Thursday, June 14, 2018

ජේ ආර් ගේ සමාජවාදී කාලතරණය හෙවත් රොනල්ඩ් රේගන් ගෙන් උපදෙස් ගැනීම


ජේ ආර් ජයවර්දන තුමා උතුමානං වහන්සේ 1977 දී ශ්‍රී ලංකාවේ අගමැති වීමෙන් පසුව අයර්ලන්තවාසී අනුර කුමාර දිසානායක තුමා ගේ උපදෙස් සහ අනුග්‍රහය මත   ඩාස් කැපිටාල් නැමති සමාජවාදී කාලතරණ යානයක නැගී  198 1 දී බලයට පැමිනෙන්නට නියමිත එවකට අමෙරිකා වෙන්ඩ ජනාදිපති  රොනල්ඩ් රේගන් තුමාගෙන් සහ 1979 මහා බ්‍රිතාන්‍යයේ අගමැතිණිය වූ මාගරට් තැචර් තුමී සොයා ගොස් ඔවුන් ගෙන් ලැබූ උපදෙස් මත  1978 විදායක බලය සහිත ජනාදිපති ක්‍රමය නිර්මාණය කල බව ඊයේ අප හට වදාලේ විජිත බොන හේරත් තුමා විසිනි. ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (2018 ජූනි 14 දා ) හිරු නාලිකාවේ බලය නැමති දේශපාලන සංවාදයට සාබාගී වෙමින් සීයේ නෝට්ටු ලාභී ගොම්මන්පිල තුමා ව දැනුවත් කරමිනි.

එම බලය සංවාදය ගැන පස්චාත් මරණ පරීක්ශන පැවැත්වෙන අද දිනයේ කැලණිය ආසනේ ජේ ආර් ලොක්කා උතුමානං වහන්සේ මැතිවරණ මෙහෙයවනවා දැක තිබූ ත්‍රී වීල් රියැදුරු  ජේමිස් අයියා තුමා ප්‍රකාශ කර සිටියේ විජිත බොන හේරත් ගේ එම තර්කය සාවද්‍ය බවත් මාගරට් තැචර්තුමී ට ගල් අඟුරු කම්කරුවන් හට කෙලවලා දමන්නටත් රේගන් තුමා හට සෝවියට් දේශයේ බිඳ වැටීම ආරම්බ කිරීමටත් (රේගන් බලයෙන් ඉවත් වී වසර තුනකින් සෝවියට් දේසය කඩා වැටුනි) උපදෙස් දුන්නේ යැංකි ඩිකී තුමා හෙවත්  ජේ ආර් ජයවර්දන තුමා උතුමානං වහන්සේ බවත් ය!

ඉතිහාස පොත පත පෙරලා බැලූ සර ස තුමා තේරුම් ගත්තේ ජ වි පෙ පාර්ලිමේන්තු මංත්‍රී විජිත බොන හේරත් තුමා ගේ වචන වලට වඩා තී රෝද රත රියැදුරු ජේමිස් අයියා තුමා ගේ කතා විස්වාස කල හැකි බව ය!




13 comments:

  1. “Politics preys on people's naivety”
    ― Bangambiki Habyarimana
    “Everyone is entitled to his own opinion, but not to his own facts.”
    ― Daniel Patrick Moynihan

    ReplyDelete
    Replies
    1. The aim of education is the knowledge, not of facts, but of values. Prejudice is a great time saver. I believe that imagination is stronger than knowledge. Knowledge comes, but wisdom lingers. Get your facts first, then you can distort them as you please. That what I have to say kid.

      Delete
  2. හොඳ පෝස්ට් එකක් සාරස,

    ඇත්තටම විජිත සහෝදරයාට විජිත "බොන" හේරත් කීම ඉතාම වැරදි සහගත කතාවක්. ජවිපෙ ශිෂ්ට සම්පන්න පක්‍ෂයක් බවත්,විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න තම පක්ෂය සමත්වී ඇති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා පවසයි.

    රිය අනතුරක් සිදුවීමෙන් පසු ක්‍රියා කළ අයුරින් විජිත හේරත් මහතාගේ ආදර්ශය මේ රටේ සියලූ දෙනාට වැදගත් බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ බත්තරමුල්ල, පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

    ලංකාවේ සිදුවුණු එකම රිය අනතුර විජිත හේරත් මුහුණ දුන් අනතුරද? එක් දිනකට මේ රටේ විශාල රිය අනතුරු ප‍්‍රමාණයක් සිදුවෙනවා. දිනකට පුද්ගලයින් අටදෙනෙක් පමණ මියයනවා. මෙය, ඒ අතර එක් රිය අනතුරක් පමණයි. විජිත හේරත් සහෝදරයා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේ සිට ඔහුගේ නිවසට යමින් සිටියදී තමයි රාජගිරිය ප‍්‍රදේශයේදී මේ අනතුරට ලක්වෙන්නේ. පාර හරහා පනින පුද්ගලයෙකු බේරා ගැනීමට යාමේදී දුරකථන කණුවක කැබ් රථය ගැටීම නිසා මේ අනතුර සිදුවී තිබෙනවා. එම පුද්ගලයා යට නොකර ඔහුව බේරා ගත් එකද දැන් වැරැද්දක් වී තිබෙන්නේ?

    ඒ මොහොතේ පුද්ගලයා බේරා ගැනීමයි විජිත් හේරත් සහෝදරයා කළේ. රිය අනතුරෙන් පසුව විජිත හේරත් සහෝදරයා විසින්ම පොලීසිය ගෙන්වාගෙන අවශ්‍ය කටයුතු කරනවා. ඒ වෙලාවේ රිය පදවපු විජිත හේරත් සහෝදරයාම නීති කටයුතු සඳහා ඉදිරිපත් වෙනවා. වෙනත් පුද්ගලයෙක් මත වගකීම බාර නොදී තමන් ඒ වැරැද්ද බාරගන්න තරම් විනයගරුක සාමාජිකයන් අප පක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. පොලීසිය විසින් අනතුරක් වළක්වා නොගැනීම සහ රාජ්‍ය දේපොළවලට හානි කිරීම පිළිබඳව චෝදනා ඉදිරිපත්කර තිබෙනවා. දුරකථන කණුව සඳහා අලාභය අපි මේ වනවිටත් ගෙවලා තිබෙනවා. අනතුර වළක්වා නොගැනීම යන චෝදනාව සඳහා රු. 1500ක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව කිසිදු වැරැද්දක් සඳහා ඔහු වැරදිකරු වී නැහැ.

    බොහෝ අය විජිත සහෝදරයා බීමත්ව රිය පැදවූවා කියලා ප‍්‍රවෘත්ති නිර්මාණය කරනවා. හවස් වෙනකොට කණමදයන් වගේ බොන පුද්ගලයින් රෑ 12ටත් විජිත හේරත් සහොදරයා හොඳ සිහියෙන් ඉන්න එක ගැන හිතාගන්න බැහැ. ඒ කණමදයන් වගේ බොන පුද්ගලයින් අද ප‍්‍රවෘත්ති නිර්මාණය කරන්නන් බවට පත්වෙලා. ඔහු මත්පැන් පානය කළා කියන්නේ කොහොමද? ලේ පරීක්‍ෂණයක් මුත‍්‍රා පරීක්‍ෂණයක් හෝ බැලූන් පිම්බීමක් සිදුකර නැහැ. අපි අහන්නේ බිව්වා කියන්නේ කොහොමද කියලා. අපේ රටට විනයගරුක දේශපාලනඥයින් එපා කියලද කියන්නේ? රිය අනතුරකදී හැසිරෙන්න ඕන විදිය සම්බන්ධයෙන් මුළුරටටම විජිත හේරත් සහෝදරයා ආදර්ශයක් ලබාදී තිබෙනවා.

    විජිත හේරත් සහෝදරයාටත් මටත් ලොකු සමීප ඉතිහාසයක් තිබෙනවා. එකම විශ්වවිද්‍යාලයේ, එකම පීඨයේ එකම කාමරයේ 1991 සිට මම ඔහු සමඟ ජීවත් වුණා. ඔහුගේ ජීවිතය ගෙවන ආකාරය, ඔහුගේ ගතිගුණ සම්බන්ධයෙන් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ පක්‍ෂය දුෂ්කර අවස්ථාවලට මුහුණ දුන් සෑම මොහොතකදීම විජිත හේරත් සහෝදරයා විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. එක් එක් පුද්ගලයින් ජවිපෙට එරෙහිව විවිධ ප‍්‍රවෘත්ති නිර්මාණය කරමින් සන්තෝෂයක් ලබනවා. අපි ශිෂ්ටසම්පන්න පක්‍ෂයක්. විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න අපි සමත්වෙලා තිබෙනවා. ඒ නිසා විජිත හේරත් සහෝදරයාගේ ආදර්ශය මේ රටේ සියලූ දෙනාට වැදගත් වෙනවා. ඉතින් ඔබ මෙසේ කීම වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. අන්තිම වැරදියි...

      Delete
    2. විජිත සහෝදරයා විස්කි බෝතලේ දාගෙන උණු වතුර පානය කිරීම කොහොමද මත්පැන් පානය කළා වෙන්නේ.
      දෙන්ඩකෝ උත්තර ඇහැක්නං.
      ජයවේවා!
      Myself Hattor

      Delete
  3. කට.. කට.. ලොකු සෑර් කට..
    ජේ ආර් ජයවර්දන තුමා නෙවෙයි ජේ ආර් ජයවර්දන උතුමාණෝ
    මේ ටිකට සෑර්ට ඒකත් අමතක උනාද
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත...
      ඕං නිවැරදි කොලා හැට්ටර් මලේ

      Delete
  4. සහතික කල ඇත්ත...

    ගෝනවල සුනිල් මැතිතුමාත් ඔය ටික දැනගෙන හිටියා

    ReplyDelete
  5. ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

    ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.

    ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ කරුණු දැක්වූ අවස්ථාවේදීය.

    මෙහිදී බැසිල් රාජපක්ෂ පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම ගැන දොස් පැවරීය.

    එවිට මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය. තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

    තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ කීය.

    ReplyDelete
  6. කවුද මන්ද බුකියේ දාල තිබුනා විජිත හේරත් සහ චතුර සේනාරත්නයි අතරේ මොකක් හරි ලේ ඥාතිකමක් වත් තියෙනවද දන්නේ නැහැ කියලා...

    ReplyDelete
    Replies
    1. ඇවැස්ස වහු පැටවු

      Delete
  7. I always was concerned in this subject and still am, appreciate it for
    putting up.

    ReplyDelete