නෝනාවරුනි මහත්වරුනි ඇනෝවරුනි,
ඔස්ට්‍රේලියන් ජනමාජ්ජ මගින් සිරි ලන්කා ජනාදිපති සොරිසේන මැතිතුමාට මඩ ගසනා වියාපාරය ට වගකිවයුත්තා කවුදැයි ඔබ සියලු දෙනා ම දැනගන්නට කැමැති ඇතැයි ස ර ස තුමා සිතමි.
එසේනම් අත්පොලොසන් නාදයකින් පිලිගන්න..... ඒ වෙන කවුරුත් නොවෙයි අපේ මහින්ද මහත්තයා ය.
මහින්ද මහත්තයා බලය තිබෙනා කාලයේ ගේමකින් තොරව සල්ලි ගල් කොරනු බලා සිටි සොරිසේන තුමා ද තම නායකයා ගේ අඩි පාරේ යමින් දැහැමෙන් සෙමෙන් කොමිසමෙන් ජීවත් වන්නට විය.
ඒ වුනාට ගුරු මුස්ටිය තම අතේ තියාගත් මහින්ද මහත්තයා සල්ලි පිල්ලි ඇරීම මිස එම ඇරිය පිල්ලි අහුවෙන්නේ නැතිව වසන් කිරීම තම ගෝලයන් හට උගැන්නුවේ නැත.
මහින්ද මහත්තයා ගහට නගින්න උගැන්නුවාට ගහෙන් බහින්න කියා නොදුන් නිසා අතිගරු ආප්පාල සොරිසේන තුමා ජම්බු ගහේ සිටියදී කැන්ගරු උසාවිටට මාට්ටු විය.
ජාතියන්තරේ ජයගත්තු සොරිසේනට ගලේ පැහැරූ උපාසක බලල් තඩියෙකුට වුනු දේ සිජ්ජ වුනේ මේ ආකාරයටය.
එම සිජ්ජියට ගාලු ගිහින් ගැලරියට ටෝක් දීම නිසා සොරිසේන යූ එන් පී කාරයන් ගේ වීරයා වීම හේතුවෙන් රනිල් තුමා ගේ හිතේ ඉපදුනු ඊරිසියාව සමග කිසිම සම්බන්දයක් නොමැති බව ස ර ස තුමා කැකුණ වලඳමින් සන්තෝසයෙන් ප්‍රකාසකොර සිටිමි!
මේ වගත් එසේම,
සින්හල බ්ලොගේ ඔල්මොරොන්දන් දූරන්දර
ස ර ස තුමා වම්හ!
ඔබතුමාට වැරදිලා.. අර කව්ද කිව්වත් වගේ අගේ ඉදන් කන කාපු ඒ දෝහියා අන්න රට පැන්නා.. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයා ස්මිත්.. ඔව්.. ඒකේ දෙකක් නෑ.. ඩිල්ෂානුත් මේකට යම් සම්බන්ධයක් තියෙන්න ඕන. ඒකනේ මිනිහත් ඉරිදා යන්න ඉන්නේ.. සනත් ඩ්ල්ෂාන් එක්ක රහසිගතව කතා කළා කියපු නිසා සනත්ගෙත් සෘජු සම්බන්ධයක් තියෙන්න ඕන. සෙස්ස පස්සට..
ReplyDelete// සෙස්ස පස්සට.. //
Deleteපස්ස සිරිකොතට?
:D
ඔස්ට්‍රේලියානු මාධ්‍ය හෙළිදරව්වේ නවතම ප්‍රවෘත්තිය. 2009 දී සිදුවූවායැයි කියන මෙම සිද්ධිය 2015 බලයට පැමිණි රජය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවක් නිසා අගමැති තනතුරෙන් රනිල් ඉල්ලා අස්වී ඇත. ඒ වෙනුවට මහින්ද රාජපක්ශ මැතිතුමා අගමැති ලෙස දිවුරුම් දීමට ඉඩ ඇති බව කියවේ.
ReplyDeleteරනිල් තුමා ඇටෙවුව උගුලට එතුමා ඉල්ලා අස් වෙලා හරියනවද?
Deleteශික්. මම හිතුවෙ නෑ ම හඳු මයිත්‍රී මහත්තය කොමිස් කාක්කෙක් කියල. මගෙ හිත අප්සට් උනා. මම අද ඉඳල මහින්ද මහත්තය ගෙ ලබන ආත්මේ ජනාදිපතිවරනයට සක්‍රියවම දායක වෙමි. ඔව් මම බය්යෙකි. වෙනස සැපකි. ඒත් රෙන්න බරකි.
ReplyDeleteඔහෙ ඉන්ගලන්තෙ මූදෙ පීනන්න ගියෙ නැතෙයි?
Deleteදෙයියපල්ලා දත් දොස්තර මහත්තයෝ, මට පිහිනන්නත් බැහැ අනික මම හොලිඩේ යන්නෙත් කරිජ්ජ මිහිදීය තිබ්බත් සොබාව සවුන්දර්යය විඳින්න මිසක් සුපර් හීරෝ වෙන්ට නෙමෙයි. ඔය මැරිල ඉන්නෙ ශ්‍රී ලන්කන් ටැමිල් කොල්ලො 5ක්. දිය සුළියකට අහු වෙලා. මොනා උනත් තරුණ ජිවිත.😩😩
Delete:(
Deleteටොයියං පමණක් සතුටු වෙලා හරියන්නෙ නැහැ බයියංටද සතුටු වීමට අවස්ථාවක් ලබාදිය යුතුයි. මේකයි යහපාලනේ! ඔබට ෂතුටුයිද දැං ?? :D
ReplyDeleteඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...
Deleteඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...
ඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...
ඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...?
ape minissu andayaoo wage.. sirisenaya silwathek kiyala hithagena inne.
ReplyDeleteසිල්වත් හොරෙක්!
Deleteසිල් රෙදි සීං එකටත් සම්භන්ද ද දන්නේ නෑ.. :)
Deleteරෙදි නැතිව ඉන්න සීන් ගොඩකට ම සම්බන්දයි නේ...
Deleteමෙච්චර පරණ සිද්දියක් දැන් ඇදෙන්නේ මේක පිටිපස්සේ රනිල්තුමා හිටං ඉන්න නිසාවත්ද කියන සැකය මටත් තියෙනවා.
ReplyDeleteඔහෙටත් යමක් කමක් තේරෙනවා එහෙනම්...!
Deleteමොනව කියන්නද:D :D...
ReplyDelete:D
Deleteමේක ගැන අදහස් දක්වාපු ආණුවේ කවුරු හරි ඊයේ කියලා තිබුනා මේ ගැන හොයා බලන්න තුමා උපදෙස් දුන්නය. අනික මේක හුඟක් පරන කථාන්දරයක්ය, මේක පිටුපස්සේ ඉන්නේ කවුද කියලා එතුමන්ලා දන්නවාය කියලා.
ReplyDeleteකොයි තරම් අසාධාරණද මේ වගේ පරණ වෙච්චි කථාන්දරයක් ඇදගෙන මෙහෙම මඩ ගහන එක අම්මපා.
අන්තිම අසාදාරනයි නේද?
Deleteඅනේද කියන්නේ ඔය ගම්මංපිලලා වගේ සොච්චං උන්ගේ අවුරුදු 20ක් විතර පරන කේස් උනත් ඇද්දට කමක් නැහැ. කලින් උසාවි වල තීන්දු දීපු කේස් උනත් ආයේ අළුත් කරලා ගත්තට කමක් නැහැ ඒ වගේද මෙ වගෙ වැදගත් සිම්පල් මහත්තැන් කෙනෙකුට අවලාද නගන කොට. අම්මපා මම නම් විරුද්දයි මේ කතාවට
Deleteමාත් විරුද්දයි හිටන්!
Deleteජනවාරි 08 එලිවනවිට අමාත්‍යාංශ වල ෆයිල් කඳු ගිණිගත් ආකාරයෙන් ගිණි නොගත් 'ෆයිල්' එකක් වද්ද මංදා..
ReplyDeleteජයවේවා..!!
රහස් වලට වඩා ෆයිල් බලගතු වුනා නේද?
Deleteසක්.. හිත හොඳටම කඩං වැටුන හිටං
ReplyDeleteසිරා හොරා කියලා දුක් වෙලා පලක් තියේයැ?
Deleteඔය මොනා වුනත් මගේ හිතේ චතුරිකා නඟා ගැන තියෙන මෙව්ව එක හොල්ලන්න බෑ ඔහෙට. සීදේවි කෙල්ල ඒකනෙ තාත්‍තා ජනාධිපති වුනේ හිටං
ReplyDeleteමැටි වැඩ කොරන ගෑනියෙක් හිටන්! ඊලඟ පාර හම්බුවුනාම එයා ගැන යස කතාවක් කියඤ්ඤම්
Deleteඔය මොනා වුනත් මගේ හිතේ චතුරිකා නඟා ගැන තියෙන මෙව්ව එක හොල්ලන්න බෑ ඔහෙට. සීදේවි කෙල්ල ඒකනෙ තාත්‍තා ජනාධිපති වුනේ හිටං
ReplyDeleteදෙපාරක් ම සීදේවි හිටන්!
Deleteනිකංද උප්පැන්නෙට අයි වන්(ඇන්ඩ් ඔන්ලි) ලව්පූසා කියලා නම දාල තියෙන්නෙ ! හොඳට හඳහන් , අත, කකුල , නහය ඔක්කොම බලලා ඉලක්කම් සාස්ත්‍රයට, ගණ ද්‍රව වායු ඔක්කොම පිහිටවලා.
Deleteමලකෙලියයි...
Deleteමෙයත්, අර ටිලාන් ආතර් කියනවා වගේ "අයි, මයිසෙල්ෆ් අන්ඩ් මී" ජාතියෙ තට්ට පූසෙක් ද?
අපි සිරා එලෝලා මරා ගේමු එහෙනම් :P
ReplyDeleteගේමු..ගේමු!
Delete