Friday, April 10, 2015

"ආප්ප"



මහ රජානෝ ගේ ආරාදනයෙන් අරලියගහ මැදුරට ගිය දුර්වල හිටං තෙමේ "ආප්ප" කා මිත්‍රත්වය පිලිඹද නලලේ අත ගසා දිවුරා පසුදින චෞර රජින සමග යහපාලනයට මංගැච්චුවේය.

එකී හිටං තෙමේ අනුලා බිසව ගේ වල්ලබයෙකු මෙන් හොර පාරෙන් රජවී ඇතුගල සමුලුවට ගිය කල්හී චෞර රැජිනට මනරම් හූ සංග්‍රහයක් ලැබුනේ "ආප්ප දේවී" පාඩසාලාවේ දී වීම දයිවයේ සරදමකි...

PS: ගල්දේවයෝ කමත්වා!

15 comments:

  1. මචං සහෝදරයා.........

    මෙෙත්‍රීපාල සිරිසේන යන පුද්ගලයා ලංකාවේ ජනාධිපතිවූයේ රටේ ජනතාවගේ ඡන්දයෙන් මිස රනිල් හෝ චන්ද්‍රිකා විසින් ඔටුනු පැළදවීමෙන් නොවේ..... ඔබට ඔහු ජනාධිපති වූ අාකාරය ගැන ගැටලුවක් තිබේනම් ඔබට අැත්ත වශයෙන් ම ගැටලුව අැත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි..... (ඒ ගැන දේශපාලන විද්‍යාව ගැන මහාචාර්ය සොයිසාගෙන් අසාගන්න) දෙවැනුව ඔබ අභියෝග කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයට සහ තම නියෝජිතයින් තෝරා ගැනීමේ අයිතියටයි... (ඒ ගැන මහාචාර්ය සුමනසිරි ලියනගේගෙන් හෝ ඩෙස්මන් මල්ලිකාරච්චිගෙන් අසා ගන්න)

    ඔබට පත් වූ ජනාධිපතිවරයා ගැන ගැටලුවක් තිබිය හැකිය... ඒය ඔබ දරන මතයයි.... ඒයට ඉඩ අැත... නමුත් රටේ බහුතර ජනතාවක් විසින් තෝරා පත්කර ගත් ජනාධිපතිවරයා තේරුණ අාකාරය හෝ ඔහු නුසුදුසුය යන්නක් ඔබට ප්‍රකාශ කිරීමට හැක්කේ අතිශය සාධාරණ හේතුන් මත පමණයි.... ඒහෙම නොවුනොත් ඔබ ජනතාවගේ ඡන්ද අයිතියට සහ තීරණ ගැනීමේ අයිතියට නිග්‍රහ කිරීමක් කරයි.......

    ReplyDelete
    Replies
    1. කුරුට්ටෝ:

      වර්තමාන දේශපාලනය හෝ සිරි ලංකා සමාජය අනුගමනය කරන්නේ හේතු පල වාදය නොව සමාජ ජාලා වලින් පතුරන "තමන් ට හිතෙන බොරු ඇත්ත ලෙස ලිවීමේ කලාවයි".

      මා එම සබ්ජෙක්ටුව සම්බන්දයෙන් ඇමරිකන් එම්බසිය හරහා සිරිකොත පවත්වන්නට යෙදුනු "සමාජ ජාලා අවබාවිතය හෙවත් පොන්සියන් ටොය්යන් කිරීමේ පාටමාලාව" හැදෑරූ අයෙකු ගෙන් ටියුශන් ගත්තෙමි....

      මේ මට හිතෙන දේවල් ඇත්ත ලෙස ලිවීමයි... එය මගේ පිවිතුරු සමාජ ජාලික් (සමාජ රොගී) අයිතියයි.... කරුනාකර මගේ අයිතිය ට අත නොතබන්න!


      ඔය කියනා අනිවත්තේ හිටි ජේ ආර් ගේ චරඉතාපදානය ලියූ සොයිසාත්, ආචාර්ය උපාදිය නැතිව මහාචාර්ය වූ (ඉන් පෙර හා පසු අනාචාර්ය) සුමනේත්, වසර පාලහක් පිට රට සිට ජොබ් එකට කෙලවාගෙන නැවත් යාන්තමින් ජොබ ගොඩ දා ගත් ඩෙස්මනුත් හමු වුනාම ඔබ කී දේ ඔවුන් හට කියන්නම්....

      PS: මා ජනතාවගේ ඡන්ද අයිතියට සහ තීරණ ගැනීමේ අයිතියට නිග්‍රහ කලාම ඔබට කේන්ති යන්නේ මන්ද?

      Delete
  2. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බහුතර චන්දයෙන් දින්න කියන එක නෙවෙයි මෙතන ගැටළුව. රටේ ආර්ථික ප්‍රශ්නයි රටට හා රටේ ජාතික අනන්‍යතාවයටයි සතුරු බලවේග වල උවමනා එපාකමුයි හරියට හඳුනගන්න චන්ද දායකයාට නොහැකි වීමයි. මෛත්‍රීපාල මහත්තයාට චන්දේ දීපු ගොඩක් අය දැන් කනගාටු වෙනවා මේ වෙනකොට තියෙන දේශපාලන තත්වේ ගැන. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා චන්දේ දින්නේ උතුරු නැගෙනහිර දෙපලාතේ ඊලාම්වාදී දෙමළ සන්ධානයේ හා මුස්ලිම් අන්තවාදී පක්ෂ වල චන්ද අති මහත් බහුතරය අරන් කියන එක පැහැදිලි උනා. මේ දෙමළ මුස්ලිම් ස්වයංපාලනවාදීන් හිතන්නේ මේ රටේ මිනිස්සු විදිහට නෙවෙයි. ඔවුන්ට වෙනම පාලන කලාප අවශ්‍යයි කියන මානසිකත්වයෙන්. ඒ වගේ කණ්ඩායම් එක්ක එකතු වෙලා චන්දයක් දිනපු මෛත්‍රීපාල මහත්තයටයි එයාගේ සහය කණ්ඩායමේ ප්‍රභල චරිතයක් වන චන්ද්‍රිකාටයි රටේ බහුතරයක් අත්තනෝමතික සුලුජන කොටස් වල ස්වයංපාලන උමතුව පිළිනොගන්න පිරිසගෙන් විරෝධයක් එල්ල වීම ස්වභාවිකයි. මෙතන තියෙන්නේ බහුතර චන්දය කියන කාරනේ නෙවෙයි. බහුතර චන්ද හම්බ උනේ දූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනේකට. නමුත් ඒ හරහා යන්න යන්නේ අත්තනෝමතික දෙමළ මුස්ලිම් කණ්ඩායම් වල ස්වයංපාලන අවශ්‍යතාවය සපුරාලන බෙදුම්වාදය ශක්තිමත් කරන මාර්ගයකනම් එතන පැහැදිලි ගැටළුවක් තියෙනවා. මොකද චන්දේ දීපු බහුතරයක් ඔය බෙදුම්වාදයන් අනුමත කරල නැති නිසා. අනෙක චන්දෙදි රටේම චන්ද කොට්ටාශ වැඩි ගනණක් දින්නේ මහින්ද මහත්තය කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. මෙතන බහුතර චන්දය කියන කාරනේ මොක උනත් චන්දේ දීපු අය බලාපොරොත්තු උන දේවල් අවසානයට වැදගත් වෙනවා. මෛත්‍රීපාල මහත්තයා එක්ක චන්ද්‍රිකා රාජිත රනිල් කණ්ඩායමට අත්තනෝමතික සුළු ජන දේශපාලන කණ්ඩායම් සනසන්න ජනවරමක් පැහැදිලිව ලැබිල නෑ. ජනවරම ලැබුණේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ දූෂණ වංචා ගැන කලකිරීම නිසා. නමුත් අද යහපාලනය ගමන් කරන්නේ මහින්දගේ ඊනියා වංචා දූෂණ පෙන්වමින් අත්තනෝමතික සුළුතර බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම් සතුටු කරන ගමන් මගක. යහපාලනේ හොඳ උනත් රටේ බහුතරය අනුමත නොකරන දේට විරෝධයක් එල්ල වීම වීම ජනවරම පදනම් කරගෙන මනින්න බෑ. ඒක වෙන්න පුළුවන්. අනෙක ජනවරම ලැබුණේ චන්ද්‍රිකාට නොවන බවත් මෙතන මතක් කරන්න වෙන දෙයක්. ජනතාවගේ චන්ද අයිතිය ගැන මෙතන ගැටළුවක් නෑ. යහපාලනය වෙනුවෙන් චන්දය දාපු විශේෂයෙන් සිංහල මිනිස්සුන්ගේ මොළේ තරමයි හිතීමේ තරමයි ගැනනම් ප්‍රශ්නයක් මතුවෙනවා යහපාලනය රටේ ජාතික නනන්‍යතාවයටම මේ වනවිට කරන හානිය දිහා බලනකොට.

    ReplyDelete
    Replies
    1. ඔන්න අජිත් මහත්තයා වැදගත් ලෙස උත්තරේ සහමිලින් ම දීලා තියනවා... ඉස්තූති අජිත්!

      Delete
    2. අති විශිෂ්ඨයි අජිත් සහෝදරයා

      Delete
  3. චන්ද්‍රිකාට වෙච්ච දේනම් සාධාරන හේතු මත උනා කියලා මටත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. පකිස් : ++++++++++
      ඕක වෙන්න තිබ්බේ ඔයිටත් කලින්..ඒත් දැන් හරි කට්ටිය ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම ගැන හුඟක් සතුටුයි..

      Delete
    2. චන්ද්‍රිකා කවදත් හිටියේ රටේ ජාතික අනන්‍යතාවයටම හතුරු කණ්ඩායම පැත්තේ. ඒකට අනියම් විදිහකින් ලැබෙන ප්‍රතිචාර තමයි මේ.

      Delete
  4. සරස මේ වැඩේ හරියන්නේ නැහැ..මේකට ෆලෝවින් ගැජට් එක එල්ලගන්න ප්ලීස්..මේවා මිස් වෙනවා බ්ලොග් රෝලේ අප්ඩේට්ස් නැතිවුනාම..:(
    මුහුණට නොකියා පැන යන්නේ කශේරුකාවක් තිබ්බද කොන්දක් නැති ඈයෝය.
    චෞර රැජිනට වූ විපත ගැන පස්වනක් ප්‍රීතියට පත්වීමි..විපතකදි ප්‍රීතිවීම මනුෂ්‍යත්වයට පටහැනි නමුත් ඔය "දේවී" මනුෂ්‍ය දූවක් නොවන නිසා ගැටළුවක් නැත.

    ReplyDelete
    Replies
    1. //චෞර රැජිනට වූ විපත ගැන පස්වනක් ප්‍රීතියට පත්වීමි..විපතකදි ප්‍රීතිවීම මනුෂ්‍යත්වයට පටහැනි නමුත් ඔය "දේවී" මනුෂ්‍ය දූවක් නොවන නිසා ගැටළුවක් නැත.//

      ++++++++++++++++++++

      Delete
    2. ඇත්තට ම ඔය ගැජට් එල්ලීමට මා නොදනිමි... වට් ටු ඩු ....

      Delete
  5. චෞර රැජිනට ගුටි කන්න උනත් මමනම් පුදුම වෙන්නේ නෑ.

    ReplyDelete