Friday, April 21, 2017

විරෝදතා සඳහා හේතුවක් කුලියට දීම.



මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයෙන් පසු කුණු දැමීමට විකල්ප ස්තාන සෙවීම යහපාලන රජයට ඉතාම අමාරු කාරියක් වුනේ සියලු කුණු දමනා ස්තාන වලට කුණු ලොරි වලට යන්නට නොදී ප්‍රදේශවාසීන් පාරවල් අහුරා විරෝදතා දැක්වීම නිසා ය.

එහි ප්‍රතිඵලයක් ලෙස තම ප්‍රදේශ වල කුණු දැමීමට විරුද්දව සියලුම අන්දමේ විරෝදතා පැවැත්වීම තහනම් කරමින් ආන්ඩුවේ අති විශේශ ගැසට් පත්‍රයක් නිකුත් කලේ සිරිසේන ගේ අත්සනිනි. එම ගැසට් පත්‍රයට අනුව කුණු දැමීමට විරුද්ද  විරෝදතා කරුවන් වරෙන්තු නැතිව අත් අඩන්ගුවට ගැනීමට පොලිසියට හැකිය.

 පොලිස් අතඩන්ගුවට පත් වීමෙන් මිදී විරෝදතාව දිගටම කරගෙන යෑමට නම් විරෝදතාවයේ හෙඩිම නොහොත් අරමුණ වෙනස් එකක් බව පෙන්විය යුතුය. 

උදාහරනයක් වශයෙන් අපේ ගමට පාර හදනු යැයි කියා විරෝදතා කරුවන් කුණු දමන ස්තාන වලට යන පාරවල් අහුරමින් විරෝදතා කොරොත් කුමක් වේද?

වඩාත් ම අවදානය ට ලක් විය යුතු කරුණ වන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට කලින් ආන්ඩුවට හිසරදයක් ව පැවති සයිටම් විරෝදය මේ විරෝදතාවට මුසු වේද යන්න ය.. සයිටම් විරෝදය තහනම් කොරමින් තවමත් ගැසට් නිවේදන නිකුත් වී නොමැති නිසා කුණු විරෝදී ජනතාව එක් වරම සයිටම් විරෝදීන් වී එම විරෝදතා කුණු දමනා ස්තාන වලට යන පාර අවහිර කරමින් සිදු වූවොත් වන්නේ කුමක්ද?

අපි ඇස් පිය නොහෙලා බලා සිටිමු!

61 comments:

  1. මේ මිස්ට සාරස ද

    මම සී අයි ඩී එකෙන්

    අපිට තොරතුරු ලැබිල තියෙනවා ඔබතුමා ජනතාව උසිගන්වනව කියලා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඔබතුමාව අත්අඩංගුවට ගන්න. කරුණාකරල එන්න අපිත් එක්ක පොලිසියට යන්න.

    ReplyDelete
    Replies
    1. // මම සී අයි ඩී එකෙන් //

      යූ වෝන්ට් ටු සී මයි අයිඩී? ජේ වී පී ටූක් දැට් ඉන් 89

      Delete
    2. ජේ.වී.පී නෙවේ. එක්තරා පක්ශයක්

      Delete
    3. ඇයි සාරද තුමා ඔය තරම් ජේ වී පී එකට මෙව්වා එක

      Delete
    4. // ඉවාන් පවුලූශාApril 21, 2017 at 10:38 PM

      ජේ.වී.පී නෙවේ. එක්තරා පක්ශයක් //

      එක්තරා :D :D

      Delete
    5. // Jeevana FernandoApril 21, 2017 at 11:49 PM

      ඇයි සාරද තුමා ඔය තරම් ජේ වී පී එකට මෙව්වා එක //



      88/89 කල දේවල් අපට තාම මතකයි නේ හිටන්!

      මට නම තියාපු, කොටිකාවත්තේ සධ්දාතිස්ස හාමුදුරුවොත් වෙඩි තියලා මරපු කාලකන්නි නේ ඉත් රට හදන්න ඉල්ලනෙ...

      Delete
    6. ජේ.වී.පී නෙවේ. එක්තරා පක්ශයක්

      Delete
    7. ජේ.වී.පී නෙවේ. එක්තරා පක්ශයක්

      Delete
    8. මා ප්‍රිය සන්සඛි අතිගරු සරසතුමනි,

      ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම ධර්මය සුරැකෙන මෙසිරිලක් පිං බිමෙහි ඉපිද ඒ අසිරිමත් දම් අමාව සිව් දෙස පැතිර වූ විචිත්‍ර සුමධුර ධර්ම දේශකයාණන් වහන්සේ අතර සිළුමිණක් බඳු වූ කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් විසින් අතිගරු සරසතුමනට නම් තබන ලද බව දැන ගැනීමෙන් මම මහත් සොම්නසට පත් වීමි. මින් අඩසියවසකට පෙර කොළොන්නාවේ දී උපන් පින්බර කුමරා මතු යම් දිනෙක මෙසිරිලක දෙස-බස-රැස රකිනා දේශමාමක, ශාසනමාමක මහා පඬිරුවනක් වන්නට නියමිත බව සද්ධාතිස්ස හිමියන් තම ඉසිවර නැණින් දකින්නට ඇත.

      දෙස්-විදෙස්හි පතළ මහා ධර්ම දේශකයණාන් වහන්සේ නමක් වූ සද්ධාතිස්ස හිමිපාණෝ කාලීන ධර්ම දේශනාවෙන් මෙසිරිලක නෙක නෙක දනන් සිත දෙස-බස-රැස රැකුමට යොමු කර වූහ. කොළොන්නාව රාජ මහා විහාරය ඇසුරෙහි තම ධර්මානුකූල, විනායානුකූල දිවි පෙවෙත සකසා ගත්, මනා ශික්‍ෂණයකින් ඔපවත් කර ගත් අතිගරු සරසතුමා ⁣වර්තමානයේ උර දී සිටින්නේ එදා කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් ඇරඹූ දේශමාමක, ශාසනමාමක වැඩ පිළිවෙළ පාට පක්‍ෂ භේදයකින් තොර ව ඉදිරියට ම ගෙන යන්නට ය.

      කාලකන්නි, මිනිමරු, කුහක ජේ.වී.පි.කාරයන් විසින් නිහඩ කරවන ලද කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමිපාණෝ අද ද අප හදවත්හි ජීවමාන වැඩ වසති. උන් වහන්සේගේ ධර්ම දේශනයෙන් තම දිවි පෙවෙත මනා ව සකසා ගත් අතිගරු සරසතුමන් ජේ.වී.පී.කාරයනට එරෙහි ව ගෙන යන දැවැන්ත අරගලයට මගේ පූර්ණ සහය සහ ආශිර්වාදය නිබඳ ව හිමි වේ.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    9. අනුන්ට මඩ ගැහිල්ල විනෝදාංශය කරගත්ත මේ වගේ මල පෙරේතයෙකුට කුමාර කියල නම තිබ්බනන් ඉතින් ආය බුදුහාමුදුරුවො උනත් ඔයටික තමයි ලොක්කා.

      Delete
    10. //පාට පක්‍ෂ භේදයකින් තොර ව ඉදිරියට ම ගෙන යන්නට ය.//
      පාට පක්ෂ භේද නොමැත
      රාජපක්ෂ භීතිය ඇත.

      Delete
    11. සරස

      නගර සභාවෙන් හෝ පාරේ ඇති හිස් ඉඩමකින් හෝ පාරේ පාළු වංගුවකින් හෝ කිසිදු උදව්වක් නොමැතිව අපට අපේ කුණු අප ඉන්නා නිවස පිහිටි ඉඩමේ දී ම කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සිතන්න.

      දැන් මෙය අප කරන්නේ කෙසේ ද?

      කුණු යනු කුණුවෙන කුණු සහ කුණු නොවන කුණු ලෙස මූලිකව ම කොටස් දෙකකි. එනිසා අප මුලින් ම කළ යුත්තේ මේ කුණු වර්ගීකරණය කර ඒ ආකාරයට බෙදා එකතු කිරීමයි. ඉන් පසුව ඒ වෙන් කර ගත් කුණු සහ නොකුණු ඒ ඒ වර්ගවලට යෝග්‍ය ආකාරයට කළමනාකරණය කිරීමයි.
      කුණු නොවන කුණුවලින් කොටසක් කෙළින් ම නැවත පාවිච්චි කළ හැකි ඒවා ය.
      කුණු නොවන කුණුවලින් තවත් කොටසක් නැවත නිෂ්පාදන ක්‍රියාවලියක දී අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කළ හැකි ඒවා ය.
      කුණු නොවන කුණුවලින් තවත් කොටසක් ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතු වෙනු ඇත.

      කුණු නොවන කුණුවලින් ඉතිරි කොටස ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
      කුණු වෙන කුණුවලින් මූලිකවම පොහොර සෑදිය හැක.

      එසේ පොහොර සඳහා භාවිතා කළ නොහැකි කුණු වෙන කුණු ද, එක්කෝ ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතුය, නැතහොත් ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.

      ගමේ කුණු, නගරයේ කුණු, පළාතේ කුණු සහ රටේ කුණු කළමනාකරණය කළ යුත්තේ ද ඉහත ආකාරයට ම ය.

      ඒ කුණු කළමනාකරණයට යන වියදම, භාණ්ඩ පරිභෝජනය කරන්නන් විසින් ඒ ඒ භාණ්ඩයේ මිලේ කොටසක් ලෙස ගෙවීම වඩාත් සාධාරණ ක්‍රමය වේ.

      මා 2015 වසරේ ලියූ කුණු කතා කිහිපය මෙසේ ය.

      1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
      http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html

      2. පරණ කුණු කතා - Latter day litter, later!
      http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html

      3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
      http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

      4. අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish
      https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html

      -රසිකොලොජිස්ට්

      Delete
  2. //කුණු විරෝදී ජනතාව එක් වරම සයිටම් විරෝදීන් වී එම විරෝදතා කුණු දමනා ස්තාන වලට යන පාර අවහිර කරමින් සිදු වූවොත් වන්නේ කුමක්ද?//

    This will never happen...

    ReplyDelete
    Replies
    1. සයිටම් විරෝධයත් කුණු ගොඩක්ම තමයි.

      Delete
    2. //Jeevana FernandoApril 21, 2017 at 11:47 PM

      සයිටම් විරෝධයත් කුණු ගොඩක්ම තමයි. //

      එහෙනම් ඒ කුණු කන්දත් නාය යන දිනේ වැඩි ඈතක නෑ...

      Delete
    3. //එහෙනම් ඒ කුණු කන්දත් නාය යන දිනේ වැඩි ඈතක නෑ...//

      හපෝයි ගොමාල

      Delete
    4. සරස

      මේක මගේ විදේශික අත්දැකීම් පිළිබඳ සටහනකි.

      මේ එක හා සමාන අත්දැකීම් කිහියට මට මුහුණ දෙන්නට සිදුවුණේ දෙසැම්බර් නිවාඩුවේ සුතනඹුවන් සමග ලංකාවට ගිය කාලයේ දී ය.

      උදෑසන පිළියන්දලින් පිටත් වූ අපි පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියෙමු. ඒ අවසානයේ මම ආපසු රථගාල දෙසට යමින් සිටියෙමි. පාර අයිනේ කඩයක අපූරු අලි කැටයමක් දුටු මම එහි මදක් නැවතී එය පරීක්ෂා කර බලා එහි සිටි වෙළඳ තරුණියගෙන් කැටයමේ මිල විමසුවෙමි.

      "කීයද මේ ලී කැටයම?"

      මගේ වදන් ඇසූ එහි සිටි තවත් යුවතියක් පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියා ය.

      පසුව ඇය "අනේ මේ අපූරුවට සිංහල කතා කරන්නේ! මහත්තයා සිංහල ද?" කියා මගෙන් විමසූවේ මා තක්බීර් කරමිනි.

      "ඇයි මම දෙමළ කියලද, මුස්ලිම් කියලද හිතුවේ?" මම සරදම් බසෙන් ඇසුවෙමි.

      "නෑ! මම හිතුවේ ඉන්දියාවෙන් ආපු සංචාරකයෙක් කියලයි"!

      "ඇයි එහෙම හිතුණේ?"

      "නෑ, මට නිකන් හිතුණා!" ඇය ලැජ්ජාවෙන් කීවා ය.

      ඒ යුවතිය පින්නවල රථ ගාලේ ටිකට් පත් නිකුත් කරන්නියයි.

      මෙය හුදෙකලා, අහඹු සිද්ධියක් ලෙස සලකා මගේ මතකයෙන් බැහැර කිරීමටත් පෙර පසුදා ටෙම්ල් ඔෆ් ටූත් (temple of tooth, Kandy) අසළ පිහිටි කෞතුකාගාරයේ දී ද මෙවැනි සිද්ධියක් සිදුවිය.

      මා එහි ඇතුළු වී ටික වේලාවකින් කෞතුකාගාර සේවකයෙක් මා වෙත පැමිණ එහි වූ ඡායාරූප කිහිපයක් පෙන්වමින් "සෑර්, ඇල් ටී ටී ටෙරොරිස් බොම් ද ටැම්පල්" යනාදී වශයෙන් ඉංග්ලිෂ් භාෂාවෙන් මා සමග විස්තරයක් කියවන්නට විය.

      "මං සිංහල!" යැයි මම හෙමින් කොඳුරා ඔහුට කීවෙමි.

      "සමාවෙන්න සර්, මට හිතුණේ සර් පිටරට කෙනෙක් කියලයි" පැවසූ ඔහු පසෙකට විය.

      එදිනම හවස අප බහිරවකන්දේ බුදු පිළිමය නරඹන්නට ගිය විට ද මෝටර් රථය නවතා මා බහිනවාත් සමගම, "සෑර්, යූ කැන් කීප් ෂූස් හියර්" යැයි මිනිසෙක් පවසනවා ඇසුණි.

      ඒ ද මා විදේශිකයෙක් යැයි සිතා ය.

      -රසිකොලොජිස්ට්

      Delete
    5. // ඒ ද මා විදේශිකයෙක් යැයි සිතා ය.

      -රසිකොලොජිස්ට් //

      මෙය කියවද්දී මා ඉඳගෙන සිටි පුටුව සෙලවිනි... පසුව සොයාබැලීමේදී අනාවරණය වුනේ මගේ පස්ස පැත්ත සිනා වී ඇති බවකි....

      හිනා හිනා හිනා වෙන්න හිකෙන්පුනා...

      Delete
  3. අම්මට උඩු සා රස තුමෝ..!!

    ක්‍රියේටිව් රයිටින් වගේ සල්ලි වලට උද්ගෝෂණ පොයින්ට් විකුණන එකේ පේටන්ට් අයිතිය ඔබ තුමාට ලබාගන්න පුලුවන්නම් වර්ල්ඩ් රෙකොර්ඩ් එකකුත් තියන්ට පුළුවන් හිටං.

    අත අරින්ට එපා සා රස තුමෝ. මේක මල්ටි මිලියන් ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන් හිටං.

    අපේ සා රස තුමා....ට..

    ජය වේවා..

    🙏

    මේ තුප්පහි යහපාලනය බංගවේවා..!! 👎🏿

    මහින්ද මහත්තයට....

    ජය වේවා...!!

    🙏

    ReplyDelete
    Replies
    1. // මේ තුප්පහි යහපාලනය බංගවේවා..!! 👎🏿

      මහින්ද මහත්තයට....

      ජය වේවා...!! //

      අපේ ටිලාන් ආතල් අයියා තුමාට ජයින් ජයිම වේවා!

      Delete
  4. ගරු සාරස තුමෙනි ඔබ තුමාගේ මාහැඟි බුද්ධි ප්‍රභාවය දල්වා දේශය පෙලා දමන කුණු ප්‍රශ්නයට කුණු විසඳුමක් ලබා දීමේ මහඟු පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් ඔබ තුමන් ජාති ජාතිත් මේ ශ්‍රී ලංකාද්වීපයේ ඉපදී දේශය සසල කරවනා ගැටළු වලට විසඳුම් ලබාදෙන බහුශ්‍රැත පඬියෙකු වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ජීවනඃච බෝතලං
      ඉස්කාගාරනඃච මජ්ජපමා
      කුලියට ලියං මහත්ඵලං
      නෙලුම්යායාංච බූරුවං

      Delete
    2. සාරසෝ ඔය අජීවන ද අජීරණේද මොකද්ද කියන මොංගල් කසිප්පු බෙබාට සංස්කෘත නොතේරේ, එබැවින් පොල්කට්ටකට හුජ්ජ ටිකක් දමා අලුත් කසිය වර්ගයක් කියා බීමට දෙනු මැනවි, මුගේ අමාරුව හොඳ වනු ඇත. (බෙහෙත හොයාගත්තේ පුරාන රිසිවරු ලියපු පුස්කොල කෑල්ලකින්)

      Delete
    3. අම්මපා හොඳ දෙයක් ප්‍රාර්ථනා කරත් මුන් අම්මා මෝ නැතිව බනිනවානේ...

      Delete
    4. // AnonymousApril 21, 2017 at 11:26 PM

      සාරසෝ ඔය අජීවන ද අජීරණේද මොකද්ද කියන මොංගල් කසිප්පු බෙබාට සංස්කෘත නොතේරේ, එබැවින් පොල්කට්ටකට හුජ්ජ ටිකක් දමා අලුත් කසිය වර්ගයක් කියා බීමට දෙනු මැනවි, මුගේ අමාරුව හොඳ වනු ඇත. (බෙහෙත හොයාගත්තේ පුරාන රිසිවරු ලියපු පුස්කොල කෑල්ලකින්)//


      හරි.. වෙල් ෆැන්ටා ටිකක් හොයලා මෑන්ස් ට යවන්නම් හිටන්

      Delete
    5. //අම්මපා හොඳ දෙයක් ප්‍රාර්ථනා කරත් මුන් අම්මා මෝ නැතිව බනිනවානේ... //

      ගනන් ගන්න එපා... පල ඇති රුකටලු නේ ගල් වදින්නේ...

      Delete
    6. හොද වෙලාවට එහෙම වෙන්නෙ... කරුමෙකට හරි "පව ඇති රුකට" උනා නම්?

      Delete
    7. // කරුමෙකට හරි "පව ඇති රුකට" උනා නම්?//

      පල ඇති රුකට ගල් වැදුනට පවු නැද්ද
      පව ඇති රුකට පන ගැසුනා දැක නැද්ද


      Delete
  5. සරස, අපි පොඩිකාලෙ කිරුලපොනේ තිබුනා කුනුමෝල කියල එකක්. දැන් කාලෙට නොගැලපුනත් ඒ කාලෙ සුද්දො අපට ඉතිරි කරල ගිය දෙයක්. අපේ නායකයො කිසිම දෙයක් නොකරන එකේ නරකද රටේ පරිපාලනය නැවතත් සුද්දට අවුට්සෝ(ර්)ස් කලොත්?

    ReplyDelete
    Replies
    1. කුණු මෝල දැන් තියෙන්නේ මේ බ්ලොග් එකේනේ.
      සොරි සොරි මඩ මෝල ,, මඩ මෝල ,,

      Delete
    2. ඔවු මට මතකයි... ඒක ගාබේජ් ඉන්සිනරේටර් එකක්,
      ප්‍රේමදාස කාලෙ ඒක වහලා ඉඩම් එයාගේ ගෝලයන් ට බෙදලා දුන්නා... පස්සෙ කුණුමෝල වත්ත පාර නාගස්වත්ත පාර කියලා නමත් වෙනස් කලා හිටන්!

      https://www.instantstreetview.com/@6.877951,79.878162,64.28h,-24.2p,1z

      Delete
    3. // Jeevana FernandoApril 21, 2017 at 11:44 PM

      කුණු මෝල දැන් තියෙන්නේ මේ බ්ලොග් එකේනේ.
      සොරි සොරි මඩ මෝල ,, මඩ මෝල ,, //

      මෙහෙමයි ජීවන,... එවා දන්නේ කොලඹ කස්ටිය නේ....

      Delete
    4. //මෙහෙමයි ජීවන,... එවා දන්නේ කොලඹ කස්ටිය නේ....//
      ඔව් අපි ඉතින් දංකොටුවේ නේ

      Delete
    5. // ඔව් අපි ඉතින් දංකොටුවේ නේ //

      :D

      Delete
  6. සරස නොහොත් මිනිසුන්ට නිරපරාදේ මඩ ගසන බ්ලොග්කරුවානෙනි,

    මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියට සම්බන්ධව නගර සභා ආඥා පනතට අනුව වගකිව යුත්තන්ට නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි. නගර සභා ආඥා පනතට අනුව මේ සිදුවීම පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ නොසැලකිලිමත්භාවය මත පදනම් වූ අනියම් මිනීමැරුම් චෝදනාවක් ලෙස එල්ල කළ හැකි බව ජවිපෙ මධ්‍යම කාරක සභික, නීතිඥ සුනිල් වටගල පවසයි.

    දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය අනුව නොසලකා හැරීම, මරණ සිදුකිරීම වසර 5ක සිර දඬුවමකට යටත්ව දඬුවම් ලැබිය හැකි වරදක් බව පවසන වටගල මහතා පෙන්වා දෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද ව්‍යසනයක් වන බවට දැනුම් දී තිබියදීත් නොසලකා හැරීම ඉහත කී ආකාරයට දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

    එක් අවස්ථාවක එම කුණු කන්ද ගිනි ගැනීම, දෙවැනි අවස්ථාවේ ගංවතුර තත්ත්වයත් සමඟ කොළොන්නාව ප්‍රදේශය යටවීම හා පසුගිය අප්‍රේල් 12දා අදාළ ස්ථානය ඉරිතළා යෑම ආදී අවස්ථා තුන මඟ හරිමින් අදාළ බලධාරීන් කටයුතු කිරීම නොසැලකිලිමත්භාවයෙන් කළ ක්‍රියාවක් බව ඒ මහතා පවසයි.

    එම නිසා අදාළ සිද්ධියට සම්බන්ධව නඩු පැවරීමට නීති උපදෙස් ලබාගැනීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනකු මුණගැසී සාකච්ඡා කළ බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය. ඒ වගේම මගේ නම අවභාවිත කරමින් කරන අපහාස වහා නවතන ලෙසත් මට එරෙහිව එල්ල කරන අභූත චෝදනා ඇත්නම් ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙසත් මා බ්ලොග් නොබලන බවටත් බ්ලොග් ගැන නොදන්නා බවටත් බොරු මඩ ප්‍රචාර නවතන ලෙස මෙයින් දැනුම් දෙන අතර එසේ නොවුණ හොත් ඔබට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව දන්වා සිටිමි.

    - අනුරාධා කෝදාගොඩ

    ReplyDelete
    Replies
    1. // ඒ වගේම මගේ නම අවභාවිත කරමින් කරන අපහාස වහා නවතන ලෙසත් මට එරෙහිව එල්ල කරන අභූත චෝදනා ඇත්නම් ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙසත් මා බ්ලොග් නොබලන බවටත් බ්ලොග් ගැන නොදන්නා බවටත් බොරු මඩ ප්‍රචාර නවතන ලෙස මෙයින් දැනුම් දෙන අතර එසේ නොවුණ හොත් ඔබට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව දන්වා සිටිමි.

      - අනුරාධා කෝදාගොඩ //


      ඔයා මට නඩු දාන්නෙ ඔයාගෙ ලෝයර් වන හොරොප්පුලියනප්පු ට කියලද හිටන්?

      Delete
    2. //ඒ වගේම මගේ නම අවභාවිත කරමින් කරන අපහාස වහා නවතන ලෙසත් මට එරෙහිව එල්ල කරන අභූත චෝදනා ඇත්නම් ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙසත් - අනුරාධා කෝදාගොඩ //

      අනුරාධා කෝදාගොඩලාට චෝදනා කල විට ඒවා අභූත චෝදනාය. අපහාසය. ඔප්පු කිරීමට සාක්කි අවශ්‍යය

      නමුත් ඒ පෝස්ට් එකේම ඇය මෙසේත් කියයි:
      //පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ // නමුත් මේ සඳහා අනුරාධාලාට අවුරුදු 2ක් රාජපක්ශලාගෙ ඉඩම් හාරා ස්විමින් පූල් වල වැලි ගොඩ දමා, කොමඩ් අස්සේ ඔලුව ඔබා බැලුවද කිසිම සාක්කියක් හොයා ගත් නොහැකි විය. ඔවුන් රාජපක්ෂලාට චෝදනා කල හෙලිකොප්ටර්, ලැම්බෝගිනි කාර් සඟවා තබා ගැනීම සම්මාන රාත්‍රීයක් සංවිදානය කිරීමට අත යට සල්ලි හොරා ගන්නව මෙන් රහසේ කල නොහැක.
      අනුන්ට එවැනි අතේ පත්තු වන බොරු චෝදනා නැගීම සඳහා ඇයට සාක්කි ඇවශ්‍ය නැත !!!!!!

      පන්දම් අල්ලා ලංකාවට ලැබුනු රුසියානු ශිෂ්‍යතවයක් යටි මඩි ගසා ගත් බව ඔප්පු වෙද්දී එය වසා ගන්නට අජිත් දර්ම, මා නැගූ තර්ක වලට දුන් මල්ලේ-පොල් උත්තර නිසා ඔහු තර්ක බුද්දිය හීන අයකු බව වටහා ගෙන මම ඉන් පසු බොහෝ විට ඔහුගේ පෝස් වලට උත්තර දීමෙන් වැලකී සිටියෙමි.

      අනුරාධා ගේ මේ පෝස්ට් එකෙන් නෙළුම් යායේ කවුරුත් මෝඩයන් බව තේරුම් යයි.

      Delete
    3. //පන්දම් අල්ලා ලංකාවට ලැබුනු රුසියානු ශිෂ්‍යතවයක් යටි මඩි ගසා ගත් බව ඔප්පු වෙද්දී එය වසා ගන්නට අජිත් දර්ම, මා නැගූ තර්ක වලට දුන් මල්ලේ-පොල් උත්තර නිසා ඔහු තර්ක බුද්දිය හීන අයකු බව වටහා ගෙන මම ඉන් පසු බොහෝ විට ඔහුගේ පෝස් වලට උත්තර දීමෙන් වැලකී සිටියෙමි.

      අනුරාධා ගේ මේ පෝස්ට් එකෙන් නෙළුම් යායේ කවුරුත් මෝඩයන් බව තේරුම් යයි. //

      +++++++++++++++

      අජ්ජා තුට්ටු දෙකයි පනහේ හොරෙකි...

      Delete
  7. සා රස මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්... ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු බලය පතන සෑම කෙනෙක්ම තමන්ටත් මේ ප්‍රශ්නයට මේ ආකාරයෙන්ම මුණ දෙන්න වෙන වග අවබෝධ කර ගත යුතුයි..පවත්නා රජයෙන් යම් විසදුමක් ලැබේනම් එයට කොන්දේසි විරහිතව සහය දිය යුතුයි.මේ පරශ්නය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා නොගත යුතුයි..උද්ගෝෂණ වලට නොනැමි බලය යොදා මෙම ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් ලබා දීම පවත්නා රජයේ වගකීමක්..තීරණ ජනප්‍රිය තීරණ නොවුනත් ඒ තීරණ මොකා මොන බලපෑම කලත් ඒවා යටපත් කර ක්‍රියාත්මක කල යුතුයි..පුත්තලමට කුණු ගෙනියනවා කිව්වම අසාද් සාලිය කියනව අපි එකට ඉඩ දෙන්නේ නැහැ කියල... ඉස් ඉස්සෙල්ල මුන්ව අල්ලලා මේ කුණු කන්දේ වලලල දාන්න ඕන..මොන දේශපාලන මති මතන්දර තිබුනත් රජයේ ගැසට් පත්‍රය මම අනුමත කරනවා... ඒ දේ සිදු වෙන්න ඕන හැමෝමව නලවල සතුටු කරලා ප්‍රශ්න විසදන්න බැහැ.... මේ වෙලාවේ මේ එකතු වෙන කුණු ටික තාවකාලිකව බැහැර කර ගන්න ඉඩක් දෙන්නේ නැති එව්වෝ මිනිස්සු නෙමෙයි... කාලකන්නි තිරිසන්නු.....

    ReplyDelete
    Replies
    1. // පුත්තලමට කුණු ගෙනියනවා කිව්වම අසාද් සාලිය කියනව අපි එකට ඉඩ දෙන්නේ නැහැ කියල... ඉස් ඉස්සෙල්ල මුන්ව අල්ලලා මේ කුණු කන්දේ වලලල දාන්න ඕන //

      +++++++++++

      // මොන දේශපාලන මති මතන්දර තිබුනත් රජයේ ගැසට් පත්‍රය මම අනුමත කරනවා... ඒ දේ සිදු වෙන්න ඕන හැමෝමව නලවල සතුටු කරලා ප්‍රශ්න විසදන්න බැහැ.. //

      අපිත් ... හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රනිල් පාර්ශවයයි හුටන් පාර්ශවයයි කුලල් කෑම නිසා මිනිස්සු ඕකට විරෝදතා දක්වලා ගැසට් එක පුස්සක් වෙන එකයි!

      Delete
  8. නොකීකතාApril 22, 2017 at 2:09 AM

    විරෝධතාවලට විරුද්ධව උසාවි නියෝග ගත්තම ඒ උගුලෙන් ගැලවෙන්න නියම උපක්‍රමයක්. සාරසතුමාගෙ මොළේ තමයි මොළේ...

    ReplyDelete
    Replies
    1. // සාරසතුමාගෙ මොළේ තමයි මොළේ... //

      වැඩක් නෑ..
      අදත් මුතුරාජවෙල කුණු දානවට විරුද්ද වුනු ජනතාවට බැටන් ප්‍රහාර....

      Delete
  9. "පුත්තලමට නම් කොහොමත් කුණු ගෙනයන්න දෙන්න බෑ එකෙන් වෙන්නේ මහින්දට ලකුණු අප් වෙන එක "
    -නෙලුම් යාය සංස්කාරක

    ReplyDelete
    Replies
    1. අනිච්චා වත සංස්කාරක යා!

      Delete
  10. කුණු ප්‍රශ්නයට දිය හැකි විසඳුමක් ගැන W3LANKA බ්ලොග් අඩවියේ පළ වුණා. ළමයි ටික එතනට ගිහින් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රාඥ්ඥ තුමා රජයේ සේවකයෝ අඩු කල යුතුය කියමින් බණ ටෝක් දෙන ගමන්, කුණු සම්බන්ද සියලු දේ රජයේ අදීක්ශනයකට පත් කරන්න කියලනේ ඉල්ලනේ.... එතකොට රාජ්‍ය සේවකයෝ තව සිය දහස් ගානක් බඳවාගන්න ඕනැනේ හිටන්....

      Delete
    2. @ Sa rasa,
      නෑ, එතුමා කියන දේ හරි. මේ රටේ (හමුදාවල නොවන ) රාජ්‍ය සේවකයන් 400,000 ක් හිටියාම ඇති. හැබැයි ඒ අය ඉංග්‍රීසි යටත් විජිත යුගයේදී වගේ ඉහළ කාර්යක්ෂමතාවකින් යුක්ත විය යුතුයි. ඔය කුණු බැහැර කිරීමේ නිරීක්ෂණ කටයුතුවලට ඕනෑ නම් රැකියා විරහිත කලා උපාධිධාරීන් බඳවා ගන්න පුළුවන්නේ...

      Delete
    3. // ඔය කුණු බැහැර කිරීමේ නිරීක්ෂණ කටයුතුවලට ඕනෑ නම් රැකියා විරහිත කලා උපාධිධාරීන් බඳවා ගන්න පුළුවන්නේ... //

      අහෝ...

      Delete
    4. ඒ ප්‍රාඥ්ඥ තුමාට අනුව කම්කරුවන් ගේ ජීවිත කාලකන්නි වී ඇත්තේ රජය බදු මුදල වශයෙන් ඔවුන් ගෙන් සූරා කැම නිසා. මෙතනදී කම්කරුවාගේ රිජු නිශ්පාදන සම්බන්ධය වෙන කම්කරුවා ගේ ශ්‍රමයෙහි හිමි කරු සඳහන් කරල නැ. එකෙන් ගම්‍ය වෙන්නෙ කම්කරුවා සූරා කන එකම මාධ්‍යය රාජ්‍ය බදු කියලද​?

      එහෙම නැත්තම් ශ්‍රම හිමි කරුගේ සූරා කැම නොගිනිය හැකියි කියලද​? ඒ ප්‍රාඥ්ඥ තුමා (අජිත්) ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද ?

      රාජ්‍ය සුබසාධනය නිසා කම්කරුවාට පෙරලා ලැබෙන වාසිය සලකල​. ඒ කියන්නෙ, පෙන්නන්න පුලුවන් ද​, කම්කරුවා රාජ්‍ය බදු නොගෙවා හිටියොත් සහ එනිසාම රාජ්‍ය සුබ සාධනය නතර වුවහොත් එමගින් කම්කරුවාගේ තත්වය කාලකන්නි නොවෙන්නෙ කොහොමද කියල?

      පේන විදියට අජිත් ලන්කාවේ 5% කට ගොවීනුත් ඇතුලත් කරල​. කියන්න පුලුවන් ද​? මේ ගොල්ලො නඩත්තු කරන කම්කරුවන් ගෙ ප්‍රතිශතය​?

      Delete
  11. එල එල සාරස තුමෝ.
    මේකනම් හිතන්නම වටින කථාවක්.
    ඇත්තෙන්ම මෙහෙම වුනොත් අපේ යහපාලන ආණ්ඩුව මොකක් කොරයිද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ගරු නයනේ තුමෝ...

      Delete
  12. "වැවෙන හැටි මෙතරම්
    කාක බෝ තුරු
    ලැබ කාක පුද හසර
    සදමින් සෙවණ උන්ටම "
    ලඟදි පැවති ඇතැම් උද්ඝෝෂණ අනුව බලන විට කවියේ කියවෙන කාකයන් කවුරුන්ද කියා සැසඳුමක ට සිත යොමු වෙයි.
    කාක බෝ= මල්ලේ පොල්
    -අජිත් ධර්ම

    ReplyDelete
    Replies
    1. //ලඟදි පැවති ඇතැම් උද්ඝෝෂණ අනුව බලන විට//

      අජිත් ට ඒ කාලේ, මරික්කර් ලා, රහුමාන් ලා, අසත්‍ය සාලි ලා උද්ඝෝෂණ කරන කොට ඒ ගොල්ලො බෝ පැල වගේ නේද පෙනුනේ ?

      කාක බෝ>>>>> බෝ පැල බවට පත් කරන්ඩ ඔබ තුමා රුපියල් කීයක් වගෙ අය කරනවද ? (අජිත් හම්බ වෙන පවුම් සොච්චමෙන් ලන්ඩනයේ එදා වේල අමාරුවෙන් පිරිමහ ගෙන ඉන්න බව දන්න නිසා තමා මේ රුපියල් වලින් ගනන අහන්නෙ )

      Delete
    2. // සැසඳුමක ට සිත යොමු වෙයි.
      කාක බෝ= මල්ලේ පොල්
      -අජිත් ධර්ම //

      අනේ ගොන් අජ්ජෝ...

      සියලුම කාක බෝ නොවනා, මිනිසුන් සිටවූ බෝ පැල වල මුල්ශාඛය ප්‍රචාරනය වුනේ කුරුල්ලන් වැනි සතුන් එහි ඵල අනුභව කොට වසුරු හෙලීම මගින් බව නොතේරෙන්නේ ඔබ වැනිම මුග්ධයන් ට පමණි!

      Delete
  13. සාරස

    කුණු කුනු කරගන්නෙ නැතුව එළියට දාන්න සම්බන්ද අපේ ගෙදර ක්‍රියාත්මක වී ඇති සරල ක්‍රම කිහිපයක් :

    1) පොලිතින් සිරි මලු වෙනුවට රෙදි මලු හෝ උර ගෙන කඩේ යෑම.

    2) මස්, මාළු වැනි දේ කරදාසි ඔතන වල එසේම ගෙදර ගෙන එවෙලේම පිස ගැනීම.

    3) ප්ලාස්ටික් පෙට්ටි වල අහුරා ඇති පලතුරු, එළවලු, විස්කෝතු වැනි දේ මිලදී නොගැනීම.

    4) සියලු කාබනික කසළ කොම්පෝස්ට් කර පොහොර සෑදීම.

    5) ප්‍රතිචක්‍රීය නොකළ හැකි දේ පමණක් කුණු කසල ලෙස ඉවත් කිරීම.

    6) පරිභෝජනය අවම කිරීම (මෙය ආර්ථිකයට හොඳ දෙයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව යහපතක් විය හැක).

    ReplyDelete
  14. කසල නිවස තුළම ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද?

    බොරලැස්ගමුවේ පදිංචි ගෘහණියක් වසර 16 ක් පුරා සිය නිවසේ එක්රැස් වන කැළිකසල නගර සභාවට නොදෙන්නේ ඇය විසින් සිය නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන නිසාවෙනි.

    කුණු, රටට 'බරක්' නොකළ කතක්

    අනුන්ට බැණ බැණ ඉන්නෙ නැතුව ඒ කාන්තාව කරනවා වගේ අපේ ගෙවල්වලත් කුණු කළමණාකරණය කරගනිමුද?

    Waste management at home


    :-)

    ReplyDelete
    Replies
    1. ඒක මාත් නැරැඹුවා....
      වටිනා දහිරියමත් කාන්තාවක්.. ඇගේ කුණු කලමනාකරණය අනර්ගයි.

      Delete
    2. Sa rasa,

      මා දන්න Part time ගොවියෙක් ඉන්නව එයා කොලඹ කතරගම වැඩකරන CTB bus කොන්දොස්තර නිසා දින දෙකකට වරක් දින දෙකක් නිවාඩුයි ගොඩක් උනන්දු සහිත part time ගොවියෙක් නිසා අමතරව ආදායමක් ලබන්නට හේන් වගාව කරනවා.

      වසරකට පෙර කුඩා ඉඩම් කැබැල්ලක කරපු මිරිස් වගාවෙන් රුපියල් ලක්ෂ 13 ක සුද්ද ලාබයක් ලැබුව. කුඩා නිවසෙහි ඉතුරු වැඩ ටිකත් දරුවන්ට බිරිඳට ලක්ෂ 3ක රන් ආබරණත්,වැඩිවියට පත් දියනියගේ උත්සවයත් DJ එකක් ගෙන්වා ගමේ හැටියට ලොකුවට ගත්තා.

      මමත් කිසිම රජයේ සහනාධාරයක් නැතුව වගාවෙන් මුදල් සොයාගෙන තියෙනවා.

      - Mohotti

      Delete
  15. සාරස,

    ඉතිහාසයේ බොහෝ ඉගැන්වීම් පසුව ගොන්පාර්ට් වී ගියේ අදහන්නන් බිහිවීම නිසා. අදහන්නන් සිටීම එක අදියරකදී සාධනීය දෙයක් මෙන් පෙනෙනවා. ඕනෑම ඉගැන්වීමක් පැතිරීම හා පැවැත්ම සඳහා අදහන්නන්ගෙන් උදවුවක් ලැබෙනවා. මෙය එක සීමාවක් පැන්නට පස්සේ කිසියම් අදහසක් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක්ට තමන් එසේ පෙනී සිටින්නේ ඇයි කියන එක ගැන හිතන්න අමතක වෙනවා.

    බොහෝ ආගම් වගේම ඇතැම් දේශපාලන දර්ශන වලටත් වුනේ එයයි. දැන් මේ තර්ජනයට විද්‍යාවත් මුහුණ දී තිබෙනවා. විද්‍යාවේ ක්‍රමවේදය තේරුම් නොගෙන විද්‍යාව අදහන්නන් වැඩි වැඩියෙන් බිහිවීම අවසාන වශයෙන් එහි බිඳවැටීමට හේතු විය හැකි කරුණක්.

    ReplyDelete
  16. @ සා රස,

    ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නැවත වරක් බැඳුම්කර මිලදීගැනීමට ඉදිරිපත්ව සිටීන බව ඔබ දන්නවාද?

    මෙවර රුපියල් මිලියන 21,000 භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා එම සමාගම ලංසු තබා ඇත. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අයත් වන්නේ ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධිය වූ සමයේ මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස්ටය.

    මේ සිද්ධිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගනුදෙනු කිරීමට තහනමක් පනවා නැති බැවින් ඔවුන්ට ලංසු තැබිමට නීත්‍යනුකූලව හිමිකමක් ඇති බවය. ඔබ මේ ගැන නොලියන්නේ ඔබටත් මුදල් ලැබෙන නිසාද?

    ReplyDelete