Thursday, August 3, 2017

බැඳුම්කර සිද්දියට අදාල ලක්ශ්මී කාන්තන් සහ එමිල් කාන්තන් එකම පුද්ගලයෙක් ද?


මේ දිනවල වඩාත්ම කතාබහට ලක් වන බැඳුම්කර සිද්දියට අදාල ජනාදිපති කොමිසම නිසා වටිනා කරුණු කාරනා මතු වෙමින් පවතිනවා. එහි එක කරුණක් නම් රවී කරුණානායක මැතුතුමා කලින් අධ්‍යක්ශකවරයෙක් ව සිටි, වර්තමානයේ ඔහු ගේ බිරිඳ හා අවිවාහක දියනිය අධ්‍යක්ශිකා ධුර දරනා ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමයි. 
එම සමාගමේ සභාපති තැන්පත් ලක්ශ්මී කාන්තන් මැතිතුමා එන්ගලන්තෙ සිට පැමින රුපියල් මිලියන 160 ක මුදලක් රුපියල් 5000 නෝට්ටු වලින් ගෙනැවිත් සේප්පුවේ දැමුවා කියා ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ ප්‍රදාන මූල්‍ය නිලදාරී බ්‍රයන් චින්නයියා මහතා සක්කි දුන්නා. එම නෝට්ටු යොදාගෙන රවී කරුණානායක මහතා ගේ මොනාර්ක් රෙසිඩෙන්සි හී පෙන්ත් හවුස් මිල දී ගත් බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.
රජයේ නීතිඥයන් ගේ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී එම මුදල් කිසිම අන්දමේ ලියකියවිලි වලට අඩන්ගු නොකල බවද මෙසේ මුදල් පරිහරණය කිරීම මූල්‍ය විශුද්දිකරණයක් විය හැකි බවත් බ්‍රයන් චින්නයියා මහතා පිලිගත්තා.

දැන් අපි
ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ සභාපති තැන්පත් ලක්ශ්මී කාන්තන් මැතිතුමා කවුදැයි සොයා බලමු.
ලක්ශ්මී කාන්තන් කවුදැයි රජයේ නීතිඥයා රවී කරුණානායක මහතා ගෙන් විමසූ විට ලැබුනු පිලිතුරු මෙසේයි: 
ප්‍ර :- ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?

පි :- ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වනවිට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.

ප්‍ර :- ලක්ෂ්මී කාන්තන් සහ ප්‍රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

පි :- එමිල් කාන්තන් කියන්නේ කවුද?

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා :- ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.

LTTE සන්විදානයේ යුරෝපා ජාලයේ ඉහල තනතුරක් දරන්නෙක් ලෙස පසුගිය සමයේ කතාබහට ලක් වූ එමිල් කාන්තන් ඔබට මතකද?  


ඒ  කාන්තන් සහ මේ කාන්තන් එකම කාන්තන් වන්නට පුලුවන්ද? නැත්නම් කාන්තන්ලා දෙදෙනා සහෝදරයන් ද?

මේ ප්‍රශ්නය ඔබට ගෙන ආවේ සින්හල බ්ලොග් කියවන අප සැම ගේ ගෞරවය දිනා සිටිනා, ලන්ඩනයේ පදින්චිව සිටියත් බ්ලොග් කරුවන් විකුනමින් මුදල් හම්බ නොකරනා ගරු අරුණ පෙරෙරා තුමා ගේ සාදර අනුග්‍රහයෙනි!

39 comments:

  1. අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේස සැසිවාරයක් කැදවා ඇත.

    අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන දිවියට හතලිස් වසරක් පිරීම වෙනුවෙන් මෙම විශේෂ සැසිවාරය පැවැත්වෙයි.

    අගමැතිවරයාට සුබ පැතීම සදහා මේ වන විටත් ආණ්ඩු පක්‍ෂයේ විපක්‍ෂයේ දේශපාලක්‍ෂ පක්‍ෂ නායකයින් හා මැති ඇමතිවරුන් කාලය වෙන් කර ගෙන ඇත.

    මෙම විශේෂ සැසිවාරය සදහා ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිස සහභාගී නොවීමට තීරණය කර තිබේ.

    ReplyDelete
  2. කොටි සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ සභාපති ඇන්තනි එමිල් කාන්තන් භාර වීමට සුදානම් බව නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේය.

    එම නිසා ඔහු අත් අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කළ රතු නිවේදනය ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා ගොනු කල නඩුවකට එම විත්තිකරු දිගින් දිගටම පෙනී නොසිටීම නිසා ඔහු අත් අඩංගුවට ගන්නැයි දන්වා අධිකරණය මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදයක් නිකුත් කර තිබුණි.

    එහෙත් තමාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර පවතින බැවින් තමන්ට ශ්‍රී ලංකාවට පැමිණ භාරවීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි ඔහු නීතිවේදීන් මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇත්තේ.

    ඒ නිසා භාර වීම සඳහා එම රතු නිවේදනය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ රතු නිවේදනය ඉවත් කිරීමට නියම කළ අතර විත්තිකරුට අධිකරණයට භාර වන ලෙසද නියම කළේය.

    ReplyDelete
  3. රවී කරුණානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට සහය දැක්වීමට යෑමට නියමිත බව මාධ්‍ය ක්ශේත්‍රයේ රාවයක් පැතිර යමින් පවතී.

    ReplyDelete
    Replies
    1. එහෙනම් රවී තුමාට ජයවේවා! හිකිz

      Delete
  4. Replies
    1. තමිල් චෙල්වම් ට ගහන්න GPS කොර්ඩිනේට්ස් ලබා ගත්තේ ඔය හමු වෙච්චි වෙලාවේ බව ඔබ දන්නවාද?

      Delete
    2. එහෙනං රවියා දේශප්‍රේමීයෙක් එක්ක නේද ගනුදෙනු කරලා තියෙන්නේ. රවියට ජයවේවා.

      Delete
  5. මේ යන විදිහට මට පේන්නේ සභා තොමෝ සතුටින් විසිර ගියහ වගේ තමයි.

    ReplyDelete
  6. "I know nothing..I am from Barcelona"
    Manuel of Fawlty Towers

    ReplyDelete
  7. Have we all forgotten Ravi K has a court case for money laundering with Raj Rajarathnam (who is in US jail for insider trading and money laundering) What happened to that court case (disappeared soon as Yahapalana came to power)This govt is corrupt than all the others in history.

    ReplyDelete
    Replies
    1. Main witnesses of that case became the subordinates of no less a person than the very accused i.e Hon RaviK after 8th Jan 2015. Transparency of Yahapalanaya at its best !!!

      Fast forward few more months: The lord lady Judge hurried to dismiss the case which has been going on for good 10 years on her last day before her retirement. Hail the independent judiciary under Yahapalaya

      Delete
    2. හා හා, එහෙම කියන්න එපා...
      මේගොල්ලෝ කලිසම් කබා අඳින උගත් වැදගත් මහත්තුරු හරිය...

      Delete
  8. සරසා තුමා,

    //බැඳුම්කර සිද්දියට අදාල ලක්ශ්මී කාන්තන් සහ එමිල් කාන්තන් එකම පුද්ගලයෙක් ද? //

    මම ඔබට කියල දෙන්නම් එමිල් කාන්තන් කියන්නේ කවුද කියල https://www.youtube.com/watch?v=h3aRMnBP_8E

    මෙන්න ලොක්ක බැසිල් එමිල් කාන්තන්ට මුදල් දීපු කතාව.
    ඔබට ශ්‍රී ලංකාවේ තත්වය තේරුම් ගැනීමට හොදම තැන තමයි අර්ජුන ඇලෝසියස් ගේ විවාහය, මේ විවාහ මගුලට, මහින්ද යනව රනිල් යනවා මේ රටේ බලවත් මිනිසුන් ඔක්කොම වගේ යනවා, ඇයි මේ ?

    මේ මිනිසුන්ට මේ සියලු දෙනා සමගම සම්බන්දතාව තියනවා මොවුන් ඔක්කොම ගත්තම හොරු රැලක් ඔබේ ප්‍රශ්නය රනිල්ගේ හොරකම් ගැන කියන ගමන් මහින්දගේ ගොරකම් ගැන සුදු හුණු ගානවා, තව පිරිසක් ඉන්නවා ඔවුන්ට පෙනෙන්නේ මහින්දගේ හොරකම් විතරයි.

    තව පිරිසක් කියනවා රනිල් බටලන්දේ වැරදිවලට දඩුවම් කිරීමට අධිකරණය තීන්දු කලබව නමුත් මේ පිරිසට මතක නෑ මහින්ද වසර 10 ක පාලනය තුල රනිල් ට විරුද්දව කිසිවක් නොකළ බව විතරක් නෙමෙයි රනිල්ට විරුද්දව තමන්ගේ මිනිස්සු කැරලි ගහන විට බේරුවේ මහින්ද බව මහින්දට කඩේ යන අයට පෙන්නේ නෑ.

    දැන් වත් මහින්දට විරුද්දව කල බරපතල වැරදි වලට මේ රජය මුනුවත රකින්නේ මහින්දගේ සහ රනිල්ගේ මිතුරුදම බව තේරුම්ගන්න මේ දෙපැත්තටම කඩේ යන මිනිසුන්ට තේරෙන්නේ නෑ තේරුනත් නොතේරුන විදියට ඉන්නවා.

    අද මහබැංකු වංචාව ගැන මෙහ්ච්චර තද තීරණ වලට එන්න හේතුව සරසා තුමා කියනවා වගේ ජනාධිපති රනිල්ව පාලනය කිරීමට හෙන්ඩුවක් වගේ මෙය පාවිච්චි කරන නිසයි, හැබැයි දැන් ජනාධිපති කරලා තියෙන්නේ කොටිවලිගය අල්ලගැනිමයි, ජනාධිපති කිසියම් විදියකින් මේ අපරාද කරුවන් ට පැනල යන්න උදව් කලොත් ඔහුට විරුද්දව විශාල ජන බලයක් එන බව ඔහු දන්නවා ඒ වගේම ඔහු මේකෙන් රනිල්ව දෙසපාලනයෙන් ඉවත් කරන ගමන් තම ප්ර්ලිමෙන්තු බලය වැඩිකර ගන්නයි මේ යන්නේ හැබැයි මේක ගැස්සුනොත් බබිත් සුන් බබිගේ මමිත් සුන්.

    ReplyDelete
    Replies


    1. //ඔබට ශ්‍රී ලංකාවේ තත්වය තේරුම් ගැනීමට හොදම තැන තමයි අර්ජුන ඇලෝසියස් ගේ විවාහය, මේ විවාහ මගුලට, මහින්ද යනව රනිල් යනවා මේ රටේ බලවත් මිනිසුන් ඔක්කොම වගේ යනවා, ඇයි මේ ?//

      ඕකට බං ඕස්ට්‍රේලියාවෙ කොම්පැනියකින් අල්ලස් ගත්තු මෛත්‍රීත් ගිහින් තියෙනව කියල රවී උසාවියෙදි කිව්වනෙ. ඒ නම ලියන්ඩ අමතක උනේ මොකද ? දැන් අර ක්‍රිශ්මාල් ගෙ ලමයගේ මගුලට අනුර කුමාර, රනිල්, රවී ඔක්කොම ගියානේ එතොකට අයර්ලන්ඩ්-ප්‍රින්ස් ත් ඔතෙන්ට සම්බන්දයි.

      ඈ බං ගොන් සිතුවිලි තුමෝ උඹ මගුල් ගෙදරකට ආරාදනාවක් හම්බ වුනාම, මේකෙ ඉන්න ජෝඩුවෙන් එකෙක්වත් මැරෙන තුරාවට හොරකමකට මිනීමැරුමකට සමබන්දවෙන්නෙ නැද්ද කියල අංජනමක් එහෙම බලලද යන්නේ ?

      //දැන් වත් මහින්දට විරුද්දව කල බරපතල වැරදි වලට මේ රජය මුනුවත රකින්නේ මහින්දගේ සහ රනිල්ගේ මිතුරුදම බව තේරුම්ගන්න මේ දෙපැත්තටම කඩේ යන මිනිසුන්ට තේරෙන්නේ නෑ තේරුනත් නොතේරුන විදියට ඉන්නවා//

      බලපන්කො සිතුවිලි උඹේ මොලේ තරම. අරහේ රනිල් ගෙයි, රවීගේ රෙදි ගැලවෙනව. තමුන්ව බේර ගන්නෙවත් නැතුව එහෙම තියෙද්දි මිනිහ මහින්දව බේර ගන්ඩ මහන්සි වෙලා නේද ?

      Delete
    2. Nice counter attack by Nelum Yaya team & the Yahapalana bloggers. This stupid MR supporter KK should have been treated like this long back. Anyway late is better than never.

      Well done Ajith Dharma/ Ajith Perakum/ Ian etc. Please accept my heartiest gratitude on behalf of this class work. Brilliantly done. This moron should be punished & imprisoned. Please arrest him & treat him like an animal, brainless idiot.

      Delete
    3. 1. ඔය එල්.ටී.ටී.ඊ එකට මුදල් දීපු කතාව, තවත් ටොම් පචයක් විතරයිනේ. ඔය වීඩියොවේ පිටි පස්සේ ඉන්න පුද්ගලයා අද මේ රටේ ප්‍රබලම ඇමති කෙනෙක්. දමිල ඩයස්පෝරාව සමග ඉතා කිට්ටුවෙන් වැඩකරන පුද්ගලයෙක්. ඉතින් පුළුවන්නේ පරීක්ෂණයක් තියලා මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තිත තියන්න. ඒ විතරක් ද 2015 ජනාධිපතිවරණෙට පහුවදා පොලීසියට ගිහිල්ලා මංගල සමරවීර පැමිණිල්ලක් කලා මතකද? බලහත්කාරයෙන් බලයේ සිටීමට තැත්කිරීමේ කුමන්ත්‍රණයක් ගැන. කෝ දැන් පරීක්ෂණ. නිකම් බොරු බයිල නේ.
      රාජපක්ෂලාගේ වැරදි තිබේ. ඒවාට චෝදනා කළ යුත්තේ, නිසි නීතිමය ක්‍රියාමාර්ග හරහාය. නැතුව බොරු බේගල් හරහා නොවේ.

      2. රනිල්ට මහින්දව පරිස්සම් කරන්න තියා, තමන්ව පරිස්සම් කරගන්නවත් තේරෙනව ද? රනිල් යනු නලුවෙක්වත්, මොලයක්වත් නොවේ, නිකම්ම අලයකි.

      Delete
    4. අසංග මාන්පිටිය මැතිඳුනි,

      ආඩම්බරයි!

      පේරාදෙණි ආදිවිද්‍යාර්ථීයකු ලෙස ඔබ ගැන ආඩම්බර යි.

      Delete
    5. Asanga Manpitiya
      // රනිල් යනු නලුවෙක්වත්, මොලයක්වත් නොවේ, නිකම්ම අලයකි.//

      මහින්ද යනු මොලයක් නැති නළුවෙක් පමණයි.

      Delete

    6. //Well done Ajith Dharma/ Ajith Perakum/ Ian etc. Please accept my heartiest gratitude on behalf of this class work. Brilliantly done. This moron should be punished & imprisoned. Please arrest him & treat him like an animal, brainless idiot.//


      :D
      Thank them all :)

      Delete
    7. https://www.youtube.com/watch?v=QiUwzedN_PE&feature=youtu.be

      අන්තිමට මහින්දට රවී ගැන කරුණාව පහල වේ, සාදු කියන්න සරසතුමනි

      Delete
  9. ඒ කාන්තනුත් මේ කාන්තනුත් හැර තවත් කාන්තන්ලා සිටීද? මේ ටූ කාන්තන්ලා දෙන්නා වන් කාන්තන් කෙනෙක් උනත් නැතත් අපිට වෙන සෙතේ මොකද්ද හැබෑට සාරස තුමෝ. සැමදා හුළං නේද?

    ReplyDelete
  10. ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද අප රටේ දේශපාලන පක්ෂ බොහෝමයක් සිය ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතාවගේ අදහස් සැලකිල්ලට නොගන්නා බවත්, කිහිප දෙනෙකු විසින් සකස් කරන ප්‍රතිපත්ති ජනතාව මත බලෙන් පැටවීම සිදුවන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ කියා සිටියි.

    රටේ ජනතාවගේ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් 2025 දක්වා බලපැවැත්වෙන වඩාත් අර්ථවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීම පිළිබද සිය පක්ෂය අවදානය යොමුකර ඇති බවද එහි ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා සදහන් කරයි.

    මැතිවරණවලදී ලක්ෂ තිහක (30) පමණ ජන්ද දායකයින් ජන්දය ප්‍රකාශ කිරීම වැලකීමෙන් සහ ලක්ෂ හයක් (06 ) පමණ ජන්දය ප්‍රතික්ශේප කිරීමෙන් ලබාදී ඇති සමාජ පණිවිඩය තම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී දැඩි අවධානය යොමුකරන බව ද කියා සිටියි.

    රටේ උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයින් බොහෝමයක් දේශපාලනයෙන් ඉවත්වීම රට ප්‍රපාතයට වැටීමට හේතුවී ඇති බවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් රටේ උගතුන්ට,බුද්ධිමතුන්ට,වෘත්තිකයින්ට ප්‍රමාණවත් අවස්ථාවක් හා සැලකිල්ලක් ලබා නොදීම බරපතල ඛේදවාචකයක් බවත් පෙන්වා දෙයි.

    එක්සත් ජාතික නිදහස් පෙරමුණ සිය දේශපාලන ප්‍රචාරක කටයුතු සැප්තැම්බර් මාසයේ දී නිළ වශයෙන් පුළුල් ලෙස ආරම්භ කරන බවත් මේ දිනවලදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්දයෙන් ජනතා අදහස් යෝජනා ලබාගැනීම සිදුකරන බවත් සදහන් කරයි.

    ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පුරවැසියන්ට සිය යෝජනා ප්‍රධාන ලේකම්, එක්සත් ජාතික නිදහස් පෙරමුණ,118,බාන්ස් පෙදෙස,කොළඹ 07 ලිපිනය වෙත හෝ gs.unff@gmail.com විද්‍යුත් ලපිනයට අගොස්තු 20 වන දිනට පෙර යොමුකරන ලෙස ඉල්ලා සිටියි.

    මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රධාන ලේකම්ධුරය හොබවන එක්සත් ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමිසම විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇත. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නීතීඥ උපාලි අමරසිරි මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ජාතික සංවිධායක ලෙස හිටපු පළාත් සබා මන්ත්‍රීවරයකු වු ප්‍රියංකර ධීරසිංහ මහතා කටයුතු කරනු ලබයි.

    – UNNP

    ReplyDelete
    Replies
    1. මචං ඇනෝ....ඔය කියන එ.ජා.නි.පෙ. හෙඩ් ඔෆිස් එකත් බාන්ස් ප්ලේස් එකේම තියෙන එක හොඳයි. මොකද අද හැම ප්‍රශ්නෙම බාන්ස් ප්ලේස් සහ රොස්මිඩ් ප්ලේස්, ෆිෆ්ත් ලේන් ඇතුලු රාජ රාජිනියන්ගේ (මැදමූලනද ඇතුලත්ව ) විශයන්ට විතරක් සීමාවෙලා අවසන්. බාන්ස් ප්ලේස් එකට යෝජනා, අදහස් එවන්න කියන්න ඉස්සෙල්ලා, ගමේ පැල්පතේ සහ නගරයේ මුඩුක්කු නිවාස වැසියාගේ දොරෙන් ඇතුලට ගිහින් කතා කරපන්. මුඩුක්කු නැත්නං මහල් නිවාසවලට පලයන්. ගමේ පැල්පතුත් තාම එහෙමම තියෙනවා. වැල්ලේ මිනිස්සුගේ අහිංසක මිනිස්සුන්ගේ චාටර් ජීවිතේත් තාම එහෙම්මම තියෙනවා. ඕවා බාන්ස ප්ලේස් එකට තියා මැදමූලනටවත් තේරිලා නැහැ. ඔය මැදමූලන, ෆිෆ්ත්ලේන්, මහගම සේකර මාවත, රොස්මිඩ් ප්ලේස් කියන්නේ එකම සංකල්පයක්. බාන්ස ප්ලේසුත් ඒ වගේම ඇති. කවදා හරි පැලවත්තත් ඔය වගේම වෙයිද කියලා කියන්න බැහැ.

      Delete
    2. //ඔය මැදමූලන, ෆිෆ්ත්ලේන්, මහගම සේකර මාවත, රොස්මිඩ් ප්ලේස් කියන්නේ එකම සංකල්පයක්. බාන්ස ප්ලේසුත් ඒ වගේම ඇති. කවදා හරි පැලවත්තත් ඔය වගේම වෙයිද කියලා කියන්න බැහැ.//

      එතකොට කෙසෙල් වත්ත හා පුලතිසිපුර ?

      ඒ කාලෙ නම් ලැවරිය ඇලිස්, කෙසෙල්වත්ත සහ ඒකේ හාමුලා ගැන පත්තරේ ලිපියක තියෙනව නම් ඒක ශ්‍රීමත් ජානදිපති මන්දිරේ ඉන්න් ශ්‍රීමත් එවන්ස් කුරේ ගේ අවසරයට යවන්ඩ ඕනේ පත්තරේ පල වෙන්ඩ කලින් .

      දැන් කාලේ නම් පුලතිසිපුරයට අපාහාස වෙන යමක් ලිව්වොත්, කිව්වොත් රජාට අපහාස කිරීමේ චෝදනාව යටතේ උසාවි දාලා අච්චු කරනව

      Delete
  11. කඩප්පුලි දන්ගොතෝ,

    ඕස්ට්‍රේලියානු ටී-ෂර්ට් එක! - Rugby Top T-shirt from Australia

    මේ සිදුවීම වසර දහ අටකට පෙර මතකයක් ඊයේ පෙරේදා අලුත් වීම නිසා රසිකොලොජියේ ලියවෙන්නෙකි.

    උෂ්ණත්වය දහවලේ පවා තනි අංශකයට පහළ බසින, රාත්‍රියට අයිස් මිදෙන තරමටම අඩුවෙන වින්ටරය හෙවත් සිසිර සෘතුවක් ඇති ඕස්ටේ‍ර්ලියාවේ මිනිසුන් ඒ කාලයට සාමන්‍ය ගමන් බිමන් සඳහා අත් දිග ටී-ෂර්ට් අඳිති. සිසිර සෘතුව යනු රග්බි ක්‍රීඩාව කෙරෙන කාලය ද වෙන නිසා දෝ මේ අත් දිග ටී-ෂර්ට් සාමාන්‍ය ව්‍යවහාරයේ දී "රග්බි ටොප්" කියා ද හැඳින්වේ!

    නමුත් රග්බි ක්‍රීඩකයින් ක්‍රීඩාව සඳහා අඳින්නේ නම් අත් කොට කමිසයක් සහ කලිසමකි. එනිසා මේ රග්බි ටොප් යනුවෙන් හැඳින්වෙන අත් දිග කමිස, සීතලේ ගැලෙමින් ඒ තරග නරඹන අය උදෙසා ය!

    ඒ ඒ රග්බි කණ්ඩායම්වල සම්මත වර්ණ සංකලනයෙන් සෑදුණු රග්බි ටොප් කමිස අඳුරු සිසිර සෘතුවට ගෙන එන්නේ ධනාත්මක වෙනසක් බව ද කිව යුතුය. සාමාන්‍යයෙන් ඉහළ මිලකට විකිණෙන රග්බි කණ්ඩායම් වර්ණ ඇති රග්බි ටොප් කමිසවලට අමතරව, විවිධ වර්ණයෙන් හැඩ ගැන්වුණු රග්බි ටොප් කමිස වෙළඳපොළේ එමට දක්නට ඇති අතර, මා සතුව ද පසුගිය දශක දෙකක පමණ කාලයේ දී මිලට ගත් රග්බි ටොප් කමිස කිහිපයක් ම ඇත.

    මීට වසර දහඅටකට පෙර වසරාවසානයේ ලංකාවට යෑමට අපි සැලසුම් කර තිබුණි. දෙසැම්බර් ගමන සපහා ලංකාව ගෙන යාමට අප තෑගි මිලට ගැනීම අරඹන්නේ ඊට මාස දෙකකට පමණ කලිනි. එවකට ගුවන් ගමනක දී ගෙන යා හැකිව තිබුණේ කිලෝ විස්සක් පමණක් නිසා (පසු කලෙක මේ ප්‍රමාණය කිලෝ තිහක් දක්වා වැඩි කරන ලදී), තෑගි බෝග පෙට්ටිවල බහා නැව් මගින් ලංකාවට යැවීම ද, මෙහි වෙසෙන අන් ශ්‍රී ලාංකිකයින් මෙන් අපි ද කළෙමු. දෙසැම්බරයේ ලංකාවට ගිය විට තෑගි දීමට නම්, ඒ තෑගි පෙට්ටි නැවි ගත කළ යුතු වූයේ මාසයකට, දෙකකට පමණ කලිනි.

    ඒ ඔක්තෝබරයේ දී පමණ, රග්බි සමයද අවසාන වී, සීත සිසිරය වෙනුවට සුන්දර වසන්තය ද එළැඹී තිබුණු සමයක සාප්පු මෙල්බර්න් නගරයේ සවාරියේ ගිය මට දක්නට ලැබුණේ ටාගට් නම් සාප්පුවේ මිල අඩු කර විකිණීමට තබා තිබු රග්බි ටොප් කමිස ගොන්නකි. රතු සහ කළු වර්ණයෙන් යුතු ඉරි සහිත මෝස්තරයක් වූ ඒවායේ "ඕස්ට්‍රේලියා" යන්න ද සටහන් වී තිබුණි. සාමාන්‍ය මිල ඩොලර් 39.90 වූ ඒවා එදා අලෙවි කෙරුණේ ඩොලර් 19.90 ට ය.

    මා කළේ ඉන් කමිස දෙකක් ම මිලට ගැනීමයි.

    එකක් මට ය. අනෙක, ලංකාවේ සීත කඳුකර පෙදෙසක වාසය කරන මගේ ඥාතියෙකුට ත්‍යාගයක් ලෙසිනි.

    දෙසැම්බරයේ ලංකාවට ගොස් සතියක් පමණ කොළඹ ප්‍රදේශයේ ගත කර ඉන්පසු ඒ කඳුකර නගරයට ගිය අපට මේ ඥාතියා ද මුණ ගැසුණු අතර, මම ඒ ත්‍යාගය ඔහුට දුන්නෙමි.

    මෙරටින් එරටට කිලෝ ගණං ගෙන යාම නිසා ඇතිවෙන භූගෝලීය වෙනස තරමකින් හෝ ආපසු හරවා ගැනීම සඳහා එරටෙන් ද කිලෝ කිහිපයක් මෙරටට ගෙන ඒම අපේ සිරිතයි.

    ඒ කිලෝ අතරට එක්වෙන, කිරි ටොෆී, පොල් ටොෆී, අල ටොෆී, තල ටොෆීවලට අමතරව බතික් සරම්, අලින්, සීගිරිය වැනි ලාංකික සලකුණු ඇති ඇඳුම් පැළදුම් ද එකතු වීම සිදුවේ.

    එදා ඒ කඳුකර නගරයේ ගත කළ මුල් දිනයේම අප කළේ එහි ප්‍රධාන වීදිය පුරා සාප්පු සවාරියක යෙදීමයි.

    පසුදා මට යළිත්, පෙර කී රග්බි ටොප් කමිසය තෑගි ලද ඥාතියා හමුවිය.

    ඔහු එක්වරම දුටුවේ මා සැරසී සිටි නිල් සහ සුදූ ඉරි සහිත රග්බි ටොප් කමිසයයි.

    "අන්න රසික නම් ලස්සන ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. ඔයා මට දුන්නු එක නම් මගේ හැටියට පාට තද වැඩියි!" මද වේලාවක් කතා බස් කිරීමෙන් අනතුරුව ඔහු මා සමග කීවේ ය.

    ඥාතියා සිතන්නට ඇත්තේ මා හොඳ වටිනා රග්බි ටොප් කමිසයක් මිලට ගෙන ඔහුට බාල එකක් ලබා දී ඇතිය කියා බව මට සිතුණි.

    මට සිනහව වළක්වා ගත නොහැකි විය.

    "ඔහේ දන්නවා ද මේ මං ඇඳන් ඉන්න ටී ෂර්ට් එකක් කීය ද, මං කොහෙන්ද ගත්තේ කියලා?" මම ඔහුගෙන් ඇසුවෙමි.

    ඇත්තටම ඔහුගෙන් මා පිළිතුරක් බලාපොරොත්තු නොවුණු නිසා, තත්පර කිහිපයකට පසු මම යළිත් ඔහු ඇමතීමි.

    "මේ ටී-ෂර්ට් එක මං ගත්තේ අර මේන් ස්ට්‍රීට් එකේ කෙළවරේ උඩ තට්ටුවේ තියෙන කඩෙන් ඊයේ හවස. මේක රුපියල් 125 යි. මෙල්බර්න්වලින් ගෙනාපු එකේ ගානට මේ ජාතියේ ෂර්ට් දහයක් විතර ගන්න තිබුණා!"

    -රසිකොලොජිස්ට්

    ප/ලි:
    මේ රග්බි ටොප් කමිස දෙක ම තවමත් මා සතුව ඇත. කල් ඉකුත් වී ඇති යැයි සිතෙන නිසා, දැන් මා ඒවා අඳින්නේ සීත කාලයේ දී නිවසේ ඉන්නා විට පමණි.

    ReplyDelete
  12. කෝ අෙේ සංවාද මණ්ඩපේ?

    ReplyDelete
    Replies
    1. තිබේ තිබේ...

      Delete
    2. අනේ ඔය රසික මැට්ටා දන්නා රගර් ජර්සි ඕකා ඕක සුවර් එකටම් ගන්න ඇත්තේ k MART හරි BW කියන සුපර්මාකට් එකකින් ඕවා සිතලට අදින අ දිග පොලෝ ට් ෂර්ට්. මේඩ් ඉන් චයිනා /හරි බංගලාදේශ

      නියම රගර් ක්‍රීඩකයන් සඳහා ඇදුම් නිර්මාණය කරන්නේ
      Canterbury Sportswear කියන ආයතනයෙන් එහි විශේෂ වෙළඳ සලකුණ යටතේ Rugby jerseys, sportswear, casual wear සියල්ල ඉදිරියෙන් පැහැදිලිවතියනවා ඔවුන්ගේ වෙළඳ සලකුණ .CCCහැඩයට්
      හොඳින් බැලුවොත් කිවි කුරුලන් 3 ඉන්න සංකේතවත් CCC අකුරු 3 ක්

      ලංකාවේ ඉන්න රගර් ගැන මෙලොදෙයක් නොදන්නා එවුන්ට හොඳ සුකිරි බයිලා වගේ කියන්න පුළුවන් මේවත් රගර්ජර්සි කියලා නමුත් රගර් ගැන දන්නා එවුන් පුකෙන් හිනා වෙන්නේ මේවට නොදන්නවානම් අඩුම ගානේ කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ තව ඒවගේ පොටෝත් දානවා චක ...චක...චක.. තමයි අන්තිමට


      Delete
  13. සා රස තුමා comment moderation activate කරලා ද ?

    ReplyDelete
    Replies
    1. අසංග මාන්පිටිය සහෝදර,

      පොඩි ගැටලුවක් නිසා අතිගරු සරසතුමා කමෙන්ට් මොඩරේට් කරන්නේ. හැකි ඉක්මනින් එය ඉවත් කිරීමට එතුමා බලාපොරොත්තු වෙනවා. ටික දිනක් ඉවසනු මැනවි.

      Delete
    2. අනිවාර්යයෙන්ම...

      Delete
  14. වදිනට ඕනෑ තැන්වලට වැදී ඇත, රිදෙන්නට ඕනෑ අයට රිදී ඇත. රතු වරෙන්තුකාර ජඩ මාජ්ජ වේදීන්ට කොරන්න පුළුවන් ඔච්චරය.
    සා රස තුමාට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. තාම අප් ඇන්ඩ් රනින් හිටන්!

      Delete
    2. Look at the history Asanga, no govt has taken less loans than the previous govt in our history. Will there be any change here, no way. By 2020 this govt will take more loans than MR govt, why? there is no business/economy growth, loan is the only way to maintain this bunch of politicos.

      Delete
    3. @ අසංග මාන්පිටිය

      බයියන්ගේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා !

      ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සුදු වෑන් රථයකින් පැහරගෙන ගොස් මරා දැමුවේ මහින්ද රාජපක්ෂයි.

      හේතුව : මහරජාණෝ ගීතය රචනා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා...!

      මුන්ගේ (බයියන්ගේ) කෙරුවාව රටටම පේන්න සදහන් කරන්න.

      Delete
  15. මේ දැන් රන්ජන් රාමනායක බුද්ධි අංශයට වාර්තා වූ පුවතක්: "රන්ජන් සර්ගේ මාමා විජය කුමාරතුංග මහතා ඝාතනය පිටුපස මහින්ද සහ ගෝඨා" පින්තූර සහ ඇසට කදුලු ගෙනෙන කතාව නුදුරේදීම.......

    ReplyDelete
  16. ඇඩොල්ෆ් හිට්ලර් පැවසුවායැයි පවසන පහත කියමන මෙරටට කෙතරම් ගැලපේද? ( ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා - Link)

    Link

    - Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it.-

    Adolf Hitler/ Josep Gobbels

    ReplyDelete