Thursday, August 25, 2016

දනිමී කාගෙ දොසා....



නෝනාවරුනි මහත්වරුනි ඇනෝවරුනි,

ඔස්ට්‍රේලියන් ජනමාජ්ජ මගින් සිරි ලන්කා ජනාදිපති  සොරිසේන මැතිතුමාට මඩ ගසනා වියාපාරය ට වගකිවයුත්තා කවුදැයි ඔබ සියලු දෙනා ම දැනගන්නට කැමැති ඇතැයි ස ර ස තුමා සිතමි.

එසේනම් අත්පොලොසන් නාදයකින් පිලිගන්න..... ඒ වෙන කවුරුත් නොවෙයි අපේ මහින්ද මහත්තයා ය.

මහින්ද මහත්තයා බලය තිබෙනා කාලයේ ගේමකින් තොරව සල්ලි ගල් කොරනු බලා සිටි සොරිසේන තුමා ද තම නායකයා ගේ අඩි පාරේ යමින් දැහැමෙන් සෙමෙන් කොමිසමෙන් ජීවත් වන්නට විය. 

ඒ වුනාට ගුරු මුස්ටිය තම අතේ තියාගත් මහින්ද මහත්තයා සල්ලි පිල්ලි ඇරීම මිස එම ඇරිය පිල්ලි අහුවෙන්නේ නැතිව වසන් කිරීම තම ගෝලයන් හට උගැන්නුවේ නැත.

මහින්ද මහත්තයා ගහට නගින්න උගැන්නුවාට ගහෙන් බහින්න කියා නොදුන් නිසා අතිගරු ආප්පාල සොරිසේන තුමා ජම්බු ගහේ සිටියදී කැන්ගරු උසාවිටට මාට්ටු විය. 

ජාතියන්තරේ ජයගත්තු සොරිසේනට ගලේ පැහැරූ උපාසක බලල් තඩියෙකුට වුනු දේ සිජ්ජ වුනේ මේ ආකාරයටය.

එම සිජ්ජියට ගාලු ගිහින් ගැලරියට ටෝක් දීම නිසා සොරිසේන යූ එන් පී කාරයන් ගේ වීරයා වීම හේතුවෙන්  රනිල් තුමා ගේ හිතේ ඉපදුනු ඊරිසියාව සමග කිසිම සම්බන්දයක් නොමැති බව ස ර ස තුමා කැකුණ වලඳමින් සන්තෝසයෙන් ප්‍රකාසකොර සිටිමි!

මේ වගත් එසේම,

සින්හල බ්ලොගේ ඔල්මොරොන්දන් දූරන්දර 

ස ර ස තුමා වම්හ!



34 comments:

  1. ඔබතුමාට වැරදිලා.. අර කව්ද කිව්වත් වගේ අගේ ඉදන් කන කාපු ඒ දෝහියා අන්න රට පැන්නා.. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයා ස්මිත්.. ඔව්.. ඒකේ දෙකක් නෑ.. ඩිල්ෂානුත් මේකට යම් සම්බන්ධයක් තියෙන්න ඕන. ඒකනේ මිනිහත් ඉරිදා යන්න ඉන්නේ.. සනත් ඩ්ල්ෂාන් එක්ක රහසිගතව කතා කළා කියපු නිසා සනත්ගෙත් සෘජු සම්බන්ධයක් තියෙන්න ඕන. සෙස්ස පස්සට..

    ReplyDelete
    Replies
    1. // සෙස්ස පස්සට.. //

      පස්ස සිරිකොතට?

      :D

      Delete
  2. Replies
    1. රනිල් තුමා ඇටෙවුව උගුලට එතුමා ඉල්ලා අස් වෙලා හරියනවද?

      Delete
  3. ශික්. මම හිතුවෙ නෑ ම හඳු මයිත්‍රී මහත්තය කොමිස් කාක්කෙක් කියල. මගෙ හිත අප්සට් උනා. මම අද ඉඳල මහින්ද මහත්තය ගෙ ලබන ආත්මේ ජනාදිපතිවරනයට සක්‍රියවම දායක වෙමි. ඔව් මම බය්යෙකි. වෙනස සැපකි. ඒත් රෙන්න බරකි.

    ReplyDelete
    Replies
    1. ඔහෙ ඉන්ගලන්තෙ මූදෙ පීනන්න ගියෙ නැතෙයි?

      Delete
    2. දෙයියපල්ලා දත් දොස්තර මහත්තයෝ, මට පිහිනන්නත් බැහැ අනික මම හොලිඩේ යන්නෙත් කරිජ්ජ මිහිදීය තිබ්බත් සොබාව සවුන්දර්යය විඳින්න මිසක් සුපර් හීරෝ වෙන්ට නෙමෙයි. ඔය මැරිල ඉන්නෙ ශ්‍රී ලන්කන් ටැමිල් කොල්ලො 5ක්. දිය සුළියකට අහු වෙලා. මොනා උනත් තරුණ ජිවිත.😩😩

      Delete
  4. ටොයියං පමණක් සතුටු වෙලා හරියන්නෙ නැහැ බයියංටද සතුටු වීමට අවස්ථාවක් ලබාදිය යුතුයි. මේකයි යහපාලනේ! ඔබට ෂතුටුයිද දැං ?? :D

    ReplyDelete
    Replies
    1. ඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...
      ඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...
      ඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...
      ඔසියන්ට පුලුවන්ද සොරිසේන එලවන්න...?

      Delete
  5. ape minissu andayaoo wage.. sirisenaya silwathek kiyala hithagena inne.

    ReplyDelete
    Replies
    1. සිල්වත් හොරෙක්!

      Delete
    2. සිල් රෙදි සීං එකටත් සම්භන්ද ද දන්නේ නෑ.. :)

      Delete
    3. රෙදි නැතිව ඉන්න සීන් ගොඩකට ම සම්බන්දයි නේ...

      Delete
  6. මෙච්චර පරණ සිද්දියක් දැන් ඇදෙන්නේ මේක පිටිපස්සේ රනිල්තුමා හිටං ඉන්න නිසාවත්ද කියන සැකය මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔහෙටත් යමක් කමක් තේරෙනවා එහෙනම්...!

      Delete
  7. මොනව කියන්නද:D :D...

    ReplyDelete
  8. මේක ගැන අදහස් දක්වාපු ආණුවේ කවුරු හරි ඊයේ කියලා තිබුනා මේ ගැන හොයා බලන්න තුමා උපදෙස් දුන්නය. අනික මේක හුඟක් පරන කථාන්දරයක්ය, මේක පිටුපස්සේ ඉන්නේ කවුද කියලා එතුමන්ලා දන්නවාය කියලා.

    කොයි තරම් අසාධාරණද මේ වගේ පරණ වෙච්චි කථාන්දරයක් ඇදගෙන මෙහෙම මඩ ගහන එක අම්මපා.

    ReplyDelete
    Replies
    1. අන්තිම අසාදාරනයි නේද?

      Delete
    2. අනේද කියන්නේ ඔය ගම්මංපිලලා වගේ සොච්චං උන්ගේ අවුරුදු 20ක් විතර පරන කේස් උනත් ඇද්දට කමක් නැහැ. කලින් උසාවි වල තීන්දු දීපු කේස් උනත් ආයේ අළුත් කරලා ගත්තට කමක් නැහැ ඒ වගේද මෙ වගෙ වැදගත් සිම්පල් මහත්තැන් කෙනෙකුට අවලාද නගන කොට. අම්මපා මම නම් විරුද්දයි මේ කතාවට

      Delete
    3. මාත් විරුද්දයි හිටන්!

      Delete
  9. ජනවාරි 08 එලිවනවිට අමාත්‍යාංශ වල ෆයිල් කඳු ගිණිගත් ආකාරයෙන් ගිණි නොගත් 'ෆයිල්' එකක් වද්ද මංදා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රහස් වලට වඩා ෆයිල් බලගතු වුනා නේද?

      Delete
  10. සක්.. හිත හොඳටම කඩං වැ‍ටුන හිටං

    ReplyDelete
    Replies
    1. සිරා හොරා කියලා දුක් වෙලා පලක් තියේයැ?

      Delete
  11. ඔය මොනා වුනත් මගේ හිතේ චතුරිකා නඟා ගැන තියෙන මෙව්ව එක හොල්ලන්න බෑ ඔහෙට. සීදේවි කෙල්ල ඒකනෙ තාත්‍තා ජනාධිපති වුනේ හිටං

    ReplyDelete
    Replies
    1. මැටි වැඩ කොරන ගෑනියෙක් හිටන්! ඊලඟ පාර හම්බුවුනාම එයා ගැන යස කතාවක් කියඤ්ඤම්

      Delete
  12. ඔය මොනා වුනත් මගේ හිතේ චතුරිකා නඟා ගැන තියෙන මෙව්ව එක හොල්ලන්න බෑ ඔහෙට. සීදේවි කෙල්ල ඒකනෙ තාත්‍තා ජනාධිපති වුනේ හිටං

    ReplyDelete
    Replies
    1. දෙපාරක් ම සීදේවි හිටන්!

      Delete
    2. නිකංද උප්පැන්නෙට අයි වන්(ඇන්ඩ් ඔන්ලි) ලව්පූසා කියලා නම දාල තියෙන්නෙ ! හොඳට හඳහන් , අත, කකුල , නහය ඔක්කොම බලලා ඉලක්කම් සාස්ත්‍රයට, ගණ ද්‍රව වායු ඔක්කොම පිහිටවලා.

      Delete
    3. මලකෙලියයි...
      මෙයත්, අර ටිලාන් ආතර් කියනවා වගේ "අයි, මයිසෙල්ෆ් අන්ඩ් මී" ජාතියෙ තට්ට පූසෙක් ද?

      Delete
  13. අපි සිරා එලෝලා මරා ගේමු එහෙනම් :P

    ReplyDelete