Tuesday, September 20, 2016

අද හොඳම දවස......හිරේ දානවා නම්....

අද හොඳම දවස......
අද හොඳම දවස......හිරේ  දානවා නම්....

අජ්ජාපන ඇමැටිතුමා ට පාදෙනිය තුමා කූට ලේකන සකස් කොරලා දරුවන් ව පාසැල් ඇතුලත් කොරලා කියා සාක්කි හම්බු වෙලා ය. ඒ බව එතුමා පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහෙලා අපිලා සහ මේ සියලු ජහමනයා වැරැද්දක් කොලොත් නීතිය එක සමානව ක්‍රියා කොල යුතුය.

ඒ නිසා ස ර ස තුමා පාදෙනිය තුමා ව කූට ලේකන සැකසීමේ වරදට හිරේ දමන මෙන් අජ්ජාපන ඇමැටි ගෙන් කරුණාවෙන් ඉල්ලමි.

ඒ සමගම ඔය වගේම සාක්කි ඇතිව අතේ මාට්ටු වූ සියලු කූට ලේකනකරුවන් ව හිරේ දමා එම කූට ලේකන ආදාරයෙන් උසස් පාසැල්  වලට ඇතුලුවූ සියලු දරුවන් එම පාසල් වලින් ඉවත් කොරනා ලෙස ද ඉල්ලමි.

තම දරුවා කොලඹ රාජකීය විද්යාලයට ඇතුලත් කිරීමට කූට ලේකන සැකසූ බව ප්‍රසිද්දියේ කී එ ජා ප මන්ත්‍රීදූරාපෙක්සක සන්නස්ගොම තුමා ව පලමුව හිරේ දමා කූට ලේකන සන්හාර විප්ලවය පටන් ගනිමු හිටන්!

41 comments:

  1. හොර පාස්පෝට් හැදුවට වීරවන්ශ ජෝඩුව, හොර අයිඩෙන්ටි කාඩ් නොම්මර දාලා එකවුට් හැදුවට සිරන්ති නෝනා එහෙමත් හිරේ දාන්න වෙනවා හිටන් ! :P

    ReplyDelete
    Replies
    1. වීරවන්සලා සිරන්තිලා නැතිව මේ ලෝකේ කැරකෙන්නේ නැද්ද?

      කිසිම බේදයක් නැතිව සියලු කූට ලේකකයෝ හිරේ දමමු!

      Delete
  2. ඕකට හිරේ දැම්මොත් මාතලනුත් හිරේ.

    ReplyDelete
    Replies
    1. යකෝ මූ තාම පනපිටින්!!!

      ස ර ස තුමා හිතන් හිටියේ ඔහේ ලවු ලෙටර් ලියවිල්ල ඇත ඇරලා තට්ට අඳුරන බාප්පව කසාද බැඳලා හනිමූන් ගිහින් කියලා හිටන්!

      Delete
  3. ගල් ගහන්නේ බලාගෙනයි..!!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද එහෙනම් අති විශේශ වත් පාවිච්චි කොරමු හිටන්

      Delete
    2. අර තරුණ නිතිඤ්ඤ මහතා දැං නිවාඩුද???

      Delete
    3. මැන්ස් ව හැන්දෑවට අල්ල ගන්නයි හිතන් ඉන්නේ හිටන්!

      Delete
    4. ඤහය බර නම් ඩ්‍රයි ජින්

      Delete
    5. හවහට පොත් සාප්පු එනවැයි හිටන්?

      Delete
    6. සඥ්ඥස්ගල්තුමාගෙ පොතක් ගන්නයි ඉඳං?

      Delete
  4. එතකොට මේ මේ...අර.. නෑ එක්කො ඕනි නෑ..

    ReplyDelete
    Replies
    1. :D ඔන්න ඔවුවා අල්ලලා දාන්න හිටන්!

      Delete
  5. හුටා...
    මම ඉස්සර ඒ ලෙවල් කරපු කාලේ පන්තියේ කාඩ් එකේ මාසේ වෙනස් කරලා තියෙනවා, බස් එකේ යන්න තිබ්බ සීසන් එකේ මාසේ වෙනස් කරලා එහෙමත් තියෙනවා...
    ඔය වැරදි වලට අපිලට ඇතුළට යන්න වෙයිද මචෝ...

    ReplyDelete
    Replies
    1. මාසේ මාරු උනාට හිරේ දාන්නේ නෑ හිටන්!

      Delete
    2. //මාසේ මාරු උනාට හිරේ දාන්නේ නෑ හිටන්!//

      සාරස තුමාගෙ රන්කිරි කට ගෑව කෙනා හම්බුවුණොත්..................

      Delete
    3. කිසි ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ ලොක්කා උඹලගෙ සාටක ලොක්කත් උගේ වටේ ඉන්න එවුනුත් ඕවගෙ වැඩ වලට දක්ශ කොට

      Delete
    4. කොපමන හොරුන් හිටියත් ලොව හතර අතේ
      මරා තුමා කිසි දින අහු වෙලා නැතේ....

      Delete
  6. රටෙන් බාගයක් හිරේ දාන්න වෙන වැඩනේ මේ යෝජනා කරන්නේ. ඊට පස්සේ හිරේ ඉන්න එවුන්ට කන්න දෙන්නේ උඹ තුමාද.....

    ReplyDelete
    Replies
    1. බඩ ගැන විතරක් හිතලා රට හදන්න පුලුහන් ද අරූ මචන්?

      Delete
    2. බොරු ඇඩ්‍රස් දාලා ලමයි දාපු එවුන් හිරේ දැම්මොත් ලංකාවෙන් තුනෙන් එකක් හිරේ.
      හොර වයිද්‍ය සහතික දෙන දොස්තරලව හා ඒවා ඉදිරිපත් කරන හොර ලෙඩ්ඩුන්ව හිරේ දැම්මොත් ලංකාවෙන් හතරෙන් තුනක් හිරේ

      Delete
    3. දාමු ඔක්කොම ඇතුලට... ඉඩකඩම් ලාබවෙයි හිටන්!

      Delete
    4. හොර ඔප්පු ලියපු ඤොතාරිස්ලානම් ගිහිල්ලා ඇත.

      Delete
  7. සන්නස්ගල තුමා හිරේ දාන්න ගියොත්, බාරගන්නෙත් නැතිව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව හෙන කේස් එකක් වෙනව :D

    ReplyDelete
  8. අයිබෝං ලොක්කා.. මං මේ හිරේ යමිං ගමං :D

    ReplyDelete
  9. // අයිබෝං ලොක්කා.. මං මේ හිරේ යමිං ගමං :D //
    #කුඩු දුමියයි මහින්දානන්ද ලොක්කයි මතක් කොලා කියන්න හිටන්!

    ReplyDelete
  10. සරසා තුමෝ,

    ලංකාවේ බාගයක්ම හිරේ යන වැඩක් හිටන් මේ !

    ReplyDelete
    Replies
    1. රට හදනවා කියන්නේ ඒක තමයි ලන්කා සිතිවිලි තුමෝ!

      Delete
  11. මමනම් කියන්නේ මෙවැනි මහා අපරාධ කල පාදෙනිය වැනි අයවලුන් රැකියා වලින් ඉවත්කර කර රටෙනුත් පන්නා දැමිය යුතුයි.

    පාදෙනිය ( හා රනිල් වික්‍රම තුමාගේ ප්‍රඤාවන්ත සැලසුම් වලට විරුද්ධව කතා කරන අනෙත් දේශද්‍රෝහීන්ද ) පමනක් නොව මෙවැනි අපරාධ කල අනෙකුන්ද වහා පවුල් පිටින් රටෙන් පිටුවාල් කල මනාය.

    එහෙම පිටුවාල් වී ඔස්ට්‍රලියාව, ඇමරිකාව, කැනඩාව වැනි රටවල පාදෙනියලා (හා අනෙකුන් ) අන්ත දුක් විඳිමින් හිඟන්නන් මෙන් සිටින විට එවුන්ට ලංකාව ගත කල සැපවත් ජීවිතය මතක් වී හරිම දුකක් දැනේවි නේ?

    එවැනි නුසුදුස්සන් පන්නා රනිල් හා සහචර මොලකාරයන්ගේ පිහිටෙන් දියුනු වූ රටේ සිරි දැක අපේ බ්ලොග්කාර බුඩ්ඩිමතුන්ටත් හරිම ආඩම්බරකාර පෝස්ට් දැමිය හැකි නොවේද?

    ReplyDelete
    Replies
    1. මේ රටේ ගොබ්බ ජනතාවට නියම සුදුසුකම් ඇති වුර්තිකයන් ගේ වැඩැක් නැත... ඔවුන් ට ගැලපෙන්නේ රනිල් සහ ඔහු ගේ සුරුට්ටුව උරනා අජ්ජාපන ඇමැටියා වැනි ලොල්ලන් ය.

      Delete
    2. අපේ භුධ්ධිමථ් ජනතාව දැන් සෑහෙන කලක සිට දේශපාලන ගැලරි කතාවලින් පෝෂණයවී මත්වී ඇත.

      Delete
  12. ඕවට හිරේ දැම්මොත් සා රස තුමෝ ලංකාවම හිරේ...ඔබතුමාද ඒ හිරකරුවන්ව නඩත්තු කරන්නේ.. :) :) අන්තිමේ වැරදි නොකල අය තමා ඒ බරත් අදින්නේ ,, හා හොඳයි නැද්ද..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා මුලු රට ම වැරදිකාරයෝ කරන්න ද වුවමනා?

      ඇමැටියා කියනවානම් දොස්තර පාදෙනිය වැරැද්දක් කොලා කියලා, ඊට දඬුවම් නොදී, ඒ සමාන වැරදි කොර වාහෙලාට දඬුවම් නොදී ඉන්නේ ඇයි???

      Delete
    2. හරි හිරේට දාන අයගේ නඩත්තුව එයාලම හොයා ගන්න ක්‍රමයක් හැදුනා නම් හරිනේ..එතකොට ඕන තරන් අය හිරේට දාන්න පුලුවන් නිවැරදි කරුවන් ට අපරාද බරක් නොදී..

      Delete
    3. හිරේ ට දාන අය ගේ පවුල් වලට ඔවුන් ගේ නඩත්තුව සඳහා මුදල් ගෙවිය යුතු ක්‍රමයක් ද හිරකාරයන් ගෙන් වැඩ ගත යුතු ක්‍රමයක් ද ඇති කොල යුතුය.... නැත්නම් ඔවුන් හිරකරුවන් ලෙස නොව සවසට ගෙදර යන දවල් ට ආන්ඩුවේ මහජන වැඩ සඳහා යොදා ගන්නා ශ්‍රම බලකායක් හදා ඒවා ට ඇතුල් කල යුතු ය..

      චීනේ මරන දඬුවමට ලක් වන්නන් ගේ පවුලට දඬුවම සඳහා යොදවන වෙඩි උන්ඩ වල මිල ආන්ඩුවට ගෙවිය යුතු නීති තිබෙන බව දන්නවාද?

      Delete
    4. :) Thats good.. ඒ රටේ එහෙම උනත් සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැ..මට නම් හිතෙන්නේ හිරේට නියම වෙන කෙනාම තමන්ගේ නඩත්තුව හොයා ගන්න ක්‍රමයක් හැදෙන්න ඕන. හරියට එළියේ ඉන්න අය රස්සාවක් කරලා ජීවත් වෙනවා වගේ.. එහෙම නැත්නම් අමාරුවෙන් එදා වේල හොයා ගන්න නිවැරදි කරුවන්නේ දඬුවම අනියම් විදිහට ගෙවන්නේ..

      Delete
  13. චතූ නඟාව හිරේ දාන්න බෑනේ හූ. ඒනිසා මම එයාව හිරේට ගන්නවා

    ReplyDelete
  14. චතූ නඟාව හිරේ දාන්න බෑනේ හූ. ඒනිසා මම එයාව හිරේට ගන්නවා

    ReplyDelete