Friday, June 3, 2016

විජිත, කලබල වෙන්න එපා!



රාජගිරියේ රිය අනතුර සිදු වෙද්දී තමන් බීමත් ව සිටියේ නැති බවත් මත්පැන් ගඳ හැමුවේ බීමත් කෙනෙක් තමාව සිප ගත් නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එතුමා හට මෙවන් ජ වි පෙ සාමාජිකයන් පමනක් පිලිගන්නා සුරන්ගනා කතාවක් කීමට සිදු වූයේ එතුමා ව පක්ස්යෙන් ඉවත් කිරීමට "එක්තරා" දේසීය සහ විදේසීය කන්ඩායමක් කටයුතු කොරමින් සිටිනා නිසා බව නිසා යැයි ස ර ස තුමා ට කීවේ ට්වීටි බර්ඩ් කෙනෙකි!

එක්තරා කාන්තා චරිතයන් ගේ  නම ද ඈඳා විජිත තුමා ට ගහන්න මඩ ලීක් කොරන්නේ ඇතුලෙන් ම බව පැවසේ. 

රටේ ප්‍රදාන පක්ශ දෙකෙන් එකකට  සීයට දෙසීයක් අවනත සහයෝගයෙන් වැඩ කොරනා මෙවන් ජ වි පෙ නායකත්වයක් අලුතින් ඇතිකිරීමට ඉතාම අපහසු බව ස ර ස තුමා කොන්දේසි විරහිතව පිලිගනී.

රනිල් ට, කිරිඇල්ලට, සාගල ට, සජිත් ට, මන්ගල ට, හකීම් ට, හර්ශ ට, කාබීර් ට, එරාන් ට පමනක් නොව හර්ශන වැනි නවකයන් හටත් ඉතාම ලෙන්ගතුව අවනතව කියන දේ කරගෙන ඉන්නා වර්තමාන ජ වි පෙ නායකත්වය රැක ගැනීම අප සැම ගේ වගකීමකි.

විජිත තුමෝ.... බය වෙන්න එපා.... ඇතුලේ කස්ටිය ඔයා ට ගැහුවා ට ස ර ස තුමා ඔබලා සමගයි!

16 comments:

  1. විජිත මහත්තයෝ ඔයගොල්ලන්ගේ පිහිටෙන් 2005 දී රජවුන කට්ටිය ඔහොම තමයි ඔයගොල්ලන්ට සලකන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න, ඉයන් මහත්තයාට හරියටම තේරුනා....

      Our problem is that you guys have outbid us to gain the support of the "mob for hire" this time.....

      However with increasing suffering of the masses, they have no other option but to join us again....

      if there is a vote for the no confident motion against Ravi K, we could see....

      Delete
    2. JVP may vote against UNP. But them once again supporting MR would be only a remote possibility.

      Delete
    3. Ian, If the India wants JVP to vote against UNP, we could win without their support.....

      :D

      Delete
  2. ගස්ලබ්බත් බීල ගෙදර ගිහින් අම්මට මාට්ටු උන දවසෙත් කිව්වෙ මේ වගේ කතාවක්.තවත් තාත්වික කරන්න බියර් බෝතල් හොල්ලලා එක එකාව නෑව්ව කියලත් කිව්වා.අප්පච්චි පැත්තකට වෙලා හිනා වෙවී බලන් හිටියා. චැක්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අසරන ජවිපෙ සාමජිකයෙක් විජිත ගේ සිප ගැනීම් කතා විස්වාස කරන ලෙසට ම ලෙස අම්මා ඔයි කියනා කතාව විස්වාස කොරන්න ඇති!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. whats wrong if he drinks? and why this much political gossips?
    i wonder.
    it may be true too. anyone who drinks or not has right to defend him/ her self. since he is a parliamentarian why we are neglecting his rights?
    just move little more as a human. u may dont like if we discuss about u this way right? at all its about privacy too.
    Amen !

    ReplyDelete
    Replies
    1. ///whats wrong if he drinks? ///
      ඔහුගේ බීම wrong නොමැති බවට කිසිදු විවාදයක් නැත, wrong එකම දේ වෙරි පිට සිටි ඔහුව සාමාන්‍ය ජහමනයා වන අපව මෙන් කුදලාගෙන ගොස් දවස් 14 ක් ඇතුළේ යවා මාස තුනකට හෝ හයකට රියදුරු බලපත්‍රය අහෝසි නොකිරීමයි...

      Delete
    2. මෙහෙමයි ලොකු පුතා.
      බීමත් පුද්ගලයෙක් අනිවාර්යෙන්ම දවස් 14ක් හෝ ඊට වඩා ප්‍රමාණයක් කස්ටඩි එකේ තියන්න ඕනේ කියලා ලංකාවේ නීතියක් තියෙනවද?
      මෙතන මම හිතන්නෙ නෑ කවුරුත් මේ ගැන කතා කරන්නේ ඒක හින්දම කියලා. විජිත හේරත් පොලිටික්කෙක් නොවුනා නම් මේක ඔබත් මාත් රුපියල් දාහක් හමාරක් බාප්පෙකුට දීලා ගොඩ යන කේස් එකක්නේ.
      (එහෙම නොකරපු පව් නොකරපු ඇත්තෝ විතරක් ගල් ගැහුවට කමක් නෑ.)
      මම විජිත හේඅරත්වත් ඔහුගේ පක්ශයවත් දන්න කෙනෙක් නෙමෙයි. ඒත් මනුස්සයෙක් විදියට කෙනෙකුට එහෙම ඒම් කරලා අපහාසයට අවමන් කරන එකට විරුද්ධයි. මේ 2016 නේ. වට්ටි අම්මලා වගේ එක එකාගේ රෙද්දවල් ගැන කියවනවට වඩා අපි ඉස්සරහට යන්න ඕනේ කියලායි මම හිතන්නේ.

      Delete
    3. Buru Bebe ,

      ගේ කොමෙන්ටු ස ර ස තුමා ගේ ලිපියට ද?

      එසේ නම්....

      විජිත තබා ඕනැ කෙනෙක් ඕනෑ දෙයක් බීවාට අපට කමක් නැත. එය ඔහු ගේ හෝ ඇය ගේ අයිතියයි. එම තෝරාගැනීමට අපි ගරු කරමු.

      මෙතැන විජිත ට කේස් කොරන්නේ පක්සයෙන් ම බව පොඩි කසු කුසු වල දැක් වේ. එවිට තම පක්සයෙන් ම හීන් නූලෙන් ගෙනෙනා විවේචන වලට විජිත මුහුන දෙන්නේ සාමාන්ය මිනිසෙකු ලෙස නම් ඔහුට කිව යුත්තේ, මම බීව නොබීව එක උඹලාට මොකද මම වයස දහ අටට වැඩි වැඩිහිටියෙකු කියා ය.

      අවාසනාවකට මෙන් විජිත විවේචන වලට මුහුන දෙන්නේ තමන් හැර අන් සියල්ලෝ ම දූශිත හොරුන් කියා මහා අඬහැර නගනා ජනතා විමුක්ති පෙරමුනේ සිහිනෙන් වත් පවු නොකරන සාමාජිකයෙකු ලෙසයි.

      එවිට බීමතින් පාරේ යන මිනිස්සු ඇවිත් තමන් ව සිප ගත්තා වැනි ලදරු කතා කියන්නට සිදු වේ!

      Delete
  5. මම බලාගෙන ඉන්නේ පොලිටික්කෙක් වරදක් පිලි අරගෙන සාමාන්‍ය නිතිය යටතේ දඬුවම් වින්දා (පලි ගැනීමක් හැර) කියල නිව්ස් එකක් අහන්න පුළුවන් දවසක් එනකම්..

    ReplyDelete
    Replies
    1. ඇයි අපේ චොකා මල්ලි?

      Delete