Saturday, August 5, 2017

ඌරාගේ මාලු හරකා පිට තබා කැපීම



යහපාලනේ පටන් ගත්තේ සොරිසේනව ජනාදිපති පුටුවේ වාඩි කරවමිනි. එම සිද්දියට වඩාත්ම උර දී ක්‍රියා කලේ ජූ ඇන් පී හාදයෝ ය. සොරිසේන වට ඔහු ගේ අනුගාමිකයෝ කියා කියන්නට තරම් ශ්‍රී ල නි ප පාක්ශිකයෝ අතලොස්සක් වත් සිටියේ නැත.

ජනාදිපති පුටුවේ ඉඳගත් දින පටන් දිනෙන් දිනම උද්ද්ච්ච වෙම්න් සොරිසේන ක්‍රියා කලේ ඔහුට සහයෝගයක් නැති ශ්‍රි ල නි පයන් ගේ බලය දිනාගැනීමට විනා දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කිරීමට නොවේ.

 සොරිසේන ගේ මේ දුර්වල කම දැක්ක සමහර ශ්‍රි ල නි ප අව්ස්තාවාදීන් ඔහු වටා රොක් වී ඔහුව බලයට පත් කල ජූ එන් පී අප්පුලාට කෝචොක් කිරීමට පටන් ගත්තේය.  ඒ අතර තමන්ගේම දේශපාලන ඇජෙන්ඩාවන් වලට වැඩ කරනා චම්පිකලා රාජිතලා සහ එස් බී ලා යහපාලනේ නියම අච්චාලෘවක් කිරීමට වග බලාගත් හ.

අද අප හමුවේ දිස් වන්නේ සොරිසේන ව බලයට ගෙනෙන්නට මහන්සි වී වැඩ කල ජූ එන් පී ලොක්කන් කොමිසම් ඉදිරියට ගෙන එමින් ජූ එන් පී නායකයන් ගේ රෙදි ගලවමින් නටනා නාටකයකි.

මහින්ද මහත්තයලාට හොරා හොරා හොරා කියමින් බලයට පත් වී තමන් හදාගත් ආන්ඩුව තුලින් ම කොමිසම් වලින් වැරදිකරු වී  රෙදි ගලවාගෙන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ගේ ප්‍රශ්න හමුවේ නිරුත්තර වී ඇම්ති තනතුරු වලට සමු දී පැල් කවි ගයන්නට සිදු වීම හාස්‍යයකි.

 මේ දේශපාලන ගොහොරු බිමේ මහින්දට හොරා හොරා කියූ ජූ එන් පී ඇම්බැට්ටයන් හට සහ ඔවුන් ගේ ගෝලයන් ට ඉතා ඉක්මනට මහින්ද මහත්තයාගේ ආන්ඩුවක් යටතේ සතුටෙන් සිටීමට ඉඩ ලැබේවා යන්න සරස තුමා ගේ ප්‍රාර්තනයයි!

24 comments:

  1. related leaked cable from the WikiLeaks database which details the secret agreement with the Tamil Tigers to suppress Tamil votes in the 2005 Presidential election. The cable was written on June 14, 2007 by the US Ambassador to Colombo, Robert O. Blake.

    The ambassador wrote “However, the sensitivity of the Rajapaksas to the allegations is understandable. It is a historical fact that threats by the Tamil Tigers suppressed the Tamil vote not just in the areas they control, but in all districts of the Northeast. Even the suggestion of a deal with the Tigers is anathema to many of the president’s supporters, especially the JVP, parts of which have begun to distance themselves from the Rajapaksas (ref C). It still seems unlikely to us that the GSL can successfully prosecute Alles; the collateral damage to Basil and the other figures in the case would be enormous. Already, the heavy-handed efforts to neutralize Alles, former Foreign Minister Samaraweera and his understudy, Sooriyarachchi, have come at a high political cost and undermined the stability of the government. Alles’ release on bail may be a sign that the parties are again trying to settle their differences. If the new attempt is successful, the story will likely disappear. That said, he is hardly in the clear. Under the emergency regulations passed in December 2006, Alles could be detained again and held on suspicion by successive detention orders.”

    ReplyDelete
  2. සරස,

    1. මහ බැංකුවේ අධිපති ලෙසින් අර්ජුන් මහේන්ද්‍රන්ව පත් කළේ රනිල් වික්‍රමසිංහ දැඩි ඉල්ලීමට හා අවශ්‍යතාවයට ය.

    2. මුදල් අමාත්‍යවරයාගේ වගකීමෙන් මහ බැංකුව ඉවත් කරන ලදී.

    3. මහ බැංකුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ යටතට පවරා ගන්නා ලදී.

    4. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ලෙසින් පත් කිරීමට අභිනවයෙන් පත් වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විරුද්ධ වූ බවත්, අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ වගකීම තමන් බාර ගන්නා බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවත් 2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    5. වසරක සේවා කාලය අවසන් කළ හිටපු මහ බැංකු අධිපතිවරයාට සේවා දීර්ඝයක් ලබා දිය යුතු බවට රනිල් වික්‍රමසිංහ ප්‍රධානව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවය ඉල්ලා සිටියත් ඒ උත්සාහය වැළකී ගියේ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ප්‍රබල ජනමතයක් නිර්මාණය වීම නිසා ය.

    6. බැඳුම්කර වංචාව පිළිබඳව කෝප් කමිටුව විසින් කළ පරීක්ෂණයට අදාලව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍ය පරිදි ඉහලම බාධා කිරීම් සිදු විය.

    7. කෝප් කමිටු වාර්තාව විකෘති කිරීමට උත්සාහ කළ අතර ජනතාව එම උත්සාහ හාස්‍යයෙන් යුතුව බැහැර කරන ලදී.

    8. බැඳුම්කර වංචාව සිදු වූයේ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා යටතේ වූ අමාත්‍යංශයක් යටතට ගත් මහ බැංකුවේ ය.

    තොරතුරු මත එළඹිය හැකි නිගමනය.
    පර්පචුවල් ට්‍රෙෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස්ගෙන් රවී කරුණානායක පවුලට ලැබුණු නිවාස තෑග්ග ඔවුන් දුටු බැඳුම්කර වංචාව වැසීම සඳහා ලබා දුන් අල්ලසක් හෙවත් ඇස් කුලියකි.

    ලොකුම හොරා තවම චෝදනාත් එල්ල නොවී නිදැල්ලේ ය.

    ReplyDelete
  3. සරසා තුමෝ,

    //අද අප හමුවේ දිස් වන්නේ සොරිසේන ව බලයට ගෙනෙන්නට මහන්සි වී වැඩ කල ජූ එන් පී ලොක්කන් කොමිසම් ඉදිරියට ගෙන එමින් ජූ එන් පී නායකයන් ගේ රෙදි ගලවමින් නටනා නාටකයකි.//

    මේක හරි වැදගත් කතාවක් මම මේ අවස්තාව දකින්නේ අපුරු චෙස් (chess ) සෙල්ලමක් විදියටයි සිරිසේන දන්නවා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබාදෙන්නේ නැති බව ඒ වගේම දන්නවා එකසත් ජාතික පක්ෂ යේ නායකයන් ඔහුට සහයෝගය දෙන්නේ නැතිබව, මහින්දට පාර්ශවයට එරෙහි චෝදනා විබාග කරලා කීපදෙනෙකුට දඩුවම් දුන්නේ නැත්නම් ඔහු දන්නවා ඔහුව බලයට ගෙන එන්න උදව්කල තරුණයන් ගේ සහයෝගය ඔහුට නැතිවන බව.

    මේ එක පැත්තක්,

    අනික්පැත්ත අධිකරණ අමාත්යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව, අන්තරායකර ඔවුෂද පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානිය වන Dr.Nilanga Samarasinghe හ කුඩු ගෙන්වන දෙසපාලුවන්ගේ නම් හෙළි කරන බව කිව්ව හැටියේ ඔහුගේ ආරක්ෂාව ඉවත්කර ඔහුගේ තනතුර අහෝසිකිරීමත් දිල්රුක්ෂි ඩයස් රාජිතගේ සොරකම් පෙන්වා දෙන්න ගදනකොට රටේ ජනාදිපති ඇයට පල නොකියා පලාබෙදිමත් නිසා නිලදාරීන් දැනගත්ත මේක දේසපාලන සෙල්ලමක් බවත් රටේ මිනිසුන් රවටන්න කරන මේ සෙල්ලමේ එක පාර්ශවයක් ගත්තොත් යම්විදියකින් බලය හුවමාරු උනාම තමන් ගේ ජිවිත වලට අනතුරු වියහැකි බවත්.

    මෙනිසා මේ ආයතන වල බොහෝ පරීක්ෂණ ඉවර කරලා තිබුනත් වැරදි කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී වුනා, දැන් තමයි සිරිසේනට තේරෙන්නේ මේ මන්දගාමී වීම නිසා වැඩිම අනතුර ඇත්තේ තමාට බව, දැන් ඔහු දන්නව මේවා සාමාන්‍ය නිලදාරීන් කිසිවිටක බය නැතුව ක්‍රියාකාරී වෙන්නේ නැතිබව, ඔහු කරන්නේ දැඩි නීතිගරුක පුද්ගලයෙක් සහ කීර්තිමත් ඉතිහාසයක් තියන කිසිවකට බය නැති දප්පුල ලිවේර වැනි නිලදාරියෙක් අදාළ ස්ථානයට පත් කිරීමයි. හැබැයි ඔහු නොදන්නේ මේ පුද්ගලයා ජේ ආර් ජයවද්දන යුගයේ නෙවිල් සමරකෝන් වැනි මහත්මයෙක් බවයි, ඔබට දැකගන්න පුළුවන් ඉදිරි අනාගතයේ මේ නිලදාරියා සිරිසේනගේ මිනිසුන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන විට ඔහුව ඉවත්කිරීමට උත්සහ ගන්න හැටි.

    දැනට රනිල්වත් මහින්දවත් පාලනයට මෙවැනි කිසිවෙකුට බය නැති නිලදාරියෙක් උවමනා වෙනවා.

    දැන් බලමු රවී ගේ දුෂණය ගැන මහින්ද බලන විදිය https://www.youtube.com/watch?v=VlopPwrVVIw මහින්ද දන්නවා ඉදිරියේ ඇති අනතුර ඔහු රවිට සහයෝගය දෙනවා ඇයි ? මොකද මේ දුෂිතයන් ට දදුව්වම් දීම පටන් ගත්තහම තමන්ටත් දඩුවම් ලැබෙන බව ඔහුගේ පරිනත කපටි මොලේට තේරෙනවා, යම් විදියකින් රවී ගේ චෝදනා යටගහ ගන්න පුලුවන්නම් ඔහු දන්නවා ඔහුගේ චෝදනාත් ඒ ආකාය්රයෙන්ම යටගහන්න පුළුවන් කියල.

    දැන් සිරිසේන ගේ පැත්තෙන් බලපුහම රනිල්වත් රවී වත් කපපු ගමන් එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසකගේ සහය තමන්ට ගන්න පුළුවන් වගේම මහින්ද සහ ඔහුගේ කල්ලියට වැඩේ දුන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඔහුට ලැබෙනවා.

    දැන් තමයි ඉතිහාසයි හාස්‍ය ජනක සිදුවීම දකින්නේ ඒ තමයි රනිල් පර්ශවය මහින්දට එලිපිට සහයෝගය දෙන ගමන් මහින්ද ප්ර්ශවය ප්‍රසිද්දියේ රනිල් රවී දෙපලට සහයෝගය දෙනවා.

    බලපුවහම රනිල් ,රවී, මහින්ද සිරිසේන කියන්නේ මංකොල්ලකාරී හොරු රැලක් විතරයි, ඉහත කිව්ව නියාය තේරුම් ගන්න බැරි මෝඩ බයියෝයි ටෝය්යෝයි එකිනෙකාට කඩේ යාමක් කරන්නේ,

    හැබැයි මම මෙතන දකින්නේ රටේ මිනිසුන් ගේ පැත්තෙන් සාදනිය තත්වයක් කියල මොකද මේ බලු පොරයෙන් එකිනෙකා හපාගන්න ගේන නිති වලින් සාමාන්‍ය මින්සුන්ට යම් ප්‍රතිලාබයක් ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. Lanka Sithuwili,

      රවී කරුණානායක ජනාධිපති කොමිසමට දුන් සාක්කි හා පරීක්ෂකයින් ඇසූ පැන පිලිබඳ වාර්තාවක් බී.බී.සී සිංහල සේවයේ පලවී තිබුණා. (එය පහලින් ඇත )

      සාරාංශය වන්නේ විවාදයට තුඩුදී ඇති නිවස සොයාගෙන ඇත්තේ සිය බිරිඳ හා දියණිය බවත්, ඔහු ඒ නිවස ඇලෝසියස්ගේ / කුලී ගෙව්වේ ඇලෝසියස් බව නොදන්නා බවත්ය.

      ඇත්ත නැත්ත අපි දන්නේ නැත. පිලාස්ටික් හාල් කතාවද ඇත්ත බව රටේ මිනිස්සු හා මාධ්‍ය පිලිගත් කාලයක්ද තිබූ බව සිහි තබාගෙන, රවී කියුවායයි බී.බී.සියේ තිබූ එක් කරුණක් මතු කරන්න කැමතියි.

      තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට දැයි, එක් අවස්ථාවක දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් ප්‍රශ්න කළවිට ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය හේතුවෙන් බවය.

      මේ කතාව ඇත්ත බව කවුරුන්ටත් වඩා දන්නේ මහින්ද රාජපක්ෂය. රවීගේ විශ්වාසභංගයට අත්සන් නොකරන බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටින්නේ ඒනිසා විය යුතුය.

      Delete
    2. BBC SINHALA වාර්තාව :

      තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව රවී කරුණානායක ඇමතිවරයා පවසයි.
      ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ය.
      නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිසුරු මඬුල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ තමා ඒ බව පළමුව දැන ගත්තේ පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමකට ලක් වූ අවස්ථාවේ දී බවය.

      මෙම නිවස දේශපාලනඥයෙකුට කුලියට දීමට අදාළ නිවසේ අයිතිකාරිය අකමැතිවීම හේතුවෙන් තම පවුලේ හිතවතෙකු වන අර්ජුන් ඇලෝසියස් සිය සමාගම හරහා මුදල් ගෙවා ඇති බව ඇමතිවරයා කියා සිටියේය.
      'බැඳියාවන් අතර ඝට්ටනයක්'

      මෙම ගනුදෙනුවට තමා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් තම බිරිඳ සහ දියණිය විසින් මෙම නිවස සොයාගනු ලැබ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
      "මම කිසිවක් දැන හිටියේ නැහැ. (I knew nothing)" යනුවෙන් රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

      මෙහිදී විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කර සිටියේ මෙම නිවස වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් ගේ සමාගමකින් කුලිය ගෙවන බව දැන සිටියේ නම් තමා එහි පදිංචියට යන්නේද යන වගය.

      ඒ බවක් තමා කලින් දැන සිටියේ නම්, එම ගනුදෙනුව තුළ 'බැඳියාවන් අතර ඝට්ටනයක්' (Conflict of Interest) පවතින හෙයින් එම නිවසේ පදිංචියට යාම සිදු නොවනු ඇති බව හිටපු මුදල් අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තේය.

      Delete
    3. කෙසේ නමුත් නිවස කුලියට ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් ගේ සමාගම විසින් මෙතෙක් ගෙවනු ලැබ ඇති මුදල තම බිරිඳ සහ දියණිය නැවතත් එම සමාගමට ගෙවා ඇති බවත්, ඒ බව ඔප්පු කිරීම සඳහා රිසිට් පතක් ඉදිරි දිනක දී ඉදිරිපත් කළ හැකි බවත් ඇමතිවරයා පැවසීය.

      නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රශ්න ඇසීම මෙහෙයවූ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා ඉතා දැඩි ලෙස උද්වේගකර ස්වභාවයකින් හරස් ප්‍රශ්න ඇසීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක් හට ගත්තේය.

      වරෙක ඔහු ඇමතිවරයා පිළිබඳව ප්‍රකාශයක් කරමින් "ඔහු බොරු කියනවා (He is lying)" යනුවෙන් ද පැවසීය.

      උණුසුම් තත්වය හමුවේ මැදිහත් වූ විනිසුරු මඬුල්ල, අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට තරයේ අවවාද කරමින් කියා සිටියේ උද්වේගකර නොවී වෘත්තීය මට්ටමින් ප්‍රශ්න කරන ලෙසය.


      "මම කිසිවක් දැන හිටියේ නැහැ. (I knew nothing)"

      විදේශ අමාත්‍ය රවී කරුණානායක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ අද (අගෝස්තු 02) පෙරවරු 9.45ට පමණය. පෙරවරු 10.20ට පමණ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

      හිටපු මුදල් ඇමතිවරයාගෙන් මුලින්ම විමසන ලද්දේ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය.

      විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් රවී කරුණානායක ඇමතිවරයා ප්‍රකාශ කළේය.

      ඒ හැරෙන්නට තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.
      වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවලින් ද ඉවත් වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

      කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස් දෙතුන් වතාවක් මුදල් අමාත්‍යංශයට පැමිණි බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු මුදල් ඇමතිවරයා පිළිගත්තේය.

      Delete
    4. නමුත් එහිදී කිසිදු අවස්ථාවක ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව සාකච්ඡා නොකළ බව රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

      ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ගේ දුරකතනයෙන් ලබාගත් දත්ත ඇතුළත්, පිටු 8600ක වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ තබන ලදී.

      ඔහුගේ ජංගම දුරකතනයෙන් මකා දමා ඇති දත්තයන් ද විශේෂඥයන් ලවා නැවත ප්‍රකෘති කොට මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවත් ඒ අතර ඉතා සංවේදී සහ වැදගත් වූ තොරතුරු පවතින බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

      අර්ජුන් ඇලෝසියස් ගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩ කිහිපයක සඳහන් තොරතුරු පිළිබඳව රවී කරුණානායක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ඉන් අනතුරුව ආරම්භ විය.

      මෙහි ඇතැම් කෙටි පණිවිඩ තුළ තමන්ගේ නම සඳහන් වී තිබීම පිළිබඳව විමසු අවස්ථාවේ රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

      "PM" ලෙස සඳහන් වී තිබුණු කෙටි පණිවිඩ කිහිපයක් ගැනද මෙහිදී අනාවරණය වූ අතර එක් පණිවිඩයක සඳහන් වුයේ PM ට සහ RAVIK සහය පිණිස සාමාජ ජාල ගොසිප් කොලමක් ආරම්භ කිරීම සම්බන්ධයෙනි. PM සමග US Treasury රැස්වීමක් ගැන සඳහන් කෙටි පණිවිඩයක් එහි අන්තර් ගතව තිබු බව එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

      එසේම "මුල්‍ය මණ්ඩල රැස්වීම් පත්‍රිකා සම්බන්ධයෙන් Hon. PM සහ RK වෙතින් විමසීමට කෙරෙන මතක් කිරීමක්" වශයෙන් අර්ජුන් ඇලෝසියස්ගේ ලේකම්වරයා ඔහු වෙත එවන ලද ඉංග්‍රීසි බසින් සටහන්වූ කෙටි පණිවිඩයක් ද නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළේය.

      එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව දැක්වෙන සටහනක් සහිත කෙටි පණිවිඩයක් පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී විමසීමක් කළේය.

      අර්ජුන් ඇලෝසියස් එම පුවත්පතට මුදල් සපයා ඇති බවක් පෙනෙන්නට ඇතැයි, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

      කෙසේ නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඒ කිසිවකට තමන්ගේ සම්බන්ධතාවක් නොමැති බවත් ය.

      13 වතාවක් සිංගප්පුරුවේ දී
      නීති පති දෙපාර්තමේන්තුව විසින් මීළඟට ඉදිරිපත් කරන ලද්දේ රවි කරුණානායක ඇමතිවරයා සිංගප්පුරුවේ කළ සංචාරයන් පිළිබඳ වාර්තාවකි. ඔහු සිංගප්පුරුවට ගිය අවස්ථා 13කදී අර්ජුන් ඇලෝසියස් ද සිංගප්පුරුවේ සිට ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

      අවස්ථා කිහිපයක දී අර්ජුන් ඇලෝසියස් තමන්ට සිංගප්පුරුවේ දී මුණ ගැසී ඇති නමුත් ඒවා කලින් සැලසුම් කළ හමුවීම් නොවන බව ඇමතිවරයා පැවසීය.

      තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට දැයි, එක් අවස්ථාවක දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් ප්‍රශ්න කළවිට ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය හේතුවෙන් බවය.

      අනතුරුව දිවා ආහාරය වෙනුවෙන් සභාවේ කටයුතු නතර කරන ලදී.

      Delete
    5. Lankika SithuwiliAugust 5, 2017 at 10:41 PM
      //දැන් බලමු රවී ගේ දුෂණය ගැන මහින්ද බලන විදිය හ්ට්ට්ප්ස්://ව්ව්ව්.යොඋටුබෙ.cඔම්/වට්ච්?ව්=Vලොප්ඵ්ව්‍රVVඓව් මහින්ද දන්නවා ඉදිරියේ ඇති අනතුර ඔහු රවිට සහයෝගය දෙනවා ඇයි ? මොකද මේ දුෂිතයන් ට දදුව්වම් දීම පටන් ගත්තහම තමන්ටත් දඩුවම් ලැබෙන බව ඔහුගේ පරිනත කපටි මොලේට තේරෙනවා,//

      සිතුවිලි මහින්ද ඇත්තටම හොරා කාල තියෙනව කියන්ඩ සාක්කි තියෙනවනම්, මහින්ද සමග මෙච්ච්ර බද්ධ වෛරයෙන් පෙලෙන මෛත්‍රීට තිබ්බේ මුලින්ම මේ විදිහටම ජානාදිපති කොම්ශන් සභා 7 ක් දාන්ඩ, මහින්දට, නාමල්ට,යෝශිත්ට,තුන් වැනි කොල්ලට,ශිරන්තිට, බැසිල්ට ගෝඪා ට. එහෙනම් මේ වෙනකොට හිරේ දාන එක කෙසේ වෙතත් රවීගෙ වගේ සාක්කි එලියට ඇවිත් මහජනතාව අතරේ අද රවී, රනිල් මෛත්‍රී වැටිලා ඉන්න බල්ල මාර්ක් එකට රාජපක්ශලත් වැටිල. ඒවා නොකර හැමදාම හොරා හොරා හෙට අල්ලනව අනිදා අල්ලනව වගේ මෝඩ ටෝක් දීල ඔබ තුමාලා වගේ නූගත්මෝඩයො කීප දෙන්ක් රවට්ට ගන්ඩ පුලුවන් කියලා මෝඩ මෛත්‍රීටත් තේරිලා නිසා. රාජිත කාලිකට ඉස්සෙල්ල කිව්ව මහින්දලා ඩො.ම් 1300 ගානක් (අන්තිම ඉලක්කමටම කිවා) හන්ග ගෙන ඉන්නව මාසෙකින් ලන්කාවට ගේනව කියල. අද පත්තරේකට ටොමී අජිත් කියනව ඩො.මි 500 ක් කියල. එතකොට අඩු වෙච්චි ටික මෛත්‍රී හොරා කාලද කියල කවුරුවත් අහන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.

      මහා දූශන කොමිසමට මහින්ද, අරන් ගියා. ස්වාදීන රූපවාහිනියෙ ජනාදිපති මැතිවරන කාලේ මෛත්‍රීගෙන් සල්ලි හොරකම් කරල මහින්දගෙ කැම්පෙන් එකට දුන්න කියල. මුලදි හොරා කෑව කිව්ව ගනන දවසින් දවස අඩු වෙලා ගිහින් දැන් චෝදනාව අයින් කර ගෙන. ගෝඨගේ කේස් එකෙත් දැන් චෝදනා වෙනස් කරන්ඩ ඕනෙලු. මොකද දැන් නේවි එකෙන් හොයනවට වඩා ගනනක් ඒ කාලේ ලාභාංශ හා ටැක්ස් විදිහට රජයට ලැබිල තියෙන නිසා. ඒ පාර තමා මිග් එක එලියට අරන් තියෙන්නෙ.

      Delete
    6. මම නම් රවී ගෙ මේ කතාව 100% ක් විශ්වාස කරනවා.
      මට මතකයි බටලන්ද කොමිශම රනිල්ගෙන් ප්‍රශ්න කරන කොට, රනිල් කිව්වේද මට මතක නැහැ, මම දන්නෙ නැහැ වැනි උත්තරය. ඔහු එම වදකාගාරයට නිතර අවා ගිය බව ඉදිරිපත් උනි සාක්කි හමුවේ ඔහුට පිලිගන්නට සිදු විය. එවිට ඔහු කීවේ එය වදකාගාරයක් බව තමා දැන නොසිටි බවත් දැන සිටියෙ නම් නොපැමිනෙන බවය. එහි පොලොවේ සහ බිත්ති පුරා ඇති ලේ පැල්ලම් දුටු විට එවැනි දෙයක් තේරුනේ නැත්දැයි ඇසූවිට මේ නළුවෙක් නොවන මොලය කියා සිටියේ, ඒවා රැඳවියන් ඔවුනොවුන් සමග කලහ කර ගැනීමේදී ඇති වූ පැල්ලම් කියාය.

      එහෙව් රනිල්ට ඉන් පසුවත් තෙවරක්ම මෙරට් අගමැති කරන්නට ලක්ශ 40 කට වඩා පිරිසක් දශක 2 ක් තිස්සේ මේ දේ පිලිගෙන චන්දය දේයි නම් සහ නෙළුම් අජිත්ලා, ලන්සි ඉයන්ලා වැනි අය එය ඇත්ත යයි තවුරු කරන්නට ලොකේ නැති බොරු කියාපාත්දී රවීගේ කතාව ඒ තරම් ලොකු බොරුවක් යයි මට නොසිතේ

      Delete
  4. සරස

    මේක හරි වැදගත් කතාවක්, ඉන්දීය ආයෝජකයෙකු වෙත හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ බදු දීමට තිරණය කර ඇති බව අශෝක අබේසිංහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති පවසයි.

    දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්චා පවත්වා ඇති බවත් ඒවා ඉතා සාර්ථකත්වයට පැමිණ ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

    තව දුරටත් රජයට මෙම ණය කන්ද ඔසවාගෙන යාමට නොහැකි නිසා ලගදීම විදේශ ආයෝජකයෙකුට ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

    ReplyDelete
  5. මහනුවර මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සදහා මුල්ගල් තැබීම සහ අවසන් කළ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ සිදුකෙරිනි.

    එහිදී රුපියල් මිලියන 1,000 ක මුදලකින් ඉදිකරන නව හෙද විද්‍යාලයට මුල්ගල් තැබීම, නව පිළිකා රෝහලේ ඉදිකිරීම් නිරික්ෂණය කිරිම, අභිනව හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරිම, හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම, අවයව බද්ධ කිරීමෙි සායන මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

    මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීම සදහා 2017 වසරේ දී රුපියල් මිලියන 8500 ක් වැය කරනවා. සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා මෙම වසරේ දී රුපියල් බිලියන 235 ක් වෙන් කර තිඛෙනවා. ඒ යටතේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විවිධ වැඩසටහන් දියත් කර තිඛෙනවා. රජය විසින් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයින්ට ලබා දුන්නා. සෞඛ්‍ය සේවාවේ අනෙකුත් කාර්ය මණ්ඩල සදහා ද වෙනම දීමනා ලබාදීමට මම කටයුතු කළා. වෛද්‍යවරුන්ට රජයෙන් වැඩිකළ රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද රුපියල් 10,000 ක් වැඩි කළා. ඔවුන්ට රුපියල් 20,000 ක් ලැඛෙනවා. හෙද සේවාවේ හිඟ අතිකාල දීමනා ලබාදීමට පියවර ගත්තා. නමුත් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරනවා. එය සිදු කරන්නේ මාලඹෙි පෞද්ගලික වෛද්‍ය ව්ද්‍යාලය අල්ලාගෙන. සෞඛ්‍ය සේවාව තුල එය කුඩා සංකේතයක් පමණයි. අසරණ රෝගී ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මා පත්වූවායින් පසු විශේෂ සේවාවන් 24 ක් දියත් කර තිඛෙනවා. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් වල මිල අඩු කිරීමට පියවර ගත්තා, නමුත් අපේ රටේ කථා කරන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීම පමණයි. ස්ටෙන්ස් මිල ලක්ෂ ගණනකින් අඩු කර තිඛෙනවා. ජිව්තයේ පරම ලාභය සෞඛ්‍ය බව බුදුරජාණන් වහන්සේ ද දේශනා කළා. නිදහස් සෞඛ්‍ය සේවාව වත්මන් රජය යටතේ අකුරටම සිදු වෙනවා. සටන් පාඨ වාචාලකම් ප්‍රකාශ කරන අයට මම අභියෝග කරනවා මෙවැනි නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදෙන තවත් රටවල් හදුන්වා දෙන්න කියලා. මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කරන අයත් ඉන්නවා. ශ්‍රී ලංකාවේ රෝහල් සංවර්ධනය කිරිම සදහා ජපානය විශේෂ මුල්‍ය ප්‍රදාන ලබාදිමට එකඟ වී තිඛෙනවා. මෙම සංවර්ධන වැඩසටහන් දියත් කිරිමට ප්‍රථම ඇතැම් පුද්ගලයින්ට රජය පෙරලා දැමීමෙි උවමනාවක් මතුව තිඛෙනවා. නමුත් අභීයෝග මැද රජය ඉදිරියටම යනවා.

    – ප‍්‍රසන්න අධිකාරී

    ReplyDelete
  6. Most Probably... it will happen very soon

    ReplyDelete
  7. සීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ශිරන්ති රාජපක්ෂට පසුගිය ජුලි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඇය එදින පැමිණීමට නොහැකි බව නීතීඥවරුන් මාර්ගයෙන් දන්වා යවා තිබිණි. ජුලි 28 වන දා යෝශිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන මෙන් දැනුම් දී තිබුණ ද ඔහු සිය පාදයේ ශල්‍යකර්මයක් හේතුවෙන් ඇඳ විවේක ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව පවසා වෙනත් දිනයක් ඉල්ලා තිබිණි. එසේ වුවත් අප වෙත වාර්තා වන පරිදි යෝශිත සහ නාමල් රාජපක්ෂ ජුලි 28 වන දින වෛද්‍ය උපදේශ පසෙක තබා අම්පාරේ සංචාරයකට ගොස් ඇත. කෙසේ වෙතත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති සහ ඒ දෙපළගේ දෙවන පුතු වන යෝශිත දැනට සිටින්නේ තමන් අත් අඩංගුවට පත් වනු ඇතැයි මර බියෙනි. ශිරන්ති සහ යෝශිත දෙදෙනාට ම අගෝස්තු 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණෙන ලෙස අළුතින් දැනුම් දී තිබේ.




    ඒ අනුව මේ දිනවල සුලභ දසුනක් වී ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ කැළණි රජ මහා විහාර වන්දනාවයි. කතාවට නම් කියන්නේ 'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ' කියාය. එහෙත් තමන් කළ පව් ප්‍රමාණය තමන් ම දන්නා නිසා දෝ ශිරන්ති නිතර දෙවේලේ කැළණිය වඳින්නට පටන් ගෙන තිබේ. කැළණිය රජ මහා විහාරයේ විහාරාධිපති මහින්ද සංඝරක්ඛිත හිමියන් ද ශිරන්තිව උඩ මළුවට ම කැඳවාගෙන යන අතර ඇය දන්නා තරම් ගාථා කියමින් බෝධියෙන් ගැලවීම ඉල්ලා සිටී. කතාවට අදාල නොමැති වුවද කාන්තාවන් සාමාන්‍යයෙන් වැද්ද නොගන්නා උඩ මළුවට ශිරන්තිට ප්‍රවේශය ලබා දීමෙන් ඊනියා කාන්තා විරෝධය බිඳහෙළීම පිළිබඳව නම් සංඝරක්ඛිත හිමියන්ට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය. කෙසේ වෙතත් ශිරන්තිගේ මේ දිනවල සම්පූර්ණ දින චර්යාව සැකසී ඇත්තේ නොයෙකුත් නල්ලමලේ පූජාවන් සමඟය.


    මෙය කොතෙක් දුර දිග ගොස් ඇතිද කියනවා නම් මේ දිනවල ශිරන්ති රාජපක්ෂ නොයනා දේවාලයක් නොමැති තරම් ය. කොහේ හෝ සිටින ගල් බමුණෙක් පැමිණ 'ආං අහවල් තැන බෝ පැළයේ මහා අනුහස් ඇතැයි' කීවා නම් පසුදාට ශිරන්ති එතැනය. මෙහි අවසාන තුරුම්පුව වශයෙන් ලබන සතියේ 14 වනදාට පෙර ඉන්දියාවෙන් කට්ටඩි ගෙන්වා තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ කරනා නසරාණි CID විමර්ශකයින්ගේ පවුල් පිටින් හැඳිගෑවී යන ලෙස ඉල්ලා හූනියම් කිරීමට නියමිතය. ( කට්ටඩි කියා ලිවීමට යන වාරයක් පාසා ලියැවෙන්නේ ම තක්කඩි කියාය. අකුරු වෙනස් වුවත් කෙරුවාව එකය. එසේ වෙතත් 2014 අවසාන භාගයේදී මහින්දට ලණුදී රට බේරා ගත්තේද මෙකී තක්කඩි විසින්ම බව ද නොසලකා හැරිය නොහැක.)

    ReplyDelete
  8. අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .
    2.තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.
    3.එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි.එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.
    4.ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය.එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.
    5.නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.
    6.තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය.නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.
    7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.
    8.1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.
    9.යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද ?
    තමන්ගෙ ගෝල බාලයන්ට එකී භුමිය බෙදා දීමේ නිර්ලජ්ජිත උත්සාහය අහිමි වුයේ ඔබගෙ පාලනය ජනවාරි 8න් අවසන් වු නිසවෙන් නොවේද?

    ReplyDelete
  9. අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .
    2.තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.
    3.එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි.එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.
    4.ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය.එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.
    5.නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.
    6.තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය.නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.
    7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  10. 8.1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.
    9.යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද ?
    තමන්ගෙ ගෝල බාලයන්ට එකී භුමිය බෙදා දීමේ නිර්ලජ්ජිත උත්සාහය අහිමි වුයේ ඔබගෙ පාලනය ජනවාරි 8න් අවසන් වු නිසවෙන් නොවේද?

    ReplyDelete
  11. මහින්ද රාජපක්ෂ යුගය ද පදනම්ව තිබුනේ මුළුමනින්ම නව ලිබරල්වාදී ව්‍යාපෘතිය මතය. එහෙත් ඒ ප්‍රතිපත්තිය වසා ගැනීමට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය පෙරට ගැනීමට ඔහු සමත් විය. රාජපක්ෂ රෙජීමයේ න්‍යායවාදීන් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ඉසමත්තට ගත්තේම එමගින් නව ලිබරල් ව්‍යාපෘතිය ආවරණය කර ගැනීමට ය. එහෙත් මහින්ද රාජපක්ෂ අවශ්‍ය පරිදි උපායමාර්ගයන් තුළ සිටිමින් බටහිරට අවශ්‍ය ආර්ථික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය. එහෙව් මහින්ද රාජපක්ෂ සිහිනෙන් අවදි වූ අයකු මෙන් වත්මන් සම්මුතික ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරීත්වයට විරුද්ධවීම අර්ථහිරහිතය.

    එමගින් ගම‍ය වන්නේ මහින්ද රාජපක්ෂට ආණ්ඩු වීරෝධී දේශපාලනයක නිරත වී අලුත් ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට නොහැකි බව නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක මහින්ද රාජපක්ෂට ඒ ඉඩකඩ පවතී. එහෙත් ඔහු මෙන්ම ඔහුට සහාය වන ඒකාබද්ධ විපක්ෂය ද ඒ අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අලුතින් සිතිය යුතුය. අලුතින් හැරවුමක් ගත යුතුය. අලුත් දේශපාලන ගමනක් ඇරඹිය යුතුය.

    පළමුව කළ යුත්තේ තමන් ආණ්ඩුව දැරූ වසර දහය තුළ සිදු කළ දැ ගැන දේශපාලනික ආවර්ජනයක් කිරීමයි. එමගින් තමන් විසින් කළේ කුමක් ද නොකළේ කුමක්දැයි තීරණය කළ යුතුය. යම් වරදක් සිදුව ඇත්නම් සමාජය ඉදිරියේ එය නොවලහා ප්‍රකාශ කර වරද පිළිගැනීම දේශපාලන ව්‍යාපාරයකට ලැජ්ජාවට හේතුවක් නොවේ. අලුත් දේශපාලන ගමනක ආරම්භය වන්නේ එයයි.

    එසේම පැරණි ප්‍රතිපත්ති හා අලුත් ප්‍රතිපත්ති ගැන සිතමින් ද ආවර්ජනය කරමින් ද විවේචනය කරමින් ද තමන් විසින් මහජනයා ඉදිරියේ තබන උපාය මාර්ගයන් හා ක්‍රමෝපායන් පැහැදිලිව හදුනා ගත යුතුය. ඒ උපාය මාර්ගයන් හා ක්‍රමෝපායන් සම්මුතික ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට එකග නම් එය ද පැහැදිලිව කිව හැකි විය යුතුය. එකග නොවේ නම් එසේ වන තැන පෙන්වා දී අලුත් ප්‍රතිපත්තිය හදුන්වා දිය යුතුය. නමුත් මහින්ද රාජපක්ෂත් ඔහුගේ ගෝල නඩයත් කරන්නේ පරණ ප්‍රතිපත්ති දරමින්ම පරණ ක්‍රමෝපායන් දරමින්ම ආණ්ඩුවේ පර්තිපත්ති හා ක්‍රියාත්මකවීම විවේචනය කිරීමයි. එය තමන්ගේ මෙන්ම රටේ ද අභිවෘද්ධියට අබමල් රේණුවක දායකත්වයක් දරන්නේ නැත.

    මේ කාර්ය කළ යුත්තේ මහින්ද රාජපක්ෂවත් ඒකාබද්ධ විපක්ෂයවත් පෞද්ගලිකව මැදිහත්ව නොවේ. තම දේශපාලන ව්‍යාපාරයේ බුද්ධිමය එකතුව ඒ සදහා යොදවා ගැනීමට ඔවුන් සමත් විය යුතුය. බුද්ධිමය පිරිස සකස් කරන අලුත් වැඩපිළිවෙල අහ්දුනා ගැනීමට මහින්ද රාජපක්ෂ හා සහ පිරිස සමත් විය යුතුය. එවැනි සංවිධිත වැඩපිළිවෙලකින් තොරව දේශපාලනයට ප්‍රවේශවීම මහින්ද රාජපක්ෂට තරම් නොවේ. එසේ කරන්නට කරන්නට ඔහු ඇද වැටෙන්නේ පතුලක් නොපෙනෙන අගාධයකට ය. එය මහින්ද රාජපක්ෂගේ දේශපාලන පස මිතුරන්ට සැහැල්ලුවට හේතුවක් විය හැකිය. එහෙත් ඔහු වටා සිටින ජන කොටසට එය අසාධාරණයක් බව තේරුම් නොගන්නට තරම් මහින්ද රාජපක්ෂ දේශපාලනිකව නොමේරූ පුද්ගලයකු නොවේ.

    ReplyDelete
  12. Sa rasa, You must try remove these irreverent (to the post) comments. These idiots make it so hard to read valuable and engaging comments.

    ReplyDelete
  13. Mathugama pragnaya thama athinma thama sarama galawaganimin jokath galawagena prasiddhiye heluwa pennana alankaramaya jugupsajanaka nadagama dan ohuge blog padanguwe siyaludena idiriye penwana akaraya balanna.. Kawuru ho maha pragnayek apakshapathi buddhimathek kiya abamal renuwaka ho prathirupayak me minisa gana thabagena hitiya nam ema rawatilla putupasa athi heluwa kisi hirikithayakin thorawa penwanu labe. Mehidee kriyathmaka wanne kiyana tharam yaka kalu natha yana nyayen raviyatath tikak banala uge post eka araksha kara deemayi. Umbe oya ashuddha salli walin kanna deela umbe ahinsaka daruwantath awamanayak paro!!

    ReplyDelete
  14. දේශපාලන ගොහොරු බිමේ මහින්දට හොරා හොරා කියූ ජූ එන් පී ඇම්බැට්ටයන් හට සහ ඔවුන් ගේ ගෝලයන් ට...... ඥානසාර සරණයි මතු බුදුවෙයි

    ReplyDelete
  15. හැට දෙලක්ෂයක් ජනතාවගෙ යහ පාලන සිහිනය උලා කාපු හරක් රැල! වෘකයන් සමුහයක් මන්ත්‍රින් වශයෙන් ඇති හංසයාට වඩා හංසයන් සමුහයක් මන්ත්‍රින් වශයෙන් ඇති වෘකයා රජකමට සුදුසුය කියල තේරෙන්නෙ මේ වෙලාවට!

    ReplyDelete
  16. සරස,

    විදේශ ඇමති රවී බරපතල අමාරුවක දමන්නට හේතුවූ කොල්ලුපිටියේ මොනැක් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක දෙකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය මෙතරම් දුරදිග ගියේ එහි හිටපු හිමිකාරිණිය වූ අනිකා විනෝදිනී විජේසූරිය දිගින් දිගටම එහි කරුණු සඟවන්නේ නැතිව කොමිසම වෙත ඉදිරිපත් කළ නිසාය.ගිවිසුම් විනාශ කරන ලෙස ඇලෝසියස් ඉල්ලීම් කර තිබියදීත් ඒවා විනාශ නොකරන්නටත් අකුරක් නෑර සාක්ෂි සහිතව ඒවා ගෙන හැර දක්වන්නටත් ඇය කටයුතු කරන ලදි.
    කොලම්බු ටෙලිග්‍රාෆ් ලිපියකින් අනාවරණය කර තිබෙන්නේ අනිකා විනෝදිනී යනු අර්ජුන් ඇලෝසියස් විවාහ වෙන්නට ප්‍රථම
    පෙම්වතියවී සිටි තැනැත්තිය බවයි.
    අනිකාත්,ඇලෝසියසුත්,රවීගේ දුව ඔනෙලාත් ග්‍රෙගරි පාරේ පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගත් මිතුරන් වූ බව ඇය ජනාධිපති කොමිසම හමුවේදීද කියා තිබුණි. නමුත් පෙම් සබඳතාවයක් ගැන හෙළි කර තිබුනේ නැත. අනිකා විනෝදිනී උපතින්ම ධනවත් පැළැන්තියට අයත්වූ කෙනෙකි. ප්‍රකට ව්‍යාපාරික නහිල් විජේසූරිය යනු අනිකාගේ පියාය.

    ETV channel අයිතිව ති්බ්බේ අනිකා විනෝදිනී ගෙ තාත්තට (නහිල් විජේසූරිය). පස්සෙ Swarnavahini උනේ ඒක. එයාට නඩුවැටුන විදේශ channel වල program re telecast කරනව කියල. මිනිහගෙ තර්කය වුනේ අහසේ තියෙන තරංග අල්ලා ගැනිම වරදක් නැත කියල. මිනිහ නඩුව දිනුව. ලංකාව කවද්ද copywrite policy වලට ගරුකරේ. එහෙම ඒව තියනව කියල දැනගත්තෙ ඔය නඩුවෙන් පස්සෙ, ඔහු රනිල්ගේ ආණ්ඩුවේ සතොස ප්‍රධානියා වුණා. වැඩි කල් නොගොස් ඉල්ලා අස්වුණා. රවී එතකොට සතොස භාරව සිටියේ.

    ReplyDelete
    Replies
    1. බැලු බැල්මටම කහිල්ද බල්ලෝ මරල හෝ සල්ලි හොයන ව්‍යාපාරිකයෙකු වගේ. එවැන්නන්ගේ ඇත්තේ වැඩිහරියක් අසාධාරණව හම්බ කරපුවා. මිනිහ සතොසෙන් අයින් වෙන්න ඇත්තේ රවියා සතොස තනියම හොරා කාපු නිසා වෙන්න ඇති මිනිහට නොදී!

      Delete