Sunday, May 14, 2017

පටියෙන් පහරදී පාර දිගේ ඇදගෙනයාම....

පටියෙන් පහරදී පාර දිගේ ඇදගෙනයාම කෙනෙකුට ඉතාම වේදනාකාරී අත්දැකීමකි. එසේ පහර කා ඇදගෙනයාමට ද ලක් වූ පසු හොරි කසමින්, ගිනි පිඹිමින් කාලය ගත කරන්නට වීම කාලකන්නි කමකි.

 එක්සත් ජාතීන් ගේ වෙසක් උතසවයේ දී බෞද්ද කොඩිය අප්සයිඩ් ඩවුන් පැලැඳ ජාතියට ෆන් එකක් දුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට අත් වී ඇත්තේ එවන් කාලකන්ණි ඉරණමකි.

 මිනිස්සු බිලියන භාගයක් පමණ නිසි වැසිකිලි පහසුකම් නැතිවීම නිසාම පාරේ මලපහ කරනා ඉන්දියාවේ අගමැති පැමින ශ්‍රී ලංකිකයන්ට නිවාස සාදා පරිත්‍යාග කරන්නට පොරොන්දු වී කිසිම ගිවිසුමකට අස්සන් නොකර තම රට ගිය දාම දකුනු ආසියානු රටවල් වලින් ඉන්දියාව පමනක් වර්ජනය කරන්නට යෙදුනු  චීන පටිය හා පාර Belt and Road initiative වෑයමේ විශේශ අමුත්තෙකු ලෙස සාභාගී වෙන්නට සිදුවීම චීන අයෝමය හස්තයේ දෘඩ භාවය පෙන්නා දෙන්නකි.


 රුසියන් ජනපති පුටින් විසින් ඉතාම ප්‍රායෝගික කර්තව්‍යයක් ලෙස වර්ණනා කරන්නට යෙදුනු මේ සමුලුවේ රාජ්ය නායකයන් සහ වෙනත් ආරාදිතයන් හට චීන ජනපති පැවැසුවේ මේ පටිය හා පාර වෑයම චීනය ඩොලර් බිලියන 300 වැය කිරීමට සූදානම් බව ය.

අමෙරිකානු හා ඉන්දියානු රහස් ඔත්තු සේවා විසින් කරණා ලද රත්තරන් අශ්ව මෙහෙයුම් නිසා බලයට පැමිනි ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරනයට පෙර කියනා ලද්දේ චීන රජයේ අනුග්‍රහයෙන් ඉඳිකෙරෙනා පෝර්ට් සිටි සංවර්දන ව්‍යාපෘතිය වහාම නතර කරන බවකි.

කියනා දේ කරනා පුද්ගලයෙකු ලෙසම එම ව්‍යාපෘතිය නතර කල
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා  ට චීන අයෝමය හතයෙන් ලැබුනු ටොකු පහරවල් දරාගත නොහැකිව, පොර්ට් සිටිය නැවත පටන්ගත්තා ඔබ සැමට මතක ඇතැයි සිතමි.

 මෝඩ කමේ උල්පත වූ, මුදලට කෑදර ජෙප්පන් සමග පෙර්ට් සිටි එපා යනුවෙන් කල උද්ගෝශන අලුයම ලූ කෙල පිඬක් සේ අහක දැමූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් කියන්නේ පොර්ට් සිටිය හොඳායි කියා ය.

පුරාණ සේද මාවත යලි පුණර්ජීවනය කිරීම ඓතිහාසික චීන අභිප්‍රායට අනුව පබලු වැල සංකල්පය (string of pearls)  යටතේ ලෝකයේ සමුද්‍ර නාවිකකරණයේ චීන අභිලාශ සාක්ශාත් කර ගැණීමේ උත්සාහයක් ලෙස ලොව වටා ඇති චීනයට වටිනා නාවික මර්මස්තාන දියුනු කිරීමට උදවු දීම නිසා හම්බන්තොට වරායත් පෝර්ට් සිටියත් බිහි විය.

කාර්මික නිශ්පාදනයේ යෝදයෙක් ව දිනෙන් දින ලෝක නායකයෙකු ලෙස ඉදිරියට යන චීනය සමග උපායමාර්ගික ගිවිසුම් වලට එලෙඹ ශ්‍රී ලංකා ව දියුනුවට රැගෙන යෑම ගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමා  කටයුතු කරනා ලදී.

ඒ කාලේ විරුද්ද පක්ශයේ සිට ඒ හැමටම විරුද්ද වූ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද දවසේ චීන ජනාදිපති ගේ පා මුල ඇද වැටී හොසෑනා ගායනා කිරීම සංවේගයට කාරණයකි. 

ඉන්දියන් අගමැති මෝඩි රටින් පිටවන්නත් කලින් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ට චීනේ බේජින් වෙත ගොස් චීනුන් ගේ දෙපා මුල වැටෙන්නට සිදු වුනේ ඉන්දියානු හා අමෙරිකානු ලණු කෑවාම චීන කඹ මලපහ  කිරීමට සිදු වූ නිසයි. 

මොනවා කරන්නද රනිල්, දැන් ඉතින් ආප්පපාල එක්ක එකතුවෙලා මෝදි ගේ හොරි කසපන්, චීනුන් ට ගිනි පිඹපන්!

 චීන ජනතාවට ජය වේවා!
පටිය සහ පාර වෑයම දිනේවා!

73 comments:

  1. ඔව් සා රස තුමෝ. මේ වැඩ බැරි ටොම් ඇන්ඩ් ජිල් ඩබල කොහොමත් 20/20 වෙනකං ලෝකෙ හැම රටකටම ගිහිල්ල හිඟා කකා ඉන්නව ඇරෙන්න වෙන ලබ්බක් නං කොරන එකක් නැත.

    රටේ කාලකන්ණි කමට මහින්ද මහත්තය එනකං ජනතාවට වෙන්නෙ පටි තද කරගෙන ඉන්න එක තමයි.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      Delete
    2. //ඔව් සා රස තුමෝ. මේ වැඩ බැරි ටොම් ඇන්ඩ් ජිල් ඩබල කොහොමත් 20/20 වෙනකං ලෝකෙ හැම රටකටම ගිහිල්ල හිඟා කකා ඉන්නව ඇරෙන්න වෙන ලබ්බක් නං කොරන එකක් නැත.//

      ඇයි ඔහේ දන්ගොතාගෙ කලින් පෝස්ට් එකක ටොම් ඇන්ඩ් ජිල් ඉන්නෙ ලබන පොසොන් මාසෙ වෙනකන් විතරයි කියලනෙ. මොකෝ ආපහු 20/20 කතාවක් කියන්නෙ. තමුන්ගෙ හිතළු තමුන්ම චේන්ජ් කරලා.. හයියෝ.

      //රටේ කාලකන්ණි කමට මහින්ද මහත්තය එනකං ජනතාවට වෙන්නෙ පටි තද කරගෙන ඉන්න එක තමයි.//

      බොලෑ මයින්ද මාත්තයා ආවොත් පටි තදකරගෙන විතරක් නෙවෙයි කටවල්වලට මුකවාඩම් දාගෙනත් තමයි ජනතාවට ඉන්න වෙන්නෙ.

      හැබැයි දන්ගොතාටයි දන්ගොතාගෙ පක්කලියො සෙට් එකටයි සෑහෙන කාලයක් බලාලෙන ඉන්න වෙයි. නල්ල මලේ මයින්ද මාත්තයා එනකං. හැක හැක.

      Delete
    3. // හැබැයි දන්ගොතාටයි දන්ගොතාගෙ පක්කලියො සෙට් එකටයි සෑහෙන කාලයක් බලාලෙන ඉන්න වෙයි. නල්ල මලේ මයින්ද මාත්තයා එනකං. හැක හැක. //

      නෙලුං යායෙදී PRRAජිත ගේ දෙකකුල ලඟ වැඳ වැටී ලබුවාවූ ඒ නිරාමිස සතුට.....අනේ අනේ... දැන් දන්ගොතා කියනව නේද

      Delete
    4. දන්ගොතෝ ඉහත Anonymous May 14, 2017 at 8:53 PM කමෙන්ටුවේ කෑල්ලක් අමතක වුණා,

      මේ සියල්ල අජිත් දර්මකීර්ති වන මා විසින් ලියන ලදී.

      Delete
    5. අයිසෙ ඇනෝ

      ඔබ ඉහත "දන් ගොතා" කියා ඇත්තේ වත්මන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ඇමැතිතුමාට යැයි සිතමි. ඇත්තටම රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ දේශපාලන ඉතිහාසය කුප්‍රකට එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 2015 ජනවාරි 08 පෙරැළියෙන් පසුව මැරී ඉපදුණා සේ කතා කරන රාජිත සේනාරත්න පසුගිය අන්ත දූෂිත අශීලාචාර රාජපක්ෂ රෙජිමයේ ද බලගතු ඇමැති ධුර කිහිපයක් දැරුවෙකි. එපමණක් නොවේ, රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි අනුව කෙරෙන විමර්ශනද තිබෙන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අක්‍රීය තත්වයට පත් කරන්නට අභ්‍යන්තර අරගලයක් රාජිත සේනාරත්න විසින් දියත් කළ බවත් විපක්ෂයේ ඇතැමුන් කරන චෝදනා පහසුවෙන් බැහැර කළ හැකි ද නොවේ.

      ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජිත සේනාරත්න යනු බරපතළ ඩීල්කාර චරිතයකි. ඔහු සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කරමින් මාධ්‍ය ඉදිරියේ පාන උද්ධච්ච රැඟුම් අතිශය පිළිකුල් සහගත ය. මාධ්‍යවේදියෙකු ඔහුට හිතකර නොවන ප්‍රශ්නයක් ඇසූ විට දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු ලෙස හැසිරෙන රාජිත සතුරෙක් සේ සලකා මාධ්‍යවේදියාට පිළිතුරු බඳියි.

      ශිෂ්ට දේශපාලනයක් වෙනුවෙන් යහපාලනය යැ යි කියාගන්නා වත්මන් පාලනය ගෙන එන්නට වැර-වෑයම් කළ අය මේ නරි-නාටක දෙස බලා සිටින්නේ කම්පාවට පත්ව බව සැකයක් නොවේ. මෙවන් අශිෂ්ට දේශපාලනඥයන් සමඟ නිර්මාණ්‍ය කළ හැකි යහපාලනයක් නැති බව දැන්වත් කාටත් වැටහී යා යුතු ය.

      සාරස හෙවත් අප හිතමිත්‍ර අචාර්ය කුමාර කලුආරච්චිගෙන්ද අන්ධ භක්තික මරාවාදියෙක් නොවී හරවත් විද්වත් කතිකාවතක් හරහා මෙම ප්‍රශ්න වලට විසඳුම් සහිත නව දේශපාලන ප්‍රවාහයක් වෙනුවෙන් පෙනී සිටින ලෙසට ඉල්ලා සිටිමි.

      Delete
    6. //අයිසෙ ඇනෝ

      ඔබ ඉහත "දන් ගොතා" කියා'' බ්ලා බ්ලා...//

      මචං දන්ගොතා(සරස/කුමාර ඛලුආරච්චි) හිතවාදී අයිසෙ ඇනෝ,

      උඹ මචං රාජිතයට දන්ගෛාතා බැරිනම් දකේපුතා කියාගත්තත් අවුලක් නැත.

      මම මල්ලෙපොල් බ්ලොග් කමේන්ට් වලදී දන්ගොතා කියන්නේ එම බ්ලොගයේ කතෘ වන බොලාලැයි මහලොකු ආචාර්ය සම්මාන නොදුන්නා කියා මළ ඇඬියාව දාන, (නො)දත් ජොස්තර කුමාර ඛලුආරච්චියටයි. මොකද මේ බ්ලොග් එක ලියන්නෙ පොර නේ. හැබැයි උඹලා මම මේකෙ දන්ගොතා කියලා ලිව්වම ඒ රාජිතට කියලා හිතනවනම් මට අහන්න වෙන්නෙ මේ බ්ලොග් එක ලියන එකා රාජිත ද කියලා.


      //සාරස හෙවත් අප හිතමිත්‍ර අචාර්ය කුමාර කලුආරච්චිගෙන්ද අන්ධ භක්තික මරාවාදියෙක් නොවී.. බ්ලා බ්ලා..///

      අනේ නිකං බොරුවට මධ්‍යස්ථ වෙන්න හදන්න එපා බං. උඹ දන්ගොතාට(ස රස/ කුමාර ඛලුආරච්චි) කඩේ ගියාය කියලා අපිට පාන් යැ.. ඔය කෑල්ල ලිව්වත් නොලිව්වත් දන්න එකා දන්නවා උඹ දන්ගොතා(ස රස/ කුමාර ඛලුආරච්චි)ගේ ෆලෝවර් කෙනෙක් කියලා.. හැක හැක...

      ටටා .. බායි..

      Delete
    7. හයියෝ ඇනෝ තුමෝ. ඔහේට සිංහල පුළුවන් උනාට කියවල තේරුම් ගන්න බැරි කමට මට කරන්න දෙයක් නැත. මම කිව්වෙ "කන්න කන්න සොරි සේන. දන්සැල් තියෙන්නෙ ලබන පොසොන් එක වෙනකං විතරයි." කියල. මොකද ඇසල පෝයට දන්සැල් නැහැනෙ. මොකෝ කියන්නෙ? සිංහල ඉගෙනගන්න සී නුවර කක්ක මහත්තයෙන් හරි මහා ගත්කරු බ්ලොග් ග්‍රන්ථාරූඩ කල පැරා ගාවටවත් යවන්නද? 🤣🤣🤣🤣🤣🤣

      Delete
    8. Anonymous May 15, 2017 at 1:11 AM

      සමහරක් ඈයො කියනව රසිකොලොගියත් එහෙම පිටින්ම දදයක්, කුෂ්ටයක්, වනයක් කියල, ඇයි ඒ?

      Delete
    9. @ Ano 1.11 AM

      මේ ඇනෝ ලොක්කො, මරාටයි උගේ හොර කල්ලියටයි කඩේ යමින් ගමන් කුමාර බලුපුක් ආචිචි ලියන බහුබූත කියවන්න කැමති උන් මල්ලෙ පොල් බ්ලොග් එක බලයි. අනික් පැත්තෙන් වර්තමාන අන්ත දූෂිත යහපාලන ආණ්ඩුවට පුක දී ගෙන පැරාල මාතලන්ල අජිත් ධර්මාල රසිකලොජිස්ට්ල ලියන කුණුහබ්බ කියවන්න කැමති උන්, පැරාගෙ, මාතලන්ගෙ, අජිත් ධර්මාගෙ, රසිකලගෙ බ්ලොග් බලයි. උන් දෙගොල්ලම එකම ලිව්වොත්, මෙච්චර බ්ලොග් ඕනෙ අහවල් හතිලව්වටද? අනික ඔහේ මල්ලෙ පොල් බ්ලොග් එකට කැමති නැත්නම් කුමාර බලුපුක්ස්ගෙ එව්වා බලන්නෙ ඒව බලල අම්මට හැමිනෙන්නද?

      මම පොඩි කාලෙ ඉඳල අපේ ගෙදරට සිළුමිණ පත්තරේ ගන්නෙ නෑ, මොකද ආණ්ඩුවට කඩේ යන නිසා. මොන ආණ්ඩුව ආවත් ඒක එහෙමයි. ඒ නිසා බොරුවට මෙතන එක එකාට පුක නොදී සුපුරුදු විදිහට අම්මට හැමිනීගෙන හිටපන් ගොන් රිලව.

      Delete
    10. // AnonymousMay 15, 2017 at 12:08 AM

      දන්ගොතෝ ඉහත Anonymous May 14, 2017 at 8:53 PM කමෙන්ටුවේ කෑල්ලක් අමතක වුණා,

      මේ සියල්ල අජිත් දර්මකීර්ති වන මා විසින් ලියන ලදී. //



      අජිත් ඔයා??

      Delete
    11. // සාරස හෙවත් අප හිතමිත්‍ර අචාර්ය කුමාර කලුආරච්චිගෙන්ද අන්ධ භක්තික මරාවාදියෙක් නොවී හරවත් විද්වත් කතිකාවතක් හරහා මෙම ප්‍රශ්න වලට විසඳුම් සහිත නව දේශපාලන ප්‍රවාහයක් වෙනුවෙන් පෙනී සිටින ලෙසට ඉල්ලා සිටිමි. //

      Respect!

      Delete
    12. //
      මම මල්ලෙපොල් බ්ලොග් කමේන්ට් වලදී දන්ගොතා කියන්නේ එම බ්ලොගයේ කතෘ වන බොලාලැයි මහලොකු ආචාර්ය සම්මාන නොදුන්නා කියා මළ ඇඬියාව දාන, (නො)දත් ජොස්තර කුමාර ඛලුආරච්චියටයි. //

      අම්මපා?

      මේ තට්ටයන් ගේ කතා අහලා මට දැන් ඇතිවෙලා අප්පා....

      Delete
    13. // මොකෝ කියන්නෙ? සිංහල ඉගෙනගන්න සී නුවර කක්ක මහත්තයෙන් හරි මහා ගත්කරු බ්ලොග් ග්‍රන්ථාරූඩ කල පැරා ගාවටවත් යවන්නද? 🤣🤣🤣🤣🤣🤣//

      ඔන්න කොරනවනම් වැඩ ගරු ටිලාන් ආතල් අයියා තුමෝ...

      Delete
    14. // සමහරක් ඈයො කියනව රසිකොලොගියත් එහෙම පිටින්ම දදයක්, කුෂ්ටයක්, වනයක් කියල, ඇයි ඒ? //


      මම පොර ජාතකේ ඊරිසියා කුශ්ඨය......

      Delete
    15. // AnonymousMay 15, 2017 at 1:45 AM

      @ Ano 1.11 AM

      මේ ඇනෝ ලොක්කො, මරාටයි උගේ හොර කල්ලියටයි කඩේ යමින් ගමන් කුමාර බලුපුක් ආචිචි ලියන බහුබූත කියවන්න කැමති උන් මල්ලෙ පොල් බ්ලොග් එක බලයි. අනික් පැත්තෙන් වර්තමාන අන්ත දූෂිත යහපාලන ආණ්ඩුවට පුක දී ගෙන පැරාල මාතලන්ල අජිත් ධර්මාල රසිකලොජිස්ට්ල ලියන කුණුහබ්බ කියවන්න කැමති උන්, පැරාගෙ, මාතලන්ගෙ, අජිත් ධර්මාගෙ, රසිකලගෙ බ්ලොග් බලයි. උන් දෙගොල්ලම එකම ලිව්වොත්, මෙච්චර බ්ලොග් ඕනෙ අහවල් හතිලව්වටද? //

      ගරු සාදාරන ඇනෝ තුමාට ජය වේවා!

      Delete
    16. හප්පා ..... සැර වැඩියි බන්

      ඔය ඇනෝ ඇවිත් "දන්ගොතා" කියල බැනල තියෙන්නෙ අජිත් දරුමකිත්තා නේද බන්? සුවර් එකටම බුවා තමයි. සාරසා ඔහොම චාටර් කරන්න එපා බන් පවු නේද? දවල් තරු බලන වරලත් පරිගනක ඇප් ලේඛකයෙක් වගේම කාගෙ උනත් දරුවෙක්නේ.... පවු නේ...

      Delete
  2. ඒ උනාට මහින්ද මහත්තය ඔය පටියට කොර වෙන්නම දුන්නනෙ.
    ඒක නෙවෙයි සාරස මහින්ද මහත්තය සරමට උඩින් බඳින පටිය චයිනීස් එකක්ද
    අපේ රනිල් උන්නැහැ නම් කලිසම වැටෙනවට දමන්නෙ හොඳ ඉටැලියන බෙල්ට් එකක්.

    ReplyDelete
  3. "...කියනා දේ කරනා පුද්ගලයෙකු ලෙසම එම ව්‍යාපෘතිය නතර කල ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා.."

    අනේ සරසා ඔයත්! රනිල් අගමැති වෙච්ච් හැටියේ දෙවොස් සමුළුවට ගිහිල්ල කියන්න තිබ්බේ ඔය පරට් සිටි එකගැන විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. රනිල්ටත් ආප්පයාටත් පිට ගියාම කියන්න තියෙන්නේ මහින්ද මහත්තයා හදාපු දේවල් ගැන විතරයි හිටන්!

      Delete
    2. @ AnonymousMay 15, 2017 at 1:45 AM

      //ඒ නිසා බොරුවට මෙතන එක එකාට පුක නොදී සුපුරුදු විදිහට අම්මට හැමිනීගෙන හිටපන් ගොන් රිලව.//

      උයාට පුරුදු දේවල් මට කරන්න කියන්නෙ ඇයි පුතී? උයා බයවෙන්ඔන එපා.. මම පුක දීල උයාගෙ බඩ රස්යාසාවට කෙලින්නෙ නෑ පුතී. ඔයාට සුපුරුදු ඔයාට සුපුරුදු පරිදි පුක දෙන්න වටේටම. අපෙන් බාදාවක් නෑ පුතී. අනී, උයා කිව්මට මට උයාගෙ අම්මට හැමිනෙන්න බෑ පුතී. මම ගොන්නු ගහන්නෙ ණෑනෙ පුතී..


      බලාගෙන ගියාම දන්ගොතාට (සරස/කුමාර බලුපුක්) කඩේ යන්නෙම අම්ම විකුණලා හරී පුකදීල හරි ගොඩයන ඩෑල්නෙ. සිකේ ෂිකේ. හරීඊඊඊඊම කණගාටුයි. පුදුම වෙන්න දේකුත් නෑ... බයියොනෙ නේහ්?

      Ano 1.11.AM

      Delete
    3. ඉහත Anonymous May 15, 2017 at 3.45 AM කමෙන්ටුවේ කෑල්ලක් අමතක වුණා,

      - මේ සියල්ල අජිත් දර්මකීර්ති වන මා විසින් ලියන ලදී.

      Delete
    4. @ Ano 3.45 AM

      තොට මොංගල් ද?

      සරස මොකාද බන් මේ මන්දබුද්ධික පිස්සු හුකන්නා?

      Delete
  4. අම්මට උඩු මේ දීලා ඇදල තින්නේ.

    ReplyDelete
    Replies
    1. පටිය සහ පාර වෑයම දිනේවා!

      හොරි කසන්නන් හා දුම් පිඹින්නන් බංග වේවා!

      Delete
  5. සරස තුමාට

    (1) ඉන්දියානු ව්‍යාප්තවාදය නරකා.....යි

    (2) චීන ව්‍යාප්තවාදය හොඳා.....යි


    ReplyDelete
    Replies
    1. @ AnonymousMay 14, 2017 at 9:55 PM

      නැත

      මරාට

      (1) ඉන්දියානු ව්‍යාප්තවාදය නරකා.....යි නම් ස රස ට ද නරකාාාායි.

      (2) චීන ව්‍යාප්තවාදය හොඳා.....යි ස රස ට ද හොඳාාාායි.

      මරාට

      (1) ඉන්දියානු ව්‍යාප්තවාදය හොඳා.....යි ස රස ට ද හොඳාාාායි.

      (2) චීන ව්‍යාප්තවාදය නරකා.....යි නම් ස රස ට ද නරකාාාායි.

      සිම්පල් ප්ලෑන් එක.

      අන්ධ භක්තිය කියන්නෙ ඕකටලුනෙ හිටං.

      Delete
    2. @ Anonymous May 15, 2017 at 1:15 AM >>>>

      මගේ ඉහත කොමෙන්ටුව වැඩි දියුණු කළ ඇනෝ තුමනි,
      ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.

      Delete
    3. මේ රසිකගේ දෙබිඩි අවතාරයයි.... කිසිවක් කර කියා ගත දෙයක් නොවූ විට අවසානයට කරන්නේ මේ දෙයයි. පසුව පවසනුයේ මට අන්තර්ජාලයේ පැය 24 ම සිටිය නොහැකි බවයි. මේවා රසිකට පෙනෙන්නේ නැත.

      Delete
    4. // AnonymousMay 15, 2017 at 1:35 AM

      මේ රසිකගේ දෙබිඩි අවතාරයයි.... කිසිවක් කර කියා ගත දෙයක් නොවූ විට අවසානයට කරන්නේ මේ දෙයයි. //


      වසර හතරක් මරියකඩේ....

      හෆොයි....

      Delete
  6. දේශපාලනයේදී හොඳ කියන්නේ තමන්ගේ පැත්තට වාසි වෙන දේට. නරක කියන්නේ තමන්ට අවාසි වෙන දේට.
    සිංහලයෙක් හැටියට මටනම්.
    (1) ඉන්දියානු ව්‍යාප්තවාදය නරකා.....යි

    (2) චීන ව්‍යාප්තවාදය හොඳා.....යි

    ReplyDelete
    Replies
    1. චීන්නු නිසා ජගත් පතිරණට නිකංවත් වැවකට, ගඟකට, මුහුදට බහින්න බැරි වුණ දාට චීන්නු නරකයි කියයි.

      Delete
    2. // jagath pathiranaMay 14, 2017 at 10:49 PM

      දේශපාලනයේදී හොඳ කියන්නේ තමන්ගේ පැත්තට වාසි වෙන දේට. නරක කියන්නේ තමන්ට අවාසි වෙන දේට.
      සිංහලයෙක් හැටියට මටනම්.
      (1) ඉන්දියානු ව්‍යාප්තවාදය නරකා.....යි

      (2) චීන ව්‍යාප්තවාදය හොඳා.....යි //


      ++++++++++

      ගරු පතිරණ තුමා සමග හිස නමා එකඟ වෙමි!

      Delete
    3. ජගත්

      ඔබාමා පාලනය, යුරෝපා සංගමය සහ ඉන්දීය රජය සැලසුම් සහගතව ක්‍රියා කොට ජනමනස සකසා පිරිහී සිටි රාජපක්ෂ රෙජීමය පලවා හැර මේ ආණ්ඩුව බලයට පත් කළාට ආණ්ඩුව පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. බටහිර/ ඉන්දීය රජයන් ආණ්ඩු පෙරළිමට හා පත් කිරීමට වැඩ කළාට ආධාර දෙන්නේ නැහැ යන්න අද ප්‍රධාන කරුණක්. අද එක්සත් රාජ්‍ය (UK) ඒ බව ප්‍රසිද්ධියේ ම කියනවා. ඔවුන් ඇතැම් විටක සොච්චම් ආධාරයක් දේවි. ඒකටත් කොන්දේසි ගණනාවක් පටවනවා. ආණ්ඩුව හැමදාමත් ජී එස් පී සහනය යුරෝපා සංගමයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට. එයටත් කොන්දේසි. ඒ කොන්දේසි බොහෝ වෙලාවට දෙමළ ජාතිවාදයට කප්පන් දීම්. පාර්ලිමේන්තුවේ සම්මත වුණත් තව කාලයක් යනවා එය ක්‍රියාත්මක වෙන්න.

      රනිල්ට මේ කාරණා ජේ ආර් මාමාගෙන් දැන ගන්න තිබුණා. ජේ ආර්ට මහවැලියට ඉංගිරිසින්ගෙන් ආධාර ලැබුණත් පස්සෙ ලැබුණු දෙයක් නැහැ. ජේ ආර් ඉන්දියාවට විපක්‍ෂ වෙලා බටහිරට පක්‍ෂ වුණත් බටහිරයන් ජේ ආර් හිතූ විධියට ඉන්දියාවට විරුද්ධව හමුදා එවුවෙ නැහැ. අන්තිමේ අප ඉන්දියාවට යට වුණා. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූවා. නැති ප්‍රශ්නයකට පළාත් සභා ඊනියා විසඳුමක් ලෙස දුන්නා. ජේ ආර් මොනව බලාපොරොත්තු වුණත් බටහිරයන් ඉන්දියාව පිටුපස අපට විරුද්ධව සිටියා. මේ කරුණු සියල්ල සිංහ්ල ජාතිවාදී ප්‍රවාදවලින් තේරුම් ගන්න පුළුවන්.

      ඩිකී මාමගේ රනිල් බෑණටත් බටහිරින් එතරම් දෙයක් ලැබෙන්නෙ නැහැ. එනවයි කියපු ෆෝක්ස්වාගන් සමාගමත් එන්නෙ නැහැ. කාරයෙන් යන්න බලා සිටි අය තවමත් යන්නෙ බයිසිකලයෙන්. බටහිරින් ආධාර ලබාගන්න බලන් හිටිය එ ජා පක්‍ෂය මුග්ධ ලෙස චීනයට බැණ වැදුණා. පෝට් සිටිය නතර කරන්න කතා කළා. රුසියාවටත් ඒ හැන්දෙන් ම නැති වුණත් තරමක හැන්දකින් බෙදුවා. රනිල් බලයට පත් වුණාට පස්සෙ බටහිර ආධාර හොයා ගන්න බැරි වුණා. හරියට අන්ත දූෂිත මහින්ද කැතට පැරදුණාට පස්සෙ ටික කලක් ජී එල් ඩලස් ආදීන් හොයා ගන්න බැරි වුණා වගේ.

      රනිල්ට අකමැත්තෙන් වුණත් සිද්ධ වුණා චීනය රුසියාව වගේ රටවල් දිහාවට හැරෙන්න.

      චීනයට බැන්න රනිල්ගෙ අන්ත දූෂිත යහපාලන නඩේ චීනය ගැන ස්තෝත්‍ර කියන්න පටන් ගත්තා. චීනයේ නිලධාරීන් මැති ඇමතිවරුන් ලංකාවට යන්න එන්න වුණා. යහපාලන අයත් චීනෙ ගියා. ඒ කොන්ෆියුෂියස් දහම ඉගෙන ගන්නවත් තාඕවාදය ගැන දැනගන්නවත් නොවෙයි. චීන මහා ප්‍රාකාරය නම් බලන්න ඇති. කොහොමටත් චීනෙට බැණ බැණ හිටිය යහපාලන නඩේට චීනයේ දෙපතුල් සිප ගන්න වුණා. මා ඒ ගැන සතුටු වෙනවා නො වෙයි. ඒත් සිද්ධ වුණේ එහෙමයි.

      Delete
  7. සරස ජාත්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන් ම බලපෑම්වලින් තොර එකක් නෙමෙයි. ඒ වගේ ම කලාපීය ප්‍රධානියා වන ඉන්දියාව ලංකාව වැනි රටවල ප්‍රශ්න විසඳා ගන්නට බලපෑම් කරන එක අවශ්‍ය දෙයක්. වසර 1987දී ඉන්දියාව කළ මැදිහත් වීම තුළ අඩුපාඩු තිබුණත්, එය නිසා තමයි ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙතෙක් ඉතිහාසයේ වැදගත් ම රාජ්‍ය ප්‍රතිසංස්කරණයට හේතු වුණේ. ඒ තමයි 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා. තවමත් ලංකාවට එතනින් එහාට අඩියක් තියන්නට බැරි වුණා. ඉන්දියාව මේ කලාපයේ නායකත්වය මීට වඩා වගකීමකින් දැරිය යුතුයි.

    මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහ
    මතුගම මහා ප්‍රාඥ

    ReplyDelete
    Replies
    1. // ඉන්දියාව මේ කලාපයේ නායකත්වය මීට වඩා වගකීමකින් දැරිය යුතුයි. //



      නොදන්නා මගුල අතැඹුලක් සේ දන්නවා ලෙස මවාපාමින් කුලියට බ්ලොග් ලියනු ලැබේ...

      Delete
  8. සරස

    මීගමුව කම්මල්තොට, පෝරුතොට සිට උස්වැටකෙයියාව සහ ඇලකන්ද දක්වා මුහුදු තීරයේ ගම්මාන කිහිපයකම ධීවර ප‍්‍රජාව සිය ධිවර රැකියාවටත්, ජීවිතවලටත්, පරිසරයටත්, පොදු රටටත් දැවැන්ත විනාශයක් ගෙන දෙන පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපාරය නවතා දමන ලෙසට යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේ්ය.

    චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත්, උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය විනාශ කරමින්, මුහුදු වෙරළ අපට අහිමි වන බැවින් නීීතිි විරෝධී මෙන්ම ඉතා හානිකර මෙම සංවර්ධන ව්‍යාපෘතිය තමන් බලයට පැමිණි වහාම නවතා දමන බවට එවකට විපක්ෂ නායකව සිටි වර්තමාන අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කළේ යැයි සිහිපත් කළ උද්ඝෝෂණයේ යෙදී සිටි ධීවරයින් ”අපිට බොරුකරලා, අපෙන් ඡන්දෙ අරගෙන, බලයට පත්වුනාට පස්සේ අපිට කොකා පෙන්නුවා. ධීවර අපිට වංචා කළා” යැයි උරණවු ස්වරයෙන් ප‍්‍රකාශ කළා.

    එම විරෝධතාවයේදී ජනතාව දැක්වූ අදහස්වලින් කිහිපයක්;

    ”එහෙත්, එදා එහෙම කියපු රනිල් ප‍්‍රමුඛ ඒකාබද්ධ ආණ්ඩුව අද කියන්නේ මේ ව්‍යාපෘතියෙන් ධීවරයාට කිසිම හානියක් වෙන්නෙ නැහැ කියලා. වරාය නගරයට වැලි ගන්නේ මුහුදු වෙරලේ ඉඳලා කිලෝමීටර් 30ක් දුර ඈත මුහුදෙන් කියල පට්ටපල් බොරු කියන්නේ. ඒ එක්කම කියනවා නැව්වලින් වැලි ගන්නකොට පොඩි බාධාවක් වෙනවා, ඒකට හරියන්න ධීවර ජනතාවට රු. මිලියන 500ක වන්දියකුයි ස්වයං රැකියාවලූයි ලබා දෙනවා කියල. මේගොල්ල ඔක්කොම එකතුවෙලා ධිවරයින්ව රවට්ටනවා ධීවර කාර්යාල වලින් සැරින් සැරේ ධීවරයන්ට වන්දි ලබාදෙන බව හඟවන ආකාරයෙන් වැඩ සටහන් දියත් කරමින් ධීවර ජනතාවත් රටේ පොදු ජනතාවත් නොමග යවමින් ඉන්නේ. නමුත් ධීවරයෝ රැවටෙන්නෙ නැහැ.” (යැයි පොර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරුවකු මෙන්ම සමස්ත ලංකා ධීවර සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මාධ්‍යට ප‍්‍රකාශ කළේය.)

    ”මේ ව්‍යාපෘතිය කරන ලොකු මිනිස්සුන්ට, අගමැතිට තේරුමක් නැහැ, ලංකාව දියුණු කරන්නයි කියලා කරන්න යන මේ පොර්ට් සිටියෙන් සිද්ධවෙන්න යන විනාශය කොච්චරද කියලා. ආණ්ඩුවම කියන විධියට අවුරුදු තුනක් ධීවර කර්මාන්තයට බාධා ඇතිවෙනවලූු. ඇත්තටම වැලි ගන්නේ වෙරළේ ඉඳලා කිලෝමීටර් 2ක් දුරින්, ඒ කියන්නේ විනාශ කිරීම සිද්ධ වෙන්නේ අපි වැඩියෙන්ම රැකියාව කරන ප‍්‍රදේශවල සහ මසුන් බෝවන ස්ථානයන්වල. එතකොට මේක අපරාධයක් නෙවෙයිද?” (විරෝධතාවට එක්ව සිටි අයෙක්)

    ReplyDelete
    Replies
    1. රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශකළ අන්දමට හික්කඩුවේ සිට කල්පිටිය දක්වා ධීවරයන් සංඛ්‍යාව අසූ දහසකට අධික බවත් පානදුර සිට මීගමුව දක්වා ධීවරයන් සංඛ්‍යාව පනස්දාහකට අධික බවත් පැවසු අරුණ රොෂාන්ත, මේ ව්‍යාපෘතියෙන් හානි සිදුවෙන ධීවරයන් සංඛ්‍යාවට ආණ්ඩුව ප‍්‍රකාශ කරන ආකාරයට, වන්දිය නොහොත්, මහ මුහුද විනාශ කරමින්, අපිට නිදහසේ රැුකියාව කරගන යාමට මෙතෙක් තිබූණු නිදහස, අපගේ කැමැත්තෙන්ම නැති කර දැමීමට, චීනයෙන් ඉල්ලා දෙන්න යන පගාව, වැලි ගන්නා වසර තුනට, පානදුර ඉඳලා සිට මීගමුව දක්වා ධීවර ජනතාවට බෙදුවහම, පවුලේ හතරදෙනෙක් ඉන්නවානම්, එක්කෙනෙකුට දවසකට ලැබෙන චීන පගාව රු.3.00 කටත් අඩු මුදල්. පවුලක් සඳහා දිනකට රු. 12.00 කටත් අඩු මුදලක් ”

      ‘‘එපමණක් නොව, කලූගල් කියුබ් ලක්ෂ ගණනාවක් සඳහා විශාල ප‍්‍රමානයේ ඩයිනමයිට් පුපුරවමින් මුහුදේ කිලෝමීටර් ගනනාවක කොරල්පර හා ගල් පර විනාශකරමින් වැලි ඝන මීටර් මිලියන 100ක් පමන විශාල වලක් හැරීමට නියමිත බව ඔව්හු කියති. ධීවර කර්මාන්තය, විනාශකරමින්, රටම වනසන මෙම ව්‍යාපෘතිය යම් හෙයකින් ආණ්ඩුව කි‍්‍රයාත්මක කලහොත්, මීගමුව කලපුව හා මුහුද එකතුවීම නොවැලැක් විය හැකි කරුණක් බවත් එවන් අවස්ථාවකදී විශාල ජීවිත හානියක් සිදුවීමද නොවැලැක්විය හැකියි.‘‘

      ”අපි අද අපේ ප‍්‍රදේශවල මෙහෙම එකතුවෙලා අපේ විරෝධය ප‍්‍රකාශ කරනවා. නමුත් මේ ගොල්ල දිගින් දිගටම අපිට කොකා පෙන්නන්න නම් හදන්නේ අපි නිහඬ වෙන්නෙ නැහැ. ඉහළම විරෝධයකට යනවා.”

      ”මේ ව්‍යාපෘතිය සමස්ත දේව මැවිල්ලට ම කරනු ලබන නිග‍්‍රහයක්. විනාශයක්. මිනිස් ජිවිතවලට ඔවුන්ගේ රැකියාවන්වලට මෙන්ම පරිසරයට කරනු ලබන දැරිය නොහැකි විනාශයක්. ඊට අපට එකඟවන්නට බැහැ. ඒ නිසා මේ විරෝධාතව සමගින් එකතුවුණා” (යැයි මීගමුව කොතලාවල පාලම අසළ විරෝධතාවයට එක්වු ඇන්ග්ලිකානු සභා පියතුමෙකු වු ගරු නිශාන්ත ගුණරත්න පියතුමා ප‍්‍රකාශ කළේය.)

      ”මේක ධීවර ප‍්‍රජාවට විතරක් බලපාන ප‍්‍රශ්නයක් නෙවෙයි. ධිවරයින්ට වගේම මේ සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධවෙන පැති ගණනාවකටම විනාශයක් සිදුවෙන්නයි යන්නෙ. මුහුදේ වැළි කැනීම තුළ ප‍්‍රශ්න ගණනාවක් මතුවෙනවා. මහ මුහුදේ ස්වභාවිකව පිහිටා තිබෙන පර්වත වගේ ගල් පෙරලිලා ගියාම ඒක අතුරුපල විනාශයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ වෙරළ තිරයේ ජීවත්වෙන මිනිස්සුන්ටයි. සිද්ධ වෙන්න යන විනාශයේ බරපතලකම සියැසින් දැකගන්න පුළුවන් වෙයි මේ ව්‍යාපෘතිය දැන්වත් නොනැවැත්තුවොත්.”(යනුවෙන් සෙත්තප්පාඩුව ධිවරයින් හා එක්වෙමින් උද්ඝෝෂණයෙහ් නියැලූණු දොමිනිකානු නිකායේ ගරු මනෝජ් රසංජන පියතුමා ප‍්‍රකාශ කළා.)

      ”ඒ නිසා ධිවරයින් එක්ක උරෙන් උර ගැටිලා පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව අපි නැගි සිිටිනවා. අපි අගැමැතිගෙන් ඉල්ලා සිටිනවා, වෙච්ච පොරොන්දු ඉටුකරන්න කියලා, මේ සිද්ධවෙන්න යන විනාශය දැන්වත් තේරුම්ගන්න, රටට සල්ලි හොයන්න, රට සංවර්ධනය කරන්න ධීවර අපිව බිල්ලට දෙන්න එපා. අපේ ළමයින්ගේ ජීවිත බිල්ලට ගන්න එපා කියලා.” විරෝධතාවයට එක්ව සිටි කාන්තාවෝ ප‍්‍රකාශ කළාය).

      සරස මෙය ගරු අනුරාධා ගුණසේකර මැතිනියගේ මිතුරියක වූ ගෞරවනීය මෙලනි මානෙල් පෙරේරා මැතිනිය විසින් ලියන ලද වාර්තාවක් ඇසුරින් සංස්කරණය කළ සටහනකි.

      ඔබ කියන්නේ මේ විරෝධතා මුදල් ගෙවා ක්‍රනු ලැබූ බවද?

      Delete
    2. සරස තුමා එදාත් අදත් හෙටත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අනුමත කරනා බව කරුණාවෙන් සලකන්න.

      Delete
  9. මහින්ද පරාජය කිරීමේ ප්‍රතිවිපාක අද මහින්දට විපක්ෂය ඡන්දය දුන් අයද පක්ෂව ඡන්දය දුන් අයද විඳිමින් සිටී.

    ReplyDelete
    Replies
    1. කුරහන් මල්ලි, මහින්ද පරාජය කිරීම අනිවාර්යයෙන්ම කල යුතුව තිබුණා, ඒ ඔහුගේ 2009 - 2014 කාලය තුළ සිදුවූ අශීලාචාර ක්‍රියා තව දුරටත් වර්ධනය වෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීම වැලැක්වීමටයි.

      නමුත් ප්‍රශ්නය වූයේ ඔහු ඉවත් කොට පත්කිරීමට නිසි ආදේශකයක් නොවීමයි. මෛත්‍රීපාල වැනි කිසිම වැඩක් බැරි නාමික පාලකයෙකුටවත් රනිල් වැනි අන්ත අසාර්ථක විසුලු දේශපාලකයෙකුටවත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ආර්ථික සංවර්ධනය කිරීමත් උපායශීලීව ව්‍යක්ත ලෙස ජාත්‍යන්ත්‍රය සමග ගනුදෙනු කිරීමත් තබා එදිනෙදා සාමාන්‍ය පාලන කටයුතු තීන්දු තීරණ ගත නොහැකිව කෙළවාගෙන සිටී.

      නැවත අතීත්යට ගියොත් 2014 නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර සමග ඡන්දය පාවිච්චි කිරීමට යන විට, අවසාන තීන්දුව කුමක් වෙත් දැ යි ඔහුට පවා දැනුණු සෙයක් පෙනෙන්ට තිබුණි. ගත වූ දශකයක කාලය තුළ කිසි විටෙක එතරම් පරාජිත ස්වරූපයක් ඔහුගෙන් විද්‍යමාන වී නැත: වැඩියත්ම, මැතිවරණ දවසක දී එවැනි ස්වරූපයක් ඊට පෙර ඔහු කෙරෙන් විද්‍යමාන වී නැත. පැහැදිළිවම, ඒ දේශපාලනික ගිනි පුපුර එදා ගෙන දුන්නේ මන්දාලෝකයකි. සිංහල ජන විඥානය වඩාත් නිවැරදිව කියැවිය හැකි දේශපාලනික නායකයා යැයි ඇතැම් විට හැඳින්විය හැකි මේ මිනිසා තුළ යම් විපර්යාසයක් සිදුව ඇති සෙයක්, වසර ගණනකට පසු එදා පළමු වරට ප‍්‍රදර්ශනය විය. ඒ වන විට සිංහලයන් විසින් ඔහුව කියැවීම ආරම්භ කොට තිබුණි.

      පරාජය වූ විගසම, සියල්ල සුන් වී නැති බවක් ඔහු ඇඟවීමට බැලීය. නැවත පැමිණීමට තමාගේ සූදානමක් ඇති බවක් ඔහු ඇඟවීම නිසා ජයග‍්‍රාහී කඳවුරේ යම් කුකුසක් ඇති වන්නට ඇත. ඔහුගේ බල ප‍්‍රදේශයේ ආධාරකරුවන් සමග එදා ඔහු හැසිරුණු සැහැල්ලූ විලාසය හරහා පැරණි ‘ජනතා දේශපාලඥයා’ තවමත් ඔහු තුළ සිටි බවක් පෙන්නුම් කෙරුණි. ජනතාව සමග ඔහු යෙදුණු ඒ කෙටි සංවාදය තුළත්, අනතුරුව කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ඔහු පැමිණීම තුළත් විශේෂ ලක්ෂණ දෙකක් දැක ගත හැකි විය.

      පළමුව, පරාජයකට ඇති ඉඩකඩ දරා ගැනීමට මැතිවරණයට පෙර සිටම පවා ඔහු තුළ සූදානමක් තිබුණු සෙයක්, ආපසු හැරී බලන විට පෙනෙන්ට නැතුවා නොවේ. මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහුගේ දේහ හැසිරීම ඊට සාක්ෂියකි. ඒ නිසාම, ඔහුට මැතිවරණයෙන් පසුව ඉතා වේගයෙන් පරාජයට අනුගත විය හැකි විය. දෙවැන්න වන්නේ, 2009 සිට ඔහුගේ පරාභවයට එක් මූලික සාධකයක් වශයෙන් තමාගේ පවුල හේතු වී ඇති බවක් අවසානයේ ඔහු පිළිගෙන ඇති සෙයක් ද පෙනෙන්ට තිබුණි. මන්ද යත්, මැතිවරණයෙන් පසුව ජනතාව සමග කතාබහ කිරීමේදී ඔහු සිටියේ තනියෙන් වන බැවිනි. ඔහුගේ සහෝදරයන් සහ පුතුන් එතැන සිටියේ නැත. එය බොහෝ විට 2005 ට පෙර සිටි මහින්ද රාජපක්ෂ වශයෙන් ආපසු නැගිටීමක් ඔහුගෙන් පෙන්නුම් කෙරුණු සෙයකි. එය, බරපතල සේ සැලකිල්ලට ගත යුතු තත්වයක් සේ සිරිසේන/වික‍්‍රමසිංහ කඳවුරට දැනෙන්ට ඇති.

      එහෙත් කුරහන් හේනේ මල් මල්ලී මේ සියල්ල සිදුවුණේ හිටිහැටියේ ය. එම ක‍්‍රියාවලිය තුළ, ජාතිවාදී තුරුම්පුව පාවිච්චි කිරීමේ වැරදි ආස්ථානයට මහින්ද පිවිසියේය. මෛත‍්‍රීපාල සිරිසේන දින්නේ ‘ඊලාම්’ ඡුන්දවලින් යැයි ඔහු තම ආධාරකරුවන්ට කීවේය. එයින් තහවුරු කෙරුණේ, ජනාධිපතිවරණයෙන් ජයගෙන බලයට පැමිණි මහින්ද රාජපක්ෂ කෙනෙකුට වඩා දැන් දේශපාලනයට පිවිසීමට තතනන මහින්ද රාජපක්ෂ බෙහෙවින් හානිකර විය හැකි බවට කවදත් පැවති අඩමානයයි.

      ඊළඟට ඔහු බරපතලම වැරැුද්දත් කෙළේය: තමාගේ අභිලාෂය ගැන සිරිසේන/වික‍්‍රමසිංහ කඳවුරට එසේ පැහැදිළි කර දීම හේතුවෙන් ඊට ප‍්‍රති-උපාය මාර්ගයක ඇති වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය. ‘කුමන්ත‍්‍රණ’ චෝදනාව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්ෂණික නායකත්ව වෙනස, ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව දූෂණ චෝදනා ඉදිරිපත් වීම සහ රාජපක්ෂලාගේ හැටි තව තවත් රටට අනාවරණය කර දීමේ ව්‍යායාමයන් ආදිය කරළියට එන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. කොටින්ම, මෙහි ඇති ලොකුම උත්ප‍්‍රාසය වන්නේ, ඔහුගේ පුනරාගමනයක් වැළැක්වීම, තවත් ප‍්‍රභාකරන් කෙනෙකුගේ පුනරාගමනයක් වැළැක්වීම තරමට වැදගත් යැයි සිතන තත්වයකට, (විශේෂයෙන් ජාතිකවාදී නැඹුරුවක් ඇති) ඇතැම් දේශපාලඥයන්ව ඔහු විසින්ම තල්ලූ කරනු ලැබීමයි.

      Continue...

      Delete
    2. මේ අසරණ තත්වයට මහින්ද සහ එම රෙජිමය වැට්ටවීමම, ඔවුන්ට එරෙහිව බලමුළු ගැන්වුණු දේශපාලනික බලවේගවල විශිෂ්ඨ සාර්ථකත්වයකි. එය, ඉතා නිර්භය සහ භයානක දේශපාලන ඔට්ටුවක් හරහා ලබා ගත් ජයකි. මෙහිදී කාරණා දෙකක් මතක තබා ගත යුතුය:

      පළමුවැන්න වන්නේ,

      මහින්දගේ පරාජය සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉමහත් සම්මාදමක් කළ මුත්, සිංහල ඡන්දදායකයාගේ අනුමැතියත් නොතිබුණි නම් මෛතීපාලට ජයග‍්‍රහණයක් අත්කරගත නොහැකි වන බවයි.

      මහින්ද පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටි සිංහල අතිබහුතරයක් සහිත පොලීසිය සහ හමුදාව ඇතුළු රාජ්‍ය සේවකයෝ එසේ මහින්දට විරුද්ධව ඡුන්දය පාවිච්චි කළ පිරිස් අතර කැපී පෙනෙති. වෙනත් වචනවලින් කිවහොත්, දෙමළ ඡන්ද තීරණාත්මක වන්නේ, සිංහල ඡන්ද පදනමේ පැහැදිළි වෙනසක් තුළ මිස රික්තයක් තුළ නොවන බවයි. (එයම අනිත් පැත්තටත් එසේම ය).

      තවද, එකී සිංහල ඡන්ද පදනමේ වෙනස ඇති වුණේ රාජපක්ෂ පාලනය ගැන දකුණේ දේශපාලනය තුළ කෙරුණු විවේචනය මත පදනම්ව මිස, දෙමළ පාර්ශ්වයෙන් රාජපක්ෂ පාලනය ගැන කරන ලද විවේචනයක් මත පදනම්ව නොවේ.

      දෙවැන්න වන්නේ,

      මහින්ද අරා සිටි සහ ඔහුට රැකවරණය සැපයූ ඔහුගේත්, ඔහුගේ පවුලේ සහ ඔහුගේ තන්ත‍්‍රයේත් අපරාජිත භාවය ගැන එතෙක් පැවති මිථ්‍යාව මෙහිදී සුනුවිසුණු වීමයි. මේ මිථ්‍යාව නිර්මාණය කිරීමේදී ඔහුට සහාය වූ පිරිස් බොහෝ ය. ඔහු වටා සිටි අන්තේවාසිකයෝ ද, මාධ්‍ය ද, දේශපාලන කණ්ඩායම් කිහිපයක් ද, තමන් විසින් නිමවමින් සිටි ඒ මිථ්‍යාවේම ගැලෙමින් සහ එයින් ස්වයං-මෝහනයට පත්වෙමින් සිටි විශ්ලේෂකයෝ ගණනාවක් ද ඒ අතර වූහ. මහින්ද සඳහා වූ ඔවුන්ගේ සහායත්, (ඊට අනුරූපිව මහින්දගෙන් සැපයුණු තල්ලූවත්), විටෙක මෙහෙයැවුණේ, මැතිවරණමය වශයෙන් මොන විදිහකින්වත් මහින්දව පරාජය කළ නොහැකිය යන උද්ධච්ච සිතිවිල්ලෙනි.

      අපරාජිත භාවය පිළිබඳ මිථ්‍යාව, 2009 දී මෙන්, තිරශ්චීන ආකාරයෙන් නම් සුනුවිසුණු විය හැකි බව ඔවුන් දැන සිටින්ට ඇති. එහෙත්, ප‍්‍රජාතන්ත‍්‍රීය ආකාරයෙනුත් එය බිඳලීමේ ශක්‍යතාවක් ඇති බව, මෝඩයන් සේ ඔවුහූ නොතකා උන්හ.

      කෙසේ වෙතත්, මේ තත්වය තුළ දැන් මතුවන වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ, අඩමානයෙන් පිරි මේ අවිනිශ්චිත කාලයේ බලය තහවුරු කරගන්නේ කෙසේද යන්නයි. එය, අනාගත දේශපාලනයට සහ රටට අත්‍යාවශ්‍ය කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ විභවයන්ට බලපෑම් ඇති කරනවා සිකුරුයි.

      Delete
    3. // කුරහන් හේනේ මල් මල්ලීMay 15, 2017 at 2:45 AM

      මහින්ද පරාජය කිරීමේ ප්‍රතිවිපාක අද මහින්දට විපක්ෂය ඡන්දය දුන් අයද පක්ෂව ඡන්දය දුන් අයද විඳිමින් සිටී. //



      උත්තරේ සරලයි ගරු කුරහන් මල්ලි තුමෝ!

      Delete
    4. // නමුත් ප්‍රශ්නය වූයේ ඔහු ඉවත් කොට පත්කිරීමට නිසි ආදේශකයක් නොවීමයි. මෛත්‍රීපාල වැනි කිසිම වැඩක් බැරි නාමික පාලකයෙකුටවත් රනිල් වැනි අන්ත අසාර්ථක විසුලු දේශපාලකයෙකුටවත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ආර්ථික සංවර්ධනය කිරීමත් උපායශීලීව ව්‍යක්ත ලෙස ජාත්‍යන්ත්‍රය සමග ගනුදෙනු කිරීමත් තබා එදිනෙදා සාමාන්‍ය පාලන කටයුතු තීන්දු තීරණ ගත නොහැකිව කෙළවාගෙන සිටී. //


      හෆොයි!

      Delete
  10. සරස නොහොත් ආචාර්ය කුමාර කලුආරච්චි

    වත්මන් දේශපාලන තත්වය පිළිබඳ මගේ කියවීම මෙසේයි. 2017 මැයි මස මුල සිට ගතහොත් වර්තමාන "යහපාලන" සභාග රජයේ හෝ විපක්ෂයේ නායකයෝ කිසිවෙක් හෝ කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබනු ඇතැයි කිසිසේත්ම නොසිතූහ.

    ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සුළු ජනසහභාගීත්වයක් පවතිනු ඇතැයි සිතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ඉල්ලීම අනුව රැලිය පැවැත්වීම සදහා කොළඹ කොටුව ආසන්න මුහුදු තීරය ඔස්සේ දිවෙන සුවිශාල බිම් කඩක් වන ගාලුමුවදොර පිටිය ඒකාබද්ධ විපක්ෂය වෙත ලබාදුන්නේය. ඊට අමතරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය මාර්ගයෙන් අවශ්‍ය ඉහළම පියවර ගැනීමට ඔහුට අවැසි විය.

    අගමැතිවරයා හමුවේ දෙවැනි තැනට පත්වීමට අකැමැති වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන දින කිහිපයකට පසු අගමැතිවරයා හා එකගවෙමින් අදහස් දක්වා සිටියේ මෙවර මැයි දින රැලියට සැලකිය යුතු මට්ටමේ ජන සහභාගීත්වයක් තහවුරු කිරීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාවක් නොමැති බවය. එමෙන්ම ජනපතිවරයා අවධාරණය කර සිටියේ ගාලුමුවදොර පිටිය ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සදහා ලබාගැනීමට අනුමැතිය දුන්නේ තමා බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම සහ පළාත් සභා ඇමැතිවරුන් කිහිපදනෙකු සහභාගීව සිටි රැස්වීමක දී ඔහු මේ බව කීවේය. ගාලුමුවදොර පිටියේ හිස් තැන් රැසක් පවතිනු ඇතැයි දෙදෙනගේම විශ්වාසය විය. එනිසා දෙදෙනම උත්සාහ කළේ එය හුවා දක්වා රාජපක්ෂ අපහසුතාවට පත්කිරීමට සැලසුම් කළේ තමන් බව පෙන්වාදීමට ය.

    රජයේ බුද්ධි අංශවලින් වාර්තා ලබා ගැනීමට සහ බිම් මට්ටමේ පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් තොරතුරු විමසීමට ජනපතිවරයා හා අගමැතිවරයා යන දෙදෙනාටම අවස්ථාව තිබුණ ද, ඔවුන් දෙදෙනම ඒකාබද්ධ විපක්ෂයේ ශක්තිය අවතක්සේරු කර තිබිණ. ඒකාබද්ධ විපක්ෂය මේ සා ශක්තිමක් වීම පුදුමයට කාරණයක් ද නොවේ.

    රජය බලයට පත්ව වසර දෙක හමාරක් ගතව ඇතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායමේ නිලනොලත් නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ දක්වාම රටේ පවතින බරපතළ අර්බුදයක් අරබයා රජයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර නොමැත. ප්‍රසිද්ධ වේදිකාවන් හි රජය විවේචනය කිරීම හැරෙන්නට ඔහු කළ දෙයක් නැත. එසේවුව ද, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පරිසරය ඔහුට වාසි වන අයුරින් සකස්ව තිබෙනු හදුනාගත හැකිය.

    රජයේ නොයෙක් අකටයුතුකම්, අතපසුකිරීම්, ඉහළ යන ජීවන වියදම, වංචා හා දුූෂණ ගැන නැගෙන චෝදනා, ආදිය රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමට ජනතාවගෙන් බෝනස් ලකුණු හිමිකර දී ඇත. දේශපාලන කොටස් වෙළෙඳපොළේ ඒකාබද්ධ විපක්ෂයේ කොටස්වලට දැන් ඉහළ වටිනාකමක් හිමිය.

    රාජපක්ෂ පාලන සමය හා සමානවම රාජපක්ෂ හිතවාදීහු අදටත් ක්‍රියාත්මක බව රාජ්‍ය විමර්ශන අංශවල ඇතැම් ප්‍රධානීහු පවසන්නෝ ය. බරපතළ වංචා හා දුූෂණ චෝදනා එල්ල වූ හිටපු රෙජීමයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් වත්මන් රජය මේ දක්වා ගෙන ඇති පියවර පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. මෙය දැන් ජනතාව ද අවබෝධ කරගෙන සිටිති. හිටපු රජයේ නායකයන්ට චෝදනා පිට චෝදනා එල්ල කළ ද, ඒ හා සමානව එම චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්ව තිබීම හමුවේ ජනතාවගේ හැගීම වන්නේ එදා මැතිවරණ වේදිකාවේ සිදුව ඇත්තේ මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවය. එනිසාවෙන්ම හිටපු රජයේ නායකයන් ඔවුන්ගේ අනුකම්පාව දිනාගෙන ඇත. මෙවන් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානම හේතුව වන්නේ රජයේම ඇතිව තිබෙන බෙදීම්ය. කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් පියවර ගැනීමට එක් පාර්ශවයකට දැඩි වුවමනාවක් තිබුණ ද අනෙක් පාර්ශවය ඊට අකැමැතිය.

    TBC

    ReplyDelete
    Replies
    1. Cont'd...

      නමුත් සාරස අනෙක් පසින් ගත්තොත්ද රැලියේ ජන සහභාගීත්වය පිළිබදව රාජපක්ෂට තිබුණේ ද සැකයකි. මෙනිසා ඔහුට අවැසි වූයේ ජනතාව සුළු ප්‍රමාණයක් හෝ රැස්වුව ද එය විශාල ප්‍රමාණයක් ලෙස පෙනෙන අයුරින් ගාලුමුවදොර පිටිය මැදට වන්නට වේදිකාව ඉදිකර, එය දෙපසට ජනතාව එක්රැස් කිරීමට ය. එහෙත් පොලිසිය ඊට අකමැති විය. ඔවුන් දැඩිව කියා සිටියේ වේදිකාව පිටියේ එක් අන්තයක ඉදිකළ යුතුම බවය.

      සදුදා රැය වන විට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියේ ජන සහභාගීත්වය පිළිබදව ලැබුණු පුවත් හමුවේ රජයේ නායකයෝ තැතිගත්හ. අමුතුවෙන් නොකිව යුතු හේතු නිසාවෙන්ම නමින් තමන් හදුන්වාදෙනවාට අකමැති වූ එක්තරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයකු සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ මෙලෙසය.

      “නොහිතපු විදිහට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට අති විශාල ජනකායක් සහභාගී වෙලා හිටියා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ජනතාව අතර රජය විරෝධී හැගීමක් තිබෙනවාය කියන එක. අප එය පිළිගත යුතුම වෙනවා."

      "මේක ඇත්තටම අපට, අපේ ඉදිරි කටයුතු ගැන හොදට හිතන්න අවස්ථාවක්. මේ තත්ත්වය අප කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නැහැ. විශාල ජනසහභාගීත්වයක් තහවුරු කිරීමටත්, හොද මාධ්‍ය භාවිතයක් පවත්වාගැනීමටත් ඒකාබද්ධ විපක්ෂයට තිබෙන හැකියාවෙන් හොදින්ම පෙනී යනවා ඔවුන් සුළුකොට නොතැකිය යුතු බලවේගයක් බව. එක එක්කෙනා විවේචනය කරගන්නේ නැතිව දැන්වත් අපේ කට්ටිය එකතුවෙලා වැඩකළ යුතුව තිබෙනවා....“

      TBC

      Delete
    2. Cont'd...

      සාරස දකින්න ඇති වත්මන් රජය වෙනුවෙන් පෙනීසිටින බ්ලොග්කරුවන් ඇතුළු මාධ්‍යකරුවන් මැයි රැලිවල ජනසහභාගීත්වය ගැන විවිධාකාර විසුලු කතා කියා මුග්ධ පෝස්ටු දමනවා. නමුත් මිනින්දෝරු ජනරාල් පී.එම්.පී. උදයකාන්ත මහතාට අනුව ගාලුමුවදොර පිටියේ (යාබද මාර්ග ද ඇතුළත්ව) මුළු වපසරිය අක්කර 18කි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පැවැති කැම්බල් පිටියේ මුළු වපසරිය අක්කර 03 කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැති මහනුවර ගැටඹේ නගරසභා ක්‍රීඩාංගණයේ වපසරිය අක්කර 2.5 කි. මේ අනුව එක් එක් රැලියට කොපමණ ජනතාවක් සහභාගීවන්නට ඇතිදැයි යම් අදහසක් ගත හැකිය. ඒකාබද්ධ විපක්ෂයට ගාලුමුවදොර පිටිය ලබාදීමේ අගමැති + ජනපති යටි අරමුණ ද මෙයින්ම පැහැදිලි වේ.

      රජයේ බුද්ධි අංශවල ඇස්තමේන්තුවලට අනුව ගාලුමුවදොර පිටියේ මැයි රැලියට ලක්ෂයකට අධික ජනතාවක් සහභාගීව ඇත. එය 2015 වසරේ ලෝක කතෝලික සභාවේ නායක ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ අංගයක් ලෙස උන්වහන්සේ ගාලුමුවදොර පිටියේ පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවේ ජන සහභාගීත්වය පරදන තරමේ ප්‍රමාණයකි. දේව මෙහෙය අවස්ථාවේ ගාලුමුවදොර පිටිය ආසන්න මාර්ග උන්වහන්සේගේ ආරක්ෂක රථ වෙනුවෙන් වෙන්කර තිබූ අතර, ඒකාබද්ධ විපක්ෂ රැලිය අවස්ථාවේ දී එම මාර්ගය ද අත්පත් කරගෙන සිටියේ ජනතාවය. මේ නිසා සැබෑ ප්‍රමාණය 250,000 ක් පමණ විය හැකි බව අපේ අදහසයි.

      බුද්ධි අංශ ඇස්තමේන්තුවලට අනුව කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ ජන සහභාගීත්වය 25,000කට ආසන්නය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැටඹේ රැලියේ ජන සහභාගීත්වය 14,000ක් පමණය.

      එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට ජන සහභාගීත්වය තහවුරු කිරීමට මනා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනු හදුනාගත හැකිවිය. රැලියට ජනතාව රැගෙන ආ බස්රථ සෑම එකකම සවිකර තිබුණේ එකම පාඨය රැගත් බැනරය. ඒවා වෙනස් වූයේ ජනතාව නියෝජනය කරන ප්‍රදේශයට අදාළ වන සංවිධායකවරයාගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නම්වලින් පමණක්ය. එසේවුවද මීගමුව ප්‍රදේශයෙන් පැමිණි බස්රථ රැසක ආසන අඩක්ම පාහේ හිස්ව තිබෙනු දැකගත හැකිවූ අතර එයට ප්‍රධානම හේතුව විය හැක්කේ එම බස්රථ කොළඹට පිවිසීම සදහා අධිවේගී මාර්ගය භාවිතා කිරීමය. අධිවේගී මාර්ගය භාවිතා කිරීම සදහා එම බස්රථවලින් ගාස්තු අයකිරීමක් සිදුනොවීය. කිසියම් හේතුවක් නිසා ඇතිවූ අසංවිධානාත්මක තත්ත්වයක් හමුවේ ගැටඹේ රැලියේ ජන සහභාගීත්වය අපේක්ෂිතව සිටි මට්ටමට වඩා අවම විය. පෙර අවස්ථාවක පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ජනතාව ගෙන ඒමට තමා බස්රථ 2,000ක් සදහා ගෙවීම් සිදුකළ බවට කර තිබූ ප්‍රකාශය පදනම් විරහිත බව ඒ හමුවේ පැහැදිලි විය. ඒ අයුරින්ම ඔහු කටයුතු කර තිබුණේ නම්, රජයට තමන් සන්තකයේ ඇති සම්පත් සලකන විට පහසුවෙන්ම ලක්ෂයකට අධික ජනතාවක් ගැටඹේ රැලියට සහභාගීකරවීමට හැකියාව තිබිණ. අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ මෙයයි.

      රජයේ නායකයෝ කලබලයට පත්ව සිටින්නේ ගාලුමුවදොර පිටියේ ජන සහභාගීත්වය නිසා පමණක්ම නොවේ. රැලියක ඉහළ ජන සහභාගීත්වයකින් එම පක්ෂයට මැතිවරණයක දී හිමිවන ඡන්ද ප්‍රමාණය නිරූපණය නොවන බව එදා ඔවුන්ගේ මතය විය. එහෙත් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අමාත්‍යවරයකු සදහන් කළ පරිදි රටේ රජය විරෝධී ජනමතයක් ඇතිවෙමින් තිබෙන පැහැදිලි සලකුණු දැන් හදුනාගත හැකිය. තවත් වචන වලින් කියතොත් සිරිසේන + වික්‍රමසිංහ දීගය ගැන බහුතර ජනතාවගේ කිසිදු මනාපයක් දැන් නැත.

      TBC

      Delete
    3. එමෙන්ම සාරස දකින්න ඇති ජන පදනමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නින්දාවට ලක්වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස එහි පදනම සකසා ගැනීමට සමත්ව සිටී. ඒ හමුවේ ජනපති සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පල්ලම් බැස ඇත. ඉදිරි සති කිහිපයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන පක්ෂයේ ආසන සංවිධායකයන් මාරු කිරීමේ කටයුතුවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දී තිබෙන මෙම තත්ත්වය බැරෑරුම් ලෙස සැළකිල්ලට ගැනෙනු දැකගත හැකිවනු ඇත. උද්ගතව තිබෙන අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්ෂයට ශක්තිමත්ව සිටීමට හැකිනම්, අභ්‍යන්තර ගැටලුවලට සාර්ථකව මුහුණදිය හැකිනම්, වත්මන් දේශපාලන කෙත් ඵලදාව නෙළා ගනු ඇත්තේ ඔවුන්ය. නමුත් අතිශය දුර්වල රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය හමුවේ මෙය යථාර්ත්යක් වීම සැක සහිතය.

      ගාලුමුවදොර රැලියට ජනතාව පැමිණ සිටියේ පෞද්ගලිකව කුලියට ගෙන තිබූ බස්රථවල සහ වෙනත් කුඩා වාහනවලිනි. රජයේ වාහන කුලියට ලබාගැනීම සදහා අවකාශයක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබීමට මෙයට හේතුව විය. ඒකාබද්ධ විපක්ෂයේ නැගීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කලබලයට පත්ව සිටිති. ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පෞද්ගලිකව අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට පක්ෂ නායකත්වය හමුවීමට පවා අවස්ථාව නොලැබෙන බවය. මේ අතර හිටපු රජයේ ඉහළ අමාත්‍යාංශයක් හෙබ වූ, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු ඔහුගේ හිතෛෂීන් සමග පසුගිය සතියේ කියා තිබුණේ උද්ගතව තිබෙන තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් තමා දේශපාලනයෙන් ඉවත්වන බවය.

      ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට රජය දැක්වූ ප්‍රතිචාරය කිසිවකුත් අපේක්ෂා නොකළ මට්ටමේ විය. රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කිරීමට අගමැති වික්‍රමසිංහට වුවමනා වූවා නම්, ජනපති සිරිසේන අනුගමනය කළේ ඊට හාත්පසින්ම වෙනස් පිළිවෙතකි. රාජපක්ෂගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි නියෝජ්‍ය පොලිස් සාමාන්‍යාධිකාරවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 42 දෙනකු ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කළේය.

      “ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා ලිපියක් එවා තිබුණා පොලිස් නිලධාරීන් ඉවත් කරගන්නා බව දන්වලා. ලියුම ආවේ අගහරුවාදා සවස පහත් පහුවෙලා. පහුවෙනිදා උදේ නවය වෙනකොට මගේ ආරක්ෂක කටයුතුවලින් ඉවත් වෙන ලෙස එම නිලධාරීන්ට දන්වලා තිබුණා. මම මගේ පෞද්ගලික ආරක්ෂක කටයුතු ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න කැමැති නැහැ. ඒත් මැයි දිනයට පස්සේ මගේ ජීවිතයට තියෙන තර්ජන අඩුවෙලා කියලා රජය තීරණය කළේ නොහොම ද? මට නම් තේරෙන්නේ නැහැ. එකම දෙය මේ නම් දේශපාලන පළිගැනීමක් තමයි.“ හිටපු ජනපතිවරයා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

      ගාලුමුවදොර පිටියේ මැයි රැලිය පසු පැවැති කැබිනට් මණ්ඩල හමුවේ ප්‍රධාන මාතෘකාව විය. එය මෙහෙයවූයේ ජනපති සිරිසේනය. අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී තමා පිළිබද සදහන් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න නොමනා අදහස් දැක්වීමක නිරතව තිබෙන බවට චෝදනා කළේය. අමාත්‍ය සරත් ෆොන්සේකා ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ජනපතිවරයාගේ අවධානයට ලක්විය.

      TBC

      Delete
    4. එමෙන්ම සාරස සාරාංශ කොට ගත්විට කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් රාජිත සේනාරත්න පවසා සිටියේ මෙයයි.

      “මේ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය බලතල සරත් ෆොන්සේකාට ලබාදෙන බව ජනපතිවරයා මෑතක දී පවසා තිබෙනවා. එන්නේ සරත් කියලා දැනගත්තහම, රාජපක්ෂලා බය වුණා. ඒ එක්කම ඉන්නවා ජෝන්. අපේ ජෝන් අමරතුංග නෙවෙයි. මම මේ කියන්නේ අනෙක් පැත්තේ ඉන්න ජෝන් ගැන. එයා කලබල වුණා. ඊට පස්සේ එයා යනවා රත්නපුර. ගිහිල්ලා කියනවා තවත් මාසයකින් මහින්ද එක්ක එකතුවෙන බව. එයා කැබිනට්ටුවට එනවා. ඒත් එක කකුලක් තියාගෙන ඉන්නේ අනෙක් පැත්තේ. අපි ඒ වගේ අය සම්බන්ධයෙන් කටයුතු කරනවා..“

      සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය මෙවැනි විය.

      “කොටි සංවිධානය පරාජය කරලා සති දෙකක් ගියාට පස්සේ යුද අපරාධ චෝදනා ලබලා ඉන්න අයට දඬුවම් කරන බවට එදා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් එක්ක රාජපක්ෂ එකගතාවකට පැමිණියා. ඊට පස්සේ එයා කියන්න ගත්තා ආරක්ෂක අංශවල එක සාමාජිකයෙකුට හරි යුද අපරාධ චෝදනා එල්ල කළොත් තමන්ම විදුලි පුටුවට යනවා කියලා. ඒ කරපු ද්‍රෝහිකම්වලට හරිනම් විදුලි පුටුවට නෙවේ යවන්න ඕනෑ. රාජපක්ෂ එල්ලන්න ඕනේ. එයාගේ සාටකයෙන්ම.“

      රාජපක්ෂ සමග හෝ එම කණ්ඩායම සමග හෝ තමාට කිසිදු සබදතාවක් නොමැති බව ජෝන් සෙනෙවිරත්න පැවසුවේ ය. සේනාරත්නගේ ප්‍රකාශය පදනම් විරහිත බවත් තමා සිටින්නේ රජය සමග බවත් ඔහු අවධාරණය කළේය. මාස කිහිපයකට පෙර සිදුකරන ලද හෘද සැත්කමක් සම්බන්ධයෙන් පසුවිපරමක් සිදුකිරීම සදහා සිංගප්පූරුව බලා ගොස් සිටි බැවින් සේනාරත්න කැබිනට් හමුවට සහභාගීව නොසිටියේ ය. අමාත්‍ය දයාසිරි ජයසේකර අදහස් දක්වමින් පෞද්ගලික මට්ටමෙන් එල්ල කෙරෙන ප්‍රහාර වහාම නැවතිය යුතුව තිබෙන බව පැවසුවේය. එහිදී හඬ අවදි කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර, රජයේ අවධානය රාජපක්ෂ කෙරේ නොව කළ යුතුව තිබෙන දේ ගැන පමණක් යොමුවිය යුතු බව පෙන්වා දුන්නේය.

      සෙනෙවිරත්නගේ අදහස් දැක්වීම හමුවේ ගාලුමුවදොර රැලිය සම්බන්ධයෙන් ඒ වන විටත් සිතුවිලි අතර පැටලී සිටි ජනපති සිරිසේන තවත් සිත්තැවුලට පත්විය. රජයේ ප්‍රධාන පාර්ශව දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම මෙලෙස එකිනෙකාට චෝදනා නගා ගනිමින් සිටිනු ඇතැයි ඔහු බිය විය.

      සමරවීර හා එකගවෙමින් අදහස් දැක්වූ ජනපතිවරයා එකිනෙකා විවේචනය කිරීමෙන් අත්වන කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව අවධාරණය කළේය. වත්මන් රජය ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බවත්, එකිනෙකා විවේචනය කරගැනීමෙන් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ කදවුර තවත් ශක්තිමත් වීම බවත් ඔහු කීවේය.

      ගැටඹේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සැලකිය යුතු ජනතාවක් සහභාගීව සිටි බව ජනපතිවරයා පැවසුවේය. පසුගිය වසරේ ගාල්ලේ පැවැති මැයි රැලියට වඩා වැඩි ජනතාවක් මෙවර සහභාගීව සිටි බව ඔහුගේ අදහස විය. සමරවීර අදහස් දක්වමින් මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට ද පසුගිය වසරට වඩා වැඩි ජනතාවක් සහභාගීව සිටි බව කීවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට අතිවිශාල ජනතාවක් පැමිණි බවත්, රැස්වීම පැවැත්වෙන අතරවාරයේ පවා අන්ත දෙකකින් ජනතාව රැස්වීම් භූමියට පැමිණි බවත්, අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ ය. අනතුරුව නැවත වරක් හඩ අවදි කළ ජනපතිවරයා, සේනාරත්න සහ ෆොන්සේකා යන අමාත්‍යවරුන් දෙපළගේ ප්‍රකාශ ගැන තමා අතිශයින් කනගාටු වන බව කියා සිටියේ ය. වහාම හඩ අවදි කළ එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, තමන් හෝ තම පක්ෂය හෝ එම අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ වෙනුවෙන් පෙනී නොසිටින බව අවධාරණය කළේ ය. සිත් රිදවීමක් සිදුවිණි නම් පක්ෂය වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බව සමරවික්‍රම පැවසුවේ ය. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී සමරවික්‍රම මෙම කරුණ ඉස්මතු කළේ ය. ඒ දක්වාම සේනාරත්නට හා ෆොන්සේකාට ඔවුන්ගේ ප්‍රකාශ හමුවේ උද්ගතව තිබූ තත්ත්වය පිළිබද දැනුම් දීමක් සිදුකර නොතිබිණි.

      TBC

      Delete
    5. Cont'd...

      එමෙන්ම සාරස කෙටියෙන් ගත්විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කවුන්සිලයක් දෙපාර්ශවය අතර ඇති වෙනස්කම් හා ගැටලු පිළිබද සාකච්ඡා කරන බව ජනපති සිරිසේන දනී. මෙම සාකච්ඡා ඇතැම් අවස්ථාවල දී දෙපාර්ශවයම එකග නොවන ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් ද පැවැත්වේ. ඊට අමතරව ජනපතිවරයා සෑම කැබිනට් මණ්ඩල රැස්වීමකට පෙරම අගමැති වික්‍රමසිංහ හමුව සාකච්ඡාවක යෙදේ. දැන් ජනපතිවරයාගේ වුවමනාව වන්නේ තෙවැනි යාන්ත්‍රණයක් ද මේ අතරට ගෙන ඒමය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර රැස්වීම් පැවැත්වීම ඔහුගේ සැලැස්මයි. මෙලෙස රැස්වීම් පැවැත්වීමෙන් දෙපාර්ශ්වය අතර ගැටලු හදුනාගැනීමටත්, ඒවාට විසදුම් සොයාගැනීමටත් මනා අවකාශයක් ලැබෙනු ඇතැයි ජනපතිවරයාගේ විශ්වාසයයි. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් අතර රැස්වීම් පැවැත්වෙනුයේ වෙන වෙනමය.

      රටේ නැගෙමින් පවතින වැඩ වර්ජන රැල්ල පිළිබදව අදහස් දැක්වූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එවන් කටයුතු පිළිබදව අධ්‍යයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවක් පිහිටුවීම සුදුසු බවත්, එහි සාමාජිකයකු හෝ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට තමා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන බව කියා සිටියේ ය. එයට පිළිතුරු දුන් ජනපතිවරයා එසේ නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරු හෙබවීමට කැමැතිදැයි ෆොන්සේකාගෙන් විමසා සිටියේ ය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවන්නේ ආරක්ෂක අංශ වල ජ්‍යෙෂ්ඨතම හා උසස්ම සාමාජිකයා වන අතර, ඔහු යටතට යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ මෙහෙයුම් කටයුතුවල අවශ්‍යතාව අනුව පොලිසිය ද, අයත්ය. අතීතයේ කිසිදු අවස්ථාවක දේශපාලනඥයකුට මෙම තනතුර ලබා දී නැත.

      විහිළුවක් පමණක් විය හැකි වුව ද, එසේ නොවිය හැකි වුව ද, ජනපතිවරයාගේ අදහස වන්නේ ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු හමුදාපතිවරයා ලවා හෝ වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ එම කටයුතු මෙහෙයවන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම බව පෙනී ගියේ ය. අනතුරුව ගැනුණු පියවර කිහිපය සැලකීමේ දී ජනපතිවරයාගේ ප්‍රකාශය විහිළුවක්ම නොවන බව පැහැදිලි විය. අමාත්‍යවරුන්ගෙන් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවත් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩලය අවසානයේ තීරණය කළේ ය. එයට පත්වන්නේ කවුරුන් ද යන්න ජනපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදේශනය යටතේ තීරණය කැරෙනු ඇත. වැඩ වර්ජන අවස්ථාවක දී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගැනීම මෙම කමිටුවේ වගකීමයි. පසුගිය සෙනසුරාදා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද සමරසිංහ මෙම කමිටුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කළ අතර, කමිටුව සදහා තවමත් නමක් හදුන්වා දී නොමැති බවද ඔහු කීවේ ය.

      TBC

      Delete
    6. Cont'd...

      සාරසට මතක ඇති රාජිත සේනාරත්න තවත් දුරකට ගිය බව. කැබිනට් මණ්ඩල හමුවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේ දී සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට තීරණය කෙරුණු බව ඔහු කියා සිටියේ ය. ෆොන්සේකා ද මෙය සැබෑවක් ලෙස සැලකූ බව පෙනී ගියේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ වැනි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුස්සා ලෙස ඔහු තමන්වම මාධ්‍ය ඔස්සේ හදුන්වාදීමට පටන් ගත් නිසාය.

      මෙයත් සමග ආරක්ෂක අංශ, පොලිසිය, කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සහ විපක්ෂ දේශපාලන පක්ෂ අන්දුන්කුන්දුන් විය. බොහෝ දෙනා එය යහපත් තීරණයක් ලෙස නොසැලකූහ. එහෙත් කිවයුතුම දෙයක් ඇත. එනම් එදා එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ පසු මහින්ද රාජපක්ෂ රජය සරත් ෆොන්සේකා හදුන්වාදුන්නේ ලොව හොදම හමුදාපතිවරයා ලෙස බවය.

      ජනපති සිරිසේන ද සරත් ෆොන්සේකා ලෝක වාර්තාවක තත්ත්වයට ගෙන ගොස් තිබෙන බව දන්නෝ අල්පය. ෆීල්ඞ් මාර්ෂල් තනතුරක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලොව එකම පුද්ගලයා වන්නේ ඔහුය. වෙනත් කිසිදු ප්‍රජානත්ත්‍රවාදී රටක මෙවැනි තනතුරක් නොමැත.

      කැබිනට් මණ්ඩල හමුව අවසන් ව අගමැති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් කැදවූයේ ය. රැස්වීම පැවැත්වුණේ අරලියගහ මන්දිරයේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළකර තිබූ අදහස් සම්බන්ධයෙන් විමසුමක යෙදීම මෙම රැස්වීමේ අරමුණ විය.

      රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා පළමුවෙන්ම අදහස් දැක්වූයේ ය. පක්ෂය කිසිදු අයුරකින් සූදානම්ව නොසිටි බව ඔහු කීවේ ය. මේ දක්වාම කිසිදු සංවර්ධන කටයුත්තක් හෝ, මැතිවරණ කොට්ඨාස මට්ටමින් රැකියා ලබාදීමක් හෝ සිදුව නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය. නිසි ක්‍රමවේදයක් තිබුණි නම් මැයි රැලියට ජනතාව කැදවාගෙන ඒමේ කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ ඔහු, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයක් පවතී ද, නොපවතී ද යන්න පවා තමා දැන් නොදන්නා බව කීවේ ය. මැයි රැලියේ ඡායාරූප පවා ඉතා ප්‍රාථමික මට්ටමේ පවතින බව පැවසූ ඔහු මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් පරාජය වීමට දැන් තියාම සූදානම් වී සිටිම සුදුසු බව පැවසුවේ ය. රාජපක්ෂ නැවත වරක් ජයග්‍රහණය කළහොත් එහි ප්‍රතිවිපාක සියලුම දෙනාට විදින්නට වනු ඇති බව ඔහු අවධාරණය කළේය.

      වැරැදි දේ ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බව හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ය. දස ලක්ෂ ගණනක් රැකියා ලබාදෙන පවසා බලයට පත්වුව ද අඩුම තරමේ රැකියා 10ක්වත් ලබාදීමට පක්ෂයට නොහැකිව තිබෙන බව ඔහු කීවේ ය. තමා කනගාටුවට පත්ව සිටින බවත්, නමුත් පක්ෂය තවමත් පරාජයට පත්ව නොමැති බවත්, සුජීව සේනසිංහ මහතා පැවසුවේ ය.

      “මැතිවරණය පරාද වේවි කියලා අපි බයවෙලා ඉන්නේ,“ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් කීවේ ය. ඒ ඇසූ අගමැති වික්‍රමසිංහ අතිශයින් කෝපයට පත්විය. බයවෙලා නම් ඉන්නේ තවත් බලන් ඉන්න එපා. ඔයාට දැන්ම යන්න පුළුවන්. ඔහු පැවසුවේ ය.

      ගාලුමුවදොරට අති විශාල ජනතාවක් පැමිණි බව සියයට සියයක්ම පිළිගත යුතුව ඇති බවත්, රාජපක්ෂ කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතු බවත්, විදේශ අමාත්‍ය මංගල සමරවීර එහිදී පැවසුවේය. “අපි බය විය යුතු නැහැ,“ යැයි කී ඔහු, විපක්ෂය රජය අර්බුදයකට තල්ලු කිරීමේ ව්‍යායාමයක නිරතව සිටින බව පැවසුවේ ය. එවන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාකාරකම්වලට පිළිතුරු දිය යුත්තේ සැළසුමක් හා අරමුණක් ඇතිව වැඩ කිරීමෙන් බව සමරවීර අවධාරණය කළේය. ඔහුගේ ප්‍රකාශය අවසන්වත්ම මහත් අත්පොළසන් හඩක් නැගිණි.

      ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියේ ජන සහභාගීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් සන්ඬේ ටයිම්ස් වෙත පොරොන්දුවී සිටිය ද, අදහස් විමසීම සදහා ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. දුරකතන ඇමතුම්වලට හා කෙටි පණිවුඩවලට ඔහු පිළිතුරු දුන්නේ ද නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකයා සිටියේ උද්යෝගයෙනි. ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බව කී ඔහු, ජනතාව රජය වෙත තවත් කාලය ලබාදිය යුතුව තිබෙන බව කීවේ ය. ආර්ථිකය නගා සිටුවීමට රජයට නොහැකි වනු ඇතැයි රාජපක්ෂවරුන් සිතා සිටි බවත්, වෙසක් පොහෝ දින දෙකේ දී, සියවස් දෙකකටවත් රාජපක්ෂවරුන්ට ළගාකර ගත නොහැකි තරමේ බලයක් තමා රට වෙනුවෙන් දිනා දෙන බවත්, අගමැතිවරයා පැවසුවේ ය.

      TBC

      Delete
    7. සාරසට මතක ඇති හැකිනම් ගාලුමුවදොර පිටිය පුරවා පෙන්වන ලෙස රජය තමාට අභියෝග කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසු බව.

      “අපි ඒ අභියෝගය බාරගත්තා. ඒ වගේම පෙන්නුවා අපට ඒක කරන්න පුළුවන් බව. සිංහල ජනතාව, මුස්ලිම් හා දෙමළ ජනතාව එක්ක එකතුවෙලා සාමයෙන් සහ සහයෝගයෙන් අපේ රැලියට සහභාගීවෙලා හිටපු ආකාරය දැකලා මම ඇත්තටම සතුටු වුණා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ගණකාධිකාරවරුන්, ඇතුලුව සමාජයේ පුළුල් පැතිකඩක් නියෝජනය කරමින් ජනතාව අපේ රැලියට සහභාගීවෙලා හිටියා. එයින් පෙනෙනවා රජය ඔවුන්ට දැරිය නොහැකි තරමේ බර පටවා තිබෙන බව. ආර්ථිකය ඉතා දරුණු මට්ටමක තිබෙන බව.“

      “හරිනම් රජය මගේ අභියෝගය පිළිගෙන පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය යුතුයි. ඒත් ඔවුන් එය කරන්නේ නැහැ. අපි ඉල්ලීම කරනකොට ඔවුන් වෙව්ලනවා. ඒ මදිවට රජය රටේ ජාතික සම්පත්, මිීට ඉස්සෙල්ලා අහන්න දකින්න නොලැබුණු තරමින් විකුණමින් ඉන්නවා.“ යැයි ඔහු වැඩිදුරටත් කිව.

      ගාලුමුවදොර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියේ ජන සහභාගීත්වය අරබයා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොසන්සුන්ව සිටින බව පැහැදිලිය. එය එම පක්ෂවල සාමාජිකයන් දක්වන අදහස්වලින්ම පැහැදිලිව දැකගත හැකිය.

      වහාම ගතයුතු පියවර රැසක් දැන් ජනපති සිරිසේන අභිමුඛයෙහි ඇත. කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සහ රාජ්‍ය ආයනත තනතුරු වෙනසක් සිදුකිරීම ඒ අතරින් ප්‍රධානය. සති දෙකට පෙර පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ඔහු කියා සිටියේ වෙසක් පොහොය දිනට පෙර එම වෙනස්කම් සිදුකිරීමට තමන් කටයුතු කරන බවය.

      කැබිනට් වෙනසක් සිදුකිරීමට ජනපතිවරයාට තිබූ අවශ්‍යතාව මැයි දින රැලියට පෙර සිටම තිබූවකි. එහි අරමුණ ද පැහැදිලිය. ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය ගැටලු සහගත වීමත්, වංචා හා දුෂණ චෝදනා නැගී තිබීමත්, ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව එවන් චංචා හා දුෂණ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයන් පිළිබදව නිසි පියවර ගැනීම සිදුකළ යුතු වීමත්, ජනපතිවරයා කැබිනට් මණ්ඩල වෙනසක් සිදුකිරීමට ගත් තීරණය පසුපස ඇති ප්‍රධාන හේතු කාරණාය.

      ගැටඹේ මැයි දින රැලියේ දී, ජනපතිවරයා තම නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්ව ඇති බව කිවේ ය. එදා තමා අමාත්‍ය මණ්ඩල සාමාජිකයකුව සිටිය දී තිබුණේ හඩ වසා තිබූ අමාත්‍ය මණ්ඩලයක් බවත්, අද එවැනි තත්ත්වයක් නොමැති බවත් ඔහු පැවසුවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් රජවරුන්ගේ හෝ කුමාරවරුන්ගේ හෝ පක්ෂයක් නොවන තැනට තමන් පත්කර තිබෙන බව ජනපති සිරිසේන කීවේ ය. වංචාවෙන් හා දුෂණයෙන් තොරව, දේශීය දැක්මක් යටතේ, පිරිසුදු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස, ඉදිරියට යාම යන මූලික හරයන් මත දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක වන බව ජනපතිවරයා පැවසුවේ ය.

      ජනපතිවරයා අත තිබෙන අනෙක් වැදගත් වගකීම වන්නේ දරාගත හැකි ණය බරක් පවත්වාගැනීම සදහා සිදුකළ යුතු ආර්ථිකමය වෙනස්කම් හා සංශෝධනය. මෙම වෙනස්කම් හා සංශෝධන මධ්‍ය කාලීන සිට දීර්ඝ කාලීන සැළසුම් යන ස්වරූපයන්ගෙන් වන අතර, ඒවා බොහෝමයක් රජයේ දේශපාලනික ජනප්‍රියත්වයට හානිදායකය. ඒ හමුවේ උපායමාර්ගික නොවන, පූර්ණ වශයෙන් භාවිතයට ගෙන නොමැති රාජ්‍ය සම්පත් විකිණීම විකල්පයක් ලෙස ගතහැකි වුවත් එය තවත් අතිශය ආන්දෝලනාත්මක ක්ෂේත්‍රයකි. මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුවට අනුව 2020 වසර දක්වා වසරකට ඩොලර් බිලියන 4කට වැඩි මුදලක් ණය ලෙස ගෙවිය යුතුය.

      සමස්තයක් වශයෙන් ගත්විට සිරිසේන - වික්‍රමසිංහ රජයට එල්ල වන අභියෝගවල වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැත. ආර්ථිකය සංවර්ධනය කිරීම සමගම ජනතාවගේ සිත දිනාගැනීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුවනු ඇති බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. ගැටලුව වන්නේ මෙම අන්ත දෙක අතර පරතරය කොයි තරම් දුරකට පටු කිරීමට පවත්නා තත්ත්වය යටතේ රජයට හැකිවේද යන්නය. මේ ගැන සාරස හෙවත් ආචාර්ය කුමාර කලුආරච්චිගේ විග්‍රහය ද දැනගැනීමට කැමැත්තෙමි.

      End

      Delete
    8. විග්‍රහය සරල ය.

      මිනිසුන් ගේ විභවය පුදුමාකාරය. සාන්තුවරයෙකු වීම සහ මරාගෙන මැරෙනා බෝම්බකරුවෙකු වීම දක්වාද දානපතියෙකු වීමේ සිට පල් හොරෙකු වීම දක්වා ද එම විභවය පැතිර පවතී.

      බොහෝ දෙනා යමක් කිරීමට පෙර තමාට එය කල හැකිද, එය කිරීමෙන් සිදුවන අතුරු අභාද මොනවාද කියා සලකා බලා ඉදිරි තීරණ ගනී. එහෙත් ආප සිරා සහ රනිල් පහුගිය මැතිවරණ වල දී එසේ නොසිතා වැඩ කටයුතු කර ඇථි බව පෙනී යයි.

      ඒ නිසා ඒ දෙදෙනාම එදාවේල ටුවර්ස් ය!

      Delete
  11. ස රස තුමෝ,

    ස්චී ඩ්ශින් පිං චීන ජනාධිපතිගේ සංකල්පයක් මත ආරම්භ වූ නව සේද මාවත සංවර්ධන මහා සැලස්මේ සමුළුවට රුසියානු ජනාධිපති පුටින් සහ පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඇතුළු රාජ්‍ය නායකයින් 29 දෙනෙකු සහභාගිත්වයෙන් චීනයේ බී ඩ්ජිංහිදී මහ ඉහළින් පවත්වනු ලැබු වූ බව ඔබත් අන් පාඨකයකනුත් දකින්න ඇති.

    මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ලෝකබැංකුව මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයෙ ලේකම්වරයා ඇතුළු ඇමරිකාව මෙන්ම බලවත් රටවල් කිහිපයක්ම නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීම විශේෂත්වයකි.

    පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීම යුගයේ අනාගත සේද මාවත මාර්ගයේ ඉතා වැදගත් සංධිස්ථානයක් වන ලංකාවේ දකුණු මුහුද ආශ්‍රිතව හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම විශාල ආර්ථික වාසි ලබාගැනීමට සැලසුම් කල ව්‍යාප්තියක් වන බව මෙම සමුළුව අධ්‍යයන කරන ආර්ථික විශේෂඥන් පවසතත් එවන් වැදගත් වානිජ මර්මස්ථාන සම්පූර්ණයෙන්ම චීනයට විකුණා දැමිමෙන් වාසියක් නොවන බව පකිස්තානය චීනය සමඟ ගනුදෙනු කරන ආකාරයෙන් බලා ගත හැකිය.

    මෙහිදී මෙම සේද මාවත මාර්ගය ශ්‍රීලංකාව හරහා පකිස්තානය ඔස්සේ යුරෝපයට හරහා මුලු ලෝකයම සම්බන්ධ කරයි. එබැවින් මෙම සංවර්ධන සමුළුවේ චීනයේ උපරිම සහයෝගය පකිස්තානයට දිනා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයකි.

    එහෙත් ශ්‍රීලංකාවේ අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වුවත් ඔහුට එම සමුළුවේ පකිස්තානයට ලැබුන සුවිශේෂී ප්‍රමුඛත්වයක් නොලැබීමත් ලංකා අගමැතිවරයා ගණන් නොගෙන නිකන්ම නරඹන්නෙක් බවට පත්කර තිබීමත් මේ වනවිට චීන-ශ්‍රීලංකා වෙළෙඳ සම්බන්ධතා යම් ලෙසකින් දැඩි ලෙස පලුදු වී ඇති බවට සාක්ෂියකි. එමෙන්ම ඉන්දියාවද මෙම සමුළුව මගහැර සිටීමට එක් හේතුවක් වුයේ පකිස්තානයේ කරනු ලබන අතිවිශාල චීන ආයෝජන වීම මෙහිදී විශේෂත්වයකි.

    එමෙන්ම පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමුළුව අමතමින් චීනයේ සේදමාවත මාර්ගය සම්බන්ධව ඉතා ඉහළින් කතාකල අතර චීනයේ ලගම හිතවතකු බව එහිදි ප්‍රදර්ශනය කල බව රොයිටර් ඇතුලු මාධ්‍ය වාර්තා කොට තිබෙනු ඔබ දකින්න ඇති.

    ඇත්තටම සාරස ලොක්කෝ මිනිස්සු දේශපාලකයෝ පත් කරන්නේ ජනතා නියෝජිතයෝ විදියට රටේ දියුණුව ගැන ආරක්ෂාව ගැන බලා ගන්න. හැම දේශපාලකයාම කරපු දේවල් ගැන ලකුණු දාගන්නේ හරියට තමන්ගේ පෞද්ගලික වියදමින් කළා වගේ. මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ මහජනතාව සදාකාලික ණය කාරයෝ කරලා.

    චීනය විසින් අලුතෙන් ගෙනෙන "One Belt – One Road Project" එක හරියන්න වඩාත්ම වැදගත් සාධකය ලංකාව මිසක් පකිස්තානය නෙමෙයි. පකිස්ථානයට වැඩි තැනක් දීමෙන් චීනය බලාපොරොත්තු වෙන්නේ ලංකාව බිලී බා ගැනීම වීමටත් හැකියි නේද?

    නමුත් මගේ මතය නම් ඉන්දියාවයි චීනෙයි අතරේ තියෙන දැවැන්ත බල අරගලයේදී ලංකාව කරන්න ඕනේ එකම දේ පුළුවන් තරම් දුරට නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීම.

    දැන් මේ ආණ්ඩුව හිතුවොත් ඉන්දියාවයි චීනෙයි දෙකම තරහා කරගන්න හොඳ නැහැ ඒ හින්දා ත්‍රිකුණාමලය ඉන්දියාවටයි, හම්බන්තොට චීනේටයි දෙන්න ඕනේ කියලා ඒක තමයි මේ වෙලාවේ කරන්න යන ලොකුම මෝඩ කම.

    ඇත්ත්ටම සාරස ලංකාව මෙච්චර කල් ජීවත් වුනේ හම්බන්තොට වරායෙන් හම්බ කරගෙන නෙමෙයි. කාලයට ඉඩ දීලා, කලබල නොවී, ඉක්මන් තීරන ගන්නේ නැතුව, ගමන හෙමින් යන එක තමයි හොඳම දේ මේ වෙලාවේ, නැතුව බය වෙලා රටේ සම්පත් විකුණලා, ETCA එකත් අත්සන් කරලා ලංකාවට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කරන එක නෙමෙයි. නමුත් අපේ ගොබ්බ පාලක ජෝකර්ලාට මොළේ පෑදෙන්නේ කවදාද ස රස තුමෝ?

    ReplyDelete
    Replies
    1. // ඇත්ත්ටම සාරස ලංකාව මෙච්චර කල් ජීවත් වුනේ හම්බන්තොට වරායෙන් හම්බ කරගෙන නෙමෙයි. කාලයට ඉඩ දීලා, කලබල නොවී, ඉක්මන් තීරන ගන්නේ නැතුව, ගමන හෙමින් යන එක තමයි හොඳම දේ මේ වෙලාවේ, නැතුව බය වෙලා රටේ සම්පත් විකුණලා, ETCA එකත් අත්සන් කරලා ලංකාවට කරන්න පුළුවන් ලොකුම හතුරුකම කරන එක නෙමෙයි. නමුත් අපේ ගොබ්බ පාලක ජෝකර්ලාට මොළේ පෑදෙන්නේ කවදාද ස රස තුමෝ? //



      ඔබේ කතාව සහතික ඇත්ත..
      ඒත් කාට කියන්නද ගරු ඇණෝ තුමෝ?

      Delete
    2. ඔව් සහෝදරය ශ්‍රීල0කාව ජීවත්වුනේ හම්බන්තොට වරායෙන් නොවෙයි.දෑන් ජීවත්වෙන්නෙත් ඒකෙන් නොවෙයි.මේක සම්පූර්ණ මෙහෙයුම් සිදුවෙනවිට දලජාතික නිශ්පාදනයෙන් 40%ක් දෙන්න පුලුවන් කියනව.

      මෙයට වසර 100ට පමණ පෙර ලෙනාඩ් වුල්ෆ් මහතා කලයුතුය කියපු යෝජනාවක් තමයි මහින්ද මහත්තය ක්‍රියාත්මක කලේ.
      මම හිතන්නෙ නහෑ කිසිම දේශපාලකයෙක් ගෙදර මුදල් මහජන වෑඩට යොදනව කියල.

      Delete
  12. ඉන්දියානු ව්‍යාප්තවාදයක් ඇතැයි යන දුර්මතය චීනය විසින් 1960 දශකයේදී ඇති කළ එකකි.

    මේ මතය ලංකාවට මුලින්ම ගෙනාවේ චීනයෙන් ලැබුණු මුදලින් යැපුණු ජ.වි.පෙ. ආරම්භක නායක විජේවීර විසිනි.

    ඊට පසු 1980 දශකයේදී භූ දේශපාලනය ගැන හාංකවිසියක්වත් නොදත් ජේ.ආර්. සහ ප්‍රේමදාස යන දෙදෙනා රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගනිමින් මේ මතය තදින්ම ජනගත කළෝය.

    මහින්දට භූ දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබුණත් බලයේ නොසිටින විට ඔහු තමන්ගේ හෙන්චයියන් ලවා මේ මතය පතුරුවයි. ඔහු බලයේ සිටින විට "ඉන්දියාව දෙවියාය" යන ආදර්ශ පාඨය අනුව කටයුතු කරයි.

    සරස තුමා දැන් ඉටු කරමින් සිටින්නේ දැනට බලයේ නොමැති මහින්දගේ එම කොන්ත්‍රාත්තුවයි.

    ReplyDelete
    Replies
    1. // සරස තුමා දැන් ඉටු කරමින් සිටින්නේ දැනට බලයේ නොමැති මහින්දගේ එම කොන්ත්‍රාත්තුවයි. //

      කුලී ලියන්නෙකු ගේ වචනපාචනයක් කියෙවුවා නේද ගරු ඇණෝ තුමෝ?

      Delete
  13. සරාස් බුවෝ,

    ළඟකදී කොළඹ වරායේ සබ්මැරීනයක් නවතා තැබීමට චීන රජය කල ඉල්ලීමක් ශ්‍රී ලංකා රජයෙන් ප්‍රතික්ෂේප කර බවට රොයිටර් නිව්ස් එකක් ගියා දැක්කද සරාසෝ.

    ඇත්තෙන්ම චීනය හා ඉන්දියාව අතර සීතල යුද්දෙ නිසා ඇතිවූ තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම යහ පාලන රජය ඉවත දමන්ට ඇතැයිද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරයද ඊට හේතු වන්නට ඇතැයිද සිතිය හැකියි.

    ඉතින් සරාස් ලොක්ක චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට ඉන්දියාවේ දැඩි අකමැත්ත මීට බලපාන්නට ඇති. ඒ නිව්ස් එකේ තිබ්බ විදිහට 2014 ඔක්තොම්බර් මාසයෙන් පස්සෙ කොළඹ වරා‍යේ චීන සබ්මැරීනයක් නවතා නැතිලු. ඉතින් සරාස් බුවා මොකෝ මේ ගැන කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. අප ඉන්දියාවට අවශ්‍ය විදියට නැටිය යුතු නොවේ...

      Delete
  14. දිග වැල්වටාරම් ලියන ගරු කටයුතු අනෝ තුමන්ලා කරුණාකරලා තමන්ගේ ලිපි 'කල්‍යාණමිත්‍ර' තුමාට යවන්ටකෝ.
    ඒවා එතුමාගේ කලාහිත අඩවියේ පලකරවාගන්ට පුළුවනි.

    ReplyDelete
    Replies
    1. // AnonymousMay 15, 2017 at 6:16 AM

      දිග වැල්වටාරම් ලියන ගරු කටයුතු අනෝ තුමන්ලා කරුණාකරලා තමන්ගේ ලිපි 'කල්‍යාණමිත්‍ර' තුමාට යවන්ටකෝ.
      ඒවා එතුමාගේ කලාහිත අඩවියේ පලකරවාගන්ට පුළුවනි. //



      දීර්ඝ ආලෝචනා ලියනා සරසාශ්‍රිත ගරු ඇනෝ වරුනි...

      ඔබලාගේ ආලෝචනා කොපමන දීර්ඝ වුවද සරස තුමා ගේ මල්ලෙපොල් බ්ලොග් අඩවිය හැමවිටම ඔබ වෙනුවෙන් විවුර්ත බව කරුණාවෙන් සලකන්න.

      මා ඔබලාගෙන් අයැද සිටින්නේ ඊයේ අද මෙන් හෙටද අපසමග එක් වන ලෙසටය.

      Delete
    2. (තූ ජීස්‌ බඩී හේ මස්තු මස්තු, තූ ජීස්‌ බඩී හේ මස්තු) රාමාගේ ජංගම තෙලබනුව නාද වෙයි

      රාවණා - මචං මම රාවණා, උඹේ ගෑනි සිතුවම් පටල වල ඩිගිසි දානවා දැක්කා මං. පට්ට කෑල්ලක් නේ බං උඹ සෙට් කරගෙන ඉන්නේ. තරහා වෙන්ට එපා බං මම උඹේ කෑල්ලට ආදරෙයි.

      රාමා - ෂඃ නියමයිනේ මචං. මටත් මේ එපා වෙලා තියෙන්නේ මේ ගෑනි කිව්වට අහන්නේ නෑනේ. හෙළුවෙන් නටනවනේ

      රාවණා - අයියෝ රාමෝ, හෙළුවෙන් නටන්නේ එකී හෙළු එකියක් හින්දා බං. එකී අයිති මෙහෙට බං

      රාමා - ආ එහෙනම් මම කැලේට යන්නම්, උඹ ඇවිල්ලා උස්සන් පලයන්

      රාවණා - එල එල මචෝ මම එහෙම කරන්නම් එහෙනම්

      රාවණා සීතා දඬු මොනරේ දාගෙන ලංකාවට එයි. ඒ අතරතුර සීතා ෂඃ ඔයාට නියම බොඩියක් නේ තියෙන්නේ ඈ.....

      රාවණා - ආ ඔව් නංගී, ඔව් මම හැමදාම ජිම් එකට යනවනේ

      සීතා - අයියේ ඔයා කොහෙන්ද ලයිසන් ගත්තේ, මේකේ වේගේ වැඩී අප්පා. මට බයයි.



      රාවණා - අනේ නංගි පැට්ටෝ මේක එලවන්ට ලයිසන් ඕනේ නෑ. මේක වොයිස් කොන්ට්‍රෝල්. ඔන්න බලන්න, එම්බා දඬු මොනර හෙමින් පල. මේ නගාට බයයි ලු. (වේගය අඩුවෙයි)

      සීතා - ශා නියමයි නේ. අපේ එක්කෙනාටත් හදලදෙන්ටකෝ අනේ මේ වගේ එකෙක්.

      රාවණා සීතාව ලංකාවට ගෙන්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරයි. එහිදී සීතාට HIV ආසාදනය වී ඇති දැනගනී
      මේ අතරතුර විභීෂණයන්ට සීතා ගැන සිතක් පහල වෙයි. ඒත් ඔහුට සත්‍ය පැවසීමට නොහැකි නිසා රාවණා ඊට විරුද්ධ බව තරයේම කියා සිටී.

      ඉන පසු ඔහු රාමා වෙත යයි. ගිහින් මෙහෙම කියයි. බලපන් බං අර රාවණා කියනවා උඹේ කෑල්ල ලස්සන නෑලු. පොරගේ කුස්සියේ වැඩකරන කෑල්ල ඊට වඩා සෙක්සි ලු කියලා ඔහේ තියාගෙන ඉන්නවා. එකී මෙලෝ රහක් නෑ කියනවා. එක උඹට හරි නෑ නේද?

      රාමාට හොඳටම තරහා යයි.....

      (ගෑනු ඇතුවත් බෑ.... ගෑනු නැත්වත් බෑ..... ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ හරිම කරදරේ) රාවණාගේ තෙලබනුව නාද වෙයි.

      රාමා - ඈ යකෝ උඹ කොහොමද කලින් ටෝක්ස් කරේ, ඒ වගේ සුපිරි කෑල්ලක් කොහේ වත දැකල නැති විදිහටනේ. මගේ කෑල්ල දිහා හැරිලා වත බලන්නේ නෑලු. එකී අඩ අඩා ඉන්නවා කියන්නේ ඇත්තද? දැන් ඒකි ආයේ මගේ ඇගේ ගහන්ටද හදන්නේ?

      රාවණා - ඔව් බං, මට උඹේ ගෑනිව ලඟට එච්චර ගතියක් නෑ. අර රූප පෙට්ටියේ ඉන්නවා වගේ නෙවෙයි. මට කිසිම ෆීලින්ග් එකක් නෑ බං. උඹ ඇවිල්ලා අරන් පල.

      රාමා - (විලි ලජාවයි. තුක්‌ විතරක් මදැයි මම මේ මල හොන්තුවෙන් බේරෙන්ට බැලුවා. කාපන්කෝ ඉතිං) රාමා ඔහොම හිතන ගමන් එහෙනම් ඉතිං මොනවා කරටද නේද බං. මම එයාව බේරගන්න විදිහට එන්නම්. උඹට ඊතලයක් විදින්නම්. උඹ ඊතල නොවදින කබාය ඇදන් වරෙන්. හැබැයි අර පිසිනතලය එහෙම අරන් එනවා නෙවෙයි.

      රාවණා - හරි හරි බං. එහෙනම් උඹ අර වදුරා එවපන් ඉස්සෙලා. පස්සේ උඹ වරෙන්. අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ. මට ඒ වැඩේ වදුරගෙන් කරාගන්ට පුළුවන් වෙයි.

      රාමා - එලම තමා

      ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු. 201/12/12 වෙනකම් නින්දයන්ට.

      ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී....

      Delete
    3. ඔරිජිනලි ලිවුව හාදයා නිරමානශීලියි...

      මෙහි පෝස්ට් කල ඇනෝ තුමාට ජය වේවා!

      Delete
  15. පැරා මෝඩ පෝස්ට් එකක් දාගෙන චාටර් වෙලා දැන් කමෙන්ට්ස් මොඩරේට් කරන්න අරන්. අයියෝ සංසාරේ. වෘත්තීය බ්ලොග්කරුවෙක්ට වෙච්ච හදියක්.

    ReplyDelete
    Replies
    1. හෆොයි කොරගත්තු හදියක් හිටන් ගරු ඇනෝ තුමෝ...

      Delete
  16. සරස ජෙප්පන්ගේ ආර්ථික සැලසුම්:

    එහෙනම් අපි හම්බන්තොට වරාය විකුනලා, නිර්ධන පන්තික ජෙප්පෝ ටිකෙන් ශ්‍රමදානයක් දම්මලා ඒ පැත්තෙන් වලක් හාරලා සම්පන් (Sampan) කියන චීන දැව බෝට්ටු දාලා, ඒවායින් සේද මාවතේ වෙලදාම් කරමු.

    සභාවේ දැඩි සිනා.....!

    ReplyDelete
    Replies
    1. වර්තමාන ජෙප්පන් ගේ ආර්තික සැළසුම් නරක නැත....

      කකුස්සියේ ගනුදෙනු කර අයර්ලන්තේ මාලිගා ගැනීමට ඔබට හෝ මට පුලුවන්ද ගරු ඇනෝ තුමෝ....

      Delete
  17. සා රස තුමෝ චීනය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබදතා පවත්වාගෙන ඇති අතර එකල චීන වෙළදුන් මෙරටට ගෙනා චීන පටපිළි වර්ග ලංකාවේදී පර්සියානු වෙළෙඳුන් විසින් චින්නුන්ගෙන් මිලට ගෙන රෝමයට ගෙන ගොස් යුරෝපිය වෙළඳුන්ට අලෙවි කර ඇත. චීන වංශ කථා අනුව ශ්‍රී ලංකා දූත කණ්ඩායම් වරින්වර මෙහි සිට චීනයට ගොස් ඇති අතර මොහුන් විසින් මුතු,මැණික්,ඇත් දත් හා ආභරණ ආදී භාණ්ඩ චීනයට ගෙන යනු ලැබූ බව සඳහන් වේ.

    චීන ජාතික පාහියන් හිමි ක්‍රි.ව. 411 දී පමණ ලංකාවට පැමිණ ඇත්තේ මෙම සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙස යැයි විශවාසයක් ඇත.
    පුරාණයේ ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සම්බන්ධතා පැවැත් වු රටවල් අතර රෝමයද වැදගත් වේ. ක්‍රි. ව. පළමු වන සියවසේ සිට පස් වන සියවස දක්වා කාලය තුල රෝම වෙළඳුන් වෙළඳාම සදහා ලංකාවට පැමිණ ඇති බව පැරණි පොත පතේ සඳහන් වේ…භාතිකාභය රජු රෝමයෙන් රතු කොරල් ගෙන්වා ගැනීමත් මාතොට,දෙව්නුවර, කල්පිටිය ආදී තොටුපොළවලින් සහ අනුරාධපුර,මිහින්තලය හා සීගිරිය වැනි ප්‍රදේශවලින් රෝම කාසි හමුවීමත් ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය.

    එකල වෙළඳ සබදතා පැවැත්තු වෙළඳුන් ශ්‍රී ලංකාව හැදුන්නූ නම්;

    •ග්‍රීකවරු- තැප්‍රොබෙන්
    •අරාබිවර්ය්- සෙරන්ඩිබ්
    •ඉන්දියානුවන්- තම්බපණ්ණී, රත්නදීප

    ක්‍රි.ව. 2 වන සියවසේ දී ග්‍රීක ජාතික ටොලමි විසින් අඳින ලද ලෝක සිතියමේ ශ්‍රී ලංකාව “තප්‍රොබානා” යනුවෙන් සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාව සමඟ විවිධ රටවල් පැවැත් වු විදේශ සබඳතා වර්ධනය වීමට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම බලපා ඇත ..එය මෙසේ දැක්විය හැක;

    •ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටීම.
    •ඉන්දියාවට ආසන්නව එහෙත් ඉන්දියාවෙන් වෙන්ව පිහිටි දුපතක් වීම.
    •පෙර අපර දෙදිග සම්බන්ධ වු මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක
    පිහිටීම.
    •මෝසම් සුළන් ආශ්‍රිත දියවැල් ගලායන මාර්ගයේ පිහිටීම
    • ස්වාභාවික වරායන් හා තොටුපොළවල් රාශියකින් යුක්ත වීම.
    •ඉන්දියාව,චීනය,ග්‍රීසිය,රෝමය,ඊජිප්තුව වැනි පැරණි ශිෂ්ටාචාර පැවති රටවලට සාපේක්ෂව මධ්‍යගතව පිහිටිම.

    ReplyDelete
  18. චීන ජාතිය යනු ගෙම්බන්, කැරපොත්තන්, සර්පයින්, ගොලුබෙල්ලන්, හූනන්, කටුස්සන් ආදී සතුන් කිසිදු හිරිකිතයකින් තොරව ගිල දමන මහා අශිෂ්ට ජාතියකි.

    චීනෙක් ගෙම්බෙකු පණ පිටින් කන හැටි බලන්න පහත වීඩියෝව නරඹන්න:

    https://www.liveleak.com/view?i=740_1465933014

    ReplyDelete
    Replies
    1. මෙන්න පණ පිටින් ගෙම්බන් ගිල දමන තවත් චීන සක්කිලියෙක්:

      http://www.msn.com/en-au/news/other/man-drinks-live-fish-frogs-and-tadpoles-with-water/vp-BBsh2Ki

      Delete
    2. මාත් වසර පහලොවකට ආසන්න කාලයක් චීන ජාතිකයන් සමග ගත කලා...
      ඔය කියනා සියලු සර්ප, ගෙඹි, හූනු, ඉබි ආහාර මාත් කා තිබෙනවා...

      Delete