Thursday, June 15, 2017

ශ්‍රී ලංකාවට සිදු වූ හූනියම....

තමන් හට යම් කෙනෙකු විසින් හූනියමක් කලැයි ජනාදිපති සිරිසේන විස්සෝප වෙනු රූපවාහිනී ප්‍රවෘත්ති වලට පෙන්වන්ට යෙදුනි. ඒ ගැන එයා මහ ලොකු කතා කීපයක් ම කීවේය.

ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ගේ පැත්තෙනුත් මේ ගැන පැමිනිල්ලක් ඇති බව සිරිසේන ජනාදිපති නොදන්න පාට ය.

නිස් අධ්‍යාපනයක් නොලද, කිසිම පෞර්ශ‍යක් නැති අලුකෙහෙල් ලෙල්ලක් වැනි නූගත් මිනිසෙකු බැරි මරගාතේ ඉදිරිපත් වී තමන් ට කරන්නට නොව හිතන්නට පවා අපහසු කාරියක් වන රට පාලනය රුපියල් දහයේ කාබන් පෑනෙන් අස්සන් කර බදා ගත්තු දා හිටන්  ශ්‍රී ලංකාවේ මහජනතාවට හූනියමක් සිද්ද වෙලා ඇති බව ඉතාම පැහැදිලි ය.

ශ්‍රී ලංකාවට මේ හූනියම සිද්ද කලේ RAW සහ CIA සන්විදාන වල කට්ටඩියන් විසිනි. කොට්ටොරුකම් කරමින් දුම්මල ඇල්ලුවේ මැරිච්චි සෝබිත, පනපිටින් ඉන්න රතන, හරක් විජේසූරිය, වී අන්ගොඩ, නිර්මාල් දේවසිරි, දබර කරන අමිල, පිරිමි හෙදිය, අසාද්‍ය සාලි වැනි අය හා ජ වි පෙ, දූශන සන්වර්දන පෙරමුණ, හෙර කරුමය වැනි ආයතන  ය.

මේ හූනියම වැඩ බාරගත්තු දා ම AAT සාමාජිකත්ව Level I පමනක් සමත් ව ඇති තම සහෝදරයා ටෙලෙකොම් සමාගමේ සාමාන්‍යාදිකාරී ලෙස පත් කර උගත් බුද්දිමත් ජනතාවට සුහද කොකා පෙන්වීය. 

කොටු පැන මාට්ටු වී පොරෝ පාර කා මියෑදුනු අනෙක් සහෝදරයා ගේ මලගමටවත් හූනියම සාභාගී නොවීය.

එලෙස අප හිස මත පාත් වූ මේ හූනියම පලාත් පාලන ආයතන වල නියෝජිතයන් නැවත පත් කිරීමකින් තොරව විසුරුවා හැරියේ මහින්ද මහත්තයාට පාඩමක් ඉගැන්වීමට ය. එහෙත් එයින් සිදු වුනේ පලාත් පාලන ආයතන වල සේවා සැපයීඑම කඩා වැටී මුලු රට පුරා මැස්සන් සහ මදුරුවන් බෝ වීමය. 

අප කියන්නේ බොරුවක් නම් හූනියමට මුල්ලේරියාව උන රෝහලට ගොස් එහි කොරිඩෝ සිසාරා වැතිර සිටිනා ඩෙන්ගු රෝගීන් ගෙන් අසා දැනගත හැකිය.

ශ්‍රී ලංකාවෙ මහාජනතා වන අප 2020 තෙක් බලාසිටින්නේ මේ හූනියම කපා පිස්සු හැදුනු පුලතිසිපුර බූතයා ව බෝතලයකට දමා වලලා දැමීමට ය!

56 comments:

  1. ලංකාවට වෙච්ච් ලොකුම හූනියම රනිල්!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා ගරු ඇනෝ තුමෝ...

      Delete
  2. බටහිරයන් වැඩ කරන්නේ සැලසුමකට අනුව. ඇතැමුන් බටහිර කුමන්ත්‍රණ කීවාට එහි ඇත්තේ සැලසුම්. අපට සැලසුම් නැති නිසා අප බටහිර සැලසුම් කුමන්ත්‍රණ ලෙස සලකනවා. මේ දිනවල මා ගැමුණු මහරජ 2 හා මුතුකුඩ නාට්‍ය නරඹනවා. ගැමුණු රජු සැලසුම්වලට වඩා ශක්තිය පදනම් කර ගත්තා. එළාරටත් විශේෂිත සැලසුමක් තිබුණේ නැහැ. එළාර ගැමුණු රජු දුටුගැමුණු ලෙසත් තිස්ස කුමරු සද්ධාතිස්ස ලෙසත් සිංහලයන් අතර ප්‍රචලිත කිරීමට නම් සමත් වී තිබෙනවා. එහෙත් විහාර මහා දේවිය හා දශ මහා යෝධයන් දැනගෙන හිටියා එළාර පරාජය කළ හැක්කේ ගැමුණු කුමරුට බව.


    සිංහලයන් එදා එළාරට රැවටුණේ නැහැ. පසුව රැවටුණා. ගැමුණු රජු අදටත් හැඳින්වෙන්නේ දුටුගැමුණු ලෙස. ඒ සද්ධාතිස්ස බලවත් වීම හේතුකොටගෙන. නාට්‍යය කෙසේ විකාශය වේ ද කියා මා දන්නේ නැහැ. එහෙත් පසු කලෙක ගැමුණු රජුටත් විහාර මහා දේවියටත් සාලිය කුමාරයටත් වැදගත් කමක් නොලැබෙන ලෙස තිස්ස කුමරු කටයුතු කර තිබෙනවා. ගැමුණු රජුට මෙරට යක්‍ෂ ජනතාවගේ සහාය ලැබුණා. එහෙත් විදේශයකින් පැමිණි යක්‍ෂ ජනතාවක් එළාරටත් තිස්ස කුමරුන්ටත් සහාය දෙන්න ඇති. යක්‍ෂ ජනතාව එකම සජාතීය ජනතාවක් ලෙස සලකන්න බැහැ. නාගයනුත් එහෙමයි. ඇතැම් නාගයන් වත්මන් දකුණු ඉන්දියාවේ දී දෙමළ වූවා. එයින් කියන්නේ නැහැ සියලු නාගයන් දෙමළ කියා. නාගයන් ඇසෑමයේත් ඉන්නවා. දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් නම් උත්සාහ කරන්නේ සියලු නාගයන් දෙමළ බව කීමට. ඇතැම් මූසිලයන් හිතන්නේ සියලු යක්‍ෂයන් එකම සමජාතීය ජනවර්ගයක් බව. මේ මූසිලයන්ට කිය යුතු කරුණක් නම් මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙර සේ බව.

    ReplyDelete
  3. සරසා තුමා ඔබෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියනවා,

    //ශ්‍රී ලංකාවට මේ හූනියම සිද්ද කලේ RAW සහ CIA සන්විදාන වල කට්ටඩියන් විසිනි. //

    ඔබට මතකද ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා සමුර්දි නිලදාරියෙක් ගස් බැන්ද, ඔබට මතකද එවක තිබුන චන්දය අවසාන වනතුරු හිඅපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (මහරජු ) ඔහුගේ ඇමතිකම ඉවත් කළා, ඊටපස්සේ ඔබට මතකද අදාළ පරීක්ෂණය පවත්වන්න පරීක්ෂණ මණ්ඩලයක් පත්කලා ? ඔබට මතකද චන්දය ඉවර උනාට පස්සේ අදාළ පරීක්ෂණ මණ්ඩලය තීරණය කලේ ඔහු උවමනාවෙන් ගස්බදගත් බවයි ඉන්පසු ඔහුට ජනමාද්‍ය නියෝජ්‍ය ඇමතිකම දුන්න ඔබට මතකද ? මේවා නෙමෙයිද හූනියම් සරසා තුමෝ ?

    ඔබට මතකද නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විබාගයකින් වැඩිම ලකුණු ගත්ත (අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සමග සමුහ චායාරුපයකට ඔහු පෙනීසිටිය ) ඔබට මතකද අදාළ විබාගය නාමල් රාජපක්ෂට වෙනම ලියන්න පහසුකම් දුන්න බව ට චෝදනා කලාම නිතිවිද්යාලයේ විදුහල්පති කිව්වා දේ ?
    "අදාළ ශාලාවේ ඉඩ මදි වූ නිසා නාමල් රාජපක්ෂ මහතාට වෙනම පිළිතුරු ලිවීමට පහසුකම් දුන්න "
    මේවගේ වැඩ නෙමෙයිද හූනියම්.

    ඔබට මතකද හම්බන්තොට Khuram Shaikh නමැති විදෙශිකය මරා ඔහුගේ පෙම්වතිය දුෂණය කල මහින්දගේ ගෝලබාලයන්ට මහින්ද මුලින් රැකවරණය දුන් හැටිත් පසුව අන්තර්ජාතික පීඩනය එල්ලවනවිට ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කිරීමට සිදුවීමත් ඔබට මතකද ?

    ඔබට මතකද නාමල්ගේ මාර්ගයෙන් මිනිසුන්ට රැකියා දුන් හැටි.

    ඔබට මතකද ශ්‍රීලංකා ගුවන්සේවයට අපොස සාමාන්‍ය පෙළවත් නැති ඔහුගේ සල්ලාල මස්සිනා අද්යක්ෂක කල හැටි, මේවා හූනියම් නෙමෙයිද ?

    මේවා නොකර තිබුනානම් ඔය RAW සහ CIA වලට කරන්න දෙයක් තියනවද ?
    අවංකව හිතල බලන්න!

    ReplyDelete
    Replies
    1. අපූරු විග්‍රහයක් ලාංකික සිතුවිළි! පැහැදිළිවම ම.රා ජනපති සටනෙන් පැරදුනේ මිනිස්සුන්ට මේවා තදින් දැනුන නිසා මිසක් ඔය කියන කුමන්ත්‍රණ නිසා නොවෙයි. ඒත් වත්මන් රජයත් යන්නේ පරණ පීල්ලෙමයි. මෙවැනි දේවල් වලින් වඩාත්ම හෙම්බත් වෙන්නේ කිසිම රජෙක්ට, පක්ෂයකට හෝ දේශපලකයෙක්ට කඩේ නොයන, පුද්ගලිකව කිසිම ලාභයක් අපේක්ෂා නොකරන අපි වැනි සාමාන්‍ය මිනිසුන්.

      Delete
    2. ගරු ලන්කා සිතිවිලි තුමෝ,

      මා ඔබ කියන දේ සමග තර්ක කරන්නේ නැහැ... මහින්ද මහත්තයාගේ කාලේ ඔය සියලු දේ සිදු වුනා....

      මම කතා කරන්නේ සාමාන්ය මහජනතාව ගැන...

      නාමල් උපාදියට කොහොම ලිවුවත්, මර්වින් කාව ගස් බැන්දත්, මොන සුද්දගේ ගෑනු ලමයා දූශනය කලත් මේ රටේ බහුතරයක් වන මහ ජනතාව සත පහකට ගනන් ගන්නේ නෑ..

      ඒකට හේතුව තමා ඒගොල්ලත් ප්‍රශ්න වලට මුහුන දෙන්නේ විසඳන්නේ ඒ විදියට ම නිසා. ඔබ වැනි හික්මීමකින් ප්‍රශ්න දිහා බලන්න සාමාන්‍ය මහ ජනතාවට පුරුදු නැහැ... ඔය කරනා චෝදනා එකක්වත්..හොරකමද ඇතුලුව, මහ ජනතාවට ප්‍රශ්න නෙවෙයි. ඒ ඔවුනුත් ඔය කියනා සැම දේම කරනවා...


      කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් විභාග වලට ලියන එක මේ රටේ සාමාන්‍ය දෙයක්. මහජනතාව තමා කරන්නේ.... ඔබට ඒක ශුවර් නැත්නම් ජනමාද්‍ය අමාත්‍යන්සේ හිටපු ලේකම් බෝපගේ ගෙන් අහන්න... එය ඒ ගැන ගොඩාක් දන්නවා..

      දැනටත් ගමේ ගෙදරකට කොටුවක් පැනලා අහු වුනොත් ඌව ගස් බැඳලා පහර දෙනවා..අන්තිම සාමාන්‍යය ඩෙයක්...

      ඉඩක් ඇති තැන කොල්ලෙල් කෙල්ලෙක් එක්ක බීච් හරි කොහෙ හරි කැලෑවකට ගියාම කොල්ලට පහර දීලා කෙල්ලව උස්සන් යන එක මේ රටේ ගෘහ කර්මාන්තයක්..පුලුවන් නම් නෑ කියන්න!!!


      ඒත් මහජනතාව හසුරුවලා රට හරි දිශාවකට ගෙනියන්න රජයකින් කෙරෙන්න ඕනෙ... රජයකින් මහජනතාව බලාගන්න ඕනෙ..
      මොනා කිවුවත් මහින්ද මහත්තයගෙ කාලෙ මේ රටේ මිනිසුන් ට රක්ශාවරනයක් තිබුනා... නගර සහ ගම් පිරිසිදු වෙලා පාට්ක් වැටුනා... ගම් මට්ටමේ ව්‍යාපාරික පන්තියක් නැගී ආවා.... දනපතීන් තවත් දනවත් වුනා..
      අද කොහොමද?
      රටම බන්කොලොත්..
      කුණු වලින් පිරිලා..මැස්සො මදුරුවො කෝටියයි! මුලු රටටම හූනියමක් වැදිලා!!

      Delete
    3. සරසා තුමා,

      //
      මොනා කිවුවත් මහින්ද මහත්තයගෙ කාලෙ මේ රටේ මිනිසුන් ට රක්ශාවරනයක් තිබුනා... නගර සහ ගම් පිරිසිදු වෙලා පාට්ක් වැටුනා... ගම් මට්ටමේ ව්‍යාපාරික පන්තියක් නැගී ආවා.... දනපතීන් තවත් දනවත් වුනා..
      අද කොහොමද?
      //

      මුලින්ම එදා සිදුවූ දෙයත් අද සිදුවෙන දෙයත් ගැන පැහැදිලිව තේරුම් ගන්න ඕනේ,
      අද සිදුවෙමින් පවතින්නේ ඉතා සුළු පුද්ගලයන් කීපදෙනෙක් විසින් රටේ සම්පත් මංකොල්ල කෑමේ වැඩපිළිවෙලක්, අර්ජුන මහෙන්ද්‍රන් රනිල් වික්‍රමසිංහගේ උදව්වෙන් කරන්නේ මෙයයි, ප්‍රශ්නය තියෙන්නේ මේ කොල්ලකන ලද මුදල් මහජනතාවට ගලායාමක් වෙන්නේ නෑ මේ නිසා ගම්මට්ටමින් වියපරිකයන් දියුණු වෙන්නේ නෑ

      මහින්දගේ කාලේ අතිවිශාල වියාපෘති කෙටිකාලින විදේශ ණය ගෙන සිදුකල බව ඔබ දන්නවා ඇති, මේ වියාපෘති ක්‍රියාත්මක වෙන තුරු රටේ ඔබකියන "ගම් මට්ටමේ ව්‍යාපාරික පන්තියක් නැගී ආවා" කියන දේ උනා නමුත් මේ ණය මේ ප්‍රමාණයෙන් දිගින් දිගටම ලබාගන්න බැරිබව මහින්ද දැනසිටිය, එච්චර විතරක් නෙමෙයි මෙ ණය සදහා වාරික සහ පොලිය ගෙවීමට මුදල් උප්පාදනය කරන වැඩපිළිවලක් මහින්දට තිබුනේ නෑ. මෙනිසා ඔහුට මේ ගත්ත අතිවිශාල ණය මුදලේ ප්‍රථම වාරිකය 2014 දෙසැම්බර් මස ගෙවීමට සිදුවෙන විට එම මුදල් දිගින් දිගටම සෙවීමේ අපහසුව දන්නා නිසයි ජනපතිවරණයට වසර 2 තිබියදී මැතිවරණයකට ගියේ.

      මහින්දට අවංකව රට දියුණු කිරීමට උවමනා උනානම් ඔහු මත්තල ගුවන්තොටුපලට යොදන මුදල ආයෝජනය කරන්නේ හම්බන්තොට වරාය සම්පුර්ණ කිරීමටයි එහෙම උනානම් අතිවිශාල ආදායමක් උපදවන්න තිබුන.

      අනෙක් ප්‍රශ්නය තමයි රජයේ පලදායිතාවයෙන් තොර රැකියා ඇතිකිරීම මෙනිසා ඔබකියන අදාළ රජයේ රැකියා කරන පුද්ගලයන්ට සහ යැපෙන අයට යහපතක් උනත් රටේ ආර්ථිකය අගාදයට යාමයි උනේ, යහපාලනය පැමිණ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000 වැඩිකිරීමෙන් තත්වය තව නරක අතට හැරුනා.

      //
      නාමල් උපාදියට කොහොම ලිවුවත්, මර්වින් කාව ගස් බැන්දත්, මොන සුද්දගේ ගෑනු ලමයා දූශනය කලත් මේ රටේ බහුතරයක් වන මහ ජනතාව සත පහකට ගනන් ගන්නේ නෑ..
      //

      මට තාම මතකයි නීති විද්‍යාලයේ විදුහල්පති ජනමද්යට දුන්න පණිවිඩය මම මෙයට සවන්දුන්න " නාමල් රාජපක්ෂ මහතාට වෙනම විබාගය ලිවීමට අවසර දුන්නේ විබාග ශාලාවේ ඉඩ මදිඋන නිසයි" මෙසේ ලියපු ඔහු වැඩිම ලකුණු ලබාගන්නවා
      https://www.colombotelegraph.com/index.php/two-storiesnamal-rajapaksa-took-oaths-as-attorney-at-law-and-two-students-arrested-for-exam-fraud/

      මෙයින් "මහ ජනතාව සත පහකට ගනන් ගන්නේ නෑ " කියන කතාව වැරදියි මොකද පාලකයන් වැරදි කරන විට ඔවුන් යටතෙ සිටින ඇමතිවරුනුත් ඔවුන් යටතේ සිටින නිලදරිනුත් අවසාන වශයෙන් මහජනයාත් මේ අසම්මත වැඩ වලට පුරුදු වෙන බව දේශනාකළේ බුදුරජාණන් වහන්සේයි.

      රටේ සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබෙන විට විශාල කළු පැල්ලමක් ඇති උනේ ඉහත කී දුෂණයෙන් බව ඔබට මතක ඇති මේ නිසා රටට සිදුවුනේ ලබියයුතුව තිබුන විශාල ආදායමක් රටට අහිමි වීමයි, මෙසේ රටේ සම්පත් විනාශ කිරීමත් ලැබියයුතු සම්පත් නැතිවීමත් නිසා අවසාන ලෙස සිදුවෙන්නේ අදාළ මුදල බදුමගින් රජය රැස්කර ගැනීම බව විශ්වවිද්‍යාලයක ඉහල අද්යාපනයක් ලබපු ඔබට මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ නේ සරසා තුමෝ.

      මේ නිසා රටේ පවුලකින් වක්‍ර බදු වලින් මසකට රුපියල් 15000 ත් 20 000 අතර මුදලක් රජය එකතු කරන බව ඔබට පහසුවෙන් තේරෙයි. මෙයින් පිඩාවට පත්වෙන්නේ ඔබ කියන {මහ ජනතාව සත පහකට ගනන් ගන්නේ නෑ} කියන පිරිස බව තේරෙනවනේ.

      දැනට වසර කීපයකට පෙර කැනඩාවට සංක්‍රමණය වූ මගේ මුතුරෙක් සමග skype ඔස්සේ සංවාදයේ නිරතවන විට ඔහු කිව්වේ ඔහු ආදායම බදු ගේවීමට ගණනය කරන බවයි, ඔබ ටිකක් හිතල බලන්න ශ්‍රී ලංකාවේ එහෙම නොකරපු කෙනා එහිදී එහෙම කරන්නේ ඇයි ? මෙය තේරුම් ගැනීමට මගේ කැනේඩියානු ගනුදෙනු කරුවෙක් සමග සාකච්චා කිරීමේදී මට තේරුනේ බදු නොගෙවීම ඔවුන් සලකන්නේ හොරකමක් ලෙසයි අපි ශ්‍රී ලංකාවේ බදු නොගෙවීම දක්ෂ කමක් ලෙස සලකන බව ඔබ දන්නවා ඇති.

      අද ඔබකියන "ඒත් මහජනතාව හසුරුවලා රට හරි දිශාවකට ගෙනියන්න රජයකින් කෙරෙන්න ඕනෙ... රජයකින් මහජනතාව බලාගන්න ඕනෙ.." කිසිදාක සිදු නොවන්නේ දෙසපාලනය කරන උදවිය මේ ක්‍රම ගෙන ආවොත් වැඩිම පාඩුව තමන්ට සිදුවෙන නිසයි. හැබැයි ජනතාව දිගින් දිගටම දැනුවත් වී මේ ක්‍රමවිදී සදහා බලපෑමක් කලොත් චන්දය ලබාගැනීමට හෝ ඔවුන් මේ නීති කීපයක් හෝ ක්‍රියාත්මක කරන තත්වයට යයි.

      මට මතකයට එනවා CHESS ක්‍රීඩාවේ තියනවා Forcing Moves කියල හදුන්වන උපක්‍රමයක් එයින් කරන්නේ තම ප්‍රතිවාදියාට ඔහුට ඕනේ හැටියට පහර දෙන්න බැරි කරලා අදාළ ප්‍රතිවාදිය පරාජය දක්වා මෙහෙයවන ක්‍රමවේදයක්, ජනතාව කරන්න ඕනේ මේ Forcing Moves පාවිච්චි කරලා දේසපාලුවෝ පාලනය කරන එකයි එතැනදී එක පර්ෂික නොවී මේවා ක්‍රියාත්මක කරන විදියට වැඩපිළිවලක් කරන්න ඕනේ.

      Delete
    4. //කුණු වලින් පිරිලා..මැස්සො මදුරුවො කෝටියයි! මුලු රටටම හූනියමක් වැදිලා!!//
      මේකට නම් හේතුව එක තනි නායකයෙක් නැතිකමයි Too many cooks spoil the soup !!

      Delete
    5. //ඔබට මතකද ආචාර්ය මර්වින් සිල්වා ඇමති තුමා සමුර්දි නිලදාරියෙක් ගස් බැන්ද, ඔබට මතකද එවක තිබුන චන්දය අවසාන වනතුරු හිඅපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (මහරජු ) ඔහුගේ ඇමතිකම ඉවත් කළා, ඊටපස්සේ ඔබට මතකද අදාළ පරීක්ෂණය පවත්වන්න පරීක්ෂණ මණ්ඩලයක් පත්කලා ? ඔබට මතකද චන්දය ඉවර උනාට පස්සේ අදාළ පරීක්ෂණ මණ්ඩලය තීරණය කලේ ඔහු උවමනාවෙන් ගස්බදගත් බවයි ඉන්පසු ඔහුට ජනමාද්‍ය නියෝජ්‍ය ඇමතිකම දුන්න ඔබට මතකද ? මේවා නෙමෙයිද හූනියම් සරසා තුමෝ ?//

      @ලාංකික සිතුවිලි,
      මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?
      ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී මෙරට ජන්තාවට සැබෑ ලෙසම ඉහත හේතු මත මහින්දා එපා උනේ නම්, එම පරීකශන මංඩලේ සභාපතිකම දරා මරුවින්ව නිදහස් කල හුටං ව හොඳ උනේ කෙසේද ?

      ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී නම් මහින්ද පැරදුනු පසුව එංගලන්තයේ කැමරන් කාරයා හෝ ඇමෙරිකාවේ කෙරී ඒ ගැන ඉන්දියාවට ස්තුති කලේ ඇයි ?

      Delete
    6. // @ලාංකික සිතුවිලි,
      මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?
      ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී මෙරට ජන්තාවට සැබෑ ලෙසම ඉහත හේතු මත මහින්දා එපා උනේ නම්, එම පරීකශන මංඩලේ සභාපතිකම දරා මරුවින්ව නිදහස් කල හුටං ව හොඳ උනේ කෙසේද ? //


      ඔවු.. ඒ විදියට මැරවින් ගේ වැඩ ගැන පරීක්ශන කල හුටන් ජනාදිපති වෙලත් මැරවින් ට අත තිබ්බෙ නෑ.. ඒ ඇයි?

      Delete
    7. AnonymousJune 16, 2017 at 5:10 AM,

      //මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?//

      මෙතන වැදගත් එම පරීක්ෂණ මණ්ඩලය නෙමෙයි එම පරීක්ෂණ මණ්ඩලය පිටිපසේ ඉගෙන රුකොඩ නටවපු මහින්ද රාජපක්ෂ (මහරජුයි ) මතකනේ ඔහුට උවනමා උනා නම් සරත් ෆොන්සේකා බල්ලෙක් වගේ ගෙනිච්චේත් ඔහුයි ශිරානි බණ්ඩාරනායක පැය 24 තුල තමුන්ගේ ගෝලයෝ ලවා නඩු ඇස්වල ඉවත් කලෙත් ඔහුයි.

      ඔහුට උවමනාව තිව්වනම් මරුවින් ගේ ඇමතිකම ඉවත් කරලා හිරේ යවන්න හෝ අර දුෂණය කරපු මිනිහව එම දුෂණය කරලා පැය 24 ක් යන්න ඉස්සෙල්ල බන්දනාගර ගථකීරීමට හැකියාව තිබුන.

      මෙතන මයිත්‍රී පාල කිසිදිනක හොදයි කියල මම කියන්නේ නෑ අන්ත දිලිදු පවුලක උපත ලබන ඔහු දේසපාලන බලය පාවිච්චි කරලා තමයි අතිවිශාල දිවුනුව ලබල තියෙන්නේ.

      මෙහිදී මිනිසුන් සිතන්න ඕනේ දෙසපාලුවොන් සමග හෙට්ටු කරන්නේ කොහොමද කියලයි.

      යම් විදියකින් මහින්ද බලයට ආවනම් ඔහු කිසිකලක ඔහු කල වැරදි නොනවත්වාම කරනවා විතරක් නෙමෙයි රටේ මිනිසුන්ට අකණ්ඩව බදුබර පැටවීමත් මෙතෙක් කල දුෂණය වේගයෙන් කිරීමත් ඔහු කරනු ඇති මිට හොදම නිදසුන 2005 සිට 2010 දක්වා ඔහුට තිබුන හික්මීම 2010 සිට 2015 වනවිට අතුරුදහන් වීමෙන් තේරුම් ගන්න පුළුවන්. මහින්ද පැරදීම සිදුවියයුතුම දෙයක් හැබැයි ජනතාව මයිත්‍රී රනිල් රජයට බලපෑම් නොකලොත් දිගින් දිගටම මේ තත්වය තියෙයි

      Delete
    8. ලාන්කික,
      //මෙතන වැදගත් එම පරීක්ෂණ මණ්ඩලය නෙමෙයි එම පරීක්ෂණ මණ්ඩලය පිටිපසේ ඉගෙන රුකොඩ නටවපු මහින්ද රාජපක්ෂ (මහරජුයි )//

      ඔබේ මූලික තර්කය ගොන් තර්කයක් බව ඔප්පු වෙන ප්‍රශ්නයක් මම ඇහුවේ ඔබ ඒකට උත්තර නොදී තව ගොන් කතා ගොඩක් කියනව. මගේ ප්‍රශ්නය උනේ ?

      //මර්වින් නිදහස් කල එම පරීක්ශන මන්ඩලයේ සභාපති වෙන කවුරුවත් නොව හුටං තුමාම බවට ඔබට මත්කද ?
      ඔබ කියන අකාරයට විදෙස් අත පෙවීමක් නොවී මෙරට ජන්තාවට සැබෑ ලෙසම ඉහත හේතු මත මහින්දා එපා උනේ නම්, එම පරීකශන මංඩලේ සභාපතිකම දරා මරුවින්ව නිදහස් කල හුටං ව හොඳ උනේ කෙසේද ?//

      ඉතිං මිනිස්සුන්ට අවංකවම ඔබ කියන කාරනා නිසා මහින්ද ව එපා උනා නම් මිනිස්සු මහින්ද වෙනුවට මහින්දගෙ කකුල් ලෙව කකා හිටපු ඔබ ඉහතින් කියන අකාරයේ රූකඩයක් බලයට ගෙනෙයිද ?

      Unfortunately most of the idiots in our country don't (may be never) understand this truth.

      Your enemy is not necessarily the one who shits on your head. Your friend, however, is not necessarily the one who pulls you out of the shit. And besides, one should never twitter when one is buried in shit.

      Delete
    9. මෙතැනදී ජනතාව කරල තියෙන්නේ තනි බලයක් ඇතුව විශාල ලෙස බලය අවබවිතා කල මිනිසෙකු ඉවත් කර තනි බලයක් නැති එත් බලය යම්පමනකට අවබවිතා කරන නමුත් හිටපු පාලකය අවබාවිතා කල පරිමාවෙන් බලය අවබාවිතා කල නොහැකි ප්‍රතිවිරුද්ද අදහස් ඇති මිනිසුන්ට බලය පැවරීමයි මෙහි වාසි නම්.

      තමන්ට කැමති ලෙස උපරිමෙන් සොරකම් කල නොහැකියි උදාහරණ අර්ජූන මහ්හෙන්ද්‍රන් සොරකම කළා ඔහුව දැන් රටේ ජනපති අදාළ දුරයෙන් ඉවත් කරලා තියනවා.

      ඒවගේම මෙහි අවාසිය තමයි රටේ කිසිවක් හරියට සිදු නොවීම මොකද එක එකා කකුලෙන් ඇදීමයි වෙන්නේ.

      මහින්දට අවංක උවමනාවක් තියනවනම් නිවැරදි වීමට ඕන තරම් කල් තිබුන ඔහු එය කලේ නෑ සහ කරන්නෙත් නෑ

      Delete
  4. සාරස අර වඳුරු කතා වස්තුව බලල මගෙ ඉල ඇදුනනෙ.
    මල කෙලියයි හෙට උදේම ඉල හදාගන්න ඩොකෙක් ළඟට යන්න ඕනැ.
    සාරස ඇදුනු ඉලවල් හදන හැටි ගැන මොකුත් දන්නෙ නෑ නේද.

    ReplyDelete
    Replies
    1. ඉල් මහ සැමරුම කොරන කස්ටිය දන්නව ඇති නේ?

      Delete
  5. කෙලියා එතකොට හුනියම බුමරෑනග් එක වෙලා සොබ්බට වැදිලා එයා නිවනට වැඩියාද

    ReplyDelete
  6. මම දෙදහස් පහේ සහ දෙදහස් දහයේ මහින්ද මහත්තයට ජන්දේ දුන්න. ඒත් එතුමාගේ දෙවැනි ධුරකාලයේ රට පාලනය කලේ මොනවගේ ඒකාධිපති වියුරුවකින්ද කියන එක අපි දැක්කා. ආයේ මහින්ද මහත්තයට බලයට එන්න හැකියාවක් නැහැ. එතුමාට දැන් වයසත් වැඩියි. අනික දෙපාරක්ම ජනාදිපතිධුරයේ කටයුතු කරානි.

    මයිත්‍රී ජනාධිපතිවරයා ගැන ඕනා තරම් විවේචන තිබෙනවා. ඒත් 2020 තෙක් මෙම පාලනය වෙනස් කරන්න තරම් හේතුවක් නැහැ. මොනා නැතත් නිදහසේ අදහස් දක්වන්න ඕනි කෙනෙක්ට අයිතිය තියෙනවා.

    මෙතන සාරස ලියලා තියෙනවා වගේ ඒ කාලේ මහින්ද මහත්තයා පිස්සු හැදුනු බුතයෙක්, ගෝඨාභය මහත්තයා කියන්නේ හුනියමක් වගේ එව්වා ලිව්වා නං මොනවා වෙයිද? ඒක හිතලා බලන්න. සරසා ලියන දේවල් වලින් ඇත්තටම වෙන්නේ මැදිහත්ව සිටිනා අයටත් මහින්ද මහතාව එපාවී, මයිත්‍රීට සහය දැක්වීම. ඔබ මෙතන වියරුවෙන් බැන වැදුනා කියා මහින්ද මහතාට සහය දක්වන්න අලුතින් පිරිසක් එන්නේ නෑ. මැදිහත් සිතින් කරුණු පෙන්වා දෙනවා නං සහය ලැබෙයි. ඔබට මහින්ද මහතාට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි මේ වියරුවෙන් ලියන මඩ හෑල්ල නවතා දැමීම.

    ReplyDelete
    Replies
    1. // ඔබට මහින්ද මහතාට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි මේ වියරුවෙන් ලියන මඩ හෑල්ල නවතා දැමීම. //


      කුණුහරුප මොඩරේට් වෙන නිසා දැන් නයා එන්නේ නවගුන වැළ අතට ගෙන වගේ නේද ගරු ඇණෝ තුමෝ?

      මා ගාව ඇඹුල් පොල්පිත්තක් තියේ හිටන්!!

      Delete
  7. Your comment will be visible after approval කියලා කියන්නේ ඇයි? කොමෙන්ට් මොඩරේට් කරනවා නං කරුණාකර මම කලින් එව්ව කොමෙන්ට් එක සහ මේක පබ්ලිෂ් කරන්න එපා. ආයේ මේකේ කොමෙන්ට් දාන්නේ නෑ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Dear ano sir...

      Thank you very much for participating in the discussion up to now. I respect your decision to not come here any more. Wish you the best of luck!

      Sa Ra Sa

      Delete
  8. නිස් අධ්‍යාපනයක් නොලද, කිසිම පෞර්ශ‍යක් නැති අලුකෙහෙල් ලෙල්ලක් වැනි නූගත් මිනිසෙකු බැරි මරගාතේ ඉදිරිපත් වී තමන් ට කරන්නට නොව හිතන්නට පවා අපහසු කාරියක් වන රට පාලනය රුපියල් දහයේ කාබන් පෑනෙන් අස්සන් කර බදා ගත්තු දා හිටන් ශ්‍රී ලංකාවේ මහජනතාවට හූනියමක් සිද්ද වෙලා ඇති බව ඉතාම පැහැදිලි ය.

    ශ්‍රී ලංකාවට මේ හූනියම සිද්ද කලේ RAW සහ CIA සන්විදාන වල කට්ටඩියන් විසිනි. කොට්ටොරුකම් කරමින් දුම්මල ඇල්ලුවේ මැරිච්චි සෝබිත, පනපිටින් ඉන්න රතන, හරක් විජේසූරිය, වී අන්ගොඩ, නිර්මාල් දේවසිරි, දබර කරන අමිල, පිරිමි හෙදිය, අසාද්‍ය සාලි වැනි අය හා ජ වි පෙ, දූශන සන්වර්දන පෙරමුණ, හෙර කරුමය වැනි ආයතන ය +++++++++++++++

    ReplyDelete

  9. යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි. එහෙත් රටක් වශයෙන් පොදුවේ ලබා ගත් එම සමස්ත ජයග්‍රහණය තුළ, විශේෂිත ආගමික සහ වාර්ගික ප්‍රජාවකගේ නිදහස අහිමිව යන සැටි බලා සිටීමට අද සිදුව තිබීම උත්ප්‍රාසාත්මක ය.

    දැන් සුදු වෑන් නැති බව ඇත්තයි. එසේම, මහ මගදී ‘නන්නාඳුනන්නෙකු’ විසින් ඝාතනය වීමේ හෝ පැහැරගෙන යනු ලැබීමේ අවදානමක් නැති බවත් ඇත්තයි. ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ. එහෙත් ඒ අතර, විශේෂිත ආගමික ප්‍රජාවක් මේ යහපාලන කාලයේ ජීවත් වන්නේ බියෙන් සහ සැකෙන් නම්, අප ලබා ගත්තේ යැයි කියන ඉහත සඳහන් නිදහසේ අරුතක් තිබේද?

    ගලගොඩඅත්තේ ඥානසාර කලක් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය සහ අනුග්‍රහය යටතේ මේ රට ගිනි තිබ්බේය. එදා පොලීසිය සහ අධිකරණය වැනි, නීතියට අදාළ අංශ රාජපක්ෂලාගේ බලය ඉදිරියේ නිරුත්තර වූහ. අසරණ වූහ. ඒ ගින්න ඉදිරියේ මුළු රටම දැවී යාමට මත්තෙන්, අපේ වාසනාවට මේ රටේ බුද්ධිමත් ජනතාව මහින්ද රාජපක්ෂට යස පාඩමක් උගන්වමින් ඔහුව ගෙදර යැවූහ. එසේ නොවන්නට, ගලගොඩඅත්තේ ඥානසාර වැනි ෆැසිස්ට් උන්මත්තකයන්ගේ උසිගැන්වීම් මත දඬුවමට ලක්විය හැකිව තිබුණේ මුළු මහත් රටමයි.

    අද පොලීසිය සහ අධිකරණය පාලක බලධාරීන් විසින් මෙහෙයවනු ලබන බවට නිශ්චිත සාක්ෂි නැත. එහෙත් මේ රජයේ ඇතැම් පුද්ගලයන් විවිධ අවස්ථාවල පොලීසියට ඇඟිලි ගසන බවට ආරංචි තිබේ. හිටපු රජයේ අකටයුතුකම් පිළිබඳව පොලිස් විමර්ශන අවසන් කොට ඇති සිදුවීම් දුසිම් ගණනාවක් වසරකටත් වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී කළා සේම දැනුත් ප්‍රසිද්ධියේ නීතිය උල්ලංඝණය කරයි. පුලුවන් නම් තමන්ව අත්අඩංගුවට ගන්නැයි පොලීසියට ප්‍රසිද්ධියේ අභියෝග කරයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විභාග වන නඩුවකට පැමිණීම හිතාමතාම ඔහු මගහරිනවා පමණක් නොව, මුළු රටම හිනස්සවන තරමේ නිදහසට කරුණු අධිකරණයට නොපැමිණ සිටීම සඳහා ඉදිරිපත් කරයි. වෛරී භාෂණය සහ වර්ගවාදී උසිගැන්වීම් මත අත්අඩංගුවට පත්වීම මගහරිමින් හැංගී සිටින අතරේ, අසනීපයෙන් රෝහල්ගතව සිටිතැයි වරක් ඔහු අධිකරණයට දන්වා එව්වේය. අධිකරණයට පැමිණීමට නොහැකි තරමට ඔහු පෙලුණු රෝගය කුමක්ද, ඒ සඳහා පැය කීයක් රෝහල්ගතව සිටියේද, ප්‍රතිකාර ලබනවා යැයි කියන රෝහල කුමක්ද ආදී කිසි තොරතුරක් පිළිබඳ පෙරලා එහිදී ප්‍රශ්න නොකෙරුණි. ඊළඟට, ජීවිත තර්ජනයක් ඇති නිසා අධිකරණයට නොපැමිණෙමැයි ඔහු අධිකරණයට දන්වා සිටියේය. බන්ධනාගාරයේදී තමාව ඝාතනය කිරීමේ අවදානමක් ඇති බවට වන ප්‍රබන්ධය මාධ්‍යය හරහා විසිරුවා හැර, බන්ධනාගාරගත වීමෙන් වැළැකී සිටීමේ සෑම උපාමාරුවක්ම යොදා ගැනීම අනිත් පැත්තෙන් ඔහු යුක්ති සහගත කර ගනී.

    ReplyDelete
    Replies
    1. ගලගොඩ අත්තේ හිමි ව මෙහෙයවන්නා චම්පික රණවක බව බොහෝ දෙනා ගේ මතයයි. චම්පික රණවක යහපාලන පාන්ඩුවේ ප්‍රබල ඇමැතියෙකි. වරෙන්තුදාරීන් සඟවාගෙන සිටීමද බරපත වැරැද්දකි!

      Delete
    2. //යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංගය වන්නේ, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයත් සමග සසඳන විට, බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි.//

      මේ යහපාලන් ආණ්ඩුවේ ඇති ලබ්බේ සාධනීයත්වයක් නිසා නොව වත්මන් යහපාලන ආණ්ඩුව ෆෲට් සැලඩ් එකක් නැත්නම් කැඳහැලියක් නිසාය. ආණ්ඩුවේ කිසිම සාමූහිකත්වයක් නැත, හැමෝම වෙන කාට හරි ඇඟිල්ල දික්කොට "අරූ හොරා, මම හොඳයි" කියා අත පිසදාගනිති. එජාපය සංධාන දෙස්පාලුවන්ටත්, සංධානය එජාපයටත්, එජාපයේම ඇමතිවරු අනෙක් සහෝදර ඇමතිවරුන්ටත් නීච ලෙස අපවාද හෙලමින් තම්න් සුදනා වීමට දතකති. මේ නිසා ඕනෑම එකෙක්ට ඕනෑම එකෙක් විසේචනය කල හැකි බවක් පෙනේ.

      නමුත් ජනපති මෛත්‍රී විවේචනය කළ මරාවාදී නිදහස් පාක්ෂිකයින් පක්ෂ සාමාජිකත්වයෙන් එලවා දැමීම, ත්‍රජනය කිරීම, සංවිධායකධූර උදුරාගැනීම වැනි තුප්පහි වැඩ කරද්දී මේ මන්දබුධ්ධික යහපාලන කැඳහැලිය ඇති කල ලබ්බේ නිදහසක් නැති බව ඉතා පැහැදිලිව පෙනේ. ඇත්තේ කැඳහැලියේ විකාර රූපී බව බව නිසා සතුරා කෞද මිතුරා කවුද හඳුනාගතනොහැකිවීමයි.

      Delete
    3. සරස මුස්ලිම් අන්තවාදී දේශපාලනය පරාජය කළ යුත්තේ, ඒ හා සමාන හෝ ඊටත් එහා යන අන්තවාදී භාවිතාවක් ඔස්සේ යමින් නොවේ. කුමන අන්තවාදයකටවත් ඉඩ නොදෙන රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමෙන් මිස, මේ කවර උවදුරකින්වත් ලක්මව බේරා ගත හැකි නොවේ. නැඟෙනහිර හෝ වෙනත් කවර ප්‍රදේශයක හෝ වේවා, නීති විරෝධීව ජනාවාස කවරකු විසින් හෝ ඇති කරනුයේනම්, පුරාවිද්‍යා භූමීන් වනසා දමනු ලබන්නේනම්, ආගමික සමගියට එරෙහි වන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුවය. ආණ්ඩුව ඇතැම් අන්තවාදීන් සම්බන්ධව සහනශිලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමෙන් සිදුවන්නේ, තවත් අන්තවාදයකට වැඩෙන්නට අවශ්‍ය පිටිය පිළියෙල කර දීමය. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කවරකුට වුව, රක්‍ෂිත භූමි වැනසීමට ඉඩ දිය යුතු නැත. පුරාවිද්‍යා වටිනාකම් ඇති භූමි ප්‍රදේශ වැනසීමට ඉඩ දිය යුතු නැත. ඒවා ආරක්‍ෂා කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. ආණ්ඩුව එම වගකීම ඉටු නොකරන විට සිදුවන්නේ ජන කොටස් දෙකක් අතර ඇති වන ගැටුමක් දක්වා ප්‍රශ්නය බරපතළ වීමය. එබැවින්, අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, නැඟෙනහිර හා ඇතැම් වෙනත් ප්‍රදේශවල අන්තවාදීන් විසින් සිදු කර ඇතැයි කියාන විනාශයන් පිළිබඳ වහාම සොයා බලා, ඊට එරෙහිව පියවර ගන්නා ලෙසය. එසේ නොකරන්නේ නම්, අපට පිළිගන්නට සිදුවන්නේ, ආණ්ඩුවට අවශ්‍ය අන්තවාදයන් අතර මරා ගැනිල්ලක් දැකීමට මිස, කවර අන්තවාදයකටවත් වැඩෙන්නට ඉඩ නොහැරීම නොවන බවය.

      Delete
    4. මුස්ලිම් ජාතිකයින් රාමසාන් උපවාසය අතහැරීමේ ඉෆ්තාර් උත්සවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්වින.

      එම අවස්ථාවට මුස්ලිම් රටවල් කිහිපයකම මෙරට තානාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

      එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඟවා ගෙන ඇත්තේ වෙන කිසිවෙකු නොව ආණ්ඩුවම විසින් බවයි.

      තව දුරටත් අදහස් දැක්වු රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජාතිවාදී සංවිධාන මර්දනයට නව නීති කිසිවක් අවශ්‍ය නොවන බවත් දැනට පොලීසියට ඇති බලතල ප්‍රමාණවත් බවත්ය.

      Delete
    5. අනේ පලයන් බෝක්කු කටෝ යන්න……ඥාණසාරල එදා කරෙත් උඹලගෙ කොන්ත්‍රාත්……අද කරන්නෙත් උඹලගෙ කොන්ත්‍රාත්… රෙද්දේ යහපාලනේ,

      Delete
    6. "යහපාලන" වචනෙටත් නිග්‍රහ කරමින් හොරකම පට්ටපල් බොරු ප්‍රෝඩාව පදනම කරගනිමින් රාජපක්ස හොර හැත්ත එලවා දමා අපිම පත්කරගත් මේ ආන්ඩුව ගැන කිව්වොත් මුන් ලෝක හොර මරාටත් බූරුවන්සලා වගේ වාචාල පිස්සන්ටත් වඩා එපාම කරපු අන්ත දූෂිත කාලකන්නි එපාම කරපු මලපෙරේත කම්බා හොරු රැලක්, නොදකින් මාත් ජනවාරි අට හංසයට කතිරෙ ගැහුවනේ, නොදකින්, ඡන්දෙ නොදා ඉන්න තිබ්බේ, මරාගේ හොර රැලත් එකයි, දැන් මුන් ඊට හපන්, නොදකින් නොදකින් නොදෝමකින්, හෙනගහපියව් කාලකන්නින්ට, හැඳිගෑවිලාඅම පලයව් මලපෙරේත හැත්ත.

      Delete
    7. ඉයන්,

      ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔබ දන්නවාද? ඉයන්ගේ කට මෑත දෙඩවිලි වලින් සහ ක්‍රියා වලින් පෙනෙන්නේ ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔහු නොදන්නා බවයි. තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සෑම ජාතී සහ අාගම්වාදියෙක්ම සිතය්. කුරාණයේ මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරැ අැති බව ඔබ දන්නවාද.

      Delete
    8. // නමුත් ජනපති මෛත්‍රී විවේචනය කළ මරාවාදී නිදහස් පාක්ෂිකයින් පක්ෂ සාමාජිකත්වයෙන් එලවා දැමීම, ත්‍රජනය කිරීම, සංවිධායකධූර උදුරාගැනීම වැනි තුප්පහි වැඩ කරද්දී මේ මන්දබුධ්ධික යහපාලන කැඳහැලිය ඇති කල ලබ්බේ නිදහසක් නැති බව ඉතා පැහැදිලිව පෙනේ. ඇත්තේ කැඳහැලියේ විකාර රූපී බව බව නිසා සතුරා කෞද මිතුරා කවුද හඳුනාගතනොහැකිවීමයි. //

      ++++++++++++++

      Delete
  10. සරස තුමා ජාතිවාදී ගැටුම් අවුළුවාලීමේ ආණ්ඩුවේ උවමනාව ඉටු නොකරමු. දෙමළ ඊළම්වාදී අන්තවාදී කොටස් විසින්, ජන සංහාරක සතියක් ප්‍රකාශයට පත්කර උතුරේ පහන් පත්තු කරද්දී, යුද්ධය නිමා කර වසර 8ක් සම්පූර්ණ වූ දිනයේදීම යාපනයේ පොලිස් රථයකට වෙඩි ප්‍රහාර එල්ල කරද්දී, දකුණේ සමාජය සිංහල-මුස්ලිම් ගැටුමකට ඇද වට්ටවාලීමේ සූක්‍ෂ්ම මෙහෙයුමක් දැන් නැවත වතාවත් දියත්ව තිබේ.

    බෙදුම්වාදීන් පිනවීමට, ආණ්ඩුව විසින් ගෙන ඒමට සැරසෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පිළිබඳව ද, ඉන්දියාවට අපගේ සේවා ආර්ථිකය පමණක් නොව රටම බිලිදෙන එට්කා ගිවිසුම පිළිබඳව ද, ජාතික ආර්ථික සම්පත් විකුණා දැමීම හා දවසින් දවස රට ආර්ථිකමය වශයෙන් බෙලහීන කිරීම පිළිබඳව ද මහජන අවධානය යොමු වනු වළකා, සිංහල ජන සමාජය හා මුස්ලිම් ජන සමාජය එකිනෙකා මරා ගනු ලබන ඉරණමකට ඇදවට්ටවාලීම මෙහි අරමුණ වී තිබේ.

    2015 ජනවාරි 8 සිදු කෙරුණු බල පෙරළියට පෙර ද ගලගොඩඅත්තේ ඥානසාර අලුත්ගම ප්‍රදේශයේදී රඟ දැක්වුණේ, බල පෙරළියට මුස්ලිම් ජනතාව පක්‍ෂපාතීව හසුරුවා ගැනීමේ මෙබදුම නාටකයක් බව අප වටහා ගත යුතුව තිබේ.

    මුස්ලිම් අන්තවාදී දේශපාලනය පරාජය කළ යුත්තේ, ඒ හා සමාන හෝ ඊටත් එහා යන අන්තවාදී භාවිතාවක් ඔස්සේ යමින් නොවේ. කුමන අන්තවාදයකටවත් ඉඩ නොදෙන රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමෙන් මිස, මේ කවර උවදුරකින්වත් ලක්මව බේරා ගත හැකි නොවේ.

    නැඟෙනහිර හෝ වෙනත් කවර ප්‍රදේශයක හෝ වේවා, නීති විරෝධීව ජනාවාස කවරකු විසින් හෝ ඇති කරනුයේනම්, පුරාවිද්‍යා භූමීන් වනසා දමනු ලබන්නේනම්, ආගමික සමගියට එරෙහි වන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුවය. ආණ්ඩුව ඇතැම් අන්තවාදීන් සම්බන්ධව සහනශිලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමෙන් සිදුවන්නේ, තවත් අන්තවාදයකට වැඩෙන්නට අවශ්‍ය පිටිය පිළියෙල කර දීමය. සිංහල, දෙමළ හෝ මුස්ලිම් කවරකුට වුව, රක්‍ෂිත භූමි වැනසීමට ඉඩ දිය යුතු නැත. පුරාවිද්‍යා වටිනාකම් ඇති භූමි ප්‍රදේශ වැනසීමට ඉඩ දිය යුතු නැත. ඒවා ආරක්‍ෂා කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. වත්මන් අන්ත දූෂිත අශීලාචාර කාලකණ්ණි ගජබින්න වලින් සහ කටහැකර පල්හෑලිවලින් පරිපූර්ණ වූ මෙලෝ වැඩක් බැරි යහපාලන ආණ්ඩුව මේ ගැන පූර්ණ වගකීම භාරගත යුතුය.

    ReplyDelete
  11. ආණ්ඩුව එම වගකීම ඉටු නොකරන විට සිදුවන්නේ ජන කොටස් දෙකක් අතර ඇති වන ගැටුමක් දක්වා ප්‍රශ්නය බරපතළ වීමය. එබැවින්, අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, නැඟෙනහිර හා ඇතැම් වෙනත් ප්‍රදේශවල අන්තවාදීන් විසින් සිදු කර ඇතැයි කියාන විනාශයන් පිළිබඳ වහාම සොයා බලා, ඊට එරෙහිව පියවර ගන්නා ලෙසය. එසේ නොකරන්නේ නම්, අපට පිළිගන්නට සිදුවන්නේ, ආණ්ඩුවට අවශ්‍ය අන්තවාදයන් අතර මරා ගැනිල්ලක් දැකීමට මිස, කවර අන්තවාදයකටවත් වැඩෙන්නට ඉඩ නොහැරීම නොවන බවය.

    රට, ජාතිය හා ආගම පිළිබඳ ඇති ආදරය, පහසුවෙන් ආවේගයක් බවට පෙරළිය හැකිය. එහෙත්, එකී ආවේග වෙතින් පමණක් මෙහෙයවනු ලැබුවහොත්, විනාශ වනු ඇත්තේ රට, ජාතිය හා ආගම ම බව අප අවබෝධ කර ගත යුතුය. ‘1983 අපකීර්තිමත් කළු ජූලිය’ සිදු කළ එජාප මැරයන්, එමගින් සිදු කළේ වේලුපිල්ලේ පිරපාහරන්ගේ අන්තවාදයට වැඩෙන්නට අවශ්‍ය සරු පස ජාතිකවත් ජාත්‍යන්තරවත් නිර්මාණය කර දීමය. එදා දෙමළ මිනිසුන් මරා දැමීමෙන් හෝ දේපළ වැනසීමෙන් සිදු වූයේ, දෙමළ ඩයස්පෝරාවක් ලොව පුරා නිර්මාණය වීමත්, එමගින් මිනීමරු කොටි ත්‍රස්තවාදය හැම අතින්ම පෝෂණය කිරීමත්, මරාගෙන මැරෙන කොටින් නිමැවීමට පහසු හැකියාවක් පිරපාහරන්ට හිමිකර දීමත් පමණි. එමෙන්ම, සිංහලයන් ‘ම්ලේච්ඡයන්’ ලෙස හඳුන්වන තත්වයකට ලොව පත් වූයේත් ‘කළු ජූලියට’ පින්සිදු වන්නටය.

    එබැවින්, එම ඉතිහාස අත්දැකීම් වෙතින් උගෙන සිංහල-දෙමළ-මුස්ලිම් මරාගැනිල්ලකට රට ඇදවැට්ටවීමට දෙපැත්තේම අන්තවාදීන් දරන උත්සාහය අපි පරාජය කළ යුතු වෙමු. කවර අන්තවාදයක් වුව පැරදවිය හැක්කේ බාහු බලයෙන් නොවන බව අපි වටහා ගත යුතු වෙමු. එම නිසා, ශ්‍රී ලංකාවට හතුරු බලවේගයන්ගේ මනදොළ පිනවන එබඳු මරාගැනිල්ලකට රට ඇද හෙළන්නට කුරුමානම් අල්ලන සියලු කණ්ඩායම් පරාජය කිරීමට පියවර ගන්නා මෙන් ලක්වැසි සියලු දේශමාමක ජනතාව වෙතින් අපි ඉල්ලා සිටිමු.

    කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටය. එවැන්නක් ඇති වුවහොත්, එයම දඩමීමා කරගනිමින් ආණ්ඩුව හදිසි නීතිය පනවා පළාත් සභා මැතිවරණය එමගින් කල් දමා, තම මර්දනකාරී මෙහෙයුමට අවශ්‍ය උත්තේජනය එමගින් ලබාගනු ඇත. ඒ අතරම බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට, එට්කා ගිවිසුමට හා රට විකිණීමට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රගතිශිලී ජාතිකවාදී බලවේග මත ද ජාතිවාදී ලේබලය අලවා ඔවුන් මර්දනය කිරීමට ද එය යොදා ගනු නිසැකය. එබැවින්, කවර අයුරින් හෝ මේ දේශද්‍රෝහී ආණ්ඩුවට වාසි සලසන ජාතිවාදී මරා ගැනිල්ලකට රට ඇද නොදමන මෙන් අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

    එමෙන්ම, ඇතැම් අන්තවාදී කොටස්වල නීතියට පටහැනිව සිදුකර තිබෙන ආක්‍රමණශිලී ක්‍රියා සම්බන්ධ චෝදනා ගැන වත්මන් අන්ත දූෂිත අශීලාචාර කාලකණ්ණි ගජබින්න වලින් සහ කටහැකර පල්හෑලිවලින් පරිපූර්ණ වූ මෙලෝ වැඩක් බැරි යහපාලන ආණ්ඩුව මේ ගැන පූර්ණ වගකීම භාරගත යුතුය. අන්තවාදී කොටස්වල නීතියට පටහැනිව සිදුකර තිබෙන ආක්‍රමණශිලී ක්‍රියා සම්බන්ධ චෝදනා අරබයා නීතිය භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මෙන් ද අපි ආණ්ඩුවට බලකර කියා සිටිමු.

    ReplyDelete
  12. ආණ්ඩුව එම වගකීම ඉටු නොකරන විට සිදුවන්නේ ජන කොටස් දෙකක් අතර ඇති වන ගැටුමක් දක්වා ප්‍රශ්නය බරපතළ වීමය. එබැවින්, අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, නැඟෙනහිර හා ඇතැම් වෙනත් ප්‍රදේශවල අන්තවාදීන් විසින් සිදු කර ඇතැයි කියාන විනාශයන් පිළිබඳ වහාම සොයා බලා, ඊට එරෙහිව පියවර ගන්නා ලෙසය. එසේ නොකරන්නේ නම්, අපට පිළිගන්නට සිදුවන්නේ, ආණ්ඩුවට අවශ්‍ය අන්තවාදයන් අතර මරා ගැනිල්ලක් දැකීමට මිස, කවර අන්තවාදයකටවත් වැඩෙන්නට ඉඩ නොහැරීම නොවන බවය.

    රට, ජාතිය හා ආගම පිළිබඳ ඇති ආදරය, පහසුවෙන් ආවේගයක් බවට පෙරළිය හැකිය. එහෙත්, එකී ආවේග වෙතින් පමණක් මෙහෙයවනු ලැබුවහොත්, විනාශ වනු ඇත්තේ රට, ජාතිය හා ආගම ම බව අප අවබෝධ කර ගත යුතුය. ‘1983 අපකීර්තිමත් කළු ජූලිය’ සිදු කළ එජාප මැරයන්, එමගින් සිදු කළේ වේලුපිල්ලේ පිරපාහරන්ගේ අන්තවාදයට වැඩෙන්නට අවශ්‍ය සරු පස ජාතිකවත් ජාත්‍යන්තරවත් නිර්මාණය කර දීමය. එදා දෙමළ මිනිසුන් මරා දැමීමෙන් හෝ දේපළ වැනසීමෙන් සිදු වූයේ, දෙමළ ඩයස්පෝරාවක් ලොව පුරා නිර්මාණය වීමත්, එමගින් මිනීමරු කොටි ත්‍රස්තවාදය හැම අතින්ම පෝෂණය කිරීමත්, මරාගෙන මැරෙන කොටින් නිමැවීමට පහසු හැකියාවක් පිරපාහරන්ට හිමිකර දීමත් පමණි. එමෙන්ම, සිංහලයන් ‘ම්ලේච්ඡයන්’ ලෙස හඳුන්වන තත්වයකට ලොව පත් වූයේත් ‘කළු ජූලියට’ පින්සිදු වන්නටය.

    එබැවින්, එම ඉතිහාස අත්දැකීම් වෙතින් උගෙන සිංහල-දෙමළ-මුස්ලිම් මරාගැනිල්ලකට රට ඇදවැට්ටවීමට දෙපැත්තේම අන්තවාදීන් දරන උත්සාහය අපි පරාජය කළ යුතු වෙමු. කවර අන්තවාදයක් වුව පැරදවිය හැක්කේ බාහු බලයෙන් නොවන බව අපි වටහා ගත යුතු වෙමු. එම නිසා, ශ්‍රී ලංකාවට හතුරු බලවේගයන්ගේ මනදොළ පිනවන එබඳු මරාගැනිල්ලකට රට ඇද හෙළන්නට කුරුමානම් අල්ලන සියලු කණ්ඩායම් පරාජය කිරීමට පියවර ගන්නා මෙන් ලක්වැසි සියලු දේශමාමක ජනතාව වෙතින් අපි ඉල්ලා සිටිමු.

    කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටය. එවැන්නක් ඇති වුවහොත්, එයම දඩමීමා කරගනිමින් ආණ්ඩුව හදිසි නීතිය පනවා පළාත් සභා මැතිවරණය එමගින් කල් දමා, තම මර්දනකාරී මෙහෙයුමට අවශ්‍ය උත්තේජනය එමගින් ලබාගනු ඇත. ඒ අතරම බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට, එට්කා ගිවිසුමට හා රට විකිණීමට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රගතිශිලී ජාතිකවාදී බලවේග මත ද ජාතිවාදී ලේබලය අලවා ඔවුන් මර්දනය කිරීමට ද එය යොදා ගනු නිසැකය. එබැවින්, කවර අයුරින් හෝ මේ දේශද්‍රෝහී ආණ්ඩුවට වාසි සලසන ජාතිවාදී මරා ගැනිල්ලකට රට ඇද නොදමන මෙන් අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව වෙතින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

    එමෙන්ම, ඇතැම් අන්තවාදී කොටස්වල නීතියට පටහැනිව සිදුකර තිබෙන ආක්‍රමණශිලී ක්‍රියා සම්බන්ධ චෝදනා ගැන වත්මන් අන්ත දූෂිත අශීලාචාර කාලකණ්ණි ගජබින්න වලින් සහ කටහැකර පල්හෑලිවලින් පරිපූර්ණ වූ මෙලෝ වැඩක් බැරි යහපාලන ආණ්ඩුව මේ ගැන පූර්ණ වගකීම භාරගත යුතුය. අන්තවාදී කොටස්වල නීතියට පටහැනිව සිදුකර තිබෙන ආක්‍රමණශිලී ක්‍රියා සම්බන්ධ චෝදනා අරබයා නීතිය භේදයකින් තොරව ක්‍රියාත්මක කරන මෙන් ද අපි ආණ්ඩුවට බලකර කියා සිටිමු.

    ReplyDelete
  13. මුස්ලිම් අන්තවාදීන් පරාජය කළ යුතුයි.. ඒ මෙහෙමයි..- අපි කරන්නේ බැසිල්ට කියලා විල්පත්තව කපාගන්න දුන්න වගේ අම්පාර, මඩකලපුව, ගම්පොල, තව ඒගොල්ලො ඉල්ලන හැමදේම දීල දානවා.
    ආණ්ඩු මාරැ වුනා කියලා මේ දේවල්වල වෙනසක් නැහැ. ඇත්ත ඕකයි. මුන්ගෙ ඡන්ද ටිකට තොපි දෙගොල්ලොම ඕන එකක් දෙනවා.

    ReplyDelete
  14. සරස, බහුතර මුස්ලිිම් චන්ද කවදාවත් රාජපක්ෂලට නැත්නම් මුසම්මිල්ල සමග විමල්ලටවත් දුන්නෙ වත් නැහැ ඉස්සරහට ලැබෙන්නෙත් නැහැ. හැමදාම මුස්ලිම් චන්ද කුට්ටියක් හැටියට වැටුනෙ මුස්ලිම් පක්ෂ කියන විදිහටයි. ඒ ඔවුන්ගේ නායකයන් ප්‍රවර්ධනය කරන වර්ගවාදී තක්කඩි අවස්ථාවාදී දේශපාලනයේ ස්වභාවය. මුස්ලිම් පක්ෂ නැති නම් මුලිම් ඡන්ද තිබහුතරයක් එජාප යටයි. ගිය සැරේ මහින්ද පැරදුනේ මුස්ලිම් ඡන්ද නිසයි කියන්නෙත් මහා මිථ්‍යායාවක්. 90% ක් 95% ක් සිංහල බෞද්ධ සිටින මහරගම, කැස්බෑව, හෝමගම අාසන හොඳම උදාහරණයි. ඒ සියලු අාසන වලින් 2015 දි මහින්දට ලැබුනෙ 2009 දි ලැබුන චන්ද වලට සෑහෙන අඩු ප්‍රතිශතකයකුයි. අැයි සරස එහෙම උනේ?

    ඇත්තටම සරස මහින්ද පැරදුනේ හොරා හොරා කියන බොරැවට සහ රු.10,000/- ට රැවටිච්ච ආන්ඩුවේ සේවක සිංහල චන්ද වලින් බව මට නම් පැහැදිලියි. හැබැයි ලබන සැරේ යහපාලන බොරැවට රැවටෙන අය නැහැ. හැබැයි සරස ලබන සැරෙත් මුස්ලිිමුන් සහ දෙමළ අති බහුතරය චන්දෙ දෙන්නෙ මහින්දට විරැද්ධවයි. 74% ක් වන බහුතර සිංහල ජනතාව රටේ නායකයාව තීරණය කරනවා, නමුත් සිංහලයන් වාද භේද හැරදා එක්සත්ව එක්සිත්ව සමගි විය යුතුයි

    ReplyDelete
  15. මා දන්නා කාලයේ හොඳ තරුණයින් පිරිසක් පොදු බලාපොරොත්තු ඇතිව කැපවීම් කරමින් ජවිපෙ වෙනුවෙන් වැඩ කළා. පසුව ජවිපෙ දේශප්‍රේමය මුළට දමා ඔවුන් සමහර දෙනෙකුව මිනීවලට ගෙන ගියත්, තවමත් ඒ පිරිස ගැන හිතන විට ජවිපෙ පිළිබඳව යම් පැහැදීමක් තියෙනවා.

    නමුත්, ඕනෑම ව්‍යාපාරයකට, පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ ස්වාධීනත්වය අතහැර පක්‍ෂයේ හෝ ව්‍යාපාරයේ හෝ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. මේක හැම වාමාංශිකයෙකුට ම සිදුවෙන දෙයක්.

    ශිෂ්‍ය දේශපාලනයේ යෙදුනත්, පක්‍ෂ දේශපාලනයට මා යොමු නොවුනේ ඒ ස්වාධීනත්වයේ ප්‍රශ්නය නිසයි.

    ඒ අනුව, ජවිපෙට බැඳී ඉන්නා අයගේ පූර්ණ ශක්‍යතාව රටට ලැබෙන්නට නම් ජවිපෙ විසුරවා හැරිය යුතු වෙනවා.

    ReplyDelete
  16. ඇත්තම කිව්වොත් ස රස අර ජවිපෙ කට්ටිය කියන්න වගේ "උනුත් එකයි මුනුත් එකයි", හැබැයි දැන් නම් එහෙම කියන ජවිපෙත් එකයි. ජවිපෙ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණ. ඡන්දය අවලංගු නොකර ප්‍රකාශ කල හැම වෙලාවකම ජවිපෙ හෝ ජවිපෙ පෙනීසිටි මතවාදය වෙනුවෙන් තමයි ඡනද්යක් ප්‍රකාශ කලේ. දැන් නම් ඒ ජවිපෙ ගැන ප්‍රමාණයට අනුව අබ මල් රේණුවක තරම් විශ්වාසයක් නැහැ. ජවිපෙ සාමාජිකයන් කවදා මොන ආකරකට හෝ මැරෙන්නේ අසාර්ථක මිනිසුන් ලෙස බවයි මට හිතෙන්නේ. සෝමවංශ අවසන් කාලයේ ඇල්ලූ අඩවූ වලිනුත් ඒ අසාර්ථකත්වය පෙනුණා. සමහර විට මැරෙන බව දැනෙන විට ගෙවූ දෙබිඩි මවාපෑමකට පමණක් සීමාවූ ජීවිතයේ අවබෝධ වී වියරු වැටෙන්නට ඇති.

    විශේශයෙන්ම ස රස 2008 යුද්ධය බරපතලව තිබුණු කාලෙක මෙන්ම අද පවා ජවිපෙ අසාධාරනලෙස වෘතීය සංගම් කුලප්පු කර වර්ජන කරවීමෙන් සාමාන්‍ය ජනතාවට වුන සහ වෙන විශාල අපහසු තාවයන් දැකීමෙන් මුලින්ම ජවිපෙ ගැන නොසතුටට පත්වුණා.

    ඒ වගේම ජවිපෙ "අපේ දැක්ම" සහ පසුව "හෘද සාක්ෂියේ සම්මුතිය" වැනි ප්‍රතිපත්ති ප්‍රකාශනවල රට දියුණු කරගැනීමට හඳුනා ගත් "දියුණු කරන ලද මානව සම්පත" වෙනුවට, පාඨමාලාව සඳහා මුදල් ගෙවා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල වලට එරෙහිව සිසුන් දැක්කීම මගින් ජවිපේ තවම සිටිනේනේ 89 සිටි මිනීමරු මානසිකත්වයේ බවට නැවත පෙන්වනවා. ජවිපෙට වුනේ මොකවත් නෙවේ. කුරුටුගමියෝ ස්ටුඩන්ට් යුනියන් ටික අල්ලාගනී කියල බයට තමුන්ගේ මතය වෙනුවෙන් පෙනීහිටිනේ නැතුව ජනප්‍රිය මතය වෙනුවෙන් බොර්වක් කරන්න යාමෙන් අමාරුවේ වැටීමක් වුනේ.

    ස රස පිළිගන්නවා නේද අයිටී දැන් රටට මුදල් ගෙනන ප්‍රධාන ව්‍යාපාරයක් බව? හැබැයි අයිටී ඉන්ඩස්ට්‍රි එකේ වැඩිහරියක් ඉන්නේ මුදල් ගෙවා පාඨමාලා ඉගෙනගත් අය. ඉහලම ස්ථරවල මොරටුව කොළඹ වැඩකාරයෝ ඉන්න එකත් ඇත්ත. උසස්පෙළ සමත් සියලුදෙනාට තමුන්ගේ මුදලින් කැමති ලෙසට ඉගෙන ගන්න ඉඩ දියයුතුයි. ඉගෙන ගන්න ඉඩදී පසුව ඔවුන්ට අදාළ කුසලතාවය ගන්න බැරි නම් අසමත් කර දැමීම තමයි කලයුත්තේ. මේක මනුස්සකමෙන් කතාකරන්නේ නැතුව ත්‍රාඩ විදියට අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න තමයි දැන් ජවිපෙ හදන්නේ.

    දැන් සර ස ජවිපෙ කියන විදියට කවදාහරි එයාල බලයට ඇවිත් උසස්පෙළ සමත් හැමෝටම නොමිලේ උපාධි දෙනකන් උසස්පෙළ සමත් මිනිස්සු ඉගෙන නොගෙන ඉන්න ඕනේ. තව කලකින් කියාවිද දන්නේ නෑ එයාල බලයට ඇවිත් ඔක්කොම රෝග වලට නොමිලේ බේත් දෙනකම් ඩිස්පෙන්සරියෙන් සල්ලි දීල බේත් නොගෙන ලෙඩ තියාගෙන ඉන්න කියල. ජවිපෙ හරි කුහකයි. ජවිපෙ ගැන කලින් තිබුණ ප්‍රසාදය වෙනුවට දැන් තියෙන්නේ අපුලක්. ජවිපෙට පරණ පීල්ලෙන් වෙනස් වෙන්න බැරි බව පැහැදිලියි. එයාල ගැන කතා කිරීමෙන් වැඩක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. // ජවිපෙ හරි කුහකයි. //

      ඔවු.
      කතාව ඇත්ත!

      Delete
  17. මෙරට ඉතිහාසයේ රජයේ සේවකයකු විසින් ලබාගන්නා ඉහළම පඩිය ලබාගන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරියකු බව වාර්තා වේ. විද්‍යා උපාධියක් සහිත මෙම ඉහල නිලධාරියා මාසිකව ලබන වැටුප රුපියල් ලක්ෂ 04කට ආසන්නය.

    එහිදී ඔහු විසින් කල් ඉකුත්වූ ගුවන් මෙහෙයුම් නිලධාරී බලපත්‍රයකට ලබාගන්නා විශේෂ දීමනාව රුපියල් ලක්ෂ 03කි. යාවත්කාලීන වූ මෙවැනි බලපත්‍රයක හිමිකරුවකු වසර 05ක් සම්පූර්ණ කළ විට ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් ලබාදෙන දීමනාව රු. 35,000කි. වසර 05ක් දක්වා ලබාදෙන්නේ රු.5000කි.

    ඔහු විසින් හිඟමුදලක් යයි පවසමින් පසුගිය මැයි මාසයේ ලබාගත් මුදල පමණක් රුපියල් ලක්ෂ 21කි.

    ගුවන්සේවා අධිකාරියේ සියලු නිලධාරී දායකත්වයෙන් වාර්ෂිකව මිලියන 871ක ශුද්ධ ලාභයක් උපයා දුන්නද ඉන් සුර සැප විඳින්නේ ඉහළ පරිපාලනයේ නිලධාරීන් කිහිපදෙනකු බව අධිකාරී සේවකයින් පවසයි. ඒ තියා ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලද කුලී පදනම යටතේ ලබා ගත් එකක් වීමද විශේෂත්වයකි.

    ReplyDelete
  18. ඉයන් ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔබ දන්නවාද? ඉයන්ගේ කට මෑත දෙඩවිලි වලින් සහ ක්‍රියා වලින් පෙනෙන්නේ ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා ඔහු නොදන්නා බවයි. තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සෑම ජාතී සහ අාගම්වාදියෙක්ම සිතය්. කුරාණයේ මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරැ අැති බව ඔබ දන්නවාද?

    ReplyDelete
  19. සා රස තුමෝ.
    අම්මටහුඩු ලංකාවේ තියෙන ලොකුම හූනියම තමයි මයිත්‍රීපාල සිරිසේන මහත්තය. ඒක නෙමෙයි. ඔහෙ තුමා අපිට කමෙන්ට් විදිහට ලියන්න තියෙන දේවලුත් ඔහෙ තුමාගේම බ්ලොග් එකේ පොස්ට් එකේ ලියලම තියෙන නිසා මම අර මක්කයි ලියන්නෙ කියල කල්පනා කරන වෙලේ මට හිතුන ඉයන් තුමාගේ "පොල් මැල්ලුම් ඡානරයේ කථාවක්" කියන සම්මාන උළෙලට සහභාගී වෙලා මුදලින් පලවෙනි ත්‍යාග මුදල සුපියල් වලින් 15,000/- හෙමත් ස්ටර්ලින් පවුම් 75/- ලබාගන්න. ලෙහෙසි පහසු මුදලක්ද සා රස තුමෝ. ලංකාවට ඇවිල්ල යන්න රිටර්න් ටිකට් එකයි බ්ලොගර් ල එක්ක ගල් බෝතල් පහයි ලොකු හෝටලයක නැවතිල ඉන්නත් පුලුවන්නෙ. අනික සා රස තුමා ගංවතුරෙන් අනාත උන මිනිස්සු වෙනුවෙන් මම කිව්ව විදිහට සංවිදානය කරන්න කිව්ව ක්‍රිකට් මැච් එකගැනවත් කල්පනා කරන්නෙ නැහැනෙ ඔබ තුමා. මම මේ බ්ලොග් එක වර්ජනය කරනව. හාද..?? මීට වැඩිය ඔබතුමා ගේ ෆෑන්ස් ල ෆාලොවර්ස් ල ගැන සැලකිලිමත් වෙන්න ඕන හිටන්. අපිට සන්තෝස මුදල් ගෙවීම් වරප්‍රසාද ගෙවනකන් අපි ඔබ තුමා එක්කයි. නැතිනම් අපිත් නෙළුම් යායට සෙට් වෙනව හොඳේ..!!

    මීට,

    "ජල්තරෝපිබියාලොජිස්ට් සංසදය" හිටං

    ReplyDelete
    Replies
    1. හෆොයි...
      මගේ රසිකයෝ මාව දාලා යන්න යනෝ!

      ඔය "රසිකයො" ඔහොම්මම තමා!

      Delete
  20. හූනියම් කරන්නම වටින බඩ්ඩ...

    ReplyDelete
  21. සාරසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර උත්සාහ දරන්නේ රටේ ජාතිවාදයක්‌ අවුස්‌සා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට සිංහල අපේක්‍ෂකයා ලෙස චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කිරීමට සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත්වීම වැළැක්‌වීමට යෑයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න කියනව සාරසා.

    රටේ “හලාල්” බොරු බියක්‌ ඇතිකර ජාතිවාදය ඇවිස්‌සීමට උත්සාහ කළ චම්පික රණවක ඇමැතිවරයාත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අද “හලාල්” යන වචනයවත් භාවිතා නොකරන්නේ “හලාල්” ලේබලය රටින් ඉවත්වී ඇති නිසාද යන්න තමා විමසා සිටින බව අජිත් ප්‍රසන්න කියා සිටියේ මරදාන සමාජය හා සාමාජික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය. 2015 ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්න හේතු කිහිපයක්‌ බලපෑවා. ඉන් එකක්‌ බොදුබල සේනා සංවිධානය ජාතිවාදය ඇවිස්‌සීම. එම මැතිවරණයේදී උතුරු නැගෙනහිර හැරෙන්න දිවයිනේ අනික්‌ පළාත්වල මහින්ද රාජපක්‍ෂ ඉදිරියෙන් සිටියා. නමුත් උතුර හැර නැගෙනහිර ගත්තාම බහුතරය මුස්‌ලිම්. මේ මුස්‌ලිම් ඡන්ද එදා හංසයාට දෙන්න හිටියේ නැහැ. මොකද එල්ටීටීඊය විසින් මුස්‌ලිම් වැසියන් ඝාතනය කර සිදුකළ විනාශයට එරෙහිව ඒ අය පොදු අපේක්‍ෂකයාට ඡන්දය නොදීමටයි සිටියේ. නමුත් බොදුබල සේනා සංවිධානය ජාතිවාදය අවුස්‌සපු නිසා මුස්‌ලිම් ජාතීන් මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණියහොත් ඔවුන්ට කරදර වෙයි කියලයි පොදු අපේක්‍ෂකයාට ඡන්දය දුන්නෙ.

    බොදු බල සේනා සංවිධානය ප්‍රථම වරට ගාල්ලේ පැවැති උත්සවයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ එම සංවිධානය ගැන නොදැනුවත්වයි. පසුව මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ප්‍රකාශ කර තිබෙනවා.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් හෙළ උරුමයෙන් මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අයෙක්‌. ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නෝර්වේ රටට ගියා. මොකටද නෝර්වේ ගියේ. මේ කුමන්ත්‍රණ පසුගිය රජයට තේරුම් ගියේ නැහැ. මුස්‌ලිම් දේවස්‌ථාන ගිනි තියනවා, මුස්‌ලිම් කඩවලට පහර දෙනවා. මහරගම සිද්ධියකට බොදුබල සේනා සංවිධානයේ ප්‍රබලයෙක්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එම සංවිධානයට වැඩ කළාට සංවිධානයේ සාමාජිකයෙක්‌ නොවෙයි කියනවා. මේවා කාටද කියන්නේ. මේ අය නොයෙක්‌ ජාතිවාදී අදහස්‌ ප්‍රකාශ කරන කොට මෝඩ රැළක්‌ ඒවාට අනුව නොයෙක්‌ නීති විරෝධී දේවල්වලට පෙළඹෙනවා.

    මේ වන විට ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් අත්අඩංගුවට ගන්න එපා කියලා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ගෙනියනවා. මම කියන්නේ මේ පෝස්‌ටර් ගහන අයත් අත්අඩංගුවට ගත යුතුයි. මේවා හරහා කලබල ඇති කරලා රට තුළ හදිසි නීතිය බලාත්මක කර ඡන්ද කල් දාන්නත් මේ අය උත්සහ කරනවා වෙන්න පුළුවන්. මේ අයගේ තවත් අධිෂ්ඨානයක්‌ තමයි 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත්වීම වැළැක්‌වීම.

    ReplyDelete
  22. ශ‍්‍රී ලංකාව තුල "සිංහල-මුස්ලිම් සිවිල් යුද්දයක්" අත ළග බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ කොළඹදී පැවති මාධ්‍ය හමුවක පවසයි.

    ජාතිවාදී අරගල නිර්මාණය කරන කණ්ඩායම් හා පුද්ගලයින්ට රජය රැකවරණ සපයන නිසා මෙම තත්වය වැළැක්විය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.

    ReplyDelete
  23. මුස්ලිම් අන්තවාදීන් හොර රහසේ කරන කුට ක්‍රියාකරමි තමා මේවට මුල. උන් හොරෙන් හොරෙන් අපේ ගොන් දේශපාලකයෝ රවට්ටගෙන කරන දේවල් තම මේවයේ අරඹය.

    අපි ශ්‍රී ලන්කකිකයෝ විදිහට මේවට විරුද්ද වෙන්න ඕනි.

    1. මිනිසුන්ට අහිතකර ආහාර ආනයනය
    2. අටේ තියෙන වනාන්තර විනාසය

    තව ගොඩක් දේවල් තියෙනවා ……නමුත් වෙලාව මදි

    ReplyDelete
  24. එව්වා කොහෙද ලොක්කා ගිය ගමන් අපේ අනුර මහත්තයා තමයි ජනාධිපති

    ReplyDelete
    Replies
    1. එතකොට කවුද අගමැටි ගරු රස්ති පුතේ?
      :D

      Delete
  25. සරස

    කොමෙන්ට් ඇපෲව් සීන් එක වදයක් වගේ - අසභ්‍ය කොමෙන්ටු පසුව මකා දැමිය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. මට ටික කාලයක් දෙන්න ගරු ඇනෝ තුමෝ...
      කලාවට වෙලාවට මොඩරේශන් අයින් කරන්නම්...

      Delete
  26. බොහෝ වේලාවට සා රස ලියන පෝස්ට් එකට වඩා සෑහෙන්න දිග කමෙන්ට් ලැබෙනවනේ? :-D

    - Pra Jay

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Pra Jay ද හිටන්?

      Delete
  27. සුහද ආරාධනය යි!
    =============

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා ඔබ සැම සුහද ව පිළිගනිමු.

    අජිත් පැරකුම් ජයසිංහ කාලයක සිට කර ගෙන යන ජනතාව නොමඟ යැවීමේ ඉතා නින්දිත ක්‍රියාවලිය අවසන් කළ යුතු කාලය එළැඹී තිබේ. අපගේ බහුජන ව්‍යාපාරයේ අරමුණ විය යුත්තේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම විනා ඔහු කිසිදු ආකාරයක කායික-මානසික පීඩනයකට ලක් කිරීම නො වේ. විමුක්තිකාමයෙන් ඔද වැඩී මානව විමුක්තිය ඉල්ලා හඬ නඟන මාණවමාණවිකාවන් නොමඟ යවන මතුගම අජිත් පැරකුම් ජයසිංහ යනු ඇතන්ස්හි ප්ලේටෝ නම් නො වේ. සැබවින් ම අජිත් පැරකුම් ජයසිංහ යනු ප්ලේටෝනියානු අර්ථයෙන් සාර ජනරජයෙන් පිටුවහල් කළ යුතු භීමරූපියෙකි. එහෙත් අපි එසේ නො කරමු. අජිත් පැරකුම් ජයසිංහ යනු අප අතර සිටිය යුතු ම පුද්ගලයෙකි. ශිෂ්ට සමාජය තුළ අජිත් පැරකුම් ජයසිංහ ස්ථානගතකර තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ය. වසර පනහක් ශිෂ්ටත්වයෙන් පරිබාහිර ව සිටි අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ඉතා අසීරු කාර්යයකි. එහෙත් අප එය කළ යුතු ම ය. එය අපගේ සමාජ වගකීමකි.

    මෙම බහුජන ව්‍යාපාරය පක්ෂ දේශපාලනය ඇතුලු සියලු භේද අභිභවා යන මූල ව්‍යුහයකින් සංවිධානය කිරීම අපගේ අරමුණ ය. වාමාංශික සහෝදරත්වය මෙන් ම දක්ෂිණාංශික සහෝදරත්වය ද මෙහි සම-සම්පත් දායකයන් විය යුතු ය. ජාති, ආගම්, කුල ආදී සියලු උපරිව්‍යුහාත්මක භේද නො සලකා අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ පොදු අරමුණ සඳහා අපි රොද බඳිමු. දේශපාලනමය වශයෙන් වෙන් වෙන් ව ගමන් කළ ද අපි පොදු අරමුණක් සඳහා එක් ව ක්‍රියාත්මක වෙමු. මෙහි දී අප “වෙන් වෙන් ව ගමන් කරමු: එක් ව පහර දෙමු” යනුවෙන් නො පවසන්නේ අජිත් පැරකුම් ජයසිංහ අපගේ සතුරෙකු නො වන නිසාත් අපගේ බහුජන ව්‍යාපාරය කිසිදු දේශපාලනික න්‍යායක් මත නො පිහිටන නිසාත් ය.

    පසු ගිය දා ග්‍රාම්‍ය ප්‍රතිචාරයක් අජිත් පැරකුම් ජයසිංහ වෙත යොමු කර තිබූ සහෝදරයාට සහ ඔහුගේ කණ්ඩායමට ද අපගේ බහුජන ව්‍යාපාරය තුළ අවස්ථාව තිබේ. එම ග්‍රාම්‍ය ප්‍රතිචාරය මඟින් ඔබට පවසන්නට ඉතා වැදගත් අදහසක් තිබූ බව අපි විශ්වාස කරමු. එහෙත් ඔබ එය පිරිපහදු කර ශික්ෂණයකින් යුතු ව වෛෂයික ව පවසා නැති වීම කනගාටුදායක ය. සහෝදරය, අතිසරල න්‍යයෙන් මත පදනම් ව අතිධාවනකාරී භාවිතාවන්ට ප්‍රවිෂ්ට වීමෙන් අජිත් පැරකුම් ජයසිංහ වැනි පරිණත භීමරූපියෙකු දමනය කළ නො හැකි ය. විමුක්තිකාමයෙන් ඔද වැඩී, විප්ලවීය විභවයෙන් රත් වී, කැලඹී එන ඔබගේ තාරුණ්‍යයේ ශක්තිය සමාජය වෙනස් කිරීමට අත්‍යවශ්‍ය ය. අපි ඔබගේ විප්ලවීය විභවය මහත් සේ අගයමු. එහෙත් එම මාහැඟි විප්ලවීය විභවය සඵල කාර්යභාරයක් සඳහා යොමු කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුතු ය. අනාගත සාර සමාජයක් සඳහා සුවහසක් පීඩිත ජනයාගේ අභිලාෂයන් රැඳී පවතින්නේ ජීවිත ගමනේ අවසානයට එළැඹෙමින් සිටින අපගේ දෑත් මත නො ව තරුණ ඔබගේ සවිමත් දෑත් මත ය. අපි අපගේ කාර්යභාරය ඉටු ක‍ළෙමු. අජිත් පැරකුම් ජයසිංහ යනු හුදු වෙබ් අඩවියක් පමණක් බවට අද පත් ව ඇත්තේ එනිසා ය. දැන් ඔබගේ වාරය පැමිණ තිබේ. අපි ඔබට මඟ පෙන්වන්නෙමු. ඒ මඟ නිර්මාණශීලී ගමනක් යෑම ඔබගේ වගකීම ය.

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා අනුකමිටු කීපයක් සංවිධානය කළ යුතු බව දැනට යෝජනා වි ඇත. ඒවා මෙසේ ය:

    1. අජිත් පැරකුම් ජයසිංහගේ දේශපාලන මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

    2. අජිත් පැරකුම් ජයසිංහගේ සාහිත්‍යකලා මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

    3. අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කෙරෙන ද්වේෂසහගත පුද්ලාලම්බන කියවීම් විමර්ශන අනුකමිටුව.

    අප විසින් මෙම බහුජන ව්‍යාපාරය ආරම්භ කළ ද එහි කිසිදු තනි නායකත්වයක් නැත. සියලු සාමාජිකයන් නායකත්ව මණ්ඩලයක සම-සාමාජිකන් ය. දැනට අපි ඔබ සියලු දෙනාගේ අදහස් විවෘත සංවාද මණ්ඩපයක් තුළ විමසමු. අප සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ ඔබගේ අදහස් දක්වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

    සැ.යු: අපගේ කිසිදු ක්‍රියාවකින් අජිත් පැරකුම් ජයසිංහට නොනිසි ප්‍රචාරණයක් ලබා නො දෙන්නට සැලකිලිමත් වන්න.

    ස්තුතියි!

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය !

    ReplyDelete