Sunday, July 16, 2017

යහපාලනේට එලුවාත් රැවුල පාන්නට පටන්ගනී....

නිවටයෙකු දුටුවාම නෝන්ජල් සතෙකු වන එලුවාද රැවුල පානා බව ජනවහරේ සඳහන් වේ.

ඒ බස පසක් කරමින් පසුගියදා සියඹලාන්ඩුව කරනා යහපාලනතන්ත්‍රේ ඇමැති හා උපඇමැති බානක් වන ජෝන් සෙනෙවිරත්න හා නිශාන්ත මුතුහෙට්ටිගොම මහතානන් විසින් තමන් සියඹලාන්ඩුව අතහැර මැදමුලනට නැවත  සන්ක්‍රමණය කරනා බව මාධ්‍යයට පවසූහ.

 ඊට කලින් දවසේ මාධ්‍යයේ පල වූවේ අනේ දෙසැම්බර් 31 දා වෙනකන් යන්න එපෝ කියා සොරිසේන ජනදිපති කරනා කන් කෙඳිරි ගෑමකි.

අමාරුවෙන් CIA සන්විදානයෙන් හා RAW සන්විදානයෙන් මුදල් අරගෙන ක කුමන්ත්‍රන්යෙන් බිහි වූ සියඹලාන්ඩුව කඩා වැටෙනවා දකිනා විසිල් සමාජේ ලොන්ත පෝල් පොරවල් වන රොහාන් සමරජීව අනේ ඉතින් මම නම් මේ සියඹලාන්ඩුවට සපෝට් කලේ එයාලගේ ප්‍රොගොතිසීලී ප්‍රොතිපත්ති ප්‍රකාසනේ කියවලාය නැත්නම් මගේ බල්ලාවත් යහපාලනේට සපෝට් කොරන්නේ නැත ආදී වසයෙන් පුවත්පත් සාකච්චා ලබා දීලා ය. එවැනිම ලොන්ත පෝලියක් වන තිසරණී ගුණසේකර ද එවැනිම ආර්ටිකල් එකක් ප්‍රසිද්ද කොරලා ය. 

තව ඩින්ගකින් වැල යන පැත්තට මැස්ස ගැසීමට සමත් සිවුමන්සල පුස් ඇටයා තුමා  "උසස් පෙල අසමත් පුරවැසි ඩිජිටල් මාධ්ය්කරනයේ මහින්ද ලකුණ" ගැනද බානක වෙට්ටුගොම තුමා "අමුවෙන් කෑම" හෙවත් Eating RAW ගැන  වචන සුවල්පයක් පැවසුවොත් පුදුම නොවනා මෙන් සරස තුමා මල්ලෙපොල් පාඨකයන් ගෙන් ඉල්ලා සිටී. 

42 comments:

  1. අම්මපා සාරසතුමා මොකක් වෙයිද ඉස්සරහ මාස දෙක තුන ඇතුළත. පොඩි විග්‍රහයක් දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඉදිරි මාස දෙක තුනත් පහුගිය මාස විසිහතර වගේම ගෙවිලා යාවි ගරු කුරහන් මල්ලි තුමෝ...

      Delete
  2. කිරි පුස්සන් තවාන වසා දැමුවාට කලින් එළියට දැම්ම උන් දැන් උම්බෑ ගාමින් දඩාවතේ යමින් බෙල්ල දකිනා දකිනා කණුවල උලති. ජීවිතේට නිර්මාණාත්මය යමක් නොකල මේ තප්පුලන පුස්සන් සුවඳ විහිද විය යුතු නෙළුම් මල් යායන්ට ගෙන්නා ගන්නා උන් නෙළුම් මල් සුවඳට වඩා ගොම්පස් සුවඳටම ඉව අල්ලන්නන්ය. කිරි පුස්සන් දඩාවතේ යන්නේ හරි හමන් ගොපල්ලෙක් හමුවන තුරු පමණි. එහෙත් ගොම්පස් සුවඳට ඉව අල්ලන්නන් ඇන්ටි+බයොටික් වලින්වත් වඳ කල නොහැක. උන් අන්කල්ම සරණ යෙත්.

    ReplyDelete
    Replies
    1. හෆොයි කිරිපුස්සා

      Delete
  3. ඔය කියන ඇමති බාන සහ අඩු වැඩි වසයෙන් ඉන්නා බොහෝ උන් කිසිම ආණ්ඩුවක තියා රටේවත් තියාගන්න වටින ඈයෝ නෙවෙයි. කොහොම උනත් සිරා ලොක්කාගේ මාස්ටර් ප්ලෑන අපි කාටවත් තාම තේරෙන්නේ නැති බවයි මගේ අදහස හිටං.

    ReplyDelete
    Replies
    1. ආයෙත් ජනතාව ගොනාට අන්දන්නයි මේ හදන්නේ. මුන් ඔක්කොම චන්දෙ ලං වෙනකොට ආණ්ඩුවෙන් අයින්වෙලා මහින්දව විකුණලා දිනන්නයි මේ ප්ලැන් එක. දිනපු ගමන් මුන් ඔක්කොම ආයෙත් හිටංගෙ කටු කන්න යනවා. අයෙත් දෙකක් නෑ. මහින්දත් මේව දැනගෙන යටින් ඩීල් දාගෙන ඇති, මුන් ඔක්කොම එකයි කාලකණ්ණි හැත්ත. නොදකින් අපි රැවටුනා !

      Delete
    2. // ආයෙත් ජනතාව ගොනාට අන්දන්නයි මේ හදන්නේ. මුන් ඔක්කොම චන්දෙ ලං වෙනකොට ආණ්ඩුවෙන් අයින්වෙලා මහින්දව විකුණලා දිනන්නයි මේ ප්ලැන් එක. //



      අඩු වැඩි වසයෙන් ඔන්න ඕක තමයි සින්දුව හිටන්!

      Delete
    3. නමුත් මගේ නම් හැඟීම සියලු දෙනා, රට වෙනුවෙන් අවංක දේශපාලන හැඟීමක්‌ ඇතිවයි තීරණයක්‌ ගත යුත්තේ කියලා. කවුරු මෙතැනින් ගියත්, මෙතැනට ආවත් මහජනතාව ගැන නොසිතා, අවස්‌ථාවාදී ලෙස, වාසිදායක ලෙස තමන්ට බලයට එන්න හොඳ මෙතැන තමයි කියලා හිතාගෙන පිල් මාරු කරනවා නම් ඒ අයටම තමයි මේකේ අවාසිය. හොඳ දේ තෝරා ගැනීමේ අවදානමක්‌ තිබෙනවා. ඒ අවදානමට මුහුණ දෙන්න ඕනේ…

      Delete
    4. AnonymousJuly 17, 2017 at 3:01 AM

      //හොඳ දේ තෝරා ගැනීමේ අවදානමක්‌ තිබෙනවා. ඒ අවදානමට මුහුණ දෙන්න ඕනේ…//

      හොඳ දේ තෝරා ගත්තොත් එෆ්සීඅයිඩී එකට අරන් ගොහින් චෝදනා ගොනු කරල හිටං එජාප හිටපු මන්ත්‍රී පිලපිටිය තුමාගේ පුතාගේ ස්වාදීන අදිකරනයෙන් නිවාඩු දිනයක රෑ හිටං නඩු අහල වැලිකොඩ දාල තමා මේ පඹය නවතින්නෙ කියන අනතුරු ඇඟවීම නේද ඒ ?

      Delete
  4. Think about Mr Sirisane, if he was your next door person you will not even look at his face. He was SLFP minister and prime minister hopeful one day and next day he is with UNP. Talking about his democracy, he sack chief justice without due process, sack sitting prim minister without even a letter. Now he says give me police and attorney general dept I will arrest Rajapaksa clan, what about independent commissions he and UNP jumping up and down? Two days ago Navy officer was arrested, why there is such a thing called military courts? Where in the world military officers arrested by civil court for the errors while on the job? Remember this officer did not commit a criminal act while off duty, this is very sad state of affairs. Sorry sena is the correct word for this guy.

    ReplyDelete
  5. කිසිවක් නෑහුනාවගේ ඉදගෙන පට්ටපල් කුණුහරුප, නින්දා අපහාස, ඇනුම් බැනුම් අසමින් මේ විදිනවාය කියන රජ සැප මොකක්ද අප්පා. බලයෙන් විසිවුන කාලෙකවත් ගෙදරට වෙලා රටට යමක් කලා කියලවත් සැනසෙන්න පුළුවන්ද??? මන්ද මානසික තත්වයෙන් ඉන්න කෙනෙකුට නම් ඔන්න පුළුවන් !

    ReplyDelete
  6. සරාසා තුමෝ ශ‍්‍රීලනිප මැති ඇමතින් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉතිරි කාලයද ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා විකල්ප ක‍්‍රමයන් සොයා බැලීමට අවධානය යොමුව ඇත.

    ඒ අනුව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය යන පක්‍ෂ සමග හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති අතර ඒ සදාහ සාකච්චාද මේ වන විට ආරම්භ වී තිබේ.

    ReplyDelete
    Replies
    1. ආඬි හත් දෙනාගේ සියඹලාන්ඩුව!!

      Delete
  7. සරස ලොක්කා,

    මේ ආණ්ඩුව තුල සිටීමෙන් ශ‍්‍රීලනිපය අභ්‍යන්තරයේ විශාල ප‍්‍රශ්නයක් මතුව ඇති බවත් පාක්‍ෂිකයින්ට මෙය විශාල ප‍්‍රශ්ණයක් වී ඇති බව ගමට ගිය විට පෙනෙන බවත් දොඩවා ඇති ඇමති WDJ සෙනෙවිරත්න මේ ආකාරයට ගියහොත් ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රීලනිපයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි බවත් පෙන්වා දී ඇත. ඒත් සමගම තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එම මතය අනුමත කරමින් සදහන් කර ඇත්තේ තව දුරටත් හවුල් ආණ්ඩුවේ හිදීමෙන් කිසිදු පලක් නැති බවයි.

    කෙසේ වෙතත් තව දුරටත් ජාතික ආණ්ඩුව තුල ඉන්නේද ඉවත් වන්නේද යන්න තීරණය කරනු ලබන්නේ දෙසැම්බර් මාසය ආසන්න වන විට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එහිදී පවසා ඇත. මැතිවරණ කිට්ටු වෙනකොට ගම මතක් වෙලා තීන්දු තීරණ ගන්න යනවා.. එතකං මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට හිස නමලා ලොක්කට _ _ දීගෙන සනීපෙට ඉන්නවා…! තුහ් විතරක් මෙහෙමත් කාලකණ්ණි දේසපාලුවෝ.

    ReplyDelete
    Replies
    1. උන්ට හෙනම ගහපන්!

      Delete
  8. ඈ සරසා තුමෝ,

    //අමාරුවෙන් CIA සන්විදානයෙන් හා RAW සන්විදානයෙන් මුදල් අරගෙන කල කුමන්ත්‍රන්යෙන් බිහි වූ සියඹලාන්ඩුව කඩා වැටෙනවා දකිනා විසිල් සමාජේ ලොන්ත පෝල් පොරවල් වන රොහාන් සමරජීව අනේ ඉතින් මම නම් මේ සියඹලාන්ඩුවට සපෝට් කලේ එයාලගේ ප්‍රොගොතිසීලී ප්‍රොතිපත්ති ප්‍රකාසනේ කියවලාය නැත්නම් මගේ බල්ලාවත් යහපාලනේට සපෝට් කොරන්නේ නැත ආදී වසයෙන් පුවත්පත් සාකච්චා ලබා දීලා ය. //

    මහින්ද රජ්ජුරුවෝ කාලේ සීප ගහන්නත් සම්බන්ද උනේ මේ රොහාන් සමරජීව ම නේද ?

    ReplyDelete
    Replies
    1. මෑන්ස් අමුවෙන් (RAW) කන හාදයෙක්...


      මතකද එයාව ඉස්සෙල්ලාම මන්ගල විසින් TRC එකේ ලොක්කා කරලා ලක්ස 12 පඩියකට ගෙනාවාම යූ එන් පී කාරයෝ නැටුව නාඩගම් හිටන්???

      Delete
    2. aJuly 17, 2017 at 2:24 AM

      රොහාන් සමරජීව කියන්නෙ ඇත්තටම පෙරාදෙනිය Science Faculty එකේ drop out කෙනෙක්. නමුත් පසුව නීතිය ඉගෙන ගෙන ඇමෙරිකාවට කරනම් ගහල මෙහෙට ආපු බුවෙක්. මිනිහා ඇත්තටම මහාචාර්‍ය කෙනෙකුත් නෙවෙයි නමුත් යම් නීති පීඨයක staff ඉඳල තියෙනව. (a non academic role.)

      මංගල මිනිහව මුලින්ම ගෙනාවේ TRC එකේ DGT කරල සමාන්‍ය පඩියකට. මිනිහා ඒක අනුභව කරමින් ඉන්න කොට 2001 ආන්ඩුව පෙරලුනා. නමුත් ආන්ඩු පෙරලෙනකොට මිනිහ කරනම් ගැහුව මිලින්ද ගාවට. එතකොට තමා ඔය ලක්ශ 12 ක පඩියකට උපදේශක තනතුරක් ගත්තේ. පස්සෙ මහින්ද ආපුවම මහින්ද ගාවට කරනම ගැහුව. මෛත්‍රී ආවම මිනිහ ගාවට කරනම ගැහුව.

      මිනිහ කරනම් වලට නම් මහාචාර්‍ය ඉතුරුව නම් බළු වටින්නෙ නැහැ

      Delete
    3. රොහාන් සමරජීව නම් සූර චෞරයා ගැන වචන සුවල්පයක් පැවසීම ගැන ඔබට ස්තූතියි ගරු ඇනෝ තුමනි....

      මට හිතෙන්නේ මෑන්ස් ව කැනඩාවෙ මනෝ කිචිස්සකයා ගාවට ගෙනියන්න ඔනේ...

      Delete
    4. බ්ලොග් ලියන, කොත්තු සින්ඩිය කරන ඉන්දි සමරජීව කියන්නේ රොහාන් ගේ පුතා නේද?

      Delete
    5. Kottu සින්ඩිය විතරක් නෙවෙයි සමහර විට ලංකාවට අදාල පලවැනි බ්ලොග් එකත් ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව ලියපු indi.ca වෙන්න ඕන. ලාංකික නොකියා ලංකාවට අදාල කිව්වේ ඒක කැනඩාවේ ඉඳන් ඉංග්‍රීසියෙන් ලියවුනු එකක් නිසා.

      පස්සෙ ඉන්දි ලංකාවෙ සෙට්ල් වුනා, මුලදි රනිල් පාක්ෂිකයෙක් වුනත් පස්සෙ දේශපාලන වශයෙනුත් වෙනස් වුනා ද කොහෙද. yamu.lk සයිට් එක කරන්නෙත් පොර.

      ඉන්දිගේ බ්ලොග් එක මුල් කාලෙම ආව ලංකාවේ බ්ලොග් එකක්. ඔහු තමයි මම හිතන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම බ්ලොගර්. පස්සේ කාලෙක ඔහු වීක්ලි නිවුස් පේපර්ස් වලටත් ලියන්න ගත්තා. (ලසන්තගේ පත්තරේට හෙම) මොනවා වුනත් කොත්තු හරහා මුල්ම කාලේ ලොකුම සේවයක් වුනා. ඇනෝට මතක ඇතිනේ 2007 වගේ කාලේ කියවන්න තිබුනේත් ඒක විතරමයි. පත්තර කියවනවට වඩා ඒ කාලේ ආශාවෙන් කියවන්න යමක් තිබුනත් එක්ක.
      යමු කන්සෙප්ට් එකටත් මම හරි ආසයි.

      තාත්තගෙ නමින් පුතාවත්, පුතාගෙ නමින් තාත්තවත් බැබලෙන්නෙ නැති විරළ අවස්ථා කිහිපයකින් එකක් තමයි රොහාන් සහ ඉන්දි. ඒ වගේම සමන් සහ පියසේන අතාවුදහෙට්ටි, නිකලස් සහ විදර්ශන කන්නග්නර, පෝල් සහ ශිරාන් වගේ බොහොම අතලොස්සක් තමා ඔහොම අය ඉන්නෙ.

      Delete
    6. @ Lankika

      රෝහාන් සමරජීව හා සී. ජේ. අමරතුංගයන් එක්ව ලියන ලද "අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද" පොත ඔබට මතක ද?

      එක ගමකට එක කර්මාන්තසාලාවක් සංකල්පය හොදයි... හැබැයි නිපදවන්න ඔනෑ අපට competitive advantage තියෙන දේවල්...

      උදාහරනයකට ලංකාවේ නිමි ඇදුම්, ජාත්‍යන්තර ප්‍රමිතියේ කෘෂී නිෂ්පාදන වගේ ඒවට ලෝක වෙලදපලේ හොද ඉල්ලුමක් තියෙනවා...

      ඒවගේම පෞද්ගලික විෂ්වවිද්‍යාල ගෙනල්ල වෛද්‍යවරුන් ඇතුලු වෘතිකයින් විෂාල ප්‍රමානයක් හදාගත්තොත් computer software, medical tourism වගේ පැතිවලිනුත් අපිට ඉස්සරහට යන්න පුලුවන්..

      හැබැයි "මරා"ගෙ විදිහට සංචාරක ව්‍යාපාරයෙන් පමනක් ලංකාව වගේ ලක්ෂ 200+ ඉන්න රටක් දියුනු කරන්න බෑ...

      මරා බලයට ඇවිල්ල අවු.10ක කාලෙ, එක ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්ත සාලාවක්, විෂ්වවිද්‍යාලයක් හැදුවද?
      කලේ යුරෝපයෙන් ලැබෙන ඇගලුම් කෝටාව හා යුරෝපයට මාලු අපනයනය කරන එක නැතිකරගත්තු එක...

      ඔක්කොටම ඉස්සෙල්ල අපිට චීනෙත් එක්ක එකතු වෙලා දියුනු වෙන්න බෑය, යුරෝපීය රටවල් එක්කත් ගනුදෙනු කරන්න වෙනබව තේරුම් ගන්න ඔනෑ.. යුරෝපයේ ශිෂ්ඨ රටවල් එක්ක ගනුදෙනු කරන්න නම් අපේ human rights record එක ශක්තිමත් කරගත යුතුයි...!

      Delete
    7. // තාත්තගෙ නමින් පුතාවත්, පුතාගෙ නමින් තාත්තවත් බැබලෙන්නෙ නැති විරළ අවස්ථා කිහිපයකින් එකක් තමයි රොහාන් සහ ඉන්දි. //

      පුයන්න කයන්න තමයි!

      රොහාන් කියන්නේ නැති කොලිෆිකේශන් තියෙනවා කියලා පෙන්නගෙන හිටි ඉන්ද්‍රජාලිකයෙක්... එයා දිලිසෙන කෙනෙක් නෙවෙයි...

      ඉන්ඩි ත් ඔය කියන තරම් පොරක් ද? අර වර්චුසා හදපු හාදයෝ වගේ? නෑ නේ...
      ඉන්ඩි කරන්නෙ වෙබ් සයිට් අටොගෙන ඒකට එන ට්‍රැෆික් එක විකිනගෙන කන එක නේ... තාත්තා රට විකුනන එකට වඩා ඉන්ඩි ගේ ට්‍රැෆික් විකිනිල්ල නම් නම්බුකාරයි!!!

      බයි ද වේ ඇනො තුමෝ.. ඔයා බානක නෙවෙයි නේද?

      Delete
    8. අතිගරු සරසතුමනි,

      ඔබතුමා පවසන සේ සම්පූර්ණ සත්‍යයකි. එමෙන්ම ඔබතුමාගේ අනුමානය ද නිවැරදි විය යුතුය.

      සන්දි ඉමරජීව කිසිසේත්ම ශාස්ත්‍රවන්තයෙක් නොවන්නේය. ඔහු චිකාගෝහි වීථි උපසංස්කෘතිය ලංකාවේ මහා සංස්කෘතිය බවට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන මැට්ටෙකි. සන්දි ඉමරජීව මහා පුරුෂයකු කරන්නට තතමන්ගේ ඔබතුමා පැවසූ භානකයා බව ප්‍රකට රහසකි. භානකයා සන්දි ඉමරජීව උඩ දැමීමට ගෙවීම පියාණන් ගෙවන්නේ භානකයාට ලර්න්ඒෂියාවේ ලගින්නට අගුපිළක් සපයා දීමෙනි. සන්දි ඉමරජීව ඇතුළු හත් දෙනෙකු උඩ දැමීමට කාලයකට පෙර භානකයා පල්හෑල්ලක් ද ලියා පළ කළේය. භානකයාගේ ව්‍යාපෘතිය තේරුම් ගැනීම සඳහා එම හත් කට්ටුවේ සිටි දෙදෙනෙකුගේ නම් සඳහන් කිරීම ප්‍රමාණවත්ය. එකෙකු මතුගම ප්‍රාග්අඥයාය; අනෙකා සිඩ්නි ප්‍රාග්අඥයාය. බලන්නකෝ අතිගරු සරසතුමා රටට වින කරන අධමයන් එක් වෙන අපූරුව! ඔබතුමා එම පල්හෑල්ල සොයා ගෙන කියෙව්වොත් භානකයා ඒ කාලයේ සිට ගිය ගමන ඔබතුමාට වැටහේවි.

      ඉහත කරුණු සැලකීමේ දී ඔබතුමා පිළිතුරු දුන් කමෙන්ටුව භානකයාම පැමිණ දැමුවක් ද යන අනුමානය නිවැරදි වන්නට හැකිය. සන්දි ඉමරජීව යනු මහඑකාලා පොඩිඑකාලා එක්ව ලංකාවට වින කිරීමේ නියම උදාහරණයක් බව නම් පැවසිය හැකිය.

      අතිගරු සරසතුමනි, හදවතින් අප යුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ!


      තුන්කට්ටුවට එරෙහිව විශේෂ බලකාය
      (නිශ්චිත කාර්යසාධනය අවසන ස්ථිරවම විසුරුවා හැරේ)

      Delete
    9. @AnonymousJuly 17, 2017 at 8:32 AM

      //තාත්තගෙ නමින් පුතාවත්, පුතාගෙ නමින් තාත්තවත් බැබලෙන්නෙ නැති විරළ අවස්ථා කිහිපයකින් එකක් තමයි රොහාන් සහ ඉන්දි.//
      මෙතන නම් වෙලා තියෙන්නේ පුතාට තාත්ත ගෙ නම කියන්ඩ ලැජ්ජයි. වැරදිලවත් කිය උනොත් හැමෝම දන්නව හොර තක්කඩියෙක්ගෙ පුතා කියලා. බොහොම පරිස්සමින් ත්මා ඊට පස්සෙ ආස්‍රය කරන්නේ.

      මම හිතන්නේ ඕකට ඔය බැබලෙනව කියන වචනේ ට වඩා "හැව ඇරිය" කියන වචනේ තමා ගැලපෙන්නේ.

      අනුර කුමාර ගේ පුතා වුනත් අනුර වෙඩින් එකට එන කම් යාලුවො ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ ඩීල්-කුමාර අරූගෙ තාත්ත කියල. තාත්තගේ නම කියන්ඩ ලැජ්ජ නිසා ඌ පාවිච්චි කලේ සීයගේ නමේ කෑල්ලක්.

      Delete
    10. සරසා තුමෝ,

      https://lk.linkedin.com/in/rohan-samarajiva-39199918 අනුව ඔහු
      Simon Fraser University එකේ PhD, Public Policy
      1982 – 1985

      අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතර 245 ස්ථානයේ තියනවා ඒ කියන්නේ ඔහු තමන්ගේ
      PhD එක ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ තත්වයට වඩා ඉහල ත්ත්වයක විශ්ව විද්යාලයකින්
      ඔහුගේ රට විකිනිල්ල නම් කොහ්මවත් එකග වෙන්න බැරි උනත් ඔහු බොරුකාරයෙක් කියන්න බෑ නේද ?
      ඔහුට නාමල් රාජපක්ෂගේ නීතිඥ කම වගේ එකක් නෙමෙයි නේද තියෙන්නේ.

      Delete
  9. කිසිදු වැඩක් නොකර හුදෙක් කටවාචාල කමට බහුබූත දොඩවමින් ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කටයුතු විවේචනය කරන්නේ නම් වහා ඇමති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක හෙවත් "ගොංජා"ට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

    කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව මලවිකාර දොඩවමින් අගමැතිවරයා විසින් හොරු රකින බවට නියොජ්‍ය ඇමති රන්ජන් නොහොත් "පිස්සු ගොන්ජන්" විසින් පසුගියදා කරනු ලැබූ ප‍්‍රකාශයක් මත අගමැතිවරයා විසින් මෙසේ දැඩිව ප‍්‍රකාශ කර ඇත්තේ හිල්ටන් හෝටලයේදී පැවති එජාප මැති ඇමතිවරුන්ගේ හමුවකදීය.

    තමන් කිසිසේත්ම හොරු ආරක්‍ෂා නොකරන බවත් තම පක්‍ෂයේ නායකයා විශ්වාස නැතිනම් ආණ්ඩුවන් ඉවත්ව ගොස් කැමති තරම් විවේචනය කරන ලෙසද අගමැතිවරයා එහිදී පවසා ඇත. මෙහිදී "මුඛ පූට්ටුවී" කසාය බිව් ගොලුවකු මෙන්ද බූමිතෙල් ගෑවුණු ගැරඬියෙක් මෙන්ද රැඟූ ඔහු කුජීත ලෙස කිච වී නැවත හැරී ගිය බව සැලයි. කෙසේ නමුත් අගමැතිතුමා දිගටම ඇමති මණ්ඩලයේ විනය ඇතිකොට සංධාන හාල්පාරු රැලටද තදින් හිඳ නාහෙට අහන්නේ නැති රිලවුන් එලවා දැමුවොත් නම් රටට පැවැත්මක් තියෙනු ඇත, නැත්නම් අබසරණය.

    ReplyDelete
  10. සරසා තුමෝ,

    ලිබියාවේ., ගඩාෆි නම් වු ඔහු,

    විදුලි බිල් නැතිව සෑම ගෙදරකටම විදුලිය දුන්නත්,
    සෑම අලුත් විවාහ යුවලකටම US ඩොලර් පනස් දාහක් ලබා දුන්නත්,
    ඕනෑම කෙනෙක් අලුතින් වාහනයක් ගැනීමෙදී එහි වටිනාකමින් හරි අඩක් රජය විසින් ගෙව්වත්,
    කිසිදු පොලියක් නැතිව සියලු බැංකු වලින් ජනතාවට මුදල් ණයට දුන්නත්,
    සියලුම සෞඛය සේවයන්, අධ්යා්පනය සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නත්,
    ප්රලතිකාර සදහා විදේශ ගතවීමට අවශ්යා වුව හොත්, සෑම රෝගියෙකුටම ඊට අවශ්ය අරමුදල් රජයෙන් දෙන අතර ඊට අමතරව මාසිකව US ඩොලර් හාරදාහක් දුන්නත්..........
    සියලුම ගොවීන්ට ඉඩම්, ගොවි උපකරණ, බීජ, සහ සේවාවන් නොමිලේ දුන්නත්,
    සියලුම ජනතාවට පෙට්ට්රහල් සහ ඩීසල් නොමිලේ දුන්නත්,
    සෑම දරු උපතකටම US ඩොලර් පන්දාහක් දුන්නත්,
    ලෝකේ අඩුම මුදලට ආහාර ද්ර‍ව්ය්ය ලාබා දුන්නත් (පාන් රාත්තලක් $ 0.1ක්),
    උපාදිධාරියෙකුට ගැලපෙන රැකියාවක් ලැබෙන තෙක් ඔහුට සාමාන්ය්ය පඩියකට සාමාන මාසිකව දීමනාවක් දුන්නත්,
    ලෝකයේ කිසිම රටකට ණය නැති ඵකම රට ලෙස ලිබියාව හැදුවත්,
    ඩොලර් බිලියන දෙසීයක විදේශ සංචිතයක් පවත්වා ගත්ත, අප්රියකාවෙ දියුණුම සංවර්ධිත රට බවට පත් කරත්,

    උරණවු රටේම ජනතාව විසින් ඔහුව මහමගදී පහර දී විනාශ කලේ ඇයි....?

    ReplyDelete
    Replies
    1. In the same way Hitler;

      1) Solved the country's debt problem
      2) Reformed the broken national spirit of Germany
      3) Reduced unemployment drastically
      4) Broke the ruling (Jewish) oligarchy of the country under which the working class suffered
      5) Revitalized the military, in doctrine, discipline and in technology
      6) Provided free education
      7) Supported unprecedented advancement in sciences (rocket engines, enigma, jet engines, nuclear weapons, etc etc etc)
      8) Put forward environment and wild life protection acts. (revolutionary at the time)
      9) 5 day work weeks, free healthcare, state funded leasure trips even for normal workers
      10) In summary, took a humiliated, defeated country and in 15 years or so built it into a superpower which fought Russia, USA, England, France at once and almost won.

      My point being, you cannot paint people black and white like these kinds of posts do. These are complex issues from which you cannot come to simple conclusions.

      Delete
  11. //නිවටයෙකු දුටුවාම නෝන්ජල් සතෙකු වන එලුවාද රැවුල පානා බව ජනවහරේ සඳහන් වේ.// සහතිකෙන්ම්

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට මොනවා දුන්නත් වැඩක් නැහැ හැදියාවයි මනුස්සකමයි ලබාදී නැත්නම්. බලන්න මේ කාරනාවටත් අපේ මිනිස්සු දේශපාලන කුහක කම පෙන්වන්නේ පක්ෂ , පාට , පුද්ගලයන් බදාගෙන මෙයින් මිදුන දාට අපේ රටටත් හරියාවි.

      Delete
  12. ජය වේවා සරසතුමෝ,

    සලන සුසුම සැඩ සුළඟයි
    ගලන කඳුළු වැසි වතුරයි
    දුකින් වෙළී අන්ධකාරයේ
    යන මේ ගමනේ
    අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා

    ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
    රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
    මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

    පහන් තරුව පායා එන
    නවෝදයට දොර අරින්න
    ඔබේ දෑත අපට දෙන්න
    සොහෝයුරනි - සොහොයුරියනි

    හඩ - ගුණදාස කපුගේ
    පද - මහගම සේකර
    ස්වර - ගුණදාස කපුගේ

    ReplyDelete
  13. බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස්ට වැඩි කොටස් හිමිකාරිත්වයක් සතුව තිබූ අගලවත්ත ප්ලාන්ටේෂන් ලැයිස්තුගත සමාගම (APL), කෝටිපති ව්‍යාපාරික ඉෂාර නානායක්කාර සභාපතිත්වය හොබවන බ්‍රවුන්ස් සමාගම විසින් අද (14) දිනයේ රුපියල් මිලියන 304 කට මිලදී ගත් බව කොළඹ කොටස් වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමේ 60% ක කොටස් හිමිකාරිත්වය අයිතිව තිබුණේ වෛද්‍ය ක්‍රිස් නෝනිස් සභාපතිත්වය දරන 'මැක්වුඩ්ස් සෙකිරියුටීස්' සමාගමට වන අතර එහි මිලියන 25 ක් වූ කොටස්වලින් මිලියන 15.2 ක් අද දිනයේ මෙසේ Browns PLC සමාගම විසින් ඉහත කී මුදලට මිලදී ගැනීමට සමත් වී තිබේ.

    අවුරුදු 170 ක් පැරණි මැක්වුඩ්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් එහි සභාපති ක්‍රිස් නෝනිස් සහ ඔහුගේ සහෝදරියක් අතර ඇතිවී ඇති අර්බුදය මේ වනවිට අධිකරණය දක්වා දිග්ගැස්සී තිබේ. මැක්වුඩ්ස් සමාගම ජාත්‍යන්තර තළයට රැගෙන ඒමට සිය මුළු දිවියම කැපකළ ශ්‍රියාණි නෝනිස් (වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ මව) හා මෙම සමාගම බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් මිලදී ගත් එන්.එස්.ඕ. මෙන්ඩිස් (වෛද්‍ය ක්‍රිස් නෝනිස්ගේ සීයා) විසින් ව්‍යාපාරයේ උන්නතිය තකා සමාගමෙන් පළවා හරිනු ලැබූ පුද්ගලයන් කිහිපදෙනෙකු දේශපාලනඥයන්ගේද අනුග්‍රහය ඇතිව නෝනිස් පවුල තුළ මෙම අර්බුදය නිර්මාණය කර ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කර සිටී.

    නෝනිස් පවුලේ දියණියක හා විවාහ වී පසුව දික්කසාද වූ කුප්‍රකට අවි ජාවාරම්කරුවෙකු ද මෙකී කුමන්ත්‍රණය පිටුපස සිටින බව පැවසේ. ඔහුගේ දියණියන් දෙදෙනා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර ගැනීම වෛද්‍ය ක්‍රිස් නෝනිස් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම කුමන්ත්‍රණයට මූලිකව හේතු වී ඇතැයි එකී ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    කෙසේ වුවද අගතියට පත් පාර්ශ්ව මෙම ගනුදෙනුව අධිකරණය ලවා තහනම් කර ගැනීමට මේ වනවිට උත්සාහයක යෙදී සිටී.

    මේ පිළිබඳව Browns PLC සමාගම් සමූහයේ සභාපති ඉෂාර නානායක්කාරගෙන් 'ලංකා නිවුස් වෙබ්' කළ විමසීමකදී ඔහු ස්ථිර කර සිටියේ ඉතාම කෙටි කාලයක් තුළ සාර්ථකව තම සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන් PLC මිලදී ගත් බවයි. එය ඉතාම නීත්‍යනුකූළ ආකාරයට විනිවිදභාවයකින් යුතුව කොළඹ කොටස් වෙළඳපොල හරහා සිදුකළ බව ඉෂාර නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    ReplyDelete
  14. සරසතුමෝ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ය. ඇමතිකම් දෙක නිකම් අයිස්ක්‍රීමුයි තුන් කාලේ මැටලුයි වගේ උනාට විස්සෝප වෙන්න දෙයක් නැතුවාය. පහුගියදාක පත්තරේකින් කියා තිබුණේ මහා මාර්ග අමාත්‍යාංශයේ කොන්ත්‍රාත් ඔක්කෝම ගන්නේ කැන්ඩි කන්ස්ට්‍රක්ශන් කියා කොම්පැණියක් බවත් එය අයිති චාමි කිරිඇල්ලට බවත්ය. චාමි කිරිඇල්ල කියන්නේ ලක්ෂ්මන් කිරිඇල්ලගේ දෝණියන්දෑ ය. නිකම්ම නිකම් දෝණියන්දෑ විතරක් නොව පුද්ගලික ලේකම් ය.

    අප්පච්චිලා කෝමත් දුවලාට ආදරේ ය. දෙන්නට පුළුවන් තරමක් දෙයක් දුවලාට දෙනවා ය. අනෙක් අතට ලක්ෂ්මන් කිරිඇල්ල අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂයට වී කට්ට කාගෙන හිටියේ නිකම්ම නිකම් අත පිහදා ගන්නද ? වතාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව ඉඳිද්දී කිරිඇල්ලව කාර් එකේ නංවාගෙන නුවරට එන තුරා තෙල බෙදා "මේ පැත්තට එන්න ලකී" කියද්දීත් දත්මිටි කාගෙන අහවල් පැත්ත හපාගෙන පිම්ම වළකාගෙන එජාපයේ ම එල්ලී හිටියේ අහවල් එකේ අමාරුවටද ? (මහින්ද කීවාම මතක් වුණේ, මහා මාර්ග අමාත්‍යාංශය කියන්නේ ඇමතිකම් අතර හොඳම මස් කෑල්ලය. මහින්ද රාජපක්ෂත් ඒක තියාගෙන හිටියේ තමුන්නේම යටතේ ය.) ඉතිං එහෙව් දුකක් විඳගෙන කුජීත විපක්ෂයට ම වී එජාපයේම දුක් විඳපු කාලයේ ඒ දුක බෙදාගන්නට දැන් ඔය ටෙන්ඩර් ඉල්ලාන අමාත්‍යාංශයට එන කොන්ත්‍රාත්කාරයෝ කවුරුත් හිටියා ද? නැත.

    එදා විපක්ෂයට වී දුක් උහුලද්දී ඒ දුක බෙදා ගන්නට හිටියේ දුව ම විතරය. "සුරතල් දියණිය මොළකැටි වදනින් මා සනසන්නිය" කියා සිංහබාහු එකේදී සරච්චන්ද්‍ර කීවේත් ඒ ගැනය. ඉතිං එහෙව් දුවට කොන්ත්‍රාත් එකක් දෙන්නට බැරි නම් අප්පච්චිගේ ඇමතිකම මහාමාර්ග නොවෙයි නිවන් මාර්ග වුණත් ඇති වැඩක් තියේද ? "පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී" කියා ටී.එම්. ජයරත්නට මාලිනී ලියා දුන්නේ ඒ කාලයේ ය. දැන් කාලයේ එහෙම නැත. පිය සෙනෙහස කොන්ත්‍රාත් එකෙන් පවා ගලන්නේය.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් ම නෙවේ සරසතුමෝ. ඛනිජ තෙල් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග (අර ලෝක කුසලාන දිනන කාලේ ක්‍රිකට් ගහපු අර්ජුන ම තමා ය.) ඒ ඇමතිකමට කලින් එතුමාට තිබුණේ වරාය ඇමතිකමය. එතුමා වරාය ඇමති කාලේ වරාය සභාපති ධම්මික රණතුංගය. ධම්මික රණතුංග කියන්නේ අර්ජුනගේ එක්කුස උපන් සොහොයුරාය. අයියා ය. වරාය ඇමතිකම මාරු වී අර්ජුනට ඛනිජ තෙල් ලැබුණේය. වෙන්න ඕනෑ පිළිවෙලට ම දැන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික ය.

      අයියාට සභාපතිකම දෙන්නට බැරිනම් ඛනිජ තෙල් තියා 'නැටුම් තෙල්' ඇමතිකම ලැබුණත් වැඩක්ද ? අනෙක අධ්‍යාපනය අතින් කියා අඩුවක් පාඩුවක් තියෙනවාද ? අයියා එකම පන්තියේ අවුරුදු දෙකක් හිටියා නම් හිටියේ ඉගෙන ගන්න තිබුණු ආසාව නිසාම මිස වෙනත් බැරිකමක් නිසා නොවේය.

      "සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්" කියා නන්දා සුනිල් සුසංයෝගය කීවේ ඉස්සරය. දැන් ඒවා පරණ ය. යන යන තැන අයියා කැන්දාන ගොස් ඉහළම පුටුවේ ඉන්දන මේ සොහොයුරු පෙමට කොයි ඇමතිකමත් ඔට්ටුය. ජනපති අගමැති උනත් මට්ටු ය.

      Delete
    2. // ඒ විතරක් ම නෙවේ සරසතුමෝ. ඛනිජ තෙල් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග (අර ලෝක කුසලාන දිනන කාලේ ක්‍රිකට් ගහපු අර්ජුන ම තමා ය.) ඒ ඇමතිකමට කලින් එතුමාට තිබුණේ වරාය ඇමතිකමය. එතුමා වරාය ඇමති කාලේ වරාය සභාපති ධම්මික රණතුංගය. ධම්මික රණතුංග කියන්නේ අර්ජුනගේ එක්කුස උපන් සොහොයුරාය. අයියා ය. වරාය ඇමතිකම මාරු වී අර්ජුනට ඛනිජ තෙල් ලැබුණේය. වෙන්න ඕනෑ පිළිවෙලට ම දැන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික ය. //

      අර්ජුන ගේ දෙපතුල් ලෙවකා වරායේ කලමනාකාර අද්‍යක්ශක වූ දූශනයට විරුද්ද සින්හල බ්ලොග් වීරයා වන සරත් දැන් ඛනිජ තෙල් සන්ස්තාවෙද හිටන්?

      Delete
  15. මැදමුලන ගන් කබරයාට දැන් මතක නැහැ එයා අගමැති වුනේ මය්ත්‍රිපාල සිරිසේන නිසා බව

    ReplyDelete
  16. 1/2

    බළලුන් ලවා කොස් ඇට බාවන දෙබිඩි තුන් කට්ටුව

    අතිගරු සරසතුමනි,

    ඔබතුමා ඉතා වැදගත් මාතෘකාවක් කතිකාවට ගෙන ඇත. බළලුන් ලවා කොස් ඇට බාවන තුන් කට්ටුවක් ගැන ලියන්නට අපි ද සිතා සිටියෙමු. තුනලංකා අපැජා වැනි මුග්ධයන් පසුපස සිට, රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය මඩ ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ඔය තුන් කට්ටුවට අයත් බව රහසක් නොවේ. පසුගිය සමයේ තුනලංකාවේ කමෙන්ට්ස් අඩුවන විට බ්ලොග්කරුවාට වඩා කලබල වූයේ තුන්කට්ටුවය. එක් අයෙක් තුනලංකාවේ එට්කා පච ලිපියක් කවදාවත් නැතිව මහ රූ යාමයේත් රීට්වීට් කළේය. ‘උද්දච්චකම අතහැර සරසා වගේ පාඨකයන්ට ගෞරව කරපිය’ යන දැඩි අවවාදය තුනලංකා අපැජාට දෙන්නට තරම් තුන්කට්ටුව කලබල වී ඇත.

    එකෙක් ⁣එක වැඩක් හෝ හරියට නොකළ එහෙත් හැම වැඩේටම අත ගහන උසස් පෙළවත් හරි හැටි සමත් නොවූ සැබෑ පුස්සෙකි. දැනුම සඳහා ප්‍රවේශය සීමාකාරී වූ අතීත යුගයක තානාපති කාර්යාල ආශ්‍රිත මධ්‍යස්ථානවල කැරකි කැරකී සඟරාවල පළ වූ දෑ මොහුට තේරෙන තරමට සිංහලයට නඟා අම්බලම් තීරූවලට ලියූ මොහු දැනුම මැජික් නොවන වර්තමාන යුගයේ දී අතීත කාර්යයම කර ගෙන යයි. සේපාල් අමරසිංහ සහෝදරයාගේ වචනවලින් කියන්නේ නම් මොහුගේ මූට්ටුපීස් මාස්ටර්සීස් මාට්ටුපීස් වී දැන් බොහෝ කල්ය. මොහු මේ මෑතක දී රජරට වකුගඩු රෝගය ගැන නොදන්නා කර්මාන්ත කරන්නට ගොස් නා ගත්තේය (පොලිසිස්ටික් කිඩ්නි ඩිසීස් සහ සීකේඩීයූ අතර වෙනස නොදන්නා, සර් ජෝන්ට ⁣බුදුගුණ ආරෝපණය කරන්නට තතමන කැනඩා පිසියොතෙරපිස් හොර මනෝ වෛද්‍ය විශේෂඥට වඩා නම් මොහු යමක්කමක් දනියි). මොහුගේ අතීත ක්‍රියා ගැන පූර්ණ වාර්තාවක් අපි වෙන ම ලිපියක් ලෙස ඉදිරියේ දී පළ කරන්නෙමු. මොහු වීකේඑස්ට එදවස ගැසූ මඩ ගැන මතකය අපේ හිත්වල තවමත් පවතී. වීකේස් යනු මොහු වැනි නූගතකු නොවන බව ශාස්ත්‍රාලීය වියත්තු දනිති.

    තවකෙක් තූත්තිකුඩියෙන් තමා ඉංජිනේරු උපාධියක් ලැබූ බව කියන මෙලෝ හසරක් හරි හැටි නොදන්නා උපන් ගෙයි හීනමානකාරයෙකි. ඒ හාදයාට ඇති පුස් සුදුසුකම ඇණ මුරිච්චි තදකිරීමේ වෝකර් මහාචාර්ය අජිත් පැරකුම් ජයසිංහට වුව ඉන්දියාවෙන් පහසුවෙන් ලබා ගත හැකි එකකි. මොහු සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ සත්ගුණවත් සාධාරණ-කොටෙක් ලෙස ය. එහෙත් මොහු අන්තිම කුහක නරුමයෙකි. රාජපක්ෂ-විරෝධී සමාජ මාධ්‍ය ව්‍යාපෘතියක ප්‍රධාන සැලසුම්කරුවා මොහුය. අතිගරු සරසතුමා මොහු පිළිබඳ සංවාදයක් ඇරඹීම ඉතා හොඳය. තමන් ඇටයක් නොදන්නා ඇටමික් එනර්ජි ගැන මොහු කළ කී දෑ ද කීර්තිමත් කොළඹ විශ්වවිද්‍යාලය කළ එක් ගොන්කමක් ගැන ද අප කලක සිට තොරතුරු සංචිත කර ඇත. මෙම තූත්තිකුඩි දෙබිඩ්ඩා ගැන අපි ඉදිරියේ දී ලිපි දෙකක් ලියන්නට බලාපොරොත්තු වෙමු.

    අනෙකා නම් සුදුසුකම් ඇති පැරණි යාළුවෙකි. ඔහුට බුද්ධියක් ඇත. අතීතයේ දී ශාස්ත්‍රීය යමක් කතා කළ හැකි සොඳුරු සංවාදශීලී මනුෂ්‍යයෙකි. එහෙත් දැන් ඔහු වැඩ කරන්නේ සුෂුම්නාවේ පහළ කොටසෙන් පමණක් තීරණ ගැනීමෙනි. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි. විද්‍යාපීඨ පරිශ්‍රයේ සැරිසැරූ චරිත ගැන අප පෙර ද ලියා ඇත. ඇත්තටම අතිගරු සරසතුමනි, නීති ක්ෂේත්‍රය යනු අතීතයේ දී ශාස්ත්‍රීයව අනාථ වන චරිතවලට ගැලවුම් දේශයක් වැනිය (මුලින් පැවසූ සුදුසුකම් නැති අවිද්‍යා මාධ්‍ය බකපඬියාත් කාලයක් නීතිය කරන්න ගිය බව මතක් කර ගන්න). අප එසේ පවසන්නේ රෝඩ්ස් ශිෂ්‍යත්වලාභී ගාමිණි ලක්ෂ්මන් වැනි නීති ශාස්ත්‍රවන්තයන්ට ද නීතිඥ පී. ඒ. ජයකුංග වැනි වැදගත් නීති වෘත්තිකයන්ට ද නිසි ගෞරව කරමිනි. කෙසේ වෙතත් විද්‍යාපීඨ භූමියේ නොවැඩුණු ජීවය නීති විද්‍යාලයේ දී පණනල අල්ලා ගත්තේය. එය කැනඩාවේ දී අතුඉති ලා වැඩිණි. එහෙත් ඔය මහාචාර්ය පට්ටම නම් වෙනම කතාවකි. අපේ චන්ද්‍රීකා මැතිනිය සාමයේ දූතිකාව ලෙස ලක් දෙරණේ මතු වූ සමයේ මාධ්‍යයෙන් මතු කළ බුද්ධිමතුන් රෑනක් බිහි වූ බව අතිගරු සරසතුමාට මතක ඇති. ඒ වන විට එංගලන්තයට වී සර් ජෝන් බර්ට්ට බීබීසිය ගොඩ ගන්නට උපදෙස් දෙමින් සිටි (හිනාත් යනවා අතිගරු සරසතුමා මේවා ලියනකොට!) දර්ශන විශාරද වසන්තා (දේශපාලන මතය කුමක් වුණත් වසන්ත රාජා උගතෙක්), එලොව ගිහින් මෙලොව පැමිණි මහපොළ ශිෂ්‍යත්වලාභී පරණේ, යොහාන් ගල්තූන්ටත් ගැටුම් සමථනය ඉගැන්වූ ශිරාල් (ඡන්ද කෙරුවාවකට ගොස් දෑවැද්දට ලැබුණ ඉඩමත් නැති කර ගත්තා නොවැ!) ආදීන් අතර එක් අයෙකි අන්තර්ජාලය ගැන මැජික් කතා කියන්නකු ලෙස පැමිණි අප පෙර කතා කරමින් සිටි තැනැත්තා. ඇත්තෙන්ම ඔහුට සම්මාන මහාචාර්යකමක් ලැබුණේ එම රංගනයන්ට පසුව මොරටුවෙනි. එහෙත් මොහු මහාචාර්ය සුනිල් ස්ටැනිස්ලව් වික්‍රමසූරිය පන්නයේ අතිවිශිෂ්ට මහාචාර්ය චරිතයක් නොවේ (සේවාර්ජිත නැති නම් විශ්‍රාම ගෙන ගෙදර යන දාට ආපසු දීලා යන මහාචාර්ය තනතුරු ගැන අප නොදන්නවා ද කියා අපේ අතිගරු සරසතුමා දන්නවා නොවැ).

    ctd…

    ReplyDelete
  17. 2/2

    අතිගරු සරසතුමනි, ඔය තැනැත්තාගේ දිව ඕනම පැත්තකට හොඳට නැවෙන එකකි. අඹ කාලයට අඹ ද රඹුටන් කාලයට රඹුටන් ද කීවා සේ චන්ද්‍රිකා කාලයට චන්ද්‍රිකාය; මහින්ද කාලයට මහින්දය; සිරිසේන කාලයට සිරිසේනය. 2020 වන විට මොහු මොකක් හෝ විසුළු න්‍යායක් හදා ගෙන රූපාන්තරණය වන බව අපි කැට තබා පවසමු. එතකොට ඉතිං එට්කාවේ පව් ටික සමන් කැලේගමගේ (සමන්ගේ පියා ජයන්ත පුරෝගාමී ශාස්ත්‍රවන්තයෙකු බව අතිගරු සරසතුමා දනී) අක්‍රිය ගිණුමට දාන්න බැරියැ. ඔක්ස්ෆර්ඩ් වගේ ද සයිමන් ෆ්‍රේසර්! මොහුගේ ඉන්දියානු-බංගලි වාද ගැන ලිපියක් ලියන්නේ ද නැති ද යන්න පසු ව තීරණය කරමු.

    අතිගරු සරසතුමනි ඇත්තෙන්ම ඔබතුමා ද අපි ද මේවා ලියන්න අකැමැති වෙමු. ඔබතුමාට ද අපට ද මේවා ලියනවාට වඩා වෙනත් වැඩ තිබේ. එහෙත් අපේ ජන්මභූමිය වූ ශ්‍රී ලංකාවට වින කරන්නට වැඩ කරන දෙබිඩ්ඩන්ට එරෙහිව ඔබතුමා අරඹා ඇති ශ්‍රේෂ්ඨ අරගලයට දායක වීම අපගේ ඵෙතිහාසික කාර්යභාරයකි. විශේෂයෙන්ම ඔය බොහෝමයක් දෙබිඩි චරිත අතීතයේ දී අප සමීපව ඇසුරු කළ අයය. ඔවුන් බොහෝ දෙනෙකු තුළ සුන්දර මිනිස්සු සිටිති. එහෙත් අවාසනාව ඒ සුන්දර මිනිසුන් නිදි වැදී සිටීම ය.

    අතිගරු සරසතුමනි, හදවතින් අප යුදබිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ!


    තුන්කට්ටුවට එරෙහිව විශේෂ බලකාය
    (නිශ්චිත කාර්යසාධනය අවසන ස්ථිරවම විසුරුවා හැරේ)

    ReplyDelete
    Replies
    1. ගරු තුන්කට්ටුවට එරෙහිව විශේෂ බලකාය හී දෑ හිතකාමී මහතුනි,

      මාතෘ භූමිය සැබෑ අනතුරක සෙයා දකින මේ මොහොතේ මල්ලෙපොල් වියුනුවෙන් කරනා ඉතාම කුඩා මැදුහත්වීමට සහාය දීමට ඉදිරිපත්වීම ගැන ප්‍රතමයෙන් ඔබ සැමට මගේ ඉස්තූතිය හා ගෞරවය පිලිගන්වමි. පිලිගනිත්වා!

      ඉතාම සැක සහිත ලෙස සින්හල සමාජ ජාලා විශේශයෙන් මුහුනු පොත හා වියුනු ලෝකේ බලය අල්ලාගෙන මොලසේදීමේ යෙදෙනා භයානක තුන්කට්ටුවක් ගැන ඔබතුමන්ලා කරනා එලිදරවුව අප සැමට ම වැදගත්!

      ඔය කියනා පුඟුලන් ගැන කාලයක සිට අප සැකයෙන් බලා සිටියද ඔවුන් ගේ මැදිහත්වීම මෙතරම් ගැඹුරට සිදු වී ඇතැයි අප සිතුවේ නෑ.

      මාතෲ භූමියට වින කරනා මේ දෙශද්‍රෝහී තුන්කට්ටුවත් ඔවුන් ගේ සට්ටැඹියනුත් ගැන අලුත් තොරතුරු දැනගන්න අප බලාසිටිමු!

      ස්තූතියි!

      Delete
  18. රජය විසින් ගෙන එන නව බදු පනත මගින් මෙරට සියළු පුණ්‍යාතනවලින් 14% බද්දක් අය කිරීමට යෝජනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ නව දේශීය ආදායම් පනත පිලිබදව මහනාහිමිවරුන් දැනුවත් කිරීම සදහා ඊයේ දිනයේ එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.

    ReplyDelete
  19. සරස හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගේ සමුගැනීමේ සාදයක් July 16 රාත්‍රීයේ කොළඹ පදනම් ආයතනය දි පැවත්විය. මේ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ඔහුගේ පැරණි හිතවතුන් 150 ක් පමණ පිරිසක් එයට සහභාගි විය.

    මෙහිදී චම්පික රණවක අමාත්‍යවරයා පමණක් කතාවක් කරමින් හිටපු ලේකම් ගැන සඳහන් කල අතර ජනාධිපතිවරයා මාධ්‍ය එහි සිටින බව හගවමින් තමාගේ පාසල් ජීවිතයේ සිට එකට සිටි මිතුරා වෙනුවෙන් කතා කිරීමෙන් වැලකී සිටියේය.

    පැමිණ සිටි සියලු දෙනා අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කතා කල අතර එහිදි එක්තරා රසවත් කතාවක් කියමින් ආණ්ඩුවටත් සමාජයටත් වැදගත් පණිවිඩයක් දුන්නේය, එම කාතාව මේසේය.

    "එක්තරා වැඩපලක වැඩකරන කම්කරුවකු වැඩ ඇරි යන විට පෙට්ටියක් පටවාගත් විල්බරෝවක් තල්ලු කරගෙන ගියේය, එහිදි එහි සිටි සිකුරිටි ගාඩ් එය පරීක්ෂා කර බලන විට එම විල්බරෝවේ තිබු කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලේ ලී කුඩු දමාගෙන එය ඉවත් කිරීමට ගෙනි යන බව පෙනි ගියේය. දින කිහිපයක්ම මෙසේ පරීක්ෂා කොට එම කම්කරුවාට යන්න අවසර ලබා දුනි. එහෙත් දිගින් දිගටම එම කම්කරුවා විසින් එය පුරුද්දක් ලෙස කිරීම නිසා සැක සිතු සිකුරිටි ගාඩ් ලී කුඩු පෙට්ටිය පරික්ෂා කිරිමට පෙර කම්කරුවාට ඉගියක් කලේ ඔහුගේ සැකය දුරු කරගැනීමටයි, එහිදි සිකුරිටි ගාඩ්, “අද මම තමුසේගේ හොරකම අල්ලා ගත්තා ! ඇත්ත කියනවා, නැත්නම් මම තමුසේ බොස්ට අල්ලා දීල තමුසේගේ රක්ෂාව නැති කරනවා, ඊට ඉස්සෙල්ල ඇත්ත කිව්වොත් මම තමුසේට පොඩි සහනයක් දෙනවා” යන්නයි,.

    ඉන් බියට පත් කම්කරුවා සිකුරිටි ගාඩ්ට ඇත්ත පැවසුවේ ය. ඔහු සිකුරිටිගාඩ් නොමග යවමින් ඉවතලන ලී කුඩු බව හගවමින් ආයතනය සතු විල්බරෝ ගෙන ගොස් ඇති බව තේරුම් යන විටත් වෙන්න තිබුණ හානිය සිදු වී හමාර බව සිකුරිටි ගාඩ්ට වැටහීනි.

    මෙය තේරුම් ගත් සිකුරිටිගාඩ් තමා විසින් තමට පැවරු රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම නිසා තමාගේ රක්ෂාව අහිමිවන බැවින් ඔහු නිහඬ විය. ඒත් ආයතනයට වූ හානිය සිදු වී හමාරයි." යන්න පවසමින් කරුණාසේන හෙට්ටිආරච්චි ඔහුගේ සමුගැනිමේ හරවත් කතාව අවසන් කලේය.

    එයින් අදහස් කලේ, අද මේ ආණ්ඩුවේ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා මේ වනවිටම ජනතාවට වෙන්න ඕන සියලු හානි සිදු වී හමාර බවත් ඒ සියලු කාරණා ජනතාවට හංගාගෙන කොහොම හෝ ආණ්ඩුව කිරීමට පාලකයෝ උත්සහ ගන්නා බවත් නමුත් වැඩිකල් නොගොස් ජනතාව එයට උත්තර දෙනු ඇතයි එහි සිටි කිහිප දෙනෙකුගේ කසු කුසුවෙන් තේරුම් ගියේය.

    මේ සාදය සඳහා සහභාගි වූවන් අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිලවා, මහින්ද අමරවීර, රවි කරුණානායක, දයා ගමගේ, චම්පික රණවක මෙන්ම ලසන්ත අලගියවන්න මුදල් රාජ්‍ය ඇමතිවරයාද සහභාගි වී සිටියේය. ජනාධිපතිවරයා විනාඩි කිහිපයක් රැදි සිට එම සාදය අවසන් වීමට පෙර නික්ම ගියේය.

    ReplyDelete