Sunday, June 25, 2017

වර්ජන, පොරොන්දු සහ රැවටීම්

දින තුනක් තිස්සේ නොනවත්වා වර්ජනයේ යෙදෙමින් හිටි රජයේ වෛද්‍ය නිලදාරීන් ගේ සන්ගමය පසුගියදා ජනාදිපති තුමා සමග පැවැත්වූ සාකච්චාවකින් පසු මාධ්‍යයට කියා සිටියේ එතුමන්ලාගේ ඉල්ලීම් වලට ජනාදිපති තුමා එකඟ වූ නිසා වර්ජනය හමාර කර නැවත වැඩට යන බව ය.

ඩෙන්ගු රෝගය අධි වසන්ගත තත්වයක් පවතින තත්වයක වෛද්‍යවරු වර්ජනය කරද්දී ඩෙන්ගු රෝගීන් ව අමාරුවේ නොදමා ඔවුන් ව රැකබලා ගැනීමට තරම් වගකීමකින් ක්‍රියා කලහ. එමෙන් ම අනෙකුත් හදිසි ප්‍රතිකාරද පිලිකා වකුගඩු, ගැබිනි මවු වරු  ආදී අන්ශවල ප්‍රතිකාර ද නොනවත්වා සිදු කරනා ලදී.

එහෙත් වෛද්‍යවරු නැවත වැඩට යනවා කී මොහොතේ සිට සමාජ ජාලා වල වසුරු වපුරමින් ගන්වතුර කාලේ ආදාර මුදල එකතුකර තමන් ගේ ගිනුම් වලට දමා ගැනීමට ප්‍රසිද්ද එ ජා ප හාල් කෑලි විසින් වෛද්‍යවරුන් වැඩට යන්නේ දිගටම වර්ජනය කලොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙනවන බවට ජනාදිපතිතුමා තර්ජනය කල නිසා යැයි උඩඟු බස් දොඩවති.

 එම සමාජ ජාලා වසුරු වපුරන්නන් ගේ කතා දුටු වහාම සර ස තුමා ට මතක් වුනේ නොකෙරෙන වෙදකමට අවශ්ය වූ කෝඳුරු තෙල් පට්ට ගනනය.

මොකෙක් ට හෝ මෙම රජයේ වෛද්‍ය
නිලදාරීන් ගේ සන්ගමයේ වර්ජනය දිගටම පවත්වාගෙන යා යුතු බවක් පෙනේ. ඒ බව ඔප්පු වන්නේ වෛද්‍යවරු මාද්‍යයට නොකියූ රජයේ හා පෞද්ගලික අන්ශ සාබාගීත්වයෙන් සයිටම් ආයතනය පවත්වාගෙනයනු ලැබේ කියනා කෑල්ල ඇතුලත් කර ජනාදිපති ලේකම් විසින් නිකුත් කල ප්‍රකාශය කියවූ විට ය.

සමහර විට රජය උත්සාහ කරන්නේ වෛද්‍යවරුන් ට බොරු පොරොන්දු දී මේ වැඩ වර්ජනය දිගටම පවත්වාගෙන යෑමට වන්නට පුලුවන.ඒ සමගම වෛද්‍යවරුන් ගේ කේන්තිය අවුස්සා අත්‍යාවශ්‍ය සේවා ද නතරකරගැනීමට වන්නට පුලුවන.

 සරස තුමා ප්‍රායෝගිකව දන්නා පරිදි වෛද්‍යවරුන් ගෙන් 75% හා සරසවි සිසුන් ගෙන් 95% පමන දෙනා පසුගිය මැථිවරණ වල දී චන්දය ප්‍රකාශ කලේ යහපාලන ආන්ඩුවට ය.

හිත රිදී තිබේනා අවස්තාවකදී වුවත්, එම වෛද්‍යවරුන් ගෙන් හා සරසවි සිසුන් ගෙන් සරස තුමා ට අසන්නට ඇත්තේ තමා විසින් චන්දය දී අටවාගත් යහපාලන රජයෙන් මෙවන් පිලිකුල්සහගත සැලකීමක් ලැබීම ගැන ඔබට සතුටුද දැන් කියා ය!


 

54 comments:

  1. දතාල කිසිදිනක වැඩ වර්ජනේ නොකරති.
    ඒ මන්ද දතාලගෙ වර්ජනේකින් ආන්ඩුවටවත් ජනතාවටවත් පාඩම් ඉගැන්විය නොහැකි නිසාය.
    නො එසේනම් දතාලව කවුරුවත් පඩයකට මායිම් නොකරන නිසාය.
    එම නිසා දතාල ගොමාලගෙ ගොම් පස් අල්ලා තමන්ගේද ඉල්ලීම් දිනාගැනීමට කැසකවයි

    ReplyDelete
    Replies
    1. ඊලඟ නෙලුම් යායෙත් ප්‍රදාන අමුත්තා වන PRRAජිත දතා ලවා කනට ගස්සවනු ලැඹේ!

      Delete
    2. @ AnonymousJune 25, 2017 at 9:55 PM

      ++++++++++++++++++

      අපි මේ දන්ගොතාව යවමුද මනෝ කිචිස්සක කෙනෙක් ගාවට.. මූට දැන්නම් හොඳටෝම පිස්සු.

      Delete
    3. @ දන්ගොත්ස්

      //ඊලඟ නෙලුම් යායෙත් ප්‍රදාන අමුත්තා වන PRRAජිත දතා ලවා කනට ගස්සවනු ලැඹේ!//

      එව්වට ආවොත්, නෙළුම් යායේ ප්‍රදාන සන්විධායක තැන්පත් අජිත් දරුමකීර්ති සහ විනිස්චය මණ්ඩල සාමාජික කල්යාන මිත්තරයා ලවා දන්ගොතාගේ පශ්චාත් බාගයට පයින් ගසා පන්නනු ලබේ හිටං..

      Delete
    4. සරස තුමනි, මාතලන් කියනවා විශ්ව විද්‍යාල සිසුන් මේ හදන්නෙ 88-89 යුගයක් නැවත ගෙන එන්නලු. ඔබතුමා හිතන විදියට එවැනි යුගයක් ගෙනඑන්නෙ සාධාරණය ඉල්ලන සිසුන්ද මර්ධනය කරන ආන්ඩුවද??? මාතලන් තුමා කියන විදියට එවැනි යුගයක් වලක්වා ගත හැක්කෙ සිසුන් නිහඬ වීමෙන්ද? මාතලන්ම කිව්වා ඒ කාලෙ හිටි කෙනෙක්ගෙන් අහන්ට කියලා ��...
      මීට
      සයිටම් විරෝධි හා යහපාලනයට ඡන්දය දීමෙන් අගතියට පත් ශිෂ්‍යයෙක්...

      Delete
  2. උගත් වැදගත් මිනිස්සු කතා බහ කරලා විසඳුමක් හොයන්න ඕනි අත පුච්චා ගන්නේ නැතුව.. කාට නමුත් මේ වර්ජන දිගටම තියාගන්න ඕනි බවනම් පැහැදිලිවම පේනවා

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා උගත් කියන විශේශන පදේ යෙදුවේ අපේ ජනාදිපති තුමා සාකච්චා වලට එන එක නවත්වන්න නේ?

      Delete
    2. @කල්‍යාණ මිත්‍රJune 25, 2017 at 10:17 PM

      //උගත් වැදගත් මිනිස්සු කතා බහ කරලා විසඳුමක් හොයන්න ඕනි අත පුච්චා ගන්නේ නැතුව.//

      උගත් වැදගත් මිනිස්සු, අට පාස් නූගත් ගිරාමයෙක් එක්ක කතා බහ කොරන්ඩ ගිහින්නේ මේ අත පුච්ච ගෙන තියෙන්නේ

      Delete
    3. //ඔබ තුමා උගත් කියන විශේශන පදේ යෙදුවේ අපේ ජනාදිපති තුමා සාකච්චා වලට එන එක නවත්වන්න නේ?//

      වැදගත් කියන විශේශන පදේ යෙදුවේ ප්‍රා එකේ මිනී මරපු එවුන් , බටලන්දේ මිනී මරපු උන් එහෙම සාකච්චා වලින් අයි කරන්න.

      එතකොට ගව පාලන ආන්ඩුවේ එකෙක් වත් දොස්තරල එක්ක සාකච්චා වලට ගන්ඩ බැරුව යනව

      Delete
  3. සරසා තුමා,

    ලංකාවේ දැන් සිදුවෙන ජංජාලයට වඩා අපි බැලියයුතු විශේෂ දෙයක් තියනවා ඒ තමයි අපිට අහන්න ලැබෙන දෙයක් තමයි අපේ රටේ ඉතා උසස් වෛද්‍ය සේවයක් තියනවා කියන එක නමුත් ඔබ ටිකක් සන්ක්යාලේකන හොයල බලන්න

    ඉන්දියාවේ කේරලයේ ජනගහනය මිලියන 34.9 වෙනවා 2017 වර්ෂයේ දැනට රෝගීන් 4735 වාර්තා වෙනවා මේ අය අතරින් 7 දෙනෙක් මියගිහින් තියනවා ඉන්දියාවේ තමිල්නාඩුව ගත්තම ජනගහනය මිලියන 68.15 වෙනවා 2017 මෙතෙක් වාර්තාවී ඇති රෝගීන් 3259 වෙනවා මෙයින් මරණ 2කක් වාර්තා වෙනවා.

    දැන් බලමු ශ්‍රී ලංකාව ජනගහනය මිලියන 20.9 2017 මෙතක් වාර්තාවූ රෝගීන් 69,043 මියගිය ප්‍රමාණය 206 ක් මෙහෙම තත්වයක් උසස් වෛද්‍ය සේවයක් පවතින රටක වෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දැන් දතා කියයි කේරලයේ, තමිල් නාඩුවේ බුරුතු පිටින් මැරෙනවා. ඒවා වාර්තා වෙන්නෙ නෑ කියල

      Delete
    2. ලාංකික සිතුවිලි,

      ඔහොම සරල ගණිත සංඛ්‍යාවලින් ප්‍රශ්නය කියන්න අමාරුයි. කේරළ සහ තමිල්නාඩුවේ ඩෙංගු වසංගතයේ පැතිරීම අඩුයි. නමුත් ලංකාව සහ මැලේසියාව වැනි රටවල තත්වය දරුණුයි. අපට වඩා ධනවත් බලවත් මැලේසියාවේ ලංකාවටත් වඩා බරපතල විදිහට ඩෙංගු රෝගය ප්‍රශ්නයක් වුනා.

      ඒ වගේම ධනවත් බටහිර රටවල අපට වඩා ඇතැම් රෝග බරපතලයි, උදා සමේ පිළිකා, උදර පිළිකා ආදිය. එය සංකීර්ණ හේතු නිසා ඇතිවූවක්.

      Delete
    3. මෙහිදී තමිල්නාඩුවත් කෙරලයත් ගත්තේ ලංකාවට බොහෝදුරට සමාන පරිසරයන් ඇති නිසා නමුත් මැලේසියාව ගත්තොත්
      2017 දී ඩෙංගු ආසාදිතයන් 35000 වාර්තා වන අතර මියයාම් 85 ක් වාර්තා වෙනවා මැලේසියානු ජනගහනය මිලියන 30.33 වෙනවා

      Delete
    4. Lankika Sithuwili,

      ඔබේ අදහස් සහ මතවාද වලට ගරු කරමින් තවත් යමක් කීමට මා කැමතියි. කතාව ඕලන්ද පාලන සමයේදී එනම් 1772දී රාජකීය ශල්‍ය වෛද්‍යවරයෙක් මේ රටට ආවා. බි්‍රතාන්‍ය පාලන සමයේදී 1848දී බටහිර වෛද්‍යවරයකු පැමිණියා. ඒත් ඒ වනතුරු වසර දෙදහසකටත් වඩා පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයක් අපේ රටේ පාරම්පරිකව පැවැතුණා. අද අපේ රටේ ජනගහනය මිලියන 21ක් වුණත් එදා මිලියන 3-4ක් හිටියා. අධිරාජ්‍යවාදය නිසා අනිකුත් දේශීය සංස්කෘති වගේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් අභාවයට ගියා.

      බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් ප්‍රචලිතව පැවතුණත් සමහර රෝගවලට ඒකෙන් විසඳුම් නැහැ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විකල්ප වෛද්‍ය ක්‍රම ගැන හොයනවා. කොරියාවේ තවමත් 85%ක් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. ඉංගී්‍රසීන්ට තමිල්නාඩුව යටත් කර ගැනීමට නොහැකි වුණු නිසා කේරළයේ 80%ක් පමණ තවමත් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. එම ප්‍රදේශවල ජනතාව නිරෝගිමත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කරනවා.

      මේ වනවිට ඇමෙරිකාව ඇතුළු වෛද්‍යවරු නවීන විද්‍යා ක්‍රමයක් පිළිබඳ පරීක්ෂණ කරනවා. පුද්ගලයකුගේ ඩී.එන්.ඒ. අනුව එකම බෙහෙත වුණත් වෙනස් කළ යුතු බව ඔවුන් කියනවා. දැන් දේශීය වෛද්‍යවරු නාඩි මඟින්, කේන්දර මඟින් රෝගියා එන වෙලාව බලමින් රෝගී තත්ත්වය ගැන ප්‍රකාශ කළෙත් ඒක බව අපි දන්නවා.

      අපේ රටේ ශාක ඔෟෂධ නිෂ්පාදනවල වැඩිපුර අයිතිය අපට නැහැ. ඒවා බොහොමයක් ජපානය සතු කරගෙන තිබෙනවා. මේ වනවිට ඇමෙරිකාවේ අපේක්ෂාව අවුරුදු 150ක් ජීවත්වන මිනිසෙක් බිහිකිරීමයි. ඒක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් පමණක් කරන්න බැහැ. පාරම්පරික වෛද්‍ය ක්‍රමවල සහාය ගන්න සිදුවෙනවා.

      මේ වනවිට ශාකසාර ඔෟෂධ වෙළෙඳපොළ ඩොලර් බිලියන 54ක් දක්වා වැඩිවෙලා. අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් බවට පාරම්පරික වෛද්‍ය ක්‍රම, ශාකසාර ඔෟෂධ පත් කිරීම අප කලයුතුයි. ඔෟෂධ නිෂ්පාදනයට අබිං නැහැ. වසර 4ක් තිස්සේ මේ රටේ අබිං තිබුණෙ නැහැ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට කංසා වගා කිරීමත් කලයුතු.

      ලෝකයේ ශාකසාර වෙළෙඳපොළ ඉතා විශාල වෙමින් පවතිනවා. ඒත් ඉන්දියාවට හිමිවන්නේ ඉන් දශම 5ක් පමණයි. අපේ රටේ දේශීය ඔෟෂධ ප්‍රචලිත කළ යුතුයි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඒවා සකස් කළ යුතුයි. 1970න් පසුව ඔෟෂධ සංග්‍රහය තවමත් යාවත්කාලීන වෙලා නැහැ.

      Delete
    5. @Lankika SithuwiliJune 25, 2017 at 10:45 PM

      You have selected least developed regions of India where the people don't seek medical assistance from accredited medical professionals, be it western or alternative, due to lack of access to the same. Its hard to imagine those who cant build enough toilets would have enough doctors to care their people.
      Hence the most of the people turn to "local weda mahaththaya" sort of people for treatment and when died their deaths are reported as "cause unknown".
      Whereas the situation in SL is rather different and its not wise to compare the two as in SL all deaths are well reported.

      It's also not prudent to assess the health service of two countries based on the deaths of one particular decease . If you go to WHO web site you can find the indices used for such comparisons by professionals. With those yard sticks, the health services of Tamilnadu and Kerala are way behind that of SL. Even the most developed states in India lags behind us.

      Delete
    6. AnonymousJune 26, 2017 at 4:55 AM,

      Please do read the comment "Lankika SithuwiliJune 26, 2017 at 2:24 AM" here i did explain it in detail, about the so called medical systems.

      Delete
    7. @Lankika SithuwiliJune 26, 2017 at 5:07 AM

      I was not talking about "medical systems". I was talking about how the statistics are skewed due to use of Alternate medical systems by the people in TN and Kerala.

      To say it bluntly, it is stupid to use the statistics you used to compare health systems in SL and that of Tamilnadu & Kerala.

      Delete
    8. I am not sure about Tamilnadu but i think Kerala has a much developed system, As you might know Kerala as top class ayurveda Spas even Sri Lanka cannot attract such tourist for medical treatment to Sri Lanka

      Delete
  4. සරසාගේ බොගේ ටෙක්නිකල් කේස් එකක්ද? කමෙන්ට් දාන්න අමාරුයි මචන්, කමෙන්ට් වැටෙන්නෙ නැහැ දැන් පැය දෙක තුනක් තිස්සෙ?

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ ගරු ඇනෝ තුමෝ... දැන් ඕනෙ කෙනෙකුට කොමෙන්ට් කරන්න පුලුවනි...

      Delete
  5. සරස / ලංකා සිතිවිලි,

    අප අසල්වැසි භාරතය දෙස නෙත් යොමමු. නවදිල්ලියේ පිහිටා ඇති සමස්ත ඉන්දියානු වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රීටා සුචිය. ඇයට අනුව වර්ෂයක් තුළදී ලොව වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බිහිකරන රට ඉන්දියාවයි. සංඛ්‍යාවෙන් 439ක් වන ඉන්දියානු වෛද්‍ය විද්‍යාල, වාර්ෂිකව වෛද්‍යවරුන් 45,000ක් බිහිකරයි. විශේෂත්වය වන්නේ ඉහත කී වෛද්‍ය විද්‍යාල 439න් 227ක්ම පෞද්ගලික වෛද්‍ය විදුහල් වීමයි. යුරෝපය හා ඇමරිකාව තුළ වෛද්‍යවරුන්ට තිබූ ඉල්ලුම 70 දශකය අගදී ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. එම ගෝලීය වෙළෙඳපොළ වෙත ඉන්දියානු වෛද්‍යවරුන් යැවීමට නම්, ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල පමණක් පවත්වාගෙන යෑම නොසෑහෙන වග පැහැදිලිව තේරුම් ගත් ඉන්දියානු මධ්‍යම රජය, 1980 දශකය මැද භාගයේදී ඉන්දියානු වෛද්‍ය සභාවේ අධීක්ෂණයට යටත්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට අවසර ලබාදුන්නේය. එක් වෛද්‍යවරයකු බිහිකිරීම පිණිස ඉන්දියානු රජය දරන වියදම ඇමරිකන් ඩොලර් 40,000කි. (ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන 6.8කි.) පෞද්ගලික වෛද්‍ය විදුහල්වලට ඇතුළුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙකී වියදම තම අතින්ම දැරිය යුතු වන හෙයින් ඔවුන්ගේ අධ්‍යාපනික පිරිවැය හා අදාළ බදු බරින් ඉන්දියානු පොදු ජතාව නිදහස් කිරීමේ අවස්ථාවද ආණ්ඩුවට මෙහිදී සැලසිණි.

    ReplyDelete
    Replies
    1. සරස / ලංකා සිතිවිලි, භාරතය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ස්ථාපිත කළ පසුව, ඇමරිකාව, එංගලන්තය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවල් හතර තුළ පමණක් සේවය කරන්නා වූ ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 60,000 දක්වා ඉහළ ගියේය. 2006 වන විට ඇමරිකානු වෛද්‍යවරුන් ගහණයෙන් 4.9%ක්ද, එංගලන්ත වෛද්‍ය වෘත්තිකයන්ගෙන් 10.9%ක් ද සමන්විත වූයේ ඉන්දියානු වන්ගෙනි.

      ඉන්දියාවේ පෞද්ගලික හා රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලින් පිටවන උපාධිධරයන් 5,000ක් පමණ වාර්ෂිකව ඇමරිකාවේ තවදුරටත් උසස් අධ්‍යාපනය හදාරන අතර ඉන් 1200ක් එරට ස්ථිර පදිංචිය ලබති. 2014 වසරේදී ඇමරිකාවේ විසූ ඉන්දියානුවන් විසින් තම මව්බිම වෙත එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 11.18ක් විය. 1956 ඉන්දියානු වෛද්‍ය සභා පනත, පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කරනු වස් 1999දී තවදුරටත් ලිහිල් කරනු ලැබුවේ වෛද්‍ය වෘත්තිකයන් හරහා දැවැන්ත විදේශ විනිමයක් රටට උපයාගත හැකි වග එරට මධ්‍යම ආණ්ඩුව දැඩිව විශ්වාස කළ හෙයිනි. එංගලන්ත වෛද්‍ය සභාවේ ප්‍රධානියා වන නියාල් ඩික්සන් පවසන්නේ තම අධිකාරිය 2014දී ඉන්දියානු හා පාකිස්තානු වෛද්‍යවරුන් 31,000කට වෘත්තීය බලපත්‍ර නිකුත් කළේ ඔවුන්ගේ දැනුම සහ දක්ෂතා මැනවින් පරීක්ෂා කිරීමෙන් පසුව බවයි.

      ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විදුහල් බහුතරයක්, අතිනවීන තාක්ෂණ මෙවලම් භාවිතය (රොබෝ හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය) තම සිසු සිසුවියන්ට පුරුදු පුහුණු කරන හෙයින් මොවුන්ට බටහිර දියුණු රටවලින් වෛද්‍ය බලපත්‍රය ලබාගැනීම පහසුවෙන් කළ හැකි වේ. එංගලන්තයේ සුව සේවා ක්ෂේත්‍රයට https://www.viagrasansordonnancefr.com/viagra-en-ligne/
      අතිදක්ෂ ඉන්දියානු හා පාකිස්තානු වෛද්‍යවරුන් විසින් සලසන විශිෂ්ට සේවාව තමා හැමවිටම අගය කරන බව නියාල් ඩික්සන් අවධාරණය කරයි. සංචාරක සෞඛ්‍ය සේවා සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ඉහළම ගාස්තු අය කරන රටවල් අතර පළමු තැන සිටිනුයේ නෝර්වේ වන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් උසුලන්නේ ස්විට්සර් ලන්තය හා ඇමරිකාවයි.

      2013 මාර්තු මාසයේදී හැට හැවිරිදි ඇමරිකානුවකු වූ බොබ් වින්කොෆ් ඩොලර් 474,000ක් (රුපියල් මිලියන 72කි) වූ හෙයින්, හතර අතට ණය වී එය ගෙවා දැමූ පසු තම පවුල ආර්ථික වශයෙන් බංකොළොත් වූ බව හෙතෙම කියා සිටියේය.

      Delete
    2. සරස / ලංකා සිතිවිලි, Medical/ Health Tourism - එංගලන්තයේදී හා ඇමරිකාවේදී අධි තාක්ෂණික සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා එරට පුරවැසියන් දැරිය යුතු පිරිවැයෙන් 80%ක්ම ඉන්දියානු රෝහලක් වෙත පැමිණීම හරහා අඩු කරගත හැකි බව දැන් ඔවුහු දනිති.

      2009දී ඉන්දියානු මධ්‍යම රජය සිය ජාතික සෞඛ්‍ය පනත සංශෝධනය කළේත්, 12 වැනි පස් අවුරුදු සැලැස්ම තුළට සංචාරක සෞඛ්‍ය සේවාවන් පිරිනැමීම සඳහා රජයේ වෛද්‍ය විද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පෞද්ගලික ව්‍යවසායකයන් එකට එක්ව වැඩ කළ යුතුය යන වගන්තිය එක්කළේත් එමඟින් ගෝලීය සෞඛ්‍ය සේවා වෙළෙඳපොළ ජයගැනීමේ අභිලාෂයෙනි. සහන මිලට ගුවන් ටිකට්පත්, සම්බාහන සේවා, ආගන්තුක සත්කාර, යෝග භාවනා, මෘදු සංගීතය සහ තරුපහේ හෝටලයක පහසුකම් යනාදි මෙකී නොකී සියල්ල සැඟවුණු ගාස්තු නොමැති ඍජු පැකේජයක් ලෙස ඉන්දියානු රෝහල් විසින් බටහිර රෝගීන් වෙත පිරිනමන නිසා, 2012 වන විට මෙම ක්ෂේත්‍රයෙන් ඉන්දියාව ඉපැයූ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 4 ඉක්මවීය. 2020 වන විට එය ඇමරිකන් ඩොලර් බිලියන 8 දක්වා ඉහළ නැංවීම ඉන්දියානු රජයේ අපේක්ෂාවයි. ධනවත් විදෙස් රෝගීන් සඳහා අධිසුඛෝපභෝගී ගෙවන කාමර රජයේ රෝහල්වලද ස්ථාපිත කිරීමට ඉන්දියානු ආණ්ඩුව පියවර ගත්තේ ඒවායින් උපයන ඩොලර් ආදායම මගින් දුප්පත් ඉන්දියානුවන්ටද හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකියැයි බලධාරීන් වටහාගත් නිසාය.

      සිය දළ දේශීය නිපැයුමෙන්, ඉන්දියාව සෞඛ්‍ය සේවා සඳහා වෙන් කර ඇත්තේ 4%ක් වැනි සොච්චමකි. බිලියන 1.2 ඉක්මවන ඉන්දියානු ජනගහනය වෙත සෞඛ්‍ය සේවාවන් සැපයීම පිණිස 2022 වන විට අතිරේක වෛද්‍යවරුන් ලක්ෂ 7ක් පමණ අවශ්‍ය වනු ඇතැයි පැවසේ. ඉන්දියානු රෝගීන් 1,700කට වත්මනෙහි එහි සිටිනුයේ එක් වෛද්‍යවරයෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වන්නේ ලෙඞ්ඩු 1,000කට අවම වශයෙන් එක් දොස්තරකු සිටිය යුතු බවයි. ඍජු විදෙස් හා දේශීය ආයෝජන යොදවා නව වෛද්‍ය විද්‍යාල 58ක් පමණ ස්ථාපිත කිරීමට 2016 වසරෙහි ඉන්දියා රජය තීරණය කළේ සංචාරක සෞඛ්‍ය සේවා තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහාය. බයිපාස් හා සන්ධි සැත්කම් වැනි ප්‍රතිකාර සඳහා වාර්ෂිකව විදෙස් රෝගීහු 250,000ක් පමණ ඉන්දියාව බලා පැමිණෙති. සංචාරක සෞඛ්‍ය සේවාවන්හි වාර්ෂික වර්ධනය 30%ක් වීමෙන් පෙනීයන්නේ ඉන්දියාව මෙම ක්ෂේත්‍රයෙන් ඇදහිය නොහැකි ප්‍රගතියක් අත්පත් කරගනිමින් සිටින බවයි. දන්ත ශල්‍යකර්ම, උකුල් ඇට බද්ධ කිරීම, හෘදය සැත්කම් සහ රූපලාවණ්‍යය සැත්කම් මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් විදේශිකයන් සඳහා වාර්ෂිකව සිදුකිරීමට අද ඉන්දියාව සමත්ව තිබේ.

      Delete
    3. සරස / ලංකා සිතිවිලි, භාරතීයයන් තම සෞඛ්‍යය සේවාව නියාමනය සහ කිව් ඒ කිව් සී සඳහා කරන දේවල ගැන කිව්වොත් ශීඝ්‍රයෙන් වැඩි වන භාරතීය ඉහල මධ්‍යම පන්තියේ ක්‍රමික ප්‍රසාරණයත් සමඟ උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවන් සඳහා වන අධික ඉල්ලුමට පිළියමක් ලෙස නේපාලය, බංගලිදේශය, තායිලන්තය, සිංගප්පූරුව, රුසියාව හා යුරෝපාකරය යන දේශ දේශාන්තරවලින් වෛද්‍ය උපාධිය දිනා එන ඉන්දියානුවන්, තම මව්බිමේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට නම් ඉන්දියානු වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විදෙස් වෛද්‍ය උපාධිධාරීන් සඳහා වන විභාගය (Foreign Medical Gradnetes Examination -FMGE)සමත් වීම අනිවාර්යය විය. එහෙත් පසුගිය FMGE පහ සඳහා පෙනී සිටි වෛද්‍ය උපාධිධාරීන් 29,968න් ඉන් සමත්වීමට හැකිවූයේ 3,610කට (12%කට) පමණි. රටේ වෛද්‍යවරුන් ලක්ෂ 06ක හිඟයක් තිබියදී, ඉන්දියානු වෛද්‍ය සභාවේ දුෂ්කර ප්‍රශ්න පත්‍ර හරහා විදෙස් උපාධි ලැබූ ඉන්දියානුවන් අපහසුතාවට පත්කිරීම තවදුරටත් සිදුවිය යුතු නැතැයි සිතූ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය, FMGE නැතිවම ඔවුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කළ යුතු බව නිර්භයව තීරණය කළේය. අධිකරණ අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසු මෙම යෝජනාව නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

      සංචාරක සෞඛ්‍ය සේවා මෙන්ම තම රටේ පුරවැසියන්ට විශිෂ්ට වෛද්‍ය පහසුකම් ලබාදීමට නම් සමස්ත ආර්ථිකයටම බලපාන මෙවැනි තීන්දු තීරණ නොපමාව ගත යුතු බව ඉන්දියාවේ සෞඛ්‍ය ඇමති ජගත් ප්‍රකාශ් නාඩා පැවසීය. දැන් ඉන්දියානු ආයෝජකයන් අප්‍රිකානු සෞඛ්‍ය වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන සිය අනාගත සැලසුම් දියත් කරන බැව් පෙනේ. දැවැන්ත ඉන්දියානු පෞද්ගලික රෝහලක් වන නාරායන හෘද්‍යාලය, අප්‍රිකානු සෞඛ්‍ය අරමුදල සමඟ හවුලේ, ඇඳන් 130කින් සමන්විත හෘදය රෝග චිකිත්සාව හා අදාළ විශේෂ ආරෝග්‍ය ශාලාවක් කෙන්යාවේ නයිරෝබි හි ස්ථාපිත කරනු ලැබුවේ 2017 ජනවාරි මාසයේදීය.

      Delete
    4. සරසට මතක ඇති මීට මාස 6කට පමණ පෙර 2016 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ අපේ සිරි ලංකා ටු බෙ ප්‍රොමෝටඩ් ඈස් ග්ලෝබල් හෙල්ත් ටුවරිස්ම් ඩෙස්ටිනේසන් වැඩමුළුව අමතමින් කතා කළ ඇමරිකානු වෛද්‍ය සංචාරක සේවා තත්ත්ව පාලන සන්ධානයේ සභාපති ජුලි මොන්රෝ පවසා සිටියේ සාමාන්‍ය සංචාරක සේවාවන් සමඟ සංසන්දනය කිරීමේදී ගෝලීය සංචාරක සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය 50%කින් පමණ නුදුරේදී ප්‍රසාරණය වන බවයි. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් 800ක් විරැකියාවෙන් පෙළෙන විට, බි්‍රතාන්‍යයේ සුපිරි නිරූපිකා නයෝමි කැම්බල්, පොප් ගායිකා මැඩෝනා, හොලිවුඞ් නිළි මෙඩි මුවර්, හිටපු බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ බිරිඳ චෙරී බ්ලෙයාර් ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ලබාගැනීම පිණිස වසරකට කිහිප වතාවක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය වෙත පැමිණෙති. ඉන්දියාව ගෝලීය සංචාරක සෞඛ්‍ය සේවාවන්හි වැඩ වර්ධනය කරගනු පිණිස හෙදහෙදියන්, භෞත චිකිත්සකයන්, පුද්ගලික හා රජයේ වෙද විදුහල්වලින් වෛද්‍ය වෘත්තිකයන්, ආයුර්වේද වෛද්‍යවරුන් හා අනෙකුත් සුවසේවා වෘත්තිකයන් ලක්ෂ ගණනින් බිහිකරමින් පෙරටම යනවිට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ සියල්ලම සහ වෛද්‍යවරුද ‘සයිටම්’ ප්‍රශ්නය හේතුවෙන් වැඩ වර්ජනය කරමින් සිටිති. මෙය සමකළ හැක්කේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළ භූමිකාවටය. මේ පිලිබඳව සරස, සිතිවිලි, කුදලාගම නමින් අදහස් දැක්වූ මහතා/ පිරිස ඇතුලු සියලු දෙනාටම අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කළ හැකි නම් ඉතා සතුටුවෙමි. ස්තූතියි.

      Delete
    5. ඇනෝ,

      මම ශ්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යා ආයතන ඇතිවීම අවශ්‍යතාවයක් ලෙස දකිනවා නමුත් SAITM කියන්නේ තනිකරම වංචාවකින් පටන්ගත්ත ආයතනයක් එහෙම උනත් එම වංචාව තුලින් පටන්ගත්ත කතාව දඩමීමා කරගෙන වෛද්‍ය සබාව කරන දෙය නින්දිතයි, අවංක උවමනාවක් තිබෙනවානම් අවම සුදුසු කම වන C 3 ක් ඇති ශිෂ්‍යයන්ට මෙහි ඇතුළත්වීමට අවසර දියයුතු අතර වෛද්‍ය සබාව පවත්වන විබාග සමත්විය හැකි නම් ඔවුන් වෛද්‍ය වරුන් ලෙස පිළිගනිම මම නම් වරදක් දකින්නේ නෑ. මේ වෛද්‍ය වරුන්ට සායනික පුහුණුව ලබාදීමට පහසුකම් දීමයි කලයුතු.

      Delete
  6. Lankika Sithuwili,

    ඔබේ අදහස් සහ මතවාද වලට ගරු කරමින් තවත් යමක් කීමට මා කැමතියි. කතාව ඕලන්ද පාලන සමයේදී එනම් 1772දී රාජකීය ශල්‍ය වෛද්‍යවරයෙක් මේ රටට ආවා. බි්‍රතාන්‍ය පාලන සමයේදී 1848දී බටහිර වෛද්‍යවරයකු පැමිණියා. ඒත් ඒ වනතුරු වසර දෙදහසකටත් වඩා පැරැණි දේශීය වෛද්‍ය ක්‍රමයක් අපේ රටේ පාරම්පරිකව පැවැතුණා. අද අපේ රටේ ජනගහනය මිලියන 21ක් වුණත් එදා මිලියන 3-4ක් හිටියා. අධිරාජ්‍යවාදය නිසා අනිකුත් දේශීය සංස්කෘති වගේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් අභාවයට ගියා.

    බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් ප්‍රචලිතව පැවතුණත් සමහර රෝගවලට ඒකෙන් විසඳුම් නැහැ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විකල්ප වෛද්‍ය ක්‍රම ගැන හොයනවා. කොරියාවේ තවමත් 85%ක් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. ඉංගී්‍රසීන්ට තමිල්නාඩුව යටත් කර ගැනීමට නොහැකි වුණු නිසා කේරළයේ 80%ක් පමණ තවමත් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. එම ප්‍රදේශවල ජනතාව නිරෝගිමත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කරනවා.

    මේ වනවිට ඇමෙරිකාව ඇතුළු වෛද්‍යවරු නවීන විද්‍යා ක්‍රමයක් පිළිබඳ පරීක්ෂණ කරනවා. පුද්ගලයකුගේ ඩී.එන්.ඒ. අනුව එකම බෙහෙත වුණත් වෙනස් කළ යුතු බව ඔවුන් කියනවා. දැන් දේශීය වෛද්‍යවරු නාඩි මඟින්, කේන්දර මඟින් රෝගියා එන වෙලාව බලමින් රෝගී තත්ත්වය ගැන ප්‍රකාශ කළෙත් ඒක බව අපි දන්නවා.

    අපේ රටේ ශාක ඔෟෂධ නිෂ්පාදනවල වැඩිපුර අයිතිය අපට නැහැ. ඒවා බොහොමයක් ජපානය සතු කරගෙන තිබෙනවා. මේ වනවිට ඇමෙරිකාවේ අපේක්ෂාව අවුරුදු 150ක් ජීවත්වන මිනිසෙක් බිහිකිරීමයි. ඒක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් පමණක් කරන්න බැහැ. පාරම්පරික වෛද්‍ය ක්‍රමවල සහාය ගන්න සිදුවෙනවා.

    මේ වනවිට ශාකසාර ඔෟෂධ වෙළෙඳපොළ ඩොලර් බිලියන 54ක් දක්වා වැඩිවෙලා. අපේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් බවට පාරම්පරික වෛද්‍ය ක්‍රම, ශාකසාර ඔෟෂධ පත් කිරීම අප කලයුතුයි. ඔෟෂධ නිෂ්පාදනයට අබිං නැහැ. වසර 4ක් තිස්සේ මේ රටේ අබිං තිබුණෙ නැහැ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට කංසා වගා කිරීමත් කලයුතු.

    ලෝකයේ ශාකසාර වෙළෙඳපොළ ඉතා විශාල වෙමින් පවතිනවා. ඒත් ඉන්දියාවට හිමිවන්නේ ඉන් දශම 5ක් පමණයි. අපේ රටේ දේශීය ඔෟෂධ ප්‍රචලිත කළ යුතුයි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඒවා සකස් කළ යුතුයි. 1970න් පසුව ඔෟෂධ සංග්‍රහය තවමත් යාවත්කාලීන වෙලා නැහැ.

    ReplyDelete
  7. ඇත්තටම ස රස කමෙන්ට් බැලුවම විශේශයෙන් කිවයුතු දෙයක් තියෙනවා, සිංහල වෙදකම හා "ආයුර්වේද" කියන්නේ එකක් නොවේ දෙකක් කියන එක අප දැන ගත යුතුයි. ඇලෝපති නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමය හැරැනම මෙරට ක්‍රියාත්මක වෙන්නෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරයි කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියල කියන්නෙත් එකම දේ නෙවෙයි. ඒ දෙක අතරත් සෑහෙන වෙනසක් තියෙනවා.

    ඇත්තෙන්ම සුද්දගෙ පාලනය අවසන් වෙලා මෙහේ හිටපු කලු සුද්දන්ට පාලනය බාර දුන්න මොහොතෙ ඉදල මෙරට පිළිගත් වෛද්‍ය ක්‍රමය වුණේ බටහිර ඇලෝපති වෛද්‍ය ක්‍රමය තමයි. ඒ අනුව සිංහල වෙදකම, ආයූර්වේද වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය, යුනානී වෛද්‍ය ක්‍රමය කියන මෙරට ක්‍රියාත්මක වුන පාරම්පරික වෛද්‍ය ක්‍රම "වෛකල්පිත වෛද්‍ය ක්‍රම" යනුවෙන් හදුන්වමින් දෙවැනි තැනට දැම්මා. පසුකාලීනව ලංකාවේ ප්‍රචලිත වුණු පෙරදිග වෛද්‍ය ක්‍රම දෙකක් වුණු හෝමියෝපති හා පංචකර්ම කියන වෛද්‍ය ක්‍රමවේදත් ආණ්ඩුවේ නීති පොත් ප්‍රකාරව වැටුනෙ "වෛකල්පිත වෛද්‍ය ක්‍රම" යටතට. ඔය බොහෝ දෙනා අහල පුරැදු "ආයුර්වේදය" උපන්නේ අපට ළගම ර‍ටේ. ඒ කියන්නේ වත්මන් ඉන්දියාවෙ, (හැබැයි ඇත්තටම කිව්වොත් භාරතයේ. භාරතය කියන්නේ වර්තමාන පකිස්ථානය, බංගලාදේශය ඇතුලු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයට පෙර පැවැති භාරත (දඹදිව) රාජධානියට) . එහි ආරම්භය ගැන කියවෙන බොහොම රසවත් දේව කතාවකුත් තියෙනවා සරස, ආයවර්ත මහාද්වීපය, භාරත නම ඇතිවීම ආදී කතා. ඒ ගැන පසුව දවසක ලියන්නම්. එහෙම බිහිවුණු ආයුර්වේද වෛද ක්‍රමය භාරතය තුල බොහොම සරැසාරව වැඩෙන ගහක් වගේ මුල් ඇදගෙන ප්‍රචලිත වෙනවා. කවුරුත් දන්නා පරිදි ගස් වැල් වල පංචාංගයම හෝ කොටසක් හෝ යොදාගෙන නිපදවෙන අරිෂ්ඨ, ආසව වර්‍ග නිපදවෙන්නේ ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේදී. ලංකාවෙ මහින්දාගමනයත් සමග අපට ලැබෙන බොහෝ දායාද අතර ආයුර්වේදයත් ලේකනවල ඇතුළත් වෙලා තිබුණා. නමුත් විජයාවතරණයට පෙර සිටම මෙහි වාසය කළ යක්ඛ, නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත ආ වෛද්‍ය ක්‍රමයක් තිබිල තියෙනවා, මේ වෛද්‍ය ක්‍රමය බොහොම දියුණු එකක්. පසු කාලීනව ඒ කියන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ අපේ දේශීය වෛද්‍ය වරැ ආයුර්වේදයේ හරයාත්මක දේවලුත් ප්‍රයෝජනයට අරගෙන හරිම සංවිධානාත්මක විදියට දේශීය වෛද්‍ය ශාස්ත්‍රය මහජනයාගේ හිතසුව පිණිස යොදාගෙන තියෙනවා.ඒ කාලෙ අපේ සෑම රජ කෙනෙකුටම රාජ වෛද්‍ය වරයෙක් පවා ඉදල තියෙනව. මිහින්තලය, මින්නේරිය වගේ ප්‍රදේශවල ආරෝග්‍ය ශාලා පවත්වගෙන යමින් ශල්‍ය කර්ම පවා සාර්ථකව සිදුකරන තත්වයක් දක්වා පරිණත මට්ටමට පවත්වාගෙන ගියා. ඒ වගේමයි මනුෂ්‍යන්ට පමණක් නොවෙයි සත්වයින්ට පවා වෙදකම් සිද්ධ කල බවට සාක්ෂ්‍ය බුද්ධදාස රජ සමයේ හමුවෙනවා. හෙළ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ප්‍රධාන වුණේ නැවුම් - අමු බෙහෙත්. යම් රෝගයකට පිළියම් කෙරැණෙ එවෙලෙම සාදාගත් නැවුම් ඖෂධ වලින්. ගුලි, කල්ක, කසාය නොතිබුණා නොවෙයි. ඒත් මුල් තැන දුන්නෙ අලු අනුපානයන්ට (අමු ඖෂධ දලු වලින් කළ බෙහෙත්), සවරස කසායට(අමු ඔසු මිරිකල හදන කෂාය). කෙනෙක්ට මොන අසනීපෙකට වුණත් වේලෙන් දෙවේලෙන් ප්‍රතිකර්ම කරන්නට දායක වුනේ ප්‍රබල අමු ඖෂධ. ඒවා බොහෝ විට තිබුණෙ දේශීය වෛද්‍ය වරැන්ගෙ මතක ගබඩාවෙ. රාජ අනුග්‍රහය ලැබුණු වෛද්‍ය පරම්පරා වල ඇත්තො සමහර අවස්ථාවල ඖෂධ වට්ටෝරැ ග්‍රන්ථාරෑඩ කළත් බොහෝ වෙලාවට මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවෙ කටපාඩමින්.

    ඔබලා දැකල ඇති පසුකාලීනව රොබට් නොක්ස් කියපු විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක්. කැඩුණු අස්ථියක් සමාන්‍ය මට්ටමෙන් පාහන්න අපේ ගැමියෙකුට බතක් ඉදෙන්න යන වෙලාව ඇති බවත් ඔහු කියල තිබුණ. පෘතුගීසි, ලන්දේසි සමයන් වල නිතර පැවැති යුධ ගැටුම් ආදිය නිසාත්, චංචල දේශපාලන වාතාවරණය නිසත් ඒ කාලෙදි කතෝලික ආගම සමග බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීම නිසාත් දේශීය වෙදකමේ පරිහානිය ඇරඹීමට හේතුපාද වුණා. ඒත් තාඩන පීඩන මැද්දෙ මුඛ පරම්පරාගතව ගෙනා අපේ දේශීය වෛද්‍ය වට්ටෝරැ ස්වල්ප ප්‍රමාණයක් අද වන තුරැත් භාවිතා කරන පාරම්පරික දේශීය වෛද්‍ය වරැ ඉන්නවා. අද වෙදකමේ නොයෙදුණත් තමතමන්ගෙ තාත්තා, සීයා සටහන් තැබූ පුස්කොළ පොත්, සටහන් පොත් රැකගත් උදවිය අපේ රටේ ඕන තරම්. ලංකාවේ මේ පිරිස් ගැන නිසි සංගණනයක් නොමැති නිසා වගේම ඒ අයගේ දැනුම හොරකම් නොකර විධිමත්ව ඒකරාශී කෙරෙන රාජ්‍ය යාන්ත්‍රණයක් මේ දක්වා නොමැති වීමත් නිසා ඒ දැනුම සගවාගෙනම ඒ මිනිස්සු මියයන එක අනිවාර්යයි. දේශිය වෛද්‍ය ක්‍රමය ගැන ඇල්මක් තියෙන බොහෝ දෙනෙකුට ඒක දරාගන්න බැරි දෙයක්.

    භාරතයෙන් නැත්නම් නූතන ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය නිසි ලෙස ග්‍රන්ථාරෑඩ වෙලා තිබීම නිසා අද එය දේශීය වෙදකම අභිභවා පැතිර යන්නට පටන් අරන්. හෙළ පාරම්පරික වෛද්‍ය පරම්පරා වල උදවිය ඒ වෘත්තියේ නොයෙදීමත්, එම පරම්පරා සතු දැනුම දැනට ආයුර්වේදයේ යෙදෙන පිරිස් වෙත නොලැබීමත් නිසා අපිට අහිමි වෙමින් යන්නෙ ලෝකයේ හොදම වෛද්‍ය ක්‍රමයක උරැමය කියන එක තමයි මගේ අදහස, ඔබ මේ ගැන දරන මතය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. AnonymousJune 26, 2017 at 12:33 AM,

      //බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් ප්‍රචලිතව පැවතුණත් සමහර රෝගවලට ඒකෙන් විසඳුම් නැහැ. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විකල්ප වෛද්‍ය ක්‍රම ගැන හොයනවා. කොරියාවේ තවමත් 85%ක් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. ඉංගී්‍රසීන්ට තමිල්නාඩුව යටත් කර ගැනීමට නොහැකි වුණු නිසා කේරළයේ 80%ක් පමණ තවමත් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කරනවා. එම ප්‍රදේශවල ජනතාව නිරෝගිමත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කරනවා.//

      මේගැන මගේ අඩවියේ බොහෝ ලිපි ලියල තියනවා. බටහිර වෙදකම ශ්‍රී ලංකාවතුල ගත්තම ඇති විශාලම අඩුවක් තියනවා ඒ කියන්නේ නිසි සන්ක්‍යා ලේකන නොමැතිවීමයි.

      මිට හොදම උදාහරණය අපි ඇමරිකාව ගත්තම http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

      දොස්තර වරුන් ගේ වැරැදී තමයි රටේ මියයන පිරිසෙන් 1/3 මියයන්න හේතු වෙන්නේ ඒ කියන්නේ 250,000 වසරකට ඇමරිකාවේ මියයන්නේ දොස්තර වරුන්ගේ වරදින්, දැන් මේ තොරතුරු ඉදිරිපත් කරන අඩවිය ගොසිප් දමන අඩවියක් නෙමෙයි ලෝකයේ හොදම ආරෝග්‍ය ශාලාව කියන Johns Hopkins University අයත් අඩවියකි ඔය ලිපිය තියෙන්නේ මිට අමතරව ඇමරිකාවේ ප්‍රචලිත වෛද්‍ය අඩවි ගණනාවක කරුණු සහිතව පෙන්වාදිලා තියනවා, මිට හේතුව වයස 55 ට අඩු සියලුම පුරවැසියන්ගේ මරණ , මරණපරීක්ෂණයකින් පසුවයි පවුලේ අයට බාර දෙන්නේ දැන් ශ්‍රී ලංකාවේ බැලුවොත් මෙය සිදුවෙන්නේ කොහොමද ? ලෙඩා රෝහලට බාරදීලා දින 2කක් තුල මරණයක් උනානම් මරනපරික්ෂණයක් උවමනා නෑ, මෙනිසා ශ්‍රී ලංකාව තුල කිසිම වෛද්‍යවරයෙක් වැරදි කරුවෙකු වෙන්නේ නෑ.

      ඇත්ත වශයෙන් බැලුවොත් ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයන්ගේ වරදින් මියයන පිරිස ලක්ෂගනනක් වෙන්නේ පුළුවන් මොකද ඔබ නගරය බැලුවොත් සියලු දෙනාටම කුමක් හෝ ලෙඩකට බෙහෙත් ගනිමින් සිටිනවා.

      දැන් දේශීය වෙදකම ගැන කිව්වම ඔබ කියනවිදියට ආයුර්වේදය සහ සිංහල වෙදකම එකක් ලෙස සිතන මිනිසුන් සිටිනවා නමුත් සුවකරගැනීමට අපහසු බොහෝ රෝගවලට බෙහෙත් තියෙන්නේ සිංහල වෙදකමේ,
      උදාහරණයකට මගේ මිතුරකු සිටිය මට වයස 10 පමණ කාලයේ, ඔහුට ඔහුගේ දණහිසේ bone marrow හිග වීමෙන් කකුල ආබදයට පැමිණිය එම කාලයේ බටහිර ඇලොපති ක්‍රමයට බෙහෙත් තිබුනේ නෑ (දැන්නම් තියනවා bone marrow transplant වගේ $ 100,000 පමණ විශාල වියදමක් යනවා ) මෙකාලයේ සිංහල වේදමහතකු ඔහුට බෙහෙත් කළා (මේ සිංහල වෙදකමට තමයි කියන්නේ වට්ටෝරු වෙදකම කියල කියන්නේ ) මේ විශිෂ්ට වෙදකම නැතිවීමට මම හිතන්නේ බලපාපු එක දෙයක් තමයි අපේ කුහක කම, මොකද ගුරුවරු වටිනාම කොටස ගෝලයට දුන්නේ නෑ ගුරු මුහ්ස්ටි ලෙස තියාගත්තා. මිට අමතර අනෙක් කාරණය තමයි මේවා කල බොහෝ වෙදවරු විකුණුවේ නෑ මෙනිසා මොවුන් දිළින්දන් උනා, මෙනිසා ඔවුන්ගේ දරුවන් මේ වෙදකම් කිරීමට කැමැති උනේ නෑ.

      //ඔෟෂධ නිෂ්පාදනයට අබිං නැහැ. //

      සිංහල බෙහෙත් වල අබින් විතරක් නෙමෙයි "බින් කොහොබත් " තවම තහනම් මෙය ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදීන් පනවන්නේ ශ්‍රී ලංකාවේ සිංහල වෙදකම විනාශ කිරීමට, බින් කොහොබ අදත් තහනම් නමුත් මෙය මද්ද්ර්ව්‍යක් නෙමෙයි සුද්ද දාපු නිතිය නිදහස් ලැබිලත් ඉවත්කරගෙන නෑ

      අබින් ගංජා වගේ දේවල් සිංහල වෙදකමේ වටිනා බෙහෙත් හැදීමට ගන්නවා මෙහි වටිනාකම දැන් දැන් තමයි බටහිර ලෝකය තේරුම් ගනිමින් සිටින්නේ, ලගදි දොස්තර රුවන් මේගැන ලිපියක් ලිව්වා, මේ බෙහෙත් බටහිර විශාල වියදමක් යන හානිදායි ඔසුවලට වඩා හානියෙන් අවම සහ ඉතා ඉහල සුවයක් දෙනබව සොයාගනිමින් ඉන්නවා. නමුත් මගේ අදහස මේවා වෙළදපොලට පැමිණීමට ඔවුද්ෂද සමාගම් දැඩිලෙස බාදා කරයි.

      මගේ මිතුරකු මගින් ශ්‍රී ලංකාවේ තිබුන වටිනා වේදපොතක පිටපතක් ලබාගැනීමට හැකිඋනා මෙය තිබුනේ බ්‍රිතන්‍ය කවුතුකාගාරයේ, ඔවුන් මේවා මනාව සංරක්ෂණය කරනවා පසුව මේ පොත මම දන්නා සිංහල වෙදමහතුන් කීපදෙනෙකුට ලබාදුන්නම ඒ අතර සිටින ඉතා උගත් මහත්මයෙක් කිව්වේ ඔහුගේ මිතුරෙකු විසින් මේ සිංහල පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරන බවත් ඊට ඉහල ලෙස ගෙවන බවත් කිව්වා.

      ශ්‍රී ලංකාවේ ආයුර්වේද වල සිටින්නේ දක්ෂ මිනිසුන් නෙමෙයි මෙහි යම් බැබලීමක් තියෙන්නේ පාරම්පරික වෙදමහතුන් තම වුර්තියේ නියැලීමට ආයුර්වේදයේ ලියාපදිංචි වී ඇති නිසයි. මෙනිසා නිස්සන් සිටියදී පුස්සන් රජකම් කරන ලෝකයක් තමයි තියෙන්නේ.

      Delete
  8. සරාස් තුමෝ මේ අන්ත දූෂිත අශික්ෂිත ජඩ "යහපාලන" නීලකාස පල්හොර ආණ්ඩුවට විකුණන්ට ඉතිරි වෙලා තියන එකම දේ වෛද්‍ය අධයාපනය විතරයි. වොක්ස්වගන් එනවා ලොකු කොම්පෑනි එනවා කියලා ලොවෙත් නැති වැල බයිලා කිව්වට කවුරුවත් ආවෙ නෑනෙ. දෑන් කීයක් හරි හොයා ගන්ඩ නන් ඉතුරු වෙලා තියන එකම දේ වෛදය උපාධිය විකිනිය යුතුයි. ඒකද මේ වෙන්නේ?

    ReplyDelete
  9. ලංකාවේ වෛද්‍ය වරු වැඩ වර්ජනයක් කළා ? කවදාද ? අපිට මතක නෑනේ. ඉතින් එකෙන් ඉල්ලපු ප්‍රධාන ඉල්ලීම ලැබුන හින්දාද එක නතර කලේ ?

    ReplyDelete
  10. සරස මෙන්න සුභ ආරංචියක්; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ගෙනා අලුත් කැබිනට් පත‍්‍රිකාව අනුව ඉන්දියාවේ සුප්‍රකට "මනිපාල් විශ්වවිද්‍යාලය" යේ ශාඛාවක් මෙරට පිහිටුවීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    කළුතර ප‍්‍රදේශයේ අක්කර සියයක පමණ භූමි භාගයක මෙම විශ්ව විද්‍යාලය ඉදිරිකෙරේ.

    ඉදිරිපත් වූ යෝජනාව අනුව එම ආයතනය සදහා වෛද්‍ය පීඨයක් ඇතුළත්ව නැති නමුත් පසුව පිහිටුවන්නේ නැති බවක්ද සදහන්ව නැත. ඔවුන්ගේ වෛද්‍ය උපාධිය ලෝකප්‍රකට බව සරස ඇතුලු හැමෝම දන්නවා ඇති. සයිටම රෙද්ද වහල දාල මේවගේ හොඳ කැම්පස් එකක් ගේන්ව නම් අපිත් කැමතියි, හැබැයි ගාණ සාධාරණ වෙන්න ඕන, මිලියන් 7-8 වගේ ගාණකට මෙඩිකල් ඩිග්‍රි දෙන හයි කොලිටි යුනි එකක් එනව නම් අපේ මොකෝ

    ReplyDelete
  11. සරස මහින්ද කියනවා සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව කැත්තට පොල්ල මෙන් නොවිය යුතු බව. ඒක ඇත්ත. හැබැයි සයිටම් ඇති කෙළේ මහින්දගේ රජය. මහින්ද කියන්නේ සයිටම් අහොසි කළ යුතු බව ද? තමන් ඇති කළ සයිටම් ආයතනයේ වැරදි මොනවා ද? සයිටම් ප්‍රමිතියේ වැරදි මොනවා ද? ප්‍රමිතිය ගැන මෙරට ඇතැම් රජයේ වෛද්‍ය පීඨවලට උදම් ඇනිය හැකි ද? ඒ පීඨවල ශිෂ්‍යයනුත් සයිටම් ප්‍රමිතිය ගැන කතා කරනවා! මෙය විහිලුවක් නොවේද?

    මෙරට සිංහල වෙදකම දියුණු කිරීමට කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැහැ. එසේ කළා නම් සයිටම් අවශ්‍ය වන්නේ වත්, මෙරට සිසුන් පිටරට යවා බටහිර වෛද්‍යවරුන් බවට පත් කිරීමටවත් බටහිර වෙදකමට මෙතරම් විදේශ විනිමයක් යට කිරීමටවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මෝඩ කතාවලට සැලකීමට අවශ්‍ය වන්නේවත් නැහැ. ඔහු වරක් කීවේ රෝගවලින් තුනෙන් එකක් ප්‍රතිකාරයක් නැතිච සුව වන බවත් සිංහල වෙදකමෙන් සුව වන්නේ එවැනි රෝග බවත්. ආචාර්ය නලීන් ද සිල්වා පාදෙණියට හා කාලෝට වෙදකම විද්‍යාව හා සයිටම් ගැන විවාදයකට එළඹෙන ලෙස අභියෝග කරනවා. නමුත් ඔවුන් යයිද?

    ReplyDelete
  12. අඩෝ ගෙරි කාඩ සරසා කුමාර දන්ගොතෝ,

    අපිත් වමේ හරිද. ලංකාවේ වම කියල ඉන්නේ පිස්සු වමක් උනාට වමේ හැම එකාම පලිද යකෝ. බලපන්කො අපේ කෝබියා ? අවුරුදු 30 පාර්ලිමේන්තුවේ හිටියට ගලක් අරගෙන කාටවත් ගහල තියනවද? පෙළපාලියක ට ගියත් කතා කරලා කියන්න ඕන දේ කියල ඊට පස්සේ පබ් එකට ගිහින් බියර් එකක් ගහල ගෙදර යනවා. බයිසිකලේ වැඩට එන්නේ (පාර්ලිමේන්තුවට) පලවෙනි ගෑනි ග්‍රමර් ස්කූල් (ප්‍රයිවෙට් නෙමේ ) එකට ළමය ඇතුළු කලා කියල ගෑණි ගෙන් දික්කසාද වුණා "මන් ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ කියල". මිනිසුන්ගෙන් බාගයක් සපෝර්ට්. හැබැයි ඉතින් පොර ප්‍රයිවෙට් යුනියක් ජනසතු කරව් වගේ සිල්ලර සටන් පාඨ වලට ගියේ නැහැ .

    - Ajith Dharma

    ReplyDelete
  13. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මීළග ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමක් ඇති බව සටිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු පවසයි.

    සයිටම් ආයතනයට විරුද්දව විරෝධතා පවත්වන අය පසුපස සිටින්නේද පාදෙණිය බවත් බවසන ඔහු මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම ඔහුගේ එකම අරමුණ බවත් නෙවිල් ප්‍රනාන්දු සදහන් කරයි.

    ReplyDelete
  14. හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥනසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි
    (බොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌)

    ත්‍රස්‌තවාදය නැති රටේ අන්තවාදී කල්ලි උපරිමයට !!!
    ජනාවාරි 08 වැනිදායින් පසු රට වෙනුවෙන් පෙනී සිටි බලවේගවලට වුනේ මොකද ?
    සිංහලයා වෙනුවෙන් පෙනී නොසිටින යහපාලන ආණ්‌ඩුවක්‌ !!!


    බොදුබල සේනා සංවිධානය සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ යෑයි සමහර අය කියයි. නමුත්, අද ලෝකය පුරාම ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙන්නේ බෞද්ධ අන්තවාදය නොව මුස්‌ලිම් අන්තවාදයයි. මුස්‌ලිම් රටවලට මෙන්ම මුස්‌ලිම් නොවන රටවලටද, ඉස්‌ලාමීය අන්තවාදය හා ත්‍රස්‌තවාදය මහත් ගැටලුවක්‌ වී ඇත. ලංකාව තුළ ද මුස්‌ලිම් අන්තවාදය ගැන කතිකාවක්‌ ඇත. ලංකාවට කිසිදාක ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදය තර්ජනයක්‌ විය නොහැකි නමුත්, ඉස්‌ලාමීය අන්තවාදයෙන් නැතිනම් කල්ලිවාදයෙන් ගැටලු මතුවිය හැකි බව මගේ මතයයි. වෙනත් රටවල ත්‍රස්‌තවාදයක්‌ සාර්ථක වුවත්, ලංකාවේ ත්‍රස්‌තවාදයක්‌ සාර්ථක විය නොහැකි බව පසුගිය කාලයේ සිංහල ත්‍රස්‌තවාදීන්ට මෙන්ම දෙමළ ත්‍රස්‌තවාදීන්ටත් අත්වූ ඉරණමෙන් අපිට පෙනේ. මැදපෙරදිග ISIS ත්‍රස්‌තවාදීන්ට මිනිසුන්ගේ බෙලි කපා, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කර මුළු ලෝකයම භීතියට පත් කිරීමට හැකි වී තිබුණත්, ඒ උපක්‍රම ලංකාවේ හරියන්නේ නැත. ඊශ්‍රායලය පහර දෙන විට අහල රටවල් හතක අරාබි හමුදා හිස්‌ ලූලූ අත පලාගියේය. එවැනි ප්‍රජාවක්‌ භීෂණයෙන් යටත් කරගැනීම පහසුය.

    නමුත් ලංකාවේ සාමාන්‍ය ජනතාව ජවිපෙ මනුෂ්‍ය ඝාතන වලිනුත් කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලිනුත් යටත් කර ගැනීමට හැකි වූයේ නැත. මේ රටේ ජවිපෙ දෙවැනි කැරැල්ල මෙන්ම කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ල ගැන ද ගවේෂණාත්මක කෘතීන් දෙකක්‌ ලියා තිබෙන නිසා, මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත්, සිදුවෙන දේ මට කල්තියා කිව හැකිය. මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ගෙන් බහුතරය ජීවත් වන්නේ නැඟෙනහිර පළාතේ නොව සිංහල හා දෙමළ මිනිසුන් අතරය. ඒ කාරණයම ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමට ප්‍රබල බාධාවක්‌ වේ.

    යම් ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදියෙක්‌ ආගම නාමයෙන් මෙරටේ වෙනත් ආගමක අයෙක්‌ ඝාතනය කළේ නම්, එවැනි සිදුවීම් නැවත් වීමට එකට දහයේ දොළහේ අනුපාතයට ප්‍රතිප්‍රහාර එල්ලවීම වැලැක්‌විය නොහැක. එවැනි අවස්‌ථාවල, නීත්‍යානුකූල නොවන කණ්‌ඩායම් ද ක්‍රියාත්මක වීම ලෝකය පුරාම අත්දැකීම් වලින් පෙනේ. මරාගෙන මැරෙන ප්‍රහාර මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් අතින් සිදු වුවහොත්, එවැන්නක්‌ නැවත්වීම සිදුවන්නේද ත්‍රස්‌තවාදයට උඩගෙඩි දෙන බවට සැක කරන සියලු දෙනාද විනාශ කිරීමෙන් පමණය. මෙවැනි අවස්‌ථාවල, ලෝකයේ හැම රටකම නීතිය පසෙක තබා මර්දනය දියත් කරයි. මේ ළඟකදී ලන්ඩන් නුවර සිදු වූ ත්‍රස්‌ත ප්‍රහාරයකින් පසු එරටේ අගමැති තෙරේසා මේ කීවේ නීතිය වෙනස්‌ කර හෝ ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමන බවයි. මේ සම්බන්ධයෙන් මුළු ලෝකයෙන්ම ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති රටක්‌ වන්නේ ලංකාවයි.

    මැදපෙරදිග රටවල අපේ පුරවැසියන් දශලක්‌ෂ ගණනක්‌ සේවය කරන නිසාත් අපි අරාබියෙන් තෙල් ආනයනය කරන නිසාත්, ලංකාවේ මුස්‌ලිම් ත්‍රස්‌තවාදීන්ට පක්‌ෂව ඒ රටවලින් ලංකාවේ ආණ්‌ඩුවට බලපෑම් කරාවි යෑයි බියක්‌ද අපි තුළ තිබිය යුතු නැත. ලෝකයේ සියලුම මුස්‌ලිම් රටවල්ද, ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ට දැනුත් පහර දෙමින් සිටි. පාකිස්‌තානයේ හා ඇෆ්ගනිථානයේ සිට ඉරාකය, සිරියාව, ඊජිප්තුව, හා ලිබියාව ඇතුළුව සියලුම මුස්‌ලිම් රටවල ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ, මාක්‌ස්‌වාදී කැරලිකරුවන් නොව, ඉස්‌ලාමීය අන්තවාදීන්ය. එම නිසා, ලංකාවේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත්, එය මර්දනය කිරීමට සමහර මුස්‌ලිම් රටවල්ද උදව් කිරීමට හොඳටම ඉඩකඩ ඇත.

    ReplyDelete
    Replies
    1. මේ රටේ ජීවත්වෙන මුස්‌ලිම් ප්‍රජාවද මේ යථාර්ථය ඉතා හොඳින් දනී. මේ රටේ සිටින්නේ, අරාබියේ කූඩාරම්වල ජීවත් වී ඔටුවන් පිට උඩ ගිය අරාබිකාරයන්ගෙන් පැවත එන අය නොව, මුහුදු ගොස්‌ ඈත රටවල්වල වෙළෙඳාම් කර ඒ රටවල්වල පදිංචි වූ අයගෙනි. ඉන්දියාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ ආක්‍රමණිකයන් හැටියට වුවත්, ලංකාවට මුස්‌ලිම් මිනිසුන් පැමිණුනේ වෙළෙඳුන් හැටියටය. මීට ශතවර්ෂ ගණනාවකට පෙර මුහුදෙන් ගොස්‌, වෙනත් රටවල භාෂාව ඉගෙනගෙන, වෙනත් ජනතාවක්‌ සමඟ වෙළෙඳාම් කරමින් ජීවත් වීමට, කාන්තාරයේ කූඩාරමක්‌ තුළට වී ඔටු කිරි බොමින් සිටීමට වඩා සූක්‌ෂම බුද්ධියක්‌ හා උපක්‍රමශීලී බවක්‌ අවශ්‍ය වේ. ඒ උපක්‍රමශීලී බව මේ රටේ මුස්‌ලිම් මිනිස්‌සුන්ට ඉතා හොඳින් තිබේ. එම නිසා ත්‍රස්‌තවාදයෙන් ඔවුන්ට සියල්ල අහිමි වෙනවා මිස ලැබෙන දෙයක්‌ නැති බව ඔවුන් හොඳින් දනී.

      මේ නිසා, ලංකාවේ අපි, වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ තවම ඇති වී නැති ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ගැන නොව, දැනටම ලංකාවේ වැඩිවීගෙන යන මුස්‌ලිම් අන්තවාදය හා කල්ලිවාදය කෙරෙහිය. මීට අවුරුදු තිහ හතළිහකට කළින් තිබුණට වඩා මුස්‌ලිම් අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වී තිබෙන බව මුස්‌ලිම් කාන්තාවන් ඔලුවේ සිට වසාගෙන සිටින ආකාරයෙනුත්, මුස්‌ලිම් මිනිසුන් මුස්‌ලිම් දේශපාලන පක්‌ෂවලට පමණක්‌ ඡන්දය දෙන ආකාරයෙන්ද පෙනේ. මීට දශක දෙක තුනකට පෙර, මුස්‌ලිම් මිනිසුන් ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක තුළට ඉතා හොඳින් අනුගත වී සිටිය ද, අද අපි දකින්නේ, ප්‍රධාන පක්‌ෂ දෙකටම පරිබාහිරව මුස්‌ලිම් නායකයන් පිරිසක්‌ මතුවී, ඔවුන් හැම ආණ්‌ඩු පෙරළියක්‌ සමඟම දිනන පැත්තට යන ප්‍රවණතාවකි.

      මේ කාරණය නිසා මුස්‌ලිම් නායකයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටවත් නොහැකි තත්ත්වයක්‌ ඇතිවී තිබේ. මහා පරිමාණ දූෂණ සෙවීමේ කොමිෂමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා මහතා, තමන් රිසාද් බදියුදීන් ඇමැතිවරයාගේ ගනුදෙනුවක්‌ සෙවීමට උත්සාහ ගැනීම නිසා ධුරයෙන් ඉවත් කළ බව කියනව නම් තවත් මේ ගැන කතා කුමටද? මේ මුක්‌තභාවය මුස්‌ලිම් නායකයන්ට පමණක්‌ නොව, ඔවුන්ගේ ගෝලයන්ටත්, ඊටත් පුළුල්ව ඔවුන්ගේ ඡන්දදායකයන්ටත් ලැබේ. මේ නිසා මුස්‌ලිම් ප්‍රජාවට මේ රට තුළ මහ ජාතියට නැති වරප්‍රසාද ලැබී ඇත. ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති වුවහොත් ඔවුන්ට මේ තිබෙන සියලු දේවල් නැති වේ. ඇත්ත වශයෙන්ම මේ රටේ ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදයක්‌ ඇති කිරීමට කවුරුන් හෝ උත්සාහ ගතහොත්, ඔවුන්ව මුස්‌ලිම්වරුන් විසින්ම නීතියට හසුකොට දීමට ඇති සම්භාවිතාව වැඩිය.

      මෙරටේ සිංහල ඡන්ද සුළුතරයක්‌ එහා මෙහා වීම නිසා මැදපෙරදිග ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් බෙලි දස දහස්‌ ගණන් කපා, මරාගෙන මැරෙන ප්‍රහාර සිය ගණනක්‌ දියත් කර ලබා ගැනීමට නොහැකි වූ ආධිපත්‍යයක්‌ මෙරටේ සිටින 10% ටත් අඩු මුස්‌ලිම් ප්‍රජාවට ලැබී ඇත. ත්‍රස්‌තවාදයක්‌ නැති වුවත් මෙරටේ මුස්‌ලිම් කල්ලිවාදය උපරිම මට්‌ටමට තිබේ. මේ රටේ ජීවත් වෙන දෙමළ, මුස්‌ලිම් නායකයන් කැමති තමන්ට හසුරවා ගැනීමට පහසු, දූරවල සිංහල නායකයන්ටය. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුවන්නේ එවිටය. පසුගිය කාලයේ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ හැසිරීමෙන් මේ බව ප්‍රත්‍යක්‌ෂ කරගත හැක. 2005 ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තේය. මහින්ද දිනුවට පසු වෙන කරන්න දෙයක්‌ නොමැතිකමට ඔවුන් ඔහුගේ පැත්තට ආවේය. 2007, යුද්ධයේ උච්චතම අවස්‌ථාවේදී පාර්ලිමේන්තු ඔලුගෙඩි මාරුවකින් ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ කළ අවස්‌ථාවේදී, මුස්‌ලිම් කොංග්‍රසය උදවු දුන්නේ එජාපයටය. 2010 ජනාධිපතිවරණයේදී ඔවුන් සහයෝගය දුන්නේ සරත් ෆොන්සේකා මහතාටය.

      Delete
    2. එම උත්සාහයන් සියල්ල වැරදුණු නිසා පමණක්‌ මුස්‌ලිම් කොංග්‍රසය මහින්ද සමඟ සිටියේය. මේ ආකාරයට ශක්‌තිමත් සිංහල නායකයකු වෙනුවට තමන්ට ඕන ආකාරයට හසුරුවා ගැනීමට හැකි සිංහල නායකයකු පත් කර ගැනීමේ මුස්‌ලිම් කොංග්‍රස්‌ සිහිනය සැබෑ වූයේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවය. මුස්‌ලිම් ඡන්ද එක ගොඩක තබා ගන්න අතර සිංහල ඡන්ද බෙදීමට සැලැස්‌වීම එම සාර්ථකත්වයේ රහසයි. සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ හැටියට හඳුන්වන බොදුබල සේනාව ගැන සාකච්ඡා කිරීම අපි ආරම්භ කර යුත්තේ, මේ රටේ මුස්‌ලිම් දේශපාලනය ගැන ඒ අත්‍යවශ්‍ය විශ්ලේෂණයෙන් පසුවය.

      බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වය පසුගිය සති ගණනාව තුළ, රාජපක්‌ෂ යුගයේ තිබුණු මට්‌ටමටම උත්සන්න විය. මෙම සංවිධානය රාජපක්‌ෂ ආණ්‌ඩුවේ හා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ නිර්මාණයක්‌ යෑයි සිතාගෙන සිටි පිරිස්‌ දැන් රාජපක්‌ෂවරුන්ට බලය නැති අවස්‌ථාවකදීත් මේ සංවිධානය නැවතත් ක්‍රියාකාරී වී ඇත්තේ කෙසේ දැයි මවිතයෙන් කල්පනා කරන බවක්‌ අපට පෙනේ. මහින්ද රාජපක්‌ෂ මහතාට ලැබුණු මුස්‌ලිම් මෙන්ම ක්‍රිස්‌තියානි ඡන්ද සුළුතරය පවා අහිමි වූයේ මේ බොදු බල සේනාව (බො.බ.සේ) නිසා බව නොරහසකි. එදා රාජපක්‌ෂවරුන්ගේ යෑයි කවුරුත් සිතූ බො.බ.සේට රාජපක්‌ෂවරුන් නැතුවත්, වත්මන් ආණ්‌ඩුවෙන්ද කලින් ආණ්‌ඩුවෙන් ලැබුණ ආකාරයෙන්ම බුරුලක්‌ ලැබෙන බවත් ඉතා පැහැදිලිය.

      පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් වලින් පසු වත්මන් ආණ්‌ඩුව පුද්ගලයන් කිහිපදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත. නමුත් රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේද විවිධ සිද්ධීන් වලින් පසුව පුද්ගලයන් ආත්අඩංගුවට ගැනීම සිදුවිය. එමෙන්ම මේ ආණ්‌ඩුව යටතේ ඥනසාර හිමිට විරුද්ධව නඩු පවරා තිබුණ ද පසුගිය ආණ්‌ඩුව ද ඔහුට එරෙහිව විවිධ නඩු පැවරුවේය. පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් හෝ නඩු පැවරීමෙන් යම් ප්‍රචණ්‌ඩකාරී සංවිධානයක්‌ මර්දනය කිරීමට පියවර ගන්නා බවක්‌ ඔප්පු වන්නේ නැත. වත්මන් ආණ්‌ඩුව යටතේ ඥනසාර හිමි කෙටි කලක්‌ රිමාන්ඩ් භාරයේ සිටියත් මෙය හෝමාගම මහේස්‌ත්‍රාත් තුමාගේ මුලපිරීමකින් සිදු වූ දෙයක්‌ මිස, වත්මන් ආණ්‌ඩුවේ නියෝගයක්‌ නිසා සිදුවූවක්‌ නොවේ.

      රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ මෙන්ම යහපාලන ආණ්‌ඩුව යටතේ කිසිදු අවහිරයකින් තොරව රටේ නීතිය කැඩීමට බොදුබල සේනාවට හැකි වී ඇත්තේ කෙසේ දැයි තේරුම් ගැනීමට අපි මේ සංවිධානයේ ඉතිහාසය සොයා බැලිය යුතුය. බො.බ.සේ 2012 දී මතු වුණේ ඥනසාර හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ නෝර්වේ රාජ්‍යයේ සංචාරය කර ලංකාව ගැන විශේෂ උනන්දුවක්‌ දක්‌වන එරික්‌ සෝල්හයිම් හමුවී ලංකාවට පැමිණීමෙන් පසුවය. ඥානසාර හිමිගේ නෝර්වේ සංචාරයෙන් මාස හයකට පසුව එක්‌වරම ඉදිරියට ගෙන එන ලද හලාල් විරෝධී ව්‍යාපාරයක්‌ මතුවිය. කෙටි කලක්‌ ඇතුළත මෙය ගව ඝාතනයට එරෙහි ව්‍යාපාරයක්‌ බවට පෙරළුනි. ඉන්පසු මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථාන වර්ජනය කිරීම් ව්‍යාපාරයත් සමඟ ව්‍යාපාරික ආයතන ගණනාවකට පහරදීම් හා ගිනිබත් කිරීම්ද සිදුවිය. එම සිද්ධීන්වලට සමගාමීව දිවයින පුරා කතෝලික මෙන්ම ක්‍රිස්‌තියානි පල්ලි හා මූලධර්මවාදී කණ්‌ඩායම් වල දේවස්‌ථානවලටද ප්‍රහාර එල්ල විය. මේ ක්‍රියාදාමයේ උච්චතම අවස්‌ථාව වූයේ, භික්‌ෂූන් වහන්සේ නමකට මුස්‌ලිම්වරුන් පිරිසක්‌ පහර දීමේ සිද්ධියක්‌ මුල්කරගෙන අලුත්ගම ඇතිවූ සිංහල – මුස්‌ලිම් කෝලාහලයෙනි.

      2012 යනු චම්පික රණවකත් රාජපක්‌ෂ ආණ්‌ඩුවත් අතර විරසකයක්‌ ලියලන්නට පටන්ගත් වසරයි. 2013 මුලදී චම්පික විදුලිබල හා බලශක්‌ති ඇමැතිකමින් ඉවත් කොට ඊට අඩු වැදගත්කමකින් යුත් විද්‍යා හා තාක්‌ෂණ ඇමැති ලෙස පත් කරන ලදී. බොදු බල සේනාව කරළියට ආවේ එම කාල පරිච්ඡේදය තුළය. හලාල් විරෝධී ව්‍යාපාරයේ සිට අලුත්ගම සිදුවීම දක්‌වා සෑම අවස්‌ථාවකදීම අප දුටු දර්ශන වූයේ ඥනසාර හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ මහපාරේ ප්‍රචණ්‌ඩත්වයේ යෙදෙන අතර චම්පික රණවක හා ජාතික හෙළ උරුමයේ නායකයන් සුදු පිරුවතින් සරසී ඥනසාර හිමි කරන හැම දෙයක්‌ම සාධාරණීකරණය කිරීමට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමයි. ඥනසාර හිමි ඇතුළු මේ සුළු පිරිස හේතු ඇතුවත් නැතුවත් ඇති කරන මේ කලබල නැවැත්වීමට පියවර ගැනීමට මහින්ද රාජපක්‌ෂ මහතා සූදානම් වූ විට බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා මොනම හේතුවකටවත් අත්අඩංගුවට ගත නොයුතු බවත්, එවැන්නක්‌ සිදුකළහොත් භික්‌ෂූන් වහන්සේලා මහ පාරට බස්‌සවන බවටත් චම්පික කැබිනට්‌ මණ්‌ඩලයේදී කී ආකාරය මහින්ද රාජපක්‌ෂ මහතාම පසුව විස්‌තර කර ඇත.

      Delete
    3. ජාතික හෙළ උරුමය පාලක සන්ධානයේ කොටසක්‌ වූ නිසා මහින්ද රාජපක්‍ෂ මහතාටත් කර කියා ගැනීමට දෙයක්‌ නොවීය. රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ බොදුබල සේනාවට එරෙහිව නිසි පියවර නොගැනුණු නිසා රටේ ප්‍රචලිත වූ මතය වූයේ බොදුබල සේනාව ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ අනුග්‍රහයෙන් හා ආරක්‌ෂාව සහිතව ක්‍රියාත්මක වන බවයි. ගාල්ලේදී කිරම විමලජෝති නායක හාමුදුරුවන් විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වීමේදී ගොඨාභය මහතා ඥනසාර හිමි හා තවත් හිමිනමක්‌ සමඟ කතා කරමින් සිටින ඡායාරූපයක්‌ උපයෝගී කරගනිමින් බොදුබල සේනාව යනු ගෝඨාභයගේ නිර්මාණයක්‌ බවට ප්‍රචාරයක්‌ එකල විපක්‌ෂයෙන් පැතිරුවේය. මුස්‌ලිම් මෙන්ම ක්‍රිස්‌තියානි පිරිස්‌ අතරද ප්‍රචලිත වූ අදහස වූයේ එයයි.

      රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළ ගත්තාට පසු මහ පාරේ සංදර්ශන පවත්වමින් ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරුණු භික්‌ෂූන් වහන්සේලා එක්‌වරම අතුරුදන් විය. පසුගිය අවුරුදු දෙක හමාර තුළ බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය නැති තරමටම අඩුවිය. ඉඳහිට පවත්වන මාධ්‍ය සාකච්ඡාවක්‌ මිස මහ පාරේ පවත්වන සංදර්ශන නොවීය. අපේ රණවිරුවන් ජාත්‍යන්තර බලවේගවලට පාවා නොදෙන, රට බෙදීමට එකඟ නොවන, රටේ සම්පත් පිටරටට විකුණන්නේ නැති, රටට විශාල දියුණුවක්‌ අත්කර දුන් ආණ්‌ඩුවක්‌ බලයේ සිටින විට භික්‌ෂූන් වහන්සේලා පිරිසක්‌ මහ පාරට බැස ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙමින්, නැති ප්‍රශ්න ඇති කරමින්, ඒ ජාතිකවාදී ආණ්‌ඩුව අස්‌ථාවර කිරීමට කළ හැකි හැම දෙයක්‌ම කළේය. නමුත් වත්මන් රණවිරුවන් පාවාදෙන රට බෙදීමට ව්‍යවස්‌ථා සම්පාදනය කරන, දෙමළ ජාතිවාදයට කප්පම් දෙන සියලු දේශීය සම්පත් පිටරටට විකුණන, සුළු ජාතික ආධිපත්‍ය යටතේ පවතින වත්මන් ආණ්‌ඩුව ආවාට පසු ඒ ක්‍රියාකාරීත්වය නැතිවී ගියේය. එයම ගැටලුවක්‌ නොවේ දැයි මේ රටේ සිංහල බෞද්ධයන් කල්පනා කර බැලිය යුතුය.

      නමුත් 2017 මැයි දින ඒකාබද්ධ විපක්‌ෂයේ ඓතිහාසික ගාලු මුවදොර රැස්‌වීමෙන් පසු දින ගණනක්‌ ඇතුළත බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය යළිත් එක්‌වරම 2013/2014 මට්‌ටමටම පැමිණියේය. නැවත වතාවක්‌ මුස්‌ලිම් පල්ලිවලට හා ව්‍යාපාරවලට ප්‍රහාර එල්ල කිරීමත් ගිනිබත් කිරීමත් සිදුවිය. ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණද, දින කිහිපයක්‌ අතුරුදන්ව සිටීමෙන් පසු උන්වහන්සේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පරයමින් එක දවසක්‌ තුළ තුන් වතාවක්‌ ඇප ලබා නිදහස්‌ විය. මෙවැන්නක්‌ සිදුවූයේ අස්‌ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය නිසා යෑයි සිතීම වැරැදිය. මේ ක්‍රියාදාමය සැලසුම් කර තිබුණේ මහනායක හාමුදුරුවන්ගේ ප්‍රකාශනයට කලින්ය. ආණ්‌ඩුවේ අනුග්‍රහය නිසා පසුගිය බදාදා නීතියට දෙකටම නැමුණේය.

      මේ අතරතුර ඥනසාර හිමි සඟවාගෙන සිටියේ විඡේදාස රාජපක්‌ෂ මහතා යෑයි රාවයක්‌ රට පුරාම පැතිර ගියේය. විඡේදාස රාජපක්‌ෂ මහතාගේ නම මේ සම්බන්ධයෙන් කියෑවුණේ නැගෙනහිර පළාතේ ප්‍රශ්නයක්‌ සාකච්ඡා කිරීමට ඔහු විසින් ඥනසාර හිමි ඇතුළුව තවත් භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ ජනාධිපතිවරයා හමුවීමට රැගෙන ගිය නිසා විය යුතුය. නමුත් හැඳුනුම්කම හැරුණු විට, බොදුබල සේනාවේ භික්‌ෂූන් සමඟ විඡේදාස රාජපක්‌ෂ මහතාට දේශපාලන සම්බන්ධයක්‌ නොවීය. බොදුබල සේනාව හා ඥාණසාර හිමි සමඟ දේශපාලන සම්බන්ධයක්‌ තිබුණු සහ අදත් තිබෙන වත්මන් ආණ්‌ඩුවේ ඇමැතිවරයා වන්නේ චම්පික රණවකය.

      Delete
    4. ඥනසාර හිමි කලක්‌ ජාතික හෙළ උරුමය පක්‌ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරය දැරීය. උන්වහන්සේ 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික හෙළ උරුමය පක්‌ෂයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයට තරග කර පරාජය වූයේය. 2005 දී ඥනසාර හිමි ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී එජාපයට සම්බන්ධ වූ බව කියනු ලැබේ. උන්වහන්සේ කලක්‌ එජාප භික්‌ෂු සංවිධාන තුළ ද ක්‍රියාත්මක විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ මව වූ නාලනී වික්‍රමසිංහ මැතිනිය රෝගාතුරව සිටින විට එතුමියට සෙත් පතා පිරිත් ස-Cධායනය කළ භික්‌ෂූන් අතර ඥනසාර හිමිද විය.

      2012 හලාල් විරෝධී අරගලය ආරම්භ කරන විටත් ඥනසාර හිමිට තවමත් ඒ සම්බන්ධකම් තිබුණේය. බොදුබල සේනාවේ විධායක නිලධාරී යෑයි කියන ඩිලන්ත විතානගේද බොහෝ කලක සිට රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් හඳුනන අයෙකි. මේ නිසා මුල් අවස්‌ථාවේදී කවුරුත් මවිතයට පත්කරමින් රනිල් වික්‍රමසිංහ මහතාද හලාල් විරෝධී අරගලයට උඩගෙඩි දෙමින්, හලාල් සහතිකය නිකුත් කරන ඉස්‌ලාම් ආගමික සංවිධානයට එවැනි සහතික නිකුත් කිරීමට නිල බලයක්‌ නැති බවත්, ප්‍රමිති පිළිබඳ සහතික නිකුත් කිරීමට බලය ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයට පමණක්‌ බව කියා සිටියේය.

      විටින් විට ජාතික හෙළ උරුමයේ පුද්ගලයන් ලවා වෙනත් සංවිධාන පිහිටුවීමේ පුරුද්දක්‌ චම්පිකට තිබුණි. 2014 දී අතුරලියේ රතන හිමි මේ ආකාරයට පිවිතුරු හෙටක්‌ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. ඥානසාර හිමි ජාතික හෙළ උරුමයෙන් කැඩී එජාපයට යැම ද අපි තේරුම් ගත යුත්තේ ඒ ආකාරයටය. ජාතික හෙළ උරුමයේ ඡන්ද පදනම ශ්‍රීලනිපයෙන් කැඩී ආ කොටසක්‌ නොව එජාපයෙන් කැඩී ආ කොටසක්‌ බව චම්පික ඇතුළු එහි නායකයන් හැමදාමත් විශ්වාස කළ කාරණයකි. එම නිසා ජාතික හෙළ උරුමයේ හස්‌තයක්‌ එජාපය තුළ ද ක්‍රියාත්මක වීම ඔවුන්ට හැම අතින්ම වාසිදායකය. මේ නිසා ඥනසාර හිමි එජාපයට ගියේද ජාතික හෙළ උරුමයේ කොන්ත්‍රාත්තුවකට බව මගේ විශ්වාසයයි.

      ඒ කෙසේ වෙතත් ඥනසාර හිමි මුල් වරට ප්‍රසිද්ධියට පත්වන්නේ 2012 හලාල් විරෝධී ව්‍යාපාරයත් සමඟය. එහිදී ඥනසාර භික්‌ෂුව කාගේත් අවධානය දිනාගත්තේ දාමරික කතා විලාසයත් ප්‍රචණ්‌ඩ හැසිරීමත් නිසාය. හැම රූපවාහිනී නාලිකාවකම පෙන්වීමට පටන් ගත් මේ දාමරික භික්‌ෂුවගේ නමවත් එකල මාධ්‍යවේදීන් හරි හැටි දැනගෙන සිටියේ නැත. යුද සමයේදී බෙදුම්වාදයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමෙන් හා සංවිධාන කිරීමෙන් බොහෝ භික්‌ෂූන් ප්‍රසිද්ධියට පත්වූවද, ගලගොඩඅත්තේ ඥනසාර නැමති භික්‌ෂුවක්‌ ගැන කවුරුත් දැන සිටියේ නැත. ඥනසාර හිමිට අද තිබෙන ප්‍රසිද්ධිය ලැබුණේ බණ දේශනා කිරීමෙන් වත්, බෞද්ධ විද්වතෙක්‌ වීමෙන්වත්, ලේඛකයකු වීමෙන්වත් නොව තනිකරම දාමරිකකමෙන් හා ප්‍රචණ්‌ඩත්වයෙනි. ලංකාවේ පමණක්‌ නොව මුළු ලෝකයේම බීමත්ව වාහනයක්‌ පදවා අනතුරක්‌ සිදුකොට උසාවියේ වරද පිළිගත් එකම උපසම්පදාව ලැබූ භික්‌ෂුව වීමෙන්වත් ඥාණසාර හිමි ප්‍රසිද්ධියට පත් වී නොතිබීම මෙහිදී විශේෂ කරුණක්‌ වේ.

      Delete
    5. 2012 වෙනකනුත් කිසිවකුත් හඳුනන්නේ නැති මේ භික්‌ෂුවට 2011 සිට ඇමරිකාවට රිසිසේ ඇතුළුවීමට හා පිටවීමට හැකි “මල්ටිපල් රීඑන්ටි්‍ර වීසා” එකක්‌ තිබුණි. 1980 ගණන් වලදී එන්. සත්යේන්ද්‍රd වැනි දෙමළ බෙදුම්වාදීන්ටත් මෙවැනි වීසා ඇමරිකාව විසින් නිකුත් කොට තිබුණි. මේ රටේ භික්‌ෂු සමාජය තුළ බලපෑමක්‌ ඇති කරන්නේ නැතුව තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට නොහැකි බව බටහිර බලවතුන්ට 2002 වන විට වැටහී තිබුණි. කලක්‌ නෝර්වේ රාජ්‍යයේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වූ කුමාර් රූපසිංහ මහතා, මා සමඟ කියා සිටියේ නෝර්වේ 2004 සුනාමිය ප්‍රයෝජනයට ගනිමින් පන්සල් ප්‍රතිසංස්‌කරණයට මුදල් දී මුලින්ම භික්‌ෂු ප්‍රජාව තුළ බලපෑමක්‌ ඇතිකර ගැනීමට ඉදිරිපත් වූ බවයි. ඥනසාර හිමි නෝර්වේ සංචාරය සඳහා ගෙන ගියේ ද එම වැඩපිළිවෙලේම අංගයක්‌ හැටියට බව පැහැදිලිය.

      කිසිවකුටත් හෙළවීමට බැරි මහා යෝධ ප්‍රතිරූපයක්‌ තිබුණු රාජපක්‌ෂ ආණ්‌ඩුව මුලින්ම අස්‌ථාවර කළේ බොදු බල සේනාවය. සාමාන්‍යයෙන් ඡන්ද පොළට නොයන මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි පිරිස්‌ පවා ඡන්දය දැමීමට යවා රාජපක්‌ෂ ආණ්‌ඩුව ගෙදර යෑවීමට ඡන්දය ප්‍රකාශ කර වූයේ ඥනසාර හිමිය. මේ සිදු වූ ක්‍රියාදාමයේ සුල මුල කාටත් පැහැදිලි වූයේ 2015 ජනවාරි 08 ආන්ඩු පෙරළියෙන් පසුවය. 2015 මාර්තුවේදී පමණ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූ අසෝක අබේගුණසේකර මහතා ඒ පෙරළිය සිදු කළ ආකාරය ගැන “යුග පෙරළිය” නම් කෘතියක්‌ එළි දැක්‌වීය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කිරීමට ජාතික හෙළ උරුමය බොදුබල සේනාව යොදවා ගත් ආකාරය එහි පැහැදිලි කර ඇත.

      හැඩිගල්ලේ විමලසාර හිමි උපක්‍රමශීලීව ජාතික හෙළ උරුමයෙන් වෙන් කර බොදුබල සේනාවට අනුයුක්‌ත කරන ලදී. ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ බවක්‌ විමලසාර හිමි පෙන්නුවද එහි ඉහළම අභ්‍යන්තර සාකච්ඡාවලට උන්වහන්සේ දිගටම සහභාගි විය. විමලසාර හිමිගේ කාර්යභාරය වූයේ සමීපයෙන් සිට ඥනසාර හිමි මෙහෙයවීමයි. 2014 දී විවිධ දේශපාලන විකල්පයන් ගැන ජාතික හෙළ උරුමයේ අවධානය යොමු වී තිබෙන අවස්‌ථාවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී චම්පික රණවක ජනාධිපතිවරණයට සිංහල බෞද්ධ අපේක්‌ෂකයා හැටියට ඉදිරිපත් වී මහින්ද රාජපක්‌ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ ප්‍රතිවාදියකුට ජය ගැනීමට මඟ සැළසීම ද සාකච්ඡා වී ඇත. එවැනි අවස්‌ථාවකදී බොදුබල සේනාවේ සහයෝගය ද චම්පිකට ඇති ප්‍රධානම වාසියක්‌ බවද සාකච්ඡා වී ඇත. බොදුබල සේනාව රාජපක්‌ෂවරුන්ගේ නිර්මාණයක්‌ යෑයි ඇතැම් අය සිතා සිටියද, එය ඇත්ත වශයෙන්ම රාජපක්‌ෂවරුන්ට විරුද්ධව නිර්මාණය කරන ලද ජාතික හෙළ උරුමයේ බළල් අතක්‌ විය.

      Delete
    6. ප්‍රතිවාදියෙක්‌ විනාශ කිරීමට ඇති පහසුම ක්‍රමය වන්නේ පිටතින් සිට පහර දීමෙන් නොව ඇතුළතින් විනාශ කිරීමය යන කියමනට මෙයින් නව අරුතක්‌ ලැබේ. මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ආගමික ස්‌ථානවලට පහරදී එම ජන කොටස්‌වල ඡන්ද සම්පූර්ණයෙන්ම අනෙක්‌ පැත්තට යෑවීමෙන් පසු, ජාතික හෙළ උරුමයද රාජපක්‌ෂවරුන් අතහැර අනෙක්‌ පැත්තට ගියේය. නමුත් බොදුබල සේනාව දිගටම රාජපක්‍ෂවරුන් සමඟ සිටින බවක්‌ පෙන්වීය. චම්පික ගිය පසු, -චම්පික අයියේ, අපිව දාල ගියේ ඇයි? කියාද මාධ්‍ය හමුවකදී ඥනසාර හිමි අසා සිටියේය.

      ආණ්‌ඩු පෙරළියෙන් පසු බොදුබල සේනාව මෙහෙයවමින් සිටි හැඩිගල්ලේ විමලසාර හිමිද බොදුබල සේනාවෙන් ඉවත් වී නැවතත් ජාතික හෙළ උරුමයට එක්‌විය. උන්වහන්සේ දැන් ජාතික හෙළ උරුමයේ සභාපති ධුරය දරයි. ආණ්‌ඩු පෙරළිය වෙනුවෙන් කළ කාර්යභාරය වෙනුවෙන් ඥනසාර හිමිට සම්මානයක්‌ දිය යුතු බව රාජිත සේනාරත්ත මහතා මා සමඟ පවසා ඇත.

      බොදුබල සේනාව විසින් 2017 ජුනි 16 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඥානසාර හිමි කලින් ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිකයකු වූ බවත් උන්වහන්සේ ප්‍රචණ්‌ඩත්වයට යොමු කළේ චම්පික රණවක හා අතුරලියේ රතන හිමි බවත් ඥානසාර හිමි අද සිටින තත්ත්වයට පත්වූයේ චම්පිකගේ කොන්ත්‍රාත් ඉටුකිරීම නිසා බවත් එම සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පිළිගත්තේය.

      රාජපක්‍ෂ පාලන සමයේ මුස්‌ලිම් විරෝධී කලබල අතර ජාතික හෙළ උරුමයෙන් ඥානසාර හිමි මෙහෙයවීමට එවා තිබුණු හැඩිගල්ලේ විමලසාර හිමි ඒ කටයුත්ත කළ ආකාරය විස්‌තර කරමින් විතානගේ මහතා කීවේ ඔවුන් මහන්සි වී මාධ්‍ය සාකච්ඡාවල ඥානසාර හිමි කිවයුතු දේවල් ලියා දුන්නත් මේසයේ වාඩිවූ පසු විමලසාර හිමිද ඥානසාර හිමි ළඟින්ම වාඩිවී උන්වහන්සේගේ කනට කොඳුරමින් කියයුතු දේවල් කියා දුන් බවත් අවසානයේදී සිදුවූයේ ඔවුන්ගේ සටහන් පසෙක තිබියදී විමලසාර හිමියන්ට උවමනා දේවල් ඥානසාර හිමි කී බවයි.

      Delete
    7. ජාතික හෙළ උරුමය විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමට ඉදිරිපත් වුණේ හුදෙක්‌ම චම්පිකගේ ඇමැතිකම වෙනස්‌ කිරීම සම්බන්ධයෙන් පළිගැනීමට හෝ ඔවුන් අතර තිබූ වෙනත් කෝන්තර පිරිමසා ගැනීමට පමණක්‌ නොවන බව මගේ අදහසයි. ඔවුන්ගේ අදහස වුණේ රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කර රාජපක්‌ෂවරුන් හිරේ දමා දේශපාලනයෙන්ද අතුගා දමා ජාතිකවාදී ව්‍යාපාරයේ නායකත්වය ජාතික හෙළ උරුමය සතුකර ගැනීමටයි. යුද්ධය ජය ගැනීම, විදෙස්‌ බලවේගවලට යටත් නොවීම, ජාතික සම්පත් පිටරටට නොවිකිණීම වැනි දේවල් වලින් රාජපක්‌ෂලා දිනාගෙන සිටි ජාතිමාමක ප්‍රතිරූපය ඔවුන් දූෂිත ආකාරයට මුදල් උපයන බවට ප්‍රචාරයක්‌ ගෙන යැමෙන් බිඳ දැමීම චම්පිකගේ උපාය විය.

      එය සෑහෙන දුරට සාර්ථක වූ බවද කිව යුතුය. ආණ්‌ඩු පෙරළියෙන් පසු රාජපක්‌ෂලා හිරේ විලංගු දැමිය යුතු බවට වැඩියෙන්ම හඬ නැඟුවේ ද චම්පිකමය. රාජපක්‌ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීම ඔහුගේ ඊළඟ පිම්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌ විය. නමුත් ආණ්‌ඩු පෙරළියෙන් පසු අපේක්‌ෂා කළ ආකාරයට සියල්ල සිදු නොවීය. රාජපක්‌ෂලාගේ ඊනියා දූෂණ හෙළි නොවීය. ඔවුන් අපේක්‌ෂිත ආකාරයට හිරගත කිරීමට නොහැකි විය. ජනතාව ඔවුන්ගෙන් ඈත් නොවී, සිටියටත් වඩා සමීප විය. දේවදත්ත බුදුන් ඝාතනය කර බුදු වීමට උත්සාහ දැරුවා සේ රාජපක්‌ෂවරුන් දේශපාලනයෙන් අතුගා දමා ජාතිකවාදී ව්‍යාපාරයේ නායකත්වය තමන් සතු කරගැනීම නමැති ජාතික හෙළ උරුමයේ සිහිනය එයින් බොඳවී ගියේය. චම්පික රණවක යමපාලනයට ගියේ සදාකාලිකවම ඒ පැත්තේ සිටීමට නොවන බව මගේ අදහසයි. රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමෙන් පසු ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට හැකිවී තිබුණේ නම් චම්පික රණවක මේ වන විට යමපාලන ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‌ෂයට පැමිණ බොහෝ කලක්‌ බව මගේ මතයයි.

      මේ සැලසුම් ක්‍රියාත්මක නොවීමෙන් ජාතික හෙළ උරුමයට දැවැන්ත පාඩුවක්‌ සිදුවී ඇත. 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය යටතේ තරග කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි සිදුවිය. ඔවුන් අද සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය. ඔවුන්ට ඡන්දයෙන් පත්වූ නියෝජිතයෙක්‌ සිටින්නේ චම්පික පමණි. ඔහුට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාප සාමාජිකයන් ඡන්දය දුන්නේ රාජපක්‌ෂ ආණ්‌ඩුව පෙරළීමේදී ඔහු කළ කාර්යභාරය නිසාය. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහි වී එජාප නායකයාට විධායක අගමැති වීමට ඉඩ නොතැබුවේද චම්පිකය. මේ නිසා ලබන සැරේ එජාප සාමාජිකයන් ඔහුට මනාප ඡන්දයක්‌ ප්‍රකාශ කරාවිද යන්න සැක සහිතය. ඔහු එජාපයේ ඓන්ද්‍රීය කොටසක්‌ද නොවේ. මැතිවරණ ක්‍රමය වෙනස්‌ වී කොට්‌ඨාස ක්‍රමය යළිත් හඳුන්වා දෙනු ලැබුවහොත් චම්පික කොහොමටවත් ඊළඟ සැරේ පරාජය වනු ඇත. මේ කාරණා නිසා ජාතික හෙළ උරුමය නැවතත් සිටින්නේ අනාගතය සඳහා සැලසුම් හදමින්ය.

      Delete
    8. මේ අවස්‌ථාවේදී නැවත වතාවක්‌ බොදුබල සේනාව ක්‍රියාකාරී වී ඇත්තේ සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් කොටසක්‌ හෝ ජාතික හෙළ උරුමය වෙත කඩාගැනීමේ උවමනාව නිසා බව පැහැදිලිය. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී චම්පික රණවක නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නම් එජාප ඡන්ද පදනමට වෙනස්‌වූ වෙනත් ඡන්ද ඡන්ද පදනමක්‌ ඔහුට තිබිය යුතුය.

      බොදුබල සේනාව යළිත් මහ පාරට බස්‌සා මුස්‌ලිම් පල්ලි හා කඩවලට පහරදී මුස්‌ලිම් අන්තවාදීන් උතුරු නැඟෙනහිර පළාත් වල කරන පුරාවස්‌තු භූමි අල්ලා ගැනීම් හා වෙනත් දේවල් ගැන කතා කිරීම තුළින් රටේ යම් පිරිසක්‌ තමන් වෙත දිනාගත හැකි බව ඔවුන් විශ්වාස කරයි. වත්මන් ආණ්‌ඩුව යටතේ දෙමළ, මුස්‌ලිම් නායකයන් බෙහෙවින්ම බලවත් වී ඇති අතර ඔවුන් බලවත් වීමට ප්‍රධානම හේතුව රාජපක්‌ෂ ආණ්‌ඩුව පරදා සිංහල බහුතරයේ කැමැත්ත නොමැතිව දෙමළ හා මුස්‌ලිම් බහුතරයකින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ නිසාය. අපි කළින් පෙන්වාදුන් පරිදි සිරිසේනට බලයට පැමිණීමට හැකි ආකාරයට බොදුබල සේනාව යොදවා මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ඡන්ද සියල්ල සිරිසේනට පෙළගස්‌වා දුන්නේද ජාතික හෙළ උරුමය සංවිධානයයි. දැන් ඔවුන් විසින්ම ඇති කරන ලද එම තත්ත්වයෙන් ප්‍රයෝජනය ගෙන සිංහල ඡන්ද කඩාගැනීමට උත්සාහයක්‌ කිරීමෙන්, මේ සිටින්නේ අපි ලාංකීය දේශපාලනයේ මීට කළින් දැක නැති තාලයේ, ඉතා ශූර, සටකපට කුමන්ත්‍රණකරුවන් බව කාටත් පැහැදිලි වනු ඇත.

      සිංහලයා වෙනුවෙන් යහපාලන ආණ්‌ඩුවේ හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවෙක්‌ කතා කරන්නේ නැති බවත්, මුස්‌ලිම්, දේශපාලඥයන්ගේ අනුහසින් උතුරු පළාතේ වන සංරක්‌ෂිත කපා මුස්‌ලිම් මිනිසුන් පදිංචි කරන බවත්, නැඟෙනහිර පළාතේ මුස්‌ලිම් දේශපාලඥයන්ගේ අනුග්‍රහය යටතේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්‌ත භූමි නීති විරෝධී ලෙස අත්පත් කරගනිමින් සිටින බවත්, එම පළාත්වල රජයේ නිලධාරීන්ටත් බියට ඒ ගැන පියවරක්‌ ගන්නේ නැති බවත්, මුස්‌ලිම් දේශපාලඥයකුගේ දූෂණ හෝ වංචාවන් සෙවීමට පොලීසිය බිය බවත් කියන විට එය අසා සිටින ඕනෑම කෙනකුට මෙය සත්‍යයක්‌ නොවේ දැයි සිතෙනු නොඅනුමානය. සී.වී. විග්නේශ්වරන් හා එම්.කේ සිවාජිලිංගම් උතුරේ අන්තවාදී ප්‍රකාශ කරන විට නිහඬව සිටින ආණ්‌ඩුව, ඥනසාර හිමි මුස්‌ලිම් අන්තවාදය හා “අල්ලගේ ලබ්බ” ගැන කතා කරන විට අත්අඩංගුවට ගැනීමට උත්සාහ දැරීම සිංහලයාට වෙනස්‌කම් කිරීමක්‌ නොවේ දැයි සිතෙනු ඇත. නමුත් දෙමළ හා මුස්‌ලිම් දේශපාලන නායකයන් එතරම් බලවත් වෙන තැනට වැඩ සැලැස්‌සුවේද බොදුබල සේනාව හා ජාතික හෙළ උරුමය එක්‌ව කරන ලද ක්‍රියාදාමයෙන්ම බව වටහා ගැනීමට විචාර බුද්ධිය හැම දෙනාටම නැත.

      මුස්‌ලිම් විරෝධය මතුකර සිංහල ඡන්ද කුට්‌ටියක්‌ කඩා ගැනීමේ මේ ව්‍යාපෘතියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය තිබෙන බවද පෙනේ. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යැමටත්, දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටත් සිරිසේන මහතාට බලාපොරොත්තුවක්‌ තිබෙන බව පැහැදිලිය. දෙමළ හා මුස්‌ලිම් නායකයන් ඔහුගේ පාලනය යටතේ බලවත්ව සිටින නිසා ඔහුට නැවතත් දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ලබාගැනීම එතරම් අසීරු නොවුණත්, සිංහල ඡන්ද මහා පරිමාණයෙන් විපක්‌ෂ අපේක්‌ෂකයා වෙත ලැබුණොත් ඔහුට දිනීමට අසීරු වේ. මේ නිසා සිංහල ඡන්ද වලින් කොටසක්‌ ඒකාබද්ධ විපක්‌ෂය නොවන වෙනත් කණ්‌ඩායමක්‌ වෙත යන්නේ නම් එය ඔහුට වාසිදායකය. ජනාධිපතිවරයා නොදැනුවත්ව ඇමතිවරයකුට ඥනසාර හිමි සඟවාගෙන සිටිය නොහැකිය. එමෙන්ම ජනාධිපතිවරයාගේ Rජු මැදිහත්වීමක්‌ නොමැතිව, ඥාණසාර හිමිට එක දවසක්‌ තුළ නඩු තුනකින් ඇප ලැබිය නොහැකිය. ඉතින් මෙතනදී අපට දැකිය හැක්‌කේ තනිකරම දේශපාලන වුවමනාවක්‌ මත සිදු කරන සෙල්ලමකි.

      Delete
    9. 2017 ජුනි 20 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්ම ඊට පෙරදා මාගල්කන්දේ සුදත්ත හිමි කියා සිටියේ ඥනසාර හිමි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවයි. ඥනසාර හිමිට රාජයෝගයක්‌ තිබෙන බවද උන්වහන්සේ කීවේය. ඉතින් මේ එන්නෙ කුමට දැයි කාටත් පැහැදිලි විය යුතුය. 2015 ට කලින් මුස්‌ලිම් ක්‍රිස්‌තියානි ඡන්ද අනෙක්‌ පැත්තට යවා මහින්ද රාජපක්‌ෂ පරාජය කිරීමට කටයුතු කිරීමෙන් පසු, බොදුබල සේනාවේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ, සිංහල ඡන්ද කඩා ජාතිකවාදී නායකත්වයක්‌ නැවත බලය ගැනීම වැලැක්‌වීමයි. 2015 අගෝස්‌තු මහ මැතිවරණයේදී ඔවුන් වෙනම තරග කළේ ද විපක්‌ෂයේ අපේක්‌ෂකයන්ගෙන් ඡන්ද කැඩීමට මිස වෙන කුමට ද?

      වෙන කිසිවෙක්‌ සිංහලයන් ගැන කතා නොකරන අතර තමන් පමණක්‌ සිංහලයන් ගැන කතා කරන බව බොදුබල සේනාව කියයි. මෙහිදී සියලුම සිංහලයන් තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය වන්නේ බොදුබල සේනාවේ ක්‍රියාකාරිත්වය නිසා සිංහලයා ශක්‌තිමත් වී තිබෙනවාද නැතිනම් දුර්වල වී තිබෙනවාද යන්නයි. 2012 බොදුබල සේනාව බිහිවූ දා සිට අද දක්‌වා ඔවුන් කතා කළ එකම ප්‍රශ්නයක්‌ ගැනවත් විසඳුමක්‌ ලැබී තිබෙනවාද? නැති නම් ඒ ප්‍රශ්නය තිබුණාටත් වඩා උත්සන්න වී තිබෙනවාද? 2015 ජනවාරියේ ආණ්‌ඩු වෙනසින් පසු සිංහලයා අන්තිම බලු තත්ත්වයකට පත් විය. රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ කට පියාගෙන සිටි විග්නේෂ්වරන් හා සිවාජිලිංගම්, හමුදාව උතුරෙන් පන්නා දැමීම ගැනත් ජනාධිපතිවරයාට පවා එක්‌තරා දිනකදී උතුරට පැමිණීමට ඉඩ නොදීම ගැනත් කතා කළේය. මුස්‌ලිම් නායකයන්ටද රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ කිසිදාක නොතිබූ බලයක්‌ මේ ආණ්‌ඩුව යටතේ ලැබී ඇත. මා කළින් පෙන්වා දුන් ආකාරයට, මුස්‌ලිම් කොංග්‍රසය 2005 සිට දිගටම රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කළ යුතුය යන ස්‌ථාවරයේ සිටියේ මේ නිසාය. අද ඔවුන්ගේ සියලු සිහින සැබෑවී ඇත. මේ තත්ත්වය ඇති කෙරුවේද බොදුබල සේනාවේ මැදිහත් වීම මත සිදුකරන ලද ආණ්‌ඩු වෙනස තුළින්ය.

      බොදුබල සේනාව මුලින්ම මතු කළේ හලාල් සහතික ප්‍රශ්නය වුවත් අද අන් කවරදාටත් වඩා ශක්‌තිමත්ව හලාල් සහතිකකරණය සිදුවේ. ඔවුන් කූරගල ගැන කතා කළත් ආණ්‌ඩු පෙරළියෙන් පසු නැවතත් කූරගල තිබුණු තත්ත්වයටම ගොස්‌ ඇත. මුස්‌ලිම් ව්‍යාපාර වර්ජනයක්‌ ගැන බොදුබල සේනාව කතා කළත් මුස්‌ලිම් දේශපාලඥයන් බලවත් වීමත් සමඟ මුස්‌ලිම් ව්‍යාපාරිකයන් ද හිටියටත් වැඩිය ශක්‌තිමත් වී ඇත. බොදුබල සේනාව මුස්‌ලිම් කඩවලට පහර දීම නිසා අද මේ රටේ මුස්‌ලිම් ප්‍රජාවට බටහිර රටවල පවා අනුකම්පාව ලැබි ඇත. බොදුබල සේනාව කුමක්‌ කළත්, එය සිංහලයා බිම දැමීමටත්, සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් කිරීමටත් ඉවහල් වෙන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කරගත යුතුය. මා කළින් පෙන්වාදුන් පරිදි මේ රටේ මුස්‌ලිම් ප්‍රජාව අරාබිකරයේ සිටින අයට වඩා උපක්‍රමශීලී පිරිසකි. ඔවුන් කලබල වී තීන්දු ගන්නේ නැත. ඔවුන්ගේ කල්ලිවාදයට හා අන්තවාදයට ප්‍රතිචාර දැක්‌විය යුත්තේ ඉතා සංසුන්ව හා බුද්ධිමත්වය. සිංහල නායකයන් කතා නොකරන දේවල් ගැන බොදුබල සේනාව කතා කරනවා යෑයි කියමින් ඔවුන් සත්‍ය වශයෙන්ම කර ඇත්තේ මුස්‌ලිම් අන්තවාදීන් හිටියාටත් වඩා ශක්‌තිමත් කිරීමයි.

      ලංකාව දෙකඩ කිරීමට මාන බලන දෙමළ කොටි ඩයස්‌පෝරාව පමණක්‌ නොව, එම වැඩපිළිවෙළට උල්පන්දම් දෙමින් ලංකාවට හතුරුකම් කරන මුළු බටහිර ලෝකයමත්, ලංකාව යටත් විජිතයක්‌ බවට හරවා ගැනීමට මාන බලමින් සිටින ඉන්දියාවත්, රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කර තමන්ගේ අභිමාතාර්ථ ඉටුකර ගැනීමට මාන බලමින් සිටි අවස්‌ථාවක, එම ආණ්‌ඩුව අස්‌ථාවර කර, හතුරන්ට රට පාවාදීමට කටයුතු කිරීමෙන්, චම්පික රණවක, අතුරලියේ රතන හිමි, ඥනසාර හිමි යන පිරිස්‌, තමන් මොන ජාතියේ පුද්ගලයන් දැයි මුළු ලෝකයටම පෙන්වා ඇත. 2017 ජුනි 20 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාගල්කන්දේ සුදත්ත හිමි ආණ්‌ඩුවට කියා සිටියේ චම්පික රණවකට, අතුරලියේ හිමිත්, ඥනසාර හිමිත් පසුගිය වකවානුවේ කී දේවල් කරන්නේ නම්, ඔවුන් (එනම් බොදුබල සේනාව) දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් බවයි. මේ සියලු දෙනාම, කරන්නේ එක දේශපාලන ව්‍යාපාරයක්‌ බව ඉන් පැහැදිලිවේ.

      Delete
    10. මේ සියල්ල තුළ ඥානසාර හිමි වෙනත් පුද්ගලයන් විසින් මෙහෙයවන පුද්ගලයෙක්‌ පමණි. පසුගිය බදාදා ඥානසාර හිමිට හිරුණිකා පරදවමින් ඇප ලැබෙන විට ඒ වෙනුවෙන් පෙනී සිටි උලපනේ සුමංගල හිමි යහපාලන කඳවුරේ ප්‍රබලයෙකි. ඥානසාර හිමි කලින් හැඩිගල්ලේ විමසාර හිමි විසින් මෙහෙයවූ ආකාරය අපි කලින් විස්‌තර කෙරුවෙමු. 2012 දී ඥානසාර හිමි නෝර්වේ රටේ සිට පැමිණි පසු හලාල් විරෝධී ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ ආචාර්ය කුමාර් රූපසිංහ සමඟ එක්‌වී බලය බෙදීමට හා සංහිඳියාව වෙනුවෙන් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ බවත් ඒ වෙනුවෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මහා සංඝ සම්මේලනයක්‌ සංවිධානය කිරීමටත් ඥානසාර හිමි එකඟ වී තිබුණු බවත් සේනාරත්න මහතා මා සමඟ කියා තිබිණි. ඒ විස්‌තර සියල්ල “ද අයිලන්ඩ්” පුවත් පතේද පළවිය.

      ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුවට අවශ්‍ය දේ දෙනවා නම් ඕනෑම කෙනකුට ඔහුගෙන් ප්‍රයෝජන ගත හැක. නැගෙනහිර පළාතට ගොස්‌ පුරාවස්‌තු විනාශය ගැන පමණක්‌ කතා නොකර “අල්ලගේ ලබ්බ” ගැනත් කතා කළ විට මුළු ලෝකය පුරාම යන්නේ “ලබ්බේ” කතාව මිස අදාළ කාරණය නොවේ. බොදුබල සේනාව අත ගැසූ සියලු දේට සිදුවූයේ එයයි. බොදුබල සේනාවේ හැම ක්‍රියාකාරකමකින්ම සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් වන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කර ගත යුතුය. ඥානසාර හිමි සිවුරු උස්‌සාගෙන පරුෂ වචන කියන විට එයින් කුල්මත් වෙන ආවේගකාරී පිරිස්‌ හා අනවබෝධය නිසා මෙවැනි සංවිධාන කෙරෙහි ආකර්ෂණය වෙන තරුණයන්ටත් මට කීමට ඇත්තේ මේ වෙලාවේ සිංහලයන් විචාර බුද්ධිය පාවිච්චි නොකළ හොත් මුළු රටත් ජාතියත් විනාශ වන බවය.

      සී.ඒ.චන්ද්‍රප්‍රේම
      – දිවයින

      Delete
  15. මේක බොරුවෙන් හදපු ආණ්ඩුවක් නේ, ඉතින් ගෙනියන්න වෙන්නෙත් බොරුවෙන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ගිරාමසේවක බේගල් මුත්තා වෙලා..............

      Delete
  16. Disclaimer : Mama mahindata ekenma paksha wunu, boru wapura rate janathawa mula kota mema anduwa balayata pamini wita e nisa behewin kanassallata path wunu, e gana aththa kiyamin Sarasa wisin borukarayanta wiruddhawa me blogaya liyana wita boho uddamayata path wunu, kawuruth pawichchi karana wachanaya kiyanawanam wishala bayi manasikathwayen yuktha ayekmi. Namuth Dan mama mese gaurawa kala Mahinda mema SAITM prashnaya pilibandawa katayuthu kala akaraya dakimen pasu mata sampoornayenma mohu kerehi thaba thibunu gawrawaya nathi wee giyeya. Mohu thawath ek nirlajji reddak noandi jada deshapaluwek bawa mata manawa pahadili wee atha. Mohuge mema kriya nisa mohuge palana kalaya thula anith aya athara aprasadyata path wana witath mama mohuta support kara atha. Namuth athishaya sadachara wirodhi lesa kuhaka aramunu mul karagena doctors la kiyana gobilo minisun mula karamin genayana me theasthawadayata Bella thabimen mohuge nayakathwa Lakshana mata hondin pahadili wee thibe. Me awasthawe rate janathawa maragena marena udghashanayakata paminiya yuththe rate deshapalakayin arthikaya prana apayata gena thamange waraprasada sandaha kolla kamata wiruddhawa misak wena kisima hethauwakata nowe. Thama wruththiya kuhakathwaya penwana Sarasage ihatha liyawillatath mage aprasadya!

    ReplyDelete
  17. //ඩෙන්ගු රෝගය අධි වසන්ගත තත්වයක් පවතින තත්වයක වෛද්‍යවරු වර්ජනය කරද්දී ඩෙන්ගු රෝගීන් ව අමාරුවේ නොදමා ඔවුන් ව රැකබලා ගැනීමට තරම් වගකීමකින් ක්‍රියා කලහ//

    රෙද්ද තමා

    ReplyDelete
  18. Dear SaRasa, what are your thoughts on the claims made by Ruwan Jayatunga on his blog about Kanishka Karunaratne http://transyl2014.blogspot.ca/2017/06/blog-post_26.html? Would like to know about this from you.

    ReplyDelete
    Replies
    1. I went through the said article dear Ano sir. I have not heard of any of those allegations.

      Delete
  19. ane sarasa bin gojjo ube maharaja neda daitam patanganna serama support karala ara saheli kellata sissathwa hitan dunne a kale ubala netta puke gahan neda hitiye

    ReplyDelete