කෝප් කමිටුවේ මහ පුටුවට පැන්නා
මහින්දට ගේම දෙමි කියමින් උඩ පැන්නා
අර්ජුන් මාමා ගේ බෑනා ගොඩ යන්නා
හඳුන්නෙත්ති අද හොඳටම පච වෙන්නා
හොරු අල්ලන්න වන්චාවන් වලකන්න
මහජන මුදල් නැති කල අය කුදලන්න
සීතාම්බර සලුව ඇඳගත් ජෙප්පෝ මෙන්න
සැට් විය මුලු රටම අඳුරින් ගොඩ ගන්න
රනිල් තුමා කෑගසුවා කොර සද්ද
එතුමා එක්ක සෙල්ලම් නැහැ දන්නැද්ද?
බටලන්දේ කොරපු දේ අමතක වෙද්ද..
ජෙප්පෝ අතහරිති යහපාලන හොද්ද
ගමට යන්න බැහැ කොල්ලෝ කෝචොක් දමතී
රජසබයේ කවටයන් වී අරිති හතී
ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී
ජෙප්පන් දකින විට හැමටම කැවෙති කිතී
ජෙප්පෝ ඉන්නම ඕන... බ්ලොග් කාරයෝ වගේම...
ReplyDeleteකෑ ගහනවා විතරයි... මුකුත් කරන්න බෑ...
ඒ කතාව ඇත්ත තමයි....
Deleteඅලි උනත් දුවනවා සමහර වෙලාවට සීනුවෙ සද්දෙට :V
ReplyDeleteසීනුවෙ ටකේ වීරවන්ස අරන් ගිහින් හිටන්!
Deleteඕව ඔහොම තමයි.... ඕව ඔහොම තමයි... මේ දේවල් දකින අහන අපිට හිනා තමයි:d
ReplyDeleteඅපි මක්කා කොරන්නද හිටන්?
Deleteතවත් අපරාධයක් දේශපාලන උවමනාවන් සහ පක්ෂ දේශපාලනයට යටවී අඩි හයක් යටට වැලලී යන අතීතයක් බවට පත්වෙන හැටි බලා දුක්වෙමි.
ReplyDeleteචැහ්.... ඔහෙ ගතයුත්තේ සිරිකොත පැත්ත නොවෙයිද හිටන්?
Deleteනැහැ....ජයන්තිපුරේ පැත්තේ....හොරු සමග හෙලුවෙන්.
Delete:D
Deleteසරස....ඔය මල්ලෙ පොල් ටිකත් පටෝගෙන කාළි කෝවිළ පැත්තට එන්න. කාළි බලන් ඉන්නවා වැට් එක නවත්තලා දෙන්න.
ReplyDeleteමීට බන්ධුල ගුණවර්ධන.
එලොව පොල්!
Deleteමුන් ගැන කථා කොරන වචන ටිකත් අපරාදේ බං. නොදකින් නොදෝමකින්...
ReplyDeleteඔන්න ඕක තමයි ඇත්ත!
DeleteSa rasa sir,
ReplyDeleteape politikkonta "lajjavak" kiyala ekak thibbanam lankava loke godak idiriyata gihilla ..
Oyage peom eka read karala mata nam "lajjave santhose ba" hitan..!!
//ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී //
ReplyDeleteලැජ්ජාව? ඒ මොකක්ද?
ඔය ජාත්‍යන්තර, බටහිර, නව යටත්විජිතවාදී සංකල්ප අපේ දේශප්‍රේමී , ප්‍රගතිශීලී දේශීය දේශපාලන සංස්කුරුතියට ගාව ගන්න එපා හරිය?
හරි!
Delete:D