Thursday, December 7, 2017

මල්ලෙ පොල් සහ කලටි පොල්


චායාරූප අන්තර්ජාලයෙනි
යහපාලනේ බලයට ඇවිත් ටික කලකින් ම එකාබද්ද විපක්ශේ කස්ටිය රට වටේම දේවාල වල පොල් ගසමින් සිරිසේනට සහ රනිල් ට එලොව පොල් පෙන්වන්න යැයි දෙවියන් ඇයැද සිටියහ.
එයට පිලිතුරු ලෙස සිරිසේනත් රනිලුත් මාසයකට දෙපාර ගානේ තිරුපති දේවාලයට හෙවත් දෙවියන් ගේ පර්මනන්ට් රෙසිඩන්ට් එකට ගිහින් රත්තරන් කිලෝ ගනනින් පූජා කර අපල දුරු කර දෙන්නැයි පැතූහ.
පොල් ගහලා අපලකරන්න කියලා ඉල්ලූ අය ගේ බලාපොරොත්තු කඩ කිරීමටත් බැරිය... තමාට කිලෝ ගනන් රත්තරන් පිදූ දෙදෙනාට අපක කරන්නත් බැරිය....

මේ උභතෝකොටිකයට මැදි වූ දෙවියන් වහන්සේ එතුමාට තිබූ එකම විකල්පය වන මහජනතාවට අපල කිරීම තෝරාගෙන තිබේ. 

පින්වතුනි, අද පොල්ගෙඩියක් රුපියල් එකසිය පනහකි! ඇමෙරිකානු ඩොලර් 1.20 පමන ය.

22 comments:

  1. 1.2 USD
    අපමණ අගයක්..
    ජයවේවා..!!

    ReplyDelete
  2. ආව්.. කාලෙකින්.. ජයවේවා!

    ReplyDelete
  3. අහෝ පොල් යනු අද සුපිරි භාණ්ඩයකි.. එලොව පොල් මෙලොවදී විකුණනවා විය යුතුය. :/

    ReplyDelete
  4. හුග කලකින් සරසා තුමා,

    ඔය දේසපාලනය තේරුම් ගැන පොඩි සටහනක් මම තිබ්බ.
    http://lankasithuwili.blogspot.com/2017/12/blog-post.html

    ReplyDelete
  5. එළොව පොල් පේනවා, නෙහ්...

    ReplyDelete
  6. වෙල්කම් බෑක් ලොකු සෑර්!
    බ්ලොග් තරාදිය එක පැත්තකට බර වෙලා තිබුනේ අපි ආයේ ඒක බැලන්ස් කරන්න බලමු.

    ReplyDelete
  7. //පින්වතුනි, අද පොල්ගෙඩියක් රුපියල් එකසිය පනහකි! ඇමෙරිකානු ඩොලර් 1.20 පමන ය.//
    රුපියල් 125ට ඇමරිකන් ඩොලර් ගන්න පුළුවන් තැන් තියෙනවද?

    Anyway, welcome back!

    ReplyDelete
  8. Welcome back Dr. Kumar, good comeback

    Wish you all the best for the new session. Cheers mate !

    ReplyDelete
  9. 1/2

    ඒ අසිරිමත් සංවාදශීලී සංවාදකරුවාගේ යළි පැමිණීම හෙවත් මල්ලේ පොල් වියුණු පුනරාගමනය …

    මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

    ඔබගේ නිහැඬියාව පසුගිය සමයෙහි මා මහත් කම්පාවට පත් කළ බව මම පළමු ව පවසමි. ඔබතුමන්ගේ නිහැඬියාවට හේතුකාරණ මම දනිමි. නාශනයේ අළුදුහුලි මැඳින් පීනික්ස් පක්‍ෂියා යම් සේ යළි නැඟි සිටියේ ද එලෙස ම ඔබතුමන් ද නැඟී සිටින බව මම නිසැක ව දැන සිටියෙමි. ඔබතුමන් නැති වියුණු ලොව මියගොස් ය. එහි කිසිඳු ජීව ප්‍රාණයක් නැත; බුද්ධිමය සංවාදයක් නැත. සර්වාධිකාරී වෘෂණාත්මභාෂණ හැර අන් බසක් ද නො ඇසිණ. ද්විභාෂාවෙහි ද බහුවිධ විසාහි ද හසළ එක් ආලෝචනකරුවකු හැර වෙන⁣කකු මම පසුගිය සමයෙහි දී නො දිටිමි; නො ඇසිමි; නො කියවීමි. ලූලා නැති තැන කනයා පණ්ඩිතයා වූ සේ ද දෙවිවරු පිය නඟන්නට නොරිසි තැන මෝඩයන් පිනුම් ගසනා සේ ද නෙක නෙක දඳ දනන්ගේ බහුරෑ කෝලම් ද හතරවිළිලැජ්ජාවේ බැරි ලියුම්කියුම් ද තැන තැන නිති නිති දැක ගන්නට, අසන්නට, කියවන්වට ලැබිණ.

    මම සිංහල වියුණු ලොවට පියමන් කිරීම නවතා දැමුවෙමි; තර්ජනගර්ජනවලට නොබිය මුත් සංස්කාරක මණ්ඩලය සමඟ එක් ව සාර්වජනික ක්ෂේත්‍රය ද නවතා දැමුවෙමි. රාජ්‍ය බලයෙහි මස් කටුවක් ලෙවකන්නට වර ලද, ගෙල රන් බැඳි බොහොඬකු ව මඳමානයෙන් විසඥ වූ, ඊනියා ස්ත්‍රීවාදයක් පිළිබඳ නිතොර නන්දොඩවන පැරණි වාම හිටපු-සහෝදරයෙක් බලය අවභාවිත කර අපගේ ලාංකික නියෝජිතවරියට හිරි කරන්නට වූයේ ය. අපි ඇයට වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව ලබා දී යුරෝපය වෙත ගෙන්වා ගත්තෙමු.

    මගේ භවභවාන්තර සන්මිත්‍ර අතිගරු සරසතුමනි, විසිවැනි ශතවර්ෂයෙහි දී දර්ශන විද්‍යා ක්ෂේත්‍රය විරාජමාන කළ ශ්‍රේෂ්ඨ ඔස්ට්‍රියානු වාග්විද්‍යා දාර්ශනික ආදිකේම්බ්‍රිජ් විද්‍යාර්ථී ලුඩිවිග් විට්ගන්ස්ටයින්හු වර්ෂ 1922 දී ස්වකීය අභිකෘතිය වූ Tractatus Logico-Philosophicus සඳහා පාදක වූ ප්‍රස්තුත සප්තකයෙහි අවසාන ප්‍රස්තුතය මෙසේ පැවසූහ:

    "Whereof one cannot speak, thereof one must be silent."

    අතිගරු සරසතුමනි, මම ඔබතුමන්ගේ පසුගිය කාලෝචිත නිහැඬියාව අලළා විට්ගන්ස්ටයිනියානු බස අවධාරනාධ්‍යාශ ව මෙසේ සකසා පවසමි:

    "Whereof one should not speak, thereof one must be silent."

    මානෙල් මල් කලඹක් විදුරවියකින් සිඳලන සේ ඔබතුමන් සතුරු සේනා අභිමුඛ ව ධීරවීර පා, ඔදතෙද පා සටන් කළ ආකාරය පිළිබඳ මතකය ආස්වාදනීය ය. පුහු කුතර්කයනට මුවා ව ඔබතුමන් සමඟ සටනට එළැඹි පුස්සෝ කිච ව, පච ව, ඔද්දල ව පලාගිය සැටි මට සිහි වේ. ඔබතුමන් වැනි සද්සුධීමතකුට එරෙහි ව අස්ථානීය, අභූත, අසත්‍ය සහ වෛරී චෝදනා නැඟුවෝ නෂ්ට ව ගියහ. අතීතය විසින් බොහෝ කල් නො ගොස් ම ධීම‍ත් කුමාර කළුආරච්චි ශ්‍රී නාමය නිර්දෝෂී කොට, නිදොස් කර ඇත. ඒ මනබඳන, මධුර, මනෝහර සරසාභිනාදය මෙතුන්ලොව කිසිවකුට යටපත් කළ නොහැකි ම ය. මක් නිසා ද යත් සරසාභිනාදය යනු භාවඥාන⁣ ගෝචර සත්‍යයේ නාදය බැවිනි; නිදහසේ කාහල නාදය බැවිනි; පොදුජනයාගේ විමුක්තියේ නාදය බැවිනි.

    අතිගරු සරසතුමනි, ඉතා නපුරු බියකරු සිහිනයක් වැනි යුගයක අවසන කරා අපි ශීඝ්‍රයෙන් එළඹෙමින් සිටිමු. ඉතා අපහසු යුගයක් අපි ගත කළෙමු. ගනඳුරු අලුයම නැ⁣ඟෙන අරුණලු සරක් මම අවිනිශ්චිත වර්තමානයෙන් අපැහැදිලි ව ඇති විදුර ආනගතයෙහි දකිමි. ඒ අනාගත ක්ෂේමභූමිය කරා ශ්‍රී ලාංකික ජනතාව ගෙන යන බුද්ධිමය සංවාද මණ්ඩපය මල්ලේ පොල් ය; එම ගමනේ පෙරගමන්කරු අතිගරු සරසතුමා ය. සියලු ජාතීන් සමඟියෙන්, සාමයෙන්, සහ අභිමානයෙන් එක ම රටක ජීවත් වන සොඳුරු අනාගතයක් පිළිබඳ දුරාතීතයෙහි දී මා තුළ දැල්වුණු දඪාපේක්ෂාව මරණය අබියස සුසුම්ලන වර්තමානයෙහි දී ද මා හදවතෙහි තවමත් නිවී ගොස් නැත. අතිගරු සරසතුමනි, එහෙව් නිදහසේ ස්වර්ගරාජ්‍යයට මාගේ දේශය අවදි කළ මැනවි; මාගේ අනාගත තරුණ පරම්පරාව ගෙන යනු මැනවි.

    මගේ සන්මිත්‍ර අතිගරු සරසතුමන්ගේ පුනරාගමනය මට මහත් සන්තෘප්තියකි; වාජීකරණයකි; ජීවප්‍රාණයකි. මිලින වූ දිවිකුසුම පුබුදන, සකල ඉඳුරන් කරන මෝහන, සතුට ගෙන දී මහඳ රසයන, සරස සාරස නුඹේ ඒ හඬ, ඇසුවෙම් මම යළිදු, පෙර කල කළ යම් පිනකට!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.


    cont…

    ReplyDelete
  10. 2/2

    පසුසටහන:

    සරසවාදී විද්වත් මල්ලේ පොල් වියුණු ප්‍රජාවේ සුධීමතුනි, අතිගරු සරසතුමා⁣ නිහඬ කරවීමට ව්‍යාජ නීති පලහිලව්වල එතුමා පටලවන්නට එතුමාගේ ප්‍රතිවාදීන් හෙවත් ලාංකීය උගත් බුද්ධිමතුනට වෛර කරන මුග්ධ රැළ නිබඳ ව උත්සාහ කරන බව අප මතකයෙහි තබා ගත යුතු ය. මල්ලේ පොල් සංවාද මණ්ඩපය අතිශය ආවශ්‍යයික තීරණාත්මක අවධියක අපි පසුවෙමු. එනිසා මල්ලේ පොල් වියුණුව අත්හිටුවන්නට හේතු වන හෝ/සහ අතිගරු සරසතුමා නෛතික ව අපහසුවට පත් වීමට හේකු වන කරුණු සහ අදහස් ආලෝචන ලෙස පළකිරීමෙන් වැළකීම මල්ලේ පොල් පාඨක අපගේ වගකීමකි. සැබෑ උගතකු, බුද්ධිමතකු, මානවහිතවාදී විශිෂ්ට වෛද්‍යවරයකු වන අතිගරු සරසතුමාගේ සද්ව්‍යායාමය අනාගත රජයක් යටතේ ගුවන්විදුලියට පැන ගැනීම නො වේ. අපගේ ජන්මභූමිය රැක ගෙන සෞභාග්‍යවත් අනාගතයන් කරා සකලවිධ ලාංකීය ජනයා ගෙන යන මාර්ගෝපදේශකයකු වීමේ පරාර්ථාභිලාෂය මිස අන් කිසිදු ආත්මාභිලාෂයක් අතිගරු සරසතුමනට නැත.

    End.

    ReplyDelete
  11. හොලි කව්
    කොහේද බං ගොහින් උන්නෙ?
    උඹ කොහොම හරි චන්දෙ ලං වෙනකොට කොහෙ ඉඳල හරි පාත් වෙනව නේ

    ReplyDelete
  12. අපොයි පොල් මිල මොකක්ද මේ වෙන වින්නැහි වල හැටියට

    ReplyDelete
  13. තොප දැකුමින් අප පිං කළ බව හැඟුණි.

    ReplyDelete
  14. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වළා රොදක සැගවිලා

    අපේ මීයුරු සා රාසා ...පෙනී සිටිනවා..

    ජයවේවා !!!!!!

    ReplyDelete
  15. අවසන එලොව පොල් පෙනී ඇත්තේ අපිට ය...

    ReplyDelete
  16. බුදු අම්මෝ..!! 🙈..!! සා රස තුමෝ..!! වෙල් කම් බැක් වේවා..!! 🙏..

    ReplyDelete
  17. When SaRasa Come to Town, Gon Toyyo Down

    ReplyDelete
  18. වැරදියි. ඔය පොල් ගහනවාට වඩා රත්තරන් බලවත්. පොල් ගාන නග්ගලා තියෙන්නේ එ්කයි.

    ReplyDelete
  19. Welcome back. Please keep doing what you had been doing before.
    We greatly missed you and your posts.

    ReplyDelete
  20. මේ දිනවල අඩු මිලට ගතහැකි ආහාර ද්‍රව්‍ය වලින් සෑදිය හැකි කෑම වට්ටෝරු ඉදිරිපත් කලයුතුයි.

    ReplyDelete
  21. කළු ....ඇයි බං නොලියන්නෙ?

    ReplyDelete
  22. Hi my friend! I wish to say that this post is amazing, great
    written and include almost all significant infos. I'd like to peer extra posts like
    this .

    ReplyDelete