Monday, May 14, 2018

හෆොයි.....

7 comments:

  1. Replies
    1. කල් ඉකුත් වූ වෙලෙඳ භාන්ඩ මහින්ද ගේ කඩේ... :)

      Delete
  2. අහෝ ලෝගෝව වෙනස් වී, පේරාදෙණියේ පහන් කණුවට කිම් වීද ?

    ReplyDelete
  3. ආචාර්ය කුමාර,

    ඔබ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපති කරලීමේ වියත්මග ව්‍යාපාරයට සම්බන්ධද? ඔබ ඔහු 2020 ජනපතිවනවාට කැමැතිද? නැත්නම් ඔබ යෝජනා කරන පුද්ගලයා කවුද? ගෝඨාභය 2019 දී ජනාධිපති ධුරයට ඉදිරිපත් කරන්න පිරිසක්, විශේෂයෙන් ම ඔහුට කැමති නාගරික ජාතිකවාදීන් සූදානම් වන බව පැහැදිලියි. මගෙත් අකමැත්තක් නැහැ. එහෙත් ඔහු වටා සිටින පිරිස් ගැන නම් මට පැහැදීමක් නැහැ. අද ගෝඨාභය වටා මෙන් ම බැසිල් වටා ද සිටින්නෙ ස්මාට් ජාතිකවාදීන්. විමල් හා ගම්මන්පිල ස්මාට් ජාතිකවාදීන් කියා මා හිතන්නේ නැහැ. භික්‍ෂූන් වහන්සේ ද ස්මාට් ජාතිකවාදීන් නොවෙයි.

    ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික විශේෂ මහ සම්මේලනය පෙරේදා (මැයි 13) දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැති අතර එයට 2100කට අධික පිරිසකට ආරාධනය කර තිබූ බවක් කියැවෙනවා. ඔවුන් අතර විද්වතුන් වෘත්තීයකයන් සිටි බව ද කියැවෙනවා. මෙයට විශාල මුදලක් යන්න ඇති. නැත්නම් හෝටලයෙන් වට්ටමක් ලැබෙන්න ඇති. ඒ කුමක් ද කියා අපට හරියට ම කියන්න බැහැ. එහි ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූයේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ඒජන්තයෙකු ලෙස ලංකාවේ ප්‍රකට මහාචාර්ය රොහාන් ගුණරත්න වීම කැපී පෙනන සිදුවීමකි. මහාචාර්ය රොහාන් ගුණරත්න යනු පසුගිය වකවානුවේ මහින්දවාදීන් විසින් ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙස හදුන්වාදුන් බටහිර ඒජන්තයෙකු යැයි ප්‍රකටවුවෙකි. දේශප්‍රේමය ඉදිරියට දමා ක්‍රියාත්මක වන ගෝඨාභයගේ දේශපාලනයේ සැබෑ නිරුවත මෙයින් තහවුරු වන බව රනිල් වික්‍රමසිංහ සහ එජාප මෛත්‍රී පිල වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන දේශපාලන විචාරකයින් කියාගන්නා UNP / My3 නලාකාරයින් මරහඬ තලමින් පැවසූහ.

    ඇමරිකානු පුරවැසිභාවය සහිතව සිටි පුද්ගලයෙකු වන ගෝඨාභයගේ දේශපාලන වැඩපිලිවෙලෙහි ප්‍රධාන භූමිකාවක් ඉටුකරන වියත්මග සංවිධානය තම විශේෂ මහ සම්මේලනයේ ප්‍රධාන දේශකයා ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්න සම්බන්ධ කරගැනීම මහින්ද පිලේ බොහෝ දෙනාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත. මේ හෙතුව නිසා පෙරේදා පැවැති මෙම සමුළුව ආචාර්ය නලීන් ද සිල්වා, විධ්‍ය (ආචාර්ය) ඡන්න ජයසුමන වැනි බොහෝ ජාතික චින්තනවාදීන් විසින් වර්ජනය කර ඇත.

    විශ්ව වද්‍යාල අචාර්යවරයෙකු වන වෛද්‍ය ඡන්න ජයසුමන මේ සම්බන්දයෙන් තම දැඩි විරෝධය මුහුණු පොත හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් දක්වා තිබුණි. ඔහු පෙන්වා දෙන්නෙ රොහාන් ගුණරක්න යනු පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා හමුදාවට යුද්ධය ජයගත නොහැකි බව ප්‍රකාශ කල පුද්ගලයෙකු බවයි. හැබැයි මෙතන සරදම කියන්නෙ රොහාන් ගුණරත්නට අනුව පරාද කරන්න බැරි කොටි මහින්දගෙ දේශපාලන නායකත්වයෙන් හා ගෝඨාභයගෙ හමුදා සැලසුම්වලින් පරාජය කෙරුණු එක. දී කිරට බළල්ලුත් සාක්කි කියනව වගේ දයාන් ජයතිලක නාන්න යන ගමන් ගෝඨාභය ගැන කී කතාවකුත් මුහුණු පොතේ පළවෙලා තිබුණා. මේ කට්ටියත් එක්ක ගෝඨාභයට නාගන්න වෙයි කියලත් හිතෙනවා.

    දැන් දැන් ගෝඨාභයට උපදෙස් දෙන අය පොදුවේ ගත් කල ඉන්ග්ලිශ් වලින් කතා කරන බටහිර විදිහට හිතන පතන අය. යම් ජාත්‍යන්තර මතවාද ඔවුන්ට බලපානවා. බැසිල්ටත් යම් ආකාරයකට ජාත්‍යන්තර මත බලපානවා. කවුරු ජනාධිපති ධුරයට තරග කළත් (එය අහෝසි නොකළොත්, ජවිපෙ ගෙන ආ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ ක්‍රමයක් යොදා නොගත්තෙත්) ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණවලටත් විශාල මුදලක් වැය වෙනවා. මෙය අද තියෙන මූලික ප්‍රශ්නයයි.

    අද තියෙන තවත් ප්‍රශ්නයක් වන්නේ අප වැන්නන්ගේ මතය කුමක් වුවත් අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් යොදවන්නන්ගේ මතවාද. ඒ මතවාද කුමක් වුවත් මහින්ද යම් ප්‍රමාණයකට ජනතාවට ඇහුම්කන් දුන්නා. හැබැයි ඒ ඔහුගේ ජනප්‍රියවාදී මුට්ටි දේශපාලනය නිසා සාමාන්‍ය ජනයාගේ මතය යම්දුරකට ක්‍රියාත්මක වුණා. මෛත්‍රිපාල දුර්වලයකු වුවත් ඔහුත් ජනමතයට ඔහුට පුළුවන් ප්‍රමාණයට කන්දෙනවා. එහෙත් රනිල් තවමත් ඉන්නේ මෛත්‍රිපාලට උඩින්. රනිල් ජනමතයට කන්දෙන්නෙක් නො වෙයි. ඔහු අඩුම තරමෙන් තම පක්‍ෂ මතයටවත් කන් දෙන්නේ නැහැ.

    ඉතින් මේ කට්ටියත් එක්ක මේ ගමන මෙහෙම ගිහින් ගෝඨාභයට බලය ලබාගත හැකිද? ලැබුනොත් ඔහු කෙසේ හැසිරෙයිද? ආචාර්ය කුමාර මේ ගැන දරන මතය විස්තරාත්මකව පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි, ස්තූතියි.

    ReplyDelete
  4. කුමාර්,

    දැනට පවතින තත්වය අනුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ ඡන්ද පදනම අතිවිශාල ලෙස ඛාදනයකට ලක්ව තිබෙන බවයි. ජනපති සිරිසේන සතුව තමන්ටම කියා ඡන්ද පදනමක් තිබුණේ නැත. එසේ නමුත් ඔහු සහ සහ සමඟ සිටින හතලිස් ගණනාවක් වන ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ ඡන්ද පදනම ද කුජීත ලෙස සේදී ගොස් තිබේ.

    ජනාධිපති ධූරයට පත්වූ සිරිසේන සිය ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබීම දෙවැනි විය හැක්කේ 2018 පෙබ 10 පලාත් පාලන මැතිවරණයෙන් ප්‍රබල එජාප බලකොටුවක් වූ බටහිර කොළඹින් රනිල් වික්‍රමසිංහගේ එජාපය පරාජය වීමයි.

    තවත් කැපී පෙනෙන ළකුනක් නම් 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ තිස් ලක්ෂයක් පමණ පසුගිය 2018 පෙබරවාරි 10දා රාජපක්ෂට (පොහොට්ටු කල්ලියට ) ඡන්දය දීමයි. ඉන් අතිබහුතරය 2015 රාජපක්ෂයට ඡන්දය දීමට අකැමැති වූ විරෝධතා ජන්ද යැයි සැළකීමේ වරදක් නැත.

    2015දි රාජපක්ෂ විරෝධී ජන බලවේග සතුව තිබූ දැඩි දූෂණ විරෝධී සටන් පාඨ මෙවර රාජපක්ෂ අතට ගොස් තිබුණි. එය පුදුම නමුත් ඇත්තකි.

    2015 බලයට පැමිණි වහාම ජනපති සිරිසේන සිය සහෝදරයාට අධික වැටුපක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ධුරය ප්‍රධානය කළේය. අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ සිය අතිජාත උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා අධික වැටුපකට පාඩු ලබන ශ්‍රීලන්කන් එයාලයින්ස් සභාපති බවට පත් කළේය. විදෙස් තානාපති සේවය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හෙංචයියන් සහ ඥතීන්ගෙන් පුරවනු ලැබුණි. ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය වලපල්ලට යවා මහාරාජා නාලිකාවන්ට ප්‍රකෝටි ගණන් වටිනා සංඛාත ලබා දුන්නේ සිරිසේනය.

    දැන් එම නාලිකා රෙදි නැතිව වික්‍රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඩේ යයි. සියල්ලටමත් වඩා ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැවැන්තම දූෂණය වූ බැඳුම්කර වංචාවේ දේශපාලන වගකිව යුත්තා බවට අගමැති වික්‍රමසිංහ පත්විය. අගමැති වික්‍රමසිංහගේ මිතුරියකයැයි කියන සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලකට මසකට මිලියන 25 බැගින් දැන් දෙවසරකටවක් වඩා ප්‍රයෝජනයක් නොගෙන කුලී ගෙවීමද වික්‍රමසිංහගේ ගැටයකි.

    මේ ලැයිස්තුව දිගය. දූෂණය නැති කොට දූෂකයින්ට නිසි දඩවම් ලබා දෙන බවට ශපථ කර බලයට පැමිණි ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් කළ එකම දේ නම් තමන් රාජපක්ෂ කල්ලිය කුජීත ලෙස පරදවමින් ඊටත් වඩා අතිශය බරපතල ලෙස දූෂණ අඩිපාරෙහිම වඩා වැඩියෙන් ගමන් කිරීමය. හිටපු දූෂකයින් සමඟ ඩීල් ගනුදෙනුවලට යෑමත් ඔවුන් වසර 10කින් තැබූ රෙකෝඩ් වසරකින් දෙකකින් කුඩු කිරීමත්ය.

    ඉදින් එවැනි ආණ්ඩුවකට ඡන්දය නොදී සිටි ලැජ්ජා බය ඇති ලක්ෂ 30ක් තරම් ජනයාට වරදක් කිව හැකිද?

    ReplyDelete
  5. තත්වය දිගටම පවතින්නට යන්නේ මෙලෙස නම් රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසිකයින් දකුණෙහිදී ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීම වැළැක්විය නොහැකිය. තිත්ත නමුත් ඇත්ත එයයි. එකල මෙම ජර්මනියේ ආඩල්ෆ් හියුඩ්ට්ලර් බලයට ගෙන එන ලද්දේ ද මෑතදී පිලිපීනය අයෝමය හස්තයකින් පාලනය කරන රොබෙර්තෝ දුතර්තේ බලයට පත් කරන ලද්දේ ද බහුතර මහජන ඡන්දයෙනි. ඉතිහාසයෙහි නිශ්චිත අවස්ථාවන්හිදී පටු ජාතිකවාදයෙන් සරසන ලද දුෂ්ඨ සහ මර්දනකාරී දේශපාලනයන් ජය ගනී. සමහර විට දැන් ශ්‍රී ලංකාව ගමන්කරන්නේ එවැනි අන්තයක් කරා විය හැක.

    මේ බව පසක් වන්නේ දූෂණයේ සහ භීෂණයේ සංස්කෘතිය කොතරම් මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත්ද යන්න පසුගිය 2015 -2018 තෙවසර විසින් අපට දැඩි ලෙස පෙන්වා ඇති නිසාය.

    කොළඹ නගර සභාවට රාජපක්ෂ කණ්ඩායමෙන් තරඟ කළ තරුණ දේශපාලනඥයකු ප්‍රසිද්ධියේම කීවේ තමන් බලයට පත් වූ පසු මත්කුඩු ජාවාරම මැඩළිමට ගෝඨාභය රාජපක්ෂ මෙන් යුද හමුදාව යොදා ගන්නා බවයි. ගෝඨාභයගේ කුඩු විරෝධී සටන විසින් නිරායුද තරුණයන් ඝාතනය කෙරුණූ අතර වැලිකඩ ඝාතනය ද එහිම දිගුවකි. නුමුත් එම භීෂණය විසින් කුඩු ජාවාරම මර්දනය නොවූ බව නොදන්නේ කව්ද? එසේ තිබියදිත් ගෝඨාභය අනුගමනය කරන බවට ශපථ කරන තරුණ දේශපාලනඥයින් සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එම ප්‍රකාශයෙන් සංකේතවත් කැරෙන්නේ භීෂණයේ සංස්කෘතිය මගින් බලයට ඒමේ භයානක දේශපාලනයයි.

    දූෂණය පිටු දැකීම සිය දේශපාලනයේ ප්‍රමුඛ පරමාර්ථය බවට පසුගිය මැතිවරණ වේදිකාවන්හිදී පාරම් බෑ සිරිසේන පාර්ශවය, රාපපක්ෂ කණ්ඩායමේ සහායෙන් හෝ ආණ්ඩුවක් සෑදීමට අර ඇදීමෙන් පෙන්නුම් කැරුණේ ද එදා පෙන්වූ ව්‍යාජ දූෂණ විරෝධය දේශපාලන බල තන්හාවට යටවී තිබූ අන්දමයි. රනිල් වික්‍රමසිංහ සිය අගමැතිකම රැකගැනීම පිනිස ඔහුම බොරු කයිවාරු ගැසූ ලිච්ඡවී සම්මුති බද්ධ දේශපාලනය පරදුවට තැබීම විසින් ද පෙන්නුම් කරන්නේ ඔහුගේ සැබෑ නිරුවත වූ සියල්ලටම පෙර මමය යන උග්‍ර බල තණ්හාවේ දේශපාලනයයි. වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික පිළිවෙත් මගින් ඇති කරන ලද පොහොර සහනාධාරය කපා හැරීම/ පාසැල් නිල ඇඳුම්/ පෙළ පොත් නොදීම වැනි සහන කප්පාදු ද රාජපක්ෂගේ වාසියට තිබුණි.

    දේශපාලන තලයෙහි ලද පරාජයන් හමුවෙහි තවදුරටත් රනිල්- මෛත්‍රී ආණ්ඩුවෙන් 2015 ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉටු වීමට ඉඩක් ඇතැයි සිතීම අතිශය දුෂ්කරය. මන්ද යත් දෙපාර්ශවයම විවිධ මට්ටමින් රාජපක්ෂ කල්ලිය පවා යොදුන් ගණනින් පරදවා අතිශයින් දූෂිත අශීලාචාර කුජීත තැනක් කරා ඇදී ගොස් තවත් එම අන්තයටම උග්‍ර ලෙස ඇදී යමින් ඇති බැවිනි. එජාපයේ විදේශ ඇමැති සහ වික්‍රමසිංහගේ අතිජාත සගයකු වන මාරපන දැන් කියන්නේ පරාජයට හේතුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම බවයි. සිරිසේනට අනුව මංගල සමරවීර විදේශ ඇමැති ධූරයෙන් ඉවත් කරන ලද්දේ ජිනිවා මානව හිමිකම් කොමිසමෙහිදී මානව හිමිකම්, සංහිදියාව සහ වගවිම සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවකට එකඟවූ නිසාය.

    ReplyDelete
  6. ආණ්ඩුවේ දූෂණ විරෝධය පමණක් නොව දෙමළ දේශපාලකයින්ට වැඩි දේශපාලන වරප්‍රසාද/ වරදාන සහ ඉඩම්/ පොලිස්/ මූල්‍ය බලතල ලබාදෙන දේශපාලන විසදුමක් ඇතුළත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය දැන් ඉතිහාසයට අයත් දේ බවට පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.

    පසුගිය තෙවසරෙහි නොකරන ලද දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි මාස 18 තුළ ආණ්ඩුවෙන් සිදුවීමට ඉඩක් නැත.

    ඉදිරි දින කිහිපය වන විට යහපාලන ආණ්ඩුව ඉදිරි වසර එකහමාරට පවතින්නේද නැත්ද යන්න බොහෝ දුරට තීරණය වි හමාර වන්නට පුළුවන. එය තව දුරට පැවතියද පවතිනු ඇත්තේ අනෙකා ගිල දැමීමට සැරසුණු විෂඝෝර සර්පයින් දෙදෙනෙකු ලෙසය. හරයෙන් දැන් යහපාලන ආණ්ඩුව අවසාන වී බොහෝ කල්ය. එය පැවැතියද පවතිනු ඇත්තේ හුදු බාහිර නාමික ස්වරූපයක් ලෙස පමණි.

    ජනාධිපතිවරණයකදී රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට සියයට 51ක් ගැනීමට තවමත් ටිකක් අසීරු නමුත් එය අවසාන වශයෙන් තීරණය වනු පළාත් පාලන ජය විසින් ඇති කරනු ලබන ගතිකත්වය වඩා බලවත්ව ගමන් කරනු ඇත්තේ කුමන දිසාවට ද යන කරණ මතය. සිරිසේන සහ වික්‍රමසිංහ විරසකය උත්සන්න වුව හොත් නිසැක වාසිය රාජපක්ෂටය. නොඑසේව සම්මුති ආණ්ඩුව නව දැක්මක් යටතේ අලුත් ජවයක් ලබා ගන්නේ නම් අචාසිය රාජපක්ෂ කල්ලියටය.

    අප කැමැති වුවත් නැතත් පාර වැටි ඇත්තේ සම්මුතියට නොවේ. අගමැති වික්‍රමසිංහ 2004දී මෙන් තම දේශපාලන බලය ගැන අධිතක්සේරුවකින් ඉතා උද්ධච්ච ලෙස කිසිවකුටත් කන් නොදී වලව්වේ හාමු මානසිකත්වයෙන් කටයුතු කරන අතර ජනපති සිරිසේන කිසිම ඉදිරි දැක්මක් නැතිව එදිනෙදා මොකක් හෝඑ ජවුසමක් නටමින් එදාවේල දේශපාලනයක නිරතව සිටි.

    දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නරකම තත්ත්වයකට සූදානම් විය යුතුය. අද අපට අනුහස් සහිත නායකත්වයකින් යුතු මාදුළුවාවේ සෝභිත හිමි කෙනෙකු නැත. 2015 ජනවාරියෙහි මුදුන් පැමිණි ආකාරයේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයක් ද නැත.

    එජාපයෙහි වික්‍රමසිංහ වෙනුවට සිටින නායකයින් දෙදෙනාම එනම් විසුළු සහගත මහල්ලකු වන කරු ජයසූරිය සහ උඩඟු බකපණ්ඩිතයකු වන සජිත් ප්‍රේමදාස සිංහල ජාතිකවාදී නැමුරුවකින් යුතු වුවත් ජාතික නායකත්වයට කිසි හැකියාවක් නැති අදක්ෂයින්ය .

    අනෙක් අතට දෙමළ සමාජයද ඔඋන්ට කිසි වැඩක් නොකරමින් මහජන මුදල් කබාසිනියා කරමින් පුද්ගලික වරප්‍රසාද වරදාන විඳිමින් ආණ්ඩුව සමඟ දීගයක සිටින දෙමළ සන්ධානය සෑහෙන තරමකට දුර්වල කර තිබේ. එහි ද නව දෙමළ ජාතිවාදි බෙදුම්වාදී බලවේග ශක්තිමත් වී තිබේ.

    එසේ නමුත් කලුවලාව තුල රිදී රේඛාවන්ද තිබේ. එම රිදී රේඛා බලවත් කරන්නේ කෙසේදැයි මීළඟ පෝස්ට් එකෙන් අපි කතා බහ කරමු.

    ReplyDelete