Tuesday, November 14, 2023

ආර්තික අවපාතයෙන් ගොඩ එන මග!

 


වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ  හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට  වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැම්බර් 14, 2023) තීන්දු කළේය.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන්, 2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් වේ.


එහෙත් එම ආර්තික අවපාතයට හේතුව වග උත්තරකරුවන් ගේ වංචාව දූශනය හෝ සොරකම බව එම තීන්දුවේ සඳහන් නැත. 


එසේ රාජපක්ශලා නොගත් පියවර මොනවාද? එම තත්වය ජයගැනීමට වර්තමානයේ ගන්නා පියවර මොනවාද යැයි අපි සොයා බලමු.


1. ඉන්ධන මිල 50% පමන ඉහල දැමීම

2. විදුලි ගාස්තු 50% පමන ඉහල දැමීම

3. ජල ගාස්තු ඉහල දැමීම

4. උපයන විට ගෙවනා බද්ද වැඩි කිරීම

5. රඳවාගැනීමේ බද්ද වැඩි කිරීම

6. ආදායම් බද්ද වැඩි කිරීම

7. උපාදිධාරීන් ට රැකියා නැවැත්වීම

8. සියලුම රජයේ පත්වීම් සහ බඳවාගැනීම් වැලැක්වීම


මෙයින් පෙනී යන්නේ කුමක්දැයි විමසිල්ලෙන් කල්පනා කර බලන්න! ඉන් පසු විදුලි, ඉන්ධන ජල බිල්පත් ඉහල දැම්මාය, බදු වැඩි කලාය, අලුතින් රස්සා නැත කියමින් කෑ කෝ නොගසා අධිකරණ තීන්දුවට හිස නමන්න!



5 comments:

  1. තීන්දුවක් ඇවිත් තිබ්බ ඊයේ මම දැකලා
    තෝන්තුවක් ගත වටේම ආවානේ දැනිලා
    යාන්තමින් වත් වරදට නැතිවද දඩ තියලා
    දෑස් ඇරන් ඉන්න වෙන්නෙ පුරුදු ලෙසට තැවිලා

    ජයවේවා

    ReplyDelete
  2. නිදහසින් පස්සෙ ඉදන්ම ලංකාවේ ආර්ථිකය ගොඩ නගලා තියෙන්නේ වැරදි අත්තිවාරමක. සරලව කිව්වොත් රජයේ ආදායමට වඩා වියදම වැඩි. හැම අවුරුද්දකම ණය ගන්න ඕනේ. ඒ ණය වලිය පොලිය ගෙවන්නත් ආයෙ ණය ගන්න ඕනේ.


    මේ වැරදි ප්‍රතිපත්තිය හිනදා ලංකාවේ ආර්ථිකය ‘හෙමින්‘ මරණයකට යමින් තිබ්බේ. 2025 දී විතර කඩා වැටෙන්න තිබ්බෙ. නමුත් ගොඨාගේ මෝඩ ප්‍රතිපත්ති ( කබ්‍රාල් සහ පිබී තමයි මෝඩ උපදේශකයො සහ සල්ලි අච්චු ගහපු මහාචාර්‍ය ලක්ශ්මන්) ලංකාවට ක්ශණික මරණයක් අරං දුන්නා.

    මිනිස්සු උඩ තට්ටුවක ඉදන් එකපාරට බිම වැටුනා. එතකොට තමයි මිනිස්සු ඇහැරුනේ.

    දැන් කවුරු කැමති උනත් නැතත්, ආර්තිකයේ මූලික අත්තිවාරම් ප්‍රශ්ණය උන ආදායමට වඩා වියදම වැඩි වීමේ අර්ඹුදයට උත්තර දිය යුතුයි. ඒක හින්දා රොබින් හුඩ් ආර්ථික දේශපාලකයන් ආවත් , ලිබරල් අය ආවත් කරන්න තියෙනෙ එක දෙයයි. එහෙම කලේ නැත්තං ගොඨාබය දෙක බලා ගන්න පුලුවන් - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  3. නිදහසින් පස්සෙ ඉදන්ම ලංකාවේ ආර්ථිකය ගොඩ නගලා තියෙන්නේ වැරදි අත්තිවාරමක. සරලව කිව්වොත් රජයේ ආදායමට වඩා වියදම වැඩි. හැම අවුරුද්දකම ණය ගන්න ඕනේ. ඒ ණය වලිය පොලිය ගෙවන්නත් ආයෙ ණය ගන්න ඕනේ.


    මේ වැරදි ප්‍රතිපත්තිය හිනදා ලංකාවේ ආර්ථිකය ‘හෙමින්‘ මරණයකට යමින් තිබ්බේ. 2025 දී විතර කඩා වැටෙන්න තිබ්බෙ. නමුත් ගොඨාගේ මෝඩ ප්‍රතිපත්ති ( කබ්‍රාල් සහ පිබී තමයි මෝඩ උපදේශකයො සහ සල්ලි අච්චු ගහපු මහාචාර්‍ය ලක්ශ්මන්) ලංකාවට ක්ශණික මරණයක් අරං දුන්නා.

    මිනිස්සු උඩ තට්ටුවක ඉදන් එකපාරට බිම වැටුනා. එතකොට තමයි මිනිස්සු ඇහැරුනේ.

    දැන් කවුරු කැමති උනත් නැතත්, ආර්තිකයේ මූලික අත්තිවාරම් ප්‍රශ්ණය උන ආදායමට වඩා වියදම වැඩි වීමේ අර්ඹුදයට උත්තර දිය යුතුයි. ඒක හින්දා රොබින් හුඩ් ආර්ථික දේශපාලකයන් ආවත් , ලිබරල් අය ආවත් කරන්න තියෙනෙ එක දෙයයි. එහෙම කලේ නැත්තං ගොඨාබය දෙක බලා ගන්න පුලුව - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  4. කොහොමත්. දැන්. ලෝකය. ගමන්. කරන්නේ. මිනිසා. විසින්. මිනිසාවම. නැති. කරන. යුගයකටනෙ...

    ReplyDelete
  5. මෙච්චර දරුණුවෙන්න නොදී ඔය ටික ටිකෙන් ටික කරානම්..

    ReplyDelete