Wednesday, December 9, 2015

ඩිස්නිලෑන්ඩ් කප්පම්



රාජිත, අර්ජුන සහ චම්පක තුමාලා මහා ගෝසාවක් නගමින් හොරා හොරා යැයි ආදරයෙන් අමතන්නේ ඇවන්ට් ගාර්ඩ් අදිපති නිස්සන්ක සෙනාපති තුමාටය. වෙල් විදානේ ඊයේ පෙන්වා දුන්නේ නිස්සන්ක සෙනාපති තුමාගේ අනුග්‍රහයෙන් විජෙදාස රාජපක්ස තුමා සහ එම පවුල ඩිස්නිලෑන්ඩ් බලන්න ගියා කියලාය.

ඒ අනුව විජේදාස රාජපක්ස වනාහී හොරුන්ගෙන් ද කප්පම් කෑ පොල්මුඩ්ඩෙකි. ඔහුට හිමි දඬුවම කුමක් ද? 

සිරි ලන්කාවේ අධිකරන ඇමැති කමයි!

12 comments:

  1. ///සිරි ලන්කාවේ අධිකරන ඇමැති කමයි!///
    ඒක බරපතල දඬුවමක්ය කියල තමයි ආරංචිය, හෙහ්....

    ReplyDelete
  2. කුඩු කාපු තව කි දෙනෙක්ගේ මොලේ දනවද දන්නේ නෑ මේ වෙනකොට.. :/

    ReplyDelete
  3. ///කුඩු කාපු තව කි දෙනෙක්ගේ මොලේ දනවද දන්නේ නෑ මේ වෙනකොට.. :///

    කුඩු නෙවෙයි... අබ...

    අබ කාපු අයගේ මොලේ දනවා....

    එහෙම නැත්නම් වසාබි කාපු අයගෙත් මොලේ දනවා.....

    හැබැයි සේනාපති ගෙන් කාපු උන් ගොඩක් දෙනෙක් ට මොලයක් නෑ දන්න.....

    ReplyDelete
    Replies
    1. //හැබැයි සේනාපති ගෙන් කාපු උන් ගොඩක් දෙනෙක් ට මොලයක් නෑ දන්න.....//++++
      මට මොලයක් තියෙනවයි කියල කියනවා නෙවෙයි.. හැබැයි.. සීන් එක නගලම යන දවස්වල මටත් ඔෆර් එකක් ආවා.. ඩොලර් තුන්දාහයි, වාහනයයි, ඩ්‍රයිවරුයි, මාස තුනකට සැරයක් මාසෙක නිවාඩුවකුයි, අරවයි මේවයි කියල රටවල් හත අටක කෝඩිනේෂන් වැඩක් කරන්න.. පෙර වාසනාවකට ඔය මනුස්සයත් එක්ක ඊට කලින් මට ටිකක් ලඟින් වැඩකරන්න ලැබුණ නිසා (2010 ජනාධිපතිවරනේ කාලේ) හා සතා කවුදැයි දැන සිටීම නිසා හා 'ආපසු හැරිමක්' නැති බව දත් නිසා මං ඒක ප්‍රතික්ෂේප කරා.. :) ඒ කාලේ එහෙම ගිය උන් කියුවේ මට මොළයක් නෑ කියලා..

      Delete
    2. ඔන්න ඔහොමලු වැඩේ උනා කියන්නේ...

      කිඩ්නිය නොහොත් මොලේ තිබූ නිසා කල්යාන මිත්‍ර තුමා බේරුනා....

      Delete
  4. එකෙන්ම, මොහු සිරි ලන්කාවේ අධිකරණ ඇමැති දූරයට සුදුසුකම් සපුරා ඇත.

    ReplyDelete
  5. // එකෙන්ම, මොහු සිරි ලන්කාවේ අධිකරණ ඇමැති දූරයට සුදුසුකම් සපුරා ඇත. //

    නැතුව නැතුව... යන්තම් මේකා හිටි නිසා අදිකරන ඇමතිකම ලමයෙකුට නොදී පොල්මුඩ්ඩෙකුට දෙන්න ඇහැකි උනා...

    ReplyDelete
    Replies
    1. වෙල් විදානේ මේ දවස්වල උඩ පනිනවා වැඩියි. විජේ අයියා මේ දවස්වල සද්ධ නැතුව හොද ප්ලෑන් එකක් ගහනවා ඇති,එදාට මූටත් කෙලාවෙනවා...

      Delete
    2. මා නම් කැමති ඌත් මූත් අරූත් ඇවන්ට් ග්‍රේඩ් මල්වට්ටියට අත් ගැසූ සියලුදෙනා ඇදගෙන නානවා දකින්න ය!

      Delete
  6. ඒ වගේ සුදුසුකම් සපුරන්නේ නැතුව ඇමතිකමක් දරන්න සුදුස්සෙක් වෙන්නේ නෑ ආයුබෝං ..

    ReplyDelete