Thursday, September 29, 2016

හොරකම් නොකරන එ ජා ප ය.....







එ ජා පය සොරකම් නොකරන බව ඉයන් තුමා හැර හැමෝම දනිති! 

ඉතින් එවැනි එජාපයේ හිටපු මහ බැන්කු බැන්කු ලොක්කා වන අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනාට අයත් පෙර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වන මූල්‍ය වර්ශය සඳහා වාර්ශික ආදායම රුපියල්  5,124,321,124 හෙවත් බිලියන 5.124 බව එම සමාගමේ විගනිත මූල්‍ය වර්තා කියාපායි! 

ඇත්ත වසයෙන් ම එය ඔවුන් ගේ පෙර වසරේ ආදායම වන රුපියල් 959,529,416 ට වඩා සීයට 430% පමන වූ සොච්චම් වැඩිවීමකි. පෙර වසරේ ආදායම ද බොන්ඩ් ස්කෑම් එකකින් ම සිදු වුනා යැයි තරහ කාරයෝ කට කතා පැතිරුවද ඒවා සත්ය නොවන බව ස ර ස තුමා වගකීමෙන් කියා සිටී.

දොස්තරවරුන් සමග ගේම ඉල්ලන ඉකොනොමැට්ටා මහතා විසින් ලිවියයුතු ආර්තික කතා ස ර ස තුමා ට ම ලිවීමට සිදුවීම ද දෛවයේ සරදමක් වන්නේ ඉකොනොමැට්ටා තුමා එ ජා ප යට අවාසිදායක දෑ නොලියන බැවින් බව කරුණාවෙන් සලකන්න!


21 comments:

  1. මේක මමත් දැක්කා. මේ සිද්ධිය මුලින් වාර්ථා වුණාම, අගමැති තුමා කිව්වා වැඩිපුර බද්දක් දාල හරි පාඩුවක් වී ඇත්නම් අයකර ගන්නවා කියලා. මෙතන වාසියක් කරගෙන ඇති බව පැහැදිලියි. නමුත් දූශණයක්ද යන්න තාම පැහැදිලිව හොයාගෙන නැහැ. ටිකක් හරි ඒ පැත්තට තියෙන්නේ විගණකාධිපති වාර්ථාව පමණයි. ඇත්තටම වංචාවක් වී ඇත්නම් මට නම් ලැජ්ජයි. මම පෙනීහිටින්නේ ඒවට නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. // ඇත්තටම වංචාවක් වී ඇත්නම් මට නම් ලැජ්ජයි. මම පෙනීහිටින්නේ ඒවට නම් නෙවෙයි.//

      ඔබ ගේ මහාත්ම ගුණයට මගේ ගෞරවය!

      Delete
    2. ඉයන් මහත්මයා...දූෂණයක්ද යන්න නම් කවමදාවත් සොයාගන්න එකක් නෑ...කමක් නෑ ඔන්න ඔහේ ඕක වගේද අද කොච්චර ශෝක්ද නේ...!

      Delete
    3. // අද කොච්චර ශෝක්ද නේ...! //

      අද චෝයි මෙයා!

      Delete
  2. හොරකම් නොකරන ආණ්ඩු බිහිවන්නේ මේ කපේ නොවේ.....
    ඕනෑ හොරකම් නතර කරන යාන්ත්‍රණයක් මිසක් හොරකම් නොකරනවායැයි පොරොන්දු දෙන ආන්ඩු නොවේ

    ReplyDelete
    Replies
    1. හොන්ග් කොන්ග් රටේ ICAC ගැන හදාරන්න.... හැකි නම් ඒ ගැන ඔhttps://en.wikipedia.org/wiki/Independent_Commission_Against_Corruption_(Hong_Kong)බෙ පුවත් පතේ ලියන්න

      Delete
  3. භාෂාව හැසිරවීම අන්තිමයි. තැනෙක ඉකොනොමැට්ටා මහතා තව තැනෙක ඉකොනොමැට්ටා තුමා ??

    ReplyDelete
    Replies
    1. ඔබ සැම ගෙන් සමාදිය බාජනය කොරමි... වැරැද්ද පෙන්වාදීම ගැන ඇනෝ ජපන් තුමා ට බොහෝම ස්තූතිය!

      Delete
  4. හොරකම් නොකරන එවුන් ඉන්න රටවල් මේ ලෝකයේ නැත. තිබෙන්නේ කොයිතරම් දෙනෙක්ද, කොයිතරම් ගණනක්ද, ඒවා හෙලිවෙන්නේද, ඒ පිලිබඳව කතාකරන්නේද, ඒවාට දඬුවම් ලැබේද යනාදී දේවල සංසංදනයකි.
    තවත් හිතන්න පුලුවන් දෙයක් තමයි චන්දදායකයො ඒවා ගණන් ගන්න හා ගණන් නොගන්න රටවල් මොනවාද කියල

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ස ර ස තුමා මෙන් ම හිස් ආත්මයක් සහිත සමාජීය නිකමෙකු බව ආරන්චියි... සුබ පැතුම්!

      Delete
    2. සමාජයීය නිකලස් තත්වය ඇචීව් කිරීම ගැන සතුටුවන අතර සරාස්තුමා වැනිවීම ගැන කණගාටුවන බව පොල්තෙල් පහන් සංවේගයෙන් දැනුම් දෙමි.
      කුමක් කරන්නද, බෙගර්ස් කැන්නොට් බී චූසර්ස් කියා ප්‍රගතිශීලී කියමනක් තිබෙන නිසා නිකම්ම නිකම් නිකලස් සිටිමි.
      හිස් ආත්මය තබාගෙන ඉන්නේ නිකම් සිටින මලගිය ප්‍රාණකාරයන්ගේ ආත්මයන්ට මීඩියම් එකක් වී ඔවුන් හරහා සේවය කිරීමටය.

      Delete
  5. ශික් සරසා දොස්තර මහත්තයො. උබට ෆුල් නෙගටිව් තොට්ස් තියෙන්නෙ. බලහන් අර්ජුන මහත්තයයි එතුමගේ මස්සිනයි ගැහුව ඒවයේ ගණන් හිලව් ඔක්කොමත් දාලනේ. ඒ වෙනසම ඇතිනෙ බන්. ඒකට කියන්නෙ "විනිවිද බාවය" කියල වගේ ඉංගිරිසි වචනයක්.

    ප.ලි.

    ඒයි බන් සර ස යෝ. මමත් රාජපක්ෂ ෆෑන් කෙනෙක් වේගෙන එනව වගේ හලෝ. අවුලක් නෑ නේ? පිට් නේ? 👍🏽?

    ReplyDelete
    Replies
    1. නෑ ලොක්කා....
      රටේ නීතිය අනුව සෑම ප්‍රයිමරි ඩීලර්ස් ලා ම තම තමන් ගේ ගිනුම් වාර්තා ප්‍රසිද්ද කල යුතුයි!

      Delete
  6. වාසනාවකට සරස තුමාලාට ඇෆ් සී අයි ඩී ගේන්න වෙන්නේ අර්ජුණ මහෙන්ද්‍රන් පමණය.

    ReplyDelete
    Replies
    1. සීයට දහයෙ කැරිඇල්ල තුමා සහ මලික් සමර තුමා ගැන ඔහෙ දන්නෙ නැති හැඩයි!

      Delete
  7. ඔක්කොම හොරකම් 2005න් පස්සෙ තමයි වෙලා තියෙන්නේ. ඔන්න කවුරුවත් මොනවත් කියන්න එපා හොඳේ.

    ReplyDelete
  8. අලුත් පදවියක් සමඟ අර්ජුන් මහේන්ද්‍රන්ට දැඩි දඬුවක් ලැබී ඇත.

    මේ වගේ නොසුදුසු මාතෘකා ගැන කතා කොට අප බුඩ්ඩිමතුන්ගේ දැහැන බිඳින සරසතුමාට මඩු වල්ගා පහර හෝ රටෙන් පිටුවාල් කිරීම වැනි දැඩි දඬුවමක් දිය යුතුයි.


    මේ ලිපියට ඇති උනුසුම් ප්‍රතිචාර වලින්ම මේ ගැන අපේ බුඩ්ඩිමත් ජනතාව දක්වන උනන්දුව හොඳට පෙනේ.

    මෙවන් බුඩ්ඩිමතුන් ගැවසෙන බ්ලොග් අවකාශයේ බ්ලොගයක් කිරීම පමනක් නොව කමෙන්ටුවක් කොටන්න ලැබීමත් හුදී බයි ජනතාවට ලැබෙන මහත් භාග්‍යයක් බව සැලකිය යුතුය

    ReplyDelete
  9. අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන රනතුන්ග... මේ ඔක්කොම අර්ජුන් ලා යහපාලන කම්බා හොරු!

    ReplyDelete
  10. කවුද කියන්නේ එජාපයේ හොරු ඉන්නවා කියලා, ඒවා බොරු කතා...

    ReplyDelete
  11. එජාපය හොරකම් නොකරන අදහස රනිල් (හා රනිල්ගේ එජාපය ) හොරකම් නොකරන ලෙස වෙනස් විය යුතුය.

    මන්දයත් අපේ බුඩ්ඩිමතුන්, ලෝකල් ගුරූ ලා හා පන්ඩිට් ලා බොහෝ දෙනෙක්ම රනිල්ගේ ෆෑන්බෝයිස්ලා හා ෆෑන්ගර්ල්ස්ලා වන හෙයිනි.

    2015 විප්ලොවියෙන් පසු මේ කස්ටිය දත කට මැදගෙන බලා සිටියේ රනිල් වික්‍රමසින්හයානෝ ස්වකීය බුද්ධි කෞශල්‍ය මෙහෙයවමින් කරන වික්‍රමය බලන්නටය.

    මාස 20කට පසු රනිල්ට කලහැකි වික්‍රමයක් නැති බවත් රනිල්ගේ දැනුම 90 දශකයේම (ඇමරිකාව ලොව එකම ආර්ථික, දේශපාලන බලවතා සිටි යුගයේම ) නැවතී ඇති බව පෙනෙන කලකදී පවා මේ අය තවමත් (එලුවාගේ කුට්ටම වැටෙනතුරු බලාසිටින නරියන් මෙන්) ප්‍රාතිහාර්‍රය බලාපොරොත්තුවෙන් සිටිති.

    මෙසේ ප්‍රාතිහාර්‍රය එනතුරු පෙරමග බලාසිටින තමන්ගේ ෆෑන්බෝයිස්ලා හා ගර්ල්ස්ලාට රනිල්තුමා දින 1500ක වැඩ පිලිවෙල නමින් අලුත්ම පුන්නක්කු ටිකක් තබා තිබෙනවා දුටුවාද?

    ReplyDelete