Tuesday, October 4, 2016

සාක්කුවල මුදල්



කක්කා ජාතික පක්සේ චන්දේ ඉල්ලුවේ ජනතාවගේ සාක්කුවල මුදල් ඇතිකොරන බවට පොරොන්දු දීලා ය.

එම පොරොන්දුව අකුරටම ඉස්ට කොරමින් සේවකයන් විසි දෙනෙක් පමනක් වැඩ කොරනා බෑනාට අයිති පෙර්පෙචුවල් ට්‍රෙශරීස් ආයතනයේ සුද්ද ලාබේ රුපියල් බිලියන 5.1 කින් ඉහල දැමීමට මාමා ද මාමාගේ අගමැටි යාලුවා ද සම්මාදම් විය.

ඉතින් මහතුනි එම සෙවකයන් විසි දෙනාගේ සාක්කු වල කොපමන මුදලක් රැස් වන්නට ඇත්ද?

ඒ එක්කම ආර්තික විස්ලේසන සින්හල බොග් අවකාසෙට ගෙන එන ඉකොනොමැට්ටා මෙම කාරනය ගැන නිස්සබ්දව සිටීමත් කොපමන වටිනවාද?

29 comments:

  1. ඉතින් විසි දෙනෙක් නං ස්ටාෆ් එක ඉන්නේ ලාභ තියෙන්නෙම එපැයි..ඔහේ මොනාද මක්කා මේ දොඩන්නේ...!

    ReplyDelete
    Replies
    1. දුකට කියන පැල්කවි බොස්!

      Delete
  2. 5.1 බෙදීම 20 සමානයි... චැහ් 0 ටත් අඩුයිනෙ.
    ඔන්නොහෙ ඕවා අමතක කොල්ල චූ කරල ගිහින් නිදා ගන්න, හෙට ඉස්කෝලෙ.

    ReplyDelete
  3. සිරාවට අහන්නෙ.... ඔය කොම්පැනිය මොනවා කරන එකක්ද ..??

    ReplyDelete
    Replies
    1. බාන්ඩාගාර බිල්පත් ප්‍රයිමරි ඩීලර්... ඒ කියන්නේ එයාගෙන් / එයා හරහා තමා බොහෝ බැන්කු සහ අනෙක් මූල්ය ආයතන බාන්ඩාගාරික බිල්පත් මිලට ගන්නේ ... හම රුපියලෙන් ම එයා ට කොමිස්!

      Delete
  4. "ෂා... රස".. කියල වැඩක් නෑ .. මේ රජයේ පාඩු ලබන ආයතනත් මේ අර්ජුන අයියට දුන්නානම් හැමදාම මහින්දටම බනින්නෙ නැතිව පික්ෂු ආයාදමක් හොයාගන්ට තිබ්බ හිටං 😂..

    ReplyDelete
  5. බලාපන්කෝ මාමන්ඩියගේ මූණේ තියෙන සිරියාව.
    ලැජ්ජාවේ බෑ 5.1 අරගෙන පත්තරෙත් දානවා.
    බැරිසිල් තුමාට වත් කියපන්කො තව ටිකක් දාල අඩුමගනනේ ඕක 10ක් වත් කරල දෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. :D ඔහෙත් යහපාලනේට රැවටුනැයි?

      Delete
  6. අපිට කොයින්ද ඔහොම මාමලා...

    ReplyDelete
  7. මේමුදල් ගොස් ඇත්තේ ඔවුන්ගේ බැංකු ගිණුම් වලට මිස සාක්කු වලට නොවන බව සැලකිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සොලි...
      ස ර ස තුමා වැරදියි හිටන්!

      Delete
    2. මේ ස ර ස හදන්නම බෑ ඉයන්....!

      Delete
    3. මේ ස ර ස හදන්නම බෑ ඉයන්....!

      Delete
  8. කලින් එකම පොඩ්ඩක් වෙනස් කරනවා හැර අලුතින් කියන්නට නම් දෙයක් නැත.

    මේවා දූශන නොවේ නම් කල යුත්තේ ආන්ඩුවේ සෑම පාඩු ලබන ආයතනයක්ම මහේන්ද්‍රන් යටතට පත් කිරීමයි.

    එජාපය හොරකම් නොකරන අදහස රනිල් (හා රනිල්ගේ එජාපය ) හොරකම් නොකරන ලෙස වෙනස් විය යුතුය.

    මන්දයත් අපේ බුඩ්ඩිමතුන්, ලෝකල් ගුරූ ලා හා පන්ඩිට් ලා බොහෝ දෙනෙක්ම රනිල්ගේ ෆෑන්බෝයිස්ලා හා ෆෑන්ගර්ල්ස්ලා වන හෙයිනි.

    2015 විප්ලොවියෙන් පසු මේ කස්ටිය දත කට මැදගෙන බලා සිටියේ රනිල් වික්‍රමසින්හයානෝ ස්වකීය බුද්ධි කෞශල්‍ය මෙහෙයවමින් කරන වික්‍රමය බලන්නටය.

    මාස 20කට පසු රනිල්ට කලහැකි වික්‍රමයක් නැති බවත් රනිල්ගේ දැනුම 90 දශකයේම (ඇමරිකාව ලොව එකම ආර්ථික, දේශපාලන බලවතා සිටි යුගයේම ) නැවතී ඇති බව පෙනෙන කලකදී පවා මේ අය තවමත් (එලුවාගේ කුට්ටම වැටෙනතුරු බලාසිටින නරියන් මෙන්) ප්‍රාතිහාර්‍රය බලාපොරොත්තුවෙන් සිටිති.

    රනිල් මැජික් පෙන්නන්නට ගෙනා ඇසිස්ටන්ට්ගේ වැරදි කියුවොත් රනිල්ගේත් රෙදි ගැලවේ. මහේන්ද්‍රන්ව රටෙන් පන්නා දැමුවානම් මේ බුඩ්ඩිමතුන්ට (මහේන්ද්‍රන්ට බැන ) තමන්ගේ මැදහත් බාවය රැක ගන්නට ඉඩ තිබුනි. නමුත් මහේන්ද්‍රන්ව තුරුලු කරන් ඉන්නා විට එහෙම ඉඩක්වත් නැත.

    අනිත් අතට මෛත්‍රිට චන්දෙ දීම නිවන් දැකීමට සමකල පන්ඩිට්ලා ඉන්න රටේ මේවා පුදුමයට කරුනු නොවේ.

    රනිල්ගේ ප්‍රාතිහාර්‍රය එනතුරු පෙරමග බලාසිටින තමන්ගේ ෆෑන්බෝයිස්ලා හා ගර්ල්ස්ලාට රනිල්තුමා දින 1500ක වැඩ පිලිවෙල නමින් අලුත්ම පුන්නක්කු ටිකක් තබා තිබෙනවා දුටුවාද?

    ReplyDelete
    Replies
    1. නාමපුවරුව ගලෝලා අයින් කොරමුද හිටන්?

      Delete
  9. දඬුවමක් විදිහට මිහින් එයාර් එක ගන්නෙයි කියමුද?

    ReplyDelete
    Replies
    1. :D
      දැනටම හැලිකොප්පරයක් අරන් කියන්නේ...

      Delete
  10. ඔව් සරසයෝ....සමහර වැඩ නම් මාළුන්ට ලයිෆ් ජැකට්ස් අන්දනවා වගේ වැඩ. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් මම අගය කරනවා. සටහන් තව පොඩ්ඩක් දිග් කරන්න්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම තුමා හිතන් හිටියේ ඔහේ මේ පෝස්ට් එක කියවලා මට බනීවි කියලා නේ හිටන්!

      Delete
    2. පිස්සුද බං අපි ලොක්කගේ ඉස්කෝලේ කොල්ලොනේ. අපිට හොඳ නරක බේරගන්න පුලුවන්....නැද්ද මං කියන්නේ? හා පුලුවන් නම් උත්තරයක් දීපන්.

      Delete
    3. පිස්සුද බං අපි ලොක්කගේ ඉස්කෝලේ කොල්ලොනේ. අපිට හොඳ නරක බේරගන්න පුලුවන්....නැද්ද මං කියන්නේ? හා පුලුවන් නම් උත්තරයක් දීපන්.

      Delete
  11. මේ ඒක නෙමේ...අර කොයි බ්ලොග් එකේද උඹට කුඩුවෙන්න පෝස්ට් එකක් ලියලා තියෙන්නේ? අපිටත් ගිහින් දෙකක් තුනක් අමු හෙළුවෙන් හරි බාගෙට හෙළුවෙන් නෙලලා එන්න ලින්ක් එකක් දාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. මමත් දන්නේ නැහැ..... අර ටිලාන් ආතල් අයියා නේ කිවුවේ... මෑන්ස් ගෙන් ම අහන්න ඕනේ... හැබැයි ඉතින් මට බැන්නා කියලා වෙන්නේ බැණපු එකාගේ ඩේටා කැපෙන එක විතරයි අරූ මචන්...

      Delete
    2. ///මට බැන්නා කියලා වෙන්නේ බැණපු එකාගේ ඩේටා කැපෙන එක විතරයි අරූ මචන්...///////

      යකෝ ඩේටා නෙමේ බෙල්ල කැපුනත් කියන්න තියනවා නම් කියන්න එපැයි. ඒ අතින් උඹ කියන්න තියනදේ කියලම දානවා. ඒක හොඳයි. ඒ පෝස්ට් එක හොයලා දියන්කො කියවන්න. උඹට ගහනවා නම් මට එයිට වඩා බ්ලොග් සොමියක් නැහැ. (ස්මයිලින්ග් ෆේස් )

      Delete
  12. ඉස්කෝලේ එක පන්තියේ ඉගෙන ගත්ත යාළුවන්ට.. ඔය බිලියන 10 ක් 15 ක් හොයා ගන්න දුන්නම මොකක්ද වරද

    මෙයට අකමැති තුමා.

    ReplyDelete