ඉයන් තුමා සහ ස ර ස තුමා ගේ සත්ව විද්යා ගුරුවරිය වන, ආලෝචන ඇනෝ තුමා ගේ බාසාවෙන් කියනවා නම් ගෞරවනීය FG ගුරු සිරිමතිය තුමිය සමග ස ර ස තුමා ගිය 13 E පන්ති සගයන් සමග පසුගිය වසරේ ගත් චායාරූපයක් ඉයන් තුමා ට සහ ආලෝචන ඇනෝතුමා ට ස්තූතිය පලකිරීම පිණිස මෙසේ පල කර සිටිමු.
අප සදහටම ණය ගැති FG ගුරු සිරිමතිය තුමිය ගෞරවාදරයෙන් සිහි පත් කරමි!
කතා වස්තුව නොදන්නා අය ගේ පහන් සන්වේගය පිණිස එයට පාදක වූ ආලෝචන තුනක් අජිත් පැරකුම් ජයසින්හ සුධීමතුන් ගේ පිටුවෙන් :
මගේ මතකයක්
උසස් පෙල සත්ව විද්‍යාව ඉගැන්වීමට පැමිණියේ දමිල සම්භවයක් ඇති තරුණ ගුරුවරියකි. ඉංග්‍රීසි බසින් ඉගෙනගෙන ඇති ඇය ඊටකලින් දින රාත්‍රියේ පිළියෙල කර ගත් සටහන් කිහිපයක් භාවිතා කරමින් සිංහල වචන සහ ඉංග්‍රීසි වචන කලවමේ යොදාගනිමින් ඉතා ඕනෑකමින් උගන්වයි. මුළු කාලයේදීම විනාඩියක හෝ විරාමයක් නොගෙන සිටගෙන සිට උගන්වන එම ගුරුවරිය ඇගේ වෘත්තිය කොතරම් ඉහල මට්ටමකින් කලා දැයි විස්තර කිරීමට වචන මදිය. වාර විභාගයක් අවසාන වූ කාලයේ කොරිඩෝ එකකදී හමුවුණොත් බලෙන් නවතාගෙන උත්තර වැරදී තිබුණු තැන් ගැන කථා කරයි. පන්ති දෙක තුනක ළමයින් අසූ ගණනක ළමයින්ගේ හැකියවන් දුර්වල කම් සියල්ල වෙන වෙනම ඇය දනියි.
පාසැලේ ගුරුවරුන්ට වැඳීමේ සංස්කෘතියක් නොතිබුණි. දශක දෙකකට පමණ පසුව අප පන්තියේ මිතුරකුගේ නිවසේදී එම ගුරුතුමියට උපහාරයක් පැවැත්වූ දිනයක ඇය පිටත් වන විට කර දඬු උස්වූ අපි අපේ දරුවන් සහ බිරින්ඳෑවරුන් ඉදිරිපිට පළමුවරට ඇයගේ පාද නමස්කාර කළෙමු.
Replyඋසස් පෙල සත්ව විද්‍යාව ඉගැන්වීමට පැමිණියේ දමිල සම්භවයක් ඇති තරුණ ගුරුවරියකි. ඉංග්‍රීසි බසින් ඉගෙනගෙන ඇති ඇය ඊටකලින් දින රාත්‍රියේ පිළියෙල කර ගත් සටහන් කිහිපයක් භාවිතා කරමින් සිංහල වචන සහ ඉංග්‍රීසි වචන කලවමේ යොදාගනිමින් ඉතා ඕනෑකමින් උගන්වයි. මුළු කාලයේදීම විනාඩියක හෝ විරාමයක් නොගෙන සිටගෙන සිට උගන්වන එම ගුරුවරිය ඇගේ වෘත්තිය කොතරම් ඉහල මට්ටමකින් කලා දැයි විස්තර කිරීමට වචන මදිය. වාර විභාගයක් අවසාන වූ කාලයේ කොරිඩෝ එකකදී හමුවුණොත් බලෙන් නවතාගෙන උත්තර වැරදී තිබුණු තැන් ගැන කථා කරයි. පන්ති දෙක තුනක ළමයින් අසූ ගණනක ළමයින්ගේ හැකියවන් දුර්වල කම් සියල්ල වෙන වෙනම ඇය දනියි.
පාසැලේ ගුරුවරුන්ට වැඳීමේ සංස්කෘතියක් නොතිබුණි. දශක දෙකකට පමණ පසුව අප පන්තියේ මිතුරකුගේ නිවසේදී එම ගුරුතුමියට උපහාරයක් පැවැත්වූ දිනයක ඇය පිටත් වන විට කර දඬු උස්වූ අපි අපේ දරුවන් සහ බිරින්ඳෑවරුන් ඉදිරිපිට පළමුවරට ඇයගේ පාද නමස්කාර කළෙමු.
ගෝලයෝ වයසට ගිහින්නේ ටීචර් ට වැඩිය.. ආ.. පෝස්ට් එක ගැන කොමෙන්ට් කරන්න වචන නැතිය. එකෙන්ම රෙස්පෙක්ට් එක..
ReplyDeleteජයවේවා ..තැන්කූ වේවා!
Deleteඇරියස් නැති මිනිස්සු... නිදහසේ හුස්ම හෙලන්න ඇහැකි.
ReplyDeleteජයවේවා..!!
ඒක තමයි ඇත්ත!
Deleteඇරියස් නැති මිනිස්සු... !!
ඔය චායාරූපයේ ඉයන්තුමයි සාරස තුමයි ඉන්න ස්ථානය ගැන සදහන කලොත් වටිනවා නේද? කොහොම නමුත් වටිනා චායාරූපයක්. ගුරුතුමියට ආඩම්බර ඇති තමන්ගේ ගෝලයෝ දැක්කාම.
ReplyDeleteජයවේවා!!!
ඉයන් තුමා ජේශ්ට ශිශ්යයෙකි... මෙම චායාරූපයේ නැත...
Deleteස ර ස තුමා හරියටම Fe ගුරු සිරිමතිය මැතිනියට පිටුපසින් හිටන්!
මට මතක හැටියට ඉයන්ගේ ක්ලාස් ටීචර්ත් මිස් ගුරුස්වාමි. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම හොඳ ගුරුවරියක් පමනක් නොවේ, වැදගත් කාන්තාවක්.
Deleteඔබට බොහෝම ස්තූතියි සාරස තුමා. කුඩා කල සිට ගුරුවර ගුරුවරියන් විශාල ප්‍රමාණයක් හමුවී තිබුණද, ගුරුවරු/ගුරුවරියන් ගැන සිතනවිට ඇයට සමකල හැකි කෙනෙක් මටනම් හමුවී නැහැ. ඇයගේ අනෙක් ශිශ්‍යයනුත් ඇය ගැන මා සිතන ආකාරයටම සිතන බව දැන ගැනීම ගැන ඉතා සතුටුයි. ඇය ඉගැන්වූ විෂයය මෙන්ම වෘත්තිකයෙක් තම වගකීම ඉටුකල යුතු ආකාරයය මම ඉගෙන ගත්තේ ඇයගෙන්. එම නිසා මගේ ජීවිතයේ මම ණය ගැති සුළු පිරිස අතරින් ඇය ඉහලින්ම.
ReplyDeleteඅප උසස් පෙක කල වසරේ ජීව විද්යාවට වැඩිම ලකුණු ගත්තේ ඈ පන්ති බාර ගුරුවරිය ව සිටි අපේ පන්තියේ හාදයෙකි. ඈ ගෙන් ඉගෙනගෙන විබාගය සමත් වූ අයටත් අසමතු වූ අයටත් FW මැතිනිය මවක මෙන් සැලකුවාය... තවමත් එසේමය...
Deleteඉයන් තුමා ට මේ කතාව කරලියට ගෙන ඒම ගැන නැවතත් මගේ ස්තූතිය!
අයෙත් ඉතින් අහලා එකෙන්ම එල ද බ්‍රා
ReplyDeleteතැන්කූ එල ද බ්‍රා තුමෝ!
Deleteසුබපැතුම් බොසා !!
ReplyDeleteතැන්කූ බොසා !!
Deleteයකෝ. උබ වයසක ටින් ටින් දත් දොස්තර කෙනෙක්නෙ හිටං. බොලාට වඩා තරුණයි ටීචර්.
ReplyDeleteසාරස තුමා, ගෝට මාමිගෙ හිටපු අධීක්ෂන මන්ත්‍රී තුමා ස්ථීර පදිංචියට වැලිකඩ යාම ගැන පෝස්ට් කටුවක් ලියන්නෙ නැතෙයි
ReplyDeleteඑතුමා ට හිරකාරයෝ ගඟේ මූදේ නාන්න බැරි විදියට සැලකූ දාට ලියඤ්ඤම්!
Deleteසලකයි සලකයි මේං කියල
Deleteසලකයි සලකයි මේං කියල
Deleteබලන් ඉන්නකෝ....
Deleteසරසයෝ....මිස් ගුරුස්වාමි,මිසිස් දසනායක, මිසිස් මාලති ප්‍රනාන්දු, මිස් ආබෲ, මිස් පුෂ්පා අබේසිරිවර්දන, මිස් දේවිකා රණසිංහ වගේම ඉයුස්ටස්, අල්විස්,නෝනිස් වගේ ගුරුවරු තමයි මගේ ඒලෙවල්ස් ගුරුවරු. ලමයින්ට උගන්වන්න පුදුම කැපවීමක් කෙරුව අය. මම ඉගෙනගත්තේ නැති එක වෙනම කතාවක්. මගේ ඉහළම ගෞරවය.
ReplyDeleteඅපෙත් ඉහලම ගෞරවය හිටන්!
DeleteGlad to meet a man of my vintage. Add Mr Rodrigo (Physics) to that list
Deleteඕ යර්ස්. අපි ආදරේට කිව්වේ රොඩ්ඩා කියලා.බොට්නි කරපු මිස් චූටි මතකද......
DeleteExactly Rods was an excellent teacher, quiet and effective. Chooti later joined the Standards Bureau where a classmate of mine once worked. It took him sometime to recognise her.
Delete:D
Deleteයන්තං ඇති සාරසතුමාව දැක ගත්තා. වැඩේ රෙෂ්පට්‍යැ
ReplyDeleteයන්තං ඇති සාරසතුමාව දැක ගත්තා. වැඩේ රෙෂ්පට්‍යැ
ReplyDeleteඇරියස් නැති මිනිසෙකු වීමටය මගෙත් උපරිම ට්‍රයි එක
ReplyDeleteඒකට අපෙනුත් මෙවුවා එක!
Deleteඩබ්.කේ.....තමන් නිවැරදිව තමන් පිලිබඳ ස්වයං තක්සේරුවක් කරගැනීම ඔබේ ට්‍රයි එකට මහඟු අත්වැලක් වෙයි. අපි අනිත් අය ගැන සියල්ලම දන්නවා. නමුත් තමන් ගැන දන්නේ නැහැ. මේක ලෝක ස්වභාවය. ඔබගේ 'ට්‍රයි' එක 'කන්වර්ශන් කික්' එකකින් තවත් පෝශනය වේවා..(රගර් ක්‍රීඩා අරුතින්)
Delete// යන්තං ඇති සාරසතුමාව දැක ගත්තා. වැඩේ රෙෂ්පට්‍යැ //
ReplyDeleteඔහේවත් දැක බලාගන්න පොටෝ එකක් එවනවැයි?
මේ මොකෝ අහක බලං උත්තර දෙන්නෙ , මොකෝ අපි කළුද?
Deleteදැකුං කලුයි කියල අහල තියනව
Deleteකලු පාටේ තද එක.. දැකුම් කලු!
Deleteසරාස්තුමාගෙ ආලෝචන මොනවගේද කියල පෘතග්ජනතාවටත් කියල දෙන්නකො
ReplyDeleteපොතක් ලියන්නයි ඉන්නේ හිටන්!
Deleteහෑ.. ආලෝචන කියන්නෙ පොත්ද? මං හිතුවෙ කරේ දාන එකක් කියල
Deleteඅපි ඉතින් මැත කරපු නිසා බයෝ කට්ටිය ගැන දන්නවා අඩුයි. කාබනික රසායනය කලේ නානා......හොඳ ගුරුතුමියක්. කොල්ලෝ එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට ඉගැන්වුවා. ඉයුස්ටස් වාරයක් ද කොහෙද ඉගැන්වූවා මතකයි.
ReplyDelete:D
Delete