Saturday, April 4, 2015

කුකවියෙකු ලියූ කවි

ඊරිසියාව ඇඟ පුරාම වෑහෙන්නේ
කුහක කමෙන් මුලු සිරුරම පැහැවන්නේ
රස්සාවක් කෙරුමට උන් නැහැ දැන්නේ
පෝස්ටරය අලවාලයි ගොඩ යන්නේ

හැත්තැ එකේ ගන්නට සිරි ලක අල්ලා
ගැහුවා පොලිසියට ජේ වී පී බල්ලා
නානගෙ මස් කඩේ කොක්කේ උන් එල්ලා
මැතිනිය වැනසීය රට කෑ කිනිතුල්ලා

අසූ නවේ ප්‍රේමේ ගෙන් කෑ රහට
බටලන්දේ සංග්‍රහ සිදුවිය සැරට
බිල්ලෝ වෙලා මිතුරන් බිලි දුන් එකට
නායක කමේ කටු ලෙවකයි අද රසට

සැමදා අපි නිර්දනයන් ගේ පැත්තේ
කියමින් සිහල කොලු කෙල්ලන් බිලි ගත්තේ
විධායක සබාවට පැනලා සැප ගත්තේ
විරුවන් සමරමුද අද අපි සිරිකොත වත්තේ?

6 comments:

  1. 89 මිනී මරපු රනිල්ල එක්ක සිරිකොතෙයි අරලියගහමන්දිරෙයි බුදියන්න ජේ වී පී පොන්න නායකයො කිසිම හිරිකිතක් නැතුව. 89 බොරු මවල සිහින ලෝක වල අතරමං කරල විප්ලවේ කියල වචනයක් දීල අහින්සක තරුණ පිරිසක් ගම්මට්ටමෙන් මකර කටට තල්ලු කරල විනාස කළා. දැන් ඒ බොරු විප්ලවයට නායකත්වේ දීපු උන් මිනීමරු යූ ඇන් පී නායකයො එක්ක නිදිවදින්න යනවා.

    ReplyDelete
    Replies
    1. // විප්ලවේ කියල වචනයක් දීල අහින්සක තරුණ පිරිසක් ගම්මට්ටමෙන් මකර කටට තල්ලු කරල විනාස කළා. //

      නැවතත් ඒ දේ ම කරන්නයි ජෙප්පෝ සැරසෙන්නේ

      Delete
  2. 100% ක් එකඟයි. රටම පිස්සු වට්ටන මුන්ගෙ නිරුවත පෙන්වා දෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. අපිට පුලුවං විදියට අපි හැමෝම ඒක කරන්න ඔනේ

      Delete
  3. වැරදිලාවත් විප්ලවය දින්නා නම් අපිට ඔය බල්ලන්ගේ ඒකාධිපති වියරුව දකින්න තිබුනා

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපට ඉන්න වෙන්නේ බල්ලො වගේ තමා...

      Delete