Monday, December 14, 2015

වර්ජන සහ බැන්කු



මහා වැඩ වර්ජනයක් කරනවා කියා අහල ගම් හතටම ඇසෙන සේ පොර ටෝක් දුන් පිරිමි මිසී වන රත්නප්‍රිය ලමයා සහ බස් ගැමුනු කොලුවා මොලේ පාවිච්චි කර මුදලට සටන පාවාදී ගොඩ ගියේය. 

එනමුදු කලින් කියා තිබූ පරිදි බැන්කු සේවකයෝ නම් වර්ජනයේ ය. 

එපමනක් නොව ජෙප්පන්ටත් පෙරටු කුරුට්ටන්ටත් ගෙන්විය නොහැකි තරමේ මිනිස්සු පොදියක් ද සමග කොටුව දුම් රියපොල ඉදිරියේ විරෝදතාවයක ද නියැලෙති.

ඊයේ හමු වූ පෞද්ගලික බැන්කුවක  කලමනාකාර මට්ටමේ සේවයේ නියුතු මිතුරෙකු පවැසුවේ කමනාකරනය වර්ජනයේ යෙදෙන ලෙස පහල උදවියගෙන් ඉල්ලන බවකි! 

කතාව ඇත්තදැයි දන්නේ බැන්කු කරුවෝ පමනකි!

8 comments:

  1. බැංකුකරුවෝ මුදලට ගන්න අමාරු ඇති..

    ReplyDelete
    Replies
    1. අය වැය යෝජනා ක්‍රියාත්මක වුනොතින් සියලු වානිජ බැන්කු වල ලාබය ඉතා විශාල ලෙස අඩු වන බව බැන්කුවල ඉහල නිලදාරීන් සහ කොටස් හිමියන් දන්නවා.... ඒ නිසයි ඒ සියල්ලන්ගේම ආශීර්වාදය මේ වර්ජනයට හිමි වුනේ...

      Delete
  2. ///එපමනක් නොව ජෙප්පන්ටත් පෙරටු කුරුට්ටන්ටත් ගෙන්විය නොහැකි තරමේ මිනිස්සු පොදියක් ද සමග කොටුව දුම් රියපොල ඉදිරියේ විරෝදතාවයක ද නියැලෙති.///
    හුටා... ඒ කියන්නේ අදත් ට්‍රැෆික් වැඩි වෙයිද...?

    ReplyDelete
    Replies
    1. දැක්කනේ සූ ගාලා සෙනග.... කොහොමත් ජෙප්පන් දැන් දුක් වෙනවා ඇති මෙච්චර ජන ගන්ගාවක් සාබාගී වෙන වර්ජනයේ සම නායකත්වය දැරීමෙන් අයින්වීම ගැන...

      Delete
  3. බස් ගැමුනුලගේ කයිය විතරයි බන්...

    ReplyDelete
  4. // බස් ගැමුනුලගේ කයිය විතරයි බන්... //

    ඌ ලස්සනට ගාන කපාගත්තා..

    ReplyDelete