Wednesday, October 26, 2016

පර්පෙචුවල් ට්‍රෙශරීස් මල්වානෙන් මතුවීම





රනිල් තුමා ගේ නයහිමියා හෙවත් පොලී මුදලාලි වන අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් විසින් තමා පසුගිය මාස 14 ට මහබැන්කු බාන්ඩාගාරේ සුද්ද කර රුපියල් බිලියන 10.1 ක සුද්ද ලාබයක් ලැබූ පර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගමේ අද්යක්සකයෙක් නොවන බව වගකීමකින් යුතුව ප්‍රකාස කොට ඇත.

මෙහෙම ගියාම අච්චර ලාබයක් ලැබූ ආයතනේ ද්යක්සකලා ගෙන්වා ප්‍රශ්න කොලාම, මුදිත ජයකොඩි මල්වානේ ඉඩම තමාට අයත් නැතැයි කීවා සේ ඔවුනුත් බෑනා ගේ සමාගමේ කිසිම දේකට සම්බන්ද නැතැයි පවසනු ඇත. එවිට ආන්ඩුව කල යුත්තේ අයිතිකරුවෙකු නැථි මෙච්චර ලාබ ලැඹූ පර්පෙචුවල් ට්‍රෙසහරීස් සමාගම රාජසන්තක කොට එහි ඇති සල්ලි, රජයේ ඒකාබද්ද අරමුදලට බැර කිරීමය.

ආර්තික විද්යාව ගැන මෙලෝ හසරක් නොදන්නා සර ස තුමා එතුමාගේ පුස් අන්දරේ ගතිය නිසා මේ දේවල් ගැන ලියුවාට සින්හල බොගේ ආර්තික උස්තාද් ඉකොනොමැට්ටා තුමා මේම වන්චාව ගැන මීක් නොකියා නැට්ට අදෝමුකයේ ගහගෙන ඉන්නේ මන්දැයි අප හට නොතේරේ! 

සමහර විට ඔහු මහින්ද මහත්ත්යාඅගේ වැරදි ආර්තික කලමණාකරණය පමනක් දකිනා උපන් ගෙයි යූ ඇන් පී කාරයෙකු නිසා වන්නට පුලුවන...

18 comments:

  1. අයිතිකාරයෝ නැති ඉඩම් තියෙන රටක අයිතිකාරයෝ නති සමාගම් තිබිය හැක..

    එක මගේ නෙමෙයි කිව්වාම නඩුවෙන් නිදහස්..

    ReplyDelete
  2. ඒකත් ජයසිරි මන්ගලම් කිවුවලු!

    ReplyDelete
  3. මේවා දැක්කහම මටත් හිතෙනවා බං හොරකං කරන්ඩ , හිරේ යන්ඩ ඕන නැ නේ මගේ නෙමෙයි කියුවහම හරි

    ReplyDelete
    Replies
    1. බලන් හිටහන්, මේන් කියල එළියට දායි...

      Delete
    2. කරන හොරකමක් ටයි කෝට් එහෙම දාල කොරන්න හිටන්!

      Delete
  4. මට මගේ නොවන මගේම සමාගමක් තිබුණා.

    ReplyDelete
    Replies
    1. මා මේ බාල සමාගමෝ!

      Delete
  5. අන්න දැක්කනේ අවවාදයට වඩා ආදර්ෂය උතුම්ලු. බැසිල් දුන්නු ආදර්ශේ කස්ටිය බොක්කටම අරන් ගේම ගහන්න වගේ හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. පිස්සු සැදෙන සඳ...

      Delete
  6. ඔන්නොහේ දතක් ගලෝගෙන පාඩුවේ ඉන්ඩලා.. කලුගල් වල ඔලුව හප්පා ගන්නේ නැතුව.. හැක්

    ReplyDelete
    Replies
    1. දත් ගලෝලා නැවු අටක් ගන්නයි මන් තුමා හිතන් ඉන්නේ හිටන්!

      Delete
    2. අසූ ගනන්වල "දොස්තර රාජිත දිනවමු" කියලා අතින් ඇඳපු පෝස්ටර් ගහලා තිබුනා. කොල්ලො ඒක "කොන්දොස්තර පරාජිත නාවමු" කියලා වෙනස් කරා.

      Delete
  7. මයිල්වාන ට්‍රෙශරීස් එකට වඩා ගොඩාක් ලොකුනේ මහේන්ද්‍රන් ට්‍රෙශරිස්. මුන් ඔක්කොම එකතුවෙලා කෙලින්නේ රටේ ට්‍රෙශරි එකට නිසා තමයි අපිට දුක.

    ReplyDelete
  8. කඳුලු අඩු නැතිව ගලනවා තවම ....

    ReplyDelete
    Replies
    1. ඔබට දුකයිද දැන්?

      :)

      Delete