Friday, September 9, 2016

ආලෝචන තුනක් සහ ගෞරවාදර ස්තූති කිරීමක්...



ඉයන් තුමා සහ ස ර ස තුමා ගේ සත්ව විද්යා ගුරුවරිය වන, ආලෝචන ඇනෝ තුමා ගේ බාසාවෙන් කියනවා නම් ගෞරවනීය FG ගුරු සිරිමතිය තුමිය සමග ස ර ස තුමා ගිය 13 E පන්ති සගයන් සමග පසුගිය වසරේ ගත් චායාරූපයක් ඉයන් තුමා ට සහ ආලෝචන ඇනෝතුමා  ට ස්තූතිය පලකිරීම පිණිස මෙසේ පල කර සිටිමු.


අප සදහටම ණය ගැති FG ගුරු සිරිමතිය තුමිය  ගෞරවාදරයෙන්  සිහි පත් කරමි!

කතා වස්තුව නොදන්නා අය ගේ පහන් සන්වේගය පිණිස එයට පාදක වූ ආලෝචන තුනක් අජිත් පැරකුම් ජයසින්හ සුධීමතුන් ගේ පිටුවෙන් :

මගේ මතකයක්

උසස් පෙල සත්ව විද්‍යාව ඉගැන්වීමට පැමිණියේ දමිල සම්භවයක් ඇති තරුණ ගුරුවරියකි. ඉංග්‍රීසි බසින් ඉගෙනගෙන ඇති ඇය ඊටකලින් දින රාත්‍රියේ පිළියෙල කර ගත් සටහන් කිහිපයක් භාවිතා කරමින් සිංහල වචන සහ ඉංග්‍රීසි වචන කලවමේ යොදාගනිමින් ඉතා ඕනෑකමින් උගන්වයි. මුළු කාලයේදීම විනාඩියක හෝ විරාමයක් නොගෙන සිටගෙන සිට උගන්වන එම ගුරුවරිය ඇගේ වෘත්තිය කොතරම් ඉහල මට්ටමකින් කලා දැයි විස්තර කිරීමට වචන මදිය. වාර විභාගයක් අවසාන වූ කාලයේ කොරිඩෝ එකකදී හමුවුණොත් බලෙන් නවතාගෙන උත්තර වැරදී තිබුණු තැන් ගැන කථා කරයි. පන්ති දෙක තුනක ළමයින් අසූ ගණනක ළමයින්ගේ හැකියවන් දුර්වල කම් සියල්ල වෙන වෙනම ඇය දනියි.

පාසැලේ ගුරුවරුන්ට වැඳීමේ සංස්කෘතියක් නොතිබුණි. දශක දෙකකට පමණ පසුව අප පන්තියේ මිතුරකුගේ නිවසේදී එම ගුරුතුමියට උපහාරයක් පැවැත්වූ දිනයක ඇය පිටත් වන විට කර දඬු උස්වූ අපි අපේ දරුවන් සහ බිරින්ඳෑවරුන් ඉදිරිපිට පළමුවරට ඇයගේ පාද නමස්කාර කළෙමු.
Reply

Replies


  1. ඉයන් තුමා ගේ සත්ව විද්යා ගුරුතුමිය වන ගුරු---- මෙනෙවිය (පසුව වික්-----) මහත්මිය මගේ පාසල් අවසාන පන්ති ගුරුතුමියයි....

    පසුගිය වසරේ අපේ පන්ති ගෙට්ටුවේ දී අප එකිනෙකා ගේ දස්කම් විස්කම් අපේ බිරින්දෑවරුන් හට සහ දරුවන්ට ඈ කියාදුන්නේ හරිට ඇගේ දරුවන් ගැන විස්තර කරනා ආකාරයෙනුයි...

    ඉහත සමහර කොමෙන්ටු වල කෘර ගුරුවරු ගැන කියවන විට මිස් ගුරු--- වැනි සැබෑ ගුරු මාතාවන් ලැබූ අප කොපමන වාසනාවන්ත ද?
    Delete
  2. අතිගරු සා රසතුමනි,

    අපි කාලයක සිට ඔබතුමන්ගේ හරබර ආලෝචන නිතොර කියවන්නෙමු. එහෙත් අපට අතිමහත් ආනන්‍ඳයක් දැනුණු දිනය නම් අද ය. උගතෙකු හා බුද්ධිමතෙකු වන ඔබතුමන් අපගේ චීරකාලීන සන්සඛී ගුරු… සිරිමතියගේ ශිෂ්‍ය රත්නයක් බව දැන ගන්නට ලැබී ම මහත් ප්‍රහර්ෂයකි. ඔබගේ ආලෝචනය විසින් අපගේ මතක හදවිල පියුම් පොබයවනු ලැබේ. මෙම කෙටි ආලෝචනය එකී හෘදරසායනීය විචිත්‍ර මතකයන් කීපයක් පිළිබඳ යි.

    ෆේ. ගුරු… (FG) සිරිමතිය අපගේ ඇදුරුතුමියක වන්නට තරම් අපගේ පරම්පරාව යෞවන වූයේ නැත. එහෙත් ඇය අපගේ සමකාලීන විද්‍යාර්ථිනියක වූ බව පවසන්නට තරම් අපි වාසනාවන්තයෝ වූයෙමු. FG පිළිබඳ අපගේ මතකය හැත්තෑව දශකයේ මුල් කාලයට දිව යයි. එවකට අප කොළඹ සරවියේ යම් පීඨයක අධ්‍යයන කටයුතු කරමින් සිටියෙමු. ඇය කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙන් කොළඹ සරසවියට පැමිණි ප්‍රියමනාප ශිෂ්‍යාවක වූවා ය. හැත්තෑව දශකයේ මැද දී ඇය විද්‍යාවේදී උපාධිය ලබා කොළඹ සරසවියෙන් පිට ව රාජකීය විද්‍යාලයට ආචාර්යවරියක ලෙස එක් වූවා ය. අනූව දශකයේ මුල දී විශ්‍රාම ගන්නා තෙක් දශක එකහමාරක කාලයක් ඇය රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයනට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වූවා ය.

    FG හා අපගේ මිතුදම වැඩෙන්නට එක් හේතුවක් වූයේ අප ද දෙහිවල ප්‍රේ.. ඇවන්‍යුහි කලක් පදිංචි ව සිටීම ය. ඇය පසු ව වික්‍ර…. වූ බව සා රසතුමන් විසින් පැවසිණි. ඇය විවාහ වූයේ කීර්තිමත් විද්‍යාර්ථියෙකු වූ ආචාර්ය සු.. වික්‍ර…. (SSW) සමඟ ය. විවාහයෙන් පසු FG යන නාමය වෙනුවට ඇය බොහෝ විට භාවිත කළේ FW නාමය යි. අප අසූව දශකයේ අග දී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා යුරෝපය කරා නික්ම යන තෙක් ම SSW-FW යුවළ අපගේ හිතෛෂීහු වූහ. අනූව දශකයේ මැද දී කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි කල අප යළි මුණගැසුණෙමු. ඒ අපගේ ඥාති සහෝදරියකගේ පුතණුවෙකුට සත්ත්‍ව විද්‍යාව ඉගැන්වීමට ඇයට භාර කිරීමට අප ඇය සොයා ගිය නිසා ය. ඒ වන විට ඇය රාජකීය විද්‍යාලයේ සේවයෙන් විශ්‍රාම ගෙන කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයේ තාවකාලික පදනම මත සේවයේ නිරත ව සිටි බව අපට මතක ය.

    FG ඉතා පිළිවෙළට වැඩ කටයුතු කළ තැනැත්තියකි. ඇය තම ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දීමට ඇගේ කුඩා අත්අකුරින් ලියූ සටහන්වල ඡායාපිටපත් අපට පෙන්වූවා ය. ඇය එම සටහන් ඉතා උනන්දුවකින් සුපරික්ෂාකාරී ව සකස් කර තිබිණි. ඒ වන විට ඇයගේ සිංහල ඉතා හොඳ තත්ත්‍වයක තිබිණි (ඇයට කවදත් සිංහල ව්‍යවහාරයට අපහසුවක් තිබූ බවක් අපට නො දැනිණි. ඇයගේ මව සිංහල ස්ත්‍රියක වූ බවට යම් මතකයක් අපට ඇත). උසස් පෙළ සත්ත්‍ව විද්‍යා විෂයට මානව ජීව විද්‍යාව වැඩි වශයෙන් එක් කිරීම ඇරඹුණු මුල් යුගය වූයේ අනූව දශකයේ මැද අප පවසන එම සමය ය. “දැන් ගෙම්බො කැරපොත්තො එළවන්න යි හදන්නේ” යැයි ඇය සිනා සෙමින් පැවසූ ආකාරය මට අද ද මැවී පෙනේ. ඇය තමන්ගේ ශිෂ්‍යශිෂ්‍යාවනට ලබා දෙන ප්‍රශ්නවලට ඔවුන් ලියූ පිළිතුරු ඉතා උවමනාවෙන් පරීක්ෂා කරන බව පැහැදිලි විණි. ඔවුන් ලියා තිබූ ඇතැම් පිළිතුරුවල වාක්‍ය ඛණ්ඩ ද ඇයට මතකයෙන් පැවසිය හැකි ව තිබිණි.

    SSW පසු කලක තම විෂය ක්ෂේත්‍රයේ මහාචාර්ය ධුරයක් ලැබූ බව අපි දනිමු. FW මෙතෝදිස්තයේ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන බව වසර හතකට අටකට පමණ පෙර දැන ගන්නට ද ලැබිණි. ඔවුන් පිළිබඳ මෑතක දී අපට කිසිදු තොරතුරක් දැන ගන්නට නො ලැබිණි. එහෙත් ඔවුන් තවමත් ‍ෙප්‍ර්.. ඇවන්‍යුහි වාසය කරන බව නම් විශ්වාස ය.

    අපටත් ගුරු වූ මෙවැනි ම විශිෂ්ට ගුරුවරියක් එකල වැල්ලවත්තේ ෆසල්ස් වීදියේ පදිංචි ව සිටියා ය. ඇය නම් විශිෂ්ට රසායන විද්‍යා ගුරුවරියක වු වල්ලිපුරම් සිරිමතිය යි. කාබනික රසායනය ඉගැන්විමට ඇය තරම් සූර ගුරුවරියක අප තවමත් දැක නැති තරම් ය. ඇය කාලයක් ගම්පහට නුදුරු වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක ඉගැන්වුවා ය. වැල්ලවත්තේ සිට දිනපතා වේයන්ගොඩට රාජකාරිය සඳහා ගිය වල්ලිපුරම් සිරිමතිය කිසි දිනෙක පමා වි පාසලට නො පැමිණි බවත් පාසලට යොදුන් කීපයක දුරින් පදිංචි ව සිටි ගුරුවරියක සෑම දිනක ම පමා වි පැමිණි බවත් අපට දැන ගන්නට ලැබිණි. ඒ බව අපට පැවසුවෝ ද විශිෂ්ට ගුරුදේවයාණ කෙනෙක් වූහ. කලක් ඔවූහු සූර හා ප්‍රකට භෞතික විද්‍යා ආචාර්යවරයෙක් වූහ. ලියනගේ යන නාමය එකල ග්‍රොරෝ නාමය තරමට ම භෞතික විද්‍යාව සමඟ බැඳී තිබිණි. සා රසතුමා වල්ලිපුරම් සිරිමතියගේත් ශිෂ්‍යයෙකු ද යන්න දැන ගනු රිසියෙමු.

    අප දැන සිටි බොහෝ ගුරුවරු මෙවැනි විශිෂ්ටයෝ වුහ. දේශපාලනයත් ගුරු වෘත්තියත් දෙක ම කරන්නට ගොස් අවසානයේ දී ඒ දෙක ම අසාර්ථක කරගෙන සම්මානනීය බ්ලොග්කරුවෙකු බවට පත් ව ගුරු වෘත්තියට අපහාස කරන අසත්පුරුෂයන් නම් අප දැන සිටියේ එකෙකු පමණි. එවැන්නවුන් දකින විට අපට සිතෙන්නේ ගුරු වෘත්තියෙන් සමුගෙන දේශපාලනයට කැප වුණු පාණී විජේසිර්වර්ධන සහෝදරයා රත්තරන් නො වේ ද යන්න යි.

    විශිෂ්ට ගුරුවරියක වූ ෆේ. ගුරු… සිරිමතිය පිළිබඳ මතකය අවදි කළ සා රසතුමාටත් ඇය පිළිබඳ මුල් සටහන තැබූ ඉයන් මැතිඳුනටත් අපගේ ගෞරව ප්‍රණාමය.

39 comments:

  1. ගෝලයෝ වයසට ගිහින්නේ ටීචර් ට වැඩිය.. ආ.. පෝස්ට් එක ගැන කොමෙන්ට් කරන්න වචන නැතිය. එකෙන්ම රෙස්පෙක්ට් එක..

    ReplyDelete
    Replies
    1. ජයවේවා ..තැන්කූ වේවා!

      Delete
  2. ඇරියස් නැති මිනිස්සු... නිදහසේ හුස්ම හෙලන්න ඇහැකි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත!

      ඇරියස් නැති මිනිස්සු... !!

      Delete
  3. ඔය චායාරූපයේ ඉයන්තුමයි සාරස තුමයි ඉන්න ස්ථානය ගැන සදහන කලොත් වටිනවා නේද? කොහොම නමුත් වටිනා චායාරූපයක්. ගුරුතුමියට ආඩම්බර ඇති තමන්ගේ ගෝලයෝ දැක්කාම.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉයන් තුමා ජේශ්ට ශිශ්යයෙකි... මෙම චායාරූපයේ නැත...
      ස ර ස තුමා හරියටම Fe ගුරු සිරිමතිය මැතිනියට පිටුපසින් හිටන්!

      Delete
    2. මට මතක හැටියට ඉයන්ගේ ක්ලාස් ටීචර්ත් මිස් ගුරුස්වාමි. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම හොඳ ගුරුවරියක් පමනක් නොවේ, වැදගත් කාන්තාවක්.

      Delete
  4. ඔබට බොහෝම ස්තූතියි සාරස තුමා. කුඩා කල සිට ගුරුවර ගුරුවරියන් විශාල ප්‍රමාණයක් හමුවී තිබුණද, ගුරුවරු/ගුරුවරියන් ගැන සිතනවිට ඇයට සමකල හැකි කෙනෙක් මටනම් හමුවී නැහැ. ඇයගේ අනෙක් ශිශ්‍යයනුත් ඇය ගැන මා සිතන ආකාරයටම සිතන බව දැන ගැනීම ගැන ඉතා සතුටුයි. ඇය ඉගැන්වූ විෂයය මෙන්ම වෘත්තිකයෙක් තම වගකීම ඉටුකල යුතු ආකාරයය මම ඉගෙන ගත්තේ ඇයගෙන්. එම නිසා මගේ ජීවිතයේ මම ණය ගැති සුළු පිරිස අතරින් ඇය ඉහලින්ම.

    ReplyDelete
    Replies
    1. අප උසස් පෙක කල වසරේ ජීව විද්යාවට වැඩිම ලකුණු ගත්තේ ඈ පන්ති බාර ගුරුවරිය ව සිටි අපේ පන්තියේ හාදයෙකි. ඈ ගෙන් ඉගෙනගෙන විබාගය සමත් වූ අයටත් අසමතු වූ අයටත් FW මැතිනිය මවක මෙන් සැලකුවාය... තවමත් එසේමය...

      ඉයන් තුමා ට මේ කතාව කරලියට ගෙන ඒම ගැන නැවතත් මගේ ස්තූතිය!

      Delete
  5. අයෙත් ඉතින් අහලා එකෙන්ම එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තැන්කූ එල ද බ්‍රා තුමෝ!

      Delete
  6. යකෝ. උබ වයසක ටින් ටින් දත් දොස්තර කෙනෙක්නෙ හිටං. බොලාට වඩා තරුණයි ටීචර්.

    ReplyDelete
  7. සාරස තුමා, ගෝට මාමිගෙ හිටපු අධීක්ෂන මන්ත්‍රී තුමා ස්ථීර පදිංචියට වැලිකඩ යාම ගැන පෝස්ට් කටුවක් ලියන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. එතුමා ට හිරකාරයෝ ගඟේ මූදේ නාන්න බැරි විදියට සැලකූ දාට ලියඤ්ඤම්!

      Delete
    2. සලකයි සලකයි මේං කියල

      Delete
    3. සලකයි සලකයි මේං කියල

      Delete
    4. බලන් ඉන්නකෝ....

      Delete
  8. සරසයෝ....මිස් ගුරුස්වාමි,මිසිස් දසනායක, මිසිස් මාලති ප්‍රනාන්දු, මිස් ආබෲ, මිස් පුෂ්පා අබේසිරිවර්දන, මිස් දේවිකා රණසිංහ වගේම ඉයුස්ටස්, අල්විස්,නෝනිස් වගේ ගුරුවරු තමයි මගේ ඒලෙවල්ස් ගුරුවරු. ලමයින්ට උගන්වන්න පුදුම කැපවීමක් කෙරුව අය. මම ඉගෙනගත්තේ නැති එක වෙනම කතාවක්. මගේ ඉහළම ගෞරවය.

    ReplyDelete
    Replies
    1. අපෙත් ඉහලම ගෞරවය හිටන්!

      Delete
    2. Glad to meet a man of my vintage. Add Mr Rodrigo (Physics) to that list

      Delete
    3. ඕ යර්ස්. අපි ආදරේට කිව්වේ රොඩ්ඩා කියලා.බොට්නි කරපු මිස් චූටි මතකද......

      Delete
    4. Exactly Rods was an excellent teacher, quiet and effective. Chooti later joined the Standards Bureau where a classmate of mine once worked. It took him sometime to recognise her.

      Delete
  9. යන්තං ඇති සාරසතුමාව දැක ගත්තා. වැඩේ රෙෂ්පට්‍යැ

    ReplyDelete
  10. යන්තං ඇති සාරසතුමාව දැක ගත්තා. වැඩේ රෙෂ්පට්‍යැ

    ReplyDelete
  11. ඇරියස් නැති මිනිසෙකු වීමටය මගෙත් උපරිම ට්‍රයි එක

    ReplyDelete
    Replies
    1. ඒකට අපෙනුත් මෙවුවා එක!

      Delete
    2. ඩබ්.කේ.....තමන් නිවැරදිව තමන් පිලිබඳ ස්වයං තක්සේරුවක් කරගැනීම ඔබේ ට්‍රයි එකට මහඟු අත්වැලක් වෙයි. අපි අනිත් අය ගැන සියල්ලම දන්නවා. නමුත් තමන් ගැන දන්නේ නැහැ. මේක ලෝක ස්වභාවය. ඔබගේ 'ට්‍රයි' එක 'කන්වර්ශන් කික්' එකකින් තවත් පෝශනය වේවා..(රගර් ක්‍රීඩා අරුතින්)

      Delete
  12. // යන්තං ඇති සාරසතුමාව දැක ගත්තා. වැඩේ රෙෂ්පට්‍යැ //

    ඔහේවත් දැක බලාගන්න පොටෝ එකක් එවනවැයි?

    ReplyDelete
    Replies
    1. මේ මොකෝ අහක බලං උත්තර දෙන්නෙ , මොකෝ අපි කළුද?

      Delete
    2. දැකුං කලුයි කියල අහල තියනව

      Delete
    3. කලු පාටේ තද එක.. දැකුම් කලු!

      Delete
  13. සරාස්තුමාගෙ ආලෝචන මොනවගේද කියල පෘතග්ජනතාවටත් කියල දෙන්නකො

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්නයි ඉන්නේ හිටන්!

      Delete
    2. හෑ.. ආලෝචන කියන්නෙ පොත්ද? මං හිතුවෙ කරේ දාන එකක් කියල

      Delete
  14. අපි ඉතින් මැත කරපු නිසා බයෝ කට්ටිය ගැන දන්නවා අඩුයි. කාබනික රසායනය කලේ නානා......හොඳ ගුරුතුමියක්. කොල්ලෝ එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට ඉගැන්වුවා. ඉයුස්ටස් වාරයක් ද කොහෙද ඉගැන්වූවා මතකයි.

    ReplyDelete