Tuesday, July 18, 2017

තුන් බෑ ජටිල කතා වස්තුව




නෝනාවරුනි, මහත්වරුනි, අයියේ අක්කේ, නන්ගියේ මල්ලියේ, සරස තුමා අද ඔබ අමතා කතා කරන්නේ හෙල සමාජ ජාලා භාවිතයේ හැසිරවීම සහ අධිපතිවාදය අරමුණු කරගත් පඟර නැට්ටන් තුන් දෙනෙකු ගැනයි.

මේ තුන් දෙනාම ශ්‍රී ලාන්කික විසිල් සමාජයේ පතාක යෝදයන් ය. අන්තර්ජාල, විදුලි සන්දේශ සහ නැගී එන තාක්ශනය පිලිබඳ ඔස්තාද් ලා ය.

මේ තුන්කට්ටුවේ නායකයා ශ්‍රී ලාන්කීය විශ්ව විද්යාලයක විද්‍යා පීටයක ඉගෙන උපාදිය සම්පූර්ණ කිරීමට පෙර ටිකට් කපා ගත්, පසුව නීති විද්යාලයෙන් සමත් ව මුල් උපාදිය නැතිව පශ්චාත් උපාදි ලබාගත් හාදයෙකි. මොරටුව විශ්වවිද්යාලේ සම්මානිත මහාචාර්‍ය වරයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. මොරා හී නී
තිය උගන්නවාදැයි සරස තුමා නොදනී!! 

විදේසයක සිට රැකියාවක් හොයාගෙන මන්ගල සමරවීර හරහා ලන්කාවට පැමිනි මේ හාදයා හැම ආන්ඩුවකම කකුලක් තියා ගෙන සිටිනා ශ්‍රී ලන්කා සිවිල් සමාජ පොරකි.

නව තාක්ශනයේ ආදි කතෘ ලෙස පෙනී සිටිනා අනෙක් හාදයා පරිගනකය කියා එකක් තියෙනවාය ඒක ෆුල් මාවලස් ය ආදී වශයෙන් ඉන්ග්‍රීසි සඟරා වල පල වූ තාක්ශන කතා සින්හල පත්තර වලට පරිවර්තනය කර සමාජයේ පොරක් වූවෙකි. උසස් පෙල ලයිට් කණු හතර නිසා විශ්ව විද්‍යාල අද්‍යාපනය නොලැබුවද, පරිගණක විද්යා තාක්ශණය පිලිබඳ උපාදිදාරී ඉන්ජිනේරුවන්ටත් තාක්ශනය කියමින් විද්‍යා ප්‍රබන්ද කියා දෙන උපදේශන මන්ඩල වල කරක් ගසමින් නැති දැනුම බෙදා දෙන්නෙකි. හන්දියක් හන්දියක් ගානේ "ගරු සරු නැති සමාජයක්" බිහි කරනා ආකාරය ගැන කියා දෙන්නෙකි. 

තුන්වැන්නා ද අනෙක් දෙදෙනාට ම ගැලපෙන ඉන්දියාවෙ ඉන්ජිනේරු උපාදිය ලැබුවෙකි. සයිටම් දොස්තරලා ට ඉස්පිරිතාල නොලැබෙන්නා සේ ඉන්දියානු ඉන්ජිනේරුවන්ටත් ජොබ් නැ
ති ලන්කාවේ ඇන් ජී ඕ වල පිහිනමින් ගානක් කපා ගන්නෙකි.

තමන් හට නැති ගරු සම්මාන අනෙකුන් හටත් නැති කිරීමට දිවුරා ශපත කරගෙන සිටිනා මේ තුන් බෑ ජටිලයෝ, තමන් හට පිලිගත් අද්‍යාපනයක් නැති නිසාම පිලිගත් අද්‍යාපනයක් නොලද්දන් තමන් ගේ ගෝලයන් ලෙස බඳවාගෙන සින්හල සමාජ ජාලා හසුරවති. රාජපක්ශ භීතිකාවෙන් පෙලනා මොවුන් පසුගිය චන්ද කාලවලදී ක්‍රියා කල ආකාරය ජුගුප්සාජනකය!
පසුගිය මල්ලෙපොල් වියුනු සටහනට එක් වූ ආලෝචනයක් මෙහි පල කරන්නේ මේ තුන් බෑ ජටිලයන් ගැන තවදුරටත් කරුනු කාරනා කියාදීමට ය!

1/2

බළලුන් ලවා කොස් ඇට බාවන දෙබිඩි තුන් කට්ටුව

අතිගරු සරසතුමනි,

ඔබතුමා ඉතා වැදගත් මාතෘකාවක් කතිකාවට ගෙන ඇත. බළලුන් ලවා කොස් ඇට බාවන තුන් කට්ටුවක් ගැන ලියන්නට අපි ද සිතා සිටියෙමු. තුනලංකා අපැජා වැනි මුග්ධයන් පසුපස සිට, රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය මඩ ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ඔය තුන් කට්ටුවට අයත් බව රහසක් නොවේ. පසුගිය සමයේ තුනලංකාවේ කමෙන්ට්ස් අඩුවන විට බ්ලොග්කරුවාට වඩා කලබල වූයේ තුන්කට්ටුවය. එක් අයෙක් තුනලංකාවේ එට්කා පච ලිපියක් කවදාවත් නැතිව මහ රූ යාමයේත් රීට්වීට් කළේය. ‘උද්දච්චකම අතහැර සරසා වගේ පාඨකයන්ට ගෞරව කරපිය’ යන දැඩි අවවාදය තුනලංකා අපැජාට දෙන්නට තරම් තුන්කට්ටුව කලබල වී ඇත.

එකෙක් ⁣එක වැඩක් හෝ හරියට නොකළ එහෙත් හැම වැඩේටම අත ගහන උසස් පෙළවත් හරි හැටි සමත් නොවූ සැබෑ පුස්සෙකි. දැනුම සඳහා ප්‍රවේශය සීමාකාරී වූ අතීත යුගයක තානාපති කාර්යාල ආශ්‍රිත මධ්‍යස්ථානවල කැරකි කැරකී සඟරාවල පළ වූ දෑ මොහුට තේරෙන තරමට සිංහලයට නඟා අම්බලම් තීරූවලට ලියූ මොහු දැනුම මැජික් නොවන වර්තමාන යුගයේ දී අතීත කාර්යයම කර ගෙන යයි. සේපාල් අමරසිංහ සහෝදරයාගේ වචනවලින් කියන්නේ නම් මොහුගේ මූට්ටුපීස් මාස්ටර්සීස් මාට්ටුපීස් වී දැන් බොහෝ කල්ය. මොහු මේ මෑතක දී රජරට වකුගඩු රෝගය ගැන නොදන්නා කර්මාන්ත කරන්නට ගොස් නා ගත්තේය (පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් සහ සීකේඩීයූ අතර වෙනස නොදන්නා, සර් ජෝන්ට ⁣බුදුගුණ ආරෝපණය කරන්නට තතමන කැනඩා පිසියොතෙරපිස් හොර මනෝ වෛද්‍ය විශේෂඥට වඩා නම් මොහු යමක්කමක් දනියි). මොහුගේ අතීත ක්‍රියා ගැන පූර්ණ වාර්තාවක් අපි වෙන ම ලිපියක් ලෙස ඉදිරියේ දී පළ කරන්නෙමු. මොහු වීකේඑස්ට එදවස ගැසූ මඩ ගැන මතකය අපේ හිත්වල තවමත් පවතී. වීකේස් යනු මොහු වැනි නූගතකු නොවන බව ශාස්ත්‍රාලීය වියත්තු දනිති.

තවකෙක් තූත්තිකුඩියෙන් තමා ඉංජිනේරු උපාධියක් ලැබූ බව කියන මෙලෝ හසරක් හරි හැටි නොදන්නා උපන් ගෙයි හීනමානකාරයෙකි. ඒ හාදයාට ඇති පුස් සුදුසුකම ඇණ මුරිච්චි තදකිරීමේ වෝකර් මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහට වුව ඉන්දියාවෙන් පහසුවෙන් ලබා ගත හැකි එකකි. මොහු සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ සත්ගුණවත් සාධාරණ-කොටෙක් ලෙස ය. එහෙත් මොහු අන්තිම කුහක නරුමයෙකි. රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක ප්‍රධාන සැලසුම්කරුවා මොහුය. අතිගරු සරසතුමා මොහු පිළිබඳ සංවාදයක් ඇරඹීම ඉතා හොඳය. තමන් ඇටයක් නොදන්නා ඇටමික් එනර්ජි ගැන මොහු කළ කී දෑ ද කීර්තිමත් කොළඹ විශ්වවිද්‍යාලය කළ එක් ගොන්කමක් ගැන ද අප කලක සිට තොරතුරු සංචිත කර ඇත. මෙම තූත්තිකුඩි දෙබිඩ්ඩා ගැන අපි ඉදිරියේ දී ලිපි දෙකක් ලියන්නට බලාපොරොත්තු වෙමු.

අනෙකා නම් සුදුසුකම් ඇති පැරණි යාළුවෙකි. ඔහුට බුද්ධියක් ඇත. අතීතයේ දී ශාස්ත්‍රීය යමක් කතා කළ හැකි සොඳුරු සංවාදශීලී මනුෂ්‍යයෙකි. එහෙත් දැන් ඔහු වැඩ කරන්නේ සුෂුම්නාවේ පහළ කොටසෙන් පමණක් තීරණ ගැනීමෙනි. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි. විද්‍යාපීඨ පරිශ්‍රයේ සැරිසැරූ චරිත ගැන අප පෙර ද ලියා ඇත. ඇත්තටම අතිගරු සරසතුමනි, නීති ක්ෂේත්‍රය යනු අතීතයේ දී ශාස්ත්‍රීයව අනාථ වන චරිතවලට ගැලවුම් දේශයක් වැනිය (මුලින් පැවසූ සුදුසුකම් නැති අවිද්‍යා මාධ්‍ය බකපඬියාත් කාලයක් නීතිය කරන්න ගිය බව මතක් කර ගන්න). අප එසේ පවසන්නේ රෝඩ්ස් ශිෂ්‍යත්වලාභී ගාමිණි ලක්ෂ්මන් වැනි නීති ශාස්ත්‍රවන්තයන්ට ද නීතිඥ පී. ඒ. ජයකුංග වැනි වැදගත් නීති වෘත්තිකයන්ට ද නිසි ගෞරව කරමිනි. කෙසේ වෙතත් විද්‍යාපීඨ භූමියේ නොවැඩුණු ජීවය නීති විද්‍යාලයේ දී පණනල අල්ලා ගත්තේය. එය කැනඩාවේ දී අතුඉති ලා වැඩිණි. එහෙත් ඔය මහාචාර්ය පට්ටම නම් වෙනම කතාවකි. අපේ චන්ද්‍රීකා මැතිනිය සාමයේ දූතිකාව ලෙස ලක් දෙරණේ මතු වූ සමයේ මාධ්‍යයෙන් මතු කළ බුද්ධිමතුන් රෑනක් බිහි වූ බව අතිගරු සරසතුමාට මතක ඇති. ඒ වන විට එංගලන්තයට වී සර් ජෝන් බර්ට්ට බීබීසිය ගොඩ ගන්නට උපදෙස් දෙමින් සිටි (හිනාත් යනවා අතිගරු සරසතුමා මේවා ලියනකොට!) දර්ශන විශාරද වසන්තා (දේශපාලන මතය කුමක් වුණත් වසන්ත රාජා උගතෙක්), එලොව ගිහින් මෙලොව පැමිණි මහපොළ ශිෂ්‍යත්වලාභී පරණේ, යොහාන් ගල්තූන්ටත් ගැටුම් සමථනය ඉගැන්වූ ශිරාල් (ඡන්ද කෙරුවාවකට ගොස් දෑවැද්දට ලැබුණ ඉඩමත් නැති කර ගත්තා නොවැ!) ආදීන් අතර එක් අයෙකි අන්තර්ජාලය ගැන මැජික් කතා කියන්නකු ලෙස පැමිණි අප පෙර කතා කරමින් සිටි තැනැත්තා. ඇත්තෙන්ම ඔහුට සම්මාන මහාචාර්යකමක් ලැබුණේ එම රංගනයන්ට පසුව මොරටුවෙනි. එහෙත් මොහු මහාචාර්ය සුනිල් ස්ටැනිස්ලව් වික්‍රමසූරිය පන්නයේ අතිවිශිෂ්ට මහාචාර්ය චරිතයක් නොවේ (සේවාර්ජිත නැති නම් විශ්‍රාම ගෙන ගෙදර යන දාට ආපසු දීලා යන මහාචාර්ය තනතුරු ගැන අප නොදන්නවා ද කියා අපේ අතිගරු සරසතුමා දන්නවා නොවැ).
ctd…
ReplyDelete
2/2

අතිගරු සරසතුමනි, ඔය තැනැත්තාගේ දිව ඕනම පැත්තකට හොඳට නැවෙන එකකි. අඹ කාලයට අඹ ද රඹුටන් කාලයට රඹුටන් ද කීවා සේ චන්ද්‍රිකා කාලයට චන්ද්‍රිකාය; මහින්ද කාලයට මහින්දය; සිරිසේන කාලයට සිරිසේනය. 2020 වන විට මොහු මොකක් හෝ විසුළු න්‍යායක් හදා ගෙන රූපාන්තරණය වන බව අපි කැට තබා පවසමු. එතකොට ඉතිං එට්කාවේ පව් ටික සමන් කැලේගමගේ (සමන්ගේ පියා ජයන්ත පුරෝගාමී ශාස්ත්‍රවන්තයෙකු බව අතිගරු සරසතුමා දනී) අක්‍රිය ගිණුමට දාන්න බැරියැ. ඔක්ස්ෆර්ඩ් වගේ ද සයිමන් ෆ්‍රේසර්! මොහුගේ ඉන්දියානු-බංගලි වාද ගැන ලිපියක් ලියන්නේ ද නැති ද යන්න පසු ව තීරණය කරමු.

අතිගරු සරසතුමනි ඇත්තෙන්ම ඔබතුමා ද අපි ද මේවා ලියන්න අකැමැති වෙමු. ඔබතුමාට ද අපට ද මේවා ලියනවාට වඩා වෙනත් වැඩ තිබේ. එහෙත් අපේ ජන්මභූමිය වූ ශ්‍රී ලංකාවට වින කරන්නට වැඩ කරන දෙබිඩ්ඩන්ට එරෙහිව ඔබතුමා අරඹා ඇති ශ්‍රේෂ්ඨ අරගලයට දායක වීම අපගේ ඵෙතිහාසික කාර්යභාරයකි. විශේෂයෙන්ම ඔය බොහෝමයක් දෙබිඩි චරිත අතීතයේ දී අප සමීපව ඇසුරු කළ අයය. ඔවුන් බොහෝ දෙනෙකු තුළ සුන්දර මිනිස්සු සිටිති. එහෙත් අවාසනාව ඒ සුන්දර මිනිසුන් නිදි වැදී සිටීම ය.

අතිගරු සරසතුමනි, හදවතින් අප යුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ!


තුන්කට්ටුවට එරෙහිව විශේෂ බලකාය
(නිශ්චිත කාර්යසාධනය අවසන ස්ථිරවම විසුරුවා හැරේ)




මගේ කතාව මෙයින් අවසාන නොවේ.

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

41 comments:

  1. One is definitely prof rohan samarajeewa. Not sure about other two. Nalaka Gunawardana?

    ReplyDelete
    Replies
    1. ඔය හොරාන් සරමේරීව TRC එකේ ඉන්න කාලයේ ප්‍රසිද්ධ සභාවක Radio Frequencies & Microwaves ගැන කරන ලද අති බුද්ධිමත් ප්‍රකාශයකට එහි සේවය කරන ලද ඉංජිනේරුවන් කීප දෙනෙකුට හිනාව නවත්තා ගන්නට බැරුව ප්‍රසිද්දියෙම හිනා ගොස් ඇත. එතැනම යකා නටා ඇති මෙතුමා එතැන් පටන් ඔවුන්ගෙන් දෙදෙනුකුගෙන් පන්න පන්න පලි ගැනීමට පටන් ගත් නිසා ඔවුන් රට හැර ගොස් ඇත. එපමනක් නොව ඉන්ජිනේරු සංහතියටම වෛර කරමින් එම ආයතනයේ ඉංජිනේරුවන් දැරිය යුත් බොහෝ තනතුරු වලට අළුතෙන් නීතීඥයින් බඳවා ගෙන එම ආයතනය වල පල්ලටම යවන්නට කටයුතු කලේය.

      ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උසස් පෙල අසමත්ව නීති විද්‍යාලය හරහා ගොඩ ගිය උන්ය. උන්ට උසාවියක නීති කතා කරනවා තියා පොලිස් කාරයෙකුට දඩයක් ගැන කතා කර ගන්ඩවත් පනනැති උන්ය.

      Delete
    2. Anonymous July 19, 2017 at 4:54 AM

      Very true. This kind os guys are simply bulshitting, just translators of articles/ info. Available on Google. But unfortunately this country suffers from this kind of idiots since they holds the important decisive positions of the country. So sad. What a pity !

      Delete
    3. R S pretended to be an expert in mobile communication etc etc. However he happened to be a lawyer with special interest in mobile communication policy!!!

      Even today, he "advertises" himself as an Hon Prof of University of Moratuwa....

      Delete
  2. ටියුබ් ලයිට් ඕයි.
    ඔන්නොහෙ නම් තුනත් කියල දැම්මනම් මොකෝ.
    නඩු දාන්නයැ.

    ReplyDelete
  3. ලන්ඩන් හරමානිස් ඔයිට ගොඩාක් පහලින්ද එතකොට

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් හරමානිස් වනාහී කොලුගැටයන් ගේ අතකොලුවක් පමනි

      Delete
  4. එකෙක් හතරමංහන්දියෙ ගල් කොල්ල හරිද ?

    ReplyDelete
    Replies
    1. හතරමංහන්දියෙ පුස් ඇටයා ලෙස නිවැරදි විය යුතුය හිටන්!

      Delete
  5. අප්ප ඩා සුද්දෙක් තොටළඟ තොරණ බැලුවා වගේ. බලුබ් සෙට් එකයි බුදුහාමුදුරුවන්ගේ රුපෙයි විතරයි ඌට තේරුනේ.

    ජාතකකතාව පුල් අබ්ලික්. ඌ දන්නේ නැනේ ජතක් කථා සෙට් එකක් තියනවා කියලා

    ReplyDelete
  6. බට්ට වැනේ කූං කූං
    වර්ධන ගුණ කීං කීං
    ජීව සමර කෑං කෑං
    ගම වත්තේ කෝං කෝං

    ReplyDelete
  7. //උතුරු මැද පලාත් සභාවෙන්
    මරාට
    මාර පරාජය...//
    (Priyantha Hewage Maathalan - FB Status 12 hrs ago)

    සක්කිලි මරාට කෙල වේවා...! මාතලන් මැතිදුන්ට ජයවේවා..!

    ReplyDelete
  8. අනේ සරස 'තුමෝ', ගෝටා 2020 ප්‍රොජෙක්ට් එකට කල් ඇතුවම ලේස්ති වෙනවා වගෙයි. ඔය කට්ටිය වැඩ කරන්නේ අනිත් පැත්තට නිසා දැන්මම ඇරලා දැම්මහම ඉවරයි. ක්‍රමය නම් නියමයි. ඉස්සෙල්ලා මොකක් හරි පෝස්ට් එකක් දානවා. ඊට පස්සේ , අදාළ වන හරි නොවන හරි කුණු කමෙන්ට් එකක් ඇනෝ ඇවිත් දාගන්නවා. ඊළඟ දවසේ පෝස්ට් එකට අර ඇනෝ දාපු කුණු කොමෙන්ට් එක කොපි කරලා දානවා. එතකොට වැදගත් දත් දොස්තර 'මහත්මයා' (BDS PhD) කිසිම මඩ කතාවක් කියලා නෑ, ඔක්කොම කරලා තියෙන්නේ ඇනෝලා විතරයි. ක්‍රමය මරේ මරු.
    හැබැයි මට තේරෙන්නේ නැත්තේ Dr. රුවන් එක්ක තියන තරහ මොකක්ද කියලයි. එයා සෑහෙන්න accomplished ඩොක්ටර් කෙනෙක් හින්දා, තමන්ට BDS PhD තිබුනාට අනුන්ට මඩ පාර දෙන එක ඇර කරපු මහා ලොකු දේකුත් නැති එකේ, පුළුවන් තරම් අවමන් කරන එකත් ලොකු දෙයක් වගේ පෙනෙනවා ඇති. හොඳයි, හොඳයි, ඔහොම යන්. කුලියට කහින එකට 2020 දී ගෝටා ආවාමවත් මොනවාහරි ලැබෙයිනේ.

    ReplyDelete
    Replies
    1. තමුන්නැහේ ඔය තුන් දෙනාගෙන් කොයි කෙනා ද? තමුන්නැහේ අර දංකොටුව කටුකම්බි ස්පෙශල් කියලයි අපට හිතෙන්නේ. කසිප්පු ගඳ හරියට තමුන්නැහේගේ කමෙන්ට් එකේ.

      තමුන්නැහේගේ ඔය කැනඩා පිසියොතෙරපිස් ගැන පහුගිය කාලේ ඇති වෙන්න එළි වුණානේ. තමුන්නැහේ ඉල්ලන නිසා හෙට නැති නම් අනිද්දා අපි ඉතුරු ටිකක් දාන්නම්කෝ. දොස්තරකම කර ගන්න බැරිව විසිවෙලා ලිපිකාර වැඩේ කරපු එවුන් තමන් පර්යේෂකයන් කියද්දි හිනා යන්නේ අර සිඩ්නි ප්‍රාග්අඥයාගේ අසභ්‍ය නොවන මොකක්ද එකෙන් ආයුබෝවන්ඩ!

      මීට කාලෙකට කලින් ගුරුදේව ගම්ලත් අප සමඟ පැවසුවා එතුමාගේ පොත්වල සෝදුපත් බැලුව එකෙක් තමා ගම්ලත් සමඟ පොත් ලියූ බව තැන තැන කිය කිය යන බව. ඒ සිද්ධියේ අනික් එක තමයි නැනඩා පිසියෝතෙරපිස්ට්.

      බලාගෙන යනකොට කැනඩාව කියන්නෙත් අපතයන්ට අනාථාගාරයක්නේ. පරණෙත් කාලයක් ලැග්ගනේ එතන.

      සරසවාදී ඇනෝ බලකාය.

      Delete
    2. //AnonymousJuly 19, 2017 at 11:08 AM //

      ඉයන් ගේ කසිප්පු බීලා නිදා ගන්නෙ නැතිව, කැනඩා මනෝ කිචිස්සකයට කඩේ යන්න ගිහින් ඇර ගත්ත නේද හිටන්?


      සරසවාදී ඇනෝ බලකායට ජයෙන් ජයම වේවා!

      Delete
    3. 'බලකාය'? ඒකෙ ඉන්නෙත් ඉතින් සරස විතරම නිසා අවශ්‍ය උත්තරය දෙන්න ලේසියි නේද? ඇනෝ ඇවිත් උත්තර දුන්නම බලකායවල් එකට දහයක් හදාගන්න පුළුවන්නේ. හැබෑටම සරස, ඔහේට Dr. රුවන් එක්ක තියන තරහ මොකක්ද? නිකං අහක ඉන්න අයට කුණු කතා කියනවනම් මොකක් හරි හේතුවක් තියෙන්න එපායැ.

      අනිත් එක, තමන් ගාවට දත් ගලවන්න එන (මම හිතන අන්දමට) වැදගත් මහත්වරු දන්නවාද සරස මේ වගේ කුණු බ්ලොග් එකක් ලියනවයි කියලා?

      Delete
    4. //බලාගෙන යනකොට කැනඩාව කියන්නෙත් අපතයන්ට අනාථාගාරයක්නේ. පරණෙත් කාලයක් ලැග්ගනේ එතන. //
      සහතික ඇත්ත.
      ඇයි එතකොට කුදලේ, මිනිහත් ඉස්සර ලිව්වේ ටොරොන්ටෝවේ සිට කියල,

      Delete
    5. //
      අනිත් එක, තමන් ගාවට දත් ගලවන්න එන (මම හිතන අන්දමට) වැදගත් මහත්වරු දන්නවාද සරස මේ වගේ කුණු බ්ලොග් එකක් ලියනවයි කියලා? //

      නැචුව නැචුව කසිප්පු ඇනෝ තුමෝ...
      ඔහෙට කියන්න, මන් ගාවට ආවනේ තට්ට හාදයෙක් සිඩ්නි නුවර ඉඳන්, රස්සාවක් ඉල්ලගෙන... පවු නේද කියල හිතුනු නිසා දුන්නා රස්සාවක්... මම කාඩ් ටිකක් අච්චුගහ ගත්තා මල්ලෙපොල් බ්ලොග්කරු කියලා.... අනේ ඉත්න් මගේ ගාවට එන හැම කෙනාටම තට්ටයා අර බ්ලොග්කරු කාඩ් එක අල්ලනවනේ....ඒක තමා තට්ටයට දුන්නු රස්සාව හිටන්!

      Delete
    6. මම අහන්නමයි හිටියෙ සරස, ඔය රසික එක්ක තියන කෝන්තරේ මොකක්ද? අර එක පාරක් සරස කියන්නෙ කුමාර කළුආරච්චි බව ලියලා වෙස් මූණ ගැලෙව්ව එක ගැන ජම්මාන්තර වෛරයක් ඇතිවෙලාද? එහෙමත් නැත්නම්, ගමකින් ඇවිත් ආනන්දේ ඉගෙනගෙන දැන් හොඳ තැනකට ඇවිත් සිංහල බ්ලොග් පයනියර් කෙනක් වීම ගැන පුපුරන තරමට ඉරිසියාවක් තියනවද? මොකද, සරසට ගමෙන් ආපු අය පෙන්නන්න බෑනේ කොහොමටත්. නිකන්යැ ඒ ගොල්ලන්ට මල්ලෙ පොල් බ්ලොග් එකේදි ගං කබරයො කියන්නෙ? හැබැයි, මැදමුලන පැත්තෙනම් ගං කබරයො නෑ නේද?

      අනේ දත් දොස්තර කෙනෙක් බල්ලට ගිය තරමක්.

      Delete
    7. // මොකද, සරසට ගමෙන් ආපු අය පෙන්නන්න බෑනේ කොහොමටත්. නිකන්යැ ඒ ගොල්ලන්ට මල්ලෙ පොල් බ්ලොග් එකේදි ගං කබරයො කියන්නෙ? හැබැයි, මැදමුලන පැත්තෙනම් ගං කබරයො නෑ නේද? //


      කී බෝඩ් එක පැත්තකට තියලා ගිහින් කන්නාඩිය බලන්න "අප"කීර්තිමත් ඇනෝ!

      Delete
    8. මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.

      ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද?

      Delete
    9. // මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.

      ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද? //


      මෑන්ස් රඟපාන්නෙ ඊටන් කොලෙජ් එකේ ඉගෙනගෙන පස්සෙ ඔක්ස්ෆර්ඩ් වල ක්ලැසික්ස් රීඩ් කලා වගේ නේ....

      Delete
    10. තවත් ඔයවගේ කෙනෙක් ඉන්නවා. එයා කොළඹ නගරයේ ඉපදිලා, (මතක තියාගන්න - ගං කබරයෙක් හෙම නොවෙයි, බොහොම වැදගත් කෙනෙක්), මුල ඉඳලාම රෝයල් කොලීජියට ගිහිල්ලා, පේරාදෙනියේ දන්ත වෛද්‍ය උපාධියයි, හොං කොං විශ්ව විද්‍යාලයෙන් පීඑච්.ඩී. උපාධියයි දෙකම අරගෙනයි ඉන්නේ. දවල්ට සෙන්ට්‍රල් එකේ දත් ගලවනවා බොහොම වැදගත් දත් දොස්තර කෙනෙක් වගේ. හැබැයි ලිව්වානම් ලියන්නේ කුණු! මේක දවල් මිගෙල් රෑ දනියෙල්, නැත්නම් Jekyll and Hyde වගේ කතාවක්.

      Delete
  9. පළවෙනියා කවුද කියලා හිතා ගන්න පුළුවන් නීති මහාචාර්‍ය පට්ටමෙන්. හැබෑට අනික් දෙන්නා කවුද?

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කියවුවොත් ඔයාට තේරෙයි ගරු උදය තුමෝ!

      Delete
  10. සා රස තුමාගේ හැසිරීම මනෝ විද්‍යාත්මකව පැහැදිලි කල හැකියි.
    කොළු ගැටයා යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයේම ආදරය දිනාගත හැකි අනගි රූ සපුවක් ඇති අයෙක්.
    ඉස්කෝලෙදි ඔහු ගුරුවරියන්ගේ සහ මව්වරුන්ගේ සුරතලා වෙන්න ඇති.
    ඉතින් සා රස තුමා වගේ අයට ඊරිසියයි. එහෙම ඇතිවුන පන්ති වෛරයක් තමයි වසර 30කට පසු ඇවිස්සිලා තියෙන්නේ.

    ඒක නෙමෙයි. ඊහත තුන් දෙනා සහ වික්ටර් අයිවන් අතර සම්බන්ධයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. // ඉස්කෝලෙදි ඔහු ගුරුවරියන්ගේ සහ මව්වරුන්ගේ සුරතලා වෙන්න ඇති.
      ඉතින් සා රස තුමා වගේ අයට ඊරිසියයි. //


      හෆොයි.. මේ සරස තුමා වගේ ලින්ගික කුහකයෙක්.....

      නේද හිටන්?

      Delete
  11. තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද නිපුණතා තරගයේ අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ සම්මාන හා තෑගි බෙදා දීමේ අවස්ථාව නරඹන්නට යන්නට සිදු වුණා, රාජකාරි අවශ්‍යතාවක් එක්ක.

    සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගොස් තිබුණේ එක වගේ ටී කමිස, කැප් තොප්පි දාපු තරුණ පිරිසකගෙන්. ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙන්නට ඇති.

    මෙහි සම්මාන හා තෑගි බෙදා දෙද්දි එක්තරා කරුණක් වෙත මගේ අවධානය යොමු වුණා. එය ජනාධිපතිගේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩිගේ සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානගේ විශේෂ අවධානයට යොමු වෙනවා නම් හොඳයි.

    සම්මාන දෙද්දි, යාන්ත්‍රික ශිල්පි, වැද්දුම්කරු, ජලනල කාර්මික වැනි කාර්මික අංශ විතරක් නෙමෙයි පරිගණක ග්‍රැෆික් නිර්මාන, දෘඪාංග වැනි ශිල්පයන් සම්බන්ධයෙනුත් පළමු, දෙවන, තෙවන ස්ථාන සියල්ල දිනා ගත්තේ පිරිමි සිසුන්.

    සිසුවියන්ට සම්මාන ලැබුණේ කොණ්ඩා මෝස්තර, ඇඳුම් මැසීම, හෙද සහායක වැනි ක්ෂේත්‍රවල විතරයි.

    බොහෝ දෙනෙකුට මේ ගැටලුවේ තිබෙන දේශපාලනය ග්‍රහණය වන්නේ නැහැ. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ ශ්‍රම විභජනයේ මූලික ලක්ෂණයක්.

    ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 35ක්වත් ශ්‍රම බලකායෙ නැහැ. ඒ කියන්නෙ රැකියා කරන්නෙ කාන්තාවන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙකු පමණයි.

    රැකියා කරන කාන්තාවනුත් වැඩිපුර යොමු වෙන්නෙ ගුරු වෘත්තිය, ලිපිකාර සේවය, හෙද සේවය, වෛද්‍ය වෘත්තිය, කාර්යාල කටයුතු වැනි රැකියාවලටයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවා කාන්තා සේවා නියුක්තිය අවමයි.

    වර්තමානය වන විට විශ්වවිද්‍යාලවල ඉංජිනේරු හා අලුතෙන් පටන් ගත් තාක්ෂණ පීඨ හැර අනෙක් සියල්ලේ ම සිසුන් අති බහුතරය කාන්තාවෝයි. ඒ වගේ ම අධ්‍යාපන විද්‍යා පීඨවල කාන්තාවන් ප්‍රතිශතය සියයට 80කට වැඩියි.

    කාන්තාවන් තාක්ෂණික අංශයේ රැකියාවලට යොමු නො වන්නේ ඇයි?

    හොරණ අරමනාගොල්ලේ පිහිටි මරුති සේවා මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ එක් තරුණියක් ඉතා හොඳින් මෝටර් කාර්මික රැකියාවක යෙදී සිටියා.

    කාන්තාවන් අතර ව්‍යවසායිකාවන් ප්‍රතිශතය සියයට එකටත් වඩා අඩුයි.

    කාන්තාවන් බහුතරයක් රැකියා කරන ගුරු, හෙද, ලිපිකරු වැනි රැකියා ක්ෂේත්‍රවල පවා වෘත්තීය සමිති නායකයන් වන්නේ පිරිමි.

    මා මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ දේශපාලනික කාරණාවක්. ලංකාවේ විප්ලව කරන්නට බැහැ කාටවත් මේ තත්වය වෙනස් කරන තාක් කල්.

    රටේ ජනගහණයෙන් සියයට 52ක් කාන්තාවෝ. ඒ වුණාට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට හයයි. පළාත් සභාවල සියයට හතරයි. පසුගිය කාලයේ තිබුණු පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට දෙකයි.

    ලංකාවේ නියෝජිත දේශපාලනයේ තිබෙන මේ ගැටලුව ඉතාම කටුක විදියට නිරූපණය කරන්නේ වාමාංශික පක්ෂවල වීම තරම් විහිළුවක් තවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන මේ පක්ෂ දෙකේම සත්‍ය දේශපාලන මණ්ඩල හා මධ්‍යම කාරක සභාවල එකම එක ගැහැනියක්වත් නැහැ. අනෙක් වාමාංශික පක්ෂ, කල්ලි, කණ්ඩායම්වල තත්වයත් එයමයි.

    නායකයන් සමග ඇති ලිංගික හා පවුල් සම්බන්ධතා නිසා පක්ෂවලට එකතු වන ගැහැනු ටික දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්නට මේ වාමාංශිකයන් අතර කාන්තාවන්ට තියෙන්නේ බත් තැම්බීම, තේ හැදීම, රතු කමිස මැද දීම, රෙදි මසා හෝ ටීචිං කර හෝ දරු පවුල් නඩත්තු කිරීම වැනි වාමාංශික පිරිමින් විසින් බාල වැඩ ලෙස සලකන කටයුතු පමණයි. න්‍යායික සාකච්ඡා වගේ සිරා වැඩ නම් කාන්තාවන්ට දෙන්නෙම නැහැ. එයාලට පැවරෙන්නෙ ඇවිත් අහන් ඉඳලා යන එක වගේ ඒවා විතරයි.

    හැබැයි කොටි සංවිධානය මේ අයට වඩා එක පැත්තකින් ඉදිරියෙන් හිටියා. ඒ ඔවුන් කාන්තා මිලිටරි නායිකාවන් පවා බිහි කළ නිසායි. හැබැයි අවසානයේදී වුණේ කාන්තාවන් මිනිස් බෝම්බ බවට පත් කරන එකයි.

    ඔය ඔක්කොම බොරු ය කියලා අප කියන්නේ ඒ නිසායි.

    සමාජය වෙනස් කරන්නට අවශ්‍ය නම්, වැඩ කරන ජනතාව අතර හා විශේෂයෙන් ම කාර්මික වැනි ක්ෂේත්‍ර තුළ කාන්තා සේවා නියුක්තිය ගැනත්, කාන්තා ව්‍යවසායකත්වය ගැනත් විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

    දේශපාලන පක්ෂ මුලින් ම ගැහැනුන්ට බිය නො විය යුතුයි. ඔවුන්ට වැඩියෙන් ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතුයි.

    ඔක්කොටම කලින් පූර්ණ කාලීන දේශපාලනයට මුවා වෙමින් වගකීම්වලින් ගැලවෙමින් සිටින වාමාංශික තඩි පිරිමින් රැකියාවලට යැවිය යුතුයි. ඔවුන් පුනරුත්ථාපනය වෙන්නට රැකියාවක් කරන එක ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් කරුණක් ++++++++

      Delete
    2. මෙරට කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඇති කිරීමට පැරා කර ඇති වැඩ කීපයක් පැරාගේම බ්ලොල් එකෙන් හමු වේ.


      /////// සකල විධ ලෝක ධාතුවේ ස්ත්‍රී වර්ගයාගේ විමුක්තිය තමා විසින් ම තමන්ගේ බ්ලොග් කඩමාල්ල මඟින් ම සලසා දිය යුතු බව පවසන මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරීත්වයේ ස්වභාවය කියා පාන සුවිශේෂී සිදුවීම් කීපයක් මෙසේ සටහන් කරමු:

      1. තමා සේවය කළ පාසලේ තරුණ විදුහල්පතිනියට අනියම් සම්බන්ධයකට යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇයට එරෙහි ව පාසලේ ගුරුවරුන් උසිගන්වා පාසල් පරිපාලනය කඩාකප්පල් කිරීම (සිදුවීමට අදාළ හඬ පටය අප සතු ව ඇත).

      2. තමා සමඟ කලක් දේශපාලනය කළ තම ජීවිතය බේරා දුන් සගයෙකුගේ ප්‍රිය භාර්යාවට අනියම් යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇය පිළිබඳ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ එස්.එම්.එස්. අප සතු ව ඇත).

      3. තම ව්‍යාපාරයකට ලේඛන සහයා ලබා දුන් ස්ත්‍රියකට අසභ්‍ය ප්‍රකාශන යතුරුලියනය කරන්නට භාර දී ඇය ඒ පිළිබඳ තම නායකයාට පැමිණිලි කළ පසු ඇයගේ පෞද්ගලික ජීවිතය කඩාකප්පල් වන සේ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ ලිඛිත පැමිණිල්ල අප සතු ව ඇත).

      4. කන්තලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු ව සිටිය දී තම ශිෂ්‍යාවක සමඟත් එම ශිෂ්‍යාවගේ මව සමඟත් සම්බන්ධයක් පවත්වාගෙන යාම සහ එම තොරතුරු හෙළි වීම නිසා ශිෂ්‍යාවගේ මව කනේරු ඇට කා හෘදස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස අඩු වී ඉතා අසාධ්‍ය තත්ත්වයකට පත්වීම (සිදුවීමට අදාළ පොලිස් වාර්තාවේ සහතික කළ පිටපතක් අප සතු ව ඇත). ///////

      Delete
    3. // AnonymousJuly 20, 2017 at 2:25 AM

      තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද නිපුණතා තරගයේ අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ සම්මාන හා තෑගි බෙදා දීමේ අවස්ථාව නරඹන්නට යන්නට සිදු වුණා, රාජකාරි අවශ්‍යතාවක් එක්ක.
      //


      බොහොම වැදගත් කරුණක් ++++++++ x2

      Delete
  12. 1/2

    England Women Make the Final; Tears in Dané’s Eyes

    By Marietta van der Poorten (Malle Pol Sports Correspondent) from Bristol (GMT+1)

    England Women are through to the final of the ICC Women’s World Cup 2017, and they will, most probably, contest the mighty Aussies for the championship title at Lord's on Sunday, 23 July 2017. England Women have been unbeaten throughout the tournament, and finished the round-robin stage at the top of the points table ahead of Australia Women.

    The first semi-final between England and South Africa has just finished resulting in a two-wicket victory to England. The match was a nail-biter towards the end, and it ran into the 50th over in which England needed just 3 runs with 3 wickets in hand. However, the finishing was more intense than what the figures represent.

    Winning the toss, Dané Van Niekerk, the South Africa Women's captain, decided to bat first. When Laura Wolvaardt and Mignon Du Preez were batting superbly, a par total of 250 was well poised for South Africa Women. A shocking middle-order collapse changed the course of the innings. Du Preez was guiding the South African innings well when the last hope of supporting Du Preez, the captain Van Niekerk, got out to a brilliant stumping by Sarah Taylor. Thereafter, South Africa Women’s hope of a total of 250 had to be revised. At the end of their 50 overs, South Africa Women could only manage 218, a below-par score.

    South Africa’s inspirational captain, the bold and beautiful and brilliant Dané Van Niekerk led her team to the field to defend a below-par score against, arguably, the strongest batting line-up in the tournament. England Women dominated the chase right from the beginning with the courtesy of Sarah Taylor and captain Heather Knight. England Women were on 139 for 2 in the 32nd over chasing a target of 219 to earn a place in the final. Considering the batting-depth of England Women, nobody would expect another 80 runs in 18 overs, with 8 wickets in hand, to be a difficult task.

    South Africa Women’s champion captain had other thoughts as she produced a spectacular one-handed pickup and throw to run the dominant and dangerous Sarah Taylor out. It brought Van Niekerk’s fighters back to the game. Then, we could see one of the biggest collapses of the tournament as England Women faced a serious challenge to be in chaos, from 139 for 2 in 32 overs to 173 for 6 in 42 overs. When Katherine Brunt was bowled by Moseline Daniels as the sixth wicket, England Women still needed 46 runs in as many balls.

    Dané Van Niekerk entrusted her fast bowlers for the ultimate task of polishing the remaining lower-order, and continued with Shabnim Ismail, Moseline Daniels and Marizanne Kapp rather than bringing on her own prodigious and productive leg-breaks. However, Fran Wilson and Jenny Gun carried England so close to the victory, and the deficit was just under ten when Kapp started the 47th over. Kapp gave away just 4 runs and removed Wilson in the last delivery. Daniels bowled a good 49th over conceding only 3 runs.

    In the ultimate over, England needed just 3 runs to earn their place at Lord’s on Sunday, and they had 6 balls remaining and 3 wickets in hand to do it. The first ball of the last over bowled by Ismail resulted in a dropped-catch from Gunn to Ismail herself. The second, resulted in a single. Then, Laura Marsh was bowled in the third. When the vice-captain Anya Shrubsole walked to the centre as the number ten batsman, the equation was as simple as 2 from 3. Every South African on the field as well as outside, even thousands of miles away in South Africa, was saving the single. Ismail bowled the fourth delivery to facilitate the packed offside field, and Shrubsole hit it to the boundary only to realise that she has just taken England to Lord’s for the final of the ICC Women's Word Cup 2017.

    Cont…

    ReplyDelete
  13. 2/2

    Just as their male cricketers slumped against the ground in tears when New Zealand’s Grant Elliot hit Dale Steyn to a six in order knock out AB de Villiers’s men in the semi-final of the ICC World Cup two years ago, Dané Van Niekerk’s women slumped against the ground in tears. Tears but no shame; South Africa Women fought back from nowhere to challenge the strong England Women. They were well set for a good score but lost the tract in the middle overs to end up with below-par one. Defending just 218 against a side that bats so deep, South Africa Women should have bowled and fielded tightly and cleanly, but they did not. They did not bowl well at the beginning, and gifted away many extras. They fielded poorly, and dropped a few obvious chances. They could not make inroads into England’s middle- or lower-order until very late, and when Van Niekerk's valiant attempt opened the entrance, it was too late.

    However, Dané Van Niekerk and her teammates won the hearts of millions all over the world by their magnificent fightback, courage, and enthusiasm displayed in this tournament. It is seldom that the losers win praises more than the victors do. One instance was almost 25 years ago at SCG in Sydney, and, ironically, it was the farcical, rain-affected match between South Africa and England in the semi-final of the ICC World Cup 1992. Then, the victor was Graham Gooch’s England; the loser was Kepler Wessels’s South Africa. Now, the victor is Heather Knight’s England; the loser was Dané Van Niekerk's South Africa. Before the tournament, nobody would have fancied to put their money on South Africa to progress to the final, and surely not many would have fancied South Africa Women reaching even the semifinals. But they had already done the latter in style, and could have almost done the former if not for a few wobbles. Dané Van Niekerk will be remembered for a long time as a champion leg-spinning all-rounder and captain, and her team, as a group of great competitors.

    Heather Knight’s England Women can be challenging, at least in this tournament, even to the most formidable Australia Women well led by the superstar, Meg Lanning. It is all possible that the final at Lord’s on Sunday, 23 July 2017 will be between the arch-rivals, England and Australia. To realise that wonderful moment, Australia Women should beat India Women in the second semi-final at Derby on Thursday, 20 July 2017. The weather in Derbyshire might disturb the proceedings, but wishes and hopes for a full contest are high. We invite Dr Kumar Kaluarachchi and his anti-ETCA readership to watch and support the legendary Australia Women routing the boasting Mithali Raja, Jhulan Goswami, and the rest of the India Women.

    End.

    ReplyDelete
  14. Update from Derby

    M'tali Raj bowled by Beams! Hurrah!

    But India is progressing well. Aussies need a couple of wickets including Kaur. Aussies need to keep India well-under 250, if they are to chase down the target comfortably. The pitch is assisting slow-blowers. Not easy to chase in a crucial match.


    ReplyDelete
  15. Update from Derby

    Well played Kaur and India!

    Southern Stars (Australia Women) fought back superbly. Great effort by Alex Blackwell and Elyse Villani; really proud of the fightback. Well done, girls! It was a rare bad day for the champions. Genuine champions are not decided on a single day's performance, and the Southern Stars are the true champions and the legends.

    Catch you all, the blokes down their in Sri Lanka, on Sunday, 27 July 2017. The final of the ICC Women's Word Cup 2017 at Lord's. Until then Bye Bye from East Midlands.

    Marietta from Derby

    ReplyDelete
  16. සතොස ගබඩාවකට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 218 පසුපස පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඔහුගේ සහෝදරයෙක් සහ සහචරයන් සිටින බවට පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

    විල්පත්තු වන විනාශය පසුපසද සිටින්නේ මෙම පිරිසම බවද උන් වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.

    පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති.

    https://youtu.be/E8kvECVqzmI

    ReplyDelete
  17. මෙරට සංචාරයක යෙදුනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවන් බැලීමට යාම ගැන තමන් දන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී සදහන් කර ඇත.

    මාධ්‍යවේදීන් විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප‍්‍රශ්න කරනු ලැබීය.

    https://youtu.be/Cbra9Rp-O9k

    ReplyDelete
  18. සරස කාලයක් තිස්සේ ලංකාවේ ජනී ජනයා, රටේ එළිපිට සිදුවෙමින් තියෙන නොසන්ඩාල ක්‍රියාකාරකම්වලට එරෙහි වෙනවා වෙනුවට, රටේ අනාගත පරම්පරාවට වැලේ වැල් නැතිවෙන දිසාවට තල්ලු වෙනකම් යස අගේට කටපියන් ඉන්නවා සේම , ඇතැමෙක් බහුබූත කියමින් තව තවත් පරිහානිය වේගවත් කරමින් සිටි. වඩාත් අප්‍රසන්න කාරණයනම් යමෙකු වෙන හානිය කරුණු කාරනා සහිතව පෙන්නා දුන්නත්, කිසි වැඩකට නැති, නොගැලපෙන කරුණු ඇදබාමින් පාරම්බාන ගොන් සිංහල තක්කඩින්ට ප්‍රති උත්තර දෙන්න සිදුවීමයි. සබැ සතුරන් අප සමගයි. එවුන් වෙනුවෙන් මහන්සි වෙමින් වැදගත් මොන යමක් වත් කරලා ඇති වැඩක් තිබේද ? උන්ට කෙලවෙලා යන්නම ඉඩ ඇර ඉන්නවා හැර?

    ReplyDelete