Tuesday, April 28, 2015

වෙන්ඩපොශ් ටොයියන් ගේ එලදෙන

සකල සිරි ලන්කා වාසී වෙන්ඩ පොශ් ටොය්යන් ඉල්ලා සිටියේ එලදෙනකි.
පස්ගෝ රස සමග පොහොර සඳහා ගොම ද (සමහර ටොයියන් ගේ ආහරයට ද එය සුදුසුය ), වසරකට වරක් ලැබෙන වහු පැටියෙකු ද නිසා එලදෙන ටොයි කස්ටියට අත්යාවශ්ය ව තිබුනි.

ජයම්පති නැමැති මන්ද මානසික හාදයා එම අවශ්යතාවය කෙටුම්පත් කලේ මේ අයුරිනි.

1. සතෙක් විය යුතුය
2. එම සතාට පාද හතරක් විය යුතුය
3. පැටියන් දැමිය යුතුය , පැටියන් ට කිරි දිය යුතුය
4. සතා ටොයියන් ගේ ආහාරය වන තනකොල කෑ යුතුය
5.සතා ගේ කටේ ඩයස්ටිමාවක් (දන්නෝ දනිති ) තිබිය යුතුය
6. පාද සතරේ කුර සතරක් තිබිය යුතුය
7. පසුපස පාද දෙක මැද වලිගයක් තිබිය යුතුය.
8. කලු හෝ සුදු පාට විය යුතුය


මේ ආකාරයේ නොයෙකුත් නීති රීති වලට යටත්ව එලදෙන සොයන කල්හී එම සෙවීමේ මන්ඩලයටද, ප්‍රසම්පාදන මන්ඩලයටද ටොයියන්ගේ විරුද්දවාදීන් ටික සැට් වී ජයම්පති තුමා ගේ නිර්නායක වලට අනුකූලව සතා සොයා වෙහෙසට පත් ව සත් වන නිර්නායකය සෙවීමට අපහසුයැ... කලු හෝ සුදු වෙනුවට ඒ අතර වර්නය වන අලු පාටින් සොයම්දැයි විචාරා පාද සතරේ, කුර සහිත, තන්කොල කන , වසරකට වරක් පැටවු ගසා කිරි දෙන ඩයස්ටිමාව ඇති සිවුපාවෙක් ගෙන ටොයියන් හට දුන්නේය.

වෙන්ඩ පොශ් ටොයියන් ගේ රජ වූ රනිල් තුමා එම සතා බාරගෙන විල මැද මැදුරේ දී ඌව උත්සවාකාරයෙන් වෙන්ඩ පොශ් ටොයියන් හට පවරා දෙන ලදී...

සිවුපාවා දුටු වෙන්ඩ පොශ් ටොයියෝ අමා සැටක් දැනේ යැයි සුනකනාද කරන්නේ, එහි වූ එක්තරා කොලුවෙක්  තම වෙන්ඩ පොශ් පියා ට සතා කවරෙක් දැයි පෙන්වාදුන්නේය.


ඒ වනාහී එලදෙනකු නොව බූරු දෙන කි!

10 comments:


  1. ඩයස්ටීමාව කිව්වෙ අපර් සෙන්ට්‍රල් ඉන්සයිසර් දෙක මැද තියන මීසියල් ඩයස්ටීමාව වෙන්ටැ? ඕක අප්‍රිකාවෙ නම් වාසනවන්ත ලකුණක්. ලංකාවෙ නම් අවාසනාවන්ත ලකුනක්. ඒත් බූරුවෙකුට කොහොමද මන්දා!

    ReplyDelete
    Replies
    1. ඇහැ... මීසියල් එක නෙවෙයි... ඔයි රුමිනන්ට්ස් ලා ගේ ලෝවර් ජෝ එකේ ඉස්සරහ දත් වලින් පස්සෙ දත් කීපයක් නැහැ මෝලාර් වලට එනකන්...

      ඒකනෙ නිකන් දෙන අස්සයගෙ දත් බලන්න එපා කියන්නේ...

      Delete
    2. හරි හරි, මම දැනන් හිටියෙ මිනිස්සුන්ගෙ මීසියල් ඩයස්ටීමාව විතරයි.ඒක නම් කොම්පොසිට් කියන ෆිලින් මැටීරියල් එකෙන් නොපෙනෙන්න පුරවන්න පුලුවන් ටොප් එකට.

      Delete
    3. // ඒක නම් කොම්පොසිට් කියන ෆිලින් මැටීරියල් එකෙන් නොපෙනෙන්න පුරවන්න පුලුවන් ටොප් එකට. //

      අහා.... ඇන්ටීරියර් ෆ්‍රැක්චර් සහ ඩොට්ටර් විජේකුමාරන් ව මතක් වෙමි

      Delete
  2. මෙයාලට ටොයියන් කියන්නේ ඇයි? කැම්පස් එකේදි ටොයියො කිව්වෙ ලස්සන, පොශ් කෙල්ලන්ට.
    පොයියන් නේද හරි වචනය?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ "රාජ්" වගේ වෙන්ඩ පොශ් උදවිය ට මුලු සමාජයම බයියො කියලා අහලා අහලා ඇතිවෙලා මේ ඉවසුවා ඇති.. දැන් අපි හූ එන් පී එකට චන්දෙ දීලා ටොයියො වෙන්න ඔනේ කියල හදා ගත්තු සම්මතයක් නේ....

      ඇත්තටම මුන් පොයියොත් නොවෙයි... තඩි ගන් කබරයෝ...

      Delete
    2. //ඇත්තටම මුන් පොයියොත් නොවෙයි... තඩි ගන් කබරයෝ...//+++++++++++++

      Delete
  3. ටොයියන්ටයි ටොයියන්ගේ ඇත්ත නායකය වන රනිල්ටයි වැඩි වැඩිකල් පැවැත්මක් නෑ. ටොයියෝ කරපු එකම හොඳ වැඩේ ප්‍රබුද්ධ යැයි හිතාගෙන උන්ගේ මනෝ ලෝකේ ඉඳිමින් උන්ගෙම සැබෑව පෙන්වන තකතීරු කතා කියලා මෝඩ ආතල් එකක් ගන්න ගිහින් මහින්දගේ ප්‍රතිරූපය තවත් ලොකු කර දීමයි. ඔය බූරු දෙනත් අරගෙන ලබන චන්දෙන් පස්සේ ටොයියන්ගේ නායකයට 30 වන පරාජයත් සමග ගෙදරම යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම!

      Delete