Monday, October 24, 2016

ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී





කෝප් කමිටුවේ මහ පුටුවට පැන්නා
මහින්දට ගේම දෙමි කියමින් උඩ පැන්නා
අර්ජුන් මාමා ගේ බෑනා ගොඩ යන්නා
හඳුන්නෙත්ති අද හොඳටම පච වෙන්නා

හොරු අල්ලන්න වන්චාවන් වලකන්න
මහජන මුදල් නැති කල අය කුදලන්න
සීතාම්බර සලුව ඇඳගත් ජෙප්පෝ මෙන්න
සැට් විය මුලු රටම අඳුරින් ගොඩ ගන්න

රනිල් තුමා කෑගසුවා කොර සද්ද
එතුමා එක්ක සෙල්ලම් නැහැ දන්නැද්ද?
බටලන්දේ කොරපු දේ අමතක වෙද්ද..
ජෙප්පෝ අතහරිති යහපාලන හොද්ද

ගමට යන්න බැහැ කොල්ලෝ කෝචොක් දමතී
රජසබයේ කවටයන් වී අරිති හතී
ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී
ජෙප්පන් දකින විට හැමටම කැවෙති කිතී


17 comments:

  1. ජෙප්පෝ ඉන්නම ඕන... බ්ලොග් කාරයෝ වගේම...

    කෑ ගහනවා විතරයි... මුකුත් කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත තමයි....

      Delete
  2. අලි උනත් දුවනවා සමහර වෙලාවට සීනුවෙ සද්දෙට :V

    ReplyDelete
    Replies
    1. සීනුවෙ ටකේ වීරවන්ස අරන් ගිහින් හිටන්!

      Delete
  3. ඕව ඔහොම තමයි.... ඕව ඔහොම තමයි... මේ දේවල් දකින අහන අපිට හිනා තමයි:d

    ReplyDelete
    Replies
    1. අපි මක්කා කොරන්නද හිටන්?

      Delete
  4. තවත් අපරාධයක් දේශපාලන උවමනාවන් සහ පක්ෂ දේශපාලනයට යටවී අඩි හයක් යටට වැලලී යන අතීතයක් බවට පත්වෙන හැටි බලා දුක්වෙමි.

    ReplyDelete
    Replies
    1. චැහ්.... ඔහෙ ගතයුත්තේ සිරිකොත පැත්ත නොවෙයිද හිටන්?

      Delete
    2. නැහැ....ජයන්තිපුරේ පැත්තේ....හොරු සමග හෙලුවෙන්.

      Delete
  5. සරස....ඔය මල්ලෙ පොල් ටිකත් පටෝගෙන කාළි කෝවිළ පැත්තට එන්න. කාළි බලන් ඉන්නවා වැට් එක නවත්තලා දෙන්න.
    මීට බන්ධුල ගුණවර්ධන.

    ReplyDelete
  6. මුන් ගැන කථා කොරන වචන ටිකත් අපරාදේ බං. නොදකින් නොදෝමකින්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමයි ඇත්ත!

      Delete
  7. Sa rasa sir,

    ape politikkonta "lajjavak" kiyala ekak thibbanam lankava loke godak idiriyata gihilla ..

    Oyage peom eka read karala mata nam "lajjave santhose ba" hitan..!!

    ReplyDelete
  8. //ලැජ්ජාවක් අනේ මුන් ගේ ගෑවිලා නැතී //

    ලැජ්ජාව? ඒ මොකක්ද?
    ඔය ජාත්‍යන්තර, බටහිර, නව යටත්විජිතවාදී සංකල්ප අපේ දේශප්‍රේමී , ප්‍රගතිශීලී දේශීය දේශපාලන සංස්කුරුතියට ගාව ගන්න එපා හරිය?

    ReplyDelete