Thursday, August 4, 2016

හිතවත් ඉන්දුනීසියානු වැසියෙනි....



ස ර ස තුමා කඩිමුඩියේ මේ බ්ලොග් පෝස්ට්ටුව ලියන්නේ ඔහෙලාට ඇති හිතවත්කමට ය. 

ගියපාර සුනාමියේ දී ලන්කාවටත් වඩා අලාබ හානි වුනේ ඔහෙලාට බව ස ර ස තුමා ට මතකය. කොරේ පිටට මරේ කිවුවා වගේ එලෙස පරිප්පු කෑ ඔහෙලාට තවත් කරදරයක් වෙන්ට යනවානම් ඒ ගැන ඔහෙලා දැනුවත් කොරලා තබන්නට ස ර ස තුමා සිතුවෙමි.

සිරි ලන්කාවේ ලොක්කා වන රනිල් වික්‍රමසින්හ තුමා ලඟකදී ඔහෙලාගේ රටට ආවාය. ඇවිදින් ආර්තික ගිවිසුම් තුන හතරක් ම අස්සන් කොලා කියා රූපවාහිනියේ කිවුවා හිටන් ය.

රනිල් වික්‍රමසින්හ තුමා ලන්කාවේ අගමැති වී සුමානයකින් පමන අපේ ප්‍රදාන අපනයන බෝග වූ තේ සහ රබර් වල මිල සීයට පනහකින් පමන අඩු වී ගියේය... දන් සිරි ලන්කා වාසින් රබර් කපන්නේ නැහැ හිටන්!

කැලනි ගඟ උතුරා ගොස් මිනිසුන් සිය දහස් ගනනක් අනාත විය.... සාලාව අවි ගබඩාව පුපුරා ගොස් තවත් සිය දහස් ගනනකට උන් හිටි තැන් නැති විය!

එතුමා ජරුමනියේ ෆොක්ස්වැගන් කරුමාන්තසාලාව එක්ක ගිවිසුමක් අස්සන් කොරලා  තීන්ත වේලෙන්නත් කලියෙන් අගේට හිටි ෆොක්ස්වැගන් කරුමාන්තසාලාව බන්කොලොත් විය..

ඔහෙලාට වඩාත් තේරුම් තියෙනා විදියට කිවුවොත් රනිල් තුමාට බරකත් නැත..... නැකත් පත නම් තිබේ!

එහෙවු එකේ ඔහෙලා ටිකක් හෝදිසියෙන් ඉන්න එක හොඳය... අහක යන ටයිෆූන් එකක් , බූමි කම්පාවක් හෝ සුනාමියක් ඔහෙලා ගේ ඇඟට කඩා වැදීමට සෑහෙන්න ඉඩ කඩ මතු වී ඇත!

අපිට නම් එහෙම දෙයක් වුනොත් නැවත හෙල්පින් හම්බන්තොට ගේමක් ගසා ගොඩ යා කැකි ය... ඔහෙලාට අබ සරණය!





37 comments:

  1. අපිට නම් එහෙම දෙයක් වුනොත් නැවත හෙල්පින් හම්බන්තොට ගේමක් ගසා ගොඩ යා හැකිය ///// ha ha ha

    ReplyDelete
    Replies
    1. රාජපක්ශ තුමාගෙන් සරස තුමාටත් ඉල්ලාගෙන කෑමේ දක්ෂතාවය බෝ වෙලාද?

      Delete
    2. Trans SylvaniaAugust 4, 2016 at 5:02 PM

      විහුලුවක් නෙවෙයි ට්‍රන්සිල්වේනියා තුමෝ!

      Delete
    3. ඉයන්August 4, 2016 at 6:14 PM

      මෙවුවා ඇවිල්ලා උපන් හපන්කම් ඉයන් තුමෝ

      Delete
  2. ගරු ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo තුමනි. අපේ හිටපු Joko තුමා කලාක් මෙන් ඔබගේ සොහොයුරියගේ නමින් ගිණුමක් ආරම්භ කර සුනාමියෙන් ගෙවල් දොරවල් අහිමිවූ අහිංසකයන්ට ලැබෙන ආධාර ගසා කෑමට සූදානම්ව සිටින්න.

    ReplyDelete
    Replies
    1. අහුවෙන්නැතිව ගේම් දෙන්න හැම ජනාදිපතිට ම නොහැකි බව කරුණාවෙන් සලකන්න!

      Delete
    2. අහුවුනත් බේරගන්න පීචං අග විනිසුරුලා හැම රටේම නැහැ කිව්වනන් තමයි වඩා හරි

      Delete
    3. :D

      එහෙම කියන්න එපා ඉයන් තුමෝ...

      සරත් සිල්වා කියන්නේ එල කොල්ලෙක්! චීත්තයක් පෙන්නන්න බැහැ!

      Delete
  3. නියම කථාව, මට මේක කියෙව්වහම මතක් වුනේ අර විමල් කියපු කථාව. දෙයියෝ එක එක රටට භූමි කම්පා, සුනාමි, ගිනි කඳු වගේ නොයෙකුත් දේවල් දීලා තියෙනවාය. අපිට මුකුත් දෙන්න අමතක වුනු හින්දා පරක්කුවෙලා හරි අපිට වික්‍රමසිංහ උන්නැහේ දීලා තියෙනවාය කියලා...

    ReplyDelete
  4. :D බලමු ඉන්දුනිසියනුවෝ අහයිද කියල..

    ReplyDelete
    Replies
    1. ඇහැවුවේ නැත්නම් එතුමන්ලා පරාදයි!

      Delete
  5. මේක "බහසා" ට්‍රාන්ස්ලේෂන් එකක් එක්ක ඉන්දුනීසියාවට ම යැව්වනම් ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. කසුන්තුමා දන්නවද හොන්කොන් රටේ ඉන්න සිරි ලන්කා මල්ලිලා ගේ පෙම්වතියන් බොහෝ දෙනෙකු ඉන්දුනීසියා ගැහැනු ලමුන් බව...?

      සිරි ලන්කා මල්ලිලා ඉන්දුනීසියාවට කියන්නේ මවු රට කියලා....!!!

      Delete
  6. සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිදුවන්නම්..
    සඳ එළියේ මිදුම් සෙවණට එක්කරගෙන යන්නම්... 🎶🎶😂

    හැක හැක සරසා තුමෝ.. පොඩ්ඩක් හිටහන්කෝ හිටන් සරම කැහැපොට ගහගන්නේ නැතිව. ලබන මාසේ ඉඳල ලංකාව සිංගප්පුරුවක් කොරනවයි කියන්නේ අපිට කොරන්ට කලියෙන් හිටන්.. කොහොමත් මහින්ද මාමි ආවගමන් උබට රාජිතගේ පොස්ට් එක දෙනවයි කියන්නේ ඇත්තෙයි හිටන්..?? 🙈

    ReplyDelete
    Replies
    1. මහින්ද මාමි ආපු ගමන් රාජිත ගේ පොස්ට් එක වැලිකඩ කූරු ගනින එක නේ හිටන්!

      Delete
    2. අවුලක් නෑ හිටං.. දෙන්නම ගැලෙව්වේ දත් නේ හිටං. මන් නොදන්න සන්ජේ දත්..!! 😂

      Delete
    3. :D

      ඇත්තටම කියනවා නම් සන්ජේ දත් ස ර ස තුමා ප්‍රිය කරනා නලුවෙකි!

      Delete
  7. උනුත් ඉල්ලගෙන කන්න වගේ හදන්නේ...

    ReplyDelete
  8. //අපිට නම් එහෙම දෙයක් වුනොත් නැවත හෙල්පින් හම්බන්තොට ගේමක් ගසා ගොඩ යා කැකි ය... ඔහෙලාට අබ සරණය!//
    anivaa

    ReplyDelete
    Replies
    1. :D
      බල්ලොත් නොකන සල්ලි හිටන්!

      Delete
  9. සම හරක් විර සිරිසේනත් බලාගෙන ඉන්නේ නැවත සුනාමියක් එනතෙක් වන්නට පුළුවන්ට.. ගැසිල්ල පටන් ගන්නේ එතෑන් සිටය.. රනිල්ගේ ආයෝජකයෝ පෝලිම දැන් ඉන්දූනීසියාවටත් එහාය.. තාම පළවෙනි එකා ඉන්ටවීව් කොරලා ඉවර නැතිය.. ඒ ඉන්වෙස්ටර්ලා පෝලිම මෙහේ ඉවෙන්ස් කොරන්න පටන් ගත්තායින් පස්සේ සා රසලාය යන්න වෙන්නේ ආන්න ඒකෙන්ය..

    ස්වස්ථි සිද්ධම්...

    ReplyDelete
  10. හරිබජන් සිං තුමත් ආයෝජකයෙක් වෙලා රවිතුමා හම්බවෙලා ගියේ හිටං. රාජ් රාජරත්නම් ආයෝජනය කරන්න ආවොත් එපා කියන්නද හිටං.
    මම නං කැමති අපේ ආර්ථික උපදේශක හැටියට "යින්ලක් ශිවයාත්‍රා" පත් කරගන්නවනං හිටං. එතකොට හස්ත කර්මාන්ත වැඩිදියුනු වෙලා ආර්ථිකය නැගී හිටිනවා හිටං.

    ReplyDelete
    Replies
    1. යින් ලක් හිරේ නේද?

      Delete
  11. යහපාලන භූමිකම්පාවෙන් පස්සෙත් අපේ සමහරු සිත නිවන කතා කියන්නෙ තිබ්බ හැටියට මේක නියමයි( තීහැමෙනිය- අරක මේක බ්ලොග් එකේ වගේ )කියලා. ඉන්දුනීස්යාවටත් ඕක පුරුදු කරා නම් සිත නිවා ගෙන ඉන්න තිබුනා.

    ReplyDelete
  12. මහින්ද මාමා කොරියා ගියාම කොරියාවේ උනුත් ඔහොම හිතුවා ලු..:)

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද.... අර අලි පැටියෙක් ගේ නම් තබන උත්සවේ ප්‍රදාන අමුත්තා විදියට ආරාදනා කොරලත් තිබුනේ...

      Delete
  13. අපි සෙත් පිරිතක් කියෝමු ඉන්දිනීසියාවට . . . හරි නොගියොත් ආසිරි වනිගරත්නගෙන් ෆෙන් ශුයි ගෙම්බෙක් තෑගි කරමු. :P

    ReplyDelete
    Replies
    1. :D

      ෆෙන්ග් ශුයි ගොන් පාට් එකත් නැගලාම යනවා මේ පැත්තේ!

      Delete