Saturday, October 8, 2016

කඳ සුරිඳු වලප





මූනු සයක් අත් දොලහක් ඇති දෙවියා
පෙර රජ කල සිටම රුහුනේ වැඩ හිටියා
යහපාලනෙන් උගෙ අලි පැටියට කෙලියා
වනජීවියෙන් ගෙන යති දෙවියගෙ අලියා


යුදයට අදිපතිලු හරි බලගතු කෙනෙකි එයා
තේවානි ට වඩා වල්ලිට දැක්වීය දයා
හරෝ හරා කියමින් කාටත් නොකියා
එෆ් සී අයිඩියෙන් කුදලාගෙන අරන් ගියා


තමන් ගේ අලි ඇත්තු බැරි නම් රැකගන්ට
අපේ වැඩක් හැකි වෙද කොරවා ගන්ට?
පූජා වට්ටි අරගෙන කොලඹට එන්ට
කඩුවෙල උසාවිය ලඟ ඔබ සැම බැහගන්ට


රුහුනේ බලවතෙකු වූ පව අද පලදෙන්නේ
උසාවියෙන් වැලිකඩටය ගෙන යන්නේ
නඩු අහනා තුරාවට හිරබාරෙට ගන්නේ
කඳසුරිඳුනේ කවදද එලියට එන්නේ?


25 comments:

  1. Replies
    1. කට කැඩිච්චි කතාවක් කියලා දෙවියෝ දඬුවම් කොරයිද නැත්නම් කඩුවෙල උසාවියෙන් දඬුවම් කොරයි ද කියලා බය හිනද හිටන්?


      Delete
  2. රත්නපුරේ සමන් දෙයියන්ට කිව්වානම්,.....සීවලි පිට්ටනියටම අලියා වඩම්මලා දෙයි මගේ දෙයියෝ.

    ReplyDelete
    Replies
    1. ඔහෙලගේ ආන්ඩුව වට්ටන්න පටන් ගත්තා අද රත්නපුරෙන් සිරිකොත මහත්තයෝ!

      Delete
    2. ඔබලාගේ උත්සාහයට සුභ පැතුම් සාරස

      Delete
    3. යහපාලනේ අද ගේම දෙන්නේ මොන නයිට් ක්ලබ් එකටද ඉයන්තුමෝ?

      Delete
    4. සරසයෝ....මරු ප්‍රශ්නයක් බං. ඉයන්තුමා ගෙන් අහලා තියෙන නිසා මම උත්තර නොදී ඉන්නං. නයිට් ක්ලබ් කේස් වගේම, මහ බැංකු කේස් එකත් තව දුරටත් කතා කරන්න ඕන. ආන්ඩුවේ වැරදි කතාකරන්න තමයි දේශපාලන විකල්පයෝ ඉන්නේ. හැබැයි පිදුරු කියන්නේ වේලිච්ච ගොයං ගස් කියලත් මතක තියාගන්න ඕන.

      Delete
  3. අත් දොළහක සවිය මදි මට රැකගන්න
    නෙත් ලෙස රැඳි උන්ටික නැහැ දැකගන්න
    පුත් කුමරුට භයේ මා හැරදා යන්න
    හිත් නැතිවාද මොණරෝ ඇයි ගියෙ යන්න........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ
      මොනරී ලගින්නේ ඌගේ තුරුල්ලේ
      යහපාලනේ යවනා පඩ වලල්ලේ
      මොනරා ගිහින් වැටුනා පොරමඩුල්ලේ




      Delete
  4. හය්යෝ. මේ රනිලයයි මයිත්තිරියයි ඉන්නකන් ලංකාවට කෙසේ වෙතත් ලංකාවේ අලි ටිකටනම් නම් බඩු බනිස් වෙනව.

    අවුලක් නෑ. හොරු වගේද අලි අල්ලන එක.

    මුන් දෙන්න ජනාදිපති අගමැති උනාට වැඩිය හොඳයි "වනජීවී" දෙපාර්තමේන්තුවේ සබාපති සහ ලේකම් උනානං. නොදකින් විතරක් මේ වගේ හිපාටුවෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. // මුන් දෙන්න ජනාදිපති අගමැති උනාට වැඩිය හොඳයි "වනජීවී" දෙපාර්තමේන්තුවේ සබාපති සහ ලේකම් උනානං. නොදකින් විතරක් මේ වගේ හිපාටුවෝ දෙන්නෙක්.//

      ටිලාන් ආතල් අයියට ජයවේවා

      Delete
  5. උඹලෑ දෙයියට කෙලවිච්ච එකේ අලියා මොකෙක්ද බං.

    පන්සල් දේවාල වල අලි දාලා යන තරමේ යුගයක් තීලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එපමන සශ්‍රීක යුගයක්!

      දැන් එකම බැඳුම්කරයක්!

      Delete
  6. දැන් එහෙනම් කතරගමටම යන්න ඕනේ නෑනේද:d

    මරු කවි ටික ඈ...

    ReplyDelete
  7. හොරු අල්ලන්න බැරි වෙච්ච එකේ අලිවත් අල්ලන්න එපායෑ.

    ReplyDelete
    Replies
    1. හොර අලි විසින් බලපත් නැති අලි ඇල්ලීම

      Delete
  8. දෙයියෝ බලන් හිටියද අලියා ගෙනියනකන්.

    ReplyDelete
    Replies
    1. දෙයියන්ටම පෙනීයන්!

      Delete
  9. මොනා හරි කරන්නත් එපැයි හිටං...

    ReplyDelete
  10. කතරගම දෙයියොත් රාජ දෙයියගෙ නෑදෑයෙක් කියල ජැක්සොන්තුමා කිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ හන්දා නේ කඳ සුරිඳු ව FCID දැම්මේ..

      Delete
  11. Replies
    1. බයවෙන්ඩ එපා...

      ස ර ස තුමා නොම්මර එකේ දෙබිඩ්ඩෙක් නිසා බාසුන්නැහෙට කියලා මේ කවි ලියාගත්තේ...

      Delete