Wednesday, August 2, 2017

මම දන්නෙ නෑ... මට මතක නෑ....




කිතුල් ගහට ගිය එකා කීවේ තනකොල කපන්න ගහට නැග්ග බව ය. තනකොල නැති නිසා බිමට බැස්ස බව ය.

මොනාර්ක් නම් කිතුලට ගිය හිටපු මුදල් ඇමති රවී කරුනානායක කියන්නේ එයා දන්නෙ නැතිය, එයාට මතක නැතිය කියලා ය.

මේ අවන්ක රවී තුමා ගෙන් මහින්දානන්ද තුමා පාලිමේන්තුවේදී, රවී ඔයා ගේ ගෙට බදු ගෙවන්නේ ඇලෝසියස් නේද කියා ඇසූ විට ගෙදර ගොහින් හාමිනේ ගෙන් විමසා බැලූ කල ඇත්ත එලි වූ බව ද එදිනම ඒ බදු මුදල
ඇලෝසියස් තුමාට යවා රිස්ට් පතක් ලබා ගත් බවද ඊයේ හෙලි විය.

රවී තුමාගේ ගෙදර විස්තර එතුමාට වඩා මහින්දානන්ද තුමා දන්නේ කෙසේදැයි මේ වේලේ කවුරුහරු පඟර නැට්ටෙකු අසන්නට ඉඩ ඇතැත්, එවැනි කඩප්පුලි කතා වලට උත්තර නොදීම අපගේ යුතුකමකි.

 සත්‍යවාදී රවී තුමාට අනුව එතුමා ට කරදර කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ය. එහි උප නීතිපති දප්පුල ලිවේරා මැතිතුමා අසන ලද ප්‍රශ්න වලින් අහින්සක රවී තුමා අසරණ වී ගොස් ඇත.
හොරකමක් වත් නිදහසේ කරන්න බැරි රටකින් ඇති වැඩේ මොකක්ද ඕයි?

 

50 comments:

  1. සරසා තුමෝ,

    //කිතුල් ගහට ගිය එකා කීවේ තනකොල කපන්න ගහට නැග්ග බව ය. තනකොල නැති නිසා බිමට බැස්ස බව ය.//

    කොහොමද වැඩේ ඔබ තුමා කිව්ව දේ උනාද ? ගොඩක් අය බලන්හිටියේ රවී ලොක්ක මස්කඩේ කොක්කේ එල්ලනකල්, ඊයේ මම කිව්වා නේද ඩේසි අර්ච්චිහේ මැණික් මල්ලට උන දේ වෙයි කියල.

    අනේ මන්ද සරසා තුමා ඔබතුමාට මේ දේසපාලුවෝ ගැන කවද තේරුම් යයි ද කියල I DON'T KNOW WHY

    ReplyDelete
    Replies
    1. රවිය ගැනිවයි ළමයවයි පාවල දීලා අදට බේරුනා, බලමුකෝ හෙට මේ දෙන්නාව කොමිසමට ගෙන්නපුවාම!

      Delete
    2. //
      අනේ මන්ද සරසා තුමා ඔබතුමාට මේ දේසපාලුවෝ ගැන කවද තේරුම් යයි ද කියල I DON'T KNOW WHY //

      ගරු ලන්කා සිතිවිලි තුමෝ,

      මේ ජනාදිපති කොමිසම් ව්‍යායාමයේ මූලිකම අරමුණ කැබිනෙට්ටුවේ දී චක්කිලි සොරිසේනට ට පාට් දාපු චන්ඩින් ගේ දේශපාලන ප්‍රාග්ධනය නැති බන්ගස්තාන කිරීමයි.

      චන්ද්‍රිකා රනිල්ට බටලන්ද කොමිසම දාලා කලේ ඒකයි...

      මේක දේශපාලන ව්‍යන්දභාවය ඇති කිරීමයි!

      ඊයේ එය අගේට සිදු වුනා. අනික රවී තුමා ගේ සාක්කි තාම ඉවර නෑ.

      Delete
    3. // AnonymousAugust 2, 2017 at 10:48 PM

      රවිය ගැනිවයි ළමයවයි පාවල දීලා අදට බේරුනා, බලමුකෝ හෙට මේ දෙන්නාව කොමිසමට ගෙන්නපුවාම! //


      අනිවා!

      Delete
    4. සරස සහ ලාංකික සිතුවිලි,

      සරසගේ පාසැලේ ගරු ආදි ශිෂ‍ය රනිල් ලොක්කා කොහොමද රවීට අස්වෙන්න කියන්නෙ? රනිල් කියන්නෙ දැන් ඇදිල තියෙන බොන්ඩ් ලොතරැයියෙ මහ මොළකරු. රවීට ඇදුනෙ සැනසිලි ත්‍යාගයක් විතරයි. මෙව්වා එලියට ඇවිත් රජයේ නීතිඥ්ඥයාට ගටක් ඇවිල්ලා තියෙන්නෙ ඊනියා යහපාලන ප්‍රතිපත්ති නිසා නෙවෙයි, මේ වන විට විපක්ෂය සහ ආන්ඩු විරෝධී/ දූෂණ විරෝධී ජනතා බලවේග ඉතාම ශක්තිමත් නිසාත් අනෙක් අතින් රනිල් සහ සිරිසේන ප්‍රධාන පක්ෂ දෙකක් නිසාත් .

      ඕක සිරිසේනගෙ ආණ්ඩුව හරි, රනිල්ගෙ ආණ්ඩුව හරි වුණානම් ඔය නීතිඥ්ඥයා මෙලහකට ගෙදර. මතක නැද්ද මරාගෙ කාලෙ බැසිල එක්ක කොකු දාගත් ශිරාණි බණ්ඩාරනායකට වුණු සිද්දිය?

      රාජපස්සලා කාලා ඉතුරුවෙච් තැන ඉඳලා, සිරිසේන රනිල් වේගයෙන් ඊටත් වඩා වේගෙන් කාගෙන යනවා.

      ලංකාවෙ මිනිස්සු යම් පිරිසක් බෙදිලා එක එකාට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යනවා. මරාගේ ගොන් වහල්ලුන්ට වත් යූ.එන්.පී අමුම අමු මැටි මීහරක් රැලටවත් තේරෙන්නෙ නෑ මුන් කවුරු කෑවත් ඒ උන්ගෙ බදු සල්ලි කියලා.

      ඇත්තටම ලාංකික ඔබ එදා පැවසූ බදු ක්‍රමය තමයි ප්‍රධාන වරද. එනම් ඒකට හේතුව සෘජු බදු ගෙවන්නෙ ඉතා සුළු පිරිසක් නිසා. වෙන රටවල වගේ පඩිය දෙනකොටම ආදායම් බද්ද කපා ගත්තානම් හරි, අවුරුද්ද අන්තිමට ආදායමට ගෙවන Tax Statement එව්වා නම්, ඔය දේසපාලුවන්ට කඩේ යන්නෙ රස්සාවක් නැති හොයාගන්නත් බැරි වැලේ වැල් නැති උන් විතරයි. හැබැයි දේශපාලුවන්ට එතකොට පිරිස් බලය අඩුවෙන නිසා උන් කිය කිය හිටියට කරන්නෙ වෙන හත්වලාමක්. නොදෝමකින් !

      Delete
    5. lankika Situili

      ///වැඩිපුර අත්තිකාරම් මුදල් ගෙවා තිබුණු බැවින් වැඩිදුර තවත් දෙමසක් ඔවුන් එහි ගත කළ අතර එම නිවස මිලදී ගැනීමට කරුණානායක බිරිදට අවශ්‍ය විය . අවසානයෙදී රු. මිලියන් 165 කට ගණදෙනුව කතා කරගත් අතර සෙලාන් බැංකුවෙන් රු.මිලියන 150 ණය මුදලක් ලබා ගත් ඔවුහු එම මුදලින් නිවස මිලදී ගත් අතර වාරික 15 කින් බැංකු ණය මුදල ගෙවීමට එකඟ වී තිබුණි . නිවස කුලියට දී ලැබෙන මුදල බැංකුවට හරවන බවට පොරොන්දු වී තිබුණු නමුත් නිවස කිසිවෙකුට කුලියට නොදී කරුණානායක පවුල පදිංචිව සිටි බැවින් බැංකුවට ණය වාරික ගෙවන්නේ කෙලෙසදැයි යන ප්‍රශ්නය මතු විය .

      මේ පිළිබඳව සමාගමේ මුදල් කළමනාකරු වූ සින්නය්යා මහතා රවිගේ දුවක් වූ ඔනෙලා ගෙන් විමසු විට ඇය උපදෙස් දී ඇත්තේ සමාගමේ සේප්පුවේ තිබෙන මුදල්වලින් වාරික ගෙවන ලෙසය.

      සේප්පුවට මුදල් ලැබුණු ආකාරය බැඳුම්කර කොමිසම ඔහුගෙන් විමසු විට ඔහු කියා සිටියේ සමාගමේ සභාපතිවන ලක්ෂ්මි කාන්තන් බ්‍රිතාන්‍යයේ සිටින බවත් ඇය විසින් දෙවරකට රුපියල් මිලියන 145 ක් ගෙනවුත් සේප්පුවට දැමු බවය.

      මෙම මුදල ඇයට ලැබුනේ කෙසේදැයි කීමට ඔහු නොදැන සිටි අතර සමාගමේ පොත්පත් වල එම මුදල් පිළිබඳව සටහන් කොට නැති බවද ඔහු කොමිසමේ ප්‍රශ්නකිරීම් වලට පිළිතුරු ලෙස කියා සිටියේය.//

      Can you kindly explain this? I don't know much about finance & related laws.

      How could a person bring Rs. 145,000,000 as cash and keep it in a small safe? Please explain this since I feel crazy after reading this, my bad.

      Delete
    6. // වෙන රටවල වගේ පඩිය දෙනකොටම ආදායම් බද්ද කපා ගත්තානම් හරි, අවුරුද්ද අන්තිමට ආදායමට ගෙවන Tax Statement එව්වා නම්, ඔය දේසපාලුවන්ට කඩේ යන්නෙ රස්සාවක් නැති හොයාගන්නත් බැරි වැලේ වැල් නැති උන් විතරයි. හැබැයි දේශපාලුවන්ට එතකොට පිරිස් බලය අඩුවෙන නිසා උන් කිය කිය හිටියට කරන්නෙ වෙන හත්වලාමක්. නොදෝමකින් ! //

      +++++++++++

      Delete
    7. //
      How could a person bring Rs. 145,000,000 as cash and keep it in a small safe? Please explain this since I feel crazy after reading this, my bad. //

      Mr Chinnaiah, CFO of Ravi K's logistics business says that Mr akshmi Kanthan (relative of Emil Kanthan???) brought that money in Rs 5000 notes, in two traveling bags!

      Delete
    8. AnonymousAugust 3, 2017 at 2:38 AM,

      //රාජපස්සලා කාලා ඉතුරුවෙච් තැන ඉඳලා, සිරිසේන රනිල් වේගයෙන් ඊටත් වඩා වේගෙන් කාගෙන යනවා.

      ලංකාවෙ මිනිස්සු යම් පිරිසක් බෙදිලා එක එකාට රෙදි නැතුව අමු හෙලුවෙන් කඩේ යනවා. මරාගේ ගොන් වහල්ලුන්ට වත් යූ.එන්.පී අමුම අමු මැටි මීහරක් රැලටවත් තේරෙන්නෙ නෑ මුන් කවුරු කෑවත් ඒ උන්ගෙ බදු සල්ලි කියලා.


      වෙන රටවල වගේ පඩිය දෙනකොටම ආදායම් බද්ද කපා ගත්තානම් හරි, අවුරුද්ද අන්තිමට ආදායමට ගෙවන Tax Statement එව්වා නම්//

      මේන්න නියම ඇත්ත. කනගාටුවට කරුණ මේක මිනිස්සු දෙතුන් දෙනෙකුට වඩා තේරෙන්නේ නැති එකයි.

      AnonymousAugust 3, 2017 at 2:43 AM,

      //
      Can you kindly explain this? I don't know much about finance & related laws.

      How could a person bring Rs. 145,000,000 as cash and keep it in a small safe? Please explain this since I feel crazy after reading this, my bad.

      //

      Its so funny I had a experience few years back transferring little more than 1 million rupees, had to answer central bank even for legitimate transaction but when it come to these people without any legal problem they can fool the system

      Delete
    9. Anthony Emil Lakshmi Kanthan කියන්නේ එමිල් කාන්තන්ගේ නියම නම. මේ කියන ලක්ශ්මි කාන්තන් කියන්නේ අර කියන එමිල් කාන්තන්මද?

      Delete
    10. // Aruna PereraAugust 3, 2017 at 4:01 AM

      Anthony Emil Lakshmi Kanthan කියන්නේ එමිල් කාන්තන්ගේ නියම නම. මේ කියන ලක්ශ්මි කාන්තන් කියන්නේ අර කියන එමිල් කාන්තන්මද? //

      ඒ අඹ ගස සහ මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද?

      Delete
  2. Finance minister of the Year, Asia-Pacific

    Ravi Karunanayake, Sri Lanka

    Ravi Karunanayake has won the Finance Minister of the Year award for Asia-Pacific for his efforts to steer Sri Lanka into a new era of economic reform and a change of mindset. Crucially, Mr Karunanayake secured a $1.5bn International Monetary Fund (IMF) loan programme that the country needed to avoid a balance of payments crisis, replenish reserves and rebuild confidence among international investors.

    “We were not desperate to go to the IMF. But [to others], securing an IMF loan [is a mark of] financial discipline, so our prime objective was achieved. We wanted to show that it is best to have abundance of prudence,” says Mr Karunanayake.

    Sri Lanka’s latest bond issues in the international capital markets suggest Mr Karunanayake has indeed reached his objective. In 2015, the sovereign issued a $1.5bn dual-tranche note – its largest since 2007. A year later, it printed a second bond of the same size, with order books of $6.6bn, despite market volatility after the UK voted to leave the EU.

    In line with the IMF programme, Sri Lanka is also working towards fiscal consolidation. Sri Lanka’s budget deficit has dropped from 7% when Mr Karunanayake took office in January 2015 to 5.6% in 2016 – just below expectations.

    After a visit in September 2016, the IMF said Sri Lanka’s tightening of fiscal and monetary policies has been effective and that it met the IMF programme’s targets through to the end of June 2016.

    Meanwhile, Sri Lanka’s total government revenue grew from SLRs1195bn ($8bn) in 2014 to SLRs1455bn in 2015. Tax revenue rose from SLRs1050bn to SLRs1356bn in the same period. This is crucial for Sri Lanka, which has a very low tax revenue-to-gross domestic product ratio.

    To raise tax revenue further, parliament has passed a bill to increase value-added tax from 11% to 15%. Mr Karunanayake is also keen to continue simplifying the tax system as well as change people’s mindset towards taxes.

    “We have inculcated in the minds of the people that paying taxes is not something bad, but a must for the country. Every person needs to pay a reasonable charge instead of relying on the government for everything,” he says. As a result, Sri Lanka’s tax records have grown from having 700,000 files in January 2015 to having 1.4 million today.

    ReplyDelete
    Replies
    1. මාලු පාන් වල මාලු නෑ
      රවී තුමා ගාව බොරු නෑ
      :D

      Delete
  3. මරාගේ වහල් බූරු දන්ගොතෝ,

    මරාගේ පල් හොර කල්ලියේ ලෝක හොරුන්ට සහ විපක්ෂයේ ජේ.වී.පී. (JVP) නොහොරුන්ට මේ දිනවල රස කෑමක් ලැබී තිබේ. ඒ රවී කරුණානායක මහතාට එල්ලබූ බොරු මඩ පහරය. මොනාක් මහල් මන්දිරයේ (Monarch Residencies) නිවසක් ඔහුගේ නෝනා සහ දුව විසින් මිලදී ගැනීම සහ එයට මුදල් යෙදවූ හැටි බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිවීම විපක්ෂය කාලකණ්ණි බූරුවන්ට ඉතා තලුමරමින්, සුප්පු කරමින් කෑ හැකි කෑමක් බවට පත්ව තිබේ. එය තවත් මාස කීපයක් යන තුරු විපක්ෂය විසින් රස කරමින් කන බවට සැකයක් නැත.

    මේ නිසා විදේශ ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට එන ලකුණු පහල වී තිබේ

    ඉහත චෝදනාවන් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට රවී කරුණානායක මහතා ඊයේ (අගෝ. 02) බැඳුම් කර කොමිසම හමුවට ගියේය. මොනාක් ගොඩනැගිල්ලේ නිවසක් මිලදී ගෙන තිබෙන්නේ තමන් නොව තම බිරිඳ සහ දුව බවත් තමන් එයට සම්බන්ධ නැති බවත් තමන් ඒ පිළිබඳව කිසිවක් දන්නේ නැති බවත් ඔහු කියා තිබේ . පර්පෙචුවල් සමාගම දුන් මුදල් ඔවුන්ට ආපසු දුන් බවත් ඊට අදාළ රිසිට් පත් ඉදිරිපත් කළ හැකි බවත් ඔහු කොමිසමට ඉතා පැහැදිලිව වැඩි දුරටත් කියා තිබේ..!

    ReplyDelete
    Replies
    1. මොනාක් මන්දිරයේ නිවසක් රවී පවුලේ අය මිලදී ගැනීම පිලිබඳ හුටපටය දැනගැනීමට මරාඅවාදීන්ගේ බොරු මඩ ප්‍රචාරවලට රැවටුන මැදහත් පාඨකයන් රුචියෙන් සිටින බවට සැකයක් නැත . එබැවින් ඒ පිළිබඳව කෙටියෙන් ලිවීම උචිතය.

      මොනාක් මහල් නිවාස මන්දිරය තිබෙන්නේ කොල්ලුපිටියේය . සල්ලි තිබේනම් ඔබටද එහි නිවසක් කුලියට හෝ සින්නක්කරව අයිති කර ගත හැකිය . එහි වෙබ් අඩවියට අනුව නිදනකාමර දෙකක් සහිත නිවසක මසක කුළිය රු. 250,000 සිට රු. 300,000 පමණි.

      විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතාට විශාල නිවසක් කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයේ තිබේ . එහි අලුත්වැඩියා කටයුතු කරන කාලය තුළ නැවතී සිටීම සඳහා ඔහුගේ පවුලේ අය කොළඹින් නිවසක් සෙවූ අතර මොනාක් රෙසිඩන්සිස් නමැති තරු පහේ පහසුකම් තිබෙන බව කියන මහල් ගොඩනැගිල්ලේ නිවෙසක් බද්දට දීමට තිබෙන බව ආරන්චි විය . අයිතිකරු වුයේ ව්‍යාපාරික කාන්තාවක් වන අනිකා විජේසුරියය. ඇය එහි නිවාස දෙකක් මිලදී ගෙන එම නිවෙස් දෙක එකක් බවට පත්කොට වැඩි දියුණු කර තිබිණ .

      නිවෙස බැලීමට රවිගේ බිරිඳ පැමිණි අතර ඇය එහි සිට දුරකතන ඇමතුමක් දී කවදත් තම පවුලේ සමීප හිතවතෙක් වූ අර්ජුන් ඇලෝසියස් මහතා ගෙන්වා ගත් අතර දෙදෙනා සමග නිවසේ ඇවිද බලා ගණන් හිලව් කතා කොට ගත් අතර ඇගේ අතේ එවිටම ගෙවීමට මුදල් නොවූයෙන් පසුව අර්ජුන් ඇලෝසියස් මහතාගේ චෙක් පොතකින් පර්පෙචුවල් සමාගම රු. මිලියන 7.3 චෙක් පතක් සහ මුදලින් රු.14 ලක්ෂයක් අනිකා විජේසුරියට ගෙවමින් නිවස 6 මසකට අර්ජුන් අලෝසියස්ගේ නමට බදු ගනු ලැබීය . පසුව කරුණානායක පවුල 2016 ජනවාරි මාසයේදී පැමිණ එහි පදිංචි වුහ.

      වැඩිපුර අත්තිකාරම් මුදල් ගෙවා තිබුණු බැවින් වැඩිදුර තවත් දෙමසක් ඔවුන් එහි ගත කළ අතර එම නිවස මිලදී ගැනීමට කරුණානායක බිරිදට අවශ්‍ය විය . අවසානයෙදී රු. මිලියන් 165 කට ගණදෙනුව කතා කරගත් අතර සෙලාන් බැංකුවෙන් රු.මිලියන 150 ණය මුදලක් ලබා ගත් ඔවුහු එම මුදලින් නිවස මිලදී ගත් අතර වාරික 15 කින් බැංකු ණය මුදල ගෙවීමට එකඟ වී තිබුණි . නිවස කුලියට දී ලැබෙන මුදල බැංකුවට හරවන බවට පොරොන්දු වී තිබුණු නමුත් නිවස කිසිවෙකුට කුලියට නොදී කරුණානායක පවුල පදිංචිව සිටි බැවින් බැංකුවට ණය වාරික ගෙවන්නේ කෙලෙසදැයි යන ප්‍රශ්නය මතු විය .

      Delete
    2. මේ පිළිබඳව සමාගමේ මුදල් කළමනාකරු වූ සින්නය්යා මහතා රවිගේ දුවක් වූ ඔනෙලා ගෙන් විමසු විට ඇය උපදෙස් දී ඇත්තේ සමාගමේ සේප්පුවේ තිබෙන මුදල්වලින් වාරික ගෙවන ලෙසය.

      සේප්පුවට මුදල් ලැබුණු ආකාරය බැඳුම්කර කොමිසම ඔහුගෙන් විමසු විට ඔහු කියා සිටියේ සමාගමේ සභාපතිවන ලක්ෂ්මි කාන්තන් බ්‍රිතාන්‍යයේ සිටින බවත් ඇය විසින් දෙවරකට රුපියල් මිලියන 145 ක් ගෙනවුත් සේප්පුවට දැමු බවය.

      මෙම මුදල ඇයට ලැබුනේ කෙසේදැයි කීමට ඔහු නොදැන සිටි අතර සමාගමේ පොත්පත් වල එම මුදල් පිළිබඳව සටහන් කොට නැති බවද ඔහු කොමිසමේ ප්‍රශ්නකිරීම් වලට පිළිතුරු ලෙස කියා සිටියේය.

      මතුව ඇති ප්‍රශ්න මෙසේය

      * අර්ජුන් ඇලෝෂියස් මහතා මහතා රු.ලක්ෂ 87 ක් ගෙවා නිවස බදු ගෙන රවී කරුණානායක පවුලට පිනට පදිංචිවීමට ඉඩ දීමට හේතුව කුමක්ද ?

      පිළිතුර නම් එම පවුල් දෙක අතර ඇති දැඩි සමීප මිත්‍රකම එයට හේතුව බව මනාව පැහැදිලිය.

      * රවී කරුණානායක මහතා එම නිවසේ පදිංචි වූ නමුත් නිවස බදු ගැනීම සඳහා ඇලෝසියස් මහතා , ඒ ලක්ෂ 87 ක් ගෙවූ බව රවී කරුණානායක මහතා අවුරුද්දක් හමාරක් යන තුරු නොදැන සිටියේ ඇයි?

      - රවී වැනි බිලියන ගණන් මුදල් ඇති උපතින්ම ධන්වත් අයට මෙය ඉතා සුළු ගණනකි. ඔහුගේ බිරිඳ ඔහුට ඒ බව නොකීවේ ලක්ෂ 87 යනු එවැනි අයට රු 87 ක් වැනි සුළු මුදලක් යයි ඇය කල්පනා කළ බැවිනි. මරාගේ වහල් හිග්ගන්නන්ට නම් මෙය විශාල මුදලක් විය හැකි වුවත් ස්වභාවික ධනවතුන් සිටින එජාප පක්ෂයේ ඇමති කෙනෙක්ට මෙය නොගිණිය හැකි සුළු ගණනක් පමණි.

      * අර්ජුන් ඇලෝසියස් සහ රවී එකම දිනවල 13 වතාවක් සිංගප්පුරු ගියේ ඇයි?

      - මෙය හුදෙක් අහම්බයකි.

      * අර්ජුන් ඇලෝසියස් තමන්ගේ හිතවතෙකු නම් ඇමතිවරයෙකු ලෙස තව දුරටත් සිටීමට රවිට ලැජ්ජාවක් නැද්ද?

      - මරාවැනි පල් හොරුන් ඩොලර් ට්‍රිලියන් ගනන් හොරා කා අගේට සිටිද්දී රවි ලැජ්ජා විය යුතු නැත.

      * රවී පවුලේ සමාගමක සභාපති වන ලක්ෂ්මි කාන්තන් ගෙන ආ රු.මිලියන 145 කළු සල්ලිද?

      - නැත, විදෙස් ආයෝජන පමණි. ලංකාවේ මුදල් නොවන බැවින් මෙය අදාල නොවේ.

      බැඳුම් කර කොමිසමේදී රජයේ නීතිඥයා අනුකම්පා විරහිතව රවිගෙන් ප්‍රශ්න කිරීමෙන් පෙනෙන්නේ රවී බේරා ගැනීමට ආණ්ඩුවට උවමනාවක් නැති බවය. එය මරාගේ කාලකණ්ණි ආණ්ඩුවට වඩා ප්‍රබල ලෙස සාධනීය ලක්ෂණයකි.

      ආණ්ඩුවේ නීතිඥයා ආණ්ඩුවේ ජෙෂ්ට ඇමතිවරයෙකු ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමක් මෙයට පෙර මේ රටේ සිදුවී නැත . වෙනදා සිදුවන්නේ ඇමතිවරයා බේරා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමය . නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුව ඉඩ දී තිබේ.

      එය පැහැදිලිවම යහපාලන ලක්ෂණයකි . !!!

      කෙසේ වෙතත් මේ බරපතල බොරු චෝදනාව ආණ්ඩුව දෙදෙරවා තිබෙන බවට සැකයක් නැත . රවී කරුණානායක ඉල්ලා අස් නොවන්නේ නම් ඉල්ලා අස්වී ගෙදර යන ලෙස කියන්නට අගමැතිවරයා ඇතැම් විට ඉල්ලා සිටීමට ඉඩ ඇත. එසේ නොවුනහොත් ජනාධිපතිවරයා සහ අගමැති අතර නොහොඳ නෝක්කාඩු ඇතිවී යහපාලන ආණ්ඩුවේ පැවැත්මට යම් අභියෝගයක් ඇති විය හැක .

      ගිය ආණ්ඩුවේ පල් හොර මරා වැනි කාලකණ්ණි හොරු ඇඟිලි ගනිමින් බලා සිටින්නේ එම අවස්ථාව එන තුරුය. කෙසේ හෝ එසේ වීමට නොදී මෙම ආණ්ඩුව දිවිහිමියෙන් රැකගැනීම අපගේ වගකීමයි.

      Delete
    3. // AnonymousAugust 3, 2017 at 2:22 AM

      මරාගේ වහල් බූරු දන්ගොතෝ,

      මරාගේ පල් හොර කල්ලියේ ලෝක හොරුන්ට සහ විපක්ෂයේ ජේ.වී.පී. (JVP) නොහොරුන්ට මේ දිනවල රස කෑමක් ලැබී තිබේ. ඒ රවී කරුණානායක මහතාට එල්ලබූ බොරු මඩ පහරය. මොනාක් මහල් මන්දිරයේ (Monarch Residencies) නිවසක් ඔහුගේ නෝනා සහ දුව විසින් මිලදී ගැනීම සහ එයට මුදල් යෙදවූ හැටි බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිවීම විපක්ෂය කාලකණ්ණි බූරුවන්ට ඉතා තලුමරමින්, සුප්පු කරමින් කෑ හැකි කෑමක් බවට පත්ව තිබේ. එය තවත් මාස කීපයක් යන තුරු විපක්ෂය විසින් රස කරමින් කන බවට සැකයක් නැත. //


      කොස්තාපල් පුඤ්ඤසෝම ඇයි මේ පිස්සෙක් වගේ කෑ ගහන්නේ?

      Delete

    4. * අර්ජුන් ඇලෝෂියස් මහතා මහතා රු.ලක්ෂ 87 ක් ගෙවා නිවස බදු ගෙන රවී කරුණානායක පවුලට පිනට පදිංචිවීමට ඉඩ දීමට හේතුව කුමක්ද ?

      පිළිතුර නම් මතක නෑ, දන්නෙ නෑ

      * රවී කරුණානායක මහතා එම නිවසේ පදිංචි වූ නමුත් නිවස බදු ගැනීම සඳහා ඇලෝසියස් මහතා , ඒ ලක්ෂ 87 ක් ගෙවූ බව රවී කරුණානායක මහතා අවුරුද්දක් හමාරක් යන තුරු නොදැන සිටියේ ඇයි?

      - මතක නෑ, දන්නෙ නෑ

      * අර්ජුන් ඇලෝසියස් සහ රවී එකම දිනවල 13 වතාවක් සිංගප්පුරු ගියේ ඇයි?

      - මතක නෑ, දන්නෙ නෑ

      * අර්ජුන් ඇලෝසියස් තමන්ගේ හිතවතෙකු නම් ඇමතිවරයෙකු ලෙස තව දුරටත් සිටීමට රවිට ලැජ්ජාවක් නැද්ද?

      - මතක නෑ, දන්නෙ නෑ

      * රවී පවුලේ සමාගමක සභාපති වන ලක්ෂ්මි කාන්තන් ගෙන ආ රු.මිලියන 145 කළු සල්ලිද?

      - මතක නෑ, දන්නෙ නෑ

      Delete
    5. AnonymousAugust 3, 2017 at 2:22 AM @ අපූරු ප්‍රබන්ධයක්. හැබැයි කොන්ඩෙ බැදපු චීනෙක්වත් විශ්වාස කරන එකක් නෑ. 13 පාරක් සි]න්ගප්පූරු ගිය එක ,ගෑනියි ලමයයි විතරක් දන්න සප්‍රයිස් ගේ මේ සේරම අහම්බලු. හොදටම ඔළුව නරක් වුන යූඇන්පී කාරයෙක්වත් මේක විශ්වාස කරන එකක් නෑ.
      අන්තිමට කියපන් බැදුම්කර හොරකමම අහම්බයක් මට මතක නෑ කියල.

      Delete
    6. ලක්ෂ 87 කියන්නෙ මේ රටේ ජනතාවට ලොකු මුදලක් යූඇන්පියෙ බින්න බැස්ස හොරුන්ට ඒක පොඩි මුදලක් වෙන්න ඇති.

      Delete
  4. උඹ දන්නවද දන්ගොතෝ,
    අර සාර්වජනිත සේත්ර්ය කියන එක ලියන බුවාලගේ ගුරාය කියන, ඔහේගෙ සුවච කීකරු කුලී ලියන්නා වන බන්ධුවල කුදලාගම උන්නැහේ සනීප වෙලාලු හිටං.
    එහෙව් එකේ ඔය ඇපල් මිදි ටිකක් හරි ලෙමන් පෆ් පැකැට් එකක් හරි එහෙමත් නැහ්නං ගල් බාගයක් එහෙමත් නැහ්නං අඩුම තරමේ කසියා පැකැට් එකක් වත් අරං මෑන්ස්ව බලන්න පලයං බාං. කුලියට හරි උඹ වෙනුවෙන් කහින හාදයනෙ. යකෝ එව්ව යුතුකං.... බම්බුව
    ඒක නෙවෙයි උඹේ හොරි කහනවට ගෙවන කුලී ගානට අමතරව වැඩිපුර කීයක් හරි මිල මොළවලා වරෙං. වල පයයි ගොඩ පයයිනෙ හිටං. ළඟදී කජ්ජා ගහන්න ඉන්න මෑන්ස් කෙනෙකුගෙ හිත සංතෝස කරන එකත් පිනක්නෙ ඩෝ.
    උඹ ඉතිං යුතුකං නොදන්න ගස් නරියා නිසා කිව්වෙ.
    හැබැයි බැඳුම්කර වන්චාව අමතක නොකරපං මචෝ හරිය.

    මේක දැකපු ගමං කුදලෙයා හරී උගෙ ඇම්බැට්ටයෝ ටික හරි ‍මෙලෝ යකෙකුට නොතේරෙන බාසාවකිං පතරංග සයිස් කුණුහබ්බ ටිකක් හලලා යයි. පව්නෙ.. බයියොනෙ... ආසයිලුනෙ....

    ReplyDelete
    Replies
    1. Cont'd..

      මීට,

      සිරිකොත ගූ බාල්දි අදින UNP වැසිකිළි දිවෙන් ලොවා ශුද්ධ කරන

      අජිත් ධර්මකීර්ති නීලකාස පල් හොරා/ ලින්තොට සක්කිළි රදාවා ඇතුලු යූඑන්පී සක්කිලි හැත්ත,

      නෙලුම් යාය හොර ගුහාව,

      හිරිකොත

      Delete
    2. @ සරස නොහොත් දන්ගොතෝ

      ////ලින්තොට සක්කිළි රදාවා ඇතුලු...../////

      මොකද බං මේ එක එක හොරිකඩයෝ දාලා කුලවලට ගරහන්නේ.

      "නජජ්ජා වසලෝ හෝතී නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ"

      දන්ගොතයි උගෙ ඇම්බැට්ටයෝයි දෙගොල්ලම නම් පට්ට වහල් බයියන් මෙන්ම පට්ට වසලයන්ද වෙත්.

      Delete
    3. Cont'd..

      මීට,

      සිරිකොත ගූ බාල්දි අදින UNP වැසිකිළි දිවෙන් ලොවා ශුද්ධ කරන

      අජිත් ධර්මකීර්ති නීලකාස පල් හොරා/ ලින්තොට සක්කිළි රදාවා ඇතුලු යූඑන්පී සක්කිලි හැත්ත,

      නෙලුම් යාය හොර ගුහාව,

      හිරිකොත

      Delete
    4. // AnonymousAugust 3, 2017 at 2:45 AM //

      ඔහෙ නම් අනුන්ගෙන් පිනට බොන කාලකන්නියෙක් හිටන්!

      Delete
    5. විශේෂ නිවේදනයයි..........

      බ්ලොග් පොළීසියෙ “වෙන්න කොස්සා” වන

      “වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ” නොහොත්

      “ලිංතොට රදාගේ නැපයියා” වන මම

      අටෝරාසියක් ඇනෝ හන්දුරුවන් රෙද්ද ගැලවෙන ලෙස මට අපුල්ලන නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇනෝ වැසූ බව

      “සිරි - රනිලංකා පචාතාන්ත්‍රික සමරිසිවාදී ජනරජයේ”

      ජහපාලන ලැදි ජහමනතාව වෙත මෙයින් සැලකර සිටිමි.

      - වික්‍රමසිංහ වලව්වේ හපුඅපුල්ලන ලිංතොට රදාගේ නැපෝසි‌‍ඤ්ඤෝ (ලිංතොට රදාගේ නැපයියා)

      Delete
    6. සරස & Annonymous සමග එකඟ වෙමි.

      නැපෝසි‌‍ඤ්ඤෝ යනු සැලකිය යුතු පුද්ගලයකු වන අතර එවැනි පුද්ගලයන්ගේ නම අගට “අයියා” යනුවෙන් යෙදීමේ සම්ප්‍රදායක් ඇත. උදාහරණ ලෙස “අමාරිස් අයියා” දැක්විය හැකිය.

      එනිසා නැපෝසි‌‍ඤ්ඤෝ කෙරෙහි ව්‍යවහාර වියයුත්තේ “නැපෝසි‌‍ඤ්ඤෝ අයියා” ලෙසය. නමුත් පහසුව සඳහා ඇතමෙකු යොදනුයේ “නැපෝසි‌‍ඤ්ඤයියා” යනුවෙනි.

      නමුත් කාලයාගේ ඇවෑමෙන් කටවහරේ වඩාත් පහසුව සඳහා “නැපයියා” ලෙස ව්‍යවහාර වීම ස්වාභාවිකය. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස පතිරාජයන්ගේ ටෙලි නළුවක් වන “කඩුල්ලේ” වන “ලූකයියා” දැක්විය හැකිය.

      Delete
    7. සරසා / සරස නොහොත් දන්ගොතෝ,

      මේකෙන් වෙච්ච් හොඳම දේ තමයි පොන්න රනිල්ගේ සබැ ස්වරූපය එලිදරව්වේච්ච් එක. මිනිහා ආසියාවේ මොළයය, මිස්ටර් ක්ලීන්ය කියල පෙන්නම් හිටිය ඒවා ඔක්කොම හබක්! මහා ලොකු සුක්ෂම හොරකමක් කියල පෙන්නන හැදුවට වැඩේ අතේ කෝට්!

      සක්කිලි ලින්තොට රදාවයි, කුපාඩි ගූතල්නුයි මොනවා කිව්වත් මිනිස්සු දන්නවා රනිල් කියන්නේ පුස්සක් විතරයි කියලා.

      Delete
  5. අප රටේ ජනමතය හසුරුවන්නේ ටික දෙනයි. ජනමතය හැසිරවිය හැක්කේත් කිහිප දෙනකුගේ පමණයි. එහෙත් ඒ කිහිප දෙනා මැතිවරණයක දී වැදගත් වන්න පුළුවන්. ජනමාධ්‍ය මගින් ජනමතය හැසිරවීමේ හැකියාව ලබා ඇති කිහිප දෙනකු ඉන්නවා. ජනමතය හසුරුවන්නන් බොහෝ විට සිතන්නේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන්, හිතවතුන් ලෙස. තමා ආධාර කරන දේශපාලන පක්‍ෂයේ නායකයන්ගේ කිසිම වරදක් දකින්න මේ අය කැමති නැහැ. ඔවුන්ගේ බැඳීම් පක්‍ෂයට (සාමාජිකයකු වුවත් නැතත්) මිස රටට නො වෙයි.

    මහින්දගේ කිසිම වරදක් නොදකින්නන් මෙන් ම රනිල්ගේ කිසිදු වරදක් නොදකින්නන් ද රටේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ජනමාධ්‍ය අයිතිකරුවන් ද තම ඕනෑ එපාකම් අනුව ජනමතය හසුරුවනවා. ඒ ඔවුන්ගේ සේවකයන් වු නිවේදකයන්, පුවත් සංස්කාරකවරුන් ආදීන් මගින්. ඊනියා සයිටම් ප්‍රශ්නය අද පවත්වාගෙන යෑමට උත්සාහ කරන්නේ ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ලොක්කකු. ඔහු හිතනවා සයිටම් මගින් ආණ්ඩුව පෙරළන්න. ඔහු නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලවත් දන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් මා ලියා ඇති ලිපි ඔහු තේරුම් ගන්නේ නැහැ. ඔහු සයිටම් පටන් ගත්තේ මහින්දගේ ආණ්ඩුවෙන් බව අමතක කර එකල නොඇසූ ප්‍රශ්න දැන් අසනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල ජයවර්ධනපුර රෝහල මෙන් පවත්වාගෙන යෑමට තීරණය කර ඇත්තේ සයිටම් සිසුන්ගේ සායන පහසුකම් වැඩි කිරීමට බව ඔහුට අමතක වෙනවා. එය ඉල්ලීමක ප්‍රතිඵලයක් බවත් ඔහු අමතක කරනවා.

      සාමාන්‍ය පාක්‍ෂික හිතවතුන් පක්‍ෂය අත් හැර යන්නේ නැහැ. එහෙත් පක්‍ෂවල ඇතැම් නායකයන් එසේ නො වෙයි. ඔවුන්ට පක්‍ෂය අත් හැර වෙනත් පක්‍ෂයකට යෑම ඉතාමත් පහසු කටයුත්තක්. වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ගැනීමට ඔවුන්ට කිසිම ලජ්ජාවක් බියක් නැහැ. ඔවුන් ඒ නික්ම යෑම සඳහා “හොඳ" යැයි කියන හේතුුත් කියාවි. එසේ පක්‍ෂය අත් හැරීමෙන් පසු ඒ පක්‍ෂයේ අනුගාමිකයන් ඒ තැනැත්තාට තදින් දොස් පවරනවා. බැඳෙන පක්‍ෂයේ අනුගාමිකයන් ඔහුගේ නැති ගුණත් කියනවා. ඒ අනුගාමිකයන් පක්‍ෂයට ලැදි නිසයි. අනුගාමිකයන් රටට වඩා පක්‍ෂයට ලැදියි. නායකයන් ටික දෙනකු හැරෙන්නට අනෙක් අය පක්‍ෂයට වඩා තමන්ට ලැදියි. රටට ලැදි ඇතැමුන් කිසිම පක්‍ෂයකට ලැදි නැහැ. ඔවුන් මන්ත්‍රී ධුරයක්, තානාපති කමක්, සභාපති කමක්, වෙනත් තනතුරක් අපේක්‍ෂා කරන්නේත් නැහැ.

      Delete
    2. අද ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ල නි පාක්‍ෂිකයන් යැයි කියන අය කියාවි තමන් පක්‍ෂයට ලැදිය කියා. එහෙත් ඔවුන් ශ්‍රි ල නි පක්‍ෂයට ලැදි නම් කරන්න තිබුණෙ මෛත්‍රිපාල පක්‍ෂයෙන් ඉවත් කරන එක. එහෙත් ඔවුන්ගෙන් කිහිප දෙනකු කරන්නෙ මහින්ද පක්‍ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම. ඔවුන් මහින්ද අත් හැර යෑමට සූදානම් වූ නිසා මහින්ද ඉක්මන් තීරණයක් ගෙන මෛත්‍රිපාලට පක්‍ෂය භාර දුන්නා. මහින්ද තව ටිකක් ඉවසා සිටියා නම් රටේ දේශපාලනය වෙනස් වෙන්න තිබුණා.

      අනෙක් අතට අද එකාබද්ධ විපක්‍ෂෙ ඉන්න කී දෙනෙක් ඇමතිකම් ලබා ගැනීමට මලික් සමරවික්‍රම ආදීන් මුණ ගැසුණා ද? යම් අයුරකින් රනිල් ඔවුන් බඳවා ගැනීමට කැමති වූවා නම් අද ඔවුන් මහින්ද විවේචනය කරාවි. අපේ කරුමය මහජනයා යැයි කියන සතා පක්‍ෂයකට හා එහි වර්තමාන නායකයන්ට (ඔවුන් කවදා පක්‍ෂයට ආවත්) ආධාර කිරීම. ජී එල් පීරිස්ලා ඩලස්ලා ජනවාරි අටවැනිදාට පසුව මහින්දගේ දුරකථන පණිවුඩයකට පිළිතුරු දීමට මාස කිහිපයක් බලා සිටියා. මලික් සමරවික්‍රම හමුවීමට පැමිණියේ කවුද කියා මලික්වත් කියන්නේ නැහැ.

      Delete
    3. මේ ආණ්ඩුව ගෙන යන්නේ රනිල්. ආණ්ඩුව පෙරළීමට රනිල් ඉවත් කළ යුතුයි. රනිල් ඉවත් කළහොත් මෛත්‍රිපාල ජනාධිපති ව සිටියත් එවිට තියෙන්නේ වෙනත් ආණ්ඩුවක්. බොහෝ පඬියන්ට එය තේරෙන්නෙ නැහැ. ඔවුන් ආණ්ඩුව ලෙස සලකන්නෙ මෛත්‍රිපාල- රනිල්. රනිල් නැත්නම් ඇත්තේ වෙනත් ආණ්ඩුවක් බව ඔවුන්ගේ ද්විකෝටික න්‍යාය පොජ්ජට තේරෙන්නෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය ඔළුගෙඩි වෙනස් කිරීමකින් ආණ්ඩුව වෙනස් කරන්න. ඒත් එවිටත් මෛත්‍රිපාල ජනාධිපති. මෛත්‍රිපාල ජනාධිපති ව සිටිය දී ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් බවට එවිටවත් මේ පඬියන්ට තේරෙන්නෙ නැද්ද? ඔවුන්ට තම පරස්පර ගැන කිසිම වැටහීමක් නැහැ. ඒ වෙනුවට අද ඔවුන් මගේ පරස්පර සොයනවා.

      ජනාධිපතිට අවශ්‍ය නම් ඔහු බලය ඇතැයි සිතන අයකු අගමැති කරන්න පුළුවන්. එක් පඬියකු අසා තිබුණා රනිල් ඉවත් කර පත් කරන්නේ කාව ද කියා. ඒ පඬියා පත්කිරීමට නොහැකි වීම රටේ භාග්‍යයක්. රනිල් ඉවත් කර පත් කරන්නේ කවුරුන් ද යන්න ඒකාබද්ධ විපක්‍ෂය මත රැඳී පවතිනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය එයට සහභාගි වීමට සූදානම් ද? මහින්ද එයට කැමති ද? මහින්දත් මෛත්‍රිපාලත් පෞද්ගලික වෛරයකින් පෙළීම නිසා ම රනිල් බලයේ ඉන්නවා. ඒ දෙදෙනා රට වෙනුවෙන් සමගි කිරීමට භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත් වෙන්නේත් නැහැ. වැඩිකල් නොගොස් රනිල් මෙරට භිෂණයක් ඇතිව ඒකාධිපති පාලනයක් අරඹනවා.

      සංධානයට මනත්‍රීවරුන් 95 දෙනකු ඉන්නවා. මෛත්‍රිපාලට පුළුවන් සංධානයේ අයකු අගමැති කරන්න. ඒ මහින්ද ම වීම අවශ්‍ය නැහැ. එවිට සංධානයට පුළුවන් අවශ්‍ය නම් තවත් පක්‍ෂයක් සමග එකතු වී ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න. ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බහුතරයක් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. එ ජා පෙරමුණට ඇත්තේ මන්ත්‍රීවරුන් 106 දෙනකු පමණයි. විශ්වාස භංගයක දී අනෙක් මන්ත්‍රීවරුන් ආණ්ඩුව පෙරළන්න ඡන්දෙ දෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මගේ කතාවේ පරස්පරයක් නැහැ.

      ජී එල් පීරිස් ද පඬි කතාවක් කියා තිබුණා. මෛත්‍රිපාල තම ආශිර්වාදය නැතිව ආණ්ඩුවක් පිහිටුවන්න බැහැයි කී විට ජී එල් කියා ඇත්තේ මන්ත්‍රිවරුන් 113 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ විපක්‍ෂයට ඇති විටක මෛත්‍රිපාලට ආණ්ඩුව ඔවුන්ට නොදී සිටිය නොහැකි බවයි. ජී එල් 2015 ජනවාරි 8 වැනි දා පාර්ලිමේන්තුවේ හිටියා. එදා සංධානයට මන්ත්‍රීවරුන් 113 දෙනකුට වඩා හිටියා. එ ජා පක්‍ෂයට හිටියේ මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණයි. මෛත්‍රිපාල අගමැති හැටියට පත් කෙළේ ජී එල් නොව රනිල්. ජී එල් 113 දෙනකුට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් තියාගෙනත් රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව කුමක් කෙළේ ද? ඔවුන් කෙළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට රනිල්ට ආධාර කිරීම පමණයි. ජී එල්ට ඒ බව අමතක ද?

      ජනාධිපති හා අගමැති එකට සිටින විට ඔවුන්ට පාර්ලිමේන්තුව තමන් යටතට ගන්න පුළුවන්. ඒක තමයි පොතේ කොහොම තිබුණත් මෙරට පාර්ලිමේන්තු ඒකාධිපතිවාදය (ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය) ක්‍රියාත්මක වන ආකාරය. බටහිර සුද්දන්ගෙ පොත්වලින් නීතිය දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව ඉගෙන ගත් පඬියන්ට මේවා තේරෙන්නෙ නැහැ. සුද්න්ගෙ රටවලත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ පොතේ තියෙන හැටියට ම නො වෙයි. ග්‍රහවස්තුත් ඉර වටේ යන්නෙ නිව්ටන් කියලා තියෙන හැටියට ම නො වෙයි.

      ඒ මොනවා වුවත් මෛත්‍රිපාල හා මහින්ද (ඒකාබද්ධ විපක්‍ෂය) එකතු නූණොත් රට අගාධයට යනවා. ඒ බව කියනවාට මට හිනහ වෙලා වැඩක් නැහැ. ඔවුන් දෙදෙනා කිසි දිනෙක එකතු වන්නේ නැහැ කියමින් මට බැණ වැදීමෙන් පලක් නැහැ. ඒ දෙදෙනා එකතු වන්නේ නැත්නම් දෙදෙනාම ද්‍රෝහීන්. රනිල්ට භීෂණය ඇති කිරීමට, පෙරටුගාමීන්, දොස්තරලා, අර ජනමාධ්‍ය ලොක්කා සමගින් මෛත්‍රිපාල හා මහින්දත් එකතු වෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් මහින්ද ද්‍රෝහියකු ලෙස මිය යනවා ද? මා දේශපාලනඥයන්ටත් පඬියන්ටත් ගරු කරන්නේ නැහැ. අවාසනාවකට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලනඥයන් නැතිව අපට බැහැ.

      මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

      http://www1.kalaya.org

      නලින් ද සිල්වා

      Delete
  6. සිංගප්පූරු වරාය දියුණු කළ ආචාර්ය එන්. එම්.පෙරේරා”

    නෙලුම්යාය බ්ලොග් සම්මාන උළලේ 2017 වර්ෂයේ ජිවිතයට එකවරක් පමනක් දෙන
    සම්මානයට ආචාර්ය එන්. එම්.පෙරේරා නම යෝජනා කරමි.

    දොස්තර රුවන් ජයතුංග - කැනේඩියානු පුරවැසි

    ReplyDelete
    Replies
    1. ආචාර්ය එන්. එම්.පෙරේරා වැනි වටිනා වියතුන් ඉදිරියේ කැනඩා මනෝකිචිස්සකලා කදෝපැනියන් ය!

      Delete
  7. රවියා ආණ්ඩුවෙන් ගිහිං මහින්ද මහත්තයාගේ පැත්තට එයිද දන්නෑ. ඉස්සර මතකනි ශ්‍රීපති සහ මංගල එහෙම ඒ වගේ දෙයක් කරා.

    මොකද සාරසතුමෝ මං එහෙම කිව්වේ දිවයින පත්තරේ වැඩ කරන මගේ අසල්වැසියා කීවා තියිනාවල පාලිත අතේ රවියා මහින්ද මහතා හමුවෙන්න පණිවිඩ යවලා කියලා. මහින්ද මහතාත් රවියට විරුද්ධව කලින් ගෙනාපු දෝෂාභියෝගය වෙලේ ඌව රැක්කා. මේ පාරත් දෝෂාභියෝගයක් ගේන්න හදද්දී ඒක අල කරා.

    ReplyDelete
  8. මානසික රෝගියාගේ පරිකල්පනය

    AnonymousAugust 3, 2017 at 1:45 AM

    අජිත් ධර්මකීර්ති මහතා රුසියාවේ ඉගෙනුම ලබද්දී එරට විවිධ ආහාර වර්ග හොඳින් රසවිඳ ඇති බවත්,
    එහෙත් කාන්තාවන් ඇසුරු කිරීමේදී ලැජ්ජාශීලී පසුබට අයෙකු බවත් ඔහුගේ සෝවියට් ආදර කතාව කියැවීමේදී පෙනීයයි.
    නමුත්,
    ඔබගේ "මානසික රෝගියාගේ පරිකල්පනය" පොත කියැවීමේදී ඔබ ආහාර ගැන එතරම් උනන්දු නැති බවත්,
    කාන්තා ඇසුරට රුසියෙකු බවත්, ගුද රමනයට අකමැති බවත් පෙනීයයි.

    ReplyDelete
  9. ලක්ෂිමි කාන්ත් ප්‍යාරේලාල් එංගලන්තේ ඉඳල එනකොට 5000 කොළවලින් රුපියල් මිලියන් 145ක් ගෙනත් සේප්පුවේ දාල.
    යකෝ මන් හිතන් හිටියේ එංගලන්තේ සල්ලි කොළ පවුන් හරි යුරෝ හරි කියලනේ.
    බලන් යනකොට සුද්දොත් හරිම හොර ගෙඩියෝ ටිකක්.
    සිනුවර සිරා ගෙන් අහන්න ඕනේ ඕස්ට්‍රේලියාවෙත් රුපියල් කොළ වලින්ද කියල ගනුදෙනු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. // AnonymousAugust 3, 2017 at 6:59 AM

      ලක්ෂිමි කාන්ත් ප්‍යාරේලාල් එංගලන්තේ ඉඳල එනකොට 5000 කොළවලින් රුපියල් මිලියන් 145ක් ගෙනත් සේප්පුවේ දාල. //

      ලක්ශ්මි කාන්තන් ඉඳල ඉවරයි...

      අපේ ලෝටස් ඇල්බට් ගිහින් පන්දාහේ කොල සහ එයා මයිල් ඉලන්න පටන් ගනී...

      Delete
  10. සිරා කොටි වලිගේ අල්ලගෙන ඉඳියි ද? අත අරියි ද?
    අල්ලගෙන ඉන්නව නම් කොච්චර කාලෙකට ද?

    ReplyDelete
    Replies
    1. රජය බිස්නස් නො කළ යුතු ය. රජය කළ යුත්තේ ව්‍යාපාර ද සමග ආර්ථිකය නියාමනය කිරීමයි. රජයක පැවැත්ම සඳහා බදු ආදායම් ප්‍ර‍මාණවත් ය.

      එහෙත්, ලොව සෑම රජයක් ම පාහේ ව්‍යාපාරකරණයේ යෙදෙයි. ඇතැම් අතිශය වැදගත් අංශවල රාජ්‍ය ව්‍යවසායන් ඉතා වැදගත් ය.

      ශ්‍රී ලංකාවේ ද, විදුලිබල, ඉන්ධන, බැංකු වැනි ක්ෂේත්‍ර‍වල රජය විසින් යම් ආකාරයක ඒකාධිකාරයන් හා ප්‍ර‍බල ව්‍යවසාය පවත්වාගෙන යනු ලැබේ. එහෙත්, ඒවා වෙනස් කිරීමට අතගැසීම අන්තරායකර ය. ඊට පෙර මේ ව්‍යවසාය කාර්යක්ෂම කරන්නට දැඩි උත්සාහයක් ගත යුතු ය. එහෙත්, ඉන්ධන මිළ, බැංකු පොළී වැනි කාරණාවලදී රජයේ බැංකුවල අකාර්යක්ෂමතාව හා එය වසාගන්නට රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග නිසා මහජනතාව පීඩාවට පත් වන බවත් ඇත්තකි.

      මෙවැනි ඇතැම් ඒකාධිකාරයන් පසුව බිඳ දමන ලදී. (පාන්) පිටි සංස්ථාව එවැනි එකකි. පසු කලෙක එය ප්‍රීමා සමාගමේ ඒකාධිකාරයක් බවට පත් කරන ලදී. දැන් තවත් තරගකාරී සමාගමක් ක්ෂේත්‍රයෙහි ඇත.

      රජය සතුව සංචාරක හෝටල් ද ඇත. හෝටල් සංස්ථාව සතු බෙලිහුල්ඔය තානායමේ මාස කීපයකට ඉහතදී නවාතැන් ගත් මගේ නිරීක්ෂණය වූයේ එහි කළමනාකරණය හා සේවාවන් ඉතා දුර්වල මට්ටමක ඇති බවයි.

      Cont..

      Delete
    2. Cont...

      රජයේ සමාගමක් වන හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා පෞද්ගලික සමාගම කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකරු වේ. හිල්ටන් හෝටලය ඉදි කිරීමේ අවධියේ සිටම වංචනික ක්‍රියා නිසා මතභේදයට ලක් වූ හෝටලයකි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් ඇමතිවරයකු වන කේ.එන්. චොක්සිගේ නම ද ඒ පළහිලව්වේ ඉහළින් ම තිබේ.

      කෙසේ වෙතත්, වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු ද වන ක්‍රිශාන්ත කුරේ සභාපතිත්වය දරණ හිල්ටන් හෝටලය 2014 - 15 මුල්‍ය වර්ෂයේදී රු. මිලියන 164ක් ලාභ ලැබූ බව එහි බාගෙට වැඩ කරන වෙබ් අඩවියේ දැක්වෙනවා. ලොකු ලොකු සමාගම් වුණාට වෙබ් අඩවි සමාගං කඩ මට්ටමේ. ගිහින් බලන්න.

      දැන් මේ හෝටලයත් විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි කොටස්වලින් සියයට 51 ක්‌ සුදුසු ආයෝජකයකුට පැවරීමටත්, ඉතිරි කොටස්‌වලින් සියයට හතරක්‌ එහි සේවකයින්ට වෙන් කිරීමටත් ඉතිරි සියයට 45 කොළඹ කොටස්‌ හුවමාරුවේදී ස්‌ථාවර මිලකට විකිණීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

      මේ අන්දමින් ම, තට්ටු 49ක ගොඩනැගිල්ලක ඉදි කරගෙන යමින් තිබෙන හයට් හෝටලයත් විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා. එය අයත් වන්නේ කැන්විල් හෝල්ඩිංස් නම් රජයට අයත් පෞද්ගලික සමාගමකටයි. එහි ආයෝජනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ, ලිට්රෝ ගෑස් සමාගමේ හා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ය.

      මේ අන්දමින් ම එජාප භික්ෂුවක් වන තිනියාවල පාලිත හිමි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින ලංකා හොස්පිට්ල්ස් සමාගම ද විකුණා දැමීමට රජය පියවර ගනිමින් තිබෙන බව වාර්තා වේ. ලංකා හොස්පිට්ල්ස් සමාගමේ ලාභ රේට්ටුව වර්ධනය වීම ගිය අවුරුද්දේ අඩු වී ඇති බව වාර්තා විය. අඩු වී ඇත්තේ ලාභය වැඩි වීමේ වේගය මිස ලාභය නො වේ.

      උක්ත සමාගම් තුන ම මුල පටන් ම, වෙනත් ඔප්පු වූ දූෂණ නැතිනම්, අඩු තරමේ රජයට සම්බන්ධ පිරිස් වෙත වරප්‍ර‍සාද ලබා දීම අරමුණු කරගෙන පිහිටුවන ලද ඒවා ය. හෝටල් සංස්ථාවක් තිබියදී මේ හෝටල් දෙක වෙන ම සමාගම් දෙකක් හදා භාර දුන්නේ හෝටල් සංස්ථාවේ කෙරුවාව දන්නා නිසා ය. ඒවා යම් පමණකට ජාමෙ බේරා ගත්තේ ඒවා මෙහෙයවූ කළමනාකරුවන්ගේ දස්කම් නිසා ය.

      මෙම ව්‍යවසාය විකුණා දමන පදනම ඒවා පාඩු ලැබීම නො වේ. රජය මෙවැනි ව්‍යාපාරවලින් මිදීම නරක නැත. එසේම, මෙම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හොඳ ව්‍යවසායකයන් ආකර්ශනය කර ගැනීමටත්, පෞද්ගලික අංශය දිරි ගැන්වීමටත් මූලෝපායික වශයෙන් හේතු විය හැකි ය. එහෙම වන්නට නම්, මේ පෞද්ගලීකරණයන් ඉතා පාරදෘෂ්‍ය අන්දමින් සිදු විය යුතු ය. ඒවායේ ආයෝජනය කරන්නට ජාත්‍යන්තරව පිළිගත් ආයෝජකයන් ආකර්ශනය කර ගත යුතු ය.

      රජය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වෙමින් තිබෙන ප්‍ර‍ධාන චෝදනාවක් වන්නේ සියල්ල විකුණනවා ය යන්නයි. ඇතැමෙක් අගමැති රනිල් වික්‍ර‍මසිංහට වික්කම සිංහ යයි නමක් ද පටබැඳ තිබේ. වරක් දාස හපුවලාන විසින් අඳින ලද කාටුනයක රනිල් උදේ අවදි වී අසන්නේ අද මොනවද විකුණන්නෙ කියා ය.

      හොඳ මවුපියන් තමන් ගත් ණය ගෙවීම දරුවන්ට ඉතිරි‍ නොකරන සේ රජයත් පවතින ණය ඉදිරි පරම්පරාවට ඉතිරි නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 1දා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසී ය.

      අපට කියන්නට තියෙන්නේ මෙයයි. ණය වුණත් බේරා දමන්නට ඔච්චර හදිසි නො විය යුතු ය. ආණ්ඩුවක් ලෙස තමන්ගේ ජනප්‍රියත්වය රැක ගැනීම වැදගත් ය.

      රනිල් වික්‍ර‍මසිංහ 2001-2004 වකවානුවේ අත්දැකීමෙන් පාඩමක් ඉගෙන ගත යුතු ය. වසර 2001 වන විට ඍණ 1.4%ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ ලංකාව භාර ගත් එජාප රජය ජනප්‍ර‍ිය නොවන පියවර ගනිමින් ආර්ථිකය ගොඩ දා කළේ රාජපක්ෂ පවුලට රට භාර දීමයි.

      මේ වන විට නැවත වතාවක් සයිටම් වැනි ප්‍ර‍ශ්න පදනම් කරගෙන රාජපක්ෂලාගේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හරහා ජවිපෙ දක්වා අශුද්ධ සන්ධානයක් නිර්මානය වෙමින් තිබේ. ජාතිවාදීන් ද එයට නංවා ගත් විට 2004 යළි රඟ දැක්වීමට හැකි වාතාවරණයක් නිර්මානය වන්නට ඉඩ තිබේ.

      ඒ අව් අස්සේ මහ බැංකු බැඳුම්කර කේස් එකෙන් කට්ටියගේ රෙදි ගැලවෙනවා ය. මෛත්‍රීපාල ජනාධිපති කරන්නට ගත් ණය ගෙවන්නට හා මහ ඡන්ද කරන්නට ගත්තු සල්ලි විතරක් නෙමෙයි කාටත් හොරා ගැහූ වංගුත් අන්න අතේ පත්තු වෙනවා ය. රාජපක්ෂලාට එරෙහිව එක කොමිෂමක් පත් කර ගන්නට බැරිවුන් දැන් තමන් ම කොමිසන් පත් කරගෙන තමන්ගේ ම රෙදි ගලවා ගන්නවා ය.

      ඒවා බේරා ගැනීම හා බේරා දීම ඒ සල්ලි හා සම්බන්ධ අයට භාර ය. අප මේ ආණ්ඩුවත් සමග සිටින්නේ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා පමණක් බව කරුණාවෙන් සලකන්න.

      ඒ නිසා, හෝව්! හෝව්! හෙමින්! හෙමින්!

      Delete
    3. Ajith Perakum Jayasinghe

      Delete
    4. තමන්ගේ ස්වාමියාව රැක ගන්න අවංකම දතකන වහල්ලුත් ලෝකේ ඉන්නවා. උද්ධච්ච ස්වාමීවරුන්ට ඒව තේරෙන්නේ නෑ.

      Delete
    5. // Asanga ManpitiyaAugust 3, 2017 at 1:12 PM

      තමන්ගේ ස්වාමියාව රැක ගන්න අවංකම දතකන වහල්ලුත් ලෝකේ ඉන්නවා. උද්ධච්ච ස්වාමීවරුන්ට ඒව තේරෙන්නේ නෑ. //


      ඒත් ස්වාමියා කාලා විසිකරන මස් කට්ට කාලා ඊට සරිලන සේවයක් කරන්න බල්ලා උත්සාහ කරනවා...

      Delete
    6. //ඒ අව් අස්සේ මහ බැංකු බැඳුම්කර කේස් එකෙන් කට්ටියගේ රෙදි ගැලවෙනවා ය. මෛත්‍රීපාල ජනාධිපති කරන්නට ගත් ණය ගෙවන්නට හා මහ ඡන්ද කරන්නට ගත්තු සල්ලි විතරක් නෙමෙයි කාටත් හොරා ගැහූ වංගුත් අන්න අතේ පත්තු වෙනවා ය. රාජපක්ෂලාට එරෙහිව එක කොමිෂමක් පත් කර ගන්නට බැරිවුන් දැන් තමන් ම කොමිසන් පත් කරගෙන තමන්ගේ ම රෙදි ගලවා ගන්නවා ය. //


      දුකයි ජීවිතේ...

      Delete
    7. // AnonymousAugust 3, 2017 at 12:57 PM

      Ajith Perakum Jayasinghe //

      එයා රෙදි නැතිව රනිල් හාමු ගේ දෙපතුල ලඟ සාදනීය වෙනසක් කොරන්න කුනු අහුලනවාය.... කක්කා සෝදනවාය..

      Delete
  11. “මට විරුද්ධ පක්ෂයේ සිටියදිත් පහර දුන්නා, දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදි නිතිපති දෙපාර්තමේන්තුව පහර දෙනවා,ඒ කාලයේ විදේශ විනිමය උපයා ගත්තා කියලා මට නඩුවක් දාලා අවුරුදු 10 ක් මම නඩු කිව්වා,අන්තිමේදී මම නිදහස් වුනා,ඒ සම්බන්ධ රාජ් රාජ්රත්නම් ලග වැඩකරපු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මා යටතේ මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරනවා” යයි බැදුම්කර ජනාධිපති කොමිසම ඉදිරියේදී ඊයේ සාක්ෂි දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසු බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

    ඒ අනුව පැහැදිලි වනුයේ ඇමරිකාවේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධව සිර ගතව සිටින් මූල්‍ය වංචාකරුවකු මෙන්ම එල්ටිටි කොටි හිතවාදීකකු වන රාජ් රාජරත්නම් ලග වර්තමාන මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සේවය කොට ඇති බවකි.

    මහ බැංකුවේ බැදුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපත් අර්ජුන මහේන්ද්‍රන් යහපාලන ආණ්ඩුවේ මහා බැංකුවේ අධිපති ලෙස පත් කලේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම වර්තමාන මහා බැංකුවේ අධිපති ඇමරිකාවේ කොටස් වෙළෙඳපොළ වංචාවක් සම්බන්ධව දැනට සිර ගතව සිටින් මූල්‍ය වංචාකරුවකු මෙන්ම එල්ටිටි කොටි හිතවාදී වන රාජ් රාජරත්නම් ලගම හිත්වතෙකු මෙන්ම ඔහු ලග සේවය කල වර්තමාන මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මහා බැංකුවේ අධිපති ලෙස පත්කොට ඇත්තේ ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය.

    ReplyDelete
    Replies
    1. // ඒ අනුව පැහැදිලි වනුයේ ඇමරිකාවේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධව සිර ගතව සිටින් මූල්‍ය වංචාකරුවකු මෙන්ම එල්ටිටි කොටි හිතවාදීකකු වන රාජ් රාජරත්නම් ලග වර්තමාන මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සේවය කොට ඇති බවකි. //

      Not News.. some old information.

      Delete
  12. අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේස සැසිවාරයක් කැදවා ඇත.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට හතලිස් වසරක් පිරීම වෙනුවෙන් මෙම විශේෂ සැසිවාරය පැවැත්වෙයි.

    අගමැතිවරයාට සුබ පැතීම සදහා මේ වන විටත් ආණ්ඩු පක්‍ෂයේ විපක්‍ෂයේ දේශපාලක්‍ෂ පක්‍ෂ නායකයින් හා මැති ඇමතිවරුන් කාලය වෙන් කර ගෙන ඇත.

    මෙම විශේෂ සැසිවාරය සදහා ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස සහභාගී නොවීමට තීරණය කර තිබේ.

    ReplyDelete