Tuesday, February 21, 2023

සමාජවාදී රාජ්‍යයක පරිපාලනය

 

අඅපි බලයට පත් වුනාම රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරනවා, පලදායිතාව වැඩි කරනවා, දූශිත නිලධාරීන් අවුරුදු තුනකට හිරේ දානවා ආදී වශයෙන් දේශපාලන වේදිකාවල කෙරෙනා කථා ඔබ අසා ඇත. පවතින රාජ්‍ය සේවකයන් ම යොදාගෙන එලෙස කාර්‍යක්ශමතාව හා පලදායිතාව වැඩි කරගෙන තම පාලනයට අකුල් හෙලන නිලධාරීන් සිරගත කරනා ක්‍රමවේද කුමක්ද? එවන් පරිපාලනයක් උදාකිරීමට ඔවුන් විසින් භාවිතා කරනු ලබන උපක්‍රම මොනවාද?


සමාජවාදී රාජ්‍යයක පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පරිපාලනයට වඩා වෙනස් වන්නේය.  අධිකරණය, ත්‍රිවිද හමුදා, පොලිසිය ඇතුලු සියලුම රාජ්ය ආයතන වල ඉහල පුටු වලට පක්ශ සාමාජිකත්වය ඇති අය ස්තානගත කරනු ඇත. එලෙස පත් කරනු ලබන අය මීට පෙර ලොකු වගකීම් නොදැරූ, සමහර විට මීට පෙර කිසිම රැකියාවක් නොකල, වසර ගනන් සරසවි වල විබාග අසමත් වෙමින් යන්තම් උපාධිය සම්පූර්ණ කල පක්ශයේ පූර්ණකාලීන් වීමේ වැඩි හැකියාවක් ඇත (සාමාන්‍යයෙන් පක්ශයේ පූර්ණකාලීන් වන්නේ එවන් කුලකයට අයත් වන්නන් බැවිනි!). 


අධිකරණය මෙතුවක් කල් භාවිතා කල නීති පධ්දති සමාජවාදී ක්‍රමයකදී වෙනස්වීම අනිවාර්ය ක්‍රියාවකි. දැනට අධිකරනයේ සේවය කරනා සියලු පාර්ශවකරුවන් ව නැවත අධ්යාපනයකට ලක් කර එය සමාජවාදී ක්‍රම වලට අනුගත කරනු ඇත. නඩුවක දී විත්තිය හා පැමිනිල්ල යන උභය පාරශවය වෙනුන් ම රජයේ නීතිඥයන් පෙනී සිටිනා බැවින් පෞද්ගලික නීතිඥ වරුන් අවශ්‍ය නොවනු ඇත (1973 දී කියුබාව නඩුවකදී පෞද්ගලික නීතිඥය සහාය ලබාගැනීම අහෝසි කලේය!).


ත්‍රිවිද හමුදා වල හා පොලිසියේ සේනාදිනායක අණදෙන්නා වන්නේ පක්ශයේ ලේකම් තුමා ය (උදාහරනයක් ලෙස වර්හමාන චීනයේ කොමියුනිස්ට් පක්ශ ලේකම් ශි ජින් පිං චීන සන්නධ්ද හමුදා වල අණ දෙන නිලධාරී වන්නේය!). ත්‍රිවිද හමුදාවට අයත් සියලු පහසුකම් දේශපාලන මංඩලයේ පොදු පහසුකම් වන්නේය. ත්‍රිවිද හමුදා පත්කිරීම්, උසස්වීම් සහ සේවයෙන් පහකිරීම් පක්ශ ලේකම් හරහා දේශපාලන මංඩලයේන් සිදු කරනු ඇත.



සියලුම රාජ්‍ය ආයතන වල දිනපතා කරන කියන දෑ පක්ශයට වාර්තා කිරීම උදෙසා දේශපාලන නිලදාරීන් හෙවත් පොලිට්කල් කොමිසාර් ලා පත් කෙරේ. රස්සාව බේරාගැණීමට නම් එවන් පොලිටිකල් කොමිසාර් ලා සමග යහපත් සමබ්න්දතාවයක් පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය වේ! 


වගාබිම් සමූහ කොමියුන වලට බාරදී ඒවා පරිපාලනයට පක්ශයෙන් අධ්යක්ශක මන්ඩල පත් කෙරෙනු ඇත. තම ජීවිතයම කුඹුරට කැප කල ගොවියාට උපදෙස් දීමට සරසවි වල වසර ගනන් අංඩර කෑ ඇට්ටරයන් අධ්යක්ශකවරුන් ලෙස ඉදිරිපත් වනු ඇත.


පෞද්ගලික සමාගම්, ව්යාපාර හා කම්හල් වල අයිතිය රජයට මාරු වන අතර අධ්යක්ශක මන්ඩල වලට පක්ශ සාමාජිකයන් පමනක් පත් කෙරෙනු ඇත.  


ගමේ මරණාධාර සමිතිය, පන්සලේ දායක සබාව, මහිලා සමිතිය වැණි සියලු සමිති සමාගම් පක්ශ නියෝජිතයන් ගේ අනුදැනුම සහ උපදෙස් මත පමනක් ක්‍රියාත්මක වනු ඇත. 


පෙර පාසැලේ සිට විශ්ව විද්‍යාලය දක්වා සියලුම අධ්යාපන ආයතන වල බලය හා පරිපාලනය කෙලින්ම පක්ශය විසින් අත්පත්කරගෙන පක්ශයේ දේශපාලන මංඩලය විසින් අනුමත කරනු ලැබූ විෂයය නිර්දේශය භාවිතයට ගැනෙනු ඇත. 


වැඩපොලේ , වගාබිමේ තමන් ලඟම සිටින පුද්ගලයා තමා පිලිබඳව පක්ශයට ඔත්තු සපයනවාදැ‍යි බියෙන් ජීවත්වීමට මහජනතාවට සිදු වනු ඇත. සමහර විට එකම පවුලේ උදවිය පවා තම දෙමාපියන්ට හා සොඉයුරු සොයුරියන් ට විරුද්දව පක්ශයට ඔත්තු සැපයීම පවා සිදු වනු ඇත. 


මේ කමියුනිස්ට් ක්‍රමයක් යටටේ සිද්ද වෙන්න හැකි දේවල් වලින් අතලොස්සක් පමනකි.  

5 comments:

  1. මේ විදිහට දැන් කරන්න බෑ , ගොතා එනකොට හිතුවේ හමුදා පාලනයක් ගෙනෙයි කියලා , මර්දනකාරී වැඩපිළිවෙලක් ගෙනියන්න කිසිම රටකින් අනුබල ලැබෙන්නේ නෑ
    , මං හිතන්නේ ඔබ ඊ ගැන අපිටත් වඩා දැනුවත් කියලා. කොහොම උනත් යූ අම පී එකටයි රජපස්සලටයි මේ අවුරුදු ගානක් දීලා කෙලවෙලම ඉන්න අවස්ථාවේ එකම විකල්පය ජවි පි ..
    අනික මේ තියන්නේ පලත්සබා චන්දයක් නේ..

    ReplyDelete
  2. ටිල්වින් බොස් අපේ ත්‍රිවිධ හමුදා වලට අණදෙනවා කියලා මතක් වෙද්දි කොහොමද් දැනෙන ගැම්ම 🤭🤭😁 ආ.. සමහරවිට එයා එතකොට මහ ලේකම් නොවෙන්න පුලුවන්. ටිල් වින් විතරනේ..

    ReplyDelete
  3. අනේ මන්දා සරස ඇත්ත වශයෙන්ම කොමියුනිස්ට් පාලන ක්‍රමයක් ලංකාවෙ ඇති කරන්නේ කොහොමද? ඔය වගේ අදහස් ගැන වගේම බලයට පැමිණීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂ වල සැබෑ ආර්ථික සැලසුම් පිළිබඳව අපි පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්, නමුත් අවාසනාවට කරුණ ලංකාවේ උගත් සමාජය පවා රෙදි ගැන කතා කරනවා විතරයි නේ රටේ ආර්ථිකය ගොඩ දාගන්න සැලසුම් සහගත අරමුණකින් යුතුව කතා කරන වැඩ කරන කවුරුත් පේන තෙක් මානයක නෑනේ ආණ්ඩුව එක පැත්තකින් පෙරහැර තියලා උත්සව කරලා අනිත් පැත්තෙන් පඩි ගෙවන්න මැතිවරණ තියන්න සල්ලි නෑ කියලා අඬනවා බැරි කමක් නෑ ගහන්න ඕනේ කමක් නෑ මිසක්.... එක දේශපාලකයෙකුට වත් ඒ ගේම ගහන්න ඕන නෑ හැමෝම තමුන්ගෙ පක්ෂය සහ බඩ වඩා ගැනීම විතරයි බලන්නේ.

    ඔය කියන ගම් මට්ටම NPP යට හෝ කාට හෝ ගමේ සිටින හොදම මිනිහාට යායුතු බව මගේ මතයයි. (පක්ෂ වලට ජැක් නොගැසීමට තරම් කොන්දක් ද තිබිය යුතුයි / මුදල් වලට ඇඹරෙන්නේ නැති කෙනෙක් විය යුතුයි...)

    මධ්‍යම ආණ්ඩුව හා ජනාධිපති කෙනෙක් NPP / සජබෙ / පූට්ටුව / අලියා තුලින් පත් වෙනවා නම් පහත ගැටලු වලට නිසි පිළිතුරු හා වැඩ පිළිවෙලක් මා බලාපොරොත්තු වෙමි...

    1/. අයවැය පරතරය (ප්‍රාථමික අංශයේ හිඟය) අඩුකිරීමේ වැඩ පිළිවෙල.

    2/. පවතින රාජ්‍ය සේවය හා රාජ්‍ය ව්‍යවසාය කාර්‍යයක්ෂම කිරීමේ වැඩ පිළිවෙල

    3/. දිගන් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය නොකර ඉතා අතිරික්ත සේවක කප්පාදු හෝ ප්‍රතිසංස්කරණය නොකර ලාභ ලබන්නේ කෙසේද යන්න. (නව ආයතන 100ක් ඇරඹීමේ ප්‍රායෝගික භාවය හා කුමන අංශ වලටද එම ආයතන ඇතිකරන්නේ යන්න පැහැදිලි පැහැදිලි කිරීමක් NPP එකට විශේෂයෙන්ම)

    4/. ත්‍රිවිධ හමුදා මහා බලගනයන් (work force) හරහා ආදායම් ලැබීමේ වැඩපිළිවෙළ කුමක්ද?

    5/. බදු කප්පාදු ප්‍රමාණයන් තුලින් නැවත පසුගිය ජනාධිපති සමයේ ඇතිවූ අර්බුදය නැවත repeat නොවන්නේ කෙසේද?

    6/. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කෙසේ හැසිරීද, How they entertain by the Govt. (Again Specially for NPP)

    7./ විදේශ ප්‍රතිපත්තිය හා ණය බර අඩුකිරීමේ හෝ ප්‍රතිව්‍යුහගත කරගැනීමේ වැඩ පිලිවෙල..

    පැහැදිලි කිරීමට Die Hard Fan Base එකට ආරාධනා...

    ප.ලි..

    ඔන්න ඔහොම බුලත් දීලා ආරාධනා කලත් බුකියේ කොච්චර කමෙන්ට් කළත් මට තියෙන මේ දැවෙන ප්‍රශ්ණ එකකටවත් හරි හමන් පිළිතුරක් ඔය පක්ෂ වලට සෑහෙන්න කඩේ යන කවුරුත් කිව්වෙ නෑ..

    ReplyDelete
  4. මම කැමතිම ටිල්වින්‍යා සේනාධිනායක වෙනවාට.

    ReplyDelete