Wednesday, October 12, 2016

හුටන් ට මල පැනීම හෙවත් නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇද වීම...



එකට කෑවත් බොක්ක වෙනස් යන පුරාණ වාක්යය සනාත කොරමින්, රනිල් තුමා මාස කීපයකට පෙර සොරිසේනට උගුල් ඇටවීම පටන් ගන්නා ලදී. 

කරනා තරම් දහබලුකම් කොරමින්, ඒවා සොරිසේන ගේ එකවුන්ට් එකට බැර කොරමින් රනිල් සහ සමාගම කොරගෙන යනලද්දාවූ, සොරිසේන විසින් වැඩිවිස්තර පුවත්පත් වලින් දැනගත්තාවූ සක්කිලි වැඩ අලුයම ලූ කෙල පිඬක් සේ සලකා තූ කියා ඉවතලන්නට සොරිසේන නැමැති අකෘතඤ අමනතුමා අද (12/10/2016) සවස සමත් විය!


වෙන්ඩ ටොයියන් සහ ගොබ්බ සිවිල් සමාජරෝගීන් විසින් යහපාලනයක් ගෙන ඒමට කියා හුටන් හිටන් කෙනෙකු ට තීන්ත ගා අලුත් ඇඳුම් අඳවා කොරනාලද බහුරූ කෝලම අවසන් වී යන බව ස ර ස තුමා ට පෙනීයයි...

පලුගස්දමන සමූපාකාර සන්ගමේ කාරක සබිකයෙකු විදියට තම දේසපාලු ජීවිතේ ඇරඹූ හුටන් හිටන් සොරිසේනට මහින්ද තුමා ගේ කස්ටිය විසින් රට වටේම තිබේනා එකම චන්දේ වන සමූපාකාර සමිති නිලවරණ දින ගැනීම ගැන මහත් සන්වේගයක් ඉපදී ඇති සෙයකි!


මල පැනපු සොරිසේන විසින් හිටපු ආරක්ශක ලේකම් ගරු ගෝටාභය රාජපක්ශ මැතිතුමාව උසාවියට තඩ්ලාගෙන ඒම් පිලිකුල් සහගත ලෙස හෙලාදකිමින් බැන අඬගෑවේ රනිල් තුමා ගේ පත්තර සහ වෙබ් සයිට් විසින් දහම් කොලුවාට ඇටවූ උගුල නිසා කේන්ති ගොස් නොවන බව කරුණාවෙන් සැලකිය යුතුය!


අපට නම් ගමකට සතුටුය... ඔබට සතුටුයිද දැන්?

44 comments:

  1. යහපාලනයේ බුඩ්ඩිමතුන්, රාජපක්ශලාගේ හෝ සිරිසේනගේ වැරදි කියන උනන්දුවෙන් රනිල්ගේ වැරදි නොකියති. කිව්වත් බොහොම සැකයෙනි. ඒවා එක්මනින්ම අමතක වේ (මේ ගැන ගැටළු ඇති කෙනෙකුට බැඳුම්කර හොරකම ගැනත් දහම්ගේ වික්‍රමය ගැනත් පලවී ඇති පෝස්ටු ගනන හෝ ආටිකල් ගනන සන්සන්දනය කර බැලිය හැක ).

    මෙසේ වන්නේ රනිල්ට ඇති ආදර ගෞරවය නිසාද නැතිනම් නියාලුකම නිසාදැයි මටනම් පැහැදිලි නැත (නියාලුකම ගැන ප්‍රශ්න ඇති අයට කියන්නේ චම්පික රනවක විසින් ගම්මන්පිලට චෝදනා කරන්නට සුද්දෙක්වම උස්සන් ආවේ අපේ යහපාලනකාමී පුරවැසි බුඩ්ඩිමතුන් සුදුහම ඉදිරියේ දක්වන නියාලුකම රනවක හොඳින්ම දන්නා නිසා බවයි. රනිල් ගැනත් ඇත්තේ මෙවැනිම එකක් වන්නට හැක ).

    ReplyDelete
    Replies
    1. එසේ වන්නේ තමන් පොශ් යැයි පෙන්වීමට ආසාව ඇති වෙන්ඩපොශ් ටොයියන් ගේ නියාලුකමටය!

      Delete
    2. අන්න හුරීයආරච්චි ෂර්ලොක් හෝම්ස් කොටි හකුර ත්මුන්නහෙගෙයි මගෙයි උප්පැන්නේ හදල කොටින්ට බයේ පැන්ෂන් ගිහිල්ල , කොටි නැති කරාම වීරයා වෙලා වටේටම නෙලමින් ඉන්න නපුංසක පැන්ෂන් ගිය ආමි කාරය ගේ බොගේ මල පහ කරලා උප්පැන්නෙන් පිහදාල දාල ගිහිල්ල. මුට ලැජ්ජ නැති හැටියක්. තමුන්ට එතනම මහ පොන්නය කියපු එවුන්ට උත්තර දෙන්නේ නැතුව වෙන මගුලක් කියල බෙට්ටක් දාල ගිහිල්ල.

      Delete
    3. අඩෝ මහසෝනා...

      තට්ට පොන්සිනා ඔහේ කියන්නේ මා ය මම කියන්නේ ඔහේ ය කියලා හිතන් ඉන්නේ ඇත්තටමද නැත්නම් ඒක ඌගෙ ලදරු ආතල් එකක් ද හිටන්?

      මාතලන් පොන්සිනා ලා කවුද කියලා ලස්සනට ලියලා තියෙනව නේද හිටන්!

      Delete
  2. හීං බබා සීයේ..ඔය කොන්ද නෙමේ බඩ...
    මීට....සෝරත පොඩි හාමුදුරුවෝ.

    ReplyDelete
    Replies
    1. හුටන් ගෙන් අහගත්ත නේද හිටන්? හික්ස්

      Delete
    2. කින්ඩියට හිනාවෙන්න එපා බං. තුන් කොන් සටන් දෙකොන් වෙන්න වගේ යන්නේ.

      Delete
    3. කොනකපාල නොවී බේරුනොත් ඇති හිටන්!

      Delete
  3. හදිසියේම නින්දෙන් ඇහැරිලා.

    ReplyDelete
    Replies
    1. සිහින හොරු අරන්...

      Delete
  4. බෆලෝ කෙනෙක් ප්‍රසිඩන්ට් උනහම මෙව්වට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට බැරිය. පෙනෙන හැටියට මේ මී හරක (හරකුන්ටත් කරන අපහාසයක්) පත්තරයක්වත් නොකියවන හැඩයි.

    අඩුම තරමෙ මොන ලබ්බක් කොරත් මහින්ද ට හොඳ පෞරුෂයක් තිබ්බ. මේ ජනාදිපති නම් ගොන් තැම්බට එකවත් නෑ හිටං. රටට තියා තමන්ටවත් දෙයක් නොකරගෙන මකබෑ වෙන්ට දගලනව.

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් ආතල් අයියා ඇත්ත කියනවා..... ජයවේවා!

      Delete
  5. නැතුව නැතුව. අපිටත් සතුටුයි හිටං!

    ReplyDelete
    Replies
    1. කඳුලු අඩු නැතිව
      විඳිනවා තවම...
      ඔබට සතුටුයිද දැන්....

      Delete
  6. බයියන්ගෙන් මේවා ඇර වෙන මක්කා බලාපොරොත්තු වෙන්නද බං... අපි කියපු අනාවැකි ඉතා කෙටි කලකින්ම ඇත්ත වෙනවා දැකිමේ සතුට පමණයි තියෙන්නේ... එජාපයේ හොරකම් අනුමත කරන්නේ නම් නෑ.. ඒත් මේ රට හදන්න පුළුවන් උන්ට විතරයි... අනික ටොයියෙක් හෝ බයියෙක් වෙන්නේ චින්තනයෙන් මිසක් ජීවන ක්‍රමයෙන් නම් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ගොන් ටොයියන් අස්සේ ඔහේ වගේ දේසපාලනේ තේරෙන ඈයොත් ඉන්නවා හිටන්!

      Delete
    2. මක්ක... ඒ.ජ.ප. විතරයි රට හදන්න පුළුවන්, හොරකම් කරත්.... ඇත්ත ඇත්ත රට කෙසේ වෙත්ත ඒ ජ ප ටේ ඉන්න ජාවාරම් කාර හොරු රල නම් හැදෙයි... ඔය තියෙන ලබ්බ වල උන්ට තුට්ටු දෙකට විකනලා...

      Delete
    3. ඇගට නොදැනෙන හිතට දැනෙන මේ අමුතුම දේ සීතාම්බර සාටකය වැනි එකකි.

      දැන් සෑබෑ ටොයියන් වන රනිල්, චන්ද්‍රකා වැනි රදල බ්ලූ බ්ලඩඩ් කට්ටියනම් මේ "හිතෙන් හිතා ටොයියන්" වන චින්තන ගැන කොහෙන් හිනා වෙනවා ඇතිද?

      මැද මන්තියේ හා පහල මැද පන්තියේ සාමාන්‍ය චන්ද දායකයන්ට, "පුරවැසියන්" වැනි නම්බුනාම දීම චන්ද කාලයේ කල පොඩි උප්පරවැට්ටියකි. මේ නම්බුනාමය ලැබුනා කියා අනිත් පැත්තට චන්දය දුන්, චන්දය පාවිච්චි නොකල ආදි අනිත් චන්ද දායකයන්ට වඩා කිසිදු වරප්‍රාසදයක් නොලැබේ.

      වෙනත් වචන වලින් කියන්නේ නම් ඔටුන්නක් මෙන් සැරසූ අං තට්ටුවකි. තවමත් මෙය නොදත් හෝ නොදන්නා ගානට සිටින්නන් අපිට "ඔටුන්නේ" ලස්සන පෙන්නන්නට පැමිනේ.

      Delete
    4. //එජාපයේ හොරකම් අනුමත කරන්නේ නම් නෑ.. ඒත් මේ රට හදන්න පුළුවන් උන්ට විතරයි... අනික ටොයියෙක් හෝ බයියෙක් වෙන්නේ චින්තනයෙන් මිසක් ජීවන ක්‍රමයෙන් නම් නෙමෙයි..//

      මොනවද මාතේ මේ දෙලොවටම නැති කතා .

      Delete
    5. ඒ කියන්නේ හොරකම් කොරන්නේ නැතිව රට හදන්න බැහැ කියලා හිටන්!

      Delete
  7. mehema yana eka ape badata honadyi ban... onna ohe yanna demu thawa 10 years withara

    ReplyDelete
  8. මේ සිදුවීම් වලින් සරස තුමා අමන්දානන්දයට පත්වී සිටිනු දැකීම ඔබතුමාගේ පැත්තෙන් අපිත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ තියෙනා දේවල් වලක්වන්න සක්කරයට තියා ඌගෙ පුතා වයිමට වත් බැහැ ඉයන් තුමෝ!

      Delete
    2. ඒ සක්කරයගෙනෙ, සිරි ලංකාවෙ නායකයින්ගෙ පුත්තුන්ට වයිමට වඩා වැඩ පුලුවන්නෙ

      Delete
    3. දහ0 කොලුවට වගේ..?

      Delete
    4. කොලුවන්ට & කුමාරයන්ට

      Delete
  9. සා රස . ගෙදර ආව ගමන් උබේ සීන් එකට අදාල නිව්ස් එක දැන් බැලුව හිටං.

    කොහොමත් මම ලංකාවේ ඉන්නකොට පොර ටෝක් දීල බල්ල මාක් ඉන්න එවුන්ට මම මුනටම කිව්ව එක සිරි ලංකාවේ මුල් පුරවැසියාට ටක්කෙටම ගැලපෙනව.

    ඒක තමයි..:

    අනේ හුකේ ..උබේ තියෙන්නෙත් "සිංහ නාද, බලු කෙඳිරිය".. විතරයි.. 👍🏽

    ReplyDelete
  10. //අපට නම් ගමකට සතුටුය... ඔබට සතුටුයිද දැන්?//

    සතුටුයි ....හැබැයි ගොයියෝ අමතක කරන්ඩ එපා . මූ ආප්පෙටත් කෙලලා පැන්න ආප්ප පාලයා

    ReplyDelete
    Replies
    1. :D ආප්පයා හිරේ දමමු!

      Delete
  11. කඳුළු අඩු නැතුව..
    විඳිනවා තවම... :)))))

    ReplyDelete
  12. කඳුළු අඩු නැතුව..
    විඳිනවා තවම... :)))))

    ReplyDelete
  13. පැහැදිලිව මෛත්‍රී ආවේ රනිල්ගේ ඡන්ද වලින්....
    ඔහු එළියට ඇවිත් කතාකළේ මහින්දගේ පෙකණි වැල ගැලෙව්වා වගේ....
    ලක්ෂ හැටදෙකේ ඡන්ද වල මුල් තිබුණේ මහින්දට විරුද්ධව...
    මෛත්‍රී කරන දේ හරි වුණත් වැරදි වුණත් ඔහු යූඇන්පී ඡන්ද අරන් ශ්‍රී ලංකා එකේ නායකයා වෙන්න උත්සාහ දැරීම නිවැරදි නැහැ

    ReplyDelete
    Replies
    1. අනිවා..
      ඔබ සමග 100% එකඟයි හිටන්!

      Delete
    2. ඔන්න ඔය ඇත්ත ශ්‍රී ලංකා එකේ පාවාදෙන්නට, චවුර රැජිනට, එත කොට මරිසිසෙනට නොතේරන එක තමා මේ කෙල වෙන එකට එකම එක හේතුව. අනික රනිල් තුමාට වුවමනා වුනේ මොන ගැටයක් ගහලා හරි මහින්ද එලවන්න... යු එන පි යේ චන්දෙන එන මේ ජහපතියට ... මහජන බලයක් නැතුව අන්තිමට බිත්තියට හේත්තු වෙන්න වෙන බව සූර කපටියෙක් වෙන රනිල දන ගෙන හිටියා... මරිසිසේනට බිත්තියට හේත්තු වෙනකොට... අඩුම තරමේ අර ඇමති කෙනෙක් විදිහට තිබුන බලය වත් නැතුව රූකඩ රජෙක් වෙන එක ඇති වෙලා වගේ...

      Delete
    3. රනිල් තුමා විසින් වැඩි දවසක් නොගොස් සොරිසේන, ඩල්ලි, දහම් කොලුවා, චතුරිකා ආදී සියල්ලෝම FCID දක්කා වලිකඩ බෝඩ් කොරනවා නිය්ස්තයි!

      Delete
  14. මේ සිදුවීම් වලින් සරස තුමා අමන්දානන්දයට පත්වී සිටිනු දැකීම ඔබතුමාගේ පැත්තෙන් අපිත් සතුටුයි.2

    ReplyDelete
  15. කොහේ ගියත් කොල්ලෝ අපි කැරකිලා එන්නේ ආසියාවේ ආශ්චර්යයටම තමා.

    ReplyDelete
  16. සරසාට සුභ පැතුම්. රනිල විකුම් මහත්මය මහින්ද රජපස්ස මහත්තය හම්බවෙලා කතා කරන්න කලින් ආරක්ෂා විධි විධාන තර කොරගෙන මැස්සෙකුටවත් නොපෙනී හිටිය නම් මයි ත්‍රී මහත්තයට මළ පනින්නේ නැහැනේ.

    ReplyDelete