Thursday, July 13, 2017

අතීත නීති.



පන්සල් පින්කැටේට ආන්ඩුවෙන් අතදැමීමට ඉඩ සලසන විහාර සහ දේවාලේගම් පනත  පනත එකදාස් නවසිය තිස් ගනන් වල දී  මුලින් ම මැති සබේට ගෙනාවේ බෞද්ද නායකයෙකු වන ඩී බී ජයතිලක තුමා බවත්, ඊට මහා සංඝරත්නය බොහෝ සේ කැමැති වූ බවත් අපට කියාදුන්නේ යහපාලන ආන්ඩුවේ අගමැති රනිල් වික්‍රමසින්හ ය. එතුමා ඊයේ මේ කරුණු මාද්‍යයට කියත්දී දකුනු පසින් වැඩ වාසය කලේ දඹුල්ල විහාරාදිපති පූජ්‍ය අකිල විරාජ් කාරියවසම් ය. අගමැතිතුමා ගේ කතාව අනුව එම පනතට අනුව බෞද්ද විහාර වල පින්කැටේ ආන්ඩුවේ අදීක්ශනයට අයිති ය.

ඔය කියනා විහාර දේවාලේගම් පනතටත් වඩා පැරනි පනතක් අපේ නීති පොත් වල සඳහන් ය. ඒ සමලින්ගික සේවනය අපරාද සන්ග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ය.

ආන්ඩුව හදිසියේ පැරනි පනතක් මීමා කරගෙන පින්කැටේට සීල් තියනාකාරයටම සුද්දා ගෙන ආපු සමලින්ගිකයන් ට විරුද්දව   නීතියත් ක්‍රියාත්මක කරන්නේදැයි සරස තුමා රනිල් ගෙන් සහ අකිල ගෙන් විමසා සිටී.

එම නීතිය ක්‍රියාත්මක කරන්නට ඉල්ලන්නේ සමානාත්මතාවය සඳහා පමනක් බවද, සරස තුමා සමලින්ගිකයන් සමග කිසිම ආරෝවක් නැතිබවද, මෙවුව කියවලා  හන්දිගානේ  ඉන්නා අහවල් කොලුගැටවු සරස තුමා සමග අමනාප නොවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු!

42 comments:

  1. ඈ බං සාරසයො
    චමලගෙ කොල්ල කතරගම නිලමෙ කොරගන්න මහින්දයත් ඔය පනතට හැමිනුනා මතක නැතෙයි ??

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ගරු ඇනෝ තුමෝ?

      Delete
  2. බහිරවයො පිං කැටේටත් කෙලියා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. මේවා ආනන්තරිය පාපකර්ම ගරු කසුන් තුමෝ...

      Delete
  3. කොල්ලුපිටියේ වික්කමසීහ මහනායක උන්නාන්සේ බැහැදකින්න ගිහින් උන්න ඇබිත්ත උන්නාන්සේලා සෙට් එක කොහොමද සරසා?

    මහ උන්නාන්සේ මේ පාර කෙලියේ මහා බැංකුවට. ගියපාර කෙලින්න හදල තියෙන්නේ මහා විහාරෙට.

    ReplyDelete
    Replies
    1. රනිල් තුමා හැදූ ටයර් සෑය වඳිමු

      Delete
  4. පින් කැටේට විතරක් කෙලලා නතර වෙනවනම් බැරියැ. මේ ටෞකන පාන්ඩුව ණයක් ගෙවාගන්න බැරුව ඇරියස් වෙන ණය වාරික වලට කළින් බැංකුවෙන් පොළියක් ලෙස අය කල 2% පොළිය 4% දක්වා වැඩි කරලා ඒ වැඩි ගාන උන්ට හැමිනෙන්න මහ බැංකුවට ගන්නවලු.
    ණය වාරිකේ වෙලාවට ගෙවාගන්න බැරුව අසරණ වෙලා ඉන්න මිනිහටත් තව අරිනවා කියන්නේ මේ වේසිගෙ පුත්තු ඉදිරියට අපිට මොනා නොකර අරියිද.
    ක්‍රෙඩිට් කාඩ් වලටත් රු.75 ක මුද්දර ගාස්තුවක් දාල. මේ වේසිගෙ පුතාල කැළණි හිඟන්නන්ටත් අන්තයි.
    මුන් වගේ හතිකරයක් ලව්වා අපි වගේ මිනිසුන්ටත් එක්කම කෙලවන්න ජන්දේ දුන් හරක් ලක්ෂ 62 ට ඔය කොලු කාරයෝ ලව්වම පුකේ ඇරවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දුප්පතුන් නැතිකිරීම... ලක්ස 62ක් හරක් චන්දෙ දුන්නෙ මේකට නේ...

      Delete
  5. ලංකාවේ දුප්පත්කමට මූලික හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනෙක මා ෆේස්බුක්හි ආරම්භ කරන ලද සංවාදයකට බොහෝ දෙනෙක් දායක වූ හ. ඒ අනුව, මම ලැයිස්තුවක් සකස් කළෙමි.

    මේ කරුණු විධිමත් අධ්‍යයනයක් නොව, කිසියම් නිදහස් පොදුජන සංවාදයක් පමණයි. දරිද්‍රතාව පිළිබඳ විධිමත් අධ්‍යයනයන් කරන, පත්‍රිකා ඉදිරිපත් කරන සංවාදයක් වෙන ම තලයක තිබෙනවා. ඒකයි මේකයි අතරත් වැඩි වෙනසක් තිබේ ය කියා මා සිතන්නේ නැහැ. හේතුව, ඒවායේ යෙදී සිටින අයට දුප්පත්කම කියන්නේ තමන්ගේ වෘත්තියට සම්බන්ධ කොම්පියුටරයක්, පුටුවක් වගේ දෙයක් වීමයි. ඒ අධ්‍යයනවත්, මේ පොදු ජන සංවාදවත් කිසිවක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශේෂ අවධානයකට ලක් වෙන්නේ නැහැ. උන්ට කෝකත් එකයි.

    මෙන්න මේ ටික තමයි පෙළගස්වා ගත්ත හේතු. ඕනැ නම් විද්‍යාර්ථියෙකුට මේවා අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙම කළා ය කියලාත් විශේෂ දෙයක් වෙන්නෙ නැහැ. මේවා අපි අපි ම වෙනස් කර ගත්තොත් අපි ගොඩ. නැතිනම් ඉතින් සොරි අපට ම තමයි.

    1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)

    2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු

    3. බේබදුකම

    4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ

    5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය

    6. කම්මැලිකම

    7. බෝ නොවෙන රෝග

    8. මහළු වියේදී, අබල දුබල වූ විට සමාජාරක්ෂණයේ පිහිටක් නැති වීම

    9. කාන්තාවන් රැකියා නො කිරීම (ශ්‍රම බලකායෙ ඉන්නෙ කාන්තාවන්ගෙන් 35%යි)

    10. රැකියා කුසලතා ගොඩනගා නො ගැනීම

    11. සූදුව හා ලොතරැයි

    12. පවුල් සැලසුම් නො කිරීම

    13. රාජ්‍ය අකාර්යක්ෂමතාව

    14. දුප්පත්කම මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල දූෂණ

    15. සහනාධාර

    මෙයට දේශපාලනය ද එකතු විය යුතු බව ඇතැමෙකු යෝජනා කළත්, මගේ අදහස වන්නේ දේශපාලනය යනු මෙම සියලු මූලික සාධකවල බලපාන මහා පොදු සාධකයක් බවයි. මෙතැනදී උත්සාහ කරන්නේ වඩා සංයුක්ත ලෙස මෙම හේතු හඳුනා ගන්නට ය.

    ආගමත් මෙහිදී වැදගත් සාධකයක්. හේතුව එය සෑහෙන දුරට නූගත්කම පෝෂණය කරනවා.

    භාණ්ඩ හා සේවා වෙළෙන්දන් අධික ලාභ ලබන අවස්ථා තිබුණත්, බදු හා තරගකාරිත්වය නිසා ඒවා නියාමනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. කම්කරුවන් සූරා කන්නට සූදානම් ව්‍යවසායකයන් ඕනැ තරම් ඉන්නවා. ඒත්, ලංකාවේ වෙළඳපොළේ තිබෙන ශ්‍රම හිඟය නිසා බුද්ධිමත්, පුහුණු කම්කරුවන්ට තත්වය කළමනාකරණය කර ගන්නට බැරිකමක් නැහැ. ඒ වුණාට, කම්කරුවන් වැඩිදෙනෙකු නූගත්. උගත් අයත් ඉහත කී ඒවාට අහු වෙලායි ඉන්නෙ.

      මේ පිළිබඳව චානුක වත්තේගම විසින් පළ කරන ලද අදහස ද වැදගත්. “ලංකාව දුප්පත් ඇයිද කියන ප්‍රශ්නය අහන්න කලින් අපි අහමු සිරිදාස කියන ගොවියා දුප්පත් ඇයිද කියලා. බේබදුකම, කම්මැලිකම වගේ පුද්ගල සාධක යම් පමණෙකට හේතු වෙන්න පුළුවන් හැබැයි ප්‍රධාන හේතුව සිරිදාසට ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් කරන්ට නොහැකි වීම. ඇයි ගොවිතැනින් වෙනත් රැකියාවකට යොමු වෙන්න බැරි කියලා ඇහුවොත් ඒකට හේතුව ඒ තරමට රට කාර්මීකරණයව නොතිබීම. (රටේ කර්මාන්තයක් නැතිනම් ඉගෙන ගත්තා කියලත් රැකියා නෑ.) රටේ කර්මාන්ත දියුණු වෙනවා නම් සිරිදාසට වැඩි වැටුපක් ලැබෙන කොට ඔය අනෙක් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. කර්මාන්ත (භාණ්ඩ හා සේවා දෙකම) දියුණු නොවන්නේ නම් ඔය වෙන මොන ප්‍රශ්නය විසඳුවත් දුප්පත්කම නැති කරන්න බැහැ."

      මිනිසුන්ගේ චින්තනය වැදගත් නැති බව හා වැදගත් වන්නේ පාලකයන්ගේ චින්තනය පමණක් බවත් ඔහු පවසනවා. ඇත්තෙන් ම ලංකාවේ දැන්, දැන් පාලකයන්ට කිසිදු චින්තනයක් තිබේ ද යන්න පැහැදිලි නැහැ.

      ආචාර්ය ජග්දීෂ් භගවති වරෙක කිව්වෙ වෙන රටවල් දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් මදිවෙලා හැබැයි ඉන්දියාව දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් වැඩි වෙලා කියලා ය කියමින් මෙවැනි මාතෘකා පොදු ජනතාව කතා කිරීම වැදගත් නැති බවත් චානුක පවසනවා. එහෙත්, හේතුව හරියට ම දන්නා බව සිතන චානුක වත්තේගමට මේ රටේ ජනාධිපතිකම තබා ජනාධිපති උපදේශකකමක්වත් ලැබෙයි ද කියන එක සැකයි. ඒ වගේ ම චානුක සමස්තය ග්‍රහණය කරගෙන තිබෙනවා ය කියා සිතන සිතීමත්, ස්වයං අධි තක්සේරුවක් බවයි ඔහු විසින් පළ කරන ලද අදහස්වලින් පෙනෙන්නේ.

      මේ සියලු කතාබහ අතරේ සොඳුරු සිත විසින් පළ කරන ලද මෙම අදහස තුළ සැලකිය යුතු ඇත්තක් ගැබ්ව තිබුණා.

      මම ඉස්සර දැකපු දුප්පත්කම දැන් දකින්න නැහැ. මම ඉස්සර දැකපු දුප්පත් ගෙවල් බිත්ති කටු මැට්ට, සෙවිලි කරල තිබ්බෙ පොල් අතු වලින් , බිම ගොම මැට්ට. පත්තු කලේ භූමිතෙල් ලාම්පු. ඒකෙත් අර පෝසත් අය ඒ කාලේ පාවිච්චි කරල අයින් කරපු සූත්‍රිකා බල්බ වලින් හදපුවා. ලිප් දර. මිදුල වැලි සහ පුංචි ගල්.පුංචි ළමයි හොටු නාවර පෙරාන පැය 24ම හෙලුකොට්ටෙන්. කොටින්ම මම වයස අවුරුදු හත අට වෙනකම්ම හිටිය ගේත් බාගයක් ඔය වගේ. ඒත් දැන් අපේ අහල ගම් 7ක පොල් අතු සෙවිල්ලපු ගෙයක් හොයා ගන්න නෑ. දැන් ඉන්නේ දුප්පත්තු නෙමේ “මධ්‍යම ප්‍ාන්තික දුප්පත්තු. ඒකත් විහින් දුප්පත් වෙලා."

      මේ සංවාදයේ මා දුටු සුවිශේෂ ම කාරණය වන්නේ දුප්පත්කමට ඉවහල් වන කිසියම් සමාගමක නමක් කිසිවෙකු සඳහන් නො කිරීමයි. ඒ අනුව පර්පෙචුවල් සමාගමට එල්ලවන බොරු චෝදනා සහ බැඳුම්කර වංචා ප්‍රලාපය වැලේ වැල් නැති විපක්ෂයේ බොරු විකාරයක් බව ඔප්පු වේ. රටේ දුප්පත්කම නැතිකිරීමටවත් වසංගත මර්දනය කිරීමටවත් රජයට බැරිය. රජයෙන් කළ යුත්තේ යම් මගපෙන්වීමක් සහ සෞඛ්‍ය පහසුකම් සැලසීම පමණි. ජනතාව විසින් මේ ප්‍රශ්න විසඳාගැනීමට කටයුතු ඉටුකරගත යුතුය.

      - අජිත් පැරකුම් ජයසිංහ

      Delete
    2. //
      1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි) //

      පාසැල් අද්‍යාපනයවත් හරියට අහවර නොකල හාදයෙකු ගේ හෘද සාක්ශිය!

      Delete
  6. ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදීන් වන්නේ මෙරට ක‍්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බව නව සම සමාජ පක්‍ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ‘ප‍්‍රභාකරන් මොන ත‍්‍රස්දවාදියෙක්ද..???මේකයි ත‍්‍රස්දවාදය’ ලෙසයි.

    https://youtu.be/N6tnolJaK88

    ත‍්‍රස්තවාදය හොදින් හෝ නරකින් මර්ධනය කළ යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

    ReplyDelete
    Replies
    1. අහෝ ඇන් ජී ඕ බාහු!

      Delete
    2. හා, හා, එතුමාට අපහාස කරන්න එපා, සරස තුමනි. වික්‍රමබාහු කරුණාරත්න සුධීමතාණන් යනු සෙංකඩගල සේනාසම්මත වික්‍රමබාහු ඈපාණන්ගේ මී මුණුපුරෙකි.

      Delete
  7. සාරස

    සිරස රූපවාහිනියේදී අදහස් පල කරමින් හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග කියා සිටියේ සංචාරක සිම්බාවේ පිල හා ශ‍්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී සූදුකරැවන් මැදිහත්වී යමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇති බවත් හැකියාවක් ඇත්තේ නම් මේ ගැන FCID යන බවත්ය.

    සංචාරක සිම්බාවේ පිල හා ශ‍්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී ක‍්‍රිකට් ඔට්ටු අල්ලන්නන් අතර සිම්බාවේ කණ්ඩායම සිටියේ අවම වාසියේ බව හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

    මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ සිම්බාවේ තරගාවලි පරාජය නිසා මෙරට ප‍්‍රසිද්ධ බුකිකරැවෙකු රැපියල් බිලියන පහකට (කෝටි 500) ආසන්න ලාබයක් ලබා ඇති බවයි.

    සුප‍්‍රකට ඉන්දීය ඔට්ටු තබන්නන් පවා ශ‍්‍රී ලංකාව දිනන බවට ලංසු තබද්දී මෙරට බුකිකරුවා විසින් සිම්බාවේ දිනන බවට ඔට්ටු අල්ලා ඇතැයිද එම වාර්තාවල සදහන්ය.

    ReplyDelete
    Replies
    1. අස්ස රේස් සෙල්ලමේදී බුකී ජොකි සහ පන්ටර් ලගෙන් අන්තිමට ජය ගන්නෙ බුකියා. ක්‍රිකට් සභාපති බුකියෙක් නම් අනිවාර්ය්‍යයෙන්ම ක්‍රිකට් වලදි වලදි ජය ගන්නෙත් බුකියා. (ෆේවරිට් දින්නොත් බුකිය පරාදය්.)

      ක්‍රිකට් සභාපති බුකියෙක් නම් ක්‍රිකට් වලටත් ඉතින් අඹ සරනම තමය්. මේක බුකිපාලගෙයි රිලාසිරියගෙයි රහස් කුමණ්ත්‍රන ප්‍රතිපලයක්.

      රිලාසිරිය ලවා තරඟ කරුවන්ගෙ මාණසිකත්වය දුබලකලා, බුකිපාලයා යටින් ඉඳන් වැඩේ දුන්න. කොහොමද යහාපාලන උන්නාන්සේලාගෙ ටිකිරි මොලේ???

      දැක්කද කුරුස කාරයන්ගෙ ලකුණු ප්‍රමාණය. උන්ටත් කොටසක් යනවා වැඩේ හැටියට !

      Delete
    2. ශ්‍රී ලංකා ක්‍රිකට් මීලඟ නායකයා ලෙස මාව පත් කරගන්න.

      -මම චාලි ඔස්ටින්.

      Delete
    3. // AnonymousJuly 13, 2017 at 9:23 AM

      ශ්‍රී ලංකා ක්‍රිකට් මීලඟ නායකයා ලෙස මාව පත් කරගන්න.

      -මම චාලි ඔස්ටින්. //

      අඩෝ ඔස්ටින්,
      උඹ ලන්ඩන් වල තට්ට ඇල්බට් කාරයව දන්නවද හිටන්?
      -මම සරස

      Delete
    4. //
      සිරස රූපවාහිනියේදී අදහස් පල කරමින් හිටපු ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග කියා සිටියේ සංචාරක සිම්බාවේ පිල හා ශ‍්‍රී ලංකා පිල අතර පැවති තරග පහකින් යුතු එක්දින තරගාවලියේදී සූදුකරැවන් මැදිහත්වී යමක් සිදුව ඇති බව පෙනෙන්නට ඇති බවත් හැකියාවක් ඇත්තේ නම් මේ ගැන FCID යන බවත්ය. //


      හරෝ හරා
      කවුද හොරා?

      Delete
  8. සරස

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත.

    මෙම සමාගම ‘කැන්ඩි කන්ට‍්‍රක්ෂන්’ වන බවත් ඔවුන් ලබා ගන්නා කොන්ත‍්‍රාත් පසුව ඒවා උප කොන්ත‍්‍රාත් ලෙස තවත් සමාගම්වලටද ලබා දෙන බවද එහි දැක්වෙයි.

    මේ අතර එකම පවුලේ සිවු දෙනෙකුට එම අමාත්‍යංශයේ උපදේශක තනතුරු තුනක් සහිතව තනතුරු හතරක් ලබා දී ඇති බවටද වාර්තා පලවෙයි.

    එක් උපදෙශකයෙකුට රුපියල් 65000 බැගින් මාසිකව ලබා දෙන අතර ඔවුන් සිවු දෙනාම පදිංචි වී සිටින්නේ එක ලිපිනයක වීම විශේෂය.

    ReplyDelete
    Replies
    1. // උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම ඔහුගේ පුද්ගලික ලේකම්වරියද වන චාමි කිරිඇල්ල විසින් අමාත්‍යංශයේ සියළු කොන්ත‍්‍රාත් ඇයට අයත් සමාගමක් වෙත ලබා ගන්නා බව සති අන්ත ලංකා පුවත්පත වාර්තා කර ඇත. //

      ලේකම් කම තමන්ගේ දුවට දෙන්නෙ නැතිව අල්ලපු ගෙදර එකාගෙ දුවට දෙන්නද හිටන්?

      Delete
    2. //ලේකම් කම තමන්ගේ දුවට දෙන්නෙ නැතිව අල්ලපු ගෙදර එකාගෙ දුවට දෙන්නද හිටන්?//
      වෙලා තියෙන්නෙ එහෙම තමා. දුවල දෙන්නේගෙ මූනයි ඉස්සර හිටපු ***** ගෙ මූනයි බලපුවම it tells the whole story .....
      කොටින්ම ඇරිකිල්ල කොටහ ඔය ලොක්කගෙ පරපුරෙන් මෙයාට ආපු නමක් නෙවෙයි

      Delete
  9. කැනඩා පචෝරිස් අන්තර්ජාතිකව පච වී ගිය අතිසංවේගජනක අවස්ථාවක්:
    මොහු MD යොදන්නේ අහිංසකයන් නොමඟ යැවීමටයි. නැති නම් MD ලබා ගත් විස්සවිජ්ජාලය වරහන් තුළ දැක්විය යුතුයි. මොහු පෙනී සිටින්න හදන්නේ තමන් පශ්චාත් උපාධිධාර්යෙක් හෝ ඇමෙරිකාවේ එක්සත් ජනපදවල වෛද්‍ය උපාධිධාරියෙක් ලෙසයි. කැනඩා පචෝරිස් අවුරුදු පහකට පෙරත් අද වගේම කිච වෙන එකෙක් බව මෙන්න-

    CT

    1.
    Prof. Daya Somasunderam is well known.
    “Dr Ruwan M Jayatunge MD” is listed as a “psychotherapist and medical writer” in the internet.
    Where did he qualify as a medical doctor?
    He gives his address as York University, Canada,( on some sites ).
    York University does not list him among staff members.
    Are there statistics about child soldiers?
    How many were interviewed & where?


    
2.
    I am totally against engaging children in combat.
But I am also against people who pretend to be what they are not.
    Scientific articles should clearly state authors’ qualifications in full,present and past posts held,statitical method employed,
statistics of the relevant subject in full,affiliations to other medical sites/journals,sponsors,grants & previous contributions in medical journals.
Visit any medical journal online,and you will understand.

    කැනඩා පචෝරිස් ඔහේ මනෝ වෛද්‍ය විශේෂඥයෙක් එහෙම නෙවෙයි හොදේ. අමතක වෙනවා නම් ලියලා තියා ගන්න.

    ReplyDelete
  10. අතිගරු සරසතුමනි,

    අගෝස්තු මස සය වැනි දිනට යෙදෙන ඒ අසිරිමත් හමුවේ වර්ෂ පූර්ණය සැමරීමට ඔබතුමා සූදානම් ද? යුරෝපයේ රටවල් සතරක සිට අප නම් දැනටමත් සූදානම් ය. සිංහල වියුණු ලොව නව මං ⁣එළි කළ ඒ අසිරිමත් හමු ව අපි සතුටින් සමරමු.

    සංවිධායක කමිටුව

    ReplyDelete
    Replies
    1. සුභපතමි!

      ජයවේවා!

      Delete
    2. අතිගරු සරසතුමනි,

      සුභපතමි? සුභපතන්නෝ අපි වම්හ! ඒ සුභ පැතුම් ලබන්නෝ අතිගරු සරසතුමාණෝ ය. එනිසා අතිගරු සරසතුමා අපට සුභ පැතිය යුතු නැත.

      දෙදහස් දහසය වර්ෂයේ අගෝස්තු මස සය වැනි දින සිදු වූ ඒ අසිරිමත් හමුව වූ කලී කළුආරච්චි-කුදලාගම සුසංයෝගය යි. එතැන් සිට මාසයක කාලයක් ගෙවෙන විට සැප්තැම්බර නව වැනි දින සාරස-මයුරවිල-කුදලාගම-කීරාළ ඈ වියුණු ලොව කැලඹූ' වියුණු ලොව හෙළ හවුල' ද බිහි විණ.

      වියුණු ලොව නව මං එළි කළ කළුආරච්චි-කුදලාගම සුසංයෝගයේ වර්ෂ පූර්ණයට සමගාමී ව අතිගරු සරසතුමාගේ සන්මිත්‍ර බන්‍ධුල කුදලාගමයන් යළි වියුණුකරණයට පිවිසෙන්නට නියමිත ය. එලෙස ම සාර්වජනික ක්‍ෂේත්‍රයේ පුනරාරම්භය ද එදින ම සිදු වන්නට නියමිත බව සංස්කාර මණ්ඩලය අපට දන්වා ඇත. මේ වන විට නව ලිපි මාලාවක් පළ කිරීමට අවශ්‍ය සංස්කරණ කටයුතු සඳහා සංස්කාරක මණ්ඩලය ද ලේඛක සමූහයා ද කාර්යබහුල ව සිටින බව සැල යි (සාර්වජනික ක්‍ෂේත්‍රයේ සිය වැනි ලිපිය අතිගරු සරසතුමාගේ සුරතින් මේ දිනවල ලියවෙමින් පවතින බව ද අපි දනිමු!).

      සංවිධායක කමිටුව

      Delete
    3. මටත් තිබුනා යුගයක්...!

      හවස 5.00 වෙනකොට £ 150 ගත්ත පරන Ford Fiesta එකක් එක්ක චයිනීස් කඩයක ඩිලිවරිය පටන් ගත්ත... !

      අතට සල්ලි හම්බ උන, Tax කැපෙන්නෙ නැති සරල රැකියාවක්....!

      කෑම දීලා සල්ලි අරගෙන පොඩි ටිප් එකක් හම්බවෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු....,

      වැඩිපුර £1-2 හම්බ උනාම හරි සතුටින්...!

      ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්....!

      Delete
    4. AnonymousJuly 16, 2017 at 12:35 AM

      අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් ටිප් එක ගන්න හිතුන නිසා නෙළුම් යාය පටන් ගත්ත නේද ?

      Delete
    5. ඇනෝ ඔබ කිව්වෙ ඇත්ත වුණත් නෙළුම් යාය පටන් ගත්නේ සමාජ සුභසාධක ව්‍යවසායකයකුගේ වැඩ පිළිවෙල සමාජ සුභසාධක ව්‍යවසායකත්ව ව්‍යාපාරයක් ලෙස. සමාජයේ ඇති ගැටලූ හඳුනාගෙන, ඒවා නිවැරදි කිරීම සඳහා ව්‍යවසායකත්ව මූලධර්ම මත පදනම්ව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා සමාජ සුභසාධක ව්‍යවසායක ව්‍යාපාරයෙකු ලෙස හැඳින්වේ.

      සමාජ සුභසාධක ව්‍යවසායකයෙකු සිය ව්‍යපාරයේ සාර්කත්වය මනිනුයේ ව්‍යාපාරය තුළින් සමාජය තුළ ඇති කරන වෙන බලපෑම පදනම් කරගෙන වුවත් "නෙළුම් යාය" මුදල් ඉපයීම අරමුණු කරගත් වාණිජමය ව්‍යවසායකයන් සිය ව්‍යාපාරයේ සාර්කත්වය මනිනුයේ තමන්ට ලැබෙන ලාභය මෙන්ම අනෙකුත් වාසිද සළකා බලාය.

      සමාජ සුභසාධක ව්‍යවසායකයෙකු බොහෝ විට ක්‍රියාත්මක වනුයේ ලාභ ලබන සංවිධාන සහ පුරවැසි කමිටු හරහා වන අතර ඔවුන් පුද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ සේවය කරති.

      - අජිත් ධර්මකීර්ති

      Delete
  11. Homosexuals are still banned in Singapore (no Singapore is not a Muslim country) and in most Muslim countries in the world.

    ReplyDelete
  12. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

    ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

    ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු මේ සදහා සෘජුව මැදිහත්ව සිටින බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද මීට වාචික මට්ටමේ එකගතාවක් ලැබී ඇති බවත් වැඩි දුරටත් සදහන්ය.

    මේ අතර පෙරේදා දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශී‍්‍රලනිප මැති ඇමති හමුවේදී මේ ගැන සාකච්චා වී ඇති අතර එහිදී ඇමති ඩිලාන් පෙරේරා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතහොත් බොහෝ නරක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රාජපක්‍ෂවරුන්ට තවමත් විශාල ජන බලයක් ඇති බවත්ය. ඊට විරෝධය පල කරමින් ඇමති සරත් අමුනුගම ඇතුළු පිරිසක් අදහස් පල කර ඇති අතර එහිදී එම සාකච්චාව මහත් ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

    ReplyDelete
  13. පිං කැටේට අත දැමීම පස්සෙන් ඉන්නේ චාලි ඔස්ටිං විය හැක

    ReplyDelete
    Replies
    1. Pra JayJuly 14, 2017 at 3:25 AM
      //පිං කැටේට අත දැමීම පස්සෙන් ඉන්නේ චාලි ඔස්ටිං විය හැක//

      පස්සෙන් අත දාන්නේ රනිල්ලා, ප්‍රා ජේ ලා වගේ පොNNa උන් නේද ?

      Delete
    2. Yeahh certainlyyyyyy

      Delete
    3. කුමාරතුංග මුන්දාසයන්ගේ කියමනකි.

      ආගම භේදය නිසා ගමේ රටේ භේද මවන්නෝ සාමාන්ය මනුෂයෝ නොවෙති; ඔවුන් මුළා කොට තමන්ගේ බඩ වඩා ගන්නට මාන බලන කුහකයෝ යැ. ආගමය නිසා සමාජය නො බෙදුණ හොත්, මේ කුහකයෝ ඒ තරම් පහසු බඩ වඩිල්ලක් නොලබති. එ හෙයන් උත්සාහය දිනෙන් දින භේදය වැඩි කරන්නට යැ. අපේ ආගමය, අපේ ආගමය' යැ ය් මහා හඩ නගමින්, රට කලබන මේ කුහක උදරම්භරියනට වඩා භායනක පිළල සමාජ වුක්ෂයෙහි නොහට-ගන්නේ යැ. මුලිනුදුරා නො දැමුව හොත් පිළල වැඩේ. රුක නැසේ .

      ( කුමාරතුංග මුනිදාස ප්‍රබන්ද සංග්‍රහය 183-පිට )

      උපුටා ගැනීමකි.

      Delete
    4. අත්තා හි අත්තනෝ නාථෝ,
      කොහි නාථෝ පරෝ සියා?
      අත්තනාව සුදන්තේන
      නාථං ලභති දුල්ලභං

      තමාට පිහිට වන්නේ තමා ම ය. අන්‍ය වූ පිහිට වන්නෙක් කොයින් ද? මනා සේ හික්මවා ගත් තමා කරණකොට දුර්ලභ වූ පිහිට ලබයි.

      Delete
  14. //පන්සල් පින්කැටේට ආන්ඩුවෙන් අතදැමීමට ඉඩ සලසන විහාර සහ දේවාලේගම් පනත පනත එකදාස් නවසිය තිස් ගනන් වල දී මුලින් ම මැති සබේට ගෙනාවේ බෞද්ද නායකයෙකු වන ඩී බී ජයතිලක තුමා බවත්, ඊට මහා සංඝරත්නය බොහෝ සේ කැමැති වූ බවත් අපට කියාදුන්නේ යහපාලන ආන්ඩුවේ අගමැති රනිල් වික්‍රමසින්හ ය.//

    සරස රාජ්‍ය දූෂණය සහ නිලධාරිවාදය දිනෙන් දින වර්ධනය වේ. පක්ෂ/ විපක්ෂ දේශපාලකයින් යනු මාධ්‍ය සංදර්ශකයින් පමණයි. රටේ නීති පන්සල් පල්ලී වලින් ක්‍රියාත්මක කරවයි. වාමාංශික පක්ෂ ප්‍ර‍ධන පක්ෂ දෙකට මුක්කු ගසා ජීවත් වේ. ජාතිවාදියෝ රට ගිනි තියයි. එන්ජීඹ් කපුටෝ ගැන කියල වැඩක් නැත.

    මෛත්‍රි, රනිල්, මහින්ද කවුරු ආවත් තමන්ගෙ ගජමිතුරන්ගෙ සහ උන්ගෙ පවුලේ දියුනුව මිස කෝටි 2 කට වැඩි අනෙක් මිනිස්සු ගැන නොසිතන බැවින් රටට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයයි.

    This is the sad truth behind all of these !

    ReplyDelete
  15. රටට බලාපොරොත්තු තැබිය හැකි නායකයෙකු පේනතෙක් මානයක නැත.මොලයක් යයි සිතූ රනිල් අලයක් වී හමාරය. අප්පොච්චි එක්ස්පයර්ය; දැන් කෙලින්නේ පිස්සුමය. පරණ පිනක් කඩා වැටුනු සිරා ගොයියා පොරටෝක් ඔස්තාද් කෙනෙකු බව ඔප්පු කොට හමාරය. මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ නොම්මර එකේ වැඩ බැරි දාසල ටිකකි. හින්නික්කිතර අමාත්‍යංශයක් නා ගන්නා මුංට රටක් දුන්නොත් කොහොමට හිටීද? අමාත්‍ය මණ්ඩලේ ඩිංගක් හරි වැඩ කරන සජියා ගෙවල් ගහනවා වගේ සිල්ලර වැඩට මිස රටක නායකත්වයට නොමේරු ළදරුවෙකි. සජියා රට කරවන්න සුදුසු නම් නාමල්ට අගමැති කම දුන්නාට කම් නැත. සජිත්, නවින්, නාමල් ඔක්කොම තාත්තලාගේ පහනින් එලිය බැලූ ගොන් පුත්තුය. එහෙම බැලුවම අත්හදා බැලීමට වත් තියෙන එකම ඔප්ෂන් එක ගෝඨය. ඒත් රට කියන්නේ කොළොඹ නොවන බවත් පාලනය කියන්නේ කුණු ටික කාපට් එක යටට දමා වේවැල් පහර දීම නොවන බවත් මතක් වන විට ඒකත් ලත් තැනම ලොප්ය.ඒ නිසා සිරාගේ පොර ටෝක් රනිල්ගේ ඩිල් සහ මහින්දගේ හොරගල් ඇහිලීම් බලමින් තව දුරටත් සිටිමි. ඔයත් එහෙම හුරුවෙන්න. ඒකත් එක විදියකට පට්ට!

    ReplyDelete
    Replies
    1. සිරිසේන දැන් කල්පනා කරනවා ඇත්තේ මම මොකට මේ කරුමෙට කර ගැහුවද කියල; මනුස්සයව වටේ ඉදන් චන්ද්‍රිකා ඔය වලට තල්ලු කරා මිසක්, කලින් ඉදන් පනින්න ඉදපු මනුස්සයෙක් නෙමේ නේ.

      සරස සිරිසේන පුළුවන් නම්, ආයෙම මහින්දව ජනාධිපති කරලා ඇමති කට්ටක් කරන් ඉන්න පුළුවන් ඩීල් එකක් ගහයි; එත් එහෙම එකක් කරන්න බෑ.

      රනිල්ට ඕන සරස ව්‍යවස්ථාව වෙනස් කරගන්න, හැබැයි ඕක කරන්න ගිහින් නා ගත්තොත් යු.එන්.පී එකේ සිංහල චන්ද වලින් විතරක් එන මන්ත්‍රීලාට අබසරණයි ! රනිල්ට එහෙම ප්‍රශ්නයක් නැ, කොළඹින් එන ගොඩ දෙනෙක්ට ඔය ප්‍රශ්නේ නෑ.

      රනිල්ට පස්සේ රවීට පුටුව දෙන පොටක් තමා තියෙන්නේ; එහම උනොත් සජිත් සහ සිංහල චන්ද වලින් එන යු.එන්.පී කස්ටියට පෙනෙන තෙක් මානෙක හරිහමන් බලයක් නම් එන් නෑ.

      සිරිසේනට කරන්න තියෙන හොදම දේ තමයි, යු එන් පි එකේ සජිත් එක්ක ඉන්න කොටහයි, "අතෙන්" ආපු සෙට් එකයි එක්ක ආණ්ඩුවක් හදන එක;
      ව්‍යවස්ථා නාඩගමේ යකා, යකදුරාටයි ආතුරයටයි දෙන්නටම ගහන්නේ එහෙම උනොත් තමයි.

      Delete