මූනු සයක් අත් දොලහක් ඇති දෙවියා
පෙර රජ කල සිටම රුහුනේ වැඩ හිටියා
යහපාලනෙන් උගෙ අලි පැටියට කෙලියා
වනජීවියෙන් ගෙන යති දෙවියගෙ අලියා
යුදයට අදිපතිලු හරි බලගතු කෙනෙකි එයා
තේවානි ට වඩා වල්ලිට දැක්වීය දයා
හරෝ හරා කියමින් කාටත් නොකියා
එෆ් සී අයිඩියෙන් කුදලාගෙන අරන් ගියා
තමන් ගේ අලි ඇත්තු බැරි නම් රැකගන්ට
අපේ වැඩක් හැකි වෙද කොරවා ගන්ට?
පූජා වට්ටි අරගෙන කොලඹට එන්ට
කඩුවෙල උසාවිය ලඟ ඔබ සැම බැහගන්ට
රුහුනේ බලවතෙකු වූ පව අද පලදෙන්නේ
උසාවියෙන් වැලිකඩටය ගෙන යන්නේ
නඩු අහනා තුරාවට හිරබාරෙට ගන්නේ
කඳසුරිඳුනේ කවදද එලියට එන්නේ?
නෝ කමෙන්ට්ස්.. :)))
ReplyDeleteකට කැඩිච්චි කතාවක් කියලා දෙවියෝ දඬුවම් කොරයිද නැත්නම් කඩුවෙල උසාවියෙන් දඬුවම් කොරයි ද කියලා බය හිනද හිටන්?
Deleteරත්නපුරේ සමන් දෙයියන්ට කිව්වානම්,.....සීවලි පිට්ටනියටම අලියා වඩම්මලා දෙයි මගේ දෙයියෝ.
ReplyDeleteඔහෙලගේ ආන්ඩුව වට්ටන්න පටන් ගත්තා අද රත්නපුරෙන් සිරිකොත මහත්තයෝ!
Deleteඔබලාගේ උත්සාහයට සුභ පැතුම් සාරස
Deleteයහපාලනේ අද ගේම දෙන්නේ මොන නයිට් ක්ලබ් එකටද ඉයන්තුමෝ?
Deleteසරසයෝ....මරු ප්‍රශ්නයක් බං. ඉයන්තුමා ගෙන් අහලා තියෙන නිසා මම උත්තර නොදී ඉන්නං. නයිට් ක්ලබ් කේස් වගේම, මහ බැංකු කේස් එකත් තව දුරටත් කතා කරන්න ඕන. ආන්ඩුවේ වැරදි කතාකරන්න තමයි දේශපාලන විකල්පයෝ ඉන්නේ. හැබැයි පිදුරු කියන්නේ වේලිච්ච ගොයං ගස් කියලත් මතක තියාගන්න ඕන.
Deleteඅත් දොළහක සවිය මදි මට රැකගන්න
ReplyDeleteනෙත් ලෙස රැඳි උන්ටික නැහැ දැකගන්න
පුත් කුමරුට භයේ මා හැරදා යන්න
හිත් නැතිවාද මොණරෝ ඇයි ගියෙ යන්න........
ජයවේවා!!!
මොනරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ
Deleteමොනරී ලගින්නේ ඌගේ තුරුල්ලේ
යහපාලනේ යවනා පඩ වලල්ලේ
මොනරා ගිහින් වැටුනා පොරමඩුල්ලේ
හය්යෝ. මේ රනිලයයි මයිත්තිරියයි ඉන්නකන් ලංකාවට කෙසේ වෙතත් ලංකාවේ අලි ටිකටනම් නම් බඩු බනිස් වෙනව.
ReplyDeleteඅවුලක් නෑ. හොරු වගේද අලි අල්ලන එක.
මුන් දෙන්න ජනාදිපති අගමැති උනාට වැඩිය හොඳයි "වනජීවී" දෙපාර්තමේන්තුවේ සබාපති සහ ලේකම් උනානං. නොදකින් විතරක් මේ වගේ හිපාටුවෝ දෙන්නෙක්.
// මුන් දෙන්න ජනාදිපති අගමැති උනාට වැඩිය හොඳයි "වනජීවී" දෙපාර්තමේන්තුවේ සබාපති සහ ලේකම් උනානං. නොදකින් විතරක් මේ වගේ හිපාටුවෝ දෙන්නෙක්.//
Deleteටිලාන් ආතල් අයියට ජයවේවා
උඹලෑ දෙයියට කෙලවිච්ච එකේ අලියා මොකෙක්ද බං.
ReplyDeleteපන්සල් දේවාල වල අලි දාලා යන තරමේ යුගයක් තීලා තියෙන්නේ..
එපමන සශ්‍රීක යුගයක්!
Deleteදැන් එකම බැඳුම්කරයක්!
දැන් එහෙනම් කතරගමටම යන්න ඕනේ නෑනේද:d
ReplyDeleteමරු කවි ටික ඈ...
තැන්කූ
Deleteහොරු අල්ලන්න බැරි වෙච්ච එකේ අලිවත් අල්ලන්න එපායෑ.
ReplyDeleteහොර අලි විසින් බලපත් නැති අලි ඇල්ලීම
Deleteදෙයියෝ බලන් හිටියද අලියා ගෙනියනකන්.
ReplyDeleteදෙයියන්ටම පෙනීයන්!
Deleteමොනා හරි කරන්නත් එපැයි හිටං...
ReplyDelete:D
Deleteකතරගම දෙයියොත් රාජ දෙයියගෙ නෑදෑයෙක් කියල ජැක්සොන්තුමා කිව්වෙ නැද්ද?
ReplyDeleteඒ හන්දා නේ කඳ සුරිඳු ව FCID දැම්මේ..
Deleteඔහේට වස්වදීවී
ReplyDeleteබයවෙන්ඩ එපා...
Deleteස ර ස තුමා නොම්මර එකේ දෙබිඩ්ඩෙක් නිසා බාසුන්නැහෙට කියලා මේ කවි ලියාගත්තේ...