Thursday, July 20, 2017

වැඩබැරි ආන්ඩුව කොපිකැට් කිරීම සහ තවත් කතා

 Meme credit: No-PMC

කිසිම වැඩක් කිරීමට අසමත් වැඩබැරි ආන්ඩුව නොදන්න දේවල් කොපිකැට් කිරීමට ගොහින් ඊයේ  වරිගෙ නහගත්තේය. වෛද්‍ය ශිශ්‍ය නායකයෙකු වන රයන් ජයලත් මහතා ව උස්සන්නට සුදු වෑන් එකක  PRRA කාදරයන් කීපදෙනෙකු එවන්නට ආන්ඩුව කටයුතු කර තිබුනි. ආන්ඩුව සේම වැඩබැරි පොලිස් කෝලම විසින් සුදු වෑන් කේස් එක අලකරගෙන නාගත්තේය. සියලු කාඩරයන් ගේ පින්තූර රූපවාහිනී මාද්‍යයේ පල විය. 

මාද්‍ය හමුවට පැමිනි ආන්ඩුවේ නොවනා දේශපාලකයන් ට ලකුණු ලබා දෙමින් කොපි කැට් සුදු වෑන් සන්නිය නිමා විය.

මේ සිද්දියට දිනකට පෙර රිශාඩ් බදියුද්දීන් ඇමති යටතේ පවතින ස තො ස ආයතනය කොකේන් තොගයක් ආනයනය කරද්දී එහි සීනි කිලෝ 160 පමන තිබී අසුවිය. මහින්ද මහත්තයාගේ කාලේ මේවා වුනානම් රූපවාහිනී දෙදරවා වොයිස් කට් දෙන ඇන් ජී ඕ සිසිල් සමාජ හිවල් හාදයෝ තාම ඒ ගැන නිහඬය.

නෙවිල් හතර රියන් සයිටම් කිරිහරකා ගේ පස්ස පැත්ත තියාගෙන තිබියදී දෙරියන් රාජිත විසින් එලදෙන ගේ හිස පැත්ත බාර ගත්තේද ගිය සතියේ ය.



 ආප්පයා අපායට පර්මනන්ට් රෙසිඩන්ට් වීසා ලබා එහි  යන්නට සුවාසේ අදිමින් ඉන්නා අතර මහින්ද මහත්තයා කෝචොක් එකක් ලෙස එතුමා ගේ ව්‍යායාම පින්තූරයක් මාද්‍යයට නිකුත් කර තිබුනි. ආප්පයෝ, මේ ව්‍යන්ගාර්තයෙන් දක්වන්නේ උඹ පැරදුනාම වවුලෙකු ලෙස කකුල් වලින් එල්ලන බව ය! දැන්ම කරනා පින්කමක් කරගනින් හිටන්.

43 comments:

  1. සාරස තුමා අලුත් වෛද්‍ය සංගමේ ගැන මොකෝ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය ව්‍යවහාරයට අනුව නම් කළොත්
      ලංකාවේ ඉගෙන ගන්නා හැම වෛද්‍යවරයෙක්ම
      ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ
      අවජාතක හොර සයිටම් දොස්තර කෙනෙකි.

      "මගේ දරුවා මිය ගියේ
      ප්‍රමිතියක් නැති වෛද්‍යවරයෙක්
      දරුවාට ප්‍රතිකාර කළ නිසයි" කියා
      අපේ රෝහලකදී මිය යන
      ඕනම දරුවෙකුගේ පියෙක්
      ලංකාවේ උසාවියක නඩුවක් දැම්මොත්
      වෛද්‍යවරයාට සිය ප්‍රමිතිය පෙන්වන්නට
      උසාවියට ඉදිරිපත් කළ හැක්කේ
      ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ
      භෞතික විද්‍යාවෙන් සමත් බව පෙන්වන
      උසස්පෙළ ප්‍රතිඵල සහතිකය පමණි.

      ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය
      1869දී සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණුවට
      හර්කියුලස් රොබින්සන් නම් ආණ්ඩුකාරයා විසින්
      ආරම්භ කරන ලද්දකි.

      1870දී සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානි
      වෛද්‍ය ඩබ්ලිව් ආර් කිංසි විසින් කොළඹ වෛද්‍ය පාසල
      පිහිටුවන ලද්දේ ඔවුන් පුහුණු කිරීමටයි.

      වසර 150කට ආසන්න කලක් තිස්සේ
      රජයේ පිළිගැනීම මත පත්වෙන
      ශ්‍රී ලංකාවේ ඉගෙන ගන්නා බටහිර වෛද්‍යවරුන්
      නීතිගත ප්‍රමිති නිර්ණායක රහිත වෛද්‍ය පීඨවල
      නිසි පොදු ප්‍රමිතියකින් තොරව ඉගෙන ගෙන
      නීත්‍යානුකූල ප්‍රමිති නිර්ණායක රහිතව
      වෛද්‍ය සභා ලියාපදිංචිය ලබාගෙන එන
      අවජාතක වෛද්‍යවරුන්ය.

      ජනප්‍රිය ව්‍යවහාරයට අනුව නම් කළොත්
      ලංකාවේ ඉගෙන ගන්නා හැම වෛද්‍යවරයෙක්ම
      ශ්‍රී ලංකාවේ නීතිය හමුවේ
      අවජාතක හොර සයිටම් දොස්තර කෙනෙකි.

      රටේ නීතිය පිළිගන්නා වපසරිය තුළ
      සයිටම් උපාධි කඩයට ප්‍රමිති නිර්ණායක නැත.
      රජයේ උපාධි දන්සැලටද ප්‍රමිති නිර්ණායක නැත.

      වයස වසර 100කට ආසන්න වන
      මහළු වෛද්‍ය සභාව
      ප්‍රමිති නිර්ණායක රහිතව ලියා පදිංචි කරන ලද
      හරි හමන් ප්‍රමිතියක් කිව නොහැකි හොර වෙදුන්
      ලංකාව පුරාම ප්‍රතිකාර කරමින් සිටිති.

      වෛද්‍ය පාදෙණිය ප්‍රමුඛ වෛද්‍ය සංගමය
      ලංකාවේම බාහිර රෝගීන්ට වද දෙමින්
      සයිටම් විරෝධය මගින් රටට හෙළි කළ
      මාරාන්තික අවදානම එයයි.

      පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට
      නීතිය හමුවේ පිළිගැනීම
      බටහිර වෛද්‍යවරයාට වඩා වැඩිය.

      ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 25ක්ම
      හොර දොස්තරලා බව වෛද්‍ය සංගමය කියයි.
      ඔවුන්ට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය
      ක්‍රියා නොකරන්නේ මන්ද?

      ගමක හොර දොස්තර කෙනෙකු අල්ලා
      කුදලාගෙන උසාවි ගෙන ගිය විට
      වෛද්‍යවරයෙකු වන්නට ඇති ප්‍රමිති නිර්ණායක
      උසාවියට ඉදිරිපත් කරන මෙන්
      ඔහු පැමිණිල්ලෙන් ඉල්ලා සිටියහොත්
      පැමිණිල්ල ඉදිරිපත් කරන ප්‍රමිතිය කුමක්ද?
      ප්‍රමිති නිර්ණායක නැති වෛද්‍ය සභාව
      රටේ ජනතාව ඉදිරියේ විත්ති කරු කරමින්
      හොර දොස්තරට නඩුවෙන් නිදහස් විය හැක.

      ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් සියයට 25ක්ම
      හොර දොස්තරලා ලෙස ජනතාව රැවටුවත්
      රටේ නීතියට කල හැකි දෙයක් නැත.

      සයිටම් ශිෂ්‍යාව නඩුව දිනුවේ
      වසර අනූවක් තිස්සේ අවජාතකයන් බිහි කරන
      ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට
      වෛද්‍ය වෘත්තික සුජාතභාවය පෙන්වන
      පිළිගත් අවම ප්‍රමිති නිර්ණායක මේවා යැයි
      නීතිය හමුවේ පෙන්වන්නට අවම ප්‍රමිතියක්
      වසර 90ක් තිස්සේ ඔවුන් සතුව නැති නිසාය.

      අද ලංකාවේ සිටින නීත්‍යානුකූල වෛද්‍යවරුන්
      විදේශයන්හි වෛද්‍ය පීඨ වලට ගොස්
      නීති ගත කළ අවම ප්‍රමිති නිර්ණායක අනුව
      වෛද්‍ය අධ්‍යාපනය ලබා පැමිණෙන
      වෛද්‍යවරුන් පමණකි.

      රජයේ වෛද්‍ය සංගමය විදේශයෙන් එන
      Act 16 වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය නොසොයන්නේ ඇයි.?
      අවජාතක ස්වදේශික වෛද්‍යවරයා.
      විදේශයෙන් එන සුජාත වෛද්‍යවරයා හමුවේ
      නිරුත්තරව අසරණ වන්නේය.

      සයිටම් නඩුවේ පාර්ශවකරුවෙකු වන
      රජයේ වෛද්‍යවරුන්ගේ සුජාතභාවය ගැන
      මීළඟ සයිටම් නඩු විභාග දිනයේදී
      සයිටම් පාර්ශවයේ නීතිඥයා ප්‍රශ්න කළහොත්
      රජයේ වෛද්‍ය සංගමයේ පාර්ශවකරු
      රටේ නීතිය හමුවේ නිරුවත් වෙන
      සිය වාර්ගිකයාගේ උපන්ගෙයි අවජාතක බව
      මහජනතාවට වසන් කරන්නේ
      කවර ආකාරයෙන්ද?

      Delete
    2. // අහසෙන් එන්න(කසුන්)July 21, 2017 at 12:13 AM

      සාරස තුමා අලුත් වෛද්‍ය සංගමේ ගැන මොකෝ කියන්නෙ? //


      යන එන මන් නැති අපතයෝ සැට් එකක්...පාදෙනියට විරුද්දව චන්දෙට ආපු අය නෙවෙයි මේ...

      Delete
    3. // සිය වාර්ගිකයාගේ උපන්ගෙයි අවජාතක බව
      මහජනතාවට වසන් කරන්නේ
      කවර ආකාරයෙන්ද? //

      මේ අර අතුල කියන මැන්ටල් වයසක ඩෑල් එක ලියපු බහුබූතයක් නේද?

      Delete
  2. කතාව ඇත්ත. ඊයේ සිදුවීම මේ මොන්ටිසෝරි ආණ්ඩුවේ නොහැකියාව පෙන්නන තවත් එක සරල උදාහරණයක් පමණයි. මහින්දගේ කාලෙත් කොකේන්, කුඩු අස්සේ තිබිලා සීනි අහු උනා. එකම වෙනස ඒවා මීඩියා වලට ගියේ නෑ. ඒවාට වෙච්චදේ පොලිස් ලොක්කෝ දන්නෙත් නෑ. කලින් අහු නොවෙන්න කොමිස් ගැහුවා. දැන් එළිපිට කොමිස් ගහනවා. කලින් සුදු වෑන් ඔපරේෂන් කියන්නේ නිකන් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් වගේ. දැන් මොන්ටිසෝරි ක්‍රීඩා උත්සවේ වගේ. ඔන්න ඕකයි වෙනස !. මේවා දකින්න පිං කල අපිට අබ සරණයි හිටං !!

    ReplyDelete
    Replies
    1. Udaya DissanayakeJuly 21, 2017 at 12:58 AM

      //මහින්දගේ කාලෙත් කොකේන්, කුඩු අස්සේ තිබිලා සීනි අහු උනා. එකම වෙනස ඒවා මීඩියා වලට ගියේ නෑ.//

      මීඩියා වල ගියෙ නැත්තන් කොහොමද බං උබ දන්නේ ?
      උඹේ අ...... ද ඒ කාලේ එව ගෙනාවේ ?

      ගොනෙක් උනාට තප්පු ලන්ට එපා බං

      Delete
    2. Udaya DissanayakeJuly 21, 2017 at 12:58 AM

      //කලින් සුදු වෑන් ඔපරේෂන් කියන්නේ නිකන් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් වගේ.//

      කලින් කිව්වේ අර ප්‍රේමදාසයි රනිලුයි කොල්ලො උස්සපු කාලේද ? මොන වගේ ෆිල්ම් එකක්ද කියල හරියටම කියයි අතුරෙලියෙ රතන ගෙන් ඇහුව නම්. 88-89 කාලේ සුදු වෑන් වලඉන් අරන් ගිය 60000න් තාම ජීවතුන් අතර ඉන්න කීප දෙනාගෙන් කෙනෙක් නිසා.

      අනෙක් ඔක්කොම ටයර් උඩ පිච්චුවා. පුච්චපු එකෙක් වත් අහු උනේ නැහැ. බාබු නම් නියම එකා බලල පුච්චල දැම්මා

      Delete
    3. Chairman SATHOSA should be interdicted.He may be innocent but next man will ensure preventive measures in future for SATHOSA imports? Country heading??? Pathetic state of affairs. How come Custom held responsible when importer at ease. He should remanded this drugs. Weakness of useless political leadership.

      Delete
    4. රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 218ක් සොයා ගැනීම සම්බන්ධයෙන් රේගු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇතත් මෙම මත්ද‍්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වගකිව යුතු මට්ටමේ පුද්ගලයෙකු මෙතෙක් හෙලිව නැත.

      Delete
    5. Ano 7.05 AM

      රාජපක්සුෂ යුගයේ සුදු වෑන් පැහැර ගැනීම හමුදා කොටස් විසින් දේශපාලන අරමුණුක් වෙනුවෙන් හෝ කප්පම් ලබා ගැනීම වෙනුවෙන් සිදු කල අනීතික මෙහෙයුමක්. ඉහක මට්ටමේ දේශපාලන චරිත මෙයට සම්බන්ද වූ බව පැහැදිලියි. වරද කරුවෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම වෙනම ක්‍රියාදාමයක්. දැන් අත් අඩංගුවට පත් නොවූ වින්දිතයාට තමන් පැහැර ගැනීමට උත්සාහ දැරීම ගැන නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට දැන් පුළුවන්. නමුත් ඔහු එසේ කරන්නේ නැත්තේ නියත ලෙසම ඔහු අත් අඩංගුවට පත් විය හැකි නිසයි. ජනවාරි 8 ජන්දය දුන් අය අතරේ කනස්සල්ක් ඇති නමුත් ඔවුන් කිසි ලෙසක නැවත රජපක්ෂ පාලනයක් වෙනුවෙන් ජන්දය දෙන්නේ නැහැ. රාජපක්ෂ වාදීන් අතර රජය පිරිහී ඇතැයි සිතීම පුදුමයක් නොවෙයි. අනෙක් අපරාධ කරුවන් මෙන්ම දේපලට හානි කල එවුන්ව අත් අඩංගුවට ගත යුතුමයි.

      Delete
    6. AnonymousJuly 21, 2017 at 11:12 AM

      //රාජපක්සුෂ යුගයේ සුදු වෑන් පැහැර ගැනීම හමුදා කොටස් විසින් දේශපාලන අරමුණුක් වෙනුවෙන් හෝ කප්පම් ලබා ගැනීම වෙනුවෙන් සිදු කල අනීතික මෙහෙයුමක්. ඉහක මට්ටමේ දේශපාලන චරිත මෙයට සම්බන්ද වූ බව පැහැදිලියි. //

      එතකොට 88-89 රනිල්-ප්‍රේමදාස යුගයේ සුදු වෑන් පැහැර ගැනීම නීත්‍යානුකූල මෙහෙයුම්ද ? 2017 රනිල්-සිරිසේන රනිල්-ප්‍රේමදාස යුගයේ සුදු වෑන් පැහැර ගැනීම නීත්‍යානුකූල මෙහෙයුම්ද ?

      බටලන්දෙ අරන් ගිය උන් වෙනුවෙන් උසාවියෙ පෙනී හිටපු නීතිඥයින් පවා ඒ කාලේ කොලකොටි සහ රාජිතගෙ-ප්‍රා එක ලවා මැරෙව්වා. රනිල් මේ ආයෙත් රට අරන් යන්නෙ මිනිහගෙ පරන පුරුදු බටලන්ද යුගයටම තමා.


      Delete
    7. // ජනවාරි 8 ජන්දය දුන් අය අතරේ කනස්සල්ක් ඇති නමුත් ඔවුන් කිසි ලෙසක නැවත රජපක්ෂ පාලනයක් වෙනුවෙන් ජන්දය දෙන්නේ නැහැ. රාජපක්ෂ වාදීන් අතර රජය පිරිහී ඇතැයි සිතීම පුදුමයක් නොවෙයි. //

      දුකට කියන පැල් කවි...

      Delete
    8. එකල (1988/89) මේ ආකාරයට සිසුන් ප්‍රසිද්ධියේ පැහැරගත්තත් ඒවා සාක්ෂියක් දීමට බිය මිනිසුන්ගේ දෑස් වලින් දැක මතකයන් පමනක්ම වුනා. අද තාක්ෂනයේ මහිමය ගැන පුදුම සතුටක් දැනෙන්නේ. මට මතකයි ආතර සී ක්ලාක් මේ තාක්ශණය නිසා පාලකයන් හික්මෙන හැටි ගැන අපූරු කතාවක් කියා තියෙනවා.

      තාක්ශණය නිසා මෙවැනි සිදුවීමක් අසුරු සැනෙකින් ලොව පුරාම පැතිරෙනවා. ඔප්පු කරන්න අමුතු වෙහෙසක් අවශ්‍ය නෑ, වීඩියෝ ක්ලිප් එකෙන් අතේ කයිතන්. අධිකරනය මේ සාක්ෂි පිලිගන්න නිසා නිළ ඇදුම් අදින අපරාධකරුවන්ට අනාගත ආන්ඩුවකින් වත් ගැලවීමක් නෑ.

      ත්‍රස්තවාදීන්ගේ හපන්කම් ප්‍රචාරය වෙන්නෙත් මේ විදියටමයි. සෞඛ්‍ය අමාත්‍යාංශ සිදුවීමේදී දේපල විනාශ කල හැටි පටිගත වී තිබුනා. ඒවා වයිරල් වෙනවා. අහවල්ලු අපව මර්ධනය කලා, අහවල්ලු හඹාගොස් මර්ධනය කරන්න කීව අපි සිල් ගන්නකොට මර්ධනය ආවෙ, ඒකයි අපි අවි ගත්තෙ කියා කියන්න කාටවත් බෑ. හපන්කම් ඔක්කොම අතේ කයිතන්...!

      සිසුන් හා වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශ සිද්ධියේදී තමන් අතර සිටි ලේ පිපාසිතයන් කල ප්‍රචන්ඩ ක්‍රියා හෙලා දැක තිබුනා. සමාජයත් එදාට වඩා සවිඥානිකයි.

      තාක්ශනය නිසා හෙට ඉතා යහපත් සමාජයක් බිහිවේවි. හෙට කොහොමත් එච්චර කලුවර නෑ...!

      Delete
    9. //එකල (1988/89) මේ ආකාරයට සිසුන් ප්‍රසිද්ධියේ පැහැරගත්තත් ඒවා සාක්ෂියක් දීමට බිය මිනිසුන්ගේ දෑස් වලින් දැක මතකයන් පමනක්ම වුනා.//

      අපේ පැත්තේ තියෙන තෙල්දේනිය විද්‍යාලයෙ සිසුන් 88/89 කාලේ වර්ජනයක් කලා. පොලිස් හා සිවිල් ඇඳුමෙන් පිරිසක් පැමින සිසුන්ට වෙඩි තියල සිසුන් 2 ක් පාසල තුලම මැරුන. මෙයින් තුවාල ලබල මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සිසුවෙක් සක්කි දීල තිබ්බ එතන සිවිල් ඇඳුමෙන් වෙඩි තිවු අය අතරේ ප්‍රදේශයේ දේශපාලකයෙක්ගෙ පුතුකුත් හිටිය කියල.

      ද්වස් කීපයකට පසුව මුහුණු වසා ගෙන රෝහලට පැමිනි පිරිසක් එම් සිසුවා රෝහල් වට්ටුවෙන් ම පැහැර ගෙන ගියා. ටික දවසකින් සිරුර ටයර් මත පිච්චෙමින් තිබ්බ. එම් නඩුවේ සිසුන් වෙනුවෙන් ඉදිරිපත් උනු කරල්ලියද්ද නීතිඥ මහතාත් මරා දැමුව.

      එහෙව් රනිල් ගැන කහින්ඩ එන උදය දිසානයක ඇතුළු අනෙක් "තොත්ත බබා" ට තව ටිකක් දවසකින් රනිල් හොරාගේ මිනීමරු මුහුනත් බලා ගන්ඩ පුළුවන්

      Delete
  3. සතොසට කොකේන් ආනයනය කිරීමේ සිද්ධිය ෆුල් මාවලස් කේස් එකක්. මෙච්චර කල් කුඩු, කොකේන්, බ්‍රවුන් ෂුගර් ඔය හැම ලබ්බම අහු උනා. හැබැයි රේගුවෙන් චෙක් කරලා උණු උණුවෙම ක්ලියර් කරපු සීල් පිටින් අහු උනේ නෑ. හා දන්න කෙනෙක් කියන්න බලන්න දැන් රේගුව භාර ඇමති කවුද කියල. මං නං පත්තරේ යනකන් ඇමති කවුද කියල දන්නෑ හිටං.

    ReplyDelete
    Replies
    1. මොන්ගල් සමරවීර නේද හිටන්?

      Delete
  4. අනිච්ඡේ කියල හිතෙනවා අප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සාදුකාරයක් දෙන්න පින්වතුනි!

      Delete
  5. ඔය අත්අඩංගුවට ගත්තු කොකේන් තොගේ එහෙම අත්අඩංගුවට ගන්න හේතුව නිවැරදි චක්‍රලේඛණ අනුගමනය නොකර රජයේ පටිපාටියෙන් පරිභාහිරව සතොසට ගෙන්නපු නිසා කියලයි රට්ටු කියන්නේ...
    සතොසෙන් අඩුවට කුඩු ටිකක් අරගෙන බොන්න තිබ්බ චෑන්ස් එකනැති උනානේ ඒ
    වැරැද්ද කරපු අඩුකුළේ නිලධාරිය නිසා...
    හෙණ ගහන්න ඕනේ ඒ නිලධාරියට...

    ReplyDelete
    Replies
    1. අපි දුන්කොල තහනම් කරලා ඒ වෙනුවට සතොස හරහා කොකේන් විකුනනවා. දෑන් බුලත් විටකට වත් දුන්කල නෑති කට්ටියට කොකේන් කලවන් කරලා කන්න පුළුවන්. කොකේන් දුන්කල වගේ නෙමෙයි ශශීරයට ඉතා ගුනයි.

      - කක්කුස්සි කටා (RjS - Cabinet spoke)

      Delete
    2. // හෙණ ගහන්න ඕනේ ඒ නිලධාරියට. //

      අනිවා ලොකු පුතා තුමෝ...

      Delete
    3. කොකේන් තොගය බලන්න අති ගරු ජනාධිපතිතුමයි කාරුංකනායක ඇමැතිතුමයි තවම ගිහින් නැතිද?

      වහාම ඒ දෙදෙනාට එහි ගොසින් ඔරුගොඩවත්තේදී කලාක්‌ මෙන් කුඩු තොගය අතුරුදහන් කරන්න කියන්න.
      නෙතිනම් ෂංයිඩියාව නෙතිවෙයි කියන්න. පව් අප්පෝ ෂංයිඩියා අහිංෂකයන්න්ගේ ෂල්ලියි මාන්ෂියයි!

      පව් අනේ අහිංෂක කුඩ්ඩන්ට පහෂු මිලට සතොසෙන් ගන්න තිබුන කුඩුටික දෙයියෝ!!!

      Delete
    4. මෙම සීනි තොගයට ටෙන්ඩර් කැදවීමක් කර නැත; හිතවතෙකුට දීලා තියෙන්නෙි් අනියම් බල පෑම් වලින්

      Delete
  6. අම්මප ඕයි, නෙලුන් අජ්ජා දන්නා දේවල්.පුදුම හිතෙනවා.සෝවියට් දේශය කඩා වැටුන හැටි,කඩා නොවැටෙන්න නම් කරන්න තිබුනු දේවල්,ලෝකේ නිදහස් අද්යාපනේ,ලන්කාවේ නිදහස් අද්යාපනේ,සයිටම් එකට විසදුම්.අම්මපා බලාගෙන ගියහම මූ( ඒ ලෙවෙල් ෆේල් වුනාට)පුදුම උගතෙක්නේ.ඇත්තටම මූ ලංකාවේ ජනාදිපති වුනානම් ලන්කාව සුරපුරක්.මූ ලංකාවේ ජනාදිපති නොවුනේ අපේ කරුමෙකට.
    මූ කියනවිදියට මූට පින් ශිශ්ශත්වය ලැබුනේ සෝවියට් කාරයගෙ මෝඩ ප්රචාරනේ ප්රතිපලයක් විදියට.ඔය විදියට මූ ඉපදුන හැටි ඇහැව්වොත් මූ මොනවගේ උත්තරයක් දෙයිද. සාරස හිතන්නේ මූ මොනවගේ උත්තරයක් දෙයිද.

    ReplyDelete
    Replies
    1. ඇතිකළේ නමුත් රසහර දී බෝ ම
      හැමකලේ සුනක කසලටමයි පේ ම
      සිතුලොලේ පුහුනු ‍කලමුත් බණ දහ ම
      අඩුකලේ සිරිත පරණට ගැරහී ම

      Delete
    2. // AnonymousJuly 21, 2017 at 5:57 AM

      අම්මප ඕයි, නෙලුන් අජ්ජා දන්නා දේවල්.පුදුම හිතෙනවා. //

      හෆොයි....

      එයා මයිල් දැක්කම අජ්ජට කොයිල්....

      Delete
    3. අජිත් ධර්මගේ අදහස් වෙනස් වන ආකාරය බලන්න අපුරුය. ඔහුට හිතෙන හිතෙන ආකාරයට තමුන්ගේ වාසියට අදහස් වෙනස් කරයි. ඇතැම් මිනිසුන් තමුන්ගේ වාසියට මෙවැනි ලෙස හැසිරෙන බව සැබෑවකි. එනමුත් අජිත් ධර්ම මෙන් මෙතරම් අවලස්සන ලෙස හැසිරිය හැකි අයෙක් ඇත්තම් ඒ එතුමා පමණක්ම විය යුතුය.

      අජිත් විටෙක කියා සිටින්නේ එතුමා ධනවාදය දියුණු වෙනවා නම් කැමති බවය. ඒ සමගම ඊලග වාක්‍යයෙන් එතුමා කියා සිටින්නේ ඒත් ඔහු එංගලන්තයේ අධ්‍යාපනය විකුනනවා නං පක්ෂපාතී නැති බවය. මෙය නම් එතුමාට පමණක් තේරෙන අපට නොතේරෙන හතර බීරි කතාවකි. ධනවාදය යටතේ ඕනෑම දෙයකට මිලක් තීරණය වන බව මේ සෝවියට් දේශයේ සමාජවාදී රජයේ අනුග්‍රහය නිසා මුලික උපාධිය ලැබූ උගත් මහතාට අමතක වී ඇත. ඇත්තෙන්ම කිවහොත් අමතක කර ඇත. ඒ එතුමාට කිසිම ප්‍රතිපත්තියක් නැති නිසාය. ඕනෑම දෙයක තමන්ට උවමනා කොටස පමණක් අල්ලාගෙන එය ඒ මේ අත පෙරලමින් අත දිගු කරමින් තමන්ට අවශ්‍ය දේ පමණක් විශාලන කණ්නාඩියෙන් ලොකුකර පෙන්වමින්, අනෙකුත් දෑ ලඝු කර පෙන්වීමට අජිත් ධර්ම රුසියෙකි.

      ධනවාදයට පක්ෂපාතී අජිත් ධනවාදී රටවල මහා ඉහළින් සමරන සමලිංගික පුද්ගලයන් කෙරෙහි දක්වන්නේ පිළිකුල් සහගත හැගීමකි. ඒ සමගම අපට මතක් රුසියාව වැනි රටවල් සමලිංගික විවාහ තහනම් කර ඇති බවය. එහිදී අජිත් ධර්ම රුසියානු ෆෙඩරේෂණයට අත් ඔසවා සහය පලකරනවාද කියා ඇසීමට කැමැත්තෙමු.

      වචන එහෙ මෙහෙ පෙරලමින් මොකක්දෝ කියන්න ගියාට අජිත් ධනවාදයේ හෝ සමාජවාදයේ මුලික සංකල්පවත් දන්නේ නැත. අජිත් නැවත නැවත තහවුරු කරමින් පවතින්නේ එයයි. අජිත් ගැන අජිත්ට නොතේරෙන, අනික් අයට දෑස් පනාපිට පෙනෙනා සත්‍යය එයයි.

      Delete
    4. ලෝටස් අජ්ජා යනු අලිබබා සහ හොරු හතලිහේ හොරු කන්ඩායමට ආවතේව කල සට්ටැඹි හොරෙකි!

      Delete
  7. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව අයිතිවාසිකම් වර්ධනය කිරීමටත් ත්‍රස්තවාදය නැතිකිරීමටත් කතාකරන, එකී සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු වූ බෙන් එමර්සන් ලංකාවට තර්ජනය කරලා. 2015 ඔක්තෝබරයේ දී ලංකාවේ ද සහායෙන් ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව පූර්ණ ව ක්‍රියාත්මක නොකළහොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව එමර්සන් ප්‍රකාශ කරලා. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිෂ්ඨයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අප පාලනය කරනවා; හිටපු විදේශ ඇමති මංගල සමරවීර ද රනිල් ද මෛත්‍රිපාල ද දිගින් දිගට ම කියා සිටියේ මේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් විජාතික ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ලංකාවට තිබූ සියලු බාධක නැති වූ බවත් දැන් ලෝකය ම ලංකාව පිළිගන්නා බවත්. එහෙත් එමර්සන් කියන්නේ වෙන ම කතාවක්.

    එමර්සන් එංගලන්තයේ රාජනීතිඥයෙක්. ඔහුට අනුව ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි ව ඇති නීති ලෝකයේ ම ඇති නරක ම නීති. ඔහුට අනුව ලංකාව මේ නීති දෙමළ ජනයාට විරුද්ධව ක්‍රියාත්මක කරලා. බළලා මල්ලෙන් එළියට පැනලා. ඔහු කතා කරන්නේ දෙමළ ජාතිවාදීන් වෙනුවෙන්.

    එමර්සන් තවදුරටත් කියා ඇත්තේ ලංකාව ඊනියා ජාත්‍යන්තරයේ ඉවසීම ඉක්මවා නොගිය යුතු බවයි. එමර්සන් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලියි. ආණ්ඩුව මොන බොරු කිව්වත් බටහිරයන්ට අවශ්‍ය ආණ්ඩුව ලවා දෙමළ ජතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට කප්පන් දෙවීම. ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා මෙහෙයුම් ජයග්‍රහණය කළ එකම රටේ ත්‍රස්තවාදය පිළිබඳ නීති ලිහිල් කරන ලෙස එමර්සන් ඉල්ලන්නේ නැවතත් මෙරට දෙමළ ත්‍රස්තවාදයක් ඇති කිරීමට.

    අප දෙමළ ත්‍රස්තවාදය සමග දෙමළ ජාතිවාදය ද නන්දිකඩාල්හි දී පරාජය කළත් එය නීති පොතට ඇතුල් කරන්න බැරි වුණා. එයට මහින්දත් වග කිව යුතුයි. මහින්ද අද රනිල්ගේ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත්වන්න තීරණය කරන්නේ නැහැ. ජා නි පෙ නම් එයින් අයින් වෙන්න තීරණය කරලා.

    ReplyDelete
  8. බදූදීන්ගේ වැඩ ඕවා අපේ ජාතිය වනසන්න හදන. මහින්ඳ කකුල් දෙකෙන් එල්ලිලා යෝගී වියායාම් කරපු තැන මූව තනි කකුලෙන් එල්ලපල්ලා !

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් වගේ බදුර්ඩීන්වත් ඉවර කරන්න කාලය හරි; සි0හල නායකයා කවුරු වුනත් ඒක ඉටුවෙන්න ඔනේ, ජාතිය නිසා නෙවෙයි අපගේ රට වෙනුවෙන් !

      Delete
  9. කරුණාරත්න පරණවිතාන කියන්නේ තවත් නොම්බර එකේ අවස්ථාවාදියෙක්.

    - කරුණාරත්න පරණවිතාන ශිෂ්‍ය දේශපාලනය පටන් ගන්නේ ජවිපෙන්. කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙනවා.

    - ඊට පස්සේ මාක්ස්වාදය අතහැරලා නලින් ද සිල්වා ගේ ජාතිකත්වය පස්සේ යනවා.

    - ජාතිකත්වය පස්සෙ යත්දී චම්පිකලා සෙට් වෙලා ඒ අය පස්සෙ ගීහින් ජනතා මිතුරෝ එකට සෙට් වෙනවා. ජනතා මිතුරෝ එක්ක චන්ද්‍රිකා බලයට ගේන්න වැඩ කරනවා.

    - ඊට පස්සේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ෆෙඩරල්වාදී න්‍යාචාර්යවරයෙක් වෙන ජී.එල්. පීරිස් ගේ අමාත්‍යාංශයේ ලේකම් තැනක් ගන්නවා. මතක තියා ගන්න ඕන ඔහු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙලා ඉඳිත්දී ජී.එල්. පීරිස් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති. විප්ලවවාදී ශිෂ්‍ය අරගලවලට නායකත්වය දෙන ගමන් ඒවා මර්ධනය කරපු ජී.එල්. පීරිස්ට කොක්ක දාගත්තේ එහෙමයි. (ජී.එල්. පීරිස් එක්ක හැප්පුන නලින් ද සිල්වා ඒ වෙනකොට රස්සාව නැතුව ගෙදර.)

    - මේ කාලයේ ඔහුගේ දර්ශනය ෆෙඩරල්වාදය / බලය බෙදීම. චන්ද්‍රිකාගේ ඊනියා සාමය අලෙවි කරලා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල් වෙනවා.

    - ඊට පස්සේ 2005 මහින්ද ආවම චන්ද්‍රිකා අත හැරලා, මහින්දට සෙට් වෙලා ලේක් හවුස් එකේ ලොකු පුටුවකට මාරු වෙනවා. යුද්ධය පවතින කාලයේ ඒවා අත ඇරලා රට යනවා.

    - මහින්ද 2009 යුද්ධෙ දින්නම ආපහු ඇවිත් මහින්දට සෙට් වෙලා 2010 ඡන්දෙ ඉල්ලනවා. එතකොට දේශපාලන දර්ශනය ආපහු ජාතිකත්වයට මාරු වෙනවා. නමුත් ජාතිකත්වය මාකට් කරලා ඡන්දෙ දිනන්න බැරි වෙනවා.

    - පැරදිලා ගෙදර ඉන්න මෙයාව මහින්ද ඊට පස්සේ ටොරොන්ටෝවෙ කොන්සල් ජෙනරාල් කරලා කැනඩාවට යවනවා.

    - අවුරුදු තුනක් එහෙ සැප සම්පත් භුක්ති විඳලා ආපහු ලංකාවට එන මේ අවස්ථාවාදීයා ඊට පස්සේ මහින්දව පරද්දන්න යහපාලන නඩේය සෙට් වෙනවා. ජාතිකවාදයට ඔලු දෙකයිද මොකක්ද ලිපියක් ලියලා ආපහු ජාතිකත්වයත් අත හරිනවා.

    - දැන් මෙයා යූඇන්පී එකෙන් රත්නපුරන් ඡන්දෙ ඉල්ලනවා.

    මේ වගේ අවස්ථාවාදින්ගෙ ඉතිහාසයමිනිස්සු හරියට දන්නෙ නෑ. මර්වින් සිල්වගෙයි මෙයාගෙයි තියෙන වෙනස මොකක්ද? මේ වගේ අයට හිමි වන්න ඕන ඉතිහාසයේ කුණුබක්කිය.

    ReplyDelete
  10. ///රිශාඩ් බදියුද්දීන් ඇමති යටතේ පවතින ස තො ස ආයතනය කොකේන් තොගයක් ආනයනය කරද්දී එහි සීනි කිලෝ 160 පමන තිබී අසුවිය. මහින්ද මහත්තයාගේ කාලේ මේවා වුනානම් රූපවාහිනී දෙදරවා වොයිස් කට් දෙන ඇන් ජී ඕ සිසිල් සමාජ හිවල් හාදයෝ තාම ඒ ගැන නිහඬය. ///

    සතොස ගබඩාවකට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 218 පසුපස පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඔහුගේ සහෝදරයෙක් සහ සහචරයන් සිටින බවට පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

    විල්පත්තු වන විනාශය පසුපසද සිටින්නේ මෙම පිරිසම බවද උන් වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.

    පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති.

    ReplyDelete
    Replies
    1. “පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති”.

      එහෙම අෂ්වෙන්ඩ ඉඩ දෙන්ඩ බෑ. ඒක ෂංඉඳියාවට බාධාවක්!

      Delete
    2. යේක ආමුදුරු ඒම කීන එක වරදි ….අපිලා යේම කුඩු ගෙනල්ලා නෙනේ…… අපි යාපාලානේ ආණ්ඩු කරනවා ….අපි ගෙනාවේ පොල්කුඩු අප්පා …!

      Delete
    3. අනේ සාරස හරි වෙන කව්රුහරි මේ ප්‍රවුත්තිය පත්තරේක දාන්න බොරුපතිට දැකගන්න, දක්කගමන් සර්වසධාරණ උත්තරයක් දෙයි.

      Delete
  11. ඇත්තටම සරස ‍යහපාලන ආණ්ඩුවෙන් සංවර්ධනය බලාපොරොත්තු වීම කෙසෙල් කැලේ අරටු හොයපු කතාව වගේ. මනුස්සයෙක් එක කෙසෙල් ගහක් කපලා බලනවා අරටුවක් තියද කියලා, නෑනේ, ආයිත් තව එකක් කපලා බලනවා, ඒත් නෑ, ඔහොම මුලු කෙසෙල් කැලේම කපලා බලනවා.

    අපිත් ඔන්න ඉගෙන ගන්නවා, මදි නේ, රස්සාවක් කරනවා, මදි, කසාදයක් බඳිනවා, මදි, දරුවො හදනවා, මදි, උන් උස් මහත් කරලා උගන්වනවා, මදි, උන්ට රස්සාවල් හොයලා දීලා කසාද බන්දනවා, මදි, උන්ගෙ දරුවො බලනවා, මදි, කෙලවරක් තියද මේකේ, තෘප්තිමත් උනාද? එහෙම වෙලා කොතනක හරි නැවතුනාද? නෑ. අපිත් ඉතින් කරේ හරියට කෙසෙල් කැලේ අරටු හෙවුවා වගේ වැඩක්.

    ධර්මය හොයන්න, ඔබට අරටුවක් හමු වෙනවාමයි, ඉතින් ධර්මය ලඟ නවතින්න.
    ඔබට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා...!

    ReplyDelete
  12. යකෝ මේ ආණ්ඩුවට ඔය කොහෙවත් යන කුඩු කේස්වත් හොරකම් ඇල්ලිලි වත් සයිටම් වත් වැඩක් නෑ. මුන්ගෙ මේන් ටාස්ක් එක බෙදුම්වාදීන්ට කප්පම් දෙන වියවස්ථාව සම්මත කරන එකනෙ. මේ කොහෙවත් යන ප්‍රශ්න කතා කරන අපියි මෝඩයො වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සේ ලංකාවේ ජනී ජනයා, රටේ එළිපිට සිදුවෙමින් තියෙන නොසන්ඩාල ක්‍රියාකාරකම්වලට එරෙහි වෙනවා වෙනුවට, රටේ අනාගත පරම්පරාවට වැලේ වැල් නැතිවෙන දිසාවට තල්ලු වෙනකම් යස අගේට කටපියන් ඉන්නවා සේම , ඇතැමෙක් බහුබූත කියමින් තව තවත් පරිහානිය වේගවත් කරමින් සිටි. වඩාත් අප්‍රසන්න කාරණයනම් යමෙකු වෙන හානිය කරුණු කාරනා සහිතව පෙන්නා දුන්නත්, කිසි වැඩකට නැති, නොගැලපෙන කරුණු ඇදබාමින් පාරම්බාන ගොන් සිංහල තක්කඩින්ට ප්‍රති උත්තර දෙන්න සිදුවීමයි. සබැ සතුරන් අප සමගයි. එවුන් වෙනුවෙන් මහන්සි වෙමින් වැදගත් මොන යමක් වත් කරලා ඇති වැඩක් තිබේද ? උන්ට කෙලවෙලා යන්නම ඉඩ ඇර ඉන්නවා හැර.

      Delete
    2. අවුලක් නෑ……. අපේ ආණ්ඩුවේ කෙනෙක් නිසා දඩුවම් කල යුතු නෑ.
      අපේ ආණ්ඩුවේ කුඩු එතනෝල් කාරයෝ නෑ.

      අජිත් ධර්මකීර්ති ප්‍රමුඛ;

      - නෙලුම් යායේ අපි

      Delete
  13. UNP ආණ්ඩු දැකල තියනවා. මේ තරම් සවුත්තු UNP ආණ්ඩුවක් දැකල නෑ.
    බොරුවට "යහ පාලනය" කියල හිටියට මුන් අමු කම්බ හොරු.

    ReplyDelete
  14. රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොකෙන් කිලෝ 3,230ක වටිනාකම රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පවසයි.
    තියනව ඕන තරම් උසාවි. නමුත්….???

    ReplyDelete
  15. ලංකාවේ මාද්‍ය හැසිරෙන ආකාරය තල් අත්තට ගලක් වැටුණු සද්දයට බියවූ හාවා ගේ කතාව අවසානයේ ලෝකය පෙරළෙනවා යයි සියලු සතුන් බියවැද්දී කඩා බිඳගෙන දිවයාමට සැලැස්වීම දක්වා පැතිරවීමට නොදෙවෙනිය.

    කොකේන් ලංකාවට කවුරුවත් ගෙන්වන්නේ නැත. මේ අසත්‍ය කතා, ප්‍රචාරය කර රටේ ජනතාවට පුන්නක්කු පෙවීමට මේ රටේ සියලු ජනමාද්‍ය අතිදක්ෂය.

    කොකේන් ලංකාවට කවුරුවත් ගෙන්වන්නේ නැත්නම් ලංකාවට කොකේන් එන්නේ කොහොමද?

    මත් ද්‍රව්‍ය අතර අධිකම මිලකට අලෙවි වන කොකේන් සඳහා වෙළඳපොල යුරෝපයයි. වෙනිසියුලාවේ හා බොලිවියාවේ නිෂ්පාදනය වන කොකේන් ස්පාන්ඥ්ඥය හා පෘතුගාලය හරහා යුරෝපය පුරා පැතිර යයි. නමුත් මේ රටවල් මෙම මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දැඩි පියවර ගෙන තිබෙන නිසා කොකේන් මාෆියාව නව ක්‍රම භාවිතා කරයි. එයින් එක් ක්‍රමයක් වන්නේ බ්‍රසීලයේ නිෂ්පාදිත සීනි රැගත් ආසියාව පුරා යන නැව් මේ සඳහා යොදාගැනීමය. මේ නැව් ආසියාවට එන දීර්ඝ ගමනේදී පෘතුගාලය පැය කිහිපයකට නතර කෙරෙන අතර එම කාලපරාසය ප්‍රයෝජනයට ගන්නා කොකේන් ජාවාරම් කරුවෝ සීනි කන්ටේනර් වල දොර නැවේදීම විවුර්තකර කොකේන් බා ගැනීමට කටයුතු කරයි. යම් හෙයකින් නැව ඒ කාර්ය සඳහා ප්‍රමාණවත් කාලයක් පෘතුගාලයේ නොරැදුනේ නම් කොකේන් අවසන් වන්නේ ගනමන්තයේය. සීනි වල ගමනාත්තය කොළඹ වරයා නම් ඒ කොකේන් ගනමන්තය වන කොළඹටම පැමිණෙයි.

    සීනි ලංකාවට ආනයනය කරන සමාගම් මේ ජාවාරමට කොහෙත්ම සම්බන්දයක් නැත. අසත්‍ය තොරතුරු ජනතාවට වාර්තා කිරීම බරපතළ වරදකි.

    ඕනෑම ජරාවක් කිසි වග විභාගයකින් තොරව වාර්තා කරන, කුණු වූ දෙසපළුවන් පස්සේ යමින් රටම ගොනාට අන්දන, ජනතාව රවටන ජනමාධ්‍යය, ප්‍රථමයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් හෝ රේගුවේ වගකිවයුතු නිලධාරියකුගේ කරුණ විමසා සත්‍ය වාර්තා කල යුතුව තිබිණ.

    ReplyDelete