම්මානිත මහාචාර්‍ය වරයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. මොරා හී නීතිය උගන්නවාදැයි සරස තුමා නොදනී!!
විදේසයක සිට රැකියාවක් හොයාගෙන මන්ගල සමරවීර හරහා ලන්කාවට පැමිනි මේ හාදයා හැම ආන්ඩුවකම කකුලක් තියා ගෙන සිටිනා ශ්‍රී ලන්කා සිවිල් සමාජ පොරකි.
නව තාක්ශනයේ ආදි කතෘ ලෙස පෙනී සිටිනා අනෙක් හාදයා පරිගනකය කියා එකක් තියෙනවාය ඒක ෆුල් මාවලස් ය ආදී වශයෙන් ඉන්ග්‍රීසි සඟරා වල පල වූ තාක්ශන කතා සින්හල පත්තර වලට පරිවර්තනය කර සමාජයේ පොරක් වූවෙකි. උසස් පෙල ලයිට් කණු හතර නිසා විශ්ව විද්‍යාල අද්‍යාපනය නොලැබුවද, පරිගණක විද්යා තාක්ශණය පිලිබඳ උපාදිදාරී ඉන්ජිනේරුවන්ටත් තාක්ශනය කියමින් විද්‍යා ප්‍රබන්ද කියා දෙන උපදේශන මන්ඩල වල කරක් ගසමින් නැති දැනුම බෙදා දෙන්නෙකි. හන්දියක් හන්දියක් ගානේ "ගරු සරු නැති සමාජයක්" බිහි කරනා ආකාරය ගැන කියා දෙන්නෙකි.
තුන්වැන්නා ද අනෙක් දෙදෙනාට ම ගැලපෙන ඉන්දියාවෙ ඉන්ජිනේරු උපාදිය ලැබුවෙකි. සයිටම් දොස්තරලා ට ඉස්පිරිතාල නොලැබෙන්නා සේ ඉන්දියානු ඉන්ජිනේරුවන්ටත් ජොබ් නැති ලන්කාවේ ඇන් ජී ඕ වල පිහිනමින් ගානක් කපා ගන්නෙකි.
තමන් හට නැති ගරු සම්මාන අනෙකුන් හටත් නැති කිරීමට දිවුරා ශපත කරගෙන සිටිනා මේ තුන් බෑ ජටිලයෝ, තමන් හට පිලිගත් අද්‍යාපනයක් නැති නිසාම පිලිගත් අද්‍යාපනයක් නොලද්දන් තමන් ගේ ගෝලයන් ලෙස බඳවාගෙන සින්හල සමාජ ජාලා හසුරවති. රාජපක්ශ භීතිකාවෙන් පෙලනා මොවුන් පසුගිය චන්ද කාලවලදී ක්‍රියා කල ආකාරය ජුගුප්සාජනකය!
පසුගිය මල්ලෙපොල් වියුනු සටහනට එක් වූ ආලෝචනයක් මෙහි පල කරන්නේ මේ තුන් බෑ ජටිලයන් ගැන තවදුරටත් කරුනු කාරනා කියාදීමට ය!
1/2
බළලුන් ලවා කොස් ඇට බාවන දෙබිඩි තුන් කට්ටුව
අතිගරු සරසතුමනි,
ඔබතුමා
ඉතා වැදගත් මාතෘකාවක් කතිකාවට ගෙන ඇත. බළලුන් ලවා කොස් ඇට බාවන තුන්
කට්ටුවක් ගැන ලියන්නට අපි ද සිතා සිටියෙමු. තුනලංකා අපැජා වැනි මුග්ධයන්
පසුපස සිට, රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය මඩ ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ඔය තුන්
කට්ටුවට අයත් බව රහසක් නොවේ. පසුගිය සමයේ තුනලංකාවේ කමෙන්ට්ස් අඩුවන විට
බ්ලොග්කරුවාට වඩා කලබල වූයේ තුන්කට්ටුවය. එක් අයෙක් තුනලංකාවේ එට්කා පච
ලිපියක් කවදාවත් නැතිව මහ රූ යාමයේත් රීට්වීට් කළේය. ‘උද්දච්චකම අතහැර සරසා
වගේ පාඨකයන්ට ගෞරව කරපිය’ යන දැඩි අවවාදය තුනලංකා අපැජාට දෙන්නට තරම්
තුන්කට්ටුව කලබල වී ඇත.
එකෙක් එක වැඩක් හෝ හරියට නොකළ එහෙත් හැම
වැඩේටම අත ගහන උසස් පෙළවත් හරි හැටි සමත් නොවූ සැබෑ පුස්සෙකි. දැනුම සඳහා
ප්‍රවේශය සීමාකාරී වූ අතීත යුගයක තානාපති කාර්යාල ආශ්‍රිත මධ්‍යස්ථානවල
කැරකි කැරකී සඟරාවල පළ වූ දෑ මොහුට තේරෙන තරමට සිංහලයට නඟා අම්බලම් තීරූවලට
ලියූ මොහු දැනුම මැජික් නොවන වර්තමාන යුගයේ දී අතීත කාර්යයම කර ගෙන යයි.
සේපාල් අමරසිංහ සහෝදරයාගේ වචනවලින් කියන්නේ නම් මොහුගේ මූට්ටුපීස්
මාස්ටර්සීස් මාට්ටුපීස් වී දැන් බොහෝ කල්ය. මොහු මේ මෑතක දී රජරට වකුගඩු
රෝගය ගැන නොදන්නා කර්මාන්ත කරන්නට ගොස් නා ගත්තේය (පොලිසිස්ටික් කිඩ්නි
ඩිසීස් සහ සීකේඩීයූ අතර වෙනස නොදන්නා, සර් ජෝන්ට බුදුගුණ ආරෝපණය කරන්නට
තතමන කැනඩා පිසියොතෙරපිස් හොර මනෝ වෛද්‍ය විශේෂඥට වඩා නම් මොහු යමක්කමක්
දනියි). මොහුගේ අතීත ක්‍රියා ගැන පූර්ණ වාර්තාවක් අපි වෙන ම ලිපියක් ලෙස
ඉදිරියේ දී පළ කරන්නෙමු. මොහු වීකේඑස්ට එදවස ගැසූ මඩ ගැන මතකය අපේ හිත්වල
තවමත් පවතී. වීකේස් යනු මොහු වැනි නූගතකු නොවන බව ශාස්ත්‍රාලීය වියත්තු
දනිති.
තවකෙක් තූත්තිකුඩියෙන් තමා ඉංජිනේරු උපාධියක් ලැබූ බව කියන
මෙලෝ හසරක් හරි හැටි නොදන්නා උපන් ගෙයි හීනමානකාරයෙකි. ඒ හාදයාට ඇති පුස්
සුදුසුකම ඇණ මුරිච්චි තදකිරීමේ වෝකර් මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහට වුව
ඉන්දියාවෙන් පහසුවෙන් ලබා ගත හැකි එකකි. මොහු සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ
සත්ගුණවත් සාධාරණ-කොටෙක් ලෙස ය. එහෙත් මොහු අන්තිම කුහක නරුමයෙකි.
රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක ප්‍රධාන සැලසුම්කරුවා මොහුය.
අතිගරු සරසතුමා මොහු පිළිබඳ සංවාදයක් ඇරඹීම ඉතා හොඳය. තමන් ඇටයක් නොදන්නා
ඇටමික් එනර්ජි ගැන මොහු කළ කී දෑ ද කීර්තිමත් කොළඹ විශ්වවිද්‍යාලය කළ එක්
ගොන්කමක් ගැන ද අප කලක සිට තොරතුරු සංචිත කර ඇත. මෙම තූත්තිකුඩි දෙබිඩ්ඩා
ගැන අපි ඉදිරියේ දී ලිපි දෙකක් ලියන්නට බලාපොරොත්තු වෙමු.
අනෙකා
නම් සුදුසුකම් ඇති පැරණි යාළුවෙකි. ඔහුට බුද්ධියක් ඇත. අතීතයේ දී
ශාස්ත්‍රීය යමක් කතා කළ හැකි සොඳුරු සංවාදශීලී මනුෂ්‍යයෙකි. එහෙත් දැන් ඔහු
වැඩ කරන්නේ සුෂුම්නාවේ පහළ කොටසෙන් පමණක් තීරණ ගැනීමෙනි. ඒ ගැන අපට ඇත්තේ
කනගාටුවකි. විද්‍යාපීඨ පරිශ්‍රයේ සැරිසැරූ චරිත ගැන අප පෙර ද ලියා ඇත.
ඇත්තටම අතිගරු සරසතුමනි, නීති ක්ෂේත්‍රය යනු අතීතයේ දී ශාස්ත්‍රීයව අනාථ වන
චරිතවලට ගැලවුම් දේශයක් වැනිය (මුලින් පැවසූ සුදුසුකම් නැති අවිද්‍යා
මාධ්‍ය බකපඬියාත් කාලයක් නීතිය කරන්න ගිය බව මතක් කර ගන්න). අප එසේ පවසන්නේ
රෝඩ්ස් ශිෂ්‍යත්වලාභී ගාමිණි ලක්ෂ්මන් වැනි නීති ශාස්ත්‍රවන්තයන්ට ද නීතිඥ
පී. ඒ. ජයකුංග වැනි වැදගත් නීති වෘත්තිකයන්ට ද නිසි ගෞරව කරමිනි. කෙසේ
වෙතත් විද්‍යාපීඨ භූමියේ නොවැඩුණු ජීවය නීති විද්‍යාලයේ දී පණනල අල්ලා
ගත්තේය. එය කැනඩාවේ දී අතුඉති ලා වැඩිණි. එහෙත් ඔය මහාචාර්ය පට්ටම නම් වෙනම
කතාවකි. අපේ චන්ද්‍රීකා මැතිනිය සාමයේ දූතිකාව ලෙස ලක් දෙරණේ මතු වූ සමයේ
මාධ්‍යයෙන් මතු කළ බුද්ධිමතුන් රෑනක් බිහි වූ බව අතිගරු සරසතුමාට මතක ඇති. ඒ
වන විට එංගලන්තයට වී සර් ජෝන් බර්ට්ට බීබීසිය ගොඩ ගන්නට උපදෙස් දෙමින්
සිටි (හිනාත් යනවා අතිගරු සරසතුමා මේවා ලියනකොට!) දර්ශන විශාරද වසන්තා
(දේශපාලන මතය කුමක් වුණත් වසන්ත රාජා උගතෙක්), එලොව ගිහින් මෙලොව පැමිණි
මහපොළ ශිෂ්‍යත්වලාභී පරණේ, යොහාන් ගල්තූන්ටත් ගැටුම් සමථනය ඉගැන්වූ ශිරාල්
(ඡන්ද කෙරුවාවකට ගොස් දෑවැද්දට ලැබුණ ඉඩමත් නැති කර ගත්තා නොවැ!) ආදීන් අතර
එක් අයෙකි අන්තර්ජාලය ගැන මැජික් කතා කියන්නකු ලෙස පැමිණි අප පෙර කතා
කරමින් සිටි තැනැත්තා. ඇත්තෙන්ම ඔහුට සම්මාන මහාචාර්යකමක් ලැබුණේ එම
රංගනයන්ට පසුව මොරටුවෙනි. එහෙත් මොහු මහාචාර්ය සුනිල් ස්ටැනිස්ලව්
වික්‍රමසූරිය පන්නයේ අතිවිශිෂ්ට මහාචාර්ය චරිතයක් නොවේ (සේවාර්ජිත නැති නම්
විශ්‍රාම ගෙන ගෙදර යන දාට ආපසු දීලා යන මහාචාර්ය තනතුරු ගැන අප නොදන්නවා ද
කියා අපේ අතිගරු සරසතුමා දන්නවා නොවැ).
ctd…
2/2
අතිගරු
සරසතුමනි, ඔය තැනැත්තාගේ දිව ඕනම පැත්තකට හොඳට නැවෙන එකකි. අඹ කාලයට අඹ ද
රඹුටන් කාලයට රඹුටන් ද කීවා සේ චන්ද්‍රිකා කාලයට චන්ද්‍රිකාය; මහින්ද කාලයට
මහින්දය; සිරිසේන කාලයට සිරිසේනය. 2020 වන විට මොහු මොකක් හෝ විසුළු
න්‍යායක් හදා ගෙන රූපාන්තරණය වන බව අපි කැට තබා පවසමු. එතකොට ඉතිං එට්කාවේ
පව් ටික සමන් කැලේගමගේ (සමන්ගේ පියා ජයන්ත පුරෝගාමී ශාස්ත්‍රවන්තයෙකු බව
අතිගරු සරසතුමා දනී) අක්‍රිය ගිණුමට දාන්න බැරියැ. ඔක්ස්ෆර්ඩ් වගේ ද සයිමන්
ෆ්‍රේසර්! මොහුගේ ඉන්දියානු-බංගලි වාද ගැන ලිපියක් ලියන්නේ ද නැති ද යන්න
පසු ව තීරණය කරමු.
අතිගරු සරසතුමනි ඇත්තෙන්ම ඔබතුමා ද අපි ද මේවා
ලියන්න අකැමැති වෙමු. ඔබතුමාට ද අපට ද මේවා ලියනවාට වඩා වෙනත් වැඩ තිබේ.
එහෙත් අපේ ජන්මභූමිය වූ ශ්‍රී ලංකාවට වින කරන්නට වැඩ කරන දෙබිඩ්ඩන්ට එරෙහිව
ඔබතුමා අරඹා ඇති ශ්‍රේෂ්ඨ අරගලයට දායක වීම අපගේ ඵෙතිහාසික කාර්යභාරයකි.
විශේෂයෙන්ම ඔය බොහෝමයක් දෙබිඩි චරිත අතීතයේ දී අප සමීපව ඇසුරු කළ අයය.
ඔවුන් බොහෝ දෙනෙකු තුළ සුන්දර මිනිස්සු සිටිති. එහෙත් අවාසනාව ඒ සුන්දර
මිනිසුන් නිදි වැදී සිටීම ය.
අතිගරු සරසතුමනි, හදවතින් අප යුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ!
තුන්කට්ටුවට එරෙහිව විශේෂ බලකාය
(නිශ්චිත කාර්යසාධනය අවසන ස්ථිරවම විසුරුවා හැරේ)
මගේ කතාව මෙයින් අවසාන නොවේ.
අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.