Sunday, July 9, 2017

ආත්ම අභිමානය රැකගත් කර්නල් සුනිල් පීරිස්

යහපාලන ආන්ඩුව යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පීරිස් කලමනාකාර අද්‍යක්ශක වූ යහපාලනේ විසින් ම පත් කල මහත්මයෙකු වූ සුනිල් පීරිස් මහතා, ජනාදිපති ඉදිරියේ රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා ගේ බැන අඬගැසීම් වලින් කම්පනයට සහ ලජ්ජාවට පත් ව ඉල්ලා අස් වී ඇති බව සන්ඩේ ටයිම්ස් පත්තරේ පවසයි.

 තමන් ගේ ආත්ම අභිමානය රැකගෙන ගොබ්බසේනලා ගේ බැනුම් නොඅසා තනතුරින් ඉල්ලා අස්වීමට තරම් කොන්දක් තිබීම  ගැන අප සුනිල් පීරිස් මහතාට සුභපතමු!

 ශ්‍රී ලන්කා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආරම්භක අන දෙන නිලදාරී සුනිල් පීරිස් මහතාට ජනාදිපති ඉදිරියේ  පස් පඩන්ඟුවේ බනින්නට එවකට කුඩා නිලදරයකු වූ සරත් ෆොන්සේකා ඉදිරිපත්වීම ෆොන්සේකාගේ කැරැක්ටුව ලෝකෙටම පෙන්වන්නකි.

ආත්ම අභිමානයක් සහිත තම රජයෙන් පත් කල උසස් නිලදාරියෙකුට තමන් ඉදිරියේදීම සත් වසරක් මරියකඩේ ගතකල ආනන්දේ අයියලා දෙදෙනෙකු අම්මා මෝ නැතිව බැනීමට ඉඩ දීම ජනාදිපති ගේ නැති කැරැක්ටුව ලෝකෙටම පෙන්වන්නකි.
 

79 comments:

  1. සරස, යුද්ධය ගැන කතා කරන බොහෝ අයවළුන්ගේ වීරයන් වී ඇත්තේ යුද්ධය අවසන් කරන විට රඟපෑ චරිත පමණි.....එහෙත් යුද්ධයේ ජයග්‍රහණය සඳහා ශක්තිමත් අඩිතාලමක් සැපයූ විරුවන් පිළිබඳව කිසිවකු නොදනී..

    යුද්ධයේ ජයග්‍රහණයට පුරෝගාමී පෙරවදනක් සැපයූ විරුවන් අතර මේ සැබෑ මිනිසා ඉදිරියෙන් සිටී..... ඒ දිනවල රාවය පුවත්පත මේ වීරෝදාර රණවිරුවා හැදින්වූයේ "නැපෝලියන්" ලෙසය.... ඉන්පසු හමුදාව තුළද නැපෝලියන් යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ මේ විරුවා ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ නිර්මාතෘවරයා විය.... මවුබිමේ අනාගත යුදකාමී අපේක්ෂාවන් මැනවින් වටහාගත් මේ අසහාය රණවිරුවා "නොහැක්කක් නොමැත" යන පාඨයෙන් බල ගැන්වුණු කමාන්ඩෝ බලඝනය නිර්මාණය කරමින් ඉටුකළ අතිශය විශිෂ්ට මෙහෙවර සදානුස්මරණීය වන්නේ යුද ගිණි ඇවිළුන යුද බිමේදී කමාන්ඩෝ භටයන් දැක්වූ අනභිභවනීය දක්ෂතාවන් හා ජීවිත පරිත්‍යාගයෙන් කළ අභියෝගාත්මක කැපවීම් නිසාය. එහෙත් අවාසනාවකට මෙම උදාර රණවිරුවා කිසිදු රජයකින් ගෙෘරව සම්මාන උපහාර ලබා නැත.... පසුකාලීනව යුදවිරුවන් ලෙස සමාජගත වන බොහෝ රණකාමීන් මොහුගේ අතිවිශිෂ‍්ට නිෂ්පාදන දායකත්වයේ ප්‍රතිඵලයන් වේ..... කවුරුන් ගේ සම්මාන නොලැබුනද "කර්නල් සුනිල් දයාලන් පීරිස්" නම් වූ මේ මහා රණ විරුවා අතීත අනාගත වර්තමාන කමාන්ඩෝ රෙජිමෙන්තු නිළධාරී හා සෙසු නිළ හදවත් තුළ සදානුස්මරණීය ලෙස සදාකල් වැජඹෙනු ඇති බව නිසැකය.....

    අපගේ නැපෝලියන් නම් වූ කර්නල් සුනිල් දයාලන් පීරිස් මැතිඳුනි... අපි ඔබට දිඝාසිරි පතමු...... ඔබ අපට දුන් නියෝග හා උපදෙස්..... එදා යුදබිමේදී මෙන්ම අද අපගේ සිවිල් ජීවිතය තුළ ද අපි ශක්තිමත් යෝද මිනිසුන් වී සිටිමු.. !

    ". අන් අයවළුන්ට වඩා අඩි දෙකක් ඉහළින් කමාන්ඩෝ භටයකු ඇවිදිය යුතුය" යන ඔබගේ ජනප්‍රිය එහෙත් වගකීම් සහිත පුහාරාත්මක හා තේජාන්විත ප්‍රකාශය තවමත් අපට සමාජය තුල සටන්කාමී හා සුවිශේෂී චරිත ලෙස ජීවත්වීමට ඉඩ හසර සළසා දී තිබේ ...ඔබගේ නියෝග හා උපදෙස් පරිදි...ජීවත්වන අපි තවමත් ජීවිතයේ විශිෂ්ටයෝය..... ඔව් සත්තකින්ම එය එසේම වන්නේය. මේ දුෂ්කර අවස්ථාවේදී අප ඔබ සමග සිටගනිමු. ඔබගේ විශිෂ්ටත්වය සදා නොනැසේ ! ජය ශ්‍රී විරු නයුවාණනි !

    ReplyDelete
    Replies
    1. 1983 දී සිදුකරන ලද වැලිකඩ සිරකරු ඝාතනය නැවත්වීම සඳහා එහි ගිය කමාන්ඩෝ භට පිරිසට නායකත්වය දෙනු ලැබුවේ මගේ මතකයට අනුව එවකට මේජර්වරයකු වූ සුනිල් පීරිස්ය. මෙම මෙහෙයුමේ මූලික අරමුණ වූයේ සිරගෙදර රඳවා සිටි සින්ගරායර් සහ සින්නරාසා යන දේවගැතිවරුන් ඝාතනය වීම වැලක්වීමය. සිරගෙදරට ඇතුළුවී ඉදිරියට යාමේදී කඳින් වෙන්කරන ලද හිසක් ප්‍රදර්ශණය කරමින් ඉදිරියට ආ සේපාල ඒකනායකට විසිවී යන ලෙස පහර දුන්නේ සුනිල් පීරිස් විසිනි.

      සුනිල් පීරිස් ගැමුණු හේවා බලඇණියට අයත් නිලධාරියෙකි. Anonymous July 10, 2017 at 1:01 AM පවසන ලෙසම ගුණ නොගැයුනු විරුවන් රැසකි.

      අනුරාධපුර ප්‍රහාරයෙන් පසු විල්පත්තුවට පලායන ත්‍රස්තවාදීන්ට පහරදීම සඳහා එවකට හමුදාපති ජෙනරල් වීරතුංග තම ආරක්ෂාවට සිටි කමාන්ඩෝ සෙබල පිරිස යැවීය. ගුවන්යානයේ සිට ප්‍රහාර එල්ලකරන අතර වෙඩි වැදුණු සැරයන් දයාරත්නට තම පාදය අහිමිවිය.

      Anonymous July 10, 2017 at 1:01 AM වෙත ආරාධනය කරණුයේ මේ ගුණ නොගැයුනු විරුවන් (unsung heros) පිලිබඳ සාරසයන්ගේ වියනුවෙහි සටහන් තබන ලෙසය.

      - මොණරවිල



      Delete
    2. //සිරගෙදරට ඇතුළුවී ඉදිරියට යාමේදී කඳින් වෙන්කරන ලද හිසක් ප්‍රදර්ශණය කරමින් ඉදිරියට ආ සේපාල ඒකනායකට විසිවී යන ලෙස පහර දුන්නේ සුනිල් පීරිස් විසිනි.//

      දෙමලුන්ගේ ජීවිත බේරගන්නයි කියල සේපාල එකානයක වගේ සිංහල බෞද්ධ විරුවෙකුට අත තිබ්බ එකනම් එච්චර හරි නැහැ.

      මේකෙන් පෙන්නුම් කරන්නේ එක දෙයි. එනම් ඔය මහලොකු වීරයොත් පෙනී ඉන්නේ පවතින ආණ්ඩුව වෙනුවන් මිසක් සිංහල බෞද්ධ මතවාදය වෙනුවෙන් නෙවෙයි කියන එකයි.

      අන්තිමට අපේ ඥානසාර ස්වාමින්වහන්සේ කියපු දේ සම්පුර්ණ ඇත්ත. සිංහල බෞද්ධයන්ට නායකත්වයක් නැහැ.

      Delete
    3. @ මොණරවිල

      දිනය - 1985 මැයි 14
      වෙලාව - පෙ.ව. 8.00 පමණ

      අනුරපුර ජයශ‍්‍රී මහා බෝ මළුව මෙලෙස සැකසෙද්දී ඊට ටික දුරක් ඔබ්බෙන් කුමක්දෝ කලබලයක සේයාවක් සටහන් වෙමින් තිබිණි. අමෙරිකානු කව් බෝයි චිත‍්‍රපටයකට සමකළ හැකි මේ සිදුවීම විස්මයෙන් බලා සිටිනවා හැරෙන්නට නිරායුධ අයකුට කළ හැකි දෙයක් නොමැත.

      සත්‍ය වශයෙන් ම එහි ආරම්භය සටහන් වෙමින් තිබුණේ එදින හිරු පායන්නට ඔන්න මෙන්න කියා තියෙන ඇඳීරියේ ය. හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසුනු ආයුධ අතගත් පිරිසක් පුත්තලම නගරයේ දී පුත්තලම ඩිපෝවට අයත් බස් රථයකට නැගුණි.

      බස් රථය සිය පාලනයට ගත් මේ සන්නද්ධ පිරිස පළමුව සිංහල ජාතික රියැදුරා ද දෙවනුව මුස්ලිම් ජාතික කොන්දොස්තරවරයා ද මරා දැමූහ.

      මිය ගිය පිරිසෙන් කොටසක්

      මෙලෙස සිය පළමු ත‍්‍රස්තවාදී කි‍්‍රයාව අවසන් කළ විස්සකට පමණ ආසන්න ත‍්‍රස්තවාදීහු බසයට නැගී එය අනුරාධපුර දෙසට ගෙන යන්නට වූහ. බසය අනුරාධපුර නගරය අතරින් ගමන් කරන්නට විය.

      වේලාව උදෑසන 8.00 පමණ වී තිබූ හෙයින් පාසල් ළමයින් රජයේ සේවකයන්ද, වන්දනා කරුවන් ද අනුරාධපුර නගරයේ සිටියහ. මොවුන් අතරට පැමිණි ත‍්‍රස්තයන් බස් රථයේ සිටම එක දිගට වෙඩි තබන්නට විය.

      ත‍්‍රස්තයන්ගේ ඊළඟ පිවිසුම වූයේ අනුරාධපුර පූජා නගරයයි. ඒ වනවිට ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් අබියස වතාවත් කරමින් සිටි බැතිමතුන් ත‍්‍රස්තයන්ගේ ඉලක්කයක් බවට පත්වූහ. බැතිමතුන් මෙන් ම පූජා නගරයේ සේවකයන්ට ද ත‍්‍රස්තයෝ බසයේ සිට ම වෙඩි තබන්නට වූහ.

      මොහොතකට පෙර මහත් භක්තියෙන් ඇළලී සිටි උවැසි උවැසියන්ගේ නිසල සිරුරු සිරිමා බෝ මළුවේ සුදු වැලිතල රත් පැහැ කිරීමට ත‍්‍රස්තයන්ට ගතවූයේ විනාඩි විස්සක් වැනි කෙටි කාලයකි. ත‍්‍රස්තයන්ගේ මේ ප‍්‍රහාරය අවසන් වනවිට 120 දෙනෙකු මරු වැළදගෙන තිබුණි.

      පසුව පූජා භූමියේ ම තිබූ රෝසා බසයකට නැඟගත් ත‍්‍රස්තවාදීන්, නොච්චියාගම දෙසට පැන යන්නට විය. අතරමඟ දී හමුවූ පොලිස් ස්ථානයකට ද වෙඩි තැබූ ඝාතකයන්, විල්පත්තු ජාතික වනෝද්‍යානය දෙසට යොමුවූහ.

      විල්පත්තු ප‍්‍රහාරය -- continue...

      Delete
    4. එතැනින් ඇරැඹුණේ එදින ත‍්‍රස්ත කි‍්‍රයාවන්ගේ දෙවැනි පරිච්ඡේදයයි.

      රටේ උතුරු නැඟෙනහිර ප‍්‍රදේශයේ ඇතිව තිබූ තත්ත්වය නිසා මෙකල විල්පත්තු ජාතික වනේද්‍යානයට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය අඩුවී තිබුණි.

      මෙවැනි පසුබිමක විල්පත්තු වනෝද්‍යානයේ වැඩබලන පාලකවරයා වූ ඒබ‍්‍රහම් මහතා සතුට දනවන දර්ශනයක් දුටුවේ ය.

      එනම් සංචාරකයන්ගෙන් පිරුණු රෝසා බසයක් හුනුවිල්ගම නැතිනම් වනෝද්‍යාන පිවිසුම වෙතට පැමිණීමයි.

      බස් රථය තමාගේ කාර්යාලය අසලට පැමිණීමට පෙර අවශ්‍ය පියවර ගත් වැඩ පාලක වරයා, පැමිණෙන පිරිසට මඟ පෙන්වන්නකු ලබාදීමට, සේවකයන්ගේ වැඩට වාර්තා කිරීමේ ලේඛනය අතට ගෙන පෙරළන්නට විය.

      ගතවූයේ මොහොතකි.

      පැමිණීමේ ලේඛනය දෙසට ඇස් යොමා සිටි ඒබ‍්‍රහම්ට හිස ඔසවන්නට ඉඩක් ලැබුණේ නැත. ඒ.කේ. 47 වර්ගයේ ප්‍රහාරක රයිෆලයක් ඔහුගේ මුහුණට තදවිය.

      සිදුවන්නේ කුමකින් කුමක්දැයි තේරුම්ගත නොහැකිවූ ඒබ‍්‍රහම්, අමාරුවෙන් සිය ඇස් කරකවා වට පිට බැලුවේ ය. මුහුණ පුරා රැවුල වවාගත් විසිපස් හැවිරිදි වියේ පමණ වූ තරුණයකු ඔහු ඉදිරියේ විය.

      ඒ සමඟ ම සිරුර දැවෙන්නාක් මෙන් ඔහුට දැණිනි. කරකියා ගත හැකි දෙයක් නොමැත. තවත් විසි ගණනක් පමණ සිටින බව ඔහුට වැටැහුණි.

      ඒ සමඟ ම කෑගැසූ අවිගත් පිරිස 25ක් පමණ වන වනජීවී සේවකයන් එක ම පෙළට තැබූහ.

      මේ අතර තවත් පිරිසක් වනජීවී නිලධාරීන්ගේ නිවෙස්වලට කඩා පැන රත්රන් බඩු හොරා ගන්නට වූහ. ඉන් පසුව වනජීවී දෙපාර්තමේන්තුව සතු වාහන පණ ගැන්වීමට උත්සාහ කරන්නට විය.

      එහෙත් මේ දිනවල පැවැති තත්ත්වය නිසා වාහන ක‍්‍රියා විරහිත කර තැබීමට වනජීවී නිලධාරීන් කි‍්‍රයා කර තිබුණි.

      මේ මොහොතේ ත‍්‍රස්තයන්ගේ අවශ්‍යතා නොලැබුණ හොත් තම කණ්ඩායමට මරණය නියත බව සිතූ සුබසිංහ නැමැති සේවකයකු වාහනයක් පණ ගැන්වීය.

      තවත් මොහොතකින් කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තයෝ පෙළට තැබූ 25 දෙනාගෙන් හය දෙනෙකු ඝාතනය කළහ. එලෙසින් මිය ගිය පිරිස අතර ත‍්‍රස්තයන්ට වාහනය පණ ගන්නා දී කණ්ඩායමේ ම පණ බේරා ගැනීමට උත්සාහ කළ සුබසිංහ ද විය.

      තවත් මොහොතකින් ඉතිරි පිරිසෙන් 18 දෙනෙකු ද පෙළේ සිටියදීම ත‍්‍රස්තයෝ ඝාතනය කළහ. ඝාතනයෙන් පසුව අපරාධකරුවන්ට පුන්කුලම ප‍්‍රදේශයට යාමට අවශ්‍ය විය.

      සිය ගමන යාම සඳහා මඟ පෙන්වන්නකු ලෙස මේ ඝාතකයෝ එබ‍්‍රහම්ව තෝරා ගත්හ. විල්පත්තු වනෝද්‍යානයේ පෙළට තබා සිටි පිරිසෙන් ඉතිරිව සිටියේ ද ඒබ‍්‍රහම් පමණි.

      ඒබ‍්‍රහම් ලැන්ඩ්රෝවර් රථයකට නංවාගත් ත‍්‍රස්තයෝ පුන්කුලම දෙසට පිටත් වූහ.

      මේ වනවිට සිදුවීමට අදාළ ඝාතකයන් සොයමින් ආරක්ෂක අංශ මෙහෙයුම් කරමින් සිටියේය. ඒබ‍්‍රහම්ගේ මඟ පෙන්වීම යටතේ ත‍්‍රස්තයන් රැගත් ලෑන්ඩ් රෝවර් රථය මරදන්මඩුව ප‍්‍රදේශයට ළඟාවී තිබුණේ මේ අතර ය. ඒ සමඟ ම ඉහළ අහසේ හෙලිකොප්ටරයක් දිස්වන්නට විය.

      පැමිණෙන්නේ ආරක්ෂක හමුදා භටයන් බව දැනගත් ත‍්‍රස්තවාදීන් පාට ඇඳුම් ඇඳ සිටි පිරිසට ඒවා ගලවා විසිකරන මෙන් අණ කරන්නට විය. පසුව සියල්ලටම බිම දිගාවන ලෙසට ද අණ කෙරුණි.

      මේ සියල්ල සිදුවන විට ඒබ‍්‍රහම් සිය ජීවිතය බේරා ගැනීමට හොඳම අවස්ථාව මෙය බව දැන ගත්තේය. වහාම කි‍්‍රයාත්මක වූ ඒබ‍්‍රහම් පැන දුවන්නට විය. එහෙත් ඒබ‍්‍රහම්ගේ අවාසනාවට ටික දුරක් යත්ම ඔහු මරදන් මඩුව වැවට ඇදගෙන වැටුණි.

      කරවටක් දියේ ගිලී වැල් පඳුරු අස්සේ සැඟවීමට ඔහුට වරම් ලැබුණි. මෙලෙස ඒබ‍්‍රහම්ට වූ විපත සැපතක් වන විට ඈතින් ප්‍රහාරක රයිෆල/ මැෂින් තුවක්කු හඩ සහ වාහන හඬ ඔහුට ඇසෙන්නට විය.

      ඒ හඬ අස්සේම ඔහු හුනුවිල ගම දෙසට දුවන්නට පටන් ගත්තේ ය. ත‍්‍රාසජනක අත්දැකීමකින් දිවි බේරාගෙන ඒබ‍්‍රහම් සිය අඹුදරුවන් කරා පැමිණියේ එලෙස ය.

      1985 මැයි 14 දින හිමිදිරි පාන්දර සිට කි‍්‍රයාත්මක වූ ත‍්‍රස්තයන්ගේ මේ ප‍්‍රහාරය දහවල් 12.00 පමණ වන තෙක් පැවැතිණි. උදෑසන 8.00ට පමණ අනුරාධපුර නගරය සහ පුදබිම හි සිටි නිරායුද 120 ක් පමණ ඝාතනය කළහ.

      පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සේවකයන් 24 දෙනෙකු ද ඝාතනය කළහ. බස්රථයේ සිටි රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ ම මිය ගිය මුළු පිරිස 146ක් වූ අතර මේ සියලු දෙනා ම අහිංසක සිවිල් ජනතාව වූහ.

      ප‍්‍රභාකරන්ගේ එකමුතුව -- Continue...

      Delete
    5. ප‍්‍රහාරය සිදුවන විට මෙරට ප‍්‍රධාන පෙළේ සන්නද්ධ කණ්ඩායම් 5ක් තිබුණි. එල්.ටී.ටී.ඊ., ඊරෝස්, ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්. ඒ කණ්ඩායම් ය. මේ කණ්ඩායම්වලින් ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාව එල්ලවූයේ එල්.ටී.ටී.ඊ.යට ය. ලංකාවේ ආරක්ෂක හමුදා ඊට පෙර දිනවල ත‍්‍රස්තයන්ට එරෙහිව කරන ලද ප‍්‍රහාර කිහිපයකට පළිගැනීමක් ලෙසට හැඳින්විය.

      මේ වනවිට ත‍්‍රස්ත සංවිධාන අතර එකමුතුවක් හට ගෙන තිබීම ද සුවිශේෂී ය. 1985 අපෙ‍්‍ර්ල් මාසයේදී එල්.ටී.ටී.ඊ., ඊරෝස්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ් යන සංවිධාන එකමුතුවී ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ENLF) පිහිටුවාගෙන තිබුණි.

      1982 වර්ෂය පමණ වනවිට සටන් කාමී ව්‍යාපාරවලට එතරම් ශක්තියක් නොතිබිණි. මේ කාලයේදී එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් සියලු ම දෙමළ සටන්කාමීන්ගේ එකමුතුවක් අවශ්‍ය බව ප‍්‍රකාශ කර තිබුණි.

      එහෙත් ඊළාම් ජනතා විමුක්ති සංවිධානය පිහිටුවාගෙන කටයුතු කිරීමට ප‍්‍රභාකරන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වනවිට එල්.ටී.ටී.ඊ.ය සහ ටෙලෝ වැනි සංවිධාන ශක්තිමත් වී තිබුණි.

      ඒ නිසා එක ම සංවිධානය ලෙසින් ඒකරාශී වීම තුළින් එල්.ටී.ටී.ඊය වැනි සංවිධානයකට අවාසිදායක බව ප‍්‍රභාකරන් විශ්වාස කෙළේය. මේ නිසා නව සංවිධානයට ප‍්‍රභාකරන් කැමැත්තක් නොදැක්විය.

      කෙසේ වුව එය එළිපිට ප‍්‍රකාශ කිරීමට ප‍්‍රභාකරන් නොපෙළඹුණි. ඔහු සෑම විටම නව සංවිධානයේ රැස්වීම් වලට ද අකමැත්තෙන් සහභාගි විය. දෙමළ සටන් කාමී සංවිධාන අතර බාහිරින් තිබූ මේ එකමුතුව නිසා දෙමළ ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් ඇතිවී තිබුණි.

      Delete
    6. පසු කලෙක සුනිල් පීරිස් මැතිතුමා ආර්පිකෝ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ශක කෙනෙකු ලෙස වටිනා සේවයක් ද කලා...

      Delete
  2. ඉල්ලා අස්වීම යනු ශ්‍රී ලංන්කික අනන්‍යතාවයට අගයන්ට නොගැලපෙන බටහිර විජාතික දෙයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. Pra JayJuly 10, 2017 at 1:01 AM
      //ඉල්ලා අස්වීම යනු ශ්‍රී ලංන්කික අනන්‍යතාවයට අගයන්ට නොගැලපෙන බටහිර විජාතික දෙයක් නෙමෙයිද?//
      බටහිරයන්ගෙත් එහෙම "ඉල්ල අස්වීම"කියල දෙයක් නැහැ නේද ?
      දැන් මෙහෙම හිතමුකො...
      ඉරාකයේ මහා ඝාතක අවි (MDW) තියෙනව කියල ඉරාකයට විරුද්දව යුද්ද කරලා එහේ මිලියන ගානක මිනිස්සු මරල සදාම් හුසේන්ව මරල බලපුවම එහෙම දෙයක් නැහැ. එහෙමය කියල බ්‍රිතාන්‍ය අගමැති, ඕස්ට්‍රලියා අගමැති වගේ කවුරුවත් ඉල්ල අස් උනේ නැහැ.

      එතකොට බුශ් බොරුවක් කියල උන්දැල ටික ඇන්දෙව්ව කියල ඔප්පු උනාම බුශ් ඉල්ලා අස් උනෙත් නැහැ.

      විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශවල තියෙන එමබසි අතර හුවමාරු උනු අතිශය රහසිගත කෙබල් පනිවුඩ ටික ඔක්කොම විකිලීක්ස් එකේ ගියා කියල ඔබාමාවත් ක්ලින්ටන් ගෑනිවත් අස් උනෙත් නැහැ.

      එතකොට ක්ලින්ටන් ලොක්ක දවල මන්දිරේ පුහුනුවට ආපු කෙල්ලෙක් ලව්ව මවුත් ඕගන් ගහල අහු උනා කියල ඉල්ල අස් උනෙත් නැහැ .

      එහෙව් එකේ ප්‍රා.ජේ කොහොමද කියන්නෙ ඉල්ලා අස්වීම බටහිර දෙයක් කියල

      Delete
    2. https://en.wikipedia.org/wiki/List_of_resignations_from_government

      https://en.wikipedia.org/wiki/List_of_political_scandals_in_the_United_Kingdom

      http://www.telegraph.co.uk/news/newstopics/mps-expenses/5456538/Politicians-who-have-quit-since-the-expenses-scandal.html

      http://www.telegraph.co.uk/news/2017/06/10/theresa-may-set-appoint-new-cabinet-clings-power-disastrous/

      http://www.aljazeera.com/news/2017/01/israel-diplomat-forced-resign-aj-investigation-

      http://www.telegraph.co.uk/news/politics/11125919/Conservative-minister-resigns-over-sex-scandal.html

      ( උඩම ලිස්ට් 1800 ගණන් වල සිට වූ දේවල්)

      කිසි රටක 100% වෙන්නේ නැත. සියල්ල සංසන්දනාත්මකයි. බටහිර දේශපාලකයින් හා සිවිල් සේවයේ (ඇමරිකාව හා යුරෝපයේ) ඉල්ලා අස්වීම් සිරි ලන්කාවේ ඒවා සමග සන්සන්දනය කර බලන්න.

      මං "බටහිර" යයි කීම සම්පූර්ණයෙන් නිවැරදි නැති බව පිලිගනිමි. ජපානයද ශිෂ්ඨ සම්පන්නය. වෙන එකක් තියා ඉන්දියාවේද මෙහෙට වඩා හොඳය. දකුණු ඇමරිකාව ගැන හරියටම නොදනිමි. සමහර රටවල් හොඳයි. සමහර ඒවා එතරම් නෑ

      සමහරවිට අප්‍රිකාවේ මේ පිලිබඳව මෙහෙට වඩා නරක රටවල් ඇති. සිම්බාබ්වේ ?

      Delete
    3. ඇනෝ 3.39 AM,

      ඉල්ලා අස්වීම් ලෝකය පුරා සෑම රටකම සිදුවේ. බොහෝ විට කලකිරීම නිසාද ඉතා කලාතුරකින් යම් යම් සිදුවීම් නිසා ඇතිවන කලකිරීම නිසාද යම් යම් පුද්ගලයෝ තනතුරු වලින් ඉල්ලා අස්වෙති.

      ඇත්තටම ගත්තොත් ලංකාවේද රාජ්‍ය සහ පුද්ගලික අංශවල නිලධාරීන් ඉල්ලා අස්වීම් බහුල බව ඔබට පෙනී යනු ඇත, අමුතුවෙන් බටහිර හෝ පෙරදිග කියා විශේශ වෙනසක් නැත. මෑතකදී මෙම නිලධාරියා, ජනපති ලේකම්, දිරුක්ෂි ඩයස්, වන ජීවී අධ්‍යක්ෂක, විදුලිබල මන්ඩල සභාපති, ක්‍රිකට් / වෙනත් ක්‍රීඩා ආයතන වල විධායක නිලධාරීන් ඇතුලු විශාල රජයේ නිලධාරීන් පිරිසක් ඉල්ලා අස්වූහ.

      ලංකාවේ මෙන්ම ලෝකයේ "බටහිර" ඇතුලු බොහෝ රට්වල දේශපාලු හැතිකරය විලිලැජ්ජා නැති තඩ්ඩියන් පිරිසකි. එබැවින් ඔවුන් ලෙහෙසියෙන් ඉල්ලා අස් නොවේ. යුරෝපයේ නම් ඇතැම් දේශපාලුවන් අතර ඉල්ලා අස්වීම් යනු දේශපාලනයේ තවත් එක් ජනප්‍රිය සෙල්ලමකි. එනම් යම් අභ්‍ය සිදුවීමකදී ඉල්ලා අස්වී ජාමෙ බේරා ගැනීමයි. එහි ඇති විශේෂ ලබ්බක් නැති අතර ලංකාවේ දේශපාලුවන් මල්වත්තේ හෝ අස්ගිරියේ තට්ට පින්බතාලාට මල්වට්ටි පූජාකිරීම වැනි තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණි.

      නමුත් ලංකාවේ ඉන්නා බටහිර රටවල හැම රෙද්දම ලොකුයි කියා කට ඇරගෙන පුකදෙන මීහරක්ට මේවා මහා ලොකු වීර ක්‍රියාය. මේවා දැක්කම හිකෙන් පුනා ය !

      Delete
    4. @ ප්‍රා......... මෙතන සමහරු වරද්දගන්න තැනක් තියෙනවා. ඇරිස්ටෝටල් දේශපාලනය සහ භූමියේ දේශපාලනය. හනුමා සහ ෆයර් බ්‍රිගේඩ් ...එක එක බනිස්....එක එක සොසේජ් රෝල්. මිනිසා දේශපාලනික බව ඇත්ත. ඒත් මිනිසා දේශපාලන පක්ශයක වහලෙක් වීම අජූත බවයි මගේ හැඟීම. මීහරක් දාර්ශනික ගොබ්බයෙක් සහ පාක්ශික වහලෙක් අතර මහ ලොකු වෙනසක් නැහැ. වසර ගානක ඉපැරනි චින්තන වහල්ලු නූතන සයිබරයේ ටෝක් දෙනවා. සමහරු ඉල්ලන් කනවා. තවත් සමහරු ඉල්ලන් කන්න ලෑස්ති වෙනවා. ඔලුව රුසියාවේ...අග්න‍යාශය එංගලන්තේ..

      Delete
    5. Anonymous July 10, 2017 at 3:39 AM

      ඔබේ නිරීක්ෂණ ඉතා නිවැරැදියි. ලංකාවේ වගේම බ්‍රිතාන්‍ය (යුරෝපය/ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළ) දේශපාලනයේත් නායකකමට පොරකෑම්/ හිරිකිත අශීලාචාර ක්‍රියා වල අඩුවක් නැත. නමුත් බ්‍රිතාන්‍යයේ ( (යුරෝපය) මධ‍යතන යුගයේ රැල්ලක් මෙන් පැතිරුණු මැනර්ස්/ එතික්ස් ආදී ආදිය සමග කාලයක සිට පවතින සම්ප්‍රදාය අනුව ලංකාවේ මෙන් විලිලැජ්ජා නැති ලෙස දේශපාලකයන් එලිපිට නොහැසුරුණත් අභ්‍යන්තරික වශයෙන් ඔවුන් ලාංකීය දේශපාලුවන්ගෙන් වෙනස් වන්නේ යන්තමිනි.

      ආචාර ධර්ම යනු දර්ශන (Philosophy) විෂය තුළ සමාජ ක්‍රියා, සමාජ අන්තර්ක්‍රියා සහ මානසික සාධක පාදක කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි. මෙය සදාචාරය පිළිබඳ මූලධර්ම පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් වියුක්ත කළ නොහැකි සංයුක්ත වූ සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එහි ක්‍රමවෙිදාත්මක ස්වරූප සෞන්දර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුව ද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්මවේදය (Axiology) පිළිබඳ දර්ශනය ලෙස ද සැලකේ. මෙය කායික, මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බව ද පැහැදිලි ය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතික ස්වරූපයක් මෙන්ම මූලධර්මීය (Principles) ලක්ෂණ ද ඉස්මතු වන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා, මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණාවන් ද බද්ධ වී ඇති බැව් පැහැදිලිය. ආචාර ධර්ම පිළිබඳ දාර්ශනිකව සමාජය මෙහෙයවීම සොක්‍රටීස් (469 BC– 399 BC) විසින් සිදු කරනු ලබන්නේ ද මෙම පදනමෙහි පිහිටමිනි (Sahakian & Sahakian, 1993).

      මෙම දාර්ශනික මත පිළිබඳ අවධානයේ දී ආචාර ධර්ම යනු දැනුම (Knowledge) පදනම් කොටගත් ක්‍රියාවලියක් වන බවත්, අනෙකුත් සියලූ කාරණා මෙයට දෙවෙනි වන බවත් පැහැදිලි වේ. මෙම මූලධර්ම මත ආචාර ධර්ම සංරක්ෂණය වන සමාජය දැනුම් සමාජයක් වන බවත්, එය බිඳ වැටුණු මානව ක්‍රියාවලිය තුළ සමාජයක් පවතී ද යන්න සමාජ විද්‍යාත්මකව සිතිය යුතු ගැටලූවක් බවත් පෙනේ. යම් සමාජයක් පොදු අරමුණකට පැමිණීම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි. එය සමාජයක් යන්න අර්ථවත් වීමේ ප්‍රධාන මූලිකාංගයකි. මේ පිළිබඳ ස්වයං සම්ප්‍රජානනයෙහි (Self-aware) යෙදෙන්නා සමාජ සංවර්ධනයෙහි කෘත්‍යාත්මක අරමුණු සඳහා පිළිපන් කෙනෙකු බවත් මෙයට පිටුපාන්නා සමාජ පර්යාය තුළ ගැටලූ නිර්මාපකයෙකු බවත් දර්ශනාත්මක සත්‍යතාවකි (Sahakian & Sahakian, 1993).

      සමාජයෙහි කේන්ද්‍රීය ලක්ෂය පුද්ගලයා වේ. පුද්ගල ඓක්‍යයෙන් තොරව සමාජයක් නිර්මාණය නොවේ. පුද්ගලයා යනු සමාජ පද්ධතියෙහි ක්‍රියාකාරකයෙකි. ඔහුගේ අවශ්‍යතා සහ ඔහු වටා ගොඩ නැගෙන සියලූ කාරණා ඔහුට බලපාන අතර එය සමාජ කාරණා බවට ද පරිවර්තනය වේ. ඔහුව මෙහෙයවන්නේ සමාජ පද්ධතික කාරණාවන්ය. සමාජය යන්න ඇති තැන නිදහස නැති බවට ද ඇති තර්කයකි. පුද්ගල ආත්ම ඥාන (Self Knowledge) සංවර්ධනයේ දී මෙම ව්‍යුහීය කාරණා වැදගත් වේ.

      පුද්ගලයා සමාජ ජීවිතයේ දී හොඳ (Good) නරක (Evil) කාරණා පිළිබඳ උපග්‍රහණය කර ගන්නා අතර හොඳ ප්‍රවර්ධනය කර ගනු ලබන්නේ සමාජ ක්‍රියා සහ එහි ප්‍රගමන කාර්ය සඳහා ය. හොඳ, නරක යනු සමාජ නිර්මාණයකි. නරක ප්‍රවර්ධනය තුළින් ද සමාජ පර්යායෙහි දිශානතිය වෙනස් විය හැකි ය. බුද්ධිමය සහ ආධ්‍යාත්මික දියුණුුව අපරාධමය කාරණා නොකැඳව යි. නිවැරදි බව විඥානගත වූ කල්හි එය නිරායාසයෙන්ම ක්‍රියාවට නැගෙන බව ග්‍රීක දාර්ශනික සොක්‍රටීස්ගේ ද මතය යි. මෙහි ප්‍රතිවිරුද්ධ සාධකය ද මෙම තර්කය තුළම සාධාරණීකරණය කළ හැකි ය.

      ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණීය (Self-realization) ලක්ෂණය කි. එය අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයනට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්දර්භයනට ප්‍රවේශ වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවූවත් සමාජීය මිනිසකු වීමේ ශක්‍යතාවය ප්‍රගුණ කළ හැකි අයෙකි. සමාජයෙහි නියම ස්වරූපයන් හඳුනා ගැනීමට නම් එම සමාජයෙහි සාමාජිකයෙකු බවට පත් විය යුතු ය. මාධ්‍යවේදියා තුළ ගොඩ නැගෙන අසතුට සහ ඉච්ඡා භංගත්වය, එම සමාජ සංසිද්ධීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයෙන් ඔහුව ඉවත් කරයි. ඔහු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තීය පුහුණුව, සමාජ පිළිබඳ විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබඳ චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප්‍රවර්ධනය සඳහා ගුණාත්මක හැසිරීම ආදිය වෘත්තීය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂී ලක්ෂණ වේ. වෘත්තක භාවය සහ ඒ පිළිබද ගැරඹුරු දැණුම යනු ද ආචාර ධර්මීය ලක්ෂණයකි.

      Cont...

      Delete
    6. Con'd...

      ආචාර ධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී බටහිර ප්‍රධාන මූලධර්ම හතරක් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළ හැකි ය. එනම්,

      1. සත්‍යවාදී බව - Truth Telling
      2. නිදහස - Independence
      3. හානිය අවම කිරීම - Minimizing Harm
      4. වගකිව යුතු බව - Accountability

      යනා දී වශයෙනි. බ්‍රෙක්සිට් විමසුම අනුව යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයේදී මහජනයා යුරෝපයෙන් වෙන්වීම සඳහා ඡන්දය දී ප්‍රතිඵල ප්‍රකාශ වූ පසු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්‌වන බව ප්‍රකාශ කළේය.

      පාලක කොන්සර්වේටිව් පක්‌ෂයේ නායකයා තෝරා ගන්නා තෙක්‌ උපරිම වශයෙන් 2016 වසරේ ඔක්‌තෝබර් මාසය දක්‌වා පමණක්‌ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට ඔහු ක්‍රියාකලා. වසර 2020 මැයි මාසය දක්‌වා නිල කාලය පැවතියද අග්‍රාමාත්‍යවරයා වසර හතරකට පෙර මෙසේ ඉල්ලා අස්‌වීම ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට මහඟු ආදර්ශයක් මෙන් පෙනේ. නමුත් නායකත්වය සඳහා ඉන් පසු කොන්සර්වේටිව් පක්‌ෂය තුළ බලු පොරයක්‌ නිර්මාණය වී තිබුණා. කොන්සර්වේටිව් පක්‌ෂයේ නායකයා වශයෙන් තේරී පත්වන්නා රටේ අගමැතිවරයා බවටද පත්වන නිසායි.

      Delete
    7. ආශ්‍රය කරලා බලන් කොට පේනවා...බොරු ටෝක් විතරයි. ශරීර කූඩුව විතරක් නෙමේ , ටෞකන දර්ශනයම ඉන්න රටේ සුද්දගේ. මුන් ගැන කියන්න තියන දේ බොහොමයි. පිංගුත්තර හුකන්නලා. ටෝක් ජිජැක්ගේ . ආශ්‍රය කරලා බලපන්. චින්තයන වහල්ලු වගේ. පෙන්නන්නේ බ්‍රෙශ්ට්. ඒත් වීසා වහල්ලු. ඔය කොයි පකයත් එක වගේ. විස්තර එලියට දාන්න හිතෙන්නේ නැහැ. මුන්ගේ හැව උන්ම ගිලිනවා. ඔය කොයි කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත කියල නිහාල් අයියා කිව්වේ ගොඩාක් ඉස්සර.

      Delete
    8. Pra JayJuly 10, 2017 at 3:58 AM
      ඔබේ මුල්ම ලින්ක් එකෙන් 2017 ඉල්ල අස්වීම් ටික බලන්ඩ. එකෙක් හැර ඉතුරු ඔක්කොම ඉල්ලා අස් වෙලා තියෙන්නේවිශ්‍රාම ගන්ඩ හෝ වෙනත් තනතුරකට යන්ඩ.
      Michael Flynn ත් ඉල්ලා අස්වුනේ Trump අස් වෙන්ඩ කියපු නිසා කියල තමා ඉතාමත් අපක්ශපාතී "බටහිර" මාධ්‍ය වාර්තා කලේ


      Barbara Boxer, long-time U.S. Senator from California, retiring from politics (January 3)
      Barbara Mikulski, long-time U.S. Senator from Maryland, retiring from politics (January 3)
      Harry Reid, Democratic Leader of the United States Senate and long-time U.S. Senator from Nevada, retiring from politics (January 3)
      Mike Pence, resigned as Governor of Indiana to become Vice President of the United States (January 9)
      Nikki Haley, resigned as Governor of South Carolina to become the United States Ambassador to the United Nations (January 27)
      Jeff Sessions, resigned as long-time U.S. Senator from Alabama to become U.S. Attorney General (February 9)
      Michael Flynn, resigned as National Security Advisor after covering up his speaking with a Russian official days prior (February 13)
      Walter Shaub, resigned from his role as Director of the Office of Government Ethics (July 06) [11]

      Delete
    9. Pra JayJuly 10, 2017 at 1:01 AM

      අවුරුදු 20 ක් තිස්සේ චන්ද 30 ක් පැරදිලත් අස් වෙච්චි නැති, එඩින්බොරෝ ටත් වඩා සුද්දෙක් වගෙ හිතන වැද්දෙක් ගැන දන්නවද ?

      Delete
    10. දැන් අරූ අයියා ඔය කවුරු ගැනද කියන්නෙ?
      අපේ නෙලුම් ඇජිත් එහෙම නැතිනම් කවුරුත් දන්න ලන්ඩ්න් ඇල්බට් ගැනද?

      Delete
    11. අවසාන වශයෙන් මම එක ප්‍රශ්නයක් , යුරෝපයට සංක්‍රමනය වුනු අලි ටෝක් ප්‍රබුද්ධයෙගෙන් අහනවා. හදවතට අත තියන්න ප්ලීස්. මට තිබුනේ ආර්තිකමය වශයෙන් ප්‍රශ්නයක්. ඒ අපේ දුවට අධ්‍යාපනයක් ලබාදෙන්න උවමනාව. ඒ ඇරෙන්න මේ රටේ මම එසයිලම් ඉල්ලුවෙත් නැහැ...මේ රටේ ඩෝල් ගැහුවෙත් නැහැ. මම ණයත් බැහැ, බයත් නැහැ. ඇත්ත කතා කරපන් හාල් පාරුවනේ..

      Delete
    12. @ Aruna Perera,

      රටේ පවතින ලූම්පන් දේශපාලන රටාව වෙනස් කොට, වැදගත් දේශපාලනික සංස්කෘතියක් බිහි කිරීමට රටේ කීර්තිමත් වෘත්තීයවේදින්, උගතුන්, බුද්ධිමතුන් පිරිසක් එක්වේ ..

      https://youtu.be/RL2sTRN3xfU

      https://www.facebook.com/Social-Democratic-Party-of-Sri-Lanka-1373959832685056

      Delete
    13. දශකයකට අධික කාලයක් නිදහස, යුක්තිය හා සහෝදරත්වය උදෙසා සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික අරගලයක නිරත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රන්ත‍්‍රවාදීන්ගේ එකමුතුව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සේවක සංගමය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ පෙරමුණ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍ය සංගමය, කොළඹ දේශපාලන පීඨය සහ දූෂණ විරෝධී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට අයදුම් කර ඇත. ඊට අනුව ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය රෝස මල ළකුණ යටතේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට නියමිත ය.

      සංවර්ධනය යනු නිදහස, සාමානාත්මතාවය හා සාධාරණත්වය අවධාරණය කරමින් තිරසාර අර්ථික වර්ධනයක් උදාකර ගැනීම බවත් තිරසාරභාවය යන්නෙන් පරිසර සංරක්ෂණය හා සම්පත් බෙදීයාම යුක්තිසහගත කිරීම අදහස් කෙරෙන බවත් එහි සුරාකෑමට ඉඩක් නොමැති බවත් ශ්‍රී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි දක්වා ඇත. අධ්‍යාපනය හා පුහුණුව, රැකියා අවස්ථා හා ආදායම, බලය හා සුරක්ෂිතතාවය, අයිතිවාසිකම් හා යුතුකම් ආදී කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරන අතර වෙළදපොල යාන්ත‍්‍රණය කෙරෙහි සෘජු රාජ්‍ය මැදිහත්වීම අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සදහන් වේ.

      වර්තමානයේ පවතින දේශපාලන අභියෝග නම් මානවයා මුහුණදෙන ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික අර්බුදයන්ට අනුභූතික විසදුම් සොයා ගැනීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පවතින ගැටලු වලට සහ ආර්ථික අර්බුදයන්ට විසදුම වන්නේ නිදහස, සාධාරණත්වය හා සහෝදරත්වය සාරය කොටගත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැක්ම බව අවධාරණය කරන ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් පිළිගන්නා පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් ගොඩ නගන ලද්දක් වන හෙයින් සැමට සමාන නිදහසක් සහතික කෙරෙන සුබසාධක රාජ්‍යයක් ගොඩනැගීම ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අභිලාෂය බව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි පැහැදිලිව සදහන් කර ඇත.

      මැතිවරණ කොමිෂන් සභාව නව පක්ෂ ලියාපදිංචි කිරීමට මාසයක කාලයක් ලබාදෙන ලද අතර සිංහලේ ව්‍යාපාරය ඇතුළු සංවිධාන රැසක් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වීමට අයදුම් කර ඇත. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ඇතුළු සියලු වර්ගවාදයන්ට එරෙහි නූතන වාමාංශික ව්‍යාපාරයක් බවට පත්වීම ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ පරමාර්ථය වන අතර එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට එක්වන ලෙස සියලු ප‍්‍රගතිශීලි බලවේගවලට ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආරාධනා කර සිටී. ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලියාපදිංචි කිරීමේ අවස්ථාවට සභාපති අනුර ශ්‍රී වර්ණසිංහ, ප‍්‍රධාන ලේකම් තුසිත බාලසූරිය සහ උප ලේකම් දශික මුදලිගේ යන සහෝදරවරු සහභාගී විය.

      Delete
    14. අරුණ පෙරේරා

      ඔබ දන්නවා ඇති වමටත් නැති දකුණටත් නැති මනෝවිකාර දොඩවන්නකු වන බ්‍රිතාන්‍යයේ වර්තමාන කම්කරු පක්ෂ නායක "ජෙරමි කෝබින් නමැති ගර්හිත දේශපාලුවාගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ කොන්ත්‍රාතුව නොනිල ව බාර ගෙන සිටින ලාංකීය සම්භවයක් ඇති කමබ් හොරෙක් සහ අතේ පැලවෙන කෙබර කෙළින ගජබින්න පප්පෙක් ලෙස විරුදාවලී ලැබූ සංස්කෘතික මුදලාලි කෙනක් කරළියට පැමිණ සිටියි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය සමයේ දී ජෙරමි කෝබින් මහා හාස්කම් සපිරි මුනිවරයකු කරන්නට එම තැනැත්තා නොසෑහෙන්න වෙහෙසුණේ එමඟින් හෝ කම්කරු පක්ෂයෙන් නිල කොන්ත්‍රාතුවක් දිනා ගන්නට විය හැකිය. එහෙත් ලංකාවේ එක්සත් ජාතික පක්ෂයෙන් මුදලට ලාභ කොන්ත්‍රාතු ලබා ගන්නා සේ බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයෙන් කොන්ත්‍රාතු ලබා ගන්නට නොහැකි බව එම මුග්ධ තැනැත්තා නො දනියි. ලංකාවේ දී එක්සත් ජාතික පක්ෂයට ප්‍රශස්ති ගයන අතර එංගලන්තයේ දී කම්කරු පක්ෂයට ප්‍රශස්ති ගැයීම ද මෙම සංස්කෘතික මුදලාලිගේ දෙබිඩි ප්‍රතිපත්ති සහ කූට අභිලාෂයන් වටහා ගැනීමට කදිම සංසිද්ධියකි. අහෝ මෙවන් ගොන් පුඟුලන්ට රැවටෙන ලාංකික මුග්ධයෝද සිටිති.

      කෙසේ නමුත් වාමාංශිකයින් ගැන කීමේදී නූතන මාක්ස්වාදී පමණක් නොව මාක්ස් එංගල්ස් ලෙනින් වැනි සම්භාව්‍ය මාක්ස්වාදීන්ද රජය පිළිබඳ දරන ලද මතය වුයේ රජය වු කලි නිර්ධන පන්තියෙන් එල්ලවන අභියෝගයන්ගෙන් ධනපති පන්තිය ආරක්ෂා කරගැනීම සඳහා පවත්වාගෙන යන විශේෂ බල මණ්ඩලයක් බවය. ඊට අනුව රජයේ හමුදාවන් සැලකෙන්නේද එම අරමුණ වෙනුවෙන්ම පවත්වාගෙන යන අවිගත් මිනිසුන්ගෙන් සමන්විත විශේෂ බල මණ්ඩලයක් වශයෙනි. එමනිසා පාර්ලිමේන්තුව හා සර්වජන ඡන්ද බලය සැලකෙන්නේද ධනපති ක්‍රමයේ සැබෑ ස්වරූපය වසන් කිරීම සඳහා පවත්වාගෙන යන සටකපට දේවල් ලෙසය. අනෙක් අතට මාක්ස්වාදීන් රජය දකින්නේ හැමදා පවතින දෙයක් ලෙස නොව එක්තරා ඓතිහාසික අවස්ථාවකදී අභාවයට යන දෙයක් ලෙසය.

      Continue...

      Delete
    15. Cont'd...

      එංගල්ස් කියා තිබෙන්නේ මෙසේය: නිර්ධන පන්තිය රාජ්‍ය බලය සියතට ගෙන හැමටම පළමුව නිෂ්පාදන මාධ්‍යයන් රජයේ අයිතියට පවරයි. එහෙත් එසේ කිරීමේදී නිර්ධන පන්තිය පන්තියක් වශයෙන් තමන්වම අහෝසි කරගන්නා අතර සියලුම පන්ති විශේෂත්වයන් හා පන්ති ප්‍රතිවිරෝධතාද විනාශ කරමින් රජයක් හැටියට රජයද විනාශ කරයි. පන්ති ප්‍රතිවිරෝධතා මත මෙතෙක් ක්‍රියාත්මක වු සමාජයට රජයක් අවශ්‍ය විය. එයත් සමඟ එංගල්ස් කියන්නේ රජය ධනපති පන්තිය වෙනුවෙන් නොව මුළු මහත් සමාජයම වෙනුවෙන් පෙනීසිටින දාට රජය අනවශ්‍ය දෙයක් බවට පත්වන බවය. පාගා දැමීමට පන්තීන් නොතිබුණු දාට පන්ති අවශ්‍ය නොවන දාට වත්මන් ආකූල නිෂ්පාදන පැවැත්ම නිසා ඇතිවී තිබෙන පෞද්ගලික ගැටුමුත් එයින් පැනනගින සම්මත හා අතිරික්ත නිෂ්පාදනය ඉවත් කළ දාට පාගා දැමීමට කිසිවක් ඉතිරිවන්නේ නැත. එමනිසා විශේෂ මර්දනකාරී බලවේගයක් හෙවත් රජය තවදුරටත් අවශ්‍ය නොවේ.

      රජය නියම වශයෙන් රජයේ නියෝජිතයා වශයෙන් කරන පළමුවැනි කාර්යය එනම් සමාජයේ නාමයෙන් නිෂ්පාදන මාධ්‍යයන් රජයට ගැනීම රජය රජයක් ලෙස කරන ස්වාධීන අවසාන කාර්යයද වන්නේය. එක අංශයක හෝ තවත් අංශයක හෝ සමාජමය සම්බන්ධකම්වලට අත දැමීම එවිට අනවශ්‍ය කාර්යයක් වන අතර රජය අතුරුදන් වී යනු ඇත. පුද්ගලයන්ගෙන් යුතු ආණ්ඩුවක් වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන සංවිධානයක් ඇතිවෙයි. රජය අහෝසි කරනු නොලැබේ. එය අභාවයට යයි. මාක්ස්වාදී මතය අනුව පාර්ලිමේන්තුව සැලකෙන්නේද ධනපති පන්තියේ උපකරණයක් ලෙසය. ලෙනින් මෙසේ කියා තිබේ: ධනපති පාර්ලිමේන්තුවේ නියම හරය වු කලි අවුරුදු කිහිපයකට වතාවක් පාර්ලිමේන්තුව තුළින් ජනතාව මර්දනය කරන්නේත් පෙළන්නේත් පාලක පන්තියේ කිනම් නියෝජිතයන් විසින්ද යන්න තීරණය කිරීමය. පාර්ලිමේන්තු ව්‍යවස්ථා ඇති රාජ්‍ය ආණ්ඩුවල පමණක් නොව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක් තුළද මෙය මෙසේ සිදුවේ.

      Continue

      Delete
    16. Cont'd...

      මාක්ස්වාදී දර්ශනයට අනුව පාර්ලිමේන්තුවද ධනේශ්වර ආයතනයක් වන නිසා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමක් නියම රාජ්‍ය බලය අල්ලා ගැනීමක් ලෙස සැලකෙන්නේ නැත. නියම රාජ්‍ය බලය අල්ලා ගැනීමක් ලෙස සැලකෙන්නේ ධනපති පන්තියේ සන්නද්ධ බලයට එරෙහිව නිර්ධන පන්තිය සන්නද්ධ බලය යොදා රජය අල්ලා ගැනීමෙනි. එහිදී ජයග්‍රාහී නිර්ධන පන්තියට තිබුණු පැරණි රාජ්‍ය නිර්ධන පන්තියේ වුවමනාවන් සඳහා යොදාගත නොහැකිය. එය තමා බිඳ දමා විනාශ කර දැමිය යුතුය. ඒ වෙනුවට නිර්ධන පන්තියේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනීසිටින නව රාජ්‍යයක් හා ඊට අවශ්‍ය යාන්ත්‍රණයක්ද ගොඩනගා ගත යුතුය. රාජ්‍ය හා රාජ්‍ය බලය අල්ලා ගැනීමට අදාළ මාක්ස්වාදයේ මත ඉගැන්වීම් රුසියාව චීනය වැනි සමහර රටවල අත්හදා බලන ලද බව අපි දනිමු. එය වෙනුවෙන් ගෙවන ලද වන්දිය අතිවිශාලය. ධනපතීන් හෝ ධනපති පන්තියට සේවය කරන සුළු ධනේශ්වරයන් ලෙස සලකා ලක්ෂ ගණනින් මිනිසුන් මරා දමන ලදි. ධනපති පන්තියේ දේපළ බලහත්කාරයෙන් රජයට පවරා ගනු ලැබීය.

      අවසාන විග්‍රහයේදී එම හැම රටකම පාහේ සමාජවාදයේ නාමයෙන් බිහිවුණේ කුරිරු දූෂිත හා ඒකාධිපති රාජ්‍යයන් ය. සමාජවාදයේ නාමයෙන් එම රටවල සිදුකරන ලද අත්හදා බැලීම්වලට ආවේණික අවලස්සනම ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ පන්ති සතුරන් ලෙස සැලකෙන අය පමණක් නොව තමන්ගේම ව්‍යාපාරයේ මිනිසුන්ද විවිධ හේතූන් නිසා සතුරන් ලෙස සලකා ඝාතනය කිරීමය. ඔක්තෝබර විප්ලවයට උර දුන් නායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද මරා දමන ලදි. තවත් විශාල පිරිසක් හිර ගෙවල්වලදී මරණයට පත්විය. කාම්බෝජ විප්ලවයේදී අව් කණ්ණාඩි පළඳින හා ප්‍රංශ භාෂාව කතා කරන මිනිසුන් පවා පන්ති සතුරන් ලෙස සලකා ඝාතනය කරන ලදි. මේ වනවිට සමාජවාදයේ නාමයෙන් බලහත්කාරී ආකාරයකින් ගොඩනගා ගත් සියලු රාජ්‍යයන් බිඳ වැටී ඇතත් එම බිහිසුණු අත්හදා බැලීම් එකී රටවල සමාජ දේශපාලන දේහයේ ඇතිවී තිබෙන විකෘතීන් අද දක්වා ජයගැනීමට ඔවුන් සමත් වී නැත. ලංකාවේ විජේවීර හා ප්‍රභාකරන් කරන ලද අත්හදා බැලීම් අයත් වන්නේද එම ගණයටමය.

      එමනිසා විශාල ජීවිත විනාශයක් හා දේපළ විනාශයක් සිදුවුවා පමණක් නොව ශ්‍රී ලංකා රාජ්‍යයේ හා සමාජයේ ඇති වී තිබෙන විකෘතියේ ප්‍රමාණයද අතිවිශාලය. ජේවීපී හා එල්ටීටීඊ ප්‍රචණ්ඩ කැරලි කරළියට එන තෙක් ශ්‍රී ලංකාවට තිබුණේ උත්සව අවස්ථා සඳහාත් ගංවතුර හා කලකෝලාහල වැනි විපත් සඳහාත් යොදා ගන්නා පුංචි හමුදාවකි. ආරක්ෂක හමුදාවන්ට ආයුධ වශයෙන් තිබුණේද රයිෆල් වැනි යල් පැනගිය ආයුධය. ජේවීපී හා එල්ටීටීඊ කැරලි නිසා ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රමාණය පමණක් නොව ස්වභාවයද වෙනස් විය. ජනගහනයට අනුපාතිකයක් වශයෙන් ගත්විට දකුණු ආසියාවේ විශාලතම ආරක්ෂක හමුදාව සිටිනුයේ ශ්‍රී ලංකාවේය. බංගලිදේශයේ මිනිසුන් දශ ලක්ෂයක් සඳහා වැටෙන ආරක්ෂක හමුදා සෙබළුන් සංඛ්‍යාව දහසකි. ඉන්දියාවේ එක්දහස් තුන්සියයකි. නේපාලයේ දෙදහස් හත්සියයකි. පාකිස්තානයේ හාරදහසකි. ලංකාවේ නවදහසකි. ජේවීපියේ දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල කුරිරු වු අතර එම කැරලි මර්දනය කෙරුණු ආකාරය ඊටත් වඩා කුරිරු විය. එම බිහිසුණු වටාපිටාව රාජ්‍යයේ ස්වභාවයද වෙනස් කිරීමට හේතුවිය. රාජ්‍ය චෞර, දූෂිත හා මංශ භක්ෂක රාජ්‍යයක් බවට පත්කිරීම හේතුවිය.

      Delete
    17. There seem to be a lot of emotions, political affiliations/prejudices and deep analysis here.
      But, what I'm trying to getin apolitically,independently, rationally and dispassionately is a FACT.
      Statistically ( especially, by percentages taking politicians for population ratio), Sri Lanka takes a very low position in the world in resignations ( for genuine or ulterior motives) and accountability by politicians and to a lesser degree by civil servants. Love or hate of the West is one thing but statistics are another. I invite you to look at this logically and dispassionately.
      The end.

      Delete
    18. Aroon Pereira

      පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ධර්මසිරි බණ්ඩාරනායක සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත.

      ඔහු නව ධුරයේ වැඩ බාරගෙන තිබේ.

      ජනාධිපති ලේකම් කාර්යාලය හා අනුබද්ධ ආයතනයක් වශයෙන් ඉදිරියේදී මෙම කාර්යාලය ක්‍රියාත්මක වෙයි.

      මෙන්න මේවා ගැන ලියපන්

      Delete
    19. Sorry, correction - * "get at".
      Sorry, too, for my lack of Sinhala font right now.

      Delete
    20. This comment has been removed by the author.

      Delete
    21. //Aruna PereraJuly 10, 2017 at 4:45 AM

      ආශ්‍රය කරලා බලන් කොට පේනවා...බොරු ටෝක් විතරයි. ශරීර කූඩුව විතරක් නෙමේ , ටෞකන දර්ශනයම ඉන්න රටේ සුද්දගේ. මුන් ගැන කියන්න තියන දේ බොහොමයි. පිංගුත්තර හුකන්නලා. ටෝක් ජිජැක්ගේ . ආශ්‍රය කරලා බලපන්. චින්තයන වහල්ලු වගේ. පෙන්නන්නේ බ්‍රෙශ්ට්. ඒත් වීසා වහල්ලු. ඔය කොයි පකයත් එක වගේ. විස්තර එලියට දාන්න හිතෙන්නේ නැහැ. මුන්ගේ හැව උන්ම ගිලිනවා. ඔය කොයි කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත කියල නිහාල් අයියා කිව්වේ ගොඩාක් ඉස්සර. //




      රුසියාවෙ වී චොර
      පැමින ලන්ඩන් නුවර
      තට්ටය වවා මනහර
      අහෝ ඇල්බට් නොදිටි මොක් පුර

      Delete
    22. Pra JayJuly 10, 2017 at 7:00 AM
      //But, what I'm trying to getin apolitically,independently, rationally and dispassionately is a FACT.
      Statistically ( especially, by percentages taking politicians for population ratio), Sri Lanka takes a very low position in the world in resignations//

      Statistically, by percentages, resignations in US for 2017 is 0 %. No matter what the denominator is numerator is zero !!!

      Sorry. You seem to have mistaken retirements/accession/firing to resignations.

      Delete
    23. @ AnonymousJuly 10, 2017 at 4:21 PM,
      The Pra Jay fellow seems to be confused at many things. He is a blood sucking leech....

      Delete
  3. අයිසේ සරසා, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප රුපියල් ලක්‍ෂ 35 ක් බව මාධ්‍ය හෙලි කළා. මේ බව හෙලිව ඇත්තේ සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය කැදවා කැබිනට් මණ්ඩලය විසින් කල ප‍්‍රශ්න කිරීමේදීය.

    ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක ධුරය දරන්නේ සුරෙන් රත්වත්තේ වන අතර ජ්‍යෙෂ්ඨ ප‍්‍රධාන විධායක නිලධාරියාටද මාසික වැටුප ලක්‍ෂ 27කි. ඇයි මේ අය ඉල්ලා අස් වෙලා අඩු පඩිය්ට වැඩ කරන රු. 50,000 - 60,000 දක්ෂ කළමණාකාරවරුන් පත් නොකරන්නේ? ජවිපෙ ට දුන්න නම් නියමෙට හදල ගනියි නේද?

    ReplyDelete
    Replies
    1. ජ වි පෙ ට දුන්න නම් බඩු බනිස් ම තමා...

      Delete
  4. ජනපති මෛත්‍රී හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකි

    රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අරමුණ නිරෝගීමත් ජාතියකි

    ඒත් හෙම්බිරිස්සාට බෙහෙත් ගත්තොත් වැට් බදුය

    බයි පාස් වලට ගහන වැට් එක නිසා ලෙඩා තියටර් එක ආසන්නයේදී මිය යයි

    ඒ මෛත්‍රීෙගේ බදු ප්‍රතිපත්තියයි

    ඊළග බදු ජාතිය මිනිස්සු වාහන ගැනීම වළකන බදුය.

    මිනිස්සු වාහන ගන්නේ පාරෙ බස් වල කෝච්චියේ වෙලාවට කලාවට පිලිවෙලට යන්න බැරි නිසාය

    ඒකට විසදුම් නොදී බදු ගැහුවාම හරිය කියා මෛත්‍රීට රවී කියා දී ඇත

    දැන් රටේ කසිප්පු නිෂ්පාදනය ඉහල යමින් පවතී

    ඒ අරක්කු බෝතලයට බියර් එකට හෙන ගෙඩි මෙන් බදු ගසා ඇති බැවිනි

    අඩු මිලට වස විස පොවා බෙහෙත් ගන්න එනකොට ඒකටද බදු ගසා මහ පාරේ මිනිස්සු මරාදාන ප්‍රතිපත්තිය යහපාලනය බව දැන් ජනතාව කියයි

    ඒ නිසාය නගරෙන් නගරේ මිනිස්සු මැරෙන්න පෙර පාරට බහින්නේ

    ඉතින් මෛත්‍රී/රනිල් ඔබද පාරට වැටෙන්නට පෙර ඔබේ බදු ක්‍රමට ගැන බුදුවට හිතිය යුතු නොවේද?

    ReplyDelete
  5. ඒ කතාවෙ නම් ඇත්තක් තියෙන්න පුළුවන්

    ReplyDelete
  6. සරසා ඉස්සෙල්ලා බලපන් මරියකඩෙයි, පරණ වාඩියි කොහෙද තියෙන්නේ කියලා උඹලා හිතාගෙන ඉන්නේ මරියකඩෙයි පරණ වාඩියයි දෙකම එක තැනද තියෙන්නේ කියලා

    පැරණ ඩීන්ස් රෝඩ් එකේ ඇවිදලා බලපං මරිය කඩේ කොතනද තියෙන්නේ කියලා මරදන පාරේ පරණ වාඩිය කොහෙද කියලා
    අනික ඝෝටයි බෑසිලුයි ගියෙත් එහෙ නේද ඒකාලේ. එතකොට උන් දෙන්නා සුද්දෝදානලද ?

    දේශපානයට පාසල් ගාව ගන්න එපා මොකාද රෝයල් ගිය එවුනුත් එහෙමමයි ඔක්කොම එකයි

    ReplyDelete
    Replies
    1. //////දේශපානයට පාසල් ගාව ගන්න එපා මොකාද රෝයල් ගිය එවුනුත් එහෙමමයි ඔක්කොම එකයි/////////

      හරියටම හරි.....මේක පාසැලේ වරද්දක් නෙමේ. මුන්ගේ චින්තනේ චාටර් කම. අපි ඉස්කෝල අත ඇරියේ, ඉස්කෝලෙන් එලියට ගිය දවසේ. මමත් රෝයල්.

      Delete
    2. @Aruna Perera July 10, 2017 at 5:16 AM,

      ++++++++++++++++++++++++++++++++

      Delete
  7. සරසා කුමාර දන්ගොතෝ රාජපක්ෂවාදී පට්ට ගෝත්‍රිකයින්ගේ "රණවිරු" ගොන් ආතල් සුන් කිරීමට කාලයයි මේ. අැතැමුන් කියන විදියට අද අප ජීවත්වන්නේ රණවිරුවන් හින්දා ය. අපි රණවිරුවන්ට ණය ගැති ය. රණවිරුවන්ට විරුද්ධව කතාකරන හැමෝම දේශද්‍රෝහියෝය. මේ නම් අවඥාවෙන් බැහැර කළ යුතු ප්‍රවාදයකි. පළමුව කිව යුත්තේ අපට අනුව රණවිරුවන් කියා කිසිවෙකු නැති බවය. ඒ අප එදා යුද්ධය ප්‍රතික්‍ෂෙප කළ, අදත් හෙටත් යුද්ධය ප්‍රතික්‍ෂෙප කරන නිසාය. දේශපාලන හේතුවක් මත රජයට එරෙහිව අවි ඔසොවන්නන් සමූල ඝාතනය කර පරාජය කරන්නට රජයට නෛසර්ගික හා ශුද්ධවූ අයිතියක් ඇතැයි අප පිළිගන්නේ නැත. රජයට එරෙහිව සහේතුකව සමාජයෙන් පැනනගින භීෂණයට එරෙහිව ප්‍රතිභීෂණයක් ඇතිකරන්නට රජයකට අවසරයක් නැත. ඒ නිසා සිරිමා ආණ්ඩුව 71 කැරැල්ලත්, ප්‍රේමදාස ආණ්ඩුව 88-89 කැරැල්ලත්, රාජපක්‍ෂ ආණ්ඩුව එල්ටීටීඊ කැරැල්ලත් මර්දනය කළ ආකාරය සාධාරණ නැත. අසාධාරණ ලෙස ඒ කැරලි මර්දනය කරන්නට ඒ ඒ කාලයේදී යොදවන ලද රජයේ හමුදාවල කිසිවෙක් එනිසා කුමන ආකාරයෙන්වත් අපට ඊනියා රණවිරුවෝ නොවෙති. අප කිසි දිනෙක ඡන්දය ඉල්ලන්ට බලාපොරොත්තු නොවන නිසා ලංකාවේ රණවිරුවන්යැයි කිසිවකු නැති බව පැහැදිලිව හා ප්‍රසිද්ධියේ කියන්නට අපට හැකිය. රාජපක්‍ෂ ආණ්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද මෙහෙයුම කරගෙන ගියේ සිංහල ජාතිකත්ව පදනමකිනි.

    Next

    ReplyDelete
    Replies
    1. Previous

      ගෝඨාභය රාජපක්‍ෂ සමස්තයක් හැටියට නිර්මාණය කළ යුද මතවාදය වුණේ, අපේ රටෙන් කෑල්ලක් කඩාගන්නට හදන දෙමළ ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ මානුෂික මෙහෙයුම යන්නය. සිංහල බෞද්ධ මනස තුළට ඒ දෙමළ විරෝධී අදහස හෙමින් සීරුවේ නමුත් සාර්ථකව කාවද්දන්නට මහින්ද රාජපක්‍ෂටත්, ගෝඨාභයටත්, ඔවුන් වටා සිටි ඉතා දක්‍ෂ වෙළෙඳ දැන්වීම්කාරයන්ටත් හැකිවිය. ඒ අනුව යුද්ධයට යන සොල්දාදුවන් රණවිරුවා යනුවෙන්ද අපෙන් එකෙකි මේ මිනිසා යනුවෙන්ද, උත්කර්ෂයට නංවන ලදි. එහි අප යනු දෙමළ ජනතාවවත් මුස්ලිම් ජනතාවවත් නොවෙති. සිංහලයෝය. වයඹ, දකුණ, උතුරුමැද, සබරගමුව වැනි පළාත්වලින් හමුදාවලට බැඳුණු සිංහල බෞද්ධ පීඩිත තරුණයන්ගේ දෑස් ගිනිකන වට්ටවන ලද්දේ මේ ව්‍යාජ රණවිරු රැස්වළල්ලෙනි. ඔවුහු යුද්ධයට ගියෝ රටෙන් කෑල්ලක් කඩාගන්නට හදන දෙමළුනට ඉඩ නොදී රට බේරාගෙන එන්නටය. දෙවනුව, මේ ඊනියා රණවිරුවන් හමුදාවට බඳවාගැනීමටත්, හමුදාවේ රඳවා තබාගැනීමටත් දිය හැකි උපරිම වරප්‍රසාද හා ගෙවීම් කරන ලදි. සාමාන්‍ය හමුදා සේවයට අදාළ ඉහළම වැටුප්වලට අමතරව ක්‍රියාන්විත රාජකාරි සඳහා විශේෂ දීමනාද ඇතුළු විවිධාකාර දීමනා දෙන ලදි.

      හමුදා සෙබළුන්ට හා නිලධාරීන්ට අනෙක් පහසුකම් උපරිම ලෙස ලබාදෙන ලදි. පෝලිමේ නොසිට හමුදා සෙබළුන්ට මගී ප්‍රවාහන බස්රථවලට ගොඩවිය හැකි වන විට තමන්ගේම වාහනය හමුදාවට දී, හමුදාව හරහා යළිත් තමන්ගේ හා පවුලේ ගමන්බිමන්වලට එය ලබාගෙන ඒ සඳහා රජයෙන් කුලී වාරිකයක්ද ලබාගැනීමට හමුදා නිලධාරීන්ට හැකිවිය. හමුදා නිලධාරීන්ගේ දරුවන්ට සෑම රජයේ පාසලකම පළමුවැනි පන්තියට ළමුන් දමාගැනීමට රණවිරු පංගුවක් හිමිවිය. ඉහල නිලධාරීන්ගේ දරුවන්ට රටේ ප්‍රමුඛ පාසල් හිමිවිය. හමුදා පවුල්වල දරුවන් සඳහාම වෙනම ආරක්‍ෂක සේවා විද්‍යාල පිහිටුවන ලදි. ඒ විදුහල් රටේ අනෙක් කිසිම සාමාන්‍ය විදුහලකට නැති සියලුම සුඛෝපභෝගී පහසුකම්වලින් මුල සිටම සැදුම් ලද්දේය. මැරෙන හමුදා සෙබළුන්ගේ වැටුප ඔහුගේ බිරිඳට, දෙමාපියන්ට ජීවිතාන්තය දක්වාම ගෙවන ලදි. යුදබිමේදී මියගිය තරුණ සොල්දාදුවන්ගේ බිරිඳට ලැබෙන යාවජීව වැටුප අහිමි වන නිසා, සැමියාගේ මරණයෙන් පසුවත් වෙනත් විවාහයක් නොකරගෙන ජීවත්වන තරුණ වැන්දඹුවන් පිරිස සැලකිය යුතු තරමට විශාලය.

      Next

      Delete
    2. Previous

      එහෙත් මේ ඊනියා රණවිරුවන් කළේද රස්සාවකි. කිසිවෙක් හුදෙක් රට දැය බේරාගැනීම සඳහා ජීවිතය පූජාකිරීමේ වුවමනාවෙන් නිස්සරණාධ්‍යාශයෙන් හමුදාවලට එනම් රස්සාවට බැඳුණේ නැත. එක්කෝ පෙර කී ආකාරයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වීරත්වයට ආසාවෙනි. නැතිනම්, කිසිදු ඉහළ අධ්‍යාපන සුදුසුකමක් නැතිව ලබාගත හැකි ඉතා හොඳ මට්ටමේ වැටුප් හා අනෙක් වරප්‍රසාද හිමි, විශ්‍රාම වැටුපක්ද හිමි රැකියාවකට බැඳීමේ වුවමනාවෙනි. ඒ සමඟ තමන්ගේ මරණයෙන් පසු වුවද පවුලේ අනෙකුන්ට ලැබෙන වරප්‍රසාද හා සහන සලකා බලාය. තමන් රස්සාව කළයුත්තේ යුද පිටියේ බව රස්සාවට එන විටම ඒ සියල්ලෝ දැනගෙන සිටියහ. තමන්ට ඇත්තේ එල්ටීටීඊ සාමාජිකයන් සමග නවීන ආයුධ ඇතිව සටන්කිරීමට බවද, යුද බිමේදී විවිධාකාර ආපදාවන්ට ලක්වීමට මෙන්ම සමහර විට ජීවිතය නැතිවීමට පවා හොඳටම ඉඩ ඇති බවද ඔවුහු හොඳින් දැනසිටියහ. ඒ නිසා ඒ වෙලාවේ හමුදාවලට එකතුවුණේ මරෙන්නට වුණත් කැමති අයය. මැරෙන්නට, තුවාල ලබන්නට හා හමුදා සේවයේ පීඩනය දරාගන්නට අකමැති අය හමුදාවලට බැඳුණේද නැත. බැඳුණත් ඉක්මනින්ම හමුදා සේවය අත්හැර පැනගියෝය.

      ඒ අර්ථයෙන් ගත් කල රණබිමේදී දිවි දීම යනු පූජා පැවැත්විය යුතු දෙයක් නොවේ. මහමුහුදේ රළු බව දැනගෙනම මසුන් මැරීම සඳහා යන ධීවරයන් මුහුදේදී මියගියහොත් කිසිවකු ඔවුන් වීරත්වයට නගා පුද පූජා තබන්නේ නැත. මාළු අනුභව කරන්නන් ඔවුන්ට ණය ගැති බව කිසිවකු කියන්නේද නැත. ඔවුන් වීරයන් විය හැකි නමුත් ඒ පවුලේ සමීපතමයන්ට පමණක්ය.

      එහෙත් හමුදා සාමාජිකයන් රණවිරුවන් බවට ඉහළින් තබන්නට වුවමනාවෙන්ම ඉදිරිපත්වුණු කොටසක් සිටියහ. ඒ, මේ පිරිස තම ඡන්ද බැංකුව හැටියට පාවිච්චි කළ මහින්ද රාජපක්‍ෂ වැනි බල ලෝභී දේශපාලකයෝය. ඊළඟ ඡන්දයේදී රණවිරු ඡන්දත්, රණවිරුවන් ගැන භක්තිමත් අයගේ ඡන්දත් තමන්ගේ ඡන්ද පෙට්ටිවලට දාගන්නට සැලසුම් කළ මේ දේශපාලකයෝ නැති රණවිරුවකු මවා පා රටේ සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දූහ. අවසානයේ සිදුවුණේ රටේ අහිංසක තරුණ ජීවිත විනාශකොට ලබාගත් ඡන්ද ටික රාජපක්‍ෂ පවුලට හා ඔවුන්ගේ ජාවාරම්කාර හෙංචයියන්ට සල්ලි හා රජසැප බවට පත්වීමය. මේ ටික තේරුම් ගන්නට බැරි දුක්-පත් අවංක "රණවිරුවෝ තවමත් තමන්ගේ නැති වීරත්වයක් නගාසිටුවන්නට වෙහෙස වෙති.

      රණවිරුවන් යුද බිමේ ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධ කරද්දී අනෙක් අය වායු සමනය කාමරවල සුවසේ ආරක්‍ෂිතව සිටි බවද ඒ නිසා කටුක යුද බිමේ සිටි රණවිරුවන් උත්තරීතර බවද අසන්නට ලැබෙන තවත් අමූලික ප්‍රවාදයකි. සෙබළුන්ට යුද්ධ කිරීමට තිබුණේ යුද පිටියේ බව හැබෑය. එහෙත්, ඔවුන් යුද්ධ කරද්දී වායු සමනය කර ඇති හෝ නැති හෝ කාමරවල තම දෛනික රාජකාරි කළ යුතු අයත්, යුද පිටියට හෝ මහපාරට බැස එහි සිට තම රාජකාරි කළ යුතුද එසේ කළ හැකිද. ඒ ඒ රස්සාවල ක්‍ෂෙත්‍රය තීරණය වන්නේ රස්සාවේ විෂය අනුවය. රස්සාවේ ගති සොබාව නිසා රණවිරුවන් ඉස්සෙන්නේ වත් අනෙක් අය පහත් වන්නේවත් නැත.

      සෙබළුන් මුලින් එකඟ වුණු පරිදි යුද පිටියේ රස්සාව කරද්දී, රටේ අනෙක් අය තමන්ගේ රස්සාව සිය කාර්යාලවලදී, වැඩබිම්වලදී කළහ. හමුදා සාමාජිකයන්ට අවශ්‍ය ඉහළ තලයේ වැටුප්, වෙනත් දීමනා, වරප්‍රසාද ලබාදීම සඳහා ආණ්ඩුව මුදල් හෙව්වේ වැඩකරන ජනතාව ගෙවන බදුවලිනි. ඒ නිසා යුද බිමේ නොසිටියත්, රටේ පොදු මහජනතාව යුද බිමට අවශ්‍ය දායකත්වය, රටේ බදු ගෙවීමෙන්, නොඅඩුව කර තිබේ. එකම ක්‍රියාවලියකදී වුණත් එකිනෙකාට හිමි කාර්යභාරය එකිනෙකින් වෙනස්ය. වෙනස් කාර්යභාරයන් නිසා කවුරුත් උස් හෝ පහත් හෝ වන්නේ නැත.

      කොළඹ හිටි අය බෝම්බවලින් බේරුණේ රණවිරුවන්ගේ කැපවීම නිසා බැවින් අප රණවිරුවන්ට ණයගැති යැයිද සමහරු කියති. බැංකුවක් මංකොල්ල කන්නට ආයුධ සන්නද්ධව කඩා පනින සොරකු වැළැක්විය යුත්තේ බැංකුවේ ආරක්‍ෂක නිලධාරීන්ය. ඔය ඔවුන්ගේ රස්සාවයි. ඒ රස්සාව තෝරාගන්නා විට ඔවුහු තමන්ගේ අවදානම් කාර්යභාරය දනිති. ආයුධ සන්නද්ධ සොරකු ඇතුළුවන විට එය වළක්වන්නට ගොස් ආරක්‍ෂක නිලධාරියකු මළහොත් ඔහුගේ වැළැක්වීම නිසා ගනුදෙනුකාරයන්ගේ ජීවිත ආරක්‍ෂා වන බව ඇත්ත නමුත් බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවන් හෝ සේවකයන් හෝ ඔහුට ණයගැති නැත. ඔහු මියගියේ රාජකාරියේ අනිවාර්ය අවදානමක් හැටියට ය. සොරකු ඇතුළු වන විට අනෙක් සියල්ලන්ටම පෙර වැසිකිළියක සැඟවුණි නම් ඒ ආරක්‍ෂක නිලධාරියා තම රාජකාරිය පැහැර හැරීමේ වරදට වරදකරු වන්නේය. ඊනියා රණවිරුවන් සම්බන්ධයෙන්ද ඒ තත්ත්වය එසේමය.

      රණවිරුවන් රණවිරුවන් යැයි කියමින් පපුවට අත්ගසා ගන්නා අය කරන්නේ බොරු රඟපෑමකි. ඔවුන් රණවිරුවන් උස්සා තබන්නේ, රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් නිසා ගොඩනැගී තිබෙන ඡන්ද බැංකුව දෙස ඇස ගසාගෙනය. ඒ ඡන්ද ටික තමන්ගේ ගොඩට වැටී තමන්ට රජ වන්නට ලැබෙන හැටි ගැන මේ දේශපාලකයෝ ගණන් හදාගෙන සිටිති. ඒ නිසා රණවිරු ව්‍යාජය පවත්වාගෙන යන්නට අවශව ඇත්තේ ඔවුන්ටත් ඔවුන්ගේ අන්තේවාසිකයන්ටත් මිස අන් කිසිවකුට නොවේ. අප ඔවුන්ගේ කුමන්ත්‍රණවලට හසුවිය යුතු නැත.

      - නෙළුම් යායේ අපි

      Delete
  8. ස රස,

    ඔබ දැනටමත් දන්නවා ඇති "උදාර සමාජයක් - ඉසුරුමත් දේශයක් බිහි කිරීම" තම මොටෝ එක කරගත් ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන කටයුතු ජුලි මස 04දා කොළඹදී ඇරැඹි බව. මේ පක්ෂයේ එළි දැක්වීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතව තිබූ බවත්, උත්සවය අදිසි දේශපාලන හස්තයක බලපෑම මත අවසාන මොහොතේ අත්හිටුවීමෙන් අනතුරුව මෙලෙස පක්ෂ කටයුතු ආරම්භ කිරීම සිදු කළ බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ සභාපති මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි කිව්වා.

    මහාචාර්ය, ආචාර්ය සහ වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලාංඡනය පුන්කලස වන අතර දුඹුරු සහ රන්වන් පාට එම පක්ෂයේ පාට බවට තෝරාගෙන ඇත.

    රතු දුඹුරු පසෙහි උපන් රත්රන් වැනි දරුවන් මේ රට සෞභාග්‍ය කරා ගෙන යෑම මෙයින් අර්ථවත් වන බවත් වසර 5ක් තුළ ඒක පුද්ගල ආදායම ඩොලර් 10,000 දක්වා වර්ධනය කිරීම අරමුණු වී ඇති බවත් මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි පෙන්වා දුන්නේය.

    වසර 10ත් 15ත් අතර කාලයකදී සුළු පාන්තිකයත් මධ්‍යම පාන්තිකයත් බවට පත් කිරීමත්, ආකල්පමය වෙනසක් මඟින් උතුම් දේශපාලන විද්‍යාවක් රට තුළ ස්ථාපිත කිරීමෙන් මෙහි අරමුණ බව මහාචාර්යවරයා සඳහන් කළේය.

    2020 දී ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වනවිට බිම්මට්ටමේ යාන්ත්‍රණය සකස් කිරීම සඳහා දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති බවත්, සියයට 60ක් වන වෘත්තිකයන් දිනා ගැනීම සඳහා ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් දියත් කිරීමෙන් අනතුරුව ව්‍යාපාරික, තරුණ සහ කාන්තා සංසදයන් බිහි කරන බවත් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.

    අමාත්‍යවරුන් 25 දෙනකු පත් කරනවා වෙනුවට විද්‍යාත්මකව බෙදන ලද රටට අවශ්‍ය අමාත්‍යාංශ 25ක් පමණක් ස්ථාපිත කිරීම නව පක්ෂයේ අරමුණලු. එම අමාත්‍යාංශ සඳහා අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී ඔවුන්ටත් වඩා සුදුසුකම් වැඩි ඉහළ විද්වත් මණ්ඩලයක් මඟින් විෂය භාර අමාත්‍යවරුන් තෝරා පත්කර ගැනීමට එම පක්ෂය සූදානම් වෙයි.

    රට තුළ පවතින ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට එම ප්‍රශ්නවලට පිළිතුරු සපයන ක්‍රමවේදයක් තමන් සතු බව මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි පැවැසුවේ ක්ෂේත්‍ර 16ක් ඔස්සේ ක්‍රියාකාරී සැලැස්මක් ඒ සඳහා ක්‍රියාත්මක කරන බවයි.

    පක්ෂයේ මහ ලේකම් ලෙස ආචාර්ය ආනන්ද ස්ටීවන් කටයුතු කරන අතර ජාතික සංවිධායක ලෙස රෝහණ පැල්වත්ත මහතා කටයුතු කරයි. ස රස මෙම පක්ෂප පසු පස ඉන්නේ මොක්කුද? මෙය 2020 පාට ලී ච. රණ වක තුමා ජනපති කිරීමේ මස්ටර් ප්ලෑන් සැලැස්මක කොටහක් ද?

    ස රස මේ ඔබේ යුතුකමයි. අප කලත් වැදගත් පුද්ගලයෙකැයි වරදවා සිතා සිටි ලොකෝත්තර නෙලුම් අජිත් නමැති නීලකාස පල් හොරා තක්කඩියාගේ රෙදි ගලවා උගේ හෙලුව පෙන්වා දුන් පරිදිම මේ ගැන සොයා බලා පාඨකයින් දැනුවත් කිරීම නුඹේ සමාජ වගකීමකි. එය ඉකම්ණින් ඉටු කරනු ඇතැටි අප බලා සිටිමු.

    ReplyDelete
  9. ආචාර්ය කුමාර,

    පසුගිය 2015 ජන. 08 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය වැදගත් පියවරක් වුවද එම ආණ්ඩු පෙරළියට නායකත්වය දුන් රාජපක්ෂලා තරමටම දූශිත දේශපාලන නායකයන්ට හෝ සමාජ බලවේගයන්ට මනෝරාජික ඉදිරි දැක්මක් මිස යථාර්ථවාදී ඉදිරි දැක්මක් තිබුණේයැයි කිව නොහැකිය. එම දේශපාලන ආවේගය තුළ තිබුණු ප්‍රබලම ලක්ෂණය වුයේ රාජපක්ෂ පාලනය පරාජය කිරීම හා ඒ මගින් රටේ පාලනය බලය හිමිකර ගැනීමය. ලංකාව මුහුණ දී තිබුණ සංකීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන යථාර්ථවාදී දැක්මක් හා ඒ සඳහා වන අධිෂ්ඨානයත් එම ආවේගය තුළ නොතිබුණි.

    වර්ෂ 2009 ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කරන අවස්ථාවක් වනවිට රට තිබුණේ සුන්බුන් ගොඩක් බවට පත්වු රටක තත්ත්වයකය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ අරගල හා ඒවා මර්දනය කිරීමට දරන උත්සාහය තුළ ලක්ෂයකට වැඩි පිරිසක් මරණයට පත්ව තිබුණේය. කායික වශයෙන් ජීවත් වු මිනිසුන්ද අඩු වැඩි ප්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත් මිනිසුන් බවට පත්ව තිබුණේය. ප්‍රචණ්ඩ රළ පහරට හසුවී බොහෝ දේ විනාශ වන විට මුළුමනින් විනාශ නොවී ඉතිරි වූ හැම දෙයක්මත් විකෘති දූෂිත හා ජරපත් බවට පත්වූ දේවල් බවට පත්ව තිබුණේය. ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රමය, අධිකරණ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය හා වෙනත් සියලු ආයතන ක්‍රම විකෘති වු දූෂිත වු හා ජරපත් වු දේවල් බවට පත්ව තිබුණි. දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයන්ද, නිලධරතන්ත්‍රය හා නිලධාරීන්ද, ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන්ද, ආගමික ආයතන හා පූජකයන්ද පවුල හා සමාජයද එම මහා ප්‍රවාහයට හසුවී දූෂිත හා ජරපත් බවට පත්ව තිබුණි. රටේ ආර්ථිකයද පහසුවෙන් ගොඩගත නොහැකි ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබුණි.

    කෙසේ හෝඑ රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රභාකරන් පරාජය කිරීමට සමත් වුවත් රට, රාජ්‍යය, සමාජය හා ආර්ථිකය ඇද වැටී තිබුණු සංකීර්ණ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් හා යථාර්ථවාදී ඉදිරි දැක්මක් ඔහුට නොතිබුණි. සුන්බුන් ගොඩක් බවට පත්ව තිබු රට උගසට තබා එහි යටිතල පහසුකම් නගා සිටුවීමට උත්සාහ කළා විනා අවුල් ජාලාවක් බවට පත්ව තිබු රට රාජ්‍ය හා සමාජ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ඔහුට නොතිබුණි. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් සිදුවූයේ අර්බුදයේ ස්වභාවය වෙනස්වීම පමණය. අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරියට යමින් තිබුණේය. එහිම නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයාට බලය අහිමි කරගෙන ගෙදර යන්නට සිදුවිය. එහිම ප්‍රතිඵලයක් වශයෙන් විරුද්ධ පක්ෂ නියෝජනය කරන නව පාලක පක්ෂයක් බලයට පත්විය.

    ReplyDelete
    Replies
    1. 2015 දී යහපාලන ආණ්ඩුවක වේශයෙන් බලයට ආවද ලංකාව මුහුණ දී තිබුණු විස්තීරණ අර්බුදය ජයගෙන රට රාජ්‍යය හා සමාජය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය යථාර්ථවාදී දැක්මක් හෝ දේශපාලන අධිෂ්ඨානයක් නව පාලකයන්ටද නොතිබුණි. ඒ හැකියාව නව පාලකයන්ට තිබීමේ හැකියාවක්ද නොතිබුණි. ඒ සියලුදෙනාද මෙම ඓතිහාසික අර්බුදය තුළ විනාශ මුඛයට ජරපත් තත්ත්වයට පත්ව සිටි ඇය ලෙස සැලකිය හැකිය. ඔවුහු මෙම අර්බුදය හැදෑරීමට හෝ එය ජයගැනීමට අවශ්‍ය විසඳුම් ගැන උනන්දුවෙන් හැදෑරූ අය නොවෙති. රටේ සිදුවී තිබුණු විනාශය ගැන අවංක කම්පාවක් ඇති කරගත් අය ලෙසද සැලකිය නොහැකිය. ඔවුන්ගේ උනන්දුවට හේතුවී තිබුණේ බලය අල්ලා ගැනීම පමණය.

      ඉදින් මෙම අර්බුදය ජයගැනීම සඳහා වන කරුණු හැදෑරීමක් හෝ පෙර සූදානමක් ඔවුන්ට නොතිබුණු අතර බලය ලැබීමෙන් පසුද කරුණු සොයා බලන හෝ කරුණු හදාරන තැනකට නොගියේය. ඔවුහු මෙම අරමුණ හැදෑරූ අය නොවෙති. ඔවුන්ගේ අසාර්ථකභාවය ඓතිහාසික අර්ථයෙන් විකෘති වූ, දූෂිත වු හා ජරපත් තත්ත්වයකට පත්ව සිටි අය ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඒ සියලුදෙනාද ඓතිහාසික අර්ථයෙන් මහින්ද රාජපක්ෂ සේ ම ඉතිහාසයේ කුණු කූඩයට ගමන් ගනිමින් සිටින්නේ යැයි කිව හැකිය. ලංකාව තම ඉතිහාසයේ අශීලාචාරත්වය රජ කළ එක් යුගයක් අවසන් කරමින් තිබෙන්නේ ඒ සමඟ වහාම ශීලාචාර නව යුගයක් කරා ගමන් ගන්නා ආකාරයට නොව පළමුව අරාජික තත්ත්වයක් කරා ගමන් ගන්නා ආකාරයටය. රටේ දේශපාලන ගමන් මග නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහා රටේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය නිවැරදි ලෙස තේරුම් ගැනීම වැදගත්ය.

      2014 අග රාජපක්ෂ පාලනය බිඳ වැටීමට ආසන්න කාලය වනවිට රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු අවශ්‍ය වේයැයි කියන අදහසක් සහ ඒ සඳහා වන අතිසරල සූත්‍රයක් විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට තිබුණි. එහෙත් පොදු අපේක්ෂකයා තෝරාගත යුතු ආකාරය හා එසේ තෝරාගන්නා පොදු අපේක්ෂකයාගේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි අර්ථ විවරණයක් හෝ ඒ සඳහා වන පොදු එකඟතාවක් නොතිබුණි. සදාචාරමය අර්ථයෙන් නම් පොදු අපේක්ෂකයා වීමේ වැඩි අයිතියක් තිබු පක්ෂ නායකයා ලෙස සැලකිය හැක්කේ රනිල් වික්‍රමසිංහය.

      ඒ වනවිට විරුද්ධ පක්ෂ අතර තිබුණු විශාලතම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන අතර විරුද්ධ පක්ෂයේ අන් සියලු පක්ෂ එකට එකතු කළද ඒවාට තිබු ශක්තිය එජාපයට තිබුණු ශක්තියෙන් සියයට විසිපහක් තරම්වත් නොවීය. එහෙත් තමන්ගේ පක්ෂ නායකයා තරග කළහොත් ඔහුට මහින්ද පරාජය කළ හැකිද කියන සැකයක් එම පක්ෂයේ සමහර අය තුළ පැවති අතර එම ව්‍යාකූලතා නැති කොට ඉදිරියට ඒමට අවශ්‍ය ශක්තිමත් ඉදිරි දැක්මක් හා ආත්ම විශ්වාසයක් එම පක්ෂ නායකයාට නොතිබුණි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන තුරුම්පුවට එකඟවනවා හැර තෝරා ගැනීමට ඔහුට වෙනත් විකල්පයක් නොතිබුණි.

      මෙහිදී දේශපාලන මොළකාරයා තමා මිස පොදු අපේක්ෂකයා නොවන නිසා මහින්ද පරාජය කළහොත් පොදු අපේක්ෂකයාගේ කාර්යය නාමික වී රට පාලනය කිරීමේ පූර්ණ බලය තමන්ට ලැබෙනු ඇතැයි එජාප නායකයා විශ්වාස කළ බවද පෙනේ. මෙවැනි විශේෂ අවස්ථාවකදී බලය බෙදී යායුතු ආකාරය හෝ බලය ලබාගැනීමෙන් පසු රටේ පාලන කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව පොදු එකඟතා ගිවිසුමක් ඇතිකර ගැනීම සාමාන්‍යයෙන් සිදුවිය යුතුව තිබුණ දෙයක් වුවත් එජාප නායකයා ඒ බව තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. ගිවිසුමක් නැතිව වුවත් පොදු අපේක්ෂකයා බලයට පත්වන්නේ ප්‍රධාන කොට සිය පක්ෂයේ බලයෙන් වන නිසා දේවල් පාලනය කිරීමේ බලය තමන්ට ලැබෙනු ඇතැයි එජා පක්ෂ නායකයා කල්පනා කළා විය යුතුය.

      Delete
    2. ආචාර්ය කුමාර,

      2015 මුල රඟ දැක්වූ දින 100ක සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ලබාගෙන තිබුණේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයෙනි. අනුන්ගෙන් ලබාගත් වැඩසටහනක් කරළියට ගන්නට පෙර එම වැඩසටහනේ ප්‍රායෝගිකතාව හොඳින් සලකා බැලිය යුතුව තිබුණි. එසේ වී නම් එම වැඩසටහනට ඇතුළත් ප්‍රායෝගික නොවන මනෝරාජික දේවල් වී නම් ඒවා ඉවත් කොට වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් බවට පත්කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

      ඔබ දකින්න ඇති එම වැඩසටහනේ ප්‍රායෝගික නොවන දේවල් සෑහෙන තිබුණ බව. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් පරාජිත ජනාධිපතිවරයාට බලය තිබුණු පාර්ලිමේන්තුවක් සමඟ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යෑම ප්‍රායෝගික දෙයක් නොවීය. ඉන් සිදුවූයේ ලොකු පාර්ලිමේන්තු බලයක් හිමිකර ගැනීමට තිබුණු හැකියාව නැතිකර ගැනීමය. ජනාධිපති ක්‍රමයක් සඳහා ගොඩනැගී තිබුණු පාර්ලිමේන්තුවට එසේ තිබියදීම ජනාධිපති ක්‍රමය අහෝසි කොට සියලු බලතල පැරණි පාර්ලිමේන්තුවට ලබාදීමද ප්‍රායෝගික නොවන විකාර අදහසක් විය. ජනමත විචාරණයකට නොගොස් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අදහසද ව්‍යවස්ථාවට අනුකූල නොවන මනෝරාජික අදහසක් විය. දූෂණයෙන් කුණුවී තිබුණු ආයතන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමකින් තොරව ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමෙන් දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකර ගතහැකියැයි කියන අදහසද මනෝරාජික අදහසක් විය.

      Delete
    3. 2014 අග පොදු අපේක්ෂකයා කරළියට පැමිණි වහාම පරස්පර විරෝධී ගිවිසුම් දෙකකට අත්සන් තැබුවේය. එක් ගිවිසුමක් ඇතිකර ගන්නේ සෝභිත හිමියන් සමඟය. ඒ ගිවිසුමෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහතික විය. තවත් ගිවිසුමක් රතන හිමියන් සමඟ ඇතිකර ගත්තේය. එයින් සහතික වූයේ ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට එය ප්‍රතිසංස්කරණය කරන බවටය. එම ගිවිසුම් දෙකේ පරස්පර විරෝධී ස්වභාවය හා එම තත්ත්වය අනාගතය කෙරෙහි ඇති කරන්නට නියමිත අවුල කිසිවෙකුත් සැලකිල්ලට ගත්තේවත් සාකච්ඡාවට ලක් කළේවත් නැත. එජාප නායකයාද ඒ දෙස නිහඬවම බලා සිටියා මිස එම විසම තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කළේ නැත. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය සේම මෙම ප්‍රවාහයට එකතු වී සිටි අනෙක් සිවිල් සංවිධානද ඒ ගැන කිසිවක් කතා කළේ නැත. ඒ සියලුදෙනා දැන හෝ නොදැන ලොකු අවුලක් ඇති වන්නට ඉඩ හැර බලා සිටියෝය. පොදු අපේක්ෂකයාටද තමන් අත්සන් කළ ගිවිසුම් දෙකේ ඇති පරස්පර විරෝධීභාවය නොතේරුණා විය නොහැකිය. ඒ නිසා එම දෙකෙන් තමන්ට කැමති දෙයක් තෝරා ගැනීමට ලැබෙන ඉඩ ගැන සලකා සතුටු වූවා විය යුතුය. දැන් ඇතිවී තිබෙන අවුල් පසුව ඇතිවී වර්ධනය වූ දේවල් නොව මුලදීම ඇතිවී පසුව වර්ධනය වු දේවල්ය.

      ඉන් පසුව ඇති වූ අරාජිකත්වයට හේතුව නම් අගමැතිවරයාද ඇතුළුව දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින අයට ඒ සඳහා අවංක හා ඇත්ත වුවමනාවක් තිබුණේ වී නම් විධායක ජනාධිපති ක්‍රමයේ ආරක්ෂාව සඳහා පොදු අපේක්ෂකයා රතන හිමියන් සමඟ ගිවිසුමක් අත්සන් කරන අවස්ථාවේදී ඒ සියලුදෙනා එවැනි ගිවිසුමක් අත්සන් කරනවාට විරුද්ධ විය යුතුව තිබුණි. එහෙත් ඒ අවස්ථාවේදී කිසිවෙක් ඒ ගැන කතා කළේ නැත. ඔවුන් ඒ අවස්ථාවේදී සිය යුතුකම් ඉටු කළේ නම් පොදු අපේක්ෂකයා එවැනි ප්‍රතිපත්ති විරෝධී ගිවිසුමකට අත්සන් නොකරන්නට ඉඩ තිබුණි. විෂබීජ පැළ කරන්නට ඉඩ හැර ඒවා ලොකු ගස් බවට පත්වීමෙන් පසු ඒ ගැන හඬා වැලපීමෙන් ඵලක් නැත.

      එමෙන්ම කුමාර නව ව්‍යවස්ථාවක් සඳහා වන ගැඹුරු හැඟීමක් හෝ දියුණු ඉදිරි දැක්මක් මුල සිටම යහපාලන ව්‍යාපාරයට නොතිබුණි. යහපාලන දේශපාලන නායකයන්ගේ පිළිගැනීමට හේතුවූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ඇති කරන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීම ආයතන ක්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීමට තිබෙන හොඳම විසඳුම වේයැයි ඒ සියලුදෙනා විශ්වාස කළෝය. එම ප්‍රශ්නයට ඒ මගින් ලබාදී තිබෙන විසඳුම විසඳුමක් වී තිබේද? එය මහජනතාව මුලා කිරීමක් නොවේද? එම වැඩසටහනේ නිර්මාතෘවරු ජනමත විචාරණයකින් තොරව ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අපේක්ෂා කළෝය. ඒ සියලු විකාර මතවාදයන් යහපාලන ව්‍යාපාරයේ දී සියලු නායකයෝද පිළිගත්තෝය.

      ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන විෂයේදී අපට තිබෙන්නේ ගෞරවයට හේතුවන ඉතිහාසයක් නොව අපකීර්තිමත් හා අශීලාචාර ඉතිහාසයකි. නව ව්‍යවස්ථා සම්පාදනය එම අපකීර්තිමත් තත්ත්වයෙන් ඉවත් වී පොදු යහපත පිණිස සත්භාවයෙන් කරන දෙයක් බව සනාථ කිරීමට නව ව්‍යවස්ථා සම්පාදකයන් සමත් වී නැත. මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය සඳහා ඔවුන්ට කප්පම් ගෙවා කරවන ව්‍යවස්ථා සම්පාදනයන් යහපත් ව්‍යවස්ථා සම්පාදනයන් විය නොහැකිය. ජනාධිපති ක්‍රමය අහෝසි කොට සියලු බලතල පාර්ලිමේන්තුවට පවරන්නේ නම් මජර ගලන තරමට කුණුවී තිබෙන පාර්ලිමේන්තුව එම අවලස්සන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන දර්ශනයක්ද ව්‍යවස්ථා සම්පාදකයන්ට තිබිය යුතුය. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා හැරුණු විට කුණුවී ගඳ ගසන තත්ත්වයකට ජරාජීර්ණ වී තිබෙන පාර්ලිමේන්තුව එම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා වන ඉදිරි දර්ශනයක් ව්‍යවස්ථා සම්පාදකයන්ට තිබිය යුතුය. එහෙත් එවැනි දර්ශනයක් තමන්ට තිබෙන බව පෙන්නුම් කිරීමට මෙම ව්‍යවස්ථා සම්පාදනයේ න්‍යායවාදීන් සමත් වී නැත.

      Delete
    4. ආචාර්ය කුමාර දන්නවා ඇති ලංකාවේ හැර පාර්ලිමේන්තු ක්‍රමයක් පවත්නා මොනම රටකවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ව්‍යාපාර කිරීමේ අයිතියක් නැත. එසේ කිරීම සලකන්නේ පුංචි වරදක් වශයෙන් නොව මන්ත්‍රීකම අහිමි කිරීමට හේතුවන තරමේ බරපතළ වරදක් ලෙසය. ඒ යහපත් සම්ප්‍රදාය 1977 වන තෙක් ලංකාවේද පැවතුණි. ඉන්පසු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ ජාවාරම් කිරීමට ඉඩදෙන පාර්ලිමේන්තු විරෝධී කැත සම්ප්‍රදායක් ඇතිවී තහවුරු වූ අතර වර්තමානයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් වශයෙන්ද මත්පැන් ඇතුළු විවිධ බලපත්‍රලාභීන් වශයෙන් ක්‍රියා කරති. මෙම අවලස්සන ක්‍රමය වෙනස් කිරීමේ කිසිම අභිලාෂයක් නව ව්‍යවස්ථා සම්පාදකයන් තුළ තිබෙන බවක් පෙනෙන්නට නැත. පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තුළ එය ඉතාමත් බරපතළ වරදක් ලෙස සලකනු ලැබුවද ඒ ගැන කරන කිසිම කතාබහක් අසන්නට ලැබෙන්නේම නැති තරම්ය. නව ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කොට සියලු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම නම් පාර්ලිමේන්තුව දූෂිත හා ජරපත් කිරීමට හේතුවී තිබෙන සාධක ඉවත් කිරීමට හේතුවන දර්ශනයක් නැතිව හදන ව්‍යවස්ථාව යහපත් ව්‍යවස්ථාවක් විය නොහැකිය.

      දැන් රජය හදන ව්‍යවස්ථාවේ ස්වභාවය ගැන මහජනයාට කිසිදු අවබෝධයක් නැත. මූලධර්ම සඳහා එකඟතාවක් ඇතිකර ගන්නේ නම් හා ඒ මූලධර්ම ප්‍රසිද්ධ කළේ නම් හදන ව්‍යවස්ථාවේ සැකිල්ල කුමක්ද යන්න කල්තියා දැනගැනීමේ හැකියාව මහජනයාට ලැබෙන්නේය. ඉන්පසු මහජනයා අදහස් පළකිරීම් කරනු ලබන්නේද ඊට අනුකූලවය. ඒ ක්‍රමයෙන් බැහැරවීම නිසා හදන ව්‍යවස්ථාව ජනාධිපති ක්‍රමයෙන් බැහැර වන්නේද නැද්ද යන්න තවමත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. ව්‍යවස්ථා සම්පාදනයකදී පිළිගත් ප්‍රතිපත්ති හා සම්ප්‍රදායක් ඇති අතර ඒවා නොසලකා හදන ව්‍යවස්ථාවක් හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද ඉතිහාසයට එකතු වනු ඇත්තේ ඊට පෙර ව්‍යවස්ථා සම්පාදකවලදී ලංකාව අනුගමනය කර ඇති පටු බලලෝභී අරමුණ වෙනුවෙන් කෙරුණු ක්‍රියාදාමයක් ලෙසය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රයෙන් පැන නැගෙන ප්‍රශ්න රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කිරීමට හේතුවනු ඇත. මේ ගැන ආචාර්ය කුමාරගේද අදහස් දැන ගැනීමට කැමතියි.

      - ආචාර්ය ලලීන් වීරකෝන්

      Delete
  10. කාට ද බං ඔය අරුණයා පලු යන්න බනිනනෙ? කුදලයාගේ සෙට් එකට ද?

    ReplyDelete
    Replies
    1. අරූ තුමා දෙසන්නේ ලඟින් ගියොත් ඇහැක් හොරකම් කරනා වර්ගයේ කම්බා හොරෙකු වන ලෝටස් අජ්ජට හිටන්!

      Delete
  11. ////1. සත්‍යවාදී බව - Truth Telling
    2. නිදහස - Independence
    3. හානිය අවම කිරීම - Minimizing Harm
    4. වගකිව යුතු බව - Accountabili///////

    ඔන්න ඔය හතර අපා මාර්ගය තමයි බේබද්දා වුනත් අපේ තාත්තා අපට කියලා දුන්නේ. ඒක් පිලිපදින්න ගිහිල්ලා තමයි අපේ පවුලේ උන් මෙච්චර කල් හුකෝගෙන තියෙන්නේ. ඒත් අපි අපේ දරුවන්ටත් කියලා දෙන්නේ ඔය ටිකම තමයි. අපිට වඩා අපේ දරුවෝ ඔය ඇත්ත ප්‍රැක්ටිස් කරනවා. ඔන්න ඕකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. //Aruna PereraJuly 10, 2017 at 10:28 AM //

      හෝ... අරුන ලොක්කා ..ඔහෙට අන්තිම කරුණ අමතක වෙලා...

      5. යාලුවන් ගේ එයා මයිල් වලින් ලන්කාවට ආවා වැනි බබා හුකුන් කතා කියමින් පොදු ජනතා බුද්දිමය දේපල වලට ව්‍යාජ සම්මාන උලෙලවල් පවත්වමින් දේසපාලුවන් ගේ ඇට මිරිකා ගානක් කපා ගැනීම

      Delete
  12. කර්නල් සුනිල් පීරිස් කියන්නේ විශිෂ්ට සෙබළෙක්. ඒකෙ වාදයක් නැහැ. හැබැයි මෙන්න මේ ජාතියේ අයියලාත් අපේ හමුදාවේ ඉන්නවා ලොක්කා. අනික් කාරණය තමයි දේශපානයට පාසල මොකද්ද කියන එක වැඩක් නැහැ. තමන්ගේ ජාන වලින් එන අමන ගති වලට පාසැල් පලි නැත !

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත

      Delete
    2. @ උදය,

      බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක ගැන තවමත් සැබෑ තොරතුරු අනාවරණය වී නැහැ. ඔබ ඉහත ලින්ක් දමා ඇති "ඊ නිව්ස්" කියන්නේ අතේ පැලවෙන කෙබර සහිත මඩ වෙබ් අඩවියක් බව කවුරුත් දන්නා පොදු අදහසයි. අනෙක ඊ නිව්ස් විවිධාකාර මඩ ගසන බව තර්ජනය කරමින් ඇතැමුන් බ්ලැක්මේල් කර බවට චෝදනා තිබේ. කෙසේ නමුත් බ්‍රිගේ. ජයන්තට ඇති සැබෑ චෝදනා විමසා බලමු;

      Delete
    3. බ්‍රිගේ. ජයන්තට ඇති සැබෑ චෝදනා !

      ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන්
      (ඉන්දිකා රාමනායක)


      ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ සැඟව සිටින හමුදා බි‍්‍රගේඩියර්වරයකු අත්අඩංගුවට ගැනීමට තානාපති කර්යාලය මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව යුද හමුදාව කියයි.

      මෙලෙස අත්අඩංගුවට ගැනීමට දැනුම් දී ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ජයන්ත රත්නායක නැමැති බි‍්‍රගේඩියර්වරයා බව හමුදාව පවසයි.

      බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා ඉකුත් රජය සමයේ 2014 දෙසැම්බර් මස ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබුණි.

      2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී නැවැත ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැති බවද හමුදා ආරංචි සඳහන් කරයි.

      මෙම බි‍්‍රගේඩියර්වරයාගේ එම තනතුරට දැනට නාවික හමුදා නිලධාරියකු පත් කර ඇති බවත් මින් ඉදිරියට එම තනතුර ශි‍්‍ර ලංකා නාවික හමුදාවට ලබා දී ඇති බවද හමුදාව කියයි.

      සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා මෙතෙක් හමුදා සේවට වාර්තා කර නොමැති හෙයින් ඔහු හමුදාව හැරගිය පුද්ගලයකු වශයෙන් නම්කර ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවයි.

      මොහු රාජත්‍යාන්තික විදෙස් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් මෙලෙස සැගවී සිටින හෙයින් මොහු අත්අඩංගුවට ගැනීමට ඇමැරිකානු තානාපති කාර්යාල මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශවරයා කීය.

      මෙම නිලධාරියා කර ඇති යම් යම් කි‍්‍රයා හේතුවෙන් වසර කිහිපයක් පුරා යුද හමුදාවට හිමිව තිබු එම ආරක්ෂක උපදේශක තනතුර හමුදාවට අහිමි ව ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

      Delete
    4. @ උදය දිසානායක,

      දැන් ඔබට තේරෙනවා ඇති, ඔහුට ඇති සැබෑ චෝදනාව; ඔහු මිනී මැරුම් අතුරුදන් කිරීම් කළ බව හෝ ගෝඨාගේ දකුණු අත ලෙස සිටි බවට පැහැදිලි චෝදනා/ සාක්ෂි නැත. (තිබේ නම් ඉදිරිපත් කරන්න)

      රාජපක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලය සඳහා යැයි කුලියට ගෙන තිබූ "සුපිරි නිවසක්" එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ "ගෝඨාභය රාජපක්ෂගේ පුත්‍රයාගේ පරිහරණය සඳහා" යොදාගෙන තිබූ බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ල (මේ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම විමර්ශන කටයුතු ආරම්භ විය.) අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා ඇමරිකාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න යන නිලධාරීන් එහි FBI ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබුනු බව ඔබට මතක ඇති.

      එවකට ලොස්ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ මල්රාජ් ඩි සිල්වා මහතාගෙන් හා ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික සහකරු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක යන අයගෙන් කටඋත්තර ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු විය.

      මල්රාජ් ඩි සිල්වාට මෙම පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු අමෙරිකානු පුරවැසියකු වන බැවින් අවශ්‍ය නම් තමා පවසන තැනට පැමිණෙන ලෙස කළ දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා ඔහු හමුවීම සඳහා අදාළ නවාතැනට ගොස් ඇතත් මල්රාජ්ගෙන් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබී නැත. එහි දී එෆ්. බී. අයි. ආයතනය නියෝජනය කරමින් පැමිණි නීතිඥවරු දෙදෙනකු මල්රාජ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අයිතියක් නැති බව පෙන්වා දී ඇත. එහෙත් තමන් පැමිණියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇති නමුත් අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට නොහැකි බවත් ඒ ඇමරිකානු නීතියට එරෙහි වීමක් බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිදු වන බවත් දැනුම් දී ඇත.

      කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත. එසේ ම ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වීමේ අනතුරක් තිබුණු බැවින් විමර්ශන කටයුතු සඳහා මෙරටින් රැගෙන ගිය ලියකියවිලි සහිත ගමන් බෑගය හෝ රැගෙන ඒමෙන් තොරව දිවයිනට පැමිණි බවත් වාර්තා වේ.

      Delete
    5. අපරාධ විමර්ශන කටයුතු සඳහා විදේශ රාජ්‍යයකට යෑමේ දී අනුගමනය කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් ගැන අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා මීට පෙර අවස්ථාවක දී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු කඩාකප්පල් වූ බව ද වාර්තා වී ඇත. ඒ අතර රාජපක්ෂවරුන්ගේ හා එම හිතවතුන්ට අයත් රුපියල් බිලියන ගණනක වූ මුදල් තැන්පත් කර තිබූ බවට සැක කරන ඩුබායි හි බැංකු ගිණුම් ගැන තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම ප්‍රධාන සිදුවීමකි.

      ඒ කෙසේ නමුත් මෙම ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාල ගොඩනැඟිල්ලේ සේවය සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම පසුගියදා සිදුව තිබේ. එසේම ඔවුන් දෙදෙනාට මෙරටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීම ද පසුව සිදු විය. ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි මෙම හමුදා නිලධාරීන් දෙදෙනා ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලයෙහි සේවය සඳහා යෙදවීම මුළුමනින් ම නීති විරෝධී කටයුත්තක් බවට චෝදනා ඇත. කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොර ව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිතුමතේට මෙම නිලධාරීන් ලොස්ඇන්ජලීස් හි සේවයට යොදවා ඇතැයි චෝදනා තිබේ.

      හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රූපවාහිනී ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යාංශයෙන් බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇමැතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම නිවාස යළි භාර දීමේ දී අලාභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට සිය අමාත්‍යාංශයට සිදු වූ බව ද කියා සිටියේය.

      මෙම සිදුවීම වන විට ඇමරිකාවේ ද පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හා මහජන මුදල් අවභාවිත කරමින් ඉදිකළ වීරකැටිය ඩී. ඒ. රාජපක්ෂ සොහොන සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනය වෙනුවෙන් බව ද දැනගැනීමට තිබේ. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ අත්අඩංගුවට ගැනීම නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයා හා තවත් ජ්‍යේෂ්ඨ ඇමැතිවරුන් හමුවේ දැනුම් දී ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඒ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර ගැනීමක් බවත් අවශ්‍ය නම් අත්අඩංගුවට ගැනීමකින් තොරව නඩු පැවරිය හැකිද යන්න ගැන සොයා බලන ලෙසත් විමර්ශන නිලධාරීන්ට දන්වා ඇති බව ද පැවසේ. මීට පෙර ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් ඇති විමර්ශන කටයුතුවල දී ද ඇයව කිසිසේත් ම අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළ යුතු බවට ජනාධිපතිවරයා පොලීසියට දැනුම් දී තිබුණු බව වාර්තා විය. එහෙත් අපරාධ නඩු විභාගයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නීතියේ මූලික කටයුත්තක් වන නිසා ඒ සිදු කළ හැකිදැයි සැක සහිතය.

      Delete
  13. //මරියකඩේ ගතකල ආනන්දේ අයියලා දෙදෙනෙකු//

    මේ උදවිය මරියකඩේටවත් ඔබින්නෙ නැහැ, හැබැයි ඔය අනිත් තරු ඉස්කෝල වලින් ගිහින් බහිරවයෝ වගේ එල්ලිලා ඉන්නා උදවියගේ කැරැට්ටුවත් ඔය වගේම තමයි.

    හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් !

    අන්තිමට මුන්ව පත් කරපු අපිටම තමයි ඕන මඩු වලිග වලින්, අප්පොච්චයි උගේ මස්සිනායි බදාගෙන කාල හපයක් කරපු එක මුන් ටික එකතු වෙලා බෙදාගෙන කනවා සක්කිලියෝ රැළ.

    "පීලින් ඩිස්ගස්ටඩ් විත් කරන්ට් ස්ටේට් ඔප් අපෙයාර්ස්" :- (

    ReplyDelete
    Replies
    1. අපිනම් පීලින් ඕසන් විත් යහපාල්නේ අන්ඩ් ෆෝටි තීව්ස් හිටන්!

      Delete
  14. අතිගරු වෛද්‍ය කුමාර් කළුආරච්චි මැතිඳුනි,

    අපගේ නව වෙබ් අඩවියේ ආරම්භය සනිටුවහන් කරන්නට අපි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කළෙමු. ඔබතුමා අපගේ ආරාධනය පිළිගන්නේ ද යන්න දැන ගන්නට අපි රිසියෙමු. නව වෙබ් අඩවියේ ලිපිනය අපි ඔබතුමාගේ mallepol@mail.com ලිපිනයට එවන්නෙමු.

    ස්තුතියි!

    විපැරාකරණ සාමූහිකය.

    ReplyDelete
  15. සරාසා
    නෙලුම් යායේ පරණ කෙස් ඇදෙනකොට මාතලන් ඇනො වහනවා

    මාතලන් ලොක්කා කොහොමත් ඉතින් දිව දෙකේ හිකනලයෙක්නේ ...ගෙවීමේ ක්‍රමයට වැඩනේ ඔය ....

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන්නත් සිරිකොතේ කුලී ලියන්නෙක් කියල බොහොම පැහැදිලිවෙලා තිබෙත්දී සම හරක් ඇස්කන් වහගෙන ඉන්නවා!

      Delete
    2. ඌ. ඇම්. පී. තමයි. මගේ ලේවල තියෙන එකනේ

      මීට ගොංතලං

      Delete
    3. මාතලන් ට එරෙහි මේ මඩ ව්‍යාපාරය මෙහෙයවන්නේ කෙස් සහ ලැජ්ජාව නැති සිනුවර වාසියෙකු වත්ද?

      Delete
  16. සංවාද මණ්ඩපයත් පාළු ව ගොස් ඇති මේ අවස්ථායේ දී අපි ගීතයක් ඉදිරිපත් කිරීමට කල්පනා කළෙමු. උපාලි ධනවලවිතානයන් ලියූ, සරත් දසනායකයන් සංගීතවත කළ, මිල්ටන් මල්ලවාරච්චීන් ගැයූ මෙම ගීතය අපි අතිගරු සරසතුමා වෙනුවෙන් මෙහි පළ කරන්නෙමු (මෙම ගීතය රසවිඳින කල අතිගරු සරසතුමාට තේජා කොටින්කඩුව මැතිනිය සිහි වන බව අපි දනිමු).

    පෙර එක දවසක සඳ නැති සවසක
    ඔබ මා සමුගත් ඉවුරු තලාවේ
    යළි අප හමුවේවා
    යළි අප හමුවේවා

    ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
    මගේ පැතුම් ලොව සසල කලා සේ
    නීල නුවන් ඇති දෑල වලින් ඔය
    තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ

    පෙර එක දවසක සඳ නැති සවසක...

    එක ම වරක්‌ හෝ නෙත සනසන්නට
    ආශාවෙන් මා ඔබ දෙස බලලා
    එක ම වරක්‌ නො ව එක හෝරාවක
    දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

    පෙර එක දවසක සඳ නැති සවසක...

    ReplyDelete
    Replies
    1. මගේ උදේ කෑම:

      http://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html
      පාන් කෑමේ දුසිරිතෙන් ගැලවෙමු! - Limit your carb intake!

      දවල්ට කන හැටි:

      http://rasikalogy.blogspot.com/2015/11/eat-like-king.html
      මා කන හැටි මොකා දනී? - Eat like a king...!

      තේ බීම:

      http://rasikalogy.blogspot.com/2015/04/afternoon-tea-time.html
      දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?

      විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මම වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

      එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

      -රසිකොලොජිස්ට්

      Delete
    2. අපි නම් ඕකට කියන්නෙ හීනමානෙ කියලා හිටන්!

      Delete
  17. ෆේස්බුක් එකෙන් රට හදන්නට පුළුවන් ද?
    තරුණ සංවාදය: යහපත් රටක් හදන්නට සමාජ මාධ්‍ය

    සමාජ මාධ්‍යවලට ප්‍ර‍ජා සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් කොහොමද යන තේමාව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබේ.

    දිනය: ජුලි 18 / වේලාව: පෙ.ව. 10 සිට 12 දක්වා

    ස්ථානය: ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, හෝර්ටන් පෙදෙස, කොළඹ 7

    සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යවලින් සමාජ මාධ්‍යවල යෙදී සිටින ප්‍ර‍ධාන ක්‍රියාකාරිකයන් තිදෙනෙකු සංවාද සභාව අමතනවා.

    01. නදී වාසලමුදලිආරච්චි (nadiewma), ලේඛිකා, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික

    02. පී. ගෝපිහරන් (@gopiharan)- සමාජ මාධ්‍ය ක්‍රියාකාරික

    03. හිමාල් කොතලාවල (@himalkk) ජනමාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය බලපෑම්කරු

    සාකච්ඡාව භාෂා තුනෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ එම්.සී. රස්මින් විසිනි.

    (සහභාගි වන සියලු දෙනාට ඒ මොහොතේ ම හෙඩ්ෆෝන් මගින් භාෂා තුනෙන් ම පරිවර්තන ලබා ගත හැකි ය.)

    මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ප්‍ර‍ජාව විසින් ධාවනය කරනු ලබන ඩිජිටල් ජනමාධ්‍ය අන්තර්ගත වේදිකාවක් හා තරුණයන් සඳහා විකල්ප මාධ්‍ය අවකාශයක් වන www.iVoice.lk විසිනි. ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරනු ඇත.

    පහත සබඳතා පුරුක ඔස්සේ ලියාපදිංචි වන්න. (සමරු තිළිණ, ශබ්ද උපකරණ, සංග්‍ර‍හ වැනි කරුණු නිසා ඔබගේ පැමිණීම තහවුරු කිරීම ඉතා වැදගත් බව සංවිධායකයන් පවසනවා.) ඔබේ හඬට ඉඩක්!
    http://bit.ly/2sp7X4J

    @ivoice.lk සමග සම්බන්ධ වන්න. මෙම වැඩසටහන සජීවීව විකාශය කරනු ලැබේ.

    සම්බන්ධව ඉන්න #iVoice

    ReplyDelete
    Replies
    1. විපැරාකරණ සංහිතා
      =================

      ආදී ඔක්ස්බ්‍රිජ් විද්‍යාර්ථීන්ගේ ලාංකීය සංගමය විසින් සංවිධානය කෙරෙන විපැරාකරණ සංහිතා දේශන මාලාවේ පළමු වැන්න ළඟ දී ම පැවැත්වීමට නියමිත ය. ලාංකීය වාම විප්ලවීය දේශපාලනයට එරෙහි ව සිදු වූ අවසන් මහා පාවාදීම හෙළි වීමත් සමඟ එකී මහා පාවාදීමේ නිර්මාපකයා වූ මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පැරකුම් ජයසිංහ භ්‍රෂ්ටයා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයෙන් නිල වශයෙන් නෙරපා හැරීමේ දස වන සංවත්සරය අලළා මෙම දේශන මාලාව ඉදිරිපත් වේ.

      දේශන:

      ජ.වි.පෙ සිට හිරු දක්වා ප්‍රගතිශීලී ගමනක අවසානය හෙවත් එ.ජා.ප. ය දක්වා ප්‍රතිගාමී ගමනක ආරම්භය - පැරාවලෝකනය

      න්‍යායමුක්ත දේශපාලන භාවිතාවේ ව්‍යාකූලත්වය හෙවත් සමාජවාදය උදෙසා ධනවාදය සමඟ යහන්ගත වීමේ පැරාමය විසුළුව

      පැරාමය සමාජවාදය හෙවත් නාසි සමාජවාදී උතෝපියාව උදෙසා අකුරු ගැළපීම හෙවත් ඩබ්ලිව් තුන ලංකා

      වාම විප්ලවීය දේශපාලනය තුළ වැඩුණු, දශකයකට පෙර තියුණු සැත් පහරින් ඉවත් කරනු ලැබූ මාරාන්තික පිළිකාව යළි නො වැඩෙන්නට කළ යුතු ම විකිරණ චිකිත්සාව හෙවත් විපැරාකරණය

      දේශකයෝ:

      ලාංකීය පැරණි වාම විප්ලවීය සහෝදරත්වය
      ඕර්තඩොක්ස් මාක්ස්වාදී සහෝදරත්වය
      විදග්ධ මාධ්‍ය සහෝදරත්වය
      සම්භාව්‍ය මාර්ක්ස්වාදී සහෝදරත්වය

      පසුගිය දස වසරක කාලය තුළ ඩබ්ලිව් තුන ලංකාහි වාරණයට ලක් වූ අදහස් දැක්වීම්වල සංගෘහිත ප්‍රකාශනයක් ජනගත කිරීම ද මෙම දේශන මාලාවට සමගාමී ව සිදු වනු ඇත.

      සංවිධායක කමිටුව

      Delete
  18. කැනඩා මනෝ චිකිත්සක තමන්ගේ මං පොර ජාතකයේ තව පම්පොරියක් ගහල. Citation style එක අවුල් වගේ. Sa rasa ගේ අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එහි භාශා ව්‍යවහාරය අන්තිම දුප්පත් නේද?

      Delete
  19. හිතවත් පැරා,

    ඔබගේ නව ව්‍යාපෘතියට අප අපගේ හෘදයංගම සුභාශිංසන එක් කරනවා. අපට ඔබ සමඟ ඇත්තේ දේශපාලන විසංවාදයක් පමණි. අතීතයේ දී ඔබ අපට එරෙහි ව නැඟූ අස්ථානීය චෝදනාවල නිෂේධනීයභාවය ඔබ වර්තමානය වන විට අවබෝධ කර ගෙන ඇති බව අප පසු ගිය සමයේ දී නිරීක්ෂණය කළා. ඔබ කියන්න වෙබ් අඩවිය ආරම්භ කළ විට අප ඒ ගැන ලියූ සටහන ඔබට යළි සිහි කරන්නට කැමැති යි. පූර්ව-සුනාමි යුගයේ සිටි පැරා යනු අපගේ මතකයේ සදා සොඳුරු සිත්තමකි. දැන් ඔහු මිය ගොසින් ය. වර්තමානයේ සිටින පැරා යනු සිරිකොත න්‍යායපත්‍රයට නටන භූතාත්මයක් පමණ යි. ඔබ ආචාර්ය සිල්වා සමඟ එක් ව රට විනාශයට ගෙන යන විට අප ආචාර්ය කළුආරච්චි සමඟ එක් ව එම විනාශකාරී ගමන නවතා රට යළි සෞභාග්‍ය කරා ගෙන යා යුතු යි. එහි දී අපට ඔබ සමඟ දෘෂ්ටිවාදමය ඝට්ටනයකට එළඹෙන්නට සිදු වේවි. එය දේශපාලනකි බව පමණක් අවධාරණය කරන්නට කැමැති යි.

    ඔබ අපගේ අතීත ආලෝචන වාරණය කළ සේ ම මෙම ආලෝචනය ද වාරණය කළාට කම් නැත. අප මෙම ආලෝචනය ලියුවේ ඔබට ය. අප ඔබගේ වියුනුවට ලිවීම නවතා දැන් වසරකට ද වැඩි ය. ලංකාවේ වැඩි ම පිරිසක් කියවන වියුණුවේ අප වෙනුවෙන් අසීමිත ඉඩ ඇති බව ඔබගේ දැන ගැනීමට පවසමු.

    ReplyDelete
    Replies
    1. විදග්ධ කතිකාවක් ජනමන රුචිකර ලෙස ගෙන එන වියුණු ලොව කුමර වියුණුව: “කියන්න”
      =============================================================================

      අනූව දශකයේ පළමු වැනි භාගයේ දී අන්තර්ජාලය පිළිබඳ යම් යම් කතා මෙරට අගනගරය ආශ්‍රිත ව තරුණ කවවල අවිධිමත් සංලාපයන් අතරට එක් ව තිබිණි. එදවස රාමක්‍රිෂ්ණන් මාවතට නුදුරු ව, සමුද්‍රාසන්න ව පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යන ලද අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවයක ශ්‍රී ලංකා කාර්යාලයේ අබලං පුටුවකට බර දී, සන්ධ්‍යා මානයේ ක්ෂේත්‍ර වාර්තා ලියමින් සිටි මම එතැන් සිට දශකයක් ගත වන්නටත් පෙර අන්තර්ජාලය මෙතරම් මෙරට ව්‍යාප්ත වෙති යි යන්න හෝ එය ජන ජීවිතයේ මෙතරම් සංඝටනීය අංගයක් බවට පත් වෙති යි හෝ නො සිතීමි. වර්තමානය වන විට තොරතුරු ලබා ගැනීමේ සහ තොරතුරු බෙදා හැරීමේ මූලික ක්‍රමය බවට අන්තර්ජාලය පත් ව ඇත. විසි එක් වන ශතවර්ෂයේ පළමු වැනි දශකයේ මැද දී ප්‍රචලිත වූ බ්ලොග්කරණය (වියුණුකරණය) සිංහල ඒකකේත අක්ෂර භාවිතය සමඟ නව්‍ය ප්‍රාණයක් ලබා මෙරට ව්‍යාප්ත විණ. වර්තමානයේ බ්ලොග්කරණය විසින් මාධ්‍යකරණය ප්‍රතිනිර්වචනය කරනු ලැබ ඇත.

      පාසල් ගුරුවරයෙකු ව දුෂ්කර සේවයේ යෙදී සිටි සමයේ දී වාර්තාකරුවෙකු ලෙස මාධ්‍ය ක්‍ෙෂ්ත්‍රයට පිවිසි අජිත් පැරකුම් ජයසිංහ මහත්මා මාධ්‍ය ලොව පියවරෙන් පියවර ඉදිරියට පියනඟා මෙරට ප්‍රමුඛ විප්ලවීය පුවත්පතක අගසකසුකම ද දැරූ කෘතහස්ත මාධ්‍යවේදියෙකි. කිසි යම් මතවාදමය විසංවාදයක් නිසා ප්‍රමුඛ ධාරාවේ මාධ්‍ය කරළියෙන් විතැන් වූ අජිත් පැරකුම් ජයසිංහ මහත්මා වර්ෂ දෙදහස් නවයේ දී පමණ බ්ලොග්කරණයට පිවිසෙන්නේ ය. විවිධි ආකෘති කීපයක වියුණු කීපයක් අත්හදා බැලූ ජයසිංහ මහත්මා විසින් නිත්‍ය ව නිර්මාණය කෙරෙන ඩබ්ලිව් තුන ලංකා වියුණුව සිංහල වියුණු ලොව අග්‍රසේර වන්නේ ය.

      ඩබ්ලිව් තුන ලංකා නිර්මාතෘ අජිත් පැරකුම් ජයසිංහ මහත්මා දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ බ්ලොග්කරුවෙකි. ලන්ඩනයේ සුප්‍රකට අජිත් ධර්මා පදනමෙන් ගෞරවාන්විත නෙළුම්යාය සම්මානය දිනා ගත් අජිත් පැරකුම් ජයසිංහ මහතා, සුදත් මහදිවුල්වැව අභිදේශනය, පිලිප් ශාන්ත ගුණානුස්මරණ අභිදේශනය ඈ සුවිශේෂී ශාස්ත්‍රවන්තයෙකුට පමණක් හිමි වන අභිදේශන කීපයක් ම කිරීමට වරම් ලද දුර්ලභ පඬිරුවනක් වන්නේ ය. ජයසිංහ මහතා විසින් සිංහල බ්ලොග්කරණයට කරන ලද සුවිශාල සේවය අගයනු වස් එතුමාට “බ්ලොග්පති” ගෞරව නාමය තරුණ බ්ලොග්කරුවන් විසින් ලබා දී ඇත. තව ද ජයසිංහ මහතාගේ අනුගාමික හිතෛෂීන් විසින් “වියුණුපති” සම්මානය එතුමාට ප්‍රදානය කිරීමට කටයුතු සලසනු ලැබ ඇත. සතළිස් ලක්ෂයකට වැඩි පාඨක ප්‍රජාවක් අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සමඟ නිබඳ ව අන්තර්ක්‍රියා කරති. ජයසිංහ මහත්මා සැබෑ ජන පදනමක් ඇති, දේශපාලනික ව සවිඥානික සමාජ ක්‍රියාකාරිකයෙක් ද වේ. . මෙරට කීර්තිමත් විප්ලවීය පුවත්පතක අගසකසු ව සිටිය දී එම තනතුර සඳහා හෝ ගුරු වෘත්තිය අත් නො හැරි ජයසිංහ මහත්මා බ්ලොග්කරණය සඳහා ගුරු වෘත්තිය අතහැරීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ බ්ලොග්කරණයට එතුමාගේ ඇති කැපවීම ය.

      නර කෙසින් ද බුහුමන් ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගේ නව බ්ලොග් සත්කාරය “කියන්න” නමින් ජනගත ව ඇත. “කියන්න” යනු පාඨක ඔබට ඔබගේ අදහස් විවිධ ආකාරයට කියන්නට ඉඩ සලසන ඔබගේ වේදිකාව යි. ලිඛිත ව සේ ම සේයා රූ ඈ අවශේෂ ආකාරවලින් ද ඔබට “කියන්න” සමඟ එක් විය හැකි ය. “කියන්න” අඩවියේ පළ වන සටහන් විදුහුරු ය. විවිධ සමාජ ස්ථිතීන් හා ගතිකයන් පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවන් ළගන්නාසුලු ආකාරයකට “කියන්න” මඟින් අරඹනු ලැබ වර්ධනය කෙරේ. සරල සුමඟ ඉදිරිපත් කිරීම නිසා “කියන්න” අඩවියේ සාකච්ඡා වන මාතෘකා රුචිකර යි; ජනමන නො වෙහෙස යි.

      පාඨක ඔබගේ හිතාදර අජිත් පැරකුම් ජයසිංහ මහත්මා “කියන්න” වැනි මහා ව්‍යාපෘතියකට මුල පිරුවේ පුරා වසර හතක් තිස්සේ සතළිස් ලක්ෂයකට අධික පාඨක ඔබ එතුමාට ලබා දුන් අනවරත, නොමඳ සහය නිසා ය. එතුමාගේ සාර්ථකත්වය පාඨක ඔබ ය. ඩබ්ලිව් තුන ලංකා වෙත පාඨක ඔබ දැක් වූ අපරිමිත දායකත්වය “කියන්න” වෙත ද එලෙස ම දක්වනුඇති බවට සැකයක ලේශ මාත්‍රයක් හෝ නො පවතී. “කියන්න” යනු ඔබ පාඨකයා මෙන් ම ලේඛකයා ද බවට පත් කරවන මහඟු ව්‍යාපෘතියකි. එහි සම්පත් දායකයෙකු වන්නට ඔබ කළ යුත්තේ ඔබගේ අදහස් “කියන්න” වෙත එකතු කිරීම ය. “කියන්න” සමඟ එකතු වන ඔබට “අන්තර්ජාතික ව්‍යාපෘතියකට අපි ද දායක වුණෙමු” යන පහන් සංවේගය ඇති වනු නිසැක ය.

      ඔබගේ දිනපතා කිය වන වියුණුසටහන් අතරට විදග්ධ කතිකාවක් ජනමන රුචිකර ලෙස ගෙන එන වියුණු ලොව කුමර වියුණුව: “කියන්න” ද අද ම එක් කර ගන්න.

      www.kiyanna.lk

      “කියන්න” සමාරම්භක පාඨකයෙක්.

      Delete
    2. APJ marketing style;

      මුණුපුරා - ටවුමේ පිචර් හෝල් එකට අලුත් පිචේර් එකක් ඇවිත් සියේ, නියම පිචර් එකක් සියේ වැදී කෙල්ලෙකුයි වදුරෝ රැලකුයි ඉන්න කතාවක් ! යමුද සියේ බලන්න

      සියා - අනේ වයසක මට මොන පිච්ර්ද ?

      මුණුපුරා - සීයාට කියන්න ඒ වැදී කෙල්ල ඉනට පොඩි රෙදි කැල්ලක් විතරයි ඇදගෙන ඉන්නේ පිචර් එක ඉවර වෙනකන්ම !

      සියා - යමන් යමන් පුතේ යමන්, හුග කාලෙකින් මම වදුරෝ ටිකක් දැක්කේ නැහැ !

      Delete
  20. අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගේ උපදේසක පෙඩා වෙලත් ඇයි බං බ්ලොග් චක්‍ර‍වර්ති මාතලන්ගෙ පොටෝ එක නැත්තේ??? (මාතලන් යනු සිංහල ඩේටුඩේ දේශපාලන සමාජ මාධ්‍ය අවකාශයේ මර්වින් සිල්ව වගෙ පොරක් නිසා මාධ්‍ය සංවාද වලදි ඔහුගෙන් අජිනොමොටෝ එෆෙක්ට් එකක් ලැබෙනු ඇත, එය සභාතමෝගෙ නිදිමත අඩු කරන බවනම් නියතයි.)

    පැරා උඹ මොන *ුත්*ක් කලත් කමක් නෑ W3න් දෙන තෙත් කලාපීය දේශපාලනාතල් නම් අඩුකරන්න එපා !

    U.N Ajith Perakum Jayasinghe මැතිතුමාට ජයවේවා!

    #iVoice වැජඹේවා!

    ReplyDelete
  21. කිමෙක්ද මේ සාරස තුමා අජිත් මැතිඳුන් කෙරේ ඇති අරෝව?
    කලෙක ලන්ඩන් වැසි අපේ තාරකා විද්‍යාඤ අජිත් මැතිඳු තවත් කලෙක මතුගම්වාසි බ්ලොග්පති අජිත් මැතිඳු.
    කිමද තෝරුන් මෝරුන් අතැර හාල්මැස්සන්ම පසුපස

    ReplyDelete
    Replies
    1. - බන්‍දුල කුදලාගම

      Delete