Monday, September 19, 2016

වෙල්ස් ෆාගෝ වන්චාව....






ඉකොනොමැට්ටා තුමා මාර බිසී එකේ දොස්තරලා එක්ක ඇරියස් කවර් කොරනා අල්ල පනල්ලේ එතුමා ට මගහැරුනු ආර්තික කතාන්දරයක් කීමට ස ර ස තුමා ට ගරු සබාවෙන් අවසරයි!

සකල සිරින් පිරි සිරි ලන්කාවේ නොව අමෙරිකා එක්සත් ජනපදයේ වෙල්ස් ෆාගෝ නැමැති මූල්ය ආයතනයක් වන්නාහ. එය එම රටේ වත්කම් අනුව තුන්වන තැන ලබනා බැන්කුවයි!

සුමාන දෙකකට කලින් චූටි බලලෙක් වෙල්ස් ෆාගෝ බැන්කුවෙන් එලියට පැන්නේය. 

එනම් වෙල්ස් ෆාගෝ බැන්කුවේ සේවකයන් විසින් පාරිබෝගිකයන් ගේ නිසි අවසරයකින් තොරොව ඔවුන් ගේ නමින් බැන්කු ගිනුම් ආරම්බ කිරීමයි!

බැන්කුව විසින් සේවකයන් ට දෙනු ලැබූ ඉලක්ක සපුරා ගැනීමට සේවකයන් විසින් දැනට බැණ්කුවේ ගිනුම් හිමියන් ට නොදන්වා ඔවුන් ගේ නමින් තව ගිනුම් ආරම්බ කොර ඇත. 

වැඩේ පත්තු වුනාම බැන්කුව එහි සේවකයන් 5300 දෙනා සේවයෙන් පහ කොලෝය. එපමනක් නොව ගිනුම් ඉලක්ක සන්ස්කෘතියට ද තිත තබන ලදී.

දොස්තරලා සමග ඇති වෛරය පිරිමහ ගත්තුදාට ඉකොනොමැට්ටා තුමා මේ පිලිඹඳව වැඩිදුර විස්තර ලබාදෙනු ඇත.

මගේ කතාව අවසානයි...

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි!

38 comments:

  1. දැන් බලාගෙන යනකොට අප්පුහාමිල ඔක්කොම ලඟ හුනු ටික ටික තියෙනව වගේ

    ReplyDelete
    Replies
    1. හුනු තියෙන්නෙම අප්පුහාමිලා ලඟ වගේ නේ...

      Delete
  2. හරිම අනුවේදනීය කතාවක්.

    ReplyDelete
  3. කතාවේ අන්තිම පේලි දෙක මාර අර්ථාන්විතයි. අම්මප , චතුනගත් කිව්වා සාරසට කියන්නෙයි කියල

    ReplyDelete
    Replies
    1. චතූ නගේ මේ අහන්න
      එකපාර මා මරන්න....

      Delete
    2. මම ගන්නෙමි කරකාර බන්දාලා
      චතූ නංගී පොළොන්නරුවෙන්
      මම ඉනෙමි මහරාජා වාගේ මන්දිරේ
      අරලිය හාලේ බත්ම කමින්

      Delete
    3. මිලින්ද දැනගත්තු දාට බඩු බනිස්!

      Delete
  4. සරසයෝ......මේ ගැන පොඩ්ඩක් කියවගෙන යනකොට "clawback" කියලා එකක් දකින්න ලැබුනා. මේ සබ්ජෙක්ට් එකේදි ඒ වචනෙට දෙන තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. http://www.macmillandictionary.com/dictionary/british/claw-back

      Delete
    2. සරාස්තුමා tooth and claw ෆයිට් කොරනවානම් බ්ලොග්වල දැක තිබේ

      Delete
    3. // සරාස්තුමා tooth and claw ෆයිට් කොරනවානම් බ්ලොග්වල දැක තිබේ //

      අපි වනාහී අන්තිම අහින්සක කස්ටිය මෙයා...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මෙහෙම එකක් දැනට අවුරුදු 2 කට විතර ලංකාවේ වුණා. HSBC බැංකුවේ එක මාසෙක ටාගට් එක කවර් වුණාම ඒමාසෙ ඉතුරු බිස්නස් ඊලඟ මාසෙට තල්ලු කරල. ජේශ්ඨ සේවකයන් 6-7 දෙනෙක්ට ඉවත් වෙන්න සිදුවුණා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් වෙල්ස් ෆාර්ගෝ කස්ටිය ඉගෙන ගෙන තියෙන්නේ අපෙන්!

      Delete
  7. ඕවා මොනවද අෆ්ෆා, උපාලි කියල හාදයෙකුටත් අවුරුදු බර ගානකට පස්සේ පණ ඇවිත්ය කියන්නේ...
    තාජුඩීන්ලා කැලේ...

    ReplyDelete
    Replies
    1. කැන්ඩොස් කෑල්ලක් දාන්න හිතෙනවා ලොකු පුතා ගෙ කටේ..

      Delete
    2. චයිනමන් ලියපු හාදය නම් හීනියට ලයින් දෙක තුනක්ම ඇරල තිබුනා ඔව්ව ගැන

      Delete
  8. ඔක්කොටම කලින් කියහන් දොස්තර මහත්තයෝ උබ සයිබර් කැෆේ එකකද වැඩ නැතිනම් ඩෙන්ටල් සර්ජරි එක ඇතුලෙ සයිබර් කැෆේ එකක් දාලද කියල හිටං 😂

    ReplyDelete
  9. මම වැඩ කරන්නේ ආන්ඩුවේ තැපැළ් කන්තෝරුවක නේ මෙයා...

    ReplyDelete
    Replies
    1. සරස...සත්තෙන්ම මම හිතුවේ වැඩ කරන්නේ ජයන්ති ප්ලේස්, බත්තරමුල්ලේ ඔෆිස් එකක කියලා :D

      Delete
    2. @ AP, සරාස්තුමා වෙනම කාර්යාල‍යක් දමා ගැනීමට සුදුසු උතුමෙකි.
      දැන් බයිභාවය ඉක්මවා ගිය සරාස් අනන්‍යතායක් පහල වී ඇත

      Delete
    3. සරසානන්‍යතාවය........යකෝ මේක සිංහල ශබ්ද කෝසෙට දාන්න ඕන වචනයක්නේ.

      Delete
    4. // සරස...සත්තෙන්ම මම හිතුවේ වැඩ කරන්නේ ජයන්ති ප්ලේස්, බත්තරමුල්ලේ ඔෆිස් එකක කියලා :D //

      පෙත්ත ගන්න අමතක වුනු දාට ස ර ස තුමා ටත් එහෙම හිතෙනවා හිටන්!

      Delete
    5. // දැන් බයිභාවය ඉක්මවා ගිය සරාස් අනන්‍යතායක් පහල වී ඇත //

      අපි ව විදුලි පුටුවට යැවුවත් අපේ බයියා කම අතහරින්න සූදානම් නැහැ අපේ හාමුදුරුවනේ...

      Delete
    6. // සරසානන්‍යතාවය........යකෝ මේක සිංහල ශබ්ද කෝසෙට දාන්න ඕන වචනයක්නේ.

      //

      "සුරතාන්තය" ට පස්සේ ලැබෙන්නේ "සරසාන්තය" නේ මෙයා!

      Delete
    7. බයිරස දන්නෝ කියල කවියකුත් තියනව නේද?

      Delete
    8. හා හා කට කට සරස තුමෝ. මෙතන ඉන්න (වැඩ බැරි) ෂර්ලොක් හොල්ම්ස් උබෙ IP එකෙන් වැඩ කරන තැන හොයන් උබ ගැන අද රෑටම බ්ලොග් පොස්ට් එකක් ලියයි. මොකද එච්චරටම අදෝ මාර්ගය අප්සට් ඇවුන් ඉන්නෙ හිටං 🙉

      Delete
    9. // එච්චරටම අදෝ මාර්ගය අප්සට් ඇවුන් ඉන්නෙ හිටං 🙉//

      අනේ එවැනි හාදයෝ සිරිකොතට යවලා අදෝමාර්ගේ ආදායම් මාර්ගයක් කරලා දෙන්න හිතෙනවා හිටන්!

      Delete
  10. සොමිම වැඩේ හිලරි ක්ලින්ටන් උන්ට පව් කියන එක. (ගිණුම් අයිතිකාරයන්ට)
    http://www.nbcnews.com/politics/2016-election/hillary-clinton-writes-open-letter-wells-fargo-customers-n651021

    ReplyDelete
    Replies
    1. අනේ අසනීපෙන් ඉන්න හිලරි ආච්චිට මොනොවත් කියන්න එපා අජිත් තුමෝ!

      Delete
  11. මෙහේ මැදපෙරදිගත් ඕකම වෙනවා මම හිතන්නේ. ෆෝර්ම් එකේ ඔක්කෝම කියෝලා සයින් කරන්නේ නෑ ගොඩක් අය (මමත් ඇතුලුව)

    පස්සේ බෑන්ක් ඒජන්ට් කරන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් ඕනද එපාද බොක්ස් එක එහෙම අපි වෙනුවෙන් ටික් කරලා ෆොර්ම් එක සබ්මිට් කරලා කස්ටට ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් වික්කා කියලා කොමිස් එක ගන්නවා.

    කස්ටට තරු පේනවා කුරියර් එකෙන් කාඩ් එක ආවහම

    ReplyDelete
  12. සාරසා ටික දිනක සිට කොන්ත්‍රාත් කටයුතු කරන බව ටක්කෙටම දැක ගත්තෙමි.. සාක්සි ඇත.. හැක් හැක්..

    ReplyDelete