Sunday, October 23, 2016

වැලි සොලි අලි!

අබෞද්දයන් ව අමන්නාන්දයට පත් කිරීම සඳහා පන්සල් සහ දේවාල වලට කඩන් පැන වත්තේ බැඳ හිටි අලි අල්ලාගෙන ගොස් හාමුදුරුවරුන් ට නඩු දමා හිරේ විලන්ගුවේ දැමීම යහපාලනේ විනෝදාන්සයක් ව තිබුනි. 

උදේට කුකුල් මස් කා දවල්ට පෝක් වලඳා රැට මට්න් කන ප්‍රොගතිශීලී වෙන්ඩපොශ් හාල්කෑලි, කොටස් වෙලෙඳපොලට බිල් තියා අතේ මාට්ටු වූ ඔටාරා ලා ගේ ගජබින්න වලට රැවටී අලි පිලිඹඳව පුදුම ආදර කරුනාවක් ගොඩනගාගෙන පෙරහැරේ අලි යෑම ලෝකේ අන්ක එකේ සත්ව හින්සාව ලෙස හන්වඩු ගැසීය!

යහපාලන දඩබල්ලන් ගෙන් බේරීමට පන්සලට ආපු පින්වතෙක් අලියා අමතක වෙලා ගියා කීව උඩුවේ හාමුදුරුවන් ව හිරේ දමා, සොබිත හිමි ගේ මරණයට යහපාලනේ වගකිවයුතු යැයි වදාල විගසම එතුමාව හිරෙන් නිදහස් කලේ මැලේසියාවේ කුවාලාලම්පූර් ගුවන් තොටුපලේ බොඅයින් 747 යානා තුනක් ම අයිතිකරුවන්ට අමතක වී ගිය වකවානුවක ය!

වෙන්ඩපොශ් ප්‍රොගොතිසීලීන් ගේ යහපාලන සැප කැඩෙනා කටකතාවක් පැතිරෙමින් පවතී....

එනම්, සොරිසේන හිටන්, බුද්දි අන්ස වාර්තා සහ සාත්තරකාරයන් ගේ කෙප්ප රිපෝර්ට්  කියවා බිය වී වෙවුලා වැටට උඩින් පැනලා දුවලා පන්සල් හා දේවාල වලින් අතඩන්ගුවට ගත්තු අලි එම පන්සල් සහ දේවාල වලටම නැවත් බාර දීමට යනවා කියා ය!

ආතල් බිඳෙන කතා කීවා ට වැලි සොලි ය... අපි සැපෙන්.. ඔබලාට සැපද හිටන්?

11 comments:

  1. හැම ජීවියෙකුටම කරුණාව දක්වන්න කියපු බුදු හාමුදුරුවො කොටස් වෙලඳ පොලට පොලු තියපු ලින්ක් එක තියෙනවා එවන්නද? සාරස තුමා.

    ReplyDelete
    Replies
    1. …25God made the beasts of the earth after their kind, and the cattle after their kind, and everything that creeps on the ground after its kind; and God saw that it was good. 26Then God said, "Let Us make man in Our image, according to Our likeness; and let them rule over the fish of the sea and over the birds of the sky and over the cattle and over all the earth, and over every creeping thing that creeps on the earth." 27God created man in His own image, in the image of God He created him; male and female He created them.…

      Delete
    2. බයිබල් පාඨ වලින් හරි බුදු බන හදලා අපි කොහොමහරි බයි ආනුවක් හදාගන්නඕනේ අපේ හාමුදුරුවනේ!

      Delete
  2. 'අපෙ හාමුදුරුවනේ මට තේරෙන්නෙ නෑ මේ ගොල්ලො මෙහෙම පන්සල් වලින් ,හාමුදුරුවරුන්ගෙන් පලිගන්නෙ ඇයි කියල අර සීදු ද මොකක්ද.....'
    එයා බබා හාද ? :V

    ReplyDelete
  3. සා රස තුමෝ..!! හැක හැක හැක..
    අලියටයි කොටියටයි දෙමලටයි මුසල්මනුවටයි සිංහලයටයි විපක්ෂේටයි එකාබද්දෙටයි පක්ෂේටයි ගණයටයි සාමිටයි තම්බියටයි තව මොනාද ඕයි හිටපු ජනාදිපතිටත් බය නියාළු ජනපති කෙනෙක් ඉන්න රටක,

    තමන් අත්සන් කොරපු ලියුමක් ආරක්සා කොරගන්ට බැරි රටක නායකය කොහොමද බං රටක් ආරක්සා කොරන්නෙ හිටං?

    මට මැවිල පේනව සා රස තුමෝ හෙට අනිද්ද මහින්ද මාමි මෙයාගෙ කනෙන් ඇදල විසි කොරල දානව..

    😜😜😜😜😂😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ටිලාන් ආතල් අයියට ජයවේවා!

      Delete
  4. ජනපති වුවද බයියා බයියාමය....

    ReplyDelete
    Replies
    1. බයි බයි බයි බයියපුතා

      Delete
  5. බයියෙක් ජනාධිපති කරන්නම බෑනේ හීන්බබා සීයේ. පනින්නෙම කැලේ

    ReplyDelete
    Replies
    1. සකල ලෝකවාසී බයියනි එක්වවු!

      Delete