Wednesday, April 29, 2015

හයිඩ් ගේ හයිඩින්ග්

 
අපේ ලොක්කා Dr Jekyll ට සවුක්කිය ඇමති කම දුන්නේ ඔහු වනාහී අහින්සක සාජන් කෙනෙක් කියා සිතාගෙනය.

එහෙත් ඇත්ත වසයෙන් ම Dr Jekyll තුමා ගේ අහින්සක ගන් කබර ලුක් එකට මුවා වී හිටියේ Mr Hyde නම් වූ දරුනු  හාදයෙකි.

ලොක්කා පමනක් නොවසෑම දෙනාම සිතා සිටියේ Dr Jekyll තුමා ඉතාම අහින්සක, එතනෝල් කටේ නොතබන, වැලි ගොඩ නොදමන, හාල් මාෆියාවට සම්බන්ද නැති මහ ජනතාවගේ සවුක්කිය ඉහල නැන්වීමට දිවා රෑ නොබලා වැඩ කරන්නෙකුය කියා ය.

නපුරු චන්ද්‍රිකා නම් වූ බාබයිගා යකින්න කල මොකද්දෝ සාපයක් නිසා  Dr Jekyll තුමා රෑපානේ ආප්පයක් කෑ පසුව Mr Hyde බවට පරිවර්තනය විය. පෙරලුනු පැත්ත හොඳයි කියා සිතූ Mr Hyde තුමා ඔහු ගේ භායනක පැත්ත හැමෝගෙන් ම වසන් කරගෙන සිටීමට හෙවත්  hide කිරීමට සමත් විය.

ලොක්කාට වල කපා නව ලොක්කා වෙන්නට Mr Hyde තුමාට විදේශ බලවේග සහ සිරි ලන්කාව පුර විසිර සිටින ගන්කබරයෝ ටොයියන් ලෙස රූපාන්තරනය වීමේ ආසාව බලපෑවේය.

අහෝ, මෙච්චර කලක් Hide and Seek කරමින් ජනතාව මුලා කල  Mr Hyde තුමාට හෙට Hyde Park හී පැවැත්වෙන මැයි රැලියේදී තමාට හිටපු ලොක්කාට වඩා කස්ටිය සිටිනා බව පෙන්වීමට සිදුව තිබේ.

එම සුබ අවස්තාවේදී Mr Hyde තුමා ව හම ගසා ඔහු Hide ගේ එක පිලියෙල කිරීමට පොදු ජනතා Skinner ලා පෙල ගැසී සිටී.

මහත්වරුනි.... Hyde park ගොස් එන අතරමග Leather Collection වෙත එන්න.... Genuine Leather products ගන්න!

9 comments:

  1. මේකට බ්ගොගර් ෆලෝවර් ගැජට ්එක දාහං බං... බයියෝ. හැක්

    ReplyDelete
    Replies
    1. හැම එකාම කියන්නේ ඒකයි.. ඒත් මම එය කරන්නේ කෙසේදයි නොදනිමි...

      මම කොම්පීටර් කෙනෙක් නෙවෙයි
      මම මඩ කාපර් කෙනෙක්!

      Delete
  2. මෙහි ඇති උපහාසය තේරුම් ගැනීමට ගං කබර පොයියන්ට බැරි වෙනවාට ,මෙන්න කැට!

    ReplyDelete
  3. විස්කි මැඩම්ට ''මැඩම්'' කියන, රටේ පිං අගමැති ට ''සර්'' කියන, සුද්දන්ට කොන්ද නවන, රැජින අසුවල් එක ගලවා අතට දුන්නා යැයි කියවමින් ඒ ආතල් එකෙන් හිරි වැටී තවමත් සිටිනා, මෝදි ගෙ හැට්ටේ විලි ලැජ්ජා නැතුව නිදහස් උළෙලටත් ඇඳපු ''වහලා'' අපිට වහලුන් යැයි කියපු සැටි!.

    මේ මිනිහාගේ ලැජ්ජා නහරය ඉපදෙන විටම කන්ජෙනිටල් ඩීෆෙක්ට් එකකින් නැති වී ඇති සැටියකි.

    මේ දොන් ජුවන් ට ඉතිහාසය තුල Hide out එකක් සොයා දෙන්නට යහපාලන පොයියලාට සිදු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේ වෙද්දී සිරිසේන වැඩ බැරි ටාසන් කෙනෙක් වෙලා ඉවරයි... හයෙඩ් පිටියේ මයි රැලිය කුජීතයි...

      Delete
    2. //මේ මිනිහාගේ ලැජ්ජා නහරය ඉපදෙන විටම කන්ජෙනිටල් ඩීෆෙක්ට් එකකින් නැති වී ඇති සැටියකි.

      මේ දොන් ජුවන් ට ඉතිහාසය තුල Hide out එකක් සොයා දෙන්නට යහපාලන පොයියලාට සිදු වනු ඇත// ++++++++++++++++

      Delete
    3. විස්කි දුප් කිව්වම දුවන, හප් කිව්වම කට වහන, රනිල්ටත් දෙකට නැවෙන "මාව නටවන්න බෑයි" කියන රූකඩ වහලා තමන්ගේම පාක්ෂිකයන්ට වහල්ලු කීම ම ටොයියන්ගේ ගයිඩ් එකේ හැටියට නායකත්ව ලක්ෂණයකි! :D :D

      Delete
  4. සිරාවටම මේකට ෆලෝවරේ නැතුවයින් මට පෝස්ට් තොගයක්ම මිස් වෙලා..! ඒක හරිම වැරදියි සරස..කවුරුහරි හොයලා ඔන්න ඔය ගැජට්ටුව එල්ලගන්න..මම කලින් වතාවක එව්වා මම හිතන්නේ පිළිවෙල..:)

    හුටං සිරීගේ ද්විත්ව පෞර්ෂ ලක්ෂණ..වැඩිවෙනසක් නෑ..අර කාලෙකට කලින් ගහට ගිය උන්දැ මුන්දැගේ ඥාති වෙන්ටැ! කියන්ට බැරි නෑ හයිඩ් පාක් එන්න හිටි උන්ව කිරුලපනේදි ඉස්සුවයි කියලා..දුන්නු අමාත්‍යංශේ වැඩ කොරන්නේ නැතුව ආප්ප කාලා ගිහින් වැඩ කොරන්න දුන්නේ නැහැයි කිව් හුටං නේ ඔය! :D

    ReplyDelete