ගරු සබාවෙන් අවසරයි....
සින්හල බ්ලොග් ලියනා හිතවතුන්, මද්යස්තයන්, තරහකරුවන් සහ ඇනෝ වරුන්ගෙන් අවසරයි!
අද සර ස තුමා කතා කොරන්න යන්නේ ඉයන් තුමා විසින් ඉදිරිපත් කෙරුනු ව සුන්දර ගී තරඟය නිසා හෙල බ්ලොග් කලා කෙත එකම සින්දු යායක් වීම ගැනයි!
එවැනි අති සාර්තක වියායාමයකට සහබාගී වීමට ලැබීම ස ර ස තුමා ගේ බාග්යයක් බව එතුමා ගේ විස්වාසයයි!
ඉතින් ඉයන් තුමා ගේ ඇරයුම පරිදි ස ර ස තුමාත් එතුමා ගේ සිත් ගත් ගී මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කොර සිටිනවා!
ආදරනීය රත්තරන් නන්ගී මල්ලී, අම්මේ තාත්තේ, අයියේ අක්කේ ගහන්න අත්න්පොලොසන් නාදයක්!
1. හාපුරා කියලා ජෝති ගෙන් පටන් ගනිමු.... නින්ද නේන රාත්‍රියේ...
2. දෙවනුව.... අපේ කාලේ පේරාදෙනි ඉන්ජිනේරු පීටේ සමකාලීනයෙකු වූ සමන් චන්ද්‍රනාත් ජිනදාස ගේ තුමුල නමුණුකුල ගිරිහිස.... පේරාදෙනි සරසවියේදී සජීවී ව රසවිඳ...
3. තෙවනුව B and S ගේ බොක්කටම වදිනා.... උන්මාදිනී හැන්ගුනා....
4. හතරවෙනුව..... සැමදා හද පාරනා..... ගුනදාස කපුගේ මහත්මයා ගේ.... විදුලි මිනි පහන්.....
5. පස්වෙනුව.... නුගේගොඩ එක ටියුශන් පන්තියේ සිටියදී නන්දා මාලනී මහත්මිය ගේ ගීත වලින් අප සැනසූ... දීපිකා ප්‍රියදර්ශනී ගේ සිනා පොදක් වී....
6. සයවෙනුව.... පොඩි කාලේ නැරඹූ ටෙලි නාට්ටියකින්... ටිලානි අමරසින්හ ගායනා කල මල් පිපෙයි දෙනෙත් හැරෙයි.....
7. හත්වෙනුව ඔහොම හොඳඳ චිත්‍රපටියෙන්... ඇන්ටන් ජෝන්ස් ගායනා කල (තැන්කූ අජිත් තුමා ) ඔමරි පපා මුකුලු පපා...
8. අට වෙනි තැනට අමරසිරි පීරිස් මහත්තයා ගේ මගේ පුන්චි රෝස මලේ....
9. නව වෙනි තැනට... සින්දු යාය තියා කිසිම සයිබර් යායකට කරූ කෙනෙක් නැතිවම බෑ.... ඒ හන්දාම... කරූ!... කරුනාරත්න දිවුල්ගනේ මහතා ගේ රෝස තොල් සිඹිම්....
10. ජෝති ට එකක් පමනක් දීලා පුලුවන්ද? ඒ නිසා.... මේ ජීවනයේ...
11. ස ර ස තුමා ට පලමුව මේ ගීය ලැබුනේ බොහෝම ආදරය කරනා කෙනෙකු ගෙන් තෑග්ගක් විදියට... B and S ගේ රැස් විහිදෙන සමනලියක් ගෙන්...
12. දොලොස් වෙනුව... හිතට දැනෙනා... නිමල් ගුනසේකර මහත්ත්යා ගේ.. ආවාට තිබුනත්...
13. දහතුන්වනුව නීලා වික්‍රමසින්හ මහත්මිය ගේ බෝදියේ විහාරයේ
14. ඊලඟට හැමදාම ඇසෙන විට නැවත නැවත අහන්නට ආස හිතෙනා... ඒ ජේ කරීම් මහත්තයාගේ... සාදු සිරීපා....
15. අරුනාචලම් සහ මාර්ස් සාලා වල ශිශ්ය සාද වලදී ඉතාම සන්වේදී ලෙස බෝතල් අඩියෙන් ම මතු වෙන අමරදේව මහත්තයා ගේ....බිංදු බිංදු රන් ගෝමර මාලා බන්දා ගෙල වට ඔමරි ලතාවට
16. අවසාන ගීතය ලෙස ලයාන්විතව හරූන් ලන්ත්‍රා මහත්මයා ගයනා.... මගෙ නාමලී
මගේ ගීත සැට් එක මෙයින් අවසානයි.... ගීත ඇසූ ඔබ සැමට ඉස්තූතියි!