Monday, August 15, 2016

පේරාදෙනි ගෙට්ටු! (පලමු කොටස )



සියලු සිස්යයෝ සමානය නැත්නම් බලෙන් හෝ සමාන කොල යුතුය කියාගෙන නවකයන් ට වද දෙන වදකයෝ කෑලි සොයාගෙන (හෝ කඳ හරහා ඇණගෙන ) සතුටින් සිටිත් දී සරසවියේ සැබෑ ගුනයන් ඉස ඔසොවති. එම යතාර්තයන් ට එකඟව  ඊලඟට සන්විදානය කොරන්නේ ගෙට්ටු ය. 

වදකයන් යටපත් කොරන්නට උත්සාහ කොල පාසල් වාදයත්, ප්‍රාදේශීය ගෝත්‍රිකත්වයත් සාද දමා උත්සවශ්‍රීයෙන් සමරන්නේ මේ කාලයේ ය.


නුවර පාසල් වලින් සරසවි ආ නිසා කොර වෙන්න වදයට ලක් වූ නොවූ සියලු දෙනා ගෙට්ටු නොහොත් "Get together" පටන් ගනිති.

නවක වදයේදී මෙන් ම මෙහි ද එකායන අරමුන එකිනෙකා හඳුනා ගැනීම හෙවත් කෑල්ලකට සෙට් වීම නිසා ගෙට්ටු සැට් වෙන්නේ පිරිමි පාසලක හා ගැහැනු පාසලක ආදි සිසු සිසුවියන් එක් වෙලා ය.

ප්‍රතමයෙන් ම දර්මරාජ විද්යාලය මහමායා විද්යාලය සමගද ත්‍රිත්ව විද්යාලය උසස් බාලිකා විද්යාලය සමගද ගෙට්ටු දමති. 

දෙතුන් සීයක් පුරවන්නට ඇහැකි සාලාවක් බුක් කොරලා, නා නා විද රූප වලින් හා සහ පාසැල් වර්ණයෙන් සරසාලා, කාජ්ජ බෝජ්ජද, ලෙයිය පෙයියද, සවුන්ඩ් සිස්ටම් ද, ඩිස්කෝ බෝලද ආදී මෙකී නොකී සියලු දේ රැස් කොරලා, අදාල විද්යාල වලින් පැමින සරසවියේ ඉගෙන ගන්නා අය පමනක් නොව ආචාර්ය මන්ඩලේ ඉන්නා ඇත්තන් ද එක් කොරලා සොඳුරු සාදයක් දැමීම ගෙට්ටු දැමීම ලෙස දැන ගත යුතුය.

සාදය අතරතුරේ තම තමන් හඳුන්වාදීම, නොයෙක් නැටුම් සහ අනෙකුත් තරඟ පැවැත්වීම, ස්ටාෆ් මෙම්බර්ස්ලා එක්ක චැට් දැමීම, කෑලි දෙකතුනකට වචනේ දැමීම වැනි අගනා ක්‍රියාකාරකම් වලින් පසු තෑගි බෙදාදීම් ද සිදු වෙමි.

බොහෝ කෑලි වලට නන් ස්ටොප් ෆන් එකක් ලබා දෙමින් නොනවත්වා සේදීමේ යෙදෙන්නා ට වොශින්ටන් ත්යාගය පිරිනැමේ. සාමාන්යයෙන් ඔහුට ලැබෙනා තාග්යය වන්නේ සන්ලයිට් සබන් කැටයකි.... 

හෝදමු අපි හෝදමූ......... හෝදමු අපි හෝදමූ...

දෙවන කොටස පසුවට....

17 comments:

  1. බලමු කස්ටිය මක්කැයි කියන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්න...
      බලාගෙන ඉන්න....
      මගෙ බ්ලොග..මොනවද...
      මුමුනනවා...

      Delete
  2. සාරසටත් ඔහොම ගිය ගෙට්ටුවකින් තෑග්ගක් එහෙම හම්බුනාද.....



    ඊලඟ කොටසත් දාමුකෝ බලන්න...

    ReplyDelete
    Replies
    1. නැහැ නේ...
      අපි වනාහී රැග කාලේම සැට් වූවන් වම්හ!

      Delete
  3. ' සබන් කෑල්ල් හරි ස්ලෝ නේද ?' හික්..

    ජයවේවා!!!

    ReplyDelete
  4. අපිනං කෑම වෙලාව අල්ලලා හැම ගේට්ටුවටම යනවා

    ReplyDelete
  5. ඇත්තටම ඇයි මේ විස්ස විද්දාල සිස්සයොන්ට ගෑල්ලමයි කෑල්ලක් දා ගන්න ඔච්චර නහින්න වෙන්නේ සා රස තුමා හැබෑට ඈ....!

    ReplyDelete
    Replies
    1. සමහරු පිරිමිලමයි එහෙමත් දා ගන්න මාර කස්ටක් කනවනේ.....
      :D

      Delete
    2. මම හිතන්නේ ලාංකීය විස්ස විජ්ජාල ඉතිහාසෙටම අපේ එකෙක්ගේ තියරියක් තියෙන්නෙත් ඕකට විතරයි..

      හැබයි ඒ ගෑණූ ළමයා දැක්කාමා ඒකත් සත පහක වැඩක් නැති තියරියක් කියලා තේරුණා...

      Delete
  6. පාර්ලිමේන්තුවේ ගෙට්ටුවක් තියනවාලු.. සබන් කන්ටේනර් ගානක් ගෙන්නනවයි කියන්නෙ තෑගි වලටම..
    ජයවේවා..!!

    ReplyDelete