Thursday, October 6, 2016

අලුතින් බයිට්....



සමාජරෝගී ජාලා මගින් දොස්තරලා ට බැස්ටිය දීම නැවතෙමින් පවතී. 

සිස්සත්වෙන් ඉහල ලකුණු අරන් සමත් වූ දරුවන් බොහොමයක්දොස්තරලා වන්නට ඕනෑ යැයි කීම මීට හේතුව වන්නට පුලුවන... 

නැත්නම් දොස්තරලා ට ගේම ඉල්ලූ මූලකාරකයට හේතු වූ අති උතුම් සයිටමයේ ඩිසෙක්ශන් සාලා වල හැමවලෙන් ම ගොඩ යන අත්බූත උත්තානය වන්නා වන තාජුඩීන් වහන්සේ ගේ ඇට කෑලි හමුවීම වෙන්න ටත් පුලුවන.

අද වන විට අලුත් ම සමාජ අවුට්කාස්ට් ලෙස අන්ක එකට පත් වන්නේ විනිසුරුවරුන් සහ ලෝයර් ලා ය! 

ව්ලැඩිමීර් ලෙනින් මහත්තයා දාපු නඩුවක් නිසා කවුදෝ ගොබිලෙක් උසාවියක් ගැන හැදූ චිත්තරපටියක් වාරනේට ලක් කොලා කියලා විනිසුරුවරුන් ට හා ලෝයර්ලාට සමාජරෝගී ජාලා වලින් දිගට හරහට දෙනවාය.

දොස්තරලාට බැන්න කටටවල් වලින් ම නීතිඤ්ඤ මහත්තුරු සහ නෝනලා ට දෙසා බානවා ස ර ස තුමා බලා සිටින්නේ කනගාටුවෙනි. 

20 comments:

  1. මගෙ වං ඇටේ නැතිවෙලා හොයනව ළඟදි ඉඳල.
    සයිටැම් එකේ වද්ද දන්නෙ නෑ හොයල බලන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. අර බඹරෙක් ඇවිල්ලා ඇන්නා කිවුවේ දකුනු ඇටේට නේද ලොක්කා?

      Delete
    2. සයිටම් එකේ තියනව කියල කියනව කොහොමද දන්නැ

      Delete
  2. කාලෙං කාලෙට එන බයිට් අපේ බයිට් ටිකට කෙලින එක තමයි කාල ඉන්න අමාරු..

    ReplyDelete
    Replies
    1. නරකම එවුන් බදුල්ලෙන් ආපු සිවිල් ඉන්ජිනේරුවො

      Delete
  3. ට්‍රෙන්ඩ් එක දොස්තර මහත්තයෝ ට්‍රෙන්ඩ් එක. ඕකට මහින්ද මාමි සම්බන්ද නැතෙයි? යාලුවෝ උනත් සම-"හරක්" යාළුවො තරගෙට ෆේස් බුක් එකේ ෂෙයාර් කරන කක්කි කෑලි දැකල අප්පිරියාවේ බැරි කමටම ෆේස් බුක් මළ දානේ දැන් අවුරුදු දෙකකට විතර කලින් වහල දැම්ම. හෙට අනිද්දට බ්ලොගයෙනුත් සමු ගන්ට හදන්නෙ. බයේ බෑ අර කැල්කියුලේටර් නැතුව ඉගෙනගත්ත ලොකු බබා අයිය මගෙ අයි පී එකෙන් මාව හැක් කොරල හුක් කලොත්. ගුඩ් බායි හොඳේ. දෙපැත්ත බලල පාර පනින්න හොඳේ. 🙈

    ReplyDelete
    Replies
    1. තට්ට ශරුලොක් හෝම්ස් ට බය වෙන්න එපා හිටන්...

      Delete
  4. ලෝයර්ලා කවදා ඉඳලද අලුතින් බැනුම් අහන අය වුනේ සරාස්තුමෝ?
    උන් හැමදාම හැමෝගෙන්ම බැනුම් අහනවානේ.

    අනිත් බැනුම් අහන අයට වඩා වෙනසක්නම් තියනවා, උන් කවදාවත් අපි හරි ෂෝක් , අහිංසකයි රටක් වටියි කියන්නේ නෑ. උන් දන්නවා ඒ බැනුම්වලින් 60-70% සාධාරණයි කියල. බොරු කියන වෘත්තියක් කියල සැලකුනාට උන් උන් ගැන බොරු කියා ගන්නෙ නෑ.

    අනිත් වෘත්තිකයන් එක්කො තමන් දෝෂ සහගතයි කියලා හිතන්නෙ නෑ , එහෙම නැත්නම් හිතං ඉන්නෙ අනිත් අය තමන්ගෙ විදිහ දන්නෙ නෑ කියලා. දැන් දැන් මිනිස්සු දන්නවා ලෝයර්ස්ලා විතරක් නෙමෙයි බැනුම් ඇහිය යුතු අය ඉන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. ///ලෝයර්ලා කවදා ඉඳලද අලුතින් බැනුම් අහන අය වුනේ සරාස්තුමෝ?
      උන් හැමදාම හැමෝගෙන්ම බැනුම් අහනවානේ. /////////

      මෙහෙත් එහෙමයි....ඒ නම් ඕකුන්ගේ අයකිරීම්වල තියෙන අධික කම නිසාද කොහෙද. ඩොකාලට එහෙම අවුලක් නැහැ.

      Delete
    2. :D

      අපිත් කොරන්නේ අමු බොරුව තමයි... විස්වාස කොරන්නේ නැත්නම් අර මාතලන් ගෙන අහලා බලන්නකෝ!

      Delete
  5. ඔය ලෝයර් ලා නේ වැඩිපුරම අපායේ වැඩ කරනවා කියන්නේ? යමය එක්කත් ඩිල් දාගනලු ඉන්නේ.

    ReplyDelete
  6. හැමදාම ඉතින් ඔහොම තමා. කවද්ද ඕවා වෙනස් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා දින 1500 වැඩසටහනේ දී මේක වෙනස් කොරනවා හිටන්!

      Delete
    2. එතෙක් ඉඳන් බලන් ඉමුද සා රස.. එහෙමද ..

      Delete
  7. කාලෙන් කාලෙට ටිකට් එක ඇදෙන කණ්ඩායම තමයි බැනුම් ඇසීමේ වාසනාව උදා කරගන්නේ. ඊලඟ කාණ්ඩේ කවුද දන්නේ නෑ.

    ReplyDelete